+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

නිවැරදි අත්තිවාරම මත ගොඩනගන්න! (1 වන කොටස)

1_E.png

ලූක් 6:47-49 දක්වා සහ මතෙව් 7:24-27 හී යේසුස්වහන්සේ නිවැරදි අත්තිවාරමක් දැමීම ගැන කතා කරයි.

උන්වහන්සේ මනුෂ්‍යයන් දෙදෙනෙකු ගැන විස්තර කර පෙන්වා දෙයි: එක් අයෙකු සාර්ථක ජීවිතයක් ගත කරන අතර, අනික් කෙනා අසාර්ථක වෙයි.

යේසුස්වහන්සේ පැවසුවේ, "මා ඔබට උගන්වන දේ ඔබ ක්‍රියාවට නංවන්නේ නැත්නම් ‘මට ඔබ ස්වාමිනි, ආචාරීන්වහන්සේ යැයි කීමෙන් ඔබට ඇති යහපත කුමක්ද?”  

සැබවින්ම මා අනුගමනය කරමින් මාගේ වචන අසා, මා පවසන දේ කරන තැනැත්තා කාට සමානදැයි කියා ඔබට විස්තර කරමින් පෙන්වන්නට මට ඉඩ දෙන්න: 

ඔහු නිවසක් තැනීමට සුදුසු ස්ථානය තෝරාගෙන ගැඹුරු හා සුරක්ෂිත අත්තිවාරමක් තබන මනුෂ්‍යයෙකු හා සමානය. 

කුණාටු, ජලගැල්ම හා සැඩපාර එම නිවසට එරෙහිව පැමිණි නමුත් ඒ නිවස දිගටම කුණාටුව මැද නොසෙල් වී තිබුණේය. මක්නිසාද ඔහු ප්‍රඥාවන්තව එය නිවැරදි අත්තිවාරමක් මත ගොඩ නැගුවේය.

නමුත් මාගේ ඉගැන්වීම් අසා එයට කීකරු නොවන තැනැත්තා කිසිඳු අත්තිවාරමක් නොතබා ගෙයක් තනන මනුෂ්‍යයෙකු හා සමානයි. 

කුණාටු, ජලගැල්ම හා සැඩපාර එම නිවසට එරෙහිව පැමිණි විට එය එවෙල්ම කඩා වැටී මුළුමනින්ම මහත් විනාශයක් වී පාඩුවක්ද සිදුවුණේය.  

මේ තැනැත්තන් දෙදෙනාගෙන් ඔබ කවුරුන්ද?

මේ අවස්ථා දෙකේදීම, මනුෂ්‍යයන් දෙදෙනාම වචනය ඇසූ නමුත් කුණාටුවට විරුද්ධව සිටියේ එක් මනුෂ්‍යයෙකු පමණි. 

සමහර අය සිතන්නේ ගැළවීම ලැබුවේ එක් අයෙකු පමණක් බවයි, නමුත් යේසුස්වහන්සේ පැවසුවේ එලෙස නොවේ. 

මනුෂ්‍යයන් දෙදෙනාම වචනය ඇසූ නමුත් යේසුස්වහන්සේ කී දේ පිළිපදින්නෙක් වූයේ එක් අයෙකු පමණි.

වචනය පමණක් අසන පුද්ගලයා "හාලෙලූයා, දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා! යනුවෙන් පවසන්නේය.

එය හොඳාකාරව තිබුණි; එය පුදුමාකාර විය, මට අද ලොකු සතුටක් දැනුණා!

ඉන්පසු ඔහු එයින් ඉවත් වී ඔහුගේ නිවස විනාශයට ගහගෙන යන්නට ඉඩ හරියි. 

මහත් විපත පැමිණුනු විට ඔහුට සිදුවන්නේ ඒ දෙස අසරණ ලෙස බලා සිටීමටයි. 

කුණාටුවට එරෙහිව (විරුද්ධව) සිටීමට ඔහුට බලය නැත.  



ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ WhatsApp හරහා "දෛනික බයිබල් අධ්‍යයනයන්" ලබා ගැනීමට කැමති නම්, කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#25)]

Read 153 times