+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

බව්තීස්මය සහ නව මැවිල්ල - මනූ මැතානි
February 26, 2023 Sunday Sermon Notes

 

පීඩාවක් යනු පොරොන්දුවක් නොව, අප යහපත අනුව ගමන් කරන විට සතුරා විසින් අපගේ ආත්මික ගමනට ගෙනෙන්නාවූ බාධාවන්ය.

ඔබ පීඩා මානසිකත්වයකින් තොරව, ජයග‍්‍රාහී මනසකින් ගමන් කිරීමට තෝරාගත යුතුය.

අතීශයෙන් ජය ගැනීමට දෙවියන්වහන්සේ අපට හැකියාව දී ඇත.

දෙවියන්වහන්සේගේ උපකාරය නිතරම අපහට තිබේ.

ඔබ ජීවත්වන්නේ පවතින වාතාවරණය මත නොව, දෙවියන්වහන්සේගේ වචනයේ බලයෙනි.

අප ගමන් කරන්නේ ඉහළටය, අප ඇදහිල්ලෙන් ජයග්‍රහණය ලබන්නාවූ පුද්ගලයන්ය.

අප ගමන් කරන්නේ පෙනීමෙන් නොවේ නමුත් අප ගමන් කරන්නේ ඇදහිල්ලෙන්ය.

අපි තීරණ ගන්නට යන අවස්ථාවේදී සමහර විට පීඩා පැමිණෙන්නට පුලුවන. නමුත් ඉවසිල්ලෙන් සිටීමෙන් අපට එයින් ජයගන්නට පුලුවන.

අප යම් මට්ටමක සිටින්නේ නම් දෙවියන්වහන්සේ ඔබව ඊළඟ මට්ටමට ගෙන යන පිණිස සූදානම් කරනසේක.

1 පේතෘස් 1:6
ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය.

ඔබගේ ඇදහිල්ලට විරුද්ධව යක්ෂයාට කිසිදෙයක් කළ නොහැකියි. ඔබ ඇදහිල්ලෙන් ස්ථීරව සිටින්න. එවිට යක්ෂයා එය දැනගෙන ඔබව ටික කලකට අතහැර යයි.

එළිදරව් 12:11
ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.

අපි යේසුස්වහන්සේගේ ලේ නිසාත් අපේ සාක්ෂියේ වචනය නිසාත් යක්ෂයාගෙන් ජය ගෙන ඇත.

ගලාති 2:20
මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.

ඔබ වතුර බව්තීස්මය තුළින් නව උත්පාදනයක් ලබා ඇත.

මාගේ පව්කාර ස්වභාවය ක්‍රිස්තුස්වහන්සේ සමඟ මැරුණා. දැන් මා නොව මා තුළින් ජීවත් වන්නේ යේසුස්වහන්සේය.

දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ඇදහිල්ලෙන් අපි ජීවත් වෙමු.

මා නව මැවිල්ලක්, මා ජීවත් වන්නේ ආලෝකය තුළයි, මා තුළ ක්‍රියා කරන්නේ දිව්‍යමය ප්‍රේමයයි.

ඔබ තුළ වාසය කරන්නේ ක්‍රිස්තුස්වහන්සේය. යක්ෂයා නොවේ.

ඔබ මාංශාකාරව ගමන් නොකර ඇදහිල්ලෙන් ජීවත් වන්න.

මාංශයේ ඇල්ම මරණයයි.

රෝම 6:1‭-‬2
එසේවී නම් කුමක් කියමුද? අනුග්‍රහය බොහෝ වන පිණිස පාපයෙහි පවතිමුද? එසේ නොවේවා. පාපයට මළාවූ අපි තවත් එහි කෙසේ ජීවත්වමුද?

ඔබගේ අභ්‍යන්තර මනුෂ්‍යයාට පාපයක් කළ නොහැකියි. මන්ද ඔබගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ ඇත්තේ දිව්‍යමය ස්වභාවයයි. පව් කරන්නේ ඔබගේ මාංශයයි.

අපගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි. අපි මේ පොළොවේ ජීවත් වන තුරු අපගේ ශරීරය පාලනය කර ගත යුතුයි.

ඔබ පාපයක් කළත් සමාව ඉල්ලා වෙනස් වෙන්න. මාංසයට ඔබව පාලනය කරන්නට ඉඩ නොදෙන්න.

ශුද්ධාමයාණන්ගේ හඬ අසමින් ජීවත් වන්න.

ආත්මයාණන්වහන්සේ තුළ ජීවත්වන්න.

රෝම 6:3‭-‬4
නොහොත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළට බව්තීස්ම ලැබුවාවූ අප සියල්ලන් උන්වහන්සේ මරණයට බව්තීස්ම ලැබූ බව නුඹලා නොදැන සිටිනහුද? එබැවින් ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේගේ මහිමය කරණකොටගෙන මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවා සේම, අපිත් ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස, මරණය තුළට බව්තීස්මය කරණකොටගෙන උන්වහන්සේ සමඟ තැන්පත්කරනු ලැබුවෙමුව.

