+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ජීවිතයේ අධිෂ්ඨානශීලී චරිතයක් වන්නේ කෙසේද? (1 වන කොටස)

1_E.png

දැන් ගණිකාවක් හැටියට සිටියාවූ රාහාබ්, අලුත් ගිවිසුමෙහිත් ඇගේ නම සඳහන් කර තිබෙනවා ඇදහිල්ලේ කාන්තාවක් හැටියට. 

ආබ‍්‍රහම් එක්කම තමයි ඇගේ නමත් සඳහන් වෙන්නේ. 

දැන් ඈට ඇදහිල්ල නිකං වචනයෙන් තිබුණා පමණක් නෙමෙයි ඇගේ ක‍්‍රියාවන් වලින් ඒ ඇදහිල්ල ඔප්පු වුණා.

දෙවියන්වහන්සේ උනන්දු වන්නේ, ඇදහිල්ල තබාගෙන, ඒ ඇදහිල්ල සමඟම ඔබගේ ක‍්‍රියාවලුත් පෙළගැස්වීමයි. ඊට අනුකූලව ක‍්‍රියාවක් කිරීමයි. 

දැන් ඔබ මුහුණ දෙන්නාවූ අලුත් වසරට මෙවැනි ආකාරයේ චරිතයක් ඔබට අවශ්‍ය කරනවා. 

දැන් ඔබ කියයි මේ වේශ්‍යාවකගේ චරිතයද මට අවශ්‍ය කරන්නේ? නැහැ, ඈ පසුතැවිලි වුණා. දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ගැන ඈ ඇසූ විට ඈ පසුතැවිලි වුණා.

යෝෂුවා 2වැනි පරිච්ඡේදය දෙස බලමු. දැන් මෝසෙස් මේ වන විට මියගොස් හමාරයි. 

යෝෂුවට තමයි නියම වෙලා තිබුණේ පොරොන්දු දේශයට සෙනඟව ගෙනයන්න. 

එතකොට යෝෂුවා හිතුවා ඔත්තුකාරයන් දෙදෙනෙක්ව පොරොන්දු දේශයට යවලා පොරොන්දු දේශය සෝදිසි කර බලන්න. 

දැන් මේ ඔත්තුකාරයන් දෙදෙනාට ඇත්තටම ඉතා පහසුවෙන් එහෙට මෙහෙට යන්න අවස්ථාවක් තිබුණේ නැහැ. 

ඉතිං අන්තිමට ඔවුන් කෙළවර වුණේ මෙම වේශ්‍යා ස්ත‍්‍රියගේ නිවසේ. ඊටපස්සේ ඈ ඇත්තටම කළේ මේ ඔත්තුකාරයන් දෙදෙනාව සඟවා තැබුවා. ඒ දෙදෙනාට කතා කළා.

ඉතින් මේ කොටස බලන්න යන්නේ, මොකද ඇගේ චරිතය දෙස අපි බලන්න යනවා, මේ තුළින් 2021 වසරට අපට අවශ්‍ය කරන්නාවූ. 

දැන් මේ කාන්තාව ඇත්තටම අන්‍ය ජාතික කාන්තාවක් හැටියට හිටියා, අපි කියාවී මෑ ඇදහිලිවන්තයෙකුත් නෙමෙයි. 

නමුත් මේ ඔත්තුකාරයන් දෙදෙනා ආපු මොහොතේ, මට ඕනේ, තව වැඩිපුර මම මේ අසන්නට ලැබුණාවූ මේ දෙවියන්වහන්සේ ගැන මට තව දැනගන්න 

ඕනේ. දැන් ඔබ ගැන අපි ඇසූ සැණින්ම අපි සියලු දෙනාගේ සිත් දියවී ගියා. 

දැන් ඔබ තමයි අර වහලුන් හැටියට ඉඳලා, ඊටපස්සේ දෙවියන්වහන්සේ ඔබව පුදුම විදිහට එයින් මුදවා ගත්තා. ඒවගේම බලවත් හමුදාවක් තමයි ඔබ විනාශ කළේ. 

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

? යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#30)]

Read 76 times