+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පැමිණෙන්නාවූ වර්ෂය සඳහා ඔබ දැනගත යුතු දේ

1_E.png

මේ වසර බොහෝ අභියෝග රැසකින් පිරුණු  වසරක් වෙන්ට යන්නේය.

අභියෝගයක් ගැන සිතන විට අප සැමවිට සිතෙන්නේ, "අනේ දෙවියනේ නැවත වාරයක් තවත් අභියෝගයක්" කියාය. ඒකට හේතුව ඔබ  පරාජිත මානසිකත්වයෙන් සිටීමයි; ජයග‍්‍රාහික මානසිකත්වයෙන් නොසිටීමයි.

අභියෝගයක් නිතරම යහපත් වන්නේ "ඔබ තුළ සිටින්නාවූ තැනන්වහන්සේ ලෝකයේ සිටින තැනැත්තාට වඩා උතුම්"  බව ඔබ දන්නා බැවිනි. 1 යොහන් 4:4

ඔබ අභියෝග ගැන කතා කරන විට, ඔබ කතා කරන්නේ ජයග්‍රාහී මනසක් ඇතිව ඉදිරියට ගමන් කරන්නට කැමැත්තෙන් සිටින කෙනෙකු ගැනය.

ජීවිතයේ සියලු දෙයකම උතුම්ම මූලාශ්‍රයට මම සම්බන්ධ වූ විට, මම අභියෝගවලට භය වන්නේ නැත.

ලොකුම හෙවිවේට් බොක්සිං ශූර ක්‍රීඩකයා කවුරු හෝ වූවත් ඔහුට කෙනෙක් අභියෝග කළ විට ඔහු කිසිදා භය වන්නේ නැතැයි මම සිතමි. 

පළවෙනි වටයේදීම හැම දේම අවසන් වෙන්ට යන බව ඔහු දන්නා බැවින්, ඔහු භය වන්නේ නැත. ඔහු නැගිටින්නට යන්නේ නැත.

ඔබ තුළ ශක්තිමත් චරිතයක් තිබිය යුතුය. එසේ ඔබ අභියෝගයකට මුහුණ දෙන කල, එය ඇත්තෙන්ම ඔබට ප‍්‍රශ්නයක් වෙන්ට යන්නේ නැත. එය කොහෙත්ම ගලපන්නට නොහැකිය.

ආබ‍්‍රහම්, නෝවා, යොසෙප් සහ රාහාබ්—යන මේ චරිත හතර—අපට ජීවිතයේ නව අභියෝගවලට මුහුණ දෙන්නට වැදගත් වනු ඇත.

මා කතා කරන්ට යන්නේ අප විසින් මුහුණ දෙන්ට සිදුවන බොහෝ අභියෝග ගැනයි.



නමුත් මම මේ කතා කරන්ට යන්නේ මේ චරිත හතර ගැනයි, මේ චරිත වලින් අප විසින් මුහුණ දෙන්ට යන මේ තත්ත්වයන් ගැන සොයා බැලිය යුතු ආකාරයත් ඒවා ජයගන්නේ කොහොමද කියන එක ගැන අදහසක් ගන්නට පුළුවන.

මේ එන්නාවූ වසර ඉතාම ප‍්‍රීතිමත් වසරක් බව විශ්වාස කරන්න. එය බොහෝ අභියෝගවලින් යන්නාවූ වසරක්ද වනු ඇත.

සෙනඟ අභියෝගවලින් පසුබසින්නේ තමුන්ගේ දෙවියන්වහන්සේ කවුදැයි ඔවුන් හඳුනන්නේ නැති නිසාය.

බයිබලයේ සඳහන්  වන්නේ, "තමුන්ගේ දෙවියන්වහන්සේව හඳුනන්නාවූ සෙනඟ ශ්‍රේෂ්ඨ ක‍්‍රියාවන් කරන බවයි!" දානියෙල් 11:28.

(උත්පත්ති 12 සිට 25 වන පරිච්ඡේද දක්වා; 

උත්පත්ති 5:29; 

උත්පත්ති 6:11 සිට 9:10 පරිච්ඡේද දක්වා; උත්පත්ති 37 සිට 50 වන පරිච්ඡේද දක්වා; යෝෂුවා 2:1–24; 

හෙබ්‍රෙව් 11:31 කියවන්න.)



මේ මුළු දේශනාව අපගේ youtube නාලිකාවේ නරඹන්න:

https://youtu.be/sgCpo62iHNI

මුළු දේශනාව: බොහෝ අභියෝග සහිත වසරක්!

https://youtu.be/fG82bFN_U9c

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

? යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#27)]

Read 81 times