ඔබ පියාණන්වහන්සේගේ මහිමය උදෙසා ජීවත් වන්න.

රෝම 6:5
මක්නිසාද උන්වහන්සේගේ මරණයේ සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධවී සිටිමු නම්, උන්වහන්සේගේ නැගිටීමේ සමානත්වෙයනුත් සම්බන්ධවන්නෙමුව.

යේසුස්වහන්සේ නැවත නැගිටුණේ අතිශයින් ජයග‍්‍රාහී මානසිකත්වයකින්ය.

ඔබට තිබෙන්නේ කාගේ ස්වරූපයද? යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැවත නැගිටුණු ස්වභාවයයි.

වතුර බව්තිස්මයේදී ඔබගේ සියලුම සතුරන් විනාශ වුණෝය.

ඉශ‍්‍රායෙල්වරුන් රතු මුහුද මැදින් ගමන් කරද්දී වතුර බව්තිස්ම වූ අතර, එහිදී ඔවුන්ව ලුහුබැඳ පැමිණි සියලුම සතුරන් විනාශවුණෝය.

ගීතාවලිය 106:7‭-‬12
අපේ පියවරු මිසරයේදී ඔබගේ ආශ්චර්යයන් තේරුම් නොගත්තෝය; ඔබගේ කරුණා රාශිය සිහි නොකළෝය; මුහුද, එනම් රතු මුහුද ළඟදී කැරළිගැසුවෝය. එසේ වුවත් උන්වහන්සේ තමන් බලපරාක්‍රමය දක්වන පිණිස ස්වකීය නාමය නිසා ඔවුන් ගැළවූසේක. උන්වහන්සේ රතු මුහුදට තරවටුකළසේක, එය වියළුණේය. වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙනගියසේක. ඔවුන්ට වෛරවූවාගේ අතින් ඔවුන් ගැළවූසේක, සතුරාගේ අතින් ඔවුන් මිදූසේක. ජලධාරාවෝ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය. එවිට ඔව්හු උන්වහන්සේගේ වචන විශ්වාසකොට, උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය.

වතුර බව්තීස්මයේ දී ඔබගේ සියළුම සතුරන් නැති වී අවසානය.

ඔබගේ පරණ ස්වභාවය වතුරට යටවී විනාශ විය.

ඉශ‍්‍රායෙල්වරුන්ගේ බව්තීස්මයේදී දෙවියන්වහන්සේ ඔවුන්ගේ සියළුම සතුරන් වතුරෙන් විනාශ කළත් ඉශ‍්‍රායෙල්වරුන්ට එය ඉක්මනින්ම අමතක වූයේය.

ගීතාවලිය 106:13
ඔව්හු උන්වහන්සේගේ ක්‍රියා වහාම සිහිනැතිකරමින්, උන්වහන්සේගේ මන්ත්‍රණය බලානොසිටියෝය.

වතුර බව්තිස්මයේ ක්‍රියාකාරිත්වය අමතක නොකරන්න.

ඔබ විශ්වාස කරමින් ගී ගායනා කරන්න. ස්වාමීන්වහන්සේ කළාවූ යහපත් දේවල් අමතක නොකරන්න.

ඔබගේ සෑම සතුරෙක්ම, සියලු වහල්කම්, සෑම නරක පුරුද්දක්ම වතුර බව්තිස්යේදී විනාශ වී ඔබ නිදහස් විය.

නික්මයාම 14:29
එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැද වියළි භූමිය පිට ගියෝය; ජලය දකුණෙන්ද වමෙන්ද ඔවුන්ට තාප්පයක් වූයේය.

නික්මයාම 14:16‭-‬21
නුඹේ සැරයටිය ඔසවා නුඹේ අත මුහුද කෙරෙහි දිගුකොට ඒක බෙදන්න. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැදට වියළි භූමිය පිට යන්නෝය. බලව, මම වනාහි මිසරවරුන්ගේ සිත් දැඩිකරන්නෙමි, ඔව්හු මොවුන් පස්සේ යන්නෝය. මම ඵාරාවෝද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ රථ සහ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලබන්නෙමි. මා ඵාරාවෝද ඔහුගේ රථද ඔහුගේ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලැබූ කල්හි මම ස්වාමීන්වහන්සේ බව මිසරවරු දැනගන්නෝයයි කීසේක. ඉශ්‍රායෙල්වරුන්ගේ සමුදාවට පෙරටුව ගිය දෙවියන්වහන්සේගේ දූතයා අහක්ව ඔවුන්ට පස්සෙන් ගියේය; වලාටැඹද ඔවුන් ඉදිරිපිටින් අහක්ව ඔවුන්ට පස්සෙන් සිටියේය. ඒක මිසරවරුන්ගේ සමුදාවත් ඉශ්‍රායෙල්ගේ සමුදාවත් අතරට පැමුණුණේය; මෙසේ වලාකුළද අන්ධකාරයද විය, එහෙත් එය රාත්‍රියෙහි එළිය දුන්නේය. මෙසේ මුළු රාත්‍රියෙහි එක් පක්ෂය අනික් පක්ෂයට ළං නොවීය. මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය. ස්වාමීන්වහන්සේද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක, ජලය බෙදීගියේය.

