+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපට දැනගැන්ම අවශ්‍ය වේ! (1 වන කොටස)

1_E.png

දෙවියන්වහන්සේ පවසන්නේ, මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති: ඔබ දැනගැන්ම එපා කළ නිසා මට පූජකකම් කිරීමෙන් මමත් ඔබ එපා කරන්නෙමි: හොෂෙයා 4:6. 

මෙම පදයේ, විනාශයට මූලිකවූ හේතුව දෙවියන්වහන්සේ එළිදරව් කරනසේක: මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමින් නාස්ති වී සිටිති.

මනුෂ්‍යයෙකුට තමාගේ දැනුමට වඩා වැඩි දෙයක් ගැන විශ්වාස කිරීමට නොහැක. 

ඔහුට අධික ජ්වලිතකමක් තිබෙන්නට පුළුවන; නමුත් ඒ සමඟම දැනගැන්ම නොමැති නම් ඔහුගේ ඡ්වලිතකම වැරදි ලෙස යොමු කෙරෙනු ඇත. 

දැනගැන්ම නොමැතිකම බොහෝ කිතුනුවන් හට විපත්ති පැමිණීමට මූලික හේතුව විය හැක. 

මෙම දැනගැන්ම නොමැතිකම මනුෂ්‍යයින් අනවශ්‍ය ප‍්‍රශ්නවලට, කරදරවලට, දුක් වේදනාවලට, ලෙඩ රෝගයන් සහ විනාශයට පත්වීමට හේතු වෙති.

2 පේතෘස් 1:2-3 මෙසේ පවසයි: "දෙවියන්වහන්සේද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද දැනගැනීමෙන් අනුග‍්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා. මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනැන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළ වූ සියලු දේ අපට දී තිබේ.”

ඔබ එය ලබන්නට සුදුස්සෙක් නොවූවද, දෙවියන්වහන්සේගේ බලය හා හැකියාව ඔබ උදෙසා යෙදවීමට ඇති දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුග‍්‍රහය ලෙස හඳුන්වයි. 

මෙම පදයට අනුව, දෙවියන්වහන්සේගේ දැනගැන්ම ලබාගන්නා තැනැත්තාට දෙවියන්වහන්සේගේ කැමැත්ත බහුල ලෙස දෙනු ලැබේ.  

"ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ. එසේ කළේ ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිසය."

2 පේතෘස් 1:4 ජීවනයට හා දේවභක්තියට අදාළ සියලු දේ දැනටමත් අපට අයිතිය; නමුත් ජීවිතයට අදාළවූ මෙම කාරණා තුළට ඇතුලු වීමට නම් ඒ සම්බන්ධව අපට දැනුමක් තිබිය යුතුය. 

අපව දිව්‍ය ස්වභාවයට පංගුකාරයන් කරනු ලබන්නේ දිව්‍ය පොරොන්දු මගින්ය.

නැවතත්, තුන්වන පදය මෙසේ කියයි. ජීවිතයටත් දේවභක්තියටත් අදාළ සියලු දේ උන්වහන්සේගේ දිව්‍යමය බලය කරණකොටගෙන අපට දී ඇත. 

 

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

? යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ WhatsApp හරහා "දෛනික බයිබල් අධ්‍යයනයන්" ලබා ගැනීමට කැමති නම්, කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#28)]

Read 69 times