+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ශක්තිමත් ඇදහිල්ල - මනූ මැතානි
February 19, 2023 Sunday Sermon Notes

 

අපගේ ගැළවීම ඉතා වැදගත්ය.

අප සිතන්නේ අපට විපාක ලැබෙනුයේ ස්වර්ගයට ගිය පසුව කියාය.

අප මාංසික ලෙස පොළොවේ වාසය කලත් අප හිඳගෙන සිටින්නේ ස්වර්ගික ස්ථානවලය.

දෙවියන්වහන්සේ ස්වර්ගයේ සියලු ආශීර්වාද අපට දී ඇත. අප එය තේරුම් ගත යුතුය.
පීඩා පැමිණෙන කල ඊට වඩා මහත් පීඩාවක් අප වෙනුවෙන් විඳිමින් අපට නිදහස ගෙන දුන්නාට යේසුස්වහන්සේට ස්තූති කරන්න.

පීඩා පැමිණෙන්නේ ස්වල්ප කාලයකටයි.

1 පේතෘස් 1:6
ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය.

කොපමණ කලකින් පීඩා කාලය ඔබගෙන් පිටවේද කියා තීරණය වන්නේ ඔබගේ හැසිරීම මතය.

1 පේතෘස් 5:9
ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.

පීඩාවක් පැමිණෙන කල පුදුම නොවන්න. සියල්ලන්ටම පීඩා පැමිනේ.

පීඩාවේදී ප‍්‍රීති වෙමින් ඔබගේ ඇදහිල්ලෙන් යක්ෂයාට විරුද්ධව සිටින්න.

ඔබගේ ඇදහිල්ලට වැඩක් භාර දෙන්න.

ඔබගේ ඇදහිල්ල ක්‍රියාවට නංවන්න.

ඔබගේ ඇදහිල්ලෙන් වචන කතා කරන්න.

අපගේ ඇදහිල්ල නිතරම කතා කරන්නේ නොපෙනෙන දේවලටයි.

යක්ෂයා අපව පීඩනයට පත් කර භය කරන්න තැත් කරන නමුත් ඔබගේ ඇදහිල්ලෙන් දේව වචනය ප්‍රකාශ කරන්න.

දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ ආරම්භයේ සිට යහපත් වැඩක් පටන් ගෙන එය අන්තිමය දක්වා සම්පූර්ණ කරන සේක.

ඔබට තිබෙන්නේ උන්වහන්සේගේ වචනය සමඟ එකඟ වීමටය.

පිලිප්පි 1:6
නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.

ප්‍රකාශය යන්නෙන් අදහස් කරන්නේ ඔබ යම් දෙයක් සමඟ එකඟ වීම ගැනයි.

අප එකඟ විය යුත්තේ ස්වාමීන්වහන්සේගේ වචනයටත්, උන්වහන්සේගේ පොරොන්දු සමඟත්ය.

1 පේතෘස් 4:12
ප්‍රේමවන්තයෙනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධවෙන්නාක් මෙන් පුදුම නොවෙන්න.

පීඩා පැමිණෙන කල සිනහසෙන්න.

පීඩා පැමිණෙන්නේ යක්ෂයාගෙන් ආවේශ වී සිටින පුද්ගලයන් තුළින්ය.

යක්ෂයා පීඩා ගෙන එන්නේ ඔබගේ ඇදහිල්ල වර්ධනය නොවන පිණිසයි.

ඔබගේ ශුද්ධ ජීවිතය නිසයි ඒ අශුද්ධ යක්ෂයා ඔබට පීඩා කරමින් ගමනට බාධා ඇති කරන්නේ.

යක්ෂයා ගෙන එන කනස්සලු සිතුවිලි ඔබ ප්‍රතික්ෂේප කළ යුතුයි.

1 තිමෝති 1:5
ආඥාවේ අභිප්‍රාය නම් පිරිසිදු සිතකිනුත් යහපත් හෘදයසාක්ෂියකිනුත් සැබෑ අවංකවූ ඇදහිල්ලෙනුත් නික්මෙන ප්‍රේමයය.

අවංක ඇදහිල්ලෙන් ඔබ ක්‍රියා කරන්නේ නම් ඔබ පීඩා ජය ගන්න තීරණයක් කර ගන්නේය.

අපට දී තිබෙන්නේ අනර්ඝ ඇදහිල්ලක්ය, එම ඇදහිල්ලෙන් පීඩා ජයගන්න. දෙවියන්වහන්සේ ඔබගේ අවංක ඇදහිල්ල දැක ඒ තුළින් ඔබට ගැළවෙන මාර්ගයක් සලස්වා දෙයි.