ඉශ‍්‍රායෙල් පුත‍්‍රයෝ සියලු දෙනාම රතු මුහුද මැදදී වතුර බව්තිස්මය ලැබුවෝය.

නික්මයාම 14:22
ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදට ගියෝය. ජලය ඔවුන්ගේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද ඔවුන්ට තාප්පයක් මෙන් විය.

ඉශ‍්‍රායෙල්වරුන්ට ආරක්ෂාව දෙන පිණිස දෙවියන්වහන්සේ රතු මුහුද දෙපැත්තේම වතුර තාප්පයක් මෙන් තිබුණේය.

අප පව්කාරයන් ලෙස සිටිනවා නම් වතුර බව්තිස්මයේ සැබෑ ප‍්‍රතිඵලය ලබා ගත නොහැකියි. නමුත් අභ්‍යන්තරයෙන් අප විශ්වාස කරමින් සැබෑ ලෙස අනුගමනය කරනවානම් එය දෙවියන්වහන්සේ ගණන් ගනු ලැබේ.

අප යේසුසවහන්සේ කෙරහි අදහා, උන්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පිළිගැනීමෙන් සැබෑ ගැළවීමට ඇතුලු වන්නේය. ඒ නිසා ඇදහිල්ලෙන් වතුර බව්තීස්මය ලැබිය යුතුය.

නික්මයාම 14:24‭-‬25
තවද ස්වාමීන්වහන්සේ උදය යාමෙහි ගිනි සහ වලා ටැඹ මැදින් මිසර සේනාව දෙස බලා මිසර සේනාව වියවුල්කළසේක. උන්වහන්සේ ඔවුන්ගේ චක්‍රරෝද ගැළෙවූසේක, ඔව්හු ඒවා අමාරුවෙන් දැක්කුවෝය. එබැවින් මිසරවරු කථාකොට: අපි ඉශ්‍රායෙල් කෙරෙන් පලායමු; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව සටන්කරනසේකැයි කීවෝය.

දෙවියන්වහන්සේ පසුපස ලුහුබැඳ එන සතුරාගේ චක‍්‍රරෝද ගැළවුසේක. සතුරාගේ බලය විනාශ කරන ලදි. දෙවියන්වහන්සේට සියල්ල කල හැකිය.

නික්මයාම 14:25
උන්වහන්සේ ඔවුන්ගේ චක්‍රරෝද ගැළෙවූසේක, ඔව්හු ඒවා අමාරුවෙන් දැක්කුවෝය. එබැවින් මිසරවරු කථාකොට: අපි ඉශ්‍රායෙල් කෙරෙන් පලායමු; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව සටන්කරනසේකැයි කීවෝය.

අපට විරුද්ධව අප පසුපස ලුහුබැඳ එන සියලු සතුරන් උන්වහන්සේ විනාශ කරන්නෙත් මේ ආකාරයටමයි.

දෙවියන්වහන්සේ අප වෙනුවෙන් කරන බලවත් දේ අපගේ සතුරා විසින් දකින්නට යන්නේය.

නික්මයාම 14:26‭-‬28
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ජලය මිසරවරුන් පිටද ඔවුන්ගේ රථ සහ අසරුවන් පිටද හැරී එන පිණිස නුඹේ අත මුහුද කෙරෙහි දිගුකරන්නැයි කීසේක. මෝසෙස් තමාගේ අත මුහුද කෙරෙහි දිගුකෙළේය, පහන්වූ කල මුහුද එහි නියම ස්වභාවයට හැරුණේය; මිසරවරු ඒ ඉදිරියට දිවගියෝය; ස්වාමීන්වහන්සේ මිසරවරුන් මුහුද මැද හෙළාදැමූසේක. ජලය හැරී ඇවිත් රථද අසුරුවන්ද එසේය, ඔවුන් පස්සේ මුහුදට ගියාවූ ඵාරාවෝගේ මුළු සේනාව වසාගත්තාය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවීය.

දෙවියන්වහන්සේ අපව බලවත් හස්ථයකින් මුදවාගත්සේක.

