+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපට දැනගැන්ම අවශ්‍ය වේ! (2 වන කොටස)

1_E.png

මෙම දේවල් අපට ලබා දෙන්නේ දෙවියන්වහන්සේගේ දිව්‍යමය බලයයි. 

කෙසේද? දෙවියන්වහන්සේගේ දැනගැන්ම කරණකොටගෙනය. 

මේ දේවල් පැමිණෙනුයේ දැනගැනීමෙන්, විශ්වාස කිරීමෙන්, සහ මෙම පොරොන්දු මත ක‍්‍රියා කිරීමෙනි, එවිට ඔබ දෙවියන්වහන්සේගේ දිව්‍යමය සැපයුමට පංගුකාරයන් වන්නහුය.

එය දැනගන්න. 

එය අදහන්න. 

ඒ අනුව ක‍්‍රියා කරන්න. 

එය ලබා ගන්න. 

දෙවියන්වහන්සේ ඔබට එය පිරිනමා ඇත; නමුත් ඔබ එය නොදන්නෙහි නම්, ඔබ එයට ඇතුල් නොවනු ඇත. 

ඔබ යක්ෂයාගේ බොරුව විශ්වාස කිරීමෙන් අනවශ්‍ය ප‍්‍රශ්නවලටද, පීඩාවලටද, හිංසා හා කරදරවලටද ගොදුරු වනු ඇත.

දෙවියන්වහන්සේගේ දැනගැන්මක් නොමැති නිසා, ඔබ ආගමික කණ්ඩායම් තුළින් ඇසූ දේවල් එනම්, දෙවියන්වහන්සේ සමහරවිට විපත්ති එවන්නේ, “ඔබට උගන්වන්ටත්, ඔබව ශක්තිමත් කරන්ටත්” යැයි කියා විශ්වාස කරන්නෙහිය. 

මෙය නිවැරදි යැයි ඔබට පෙනෙන නමුත් එය වැරදිය. 

එය දෙවියන්වහන්සේගේ වචනයේ පවසන දෙයක් නොවේ.

දැනගැන්ම ඉතා වැදගත්ය, නමුත් එයම පමණක් පිළිතුරු නොවේ. 

ප‍්‍රඥාවද එය සමඟ එකතු විය යුතුය. 

ප‍්‍රඥාව යනු දැනගැන්ම භාවිතා කිරීමට ඇති හැකියාවයි. 

ඕනෑම අවස්ථාවකදී ප‍්‍රඥාව නොමැතිව දැනගැන්ම ක‍්‍රියාත්මක කිරීම පමණක් නොසෑහේ.

බොහෝ කිතුනුවන් වරද්දා ගන්නේ මෙහිදීය. 

ප‍්‍රශ්න සහ විපත් පැමිණෙන කළ ඔවුන් ප‍්‍රඥාව සොයයි, නමුත් එය සම්බ නොවේ. 

ඒ මන්ද? බිය පැමිණ ඇති බැවිනි. 

භයාදුකම දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව ගලා ඒම නතර කරයි. 

බිය නමැති බලවේගය දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව ගලා ඒම නවතා ඇදහිල්ල ක‍්‍රියා කිරීම වළක්වයි.

දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාවට ඇහුම්කන් දෙන තැනැත්තා නපුරට බිය නොවී නිශ්චලව ආරක්ෂිතව වාසය කරයි. 

හිතෝපදේශ 1:20-33 කියවන්න. 



ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

? යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ WhatsApp හරහා "දෛනික බයිබල් අධ්‍යයනයන්" ලබා ගැනීමට කැමති නම්, කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#29)]

Read 74 times