+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබගේ ඇදහිල්ල තුළ අඩු දේ සම්පූර්ණ කරගන්න - මනූ මැතානි
January 8, 2023 Sunday Sermon Notes

ස්වාමීන්වහන්සේගේ වචනය තුළින් අප දිනපතා ශක්තිමත්වීමට අවශ්‍යයි.

කිසිකළෙකත් ඔබ කළකිරීමටවත්, පැකිලීමටවත් පත්වී ජීවත් වෙන්න තීරණ නොකළ යුතුයි.

අපි ගැළවීම ලබා ශුද්ධකමින් ජීවත්වන, දෝෂාරෝපණයට ලක්නොවී, දේව වචනයේ සත්‍යතාවයෙන් ගමන් කරන ස්ථාවරයක් තිබෙන සෙනඟ වන්නෙමු.

අපි හැඟීම් බරව ජීවත් වන්නේ නැතිව ඇදහිල්ලෙන් ජීවත් වෙමු.
ඇදහිල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගේ වචනයෙනි.

2 කොරින්ති 5:7 (මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)

ඇසෙන භංයකාර දේවල් ඔබගේ ජීවිතයට ඇතුල් වෙන්නට ඉඩ නොදිය යුතුයි.

ලෝකයෙන් ඔබව පැකීලීමට ලක් කරන බොහෝ දේවල් පැමිණෙන නමුත් ඒවා ඔබගේ හද තුළට ඇතුල් වෙන්නට ඉඩ නොදෙන්න.

පැකිලීමට කාරණා ගෙන එන පුද්ගයා ශාපලද්දෙක්කුය.

ගීතාවලිය 119:165
ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.

ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන්නන්ගේ සමාදානය ගලා යන මහත් ගංගාවක් මෙනි.

යෙසායා 48:18
අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.

ඔබ තුළ තිබෙන්නේ කිසිදා වියළී නොයන හිඳෙන්නේ නැති සමාදානයයි.

ඔබ ජීවත් වෙන්නේ ඒ සමාදානයේ ගංගාවෙනි.

ගීතාවලිය 119:165
ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.

කිසිම දෙයකට බාධා නොවන්න. මන්ද ඔබ තුළ මහත් සමාදානයක් ඇත. ඔබව පැකිලීමට පත් කරන්නට ඔබ කිසි දෙයකට ඉඩ නොදෙන්න.

මනුෂ්‍යයන් ඔබට කරන දේවල් වලින් ඔබගේ සමාදානය නැති කරගන්නේ, ඔබ ඒ අය කරන දේවල් ගැන කල්පනා කරමින් පැකීලීමට පත්වූවොත් පමණි.

අපට තිබෙන්නේ දිව්‍යමය සමාදානයක්.

යොහන් 14:27 නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.

මනුෂ්‍යයන්ට භය නොවී ඔබ ජීවත් වන්න. ඔබගේ ජීවිතය පාලනය කළ යුත්තේ යක්ෂයා විසින් නොව, දෙවියන්වහන්සේ විසිනි.

අප ජීවත්විය යුත්තේ දෙවියන්වහන්සේ මඟ පෙන්වන ආකාරයටයි.

අභියෝගයන් පරීක්ෂාවන් පැමිණියත් ඒවාට භය නොවන්න, ඒවා ජයගන්න. මනුෂ්‍යයන් අද ඔබව ඔසවා ඔබ ගැන හොඳ කියන්න පුලුවන් නමුත් ඔබගේ විශ්වාසය විය යුත්තේ ඒ අය කෙරෙහි නොවේ, දෙවියන්වහන්සේ කෙරෙහි පමණි.

ඒ අය කවදාහරි දවසක් ඔබව පාවා දෙන්නට පුලුවන.

යුදස් යේසුස්වහන්සේව පාවා දෙන බව උන්වහන්සේ දැන සිටියත් උන්වහන්සේ එය පැකිලීමට කාරණාවක් කර ගත්තේ නැත.

මනුෂ්‍යයන් කෙරේ විශ්වාසය තැබීම ශාපයක් බවට පත්වනු ඇත.

මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්න, ඔවුන් සමඟ ඉවසීමෙන් ප‍්‍රඥාවන්තව ජීවත්වන්න. මන්ද විවිධාකාර මනුෂ්‍යයන් ඇත. වංචාකාර, හිතුවක්කාර වැරදි දේට පොළඹවන මනුෂ්‍යයන් ඇත. ඔවුන් තුළ ඇදහිල්ල නැත.

2 තෙසලෝනික 3:2
හිතුවක්කාර නපුරු මනුෂ්‍යයන්ගෙන් අප ගළවනු ලබන පිණිසද අප උදෙසා යාච්ඤාකරන්න;

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙන්. උන්වහන්සේ කෙරෙහි ඔබගේ යොමුව තබා ස්ථීරව සිටින්න.

ඔබේ ගමන සුළු නොකර ඔබ කැඳවූ තැනැන්වන්සේ විශ්වාස කරමින් ඇදහිල්ලෙන් ස්ථීරව සිටින්න.

කොලොස්සි 2:4
මෙසේ මා කියන්නේ සිත් ප්‍රසන්න කරන කථාවෙන් කිසිවෙකු විසින් නුඹලා මුළා නොකරන පිණිසය.

ඔබගේ සිතින් ඔබ අදහා ගත යුත්තේ දෙවියන්වහන්සේ මාගේ එඬේරාය, මගේ විශ්වාස ස්වාමීන්වහන්සේ කෙරෙහි තබා එක සිතකින් ජීවත් වන්නෙමි.

කොලොස්සි 2:5
මක්නිසාද මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නුමුත්, ආත්මයෙන් නුඹලා සමඟ සිට, නුඹලාගේ පිළිවෙළත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිරකමත් බලමින් ප්‍රීතිවෙමි.

කොලොස්සි 2:6
එබැවින් නුඹලා ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේව පිළිගත් ලෙස, උන්වහන්සේ තුළ මුල්ඇද ගොඩනගන ලදුව,

ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් මුල් ඇද ස්ථීරව සිටිය යුතුයි.

යක්ෂයා කරන දේවල් කෙරෙහි විශ්වාසය නොතබන්න. ඔහු ක්‍රියා කරන්නේ කපටිකමෙන්ය.

1 තෙසලෝනික 2:1‭-‬5
මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා වෙතට අපේ පැමිණීම නිෂ්ඵලවී නැති බව නුඹලාම දන්නහුය. නුඹලා දන්න හැටියට අපි ප්‍රථමකොට පිලිප්පියේදී දුක්ද නිග්‍රහද ලැබූ නුමුත්, මහත් පොරඇල්ලීමක් ඇතුව දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නුඹලාට කියාදෙන්ට අපගේ දෙවියන්වහන්සේ තුළ නිර්භීත වුණෙමුව.
මක්නිසාද අපේ අනුශාසනාව මුළාවෙන්වත් අපවිත්‍රකමින්වත් වංචාවෙන් යුක්තවවත් නොවේය. නුමුත් ශුභාරංචිය භාරගැනීමට අපි සුදුස්සෝයයි දෙවියන්වහන්සේ අප ඒත්තුගත් ප්‍රකාරයටම, මනුෂ්‍යයන් නොව අපේ සිත් විමසන දෙවියන්වහන්සේව සතුටුකරන ලෙස කථාකරමුව. මක්නිසාද නුඹලා දන්නා හැටියට අප විසින් කිසිකලක ඉච්චා වචනවත් තණ්හාවේ උපායක්වත් ව්‍යවහාරකළේ නැත–දෙවියන්වහන්සේ සාක්ෂිය.

1 තෙසලෝනික 2:1‭
මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා වෙතට අපේ පැමිණීම නිෂ්ඵලවී නැති බව නුඹලාම දන්නහුය.

ඔබ වෙතට ළං වෙන අය ගැන ඔබ ප්‍රවේසම් විය යුතුයි. ඒ අය ඔබට නිතරම දොස් තබනවා නම් ඒ අය ගෙන් ඈත් වෙන්න.

