+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමය අපට ජීවනය ගෙන දෙයි - යෝෂා මනූ
January 15, 2023 Sunday Sermon Notes

 

යේසුස්වහන්සේගේ නාමයේ බලවත්කම ගැන අප සති කිහිපයක් තුළම ඉගෙන ගනිමින් සිටින අතර යේසුස්වහන්සේගේ නාමය අපට ධර්මිෂ්ඨකම ගෙනා බව අප පසුගිය සතියේ ඉගෙන ගතිමු.

මේ සතියේ බලනුයේ යේසුස්වහන්සේගේ නාමය තුළ දෙවියන්වහන්සේගේ ජීවනය ගෙන දුන් බවයි.

යේසුස්වහන්සේගේ නාමය තුළ දෙවියන්වහන්සේගේ ජීවන හුස්ම තිබේ.

යෙරෙමියා 23:6; 33:16
අපි ස්වාමීන්වහන්සේගේ නාමය ධර්මිෂ්ඨකම කියා පවසනවා.

කිතුණුවෙකු ධර්මිෂ්ඨකම ලබා ගත්විට ඔහුගේ ජීවිතයේ ධර්මිෂ්ධකමේ ඵල දරමින්, ධර්මිෂ්ඨකමේ මාවතේ ගමන් කරමින්, ධර්මිෂ්ඨ ක‍්‍රියා කිරීමට පටන් ගෙන සිටියි.

මන්ද අපගේ නව චරිත ස්වභාවය ධර්මිෂ්ඨකමයි.

ඔබ අකීකරු ක්‍රියාවක් කළත් ඔබගේ ස්වභාවය කිසිදා වෙනස් වන්නේ නැත.

ඒ නාමය අපට බලකොටුවක්ව තිබේ. ධර්මිෂ්ඨ අප එහි දුව ගොස් සුරක්ෂිතව සැඟවෙමු.

හිතෝපදේශ 18:10
ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.

උන්වහන්සේගේ නාමය ජයග‍්‍රාහිකයි. පරාජය අපට අයිති නැත.

ඒ නාමය අපව රැකවල්කර සුරක්ෂිතව තබයි.

එමෙන්ම ඒ නාමය අපගේ සුවයයි. සුවය අපට අයිතිය. සුව කරන්නාවු වෛද්‍යවරයාණෝ අප තුළය. මන්ද අප සිටින්නේ එම බලකොටුව තුළය. හැඟෙන දේ දැනෙන දේ ප‍්‍රකාශ නොකර දේව වචනය ප‍්‍රකාශ කළ යුතුය. සුවය යන නාමය වෙනස් නොවේ. ඒ නාමය තුළට අප දිව ගොස් සුරක්ෂිතව අපගේ ජීවිතයට අවශ්‍ය සියල්ල හිමි කර ගත යුතුය.

ගීතාවලිය 23:3 පවසන්නේ,
උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක; නැතහොත්
මාගේ ප්‍රාණය අලුත් කරනසේක)

මෙතැනින් සඳහන් කරන්නේ අපගේ මනස ගැනයි. ඉංග්‍රීසි බයිබලයේ පවසන්නේ, He
restores my soul කියාය.

මගේ ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක.

අප උන්වහන්සේගේ වචනය මෙනෙහි කරන විට ඒ වචනය අපගේ මනස අලුත් කරයි.

දේව රාජ්‍යය ක‍්‍රියා කරනුයේ ලෝකයේ ආකාරයට නොවේය. අප දේව අනුග‍්‍රහය යටතේ ධර්මිෂ්ඨකමේ මාර්ගයේ ගමන් කරමින් යටහත්කමෙන් ක්‍රියා කරන කල උන්වහන්සේ අපට නියමිත වේලාවට නියමිත දේ ලබා දෙයි.

ඔබට අවශ්‍යතාවයක් පැමිණෙන කල ඔබ දෙවියන්වහන්සේට ස්තූති කරමින් මගේ යෙහෝවා යයිරා, මා සිටින්නේ විවෘතවු ස්වර්ගීය කවුළු යටතේ යන පොරොන්දු ප‍්‍රකාශ කරමින් බීජ වපුරමින් සිටින්න. එවිට නියමිත වේලාවට කවුරුන් හෝ තුළින් ස්වාමීන්වහන්සේ එය සපයයි. එය දෙවියන්වහන්සේගේ කරුණාවයි.

