+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ජීවිතයේ අධිෂ්ඨානශීලී චරිතයක් වන්නේ කෙසේද? (2 වන කොටස)

1_E.png

දැන් අපි ඒ ගැන ඇසූ සැණෙහිම…..

දැන් ඔබ දන්නවද දෙවියන්වහන්සේගේ වචනය ඇසූ විට ඔබට ඇදහිල්ල පැමිණෙන බව. දැන් ඔබගේ හදවත් දියවී ගිය මොහොතක, එක්කෝ ඔබ ගැළවීම ලබනවා නැත්තම් තවත් ඔබගේ හදවත ගල් කර ගන්නවා. 

දැන් ඔබ ඇදහිලිවන්තයෙක් හෝ පසුබටවූවෙක් වුනත්. සමහරවිට ඔබ කිසි විටෙකත් ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගෙන නැතුව ඉන්න ඇති. නමුත් දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ක‍්‍රියාවල් ගැන ඔබ ඇසූ විට, ඔබ කියන්ට යන්නේ ස්වාමිනි, ඔබ ස්වර්ගයෙත් පොළොවෙත් දෙවියන්වහන්සේව සිටිනවා. මම මගේ ක‍්‍රියාවල් ගැන පසුතැවිලි වෙනවා. නැත්තං මම මාගේ හදවත ගල් කරගන්නවා.

දැන් මෙන්න මේ වගේ දෙයක් තමයි මං මේ කාන්තාව තුළ දුටුවේ. ඈ කිව්වා, අපි කිසිකෙනෙකුට ධෛර්ය තවදුරටත් තිබුණේ නැහැ. 

දැන් ඔබගේ දෙවින්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ගැන ඇසූ විට සියලුම මනුෂ්‍ය ධෛර්ය නැති වී යනවා. නිකං දියවෙලා යනවා. ඊටපස්සේ ඔබ දෙවියන්වහන්සේට කියන්ට යනවා දෙවියන්වහන්ස, ඔබ මොනතරම් බලවත් දෙවිකෙනෙක්ද!

දැන් මේ රාහාබ් කියන වේශ්‍යා කාන්තාව හැරෙන්න අනිත් සියල්ලෝම තමන්ගේ හදවත් දැඩි කරගත්තා. 

දැන් රාහාබ් ගැන අපි අසන හැම මොහොතෙම අපිට හිතන්න පුලුවන් දෙවියන්වහන්සේට පුලුවන් ඕනැම පහළට වැටුණු කෙනෙක්ව ඔසවන්න. 

ඉතින් වේශ්‍යා ස්ත‍්‍රියක් කියලා කිව්වහම, ඈ ඇත්තටම ඕනැම දෙයකට යටත්වී සිටින කාන්තාවක් හැටියටයි සිටින්නේ. හැම වාතාවරණයකටම ඇය යටත්වී සිටිනවා. ඇගේ ශරීරය ඇත්තටම ජීවත් වෙන්න පාවිච්චි කරනවා. 

ශරීරය විකුණන්නාවූ කාන්තාවක්. නමුත් ඈ හැරුණා. දැන් ඉශ‍්‍රායෙල්හී දෙවියන්වහන්සේ ගැන ඇසූ විටම ඈ හැරීමක් ලැබුවා. 

ඈ කිව්වා, මම දන්නවා ඔබ විසින් විශ්වාස කරන දෙවියන්වහන්සේ තමයි ස්වර්ගයෙත් පොළොවෙත් දෙවියන්වහන්සේ. 

දෙවියන්වහන්සේගේ හැමදෙයක් ගැනම ඈ කල්පනා කරන්න පටන් ගත්තා. 

ඇයගේ හදවත දියවී ගියා. ඈ වෙනස් වුණා. ”ස්වාමිනි, ඉශ‍්‍රායෙල්හී දෙවියන්වහන්සේ වන ඔබවහන්සේව මම විශ්වාස කරනවා කියන තැනට ඈ පැමිණියා.”

දැන් (එන්නාවූ ඊළඟ) 2021 වසරේදී  ඔබට සිද්ධ වෙනවා මෙවැනි අභියෝග වලට මුහුණ දෙන්න. 

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

? යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#31)]

Read 75 times