කුරුසිය දරාගෙන ගමන් කරන්න.

බාධා වලට භය නොවන්න. බාධා සුලු දෙයක් කොට සිතා ජයගන්න.

ශක්තිමත් ඇදහිල්ලකින් ජීවත්වන්න.

දෙවියන්වහන්සේ කවදාවත් අපට කරදර කරන්නේ නැත. නමුත් වචනයට විරුද්ධව සිටීමෙන් ඔබට ජයගන්නට බැරි වන්නේය.

අප සිතන්නේ දෙවියන්වහන්සේ අපට විරුද්ධයි කියාය. දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ අපගේ පියාණන් බවත්, උන්වහන්සේ අප ගැන සලකන බවත්ය.

පියාණන්වහන්සේට ඇහුම්කන් දෙන්න, උන්වහන්සේගේ උපදෙස් වලට සවන් දෙන්න. ඒවා ප්‍රතික්ෂේප නොකරන්න.

ඇහුම්කන් දෙනවා යනු ඒ වචනය සිතට ඇතුල් කරගෙන කීකරු වීමය.

දේව වචනය අපගේ කැඩපතයි. සැඟවී තිබෙන දේවල් වෙනස් කරන්නේ මේ වචනයයි.

වතුර නමැති වචනයෙන් සෝදා පවිත්‍ර වන පිණිස ඔබ තුළ තිබෙන දේවල් වෙනස් කරගන්න ඒ තුළම පවතින්න.

හෙබ්‍රෙව් 12:5
ඇරත් පුත්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද වචනය නුඹලා මතකනැතිකළහුය, ඒ කවරද යත්: මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න;

අපි අනුග්‍රහය යටතේ සිටියද වැරදි දේ කළොත් ස්වාමීන්වහන්සේ අපට දඬුවම් කරයි. අපව හරිගස්වයි.

අපගේ පියාණන්වහන්සේගෙන් දඬුවම පැමිණෙන්නේ අපගේ ආරක්ෂාව සඳහාත් අපගේ ප්‍රයෝජනය සඳහාත්ය.

හෙබ්‍රෙව් 12:9‭-‬10
තවද අපට දඬුවම්කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරවකළෙමුව. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල පියාණන්වහන්සේට යටත්ව ජීවත්වෙන්ට යුතු නොවේද? මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක.

අකීකරු පුත්‍රයා පියාගෙන් පිට වී ගිය අවස්ථාවේදී පියා ඔහු පිටුපස ගියේ නැහැ.

අකීකරු පුත‍්‍රයා පසුතැවිලි වී තම පියාගේ නිවසේ මෙහෙකරුවෙකු ලෙස යාමට තීරණය කරන ලදි. මතෙව් 15:19

අකීකරු පුත්‍රයා තම පියා වෙතට නැවත හැරී එන්නට තීරණය කළේය. ඔහු පසුතැවීමකට පැමිණි පසුවයි පියා දුවවිත් පුත්‍රයාව පිළිගනු ලැබුවේ.
ලූක් 15:20

කිතුනු භක්තිකයන් වශයෙන් අප පියාණන්වහන්සේගේ දඬුවම ලැබීමට සූදානම්ව සිටිය යුතුය. එය අපගේ ප‍්‍රයෝජනය සඳහාමය.

පියාගේ සෙනෙහස, ප්‍රේමය සහ දයාව කිසිදා වෙනස් වන්නේ නැහැ.

ශුද්ධාමයාණන් ඔබව වැරදි තීරණ ගැනීමෙන් වළක්වයි. ඔබ වෙනසක් ඇතිකරන්නට ඉඩ දෙන්න.

හෙබ්‍රෙව් 12:5
ඇරත් පුත්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද වචනය නුඹලා මතකනැතිකළහුය, ඒ කවරද යත්: මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න;

ඔබ ක්ලාන්ත වී සිටින්නේ කොහොමද? ඔබ සභාවට නොයා සිටිනවා, බයිබලය කියවීමෙන් වළකිනවා, යාච්ඤා කරන්නේ නැහැ.

ගැළවීම ලැබුවායින් පසු ඔබ අයිති දෙවියන්වහන්සේටය.

ඔබ පියාණන්වහන්සේගේ කැමැත්ත කළ යුතුයි.

යාකොබ් 4:13‭-‬15
මෙන්න: අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළෙඳාම්කොට ලාභ උපදවාගන්නෙමුයයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න. මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය. එබැවින්: ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි නුඹලා විසින් කිය යුතුය.

අපගේ සිත අපව රවටන්නේ අපි වචනයෙන් සිත සෝදාගන්නේ නැති නිසයි.

