+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

නිවැරදි අත්තිවාරම මත ගොඩනගන්න! (2 වන කොටස)

1_E.png

දැන් එක් නිවසක් කඩා වැටෙන්ටත් අනෙක් නිවස ශක්තිමත්ව සිටින්ටත් නැතහොත් එක් මනුෂ්‍යයෙකු විනාශවෙන්නටත්, ජලගැල්ම ඔහුට පමණක් විනාශකාරී වන්නටත් හේතු වූයේ කුමක්ද කියා අපි බලමු. 

දෙදෙනාගේම ජීවිතවලට පැමිණියේ එකම ජලගැල්ම, එකම කුණාටුව, සහ එකම සැඩපහරකි. 

එක් අයකු සොලවන්නට බැරිවූ, නමුත් අනිත් කෙනා සැණින් වැටුණේය. 

බලන්න, නිවස නොසෙල්වුන බවක් ගැන යේසුස්වහන්සේ ප‍්‍රකාශ කළේ නැත; උන්වහන්සේ කියා සිටියේ, “එය සොලවන්නට බැරිවූ බවයි.”

වෙනස ඇති කළේ අත්තිවාරම් බව අපට පෙනේ. 

කුණාටුවට ඔරොත්තු දුන් නිවස ගොඩනගා තිබුණේ ස්ථීර අත්තිවාරමක් මතය. 

ඒ අත්තිවාරම දමා තිබුණේ ස්ථිර වූ දෙවියන්වහන්සේගේ වචනය මතය. 

එම අත්තිවාරම යේසුස්වහන්සේගේ කියමන් ක‍්‍රියා කරමින් සිටියහ.

ඔබගේ නිවසට පැමිණෙන දේවල් 

දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව පැමිණෙන දේවල්ම වෙන්නට අවශ්‍ය නොවේ, 

නමුත් ඔබ විසින් ඉඩදෙන දේවල්ය. 

ඔබ ඉඩ දෙන්නාවූ ඕනෑම දෙයකට දෙවියන්වහන්සේ ඉඩදෙනු ඇත. 

එය වැළැක්වීම දෙවියන්වහන්සේගේ වගකීම නොවේ. එය ඔබගේ වගකීමය!

බොහෝ අය අසනීප ලෙඩරෝග තුළින් ඔවුන්ට යම් පාඩමක් ඉගෙනගන්නට හෝ ඒ තුළින් යම් යහපතක් පැමිණේ කියා දේව කැමැත්ත ලෙස පිළිගෙන ඇත. 

මෙය සාතන්ගේ නොමිමර එකේ මුළාවකි!

ඔවුන් මුහුණ දෙන්නාවූ ප‍්‍රශ්නය (ගැටලුව) දෙවියන්වහන්සේගේ කැමැත්ත බව විශ්වාස කරන්නට ඔහු මනුෂ්‍යයන්ව මුළා කර ගනී. 

සමහරු තර්ක කරන්නේ එය දෙවියන්වහන්සේ කරන්නේ නම්, උන්වහන්සේට විරුද්ධවීමට මා කවරෙක්ද?

එවැනි ආකාරයට සිතීම ඔබේ ඇදහිල්ල උදාසීන කරනු ඇත. 

එය ඇදහිල්ලේ ක්ෂේත්‍රය තුළ ක‍්‍රියා කිරීමට ඔබට ඇති හැකියාවද නතර කරයි. 

දෙවියන්වහන්සේගේ වචනය මත අපගේ ජීවත ගොඩනගා ගැනීම ඉතා වැදගත් වේ. 

වචනය කරන්නෙකු වීම නිසා යක්ෂයා කොතරම් උත්සාහ කළත් විනාශ කළ නොහැකි අත්තිවාරමක් ගොඩනඟයි!

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

? යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ WhatsApp හරහා "දෛනික බයිබල් අධ්‍යයනයන්" ලබා ගැනීමට කැමති නම්, කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#26)]

Read 89 times