කූඩැල්ලන් මෙන් එල්ලී, ඔබ වෙත ඒ අය ළංවී ඔබව අධෛර්මත් කරන්නේ නම් ඔබ ඒ අයගෙන් ඈත්ව සිටින්න. සමහර විට මේ අය කිතුණුවන්ද විය හැකිය.

1 තෙසලෝනික 3:10
නුඹලාගේ මුහුණ දකින පිණිසද නුඹලාගේ ඇදහිල්ලේ අඩුකම් සම්පූර්ණකරන පිණිසද අපි රෑ දාවල් ඉතා අධිකලෙස යාච්ඤාකරමුව.

දේව කැමැත්ත අපගේ ජීවිතයේ සම්පූර්ණ කරන්නට අප උන්වහන්සේට ඉඩදීම වැදගත්ය. ඒවා සම්පූර්ණ වන තුරු ලෝකයේ දේවලින් අපට ජය ගැනීමට අපහසුය.

දේව අනුග්‍රහයෙන් ඇදහිල්ලේ අඩුකම් වෙනස් කරන්නට ඔබ උන්වහන්සේට ඉඩ දෙන්න.

දෙවියන්වහන්සේගේ වචනයට පටහැනි කාරණා, අපගේ අඩුපාඩු සාදාගනිමු. බාධාවට ලක් වෙන්න එපා. අපි හැදෙමු. වෙනස් වෙමු. වර්ධනය වෙමු.

කලක් අප හැඩ ගැසී සිටි දේව සත්‍යයන්ට පටහැනි සමහර කිතුණු චාරිත‍්‍ර විශ්වාස අත්හැරීමට නොකැමැතිව සිටිනවානම්, දේව අනුග‍්‍රහයෙන් එම ගල් සිත් ඉවත්කර, ඇදහිල්ල සම්පූර්ණවීමට අපගේ සිත් හරිගැස්වීමට දෙවියන්වහන්සේට ඉඩ දිය යුතුය.

පරණ ගිවිසුමේ දේවල්වල සමහර දේවල් ඔබ තදින් අල්ලා ගෙන සිටින්නේ නම් අපි ඒවා වෙනස් කරගනිමු. අපි විවෘත වෙමු.

දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයෙන් මනසේ බලකොටු බිඳ හෙළමු.

අපගේ ඇදහිල්ල තවත් කෙනෙකු වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වන ආකාරයට වර්ධනය විය යුතුයි.

හෙබ්‍රෙව් 13:20-21
20 ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහත් එඬේරා වන අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේව මළවුන් කෙරෙන් නැවත ගෙනාවාවූ සමාදානයේ දෙවියන්වහන්සේ, 21 තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන * අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා.

අපට සම්පූර්ණකම ලබා දීමට පුළුවන් ස්වාමීන්වහන්සේට පමණි.

උන්වහන්සේගේ යහපත් කැමැත්ත, උන්වහන්සේට ප‍්‍රසන්න වන කාරණා අප කරන පිණිස උන්වහන්සේ අපව දිනපතා වචනය තුළින් අපගේ සිත වෙනස් කරමින් සිටියි.

අප යම් තැනක යම් ඉගැන්වීම් තුළ සිරවී සිටින්නේ නම් කවදාවත් අප වෙනස්වන්නේ නැත.

2 කොරින්ති 6:11
එම්බා කොරින්තිවරුනි, අපේ මුඛය නුඹලාට කථාකරන පිණිස ඇරී තිබේ, අපේ සිත විශාලවී තිබේ.

2 කොරින්ති 6:12 නුඹලා හිරවී සිටින්නේ අප තුළ නොවේ, නුඹලාගේම සිත් තුළ නුඹලා හිරවී සිටිහුය.

දෙවියන්වහන්සේ බලහත්කාරයෙන් කිසිවක් නොකරයි. උන්වහන්සේ අපව ඇදහිල්ලෙන් ශක්තිමත් කිරීමට විවෘතව සිටියි. අප සිරවී සිටින තැනින් නැගිටිය යුතුය.

2 කොරින්ති 6:13 එබැවින් එම ආකාර ප්‍රතිඵලයක් පිණිස නුඹලාත් සිතින් විශාලවෙන්න; දරුවන්ට මෙන් මෙසේ කියමි.