ඔබ ලෝකයේ ආලෝකයයි.

අපි ජීවත් වී සුවයෙන් සිටීමෙන් දේව කැමැත්ත කරමු.

යාකොබ් 4:16
නුමුත් දැන් නුඹලාගේ අහංකාර කථාවලින් නුඹලා පාරට්ටුකරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය.

දේව කැමැත්ත ඔබ සොයන්න. සවර්ගික කැමැත්ත සොයන්න.

මේ ලෝකයේ දෙවියා යක්ෂයා මනුෂ්‍යයාගේ සිත් අන්ධකර තිබේ.

තාවකාලික දේට වඩා දෙවියන්වහන්සේගේ දරුවන් සමඟ ජීවත්වීමට තෝරාගන්න.

මෝසෙස් හට කිසිම අඩුවක් තිබුණේ නැත. හැම දෙයින් හොඳම අධ්‍යාපනයක් ලබා සිටියා. ඔහු ඵාරාවෝගේ නිවස තුළමයි සිටියේ.

හෙබ්‍රෙව් 11:23‭-‬25
මෝසෙස් උපන් කල ඔහුගේ මවුපියෝ ඔහු ශෝභමාන ළමයෙකු බව දැක, රජුගේ ආඥාවට භය නොවී, ඇදහිල්ලෙන් ඔහු තුන් මාසයක් සඟවාගත්තෝය. මෝසෙස් වැඩුණායින් පසු ඵාරාවෝගේ දුවගේ පුත්‍රයායයි කියනු ලැබීම ඇදහීමෙන් එපාකර, විපාකය දෙස බැලූ බැවින් මිසරයේ වස්තුවලට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ නින්දාව මහත් සම්පතක්යයි සිතා,

මෝසෙස් ඇදහිල්ලෙන් ඔහුට තිබුණු දේවල් ප්‍රතික්ෂේප කළා.
ඔහුගේ තත්ත්වය අත්හරින්නට තීරණ කළා.

සමහර මනුෂ්‍යයන් තම තාවකාලික වාසි ප‍්‍රයෝජනය තකා දේව කැමැත්ත අත්හරියි.

නමුත් මෝසෙස් දේව කැමැත්ත කරන්නට තීරණ කළේය.

ඔබට දේව ඇදහිල්ලෙන් සියල්ල කළ හැකියි.

ඉශ්‍රායෙල් සෙනඟ මුදවා ගන්නා පිණිස දෙවියන්වහන්සේ මෝසෙස්ව පාවිච්චි කළේ ඔහු දේව කැමැත්ත කරන්නට ගත් හරි තීරණය නිසයි.

මිසරයේ සෑම සතුරෙක්ව යට කරන තරමට බලවත් සේ
දෙවියන්වහන්සේ මෝසෙස්ව පාවිච්චි කරමින ඔහු තුළින් ක්‍රියා කළේය.

මෝසෙස් දෙවියන්වහන්සේ හා සමඟ මුහුණට මුහුණලා කථා කළේය. ද්විතීය කථාව 34:10-12

හෙබ්‍රෙව් 11:24‭-‬26
මෝසෙස් වැඩුණායින් පසු ඵාරාවෝගේ දුවගේ පුත්‍රයායයි කියනු ලැබීම ඇදහීමෙන් එපාකර, විපාකය දෙස බැලූ බැවින් මිසරයේ වස්තුවලට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ නින්දාව මහත් සම්පතක්යයි සිතා, කලකට පාපයේ සැප භුක්තිවිදීමට වඩා දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ දුක්විදීම තෝරාගත්තේය.

ඇදහිල්ලෙන් තමාගේ ජීවිතයේ දේව කැමැත්ත කරන්නට මෝසෙස් තෝරාගත්තේය.

ඔබගේ බලවත් ඇදහිල්ල තුළින් හරි දේවල් සහ දේව කැමැත්ත කරන්නට තෝරා ගන්න.

මෝසෙස්ට දෙවියන්වහන්සේ කීවේ "මම" ඔබව යැවූ බව ඵරාවෝට පවසන්න.

මෙහි "මම" යනු දෙවියන්වහන්සේය. යෙහෝවා වහන්සේය.

දෙවියන්වහන්සේගේ නාමය "යෙහෝවා රාෆා" අපගේ සුව කරන ස්වාමීන්වහන්සේය.

දෙවියන්වහන්සේ "යෙහෝවා ෂාලොම්" අපගේ සඵලත්වය හා සමාදානයය.

දෙවියන්වහන්සේ "යෙහෝවා ශම්මා" නිතරම අප සමඟ සිටින දෙවියන්වහන්සේය.