ඔබ යහපත ප‍්‍රකාශ කරමින් සැකයේ වචන පවසන්නේ නම් ඔබගේ අවශ්‍යතාවය ඉටු වන්නේ නැත

ඔබ දෙවියන්වහන්සේ නැමැති උල්පතට සම්බන්ධවී සිටී නම් ඒ උල්පතින් උන්වහන්සේ ඔබට සියල්ල සපයයි.

ධර්මිෂ්ඨකමේ නාමය අපට ලැබී ඇත්තේ ධර්මිෂ්ඨකමේ දීමනාව අපට ලැබී ඇති නිසාය.

ධර්මිෂ්ඨකම නැමැති දීමනාව අපට ලැබී ඇත්තේ නොමිලේය. අප එය භාර ගෙන එහි ස්වභාවය තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ ඵල දරමින් ගමන් කළ යුතුය.

අධර්මිෂ්ඨ මනුෂ්‍යයන්ට ඔබ ධර්මිෂ්ඨකමේ ක්‍රියාව පෙන්නුම් කර දිය යුතුය.

යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ නාමය ධර්මිෂ්ඨකම නමැති දීමනාව ගෙනාවේ ඒ තුළින් අපට පාපයෙන් තොරව, අධර්මිෂ්ඨකමෙන් තොරව, විනිශ්චයෙන් තොර ජීවනයේ රජකම් කළ හැකි වන්නටය.

රෝම 5:17
මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද (ඒ නාමයෙන්) බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.

දෙවියන්වහන්සේ මෙම අනුග‍්‍රහය කාලයේ, ධර්මිෂ්ඨකමේ ස්වභාවය අපට දී තිබෙන්නේ පව් කිරීමට නොව, මනුෂ්‍යයාට යහපත ලෙස අපගේ ජීවිතය උදාහරණයක් ලෙස දැකීමටත් ධර්මිෂ්ඨකමේ ඵල දරන පපිණිසත්ය.

පාපයට ඇබ්බැහිවුණු ජීවිතයේ සාර්ථකත්වයක් දක්නට නැත.

මේ ජීවිතයේ දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත්තේ අප ජීවනයේ රජකම් කරන පිණිසය.

යේසුස්වහන්සේගේ නාමය අපට දී තිබෙන්නේ පාවිච්චි කරන පිණිසය.

මෙතෙක් කල් පොළොවේ රජකම් කළේ ආදම් නිසා ලොවට පැමිණියේ පාපයයි. යේසුස්වහන්සේ නාඳුනන පුද්ගලයින් පාලනය කරනුයේ මරණයයි.

යේසුස්වහන්සේ තුළ අපව මරණයෙන් ජීවනයට ගෙනැවිත් දැන් අපි ජීවනය රජකම් කරමු.

මාර්ගයද සැබෑවද ජීවනයද යේසුස්වහන්සේය (යොහන් 14:6)

යේසුස්වහන්සේ මරණයෙන් උත්ථානවූ පසු උන්වහන්සේ අපහට ධර්මිෂ්ඨකමේ රජකම් කිරීමේ උරුමය ලබා දෙන ලදි.

රෝම 5:21
නුමුත් පාපය මරණයෙහි රජකම්කළාක්මෙන්ම අනුග්‍රහය සදාකාල ජීවනය සඳහා අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ධර්මිෂ්ඨකමෙන් රජකම්කරන පිණිස, පාපය බොහෝ වූ තැන අනුග්‍රහය ඊට වඩා අධික වූයේය.

පාපය අධිකව තිබෙන ස්ථානයේ ඊට වඩා දෙවියන්වහන්සේ අපට අනුග‍්‍රහය රජකම් කිරීමට දී ඇත.

ලොව තුළ අධර්මිෂ්ඨකම බහුලව තිබුණත් ධර්මිෂ්ඨකමේ ජීවත්වීමට අප තීරණය කළ යුතුය.

අප ජීවත් වන්නට යන්නේ අප ගන්නාවූ තීරණ වලින්ය.