ඔබගේ සිත්වලින් ඔබ සිරවී සිටින්නේ නම්, ඒ හිරවී ඇති ස්ථාන හරිගස්වා ගන්න. උන්වහන්සේගේ කැමැත්ත ඔබව ඒවායින් ගළවා නිදහස් කරන්නයි.

ඔබව වෙනස් කරන්න උන්වහන්සේ බලා සිටියි. ඒ මනසේ තිබෙන බලකොටු බිඳ දමන්න. උන්වහන්සේට ඕනෑ කරන්නේ. ඔබගේ ජීවිතය අන් අයගේ ජීවිතයට ආශීර්වාදයක් වන පිණිසයි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේට ප‍්‍රසන්න වන කාරණා කරමින් උන්වහන්සේ තුළ යහපත් වැඩෙහි යෙදී සිටීමයි, එයට පැකිලීමට ලක්කරන බලකොටු බිඳ හෙළිය යුතුයි.

මේ ගමන ප්‍රීතිමත් ගමනක් විය යුතුය. ස්වාමීන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබව භාජනයක් මෙන් පාවිච්චි කරන්නටයි. ඔබ තුළින් උල්පතක් මෙන් අන් අයට ආශීර්වාදය ගලා යාමටයි.

2 කොරින්ති 2:14 තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නාවූ, සියලු තැන්වල අප ලවා උන්වහන්සේව දැනගැනීම නමැති සුවඳ පතුරුවන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.

ඔබ ලෝකයේ ආලෝකයයි. මනුෂ්‍යයන් ඔබව පිළිනොගත් නමුත් අපි ඒ අය අතරට යා යුතුයි.

ශුද්ධාමයාණන්වහන්සේ ඔබට මඟ පෙන්වන ස්ථානවලට ඔබ යන්න.

ඔබ ශුභාරංචිය පණිවිඩය ගෙන යන කෙනෙක්ය. මනුෂ්‍යයන්ගේ මුහුණු බලා ඒ අයගේ ප‍්‍රතිචාරයට ඔබගේ මුහුණ සාදා නොගෙන නිතරම පැහැපත් ප්‍රීතිමත් මුහුණකින් සිටින්න.

හිතෝපදේශ 15:13
තුෂ්ටිමත් සිත මුහුණ පැහැපත්කරයි; එහෙත් සිතේ ශෝකයෙන් ආත්මය බිඳෙයි.

ඔබගේ සිතින් ඔබ පැකිලීමට පත් වී සිටින්නේ නම් අද නිදහස් වන්න. ශෝකයෙන් නිදහස් වන්න.

යේසුස්වහන්සේ අපගේ ශෝකය දරාගත්සේක. අප දෙව් ප්‍රීතියෙන් ජීවත්වෙමු.
ගැළවීම තුළ අපට ලැබෙන ප්‍රීතිය කිසිවෙකුට පැහැර ගත නොහැක.

යොහන් 16:22
එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය.

සියල්ලට වඩා ඔබගේ සිත ආරක්ෂා කරගන්න.

හිතෝපදේශ 4:23 සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

ඔබගේ සිත ශෝකයට පත්වී තිබේනම් ඔබට ඉදිරියට යාමට ධෛර්යයක් නොමැත.

මේ ලෝකයේ දෙවියා ඔබගේ මනස අන්ධකර තිබුණ නමුත් ඒ අය නිදහස් වන්නෝය.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ කැමැත්ත අනුවයි ඔහුව නිදහස් කරන්නේ.

දෙවියන්වහන්සේ ඔබව භාජනයක් මෙන් ගෙනයන්නේ ඔබගේ ආලෝකය බබළවන්නටයි.

මාංශාකාරව ඔබ සිටින ස්ථානයට ඔබ අකමැතිව සිටියත් දෙවියන්වහන්සේ ඔබට ඒ තැනින් යන්නට කියන තුරු ඔබ එතැන ඉන්න.

ඔබගේ සිතේ තිබෙන බලකොටු බිඳ හෙළා දමන්න.
2 කොරින්ති 10:4-5
Watch the Sermon Video

Read 377 times