+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සමාව නොදීම සොරෙකි!(1 වන කොටස)

1_E.png

පේත්‍රැස් යේසුස්වහන්සේ ළඟට ඇවිත්, “මට වරදකළ (මා අමනාප කරන) මාගේ සහෝදරයාට (ඇදහිලිවන්තයාට) කී වතාවක් සමාව දිය යුතුද? සත් වතාවක්ද?”යි ඇසීය. 

යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්,'' පේත්‍රැස්, සත් වතාවක් නොව, සැත්තෑවර සත්වරක්! යයි කීසේක. 

මතෙව් 18:21-22 

නිසැකවම, ඔබට බොහෝ වාරයක් කිසිවෙකුට සමාව දෙන්නට හැඟෙන්නේ නැත, නමුත් ප්‍රේමයෙන් හැසිරීමට තීරණය කිරීමෙන්, ඔබ දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ ගමන් කරනු ඇත. 

එතැන් පටන් සමාව දීම ප්‍රතික්ෂේප කළ දාසයෙකුගේ උපමාවක් පවසමින් යේසුස්වහන්සේ ස්වර්ග රාජ්‍යයේ සමාව දීමේ පාඩම් දිගින් දිගටම විස්තර කළේය. (මතෙව් 18:23-35 දක්වා කියවන්න). 

යේසුස්වහන්සේ උපමාව අවසන් කරමින් මෙසේ පවසයි: “ඔබේ සහෝදර සහෝදරියන්ට ඔබේ මුළු සිතින් (හදවතින්ම) සමාව දීම ප්‍රතික්ෂේප කළහොත් මාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද ඔබටත් කමා නොකරනසේක.” 

වෙනත් වචන වලින් කිවහොත්, සමාව නොදීම ඔබව යක්ෂයාගේ අතට හෝ වධකයාගේ බලය යටතට පත් කරනු ඇතැයි යේසුස්වහන්සේ පැවසූසේක. 

සමාව නොදීම විපතට ප්‍රධාන හේතුවකි.

එය ඔබව දුෂ්ටයාගේ අතට පත් කරනු ඇත. 

එය යක්ෂ ආත්මයන්ට දොර විවර කරනු ඇති අතර, ඔබ සමාව නොදෙන තෙක් ඔබ වධකයාගේ අතේ රැඳෙනු ඇත. 

අප සමාව නොදුනහොත් අපව වධකයන්ට භාර කරනු ලබනු ඇති අතර සාතන්ට අපගේ ජීවිතයට නිදහසේ පිවිසිය හැකිය. 

අප ප්‍රේමයෙන් ඉවත්වී ආරවුල්වලට ඇතුළු වන විට, අපි විපත්ති වලට හා ආපදාවන්ට (ව්‍යසනයට) දොර විවර කරන්නෙමු. මන්ද ආරවුල් අපගේ ඇදහිල්ල නතර කරයි. 

අප ප්‍රේමයෙන් ගමන් නොකරන විට අපගේ ඇදහිල්ල අසමර්ථ (ක්‍රියා විරහිත) විය හැකිය. ඇදහිල්ලේ ව්‍යවස්ථාව කවදාවත් අසාර්ථක නොවේ! 

එය සැමවිටම ක්‍රියාත්මක වන්නේ එය දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවක් වන බැවිනි. 

නමුත් අපි ප්‍රේමයෙන් හැසිරෙන්නේ නැතිනම් අප එය ක්‍රියා කිරීමට අසමත් විය හැකිය. 

ආරවුල් සහ සමාව නොදීම ඔබේ ජීවිතයට විපතක් ගෙන ඒමට ආරාධනාවකි.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ WhatsApp හරහා "දෛනික බයිබල් අධ්‍යයනයන්" ලබා ගැනීමට කැමති නම්, කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#23)]

Read 157 times