ආබ‍්‍රහම්ගේ කාලයේ සොදොම සහ ගොමෝරාව තුළ කොතරම් අධර්මිෂ්ඨකම තිබුණත් ආබ‍්‍රහම් ධර්මිෂ්ඨකම තුළ ජීවත් වූයේය. (උත්පත්ති 18:19-21)

ලොත් නපුරු මනුෂ්‍යයන් සිටි සොදොම තෝරා ගැනීමට තීරණය කරන ලදි. එය ඔහුගේ විනාශයට මුල විය. (උත්පත්ති 13:10-13)

අප නපුරු සමාජයේ ජීවත්වූවත්, අපට අසන්නට දකින්නට තිබෙනන් දේවල් හා ක‍්‍රියාවන් අප කිසිදා අපගේ ජීවිතයට ඇතුල් කර නොගත යුතුය.

අපට ඇසෙන දේවලට, දෙනෙත් වලට දක්නට ලැබෙන දේවලට, අපගේ මනසට ඇතුල් වීමට ඉඩ නොදී අප අභ්‍යන්තරයෙන් ශුද්ධව සිටින්ට යනවා යන තීරණයෙන් සිටිය යුතුය.

යේසුස්වහන්සේගේ නාමය අපට ගැළවීම ගෙන දුන්නේය.

ක්‍රියා 4:12
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.

අපට සදාකාල ගැළවීම ගෙනාවාවූ මේ නාමය අප සුළු කොට නොතැකිය යුතුය.

වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත. මේ නාමය තුළ අදහාගත්තාවූ පිළිගත්තාවූ අයට දේව දරුවන් නැතහොත් දේව පුත‍්‍රයන් බවට පත් වෙන්නට දෙවියන්වහන්සේ වෙනස් කරනසේක.

මෙම ජීවනය ලබා ගැනීමට දෙවියන්වහන්සේ අපට යේසුස්වහන්සේගේ නාමය දී ඇත.

යොහන් 1:12
නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.

යේසුස්වහන්සේ නිකදේමුස්ට පැවසුවේ, යමෙකු ස්වර්ගීය ජීවනය ලබා ගැනීමට අවශ්‍ය නම් ඔහු නැවත ඉපදිය යුතු බවයි.

යොහන් 3:5 යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය.
(නව ජීවනය ලබා ගැනීම)

1 කොරින්ති 12:3
එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන කථාකරන්නාවූ කිසිවෙක්: යේසුස්වහන්සේ ශාපලත් කෙනෙකැයි නොකියන බවත්, ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මිස: යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි කියන්ට කිසිවෙකුට නුපුළුවන් බවත් නුඹලාට දන්වමි.

සමහරුන් යේසුස්වහන්සේගේ නාමය සූත‍්‍රයක් ලෙස පාවිච්චි කරයි. නමුත් මෙම නාමය දෙයක් නොව එතුමා කෙනෙකි.

මෙම පුද්ගලයා අප වෙනුවෙන් කුරුසපත්වී මළවුන්ගෙන් නැගිට අදටත් ජීවමානව සිටින යේසුස්වහන්සේය.

මතෙව් 7:21‭-‬23 පවසන්නේ දේව කැමැත්ත කරන්නා මිස….. කියාය. දේව කැමැත්ත නම්, අප නැවත උත්පාදනය ලැබීමය. සදාකාල ජීවනය අප ලබා ගැනීම දේව කැමැත්තයි.

මතෙව් 7:21‭-‬23
ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.

යේසුස්වහන්සේ මරණයට පත්වූයේ මුළු මිනිස් සංහතිය උදෙසාය.

දෙවියන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාට ප්‍රේම කළසේක යොහාන් 3:16

දෙවියන්වහන්සේ කිතුණුවන්ට පමණක් අයිති කෙනෙකු නොව, ඒ නාමය පිළිගන්නාවු සියල්ලන්ටම සදාතනික ජීවනය ලැබේ. ගැළවුම්කරු අපට ලැබෙන සදාතනික ජීවනයයි.

ඒ නාමය හිමි කෙනාව හදුනාගෙන අප ජීවත්වෙමු.


Watch the Sermon Video

Read 369 times