දෙවියන්වහන්සේ "යෙහෝවා යයිරේ" අපට සපයන්නාවූ දෙවියන්වහන්සේය.

දෙවියන්වහන්සේ මිසරයේ ඵාරාවෝට බොහෝසේ හාස්කම් පෙන්වමින් තමන්වහන්සේගේ බලය ප්‍රකාශ කළා. නමුත් ඔහු දෙවියන්වහන්සේට කීකරු වූයේ නැති නිසා ඒ සියලු සතුරෝ විනාශ වුණෝය.

යෙසායා 63:10
නුමුත් ඔව්හු කැරළිගසා, උන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙවූවෝය. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට සතුරෙක් වී, උන්වහන්සේම ඔවුන්ට විරුද්ධව යුද්ධකළසේක.

දෙවියන්වහන්සේට යටත් නොවන්නේනම් අප ඉබේම යක්ෂයාගේ පැත්තට යන්නෙක් වේ.

කැරළිගැසීම පේනකීමේ ආත්මයට සමාන පාපයකි. යක්ෂයා සමඟ ගනුදෙනු කිරීමකි.

1 සාමුවෙල් 15:23
මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් නුඹ රජකමෙන් පහකළසේකැයි කීවේය.

දෙවියන්වහන්සේ ඔබගේ සතුරෙකු නොවේ.

ඔබ කවදාවත් පැති මාරු කර ගන්න එපා. දෙවියන්වහන්සේ වෙනස් වන්නේ නැත.

කැරළිකාරකම නම් දෙවියන්වහන්සේට විරුද්ධව ක්‍රියා කිරීමයි.

අපි ශක්තිමත් ඇදහිල්ලෙන් ගමන් කරන්නේ නම් අපි ගන්නේ හොඳ තීරණයි.

යක්ෂ ආත්ම අපගේ මනසට ඇතුල් වී වධ දෙන්නට පටන් ගනියි.

ඔබගේ හිතුවක්කාර සිතුවිලි වලට අනුමැතිය ලැබෙනවානම් ඒ ලැබෙන්නේ යක්ෂ ආත්ම වලිනි.

යක්ෂ ආත්ම වලට අපගේ ආත්මයට ඇතුල්වීමට නොහැකි නමුත් අපගේ මනස කළඹවන්නට පුළුවනී.

අනනියස්ගෙන් පේ‍ත්‍රුස් ඇසුවේ: ඔබ සාතන්ට ඔබගේ මනස තුළට සිතුවිලි තුළින් ඉඩ දුන්නේ ඇයි?

ක්‍රියා 5:3
නුමුත් පේ‍ත්‍රුස් කථාකොට: අනනියස්නි, ශුද්ධාත්මයාණන්වහන්සේ රවටා බිමේ මිලෙන් කොටසක් තබාගන්ට සාතන් නුඹේ සිත පිරෙවුවේ මක්නිසාද?

යක්ෂයාට අපගේ සිත (මනස) පුරවන්නට පුලුවන් වන්නේ අපි ඔහුට ඉඩ දෙන නිසයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපට දී තිබෙන්නේ ශක්තිමත් ඇදහිල්ලෙන් ගමන් කිරීමටය.

ආබ‍්‍රහම් ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටි නිසා තම ජීවිතයේ ප‍්‍රතිඵල අත් දකිනු ලැබුවේය.

ශක්තිමත් ඇදහිල්ලක් තුළ ඔබට තෝරාගැනීමේ හැකියාවක්, අවංක ඇදහිල්ලක් තිබිය යුතුය. පීඩා මධ්‍යයේ ගමන් කිරීමට, ඔබගේ රෝග ශරීරයෙන් මුළුමනින්ම උදුරා ඉවත්වී යන ලෙස අණ කිරීමට හැකි විය යුතුය.

ඔබගේ ශක්තිමත් ඇදහිල්ල තුළ ඔබ පවසන දේ ඔබට කීකරුවනු ඇත.

ඔබ බාහිරව නොව, ඇදහිල්ලෙන් ශක්තිමත් මනුෂ්‍යයෙකු බව සිතන්න. දෙවියන්වහන්සේ තුළ ඔබට සියල්ල කළ හැකිය.

ඔබ කුමන තත්වයක සිටියත් ඔබගේ ශක්තිමත් ඇදහිල්ලට බාධාවක් වීමට ඉඩ නොදෙන්න.

ඔබ අකාලයේ මිය යාම දෙවියන්වහන්සේගේ කැමැත්ත නෙවේය.

ශක්තිමත් ඇදහිල්ලෙන් සිංහයෙකු මෙන් සිටගන්න.


Watch the Sermon Video

Read 412 times