උන්වහන්සේ අපගේ ජීවිතවල කර ඇති සියල්ල නිසා, තවත් යක්ෂ ආත්ම වලට අප භය වන්නට අවශ්‍ය නැත. යක්ෂයාට තවදුරටත් අප කෙරෙහි කිසි බලයක් නැත.

රෝම 6:5‭-‬6
මක්නිසාද උන්වහන්සේගේ මරණයේ සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධවී සිටිමු නම්, උන්වහන්සේ නැගිටීමේ සමානත්වෙයනුත් සම්බන්ධවන්නෙමුව. මින්මතු අපි පාපයට සේවය නොකරන ලෙස පාප ශරීරය නැතිවන පිණිස, අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනලද බව දනිමුව.

අපගේ පරණ මනුෂ්‍යයාව කුරුසපත් වුණේය. පරණ දේ පහව ගොසින් සියල්ල අලුත් වී තිබේ.

අපි දේව වචනය තුළින් යක්ෂයාගෙන් ජයගත් සෙනඟක්ය.

1 යොහන් 4:4
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.

ඔබ ස්වාමීන්වහන්සේට අයිතියි. ඔබගේ ආත්මය තුළ උන්වහන්සේ වාසය කරනසේක.

ඔබ හැගීම් බරව නොව, ඇදහිල්ලෙන් ජීවත් වෙන්නට ඉගෙන ගන්න.

ඔබ ලෝකයෙන් ජයගත් කෙනෙක්ය. ඔබ ආත්මයෙන් ජීවත් වෙන්න.

අපි සැමවිටම බාහිර ලෙස නොව අභ්‍යන්තරයෙන් ජීවත්වෙන්නට උත්සාහ කරමු.

වතුර බව්තිස්මය ගැනීමෙන් ඔබට විශාල වෙනසක් ඇති වන්නේය.

එය චාරිත‍්‍රයක් පමණක් නොවේ.

යක්ෂයා ඔබගේ පාපය මතක් කරන විට ඔබ පවසන්න මගේ පරණ මනුෂ්‍යයා මැරුණා. වතුර බව්තිස්මය ඔබගේ සුසාන භූමිය බව මතක තබාගන්න.

යේසුස්වහන්සේව පිළිගත් ඔබ වගකීමක් සහිතව ජීවත් විය යුතුයි.

ඔබ අතින් වරැද්දක් සිදුවුවහොත් ඔබ අදාල පුද්ගලයාගෙන් සමාව ඉල්ලන්න.

යාකොබ් 5:15
එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමීන්වහන්සේ ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන් කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ.

රෝගයට හේතුව පාපයක් විය හැකියි.
සමාව ලබා ගැනීමට අවශ්‍ය තැනකදී බෙහෙත් වලින් සුවයක් ලබා ගත නොහැකියි.

ඔබගේ ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ වැරදි සොයන්නේ නැතිව ඒ කෙනාට සමාව දෙන්න.

සමාව ඉල්ලන්න. අවශ්‍ය නම් සමාව දී එය අත්හරින්න.

යාකොබ් 5:16
එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.

සුවය ලබා ගැනීමට කල් නොදමන්න. අදාල පුද්ගලයාට එය කියාදී අතහැර සුවය ලබා ගත හැකිය.

ගීතාවලිය 107:17-20
මෝඩයෝ තමුන්ගේ අපරාධ නිසාත් අයුතුකම් නිසාත් පීඩා විඳිති. ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රියවේ; ඔව්හු මරණ ද්වාරවලට ළංවෙති. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති. උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගළවනසේක. උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරිනසේක.

අපගේ අඥානකම නිසා මරණය දක්වා රෝගයක් පවා ඇති විය හැකියි.

දෙවියන්වහන්සේගේ වචනය පිළිගෙන නිදහස් වෙන්න.

1 යොහන් 5:4
මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.

ඔබ යේසුස්වහන්සේව පිළිගත් නිසා ජයගන්නෙකුය.

ඔබ ගැළවීම ලබාගත් නිසා ජයගත් කෙනෙකුය. ජය ගන්නේ ඇදහිල්ල තුළිනි.

දිනපතා අපගේ ඇදහිල්ල භාවිතා කළ යුතුයි.

ඇදහිල්ල නැතිව උන්වහන්සේ ප‍්‍රසන්න කළ නොහැක.

අපගේ යාච්ඤාව විය යුත්තේ ඇදහිල්ලේ යාච්ඤාවයි.

හිතෝපදේශ 28:9
ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.

ව්‍යවස්ථාව යනු දේව වචනයයි.

දේව වචනය අපගේ කනට ඇසුණත් එය අපගේ හදවතට ඇතුලු නොවන්නේ නම් ඉතා භයානකයි.

දේව වචනය නොඅසන කෙනාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.

දිනපතා අපට ස්වාමීන්වහන්සේ සමඟ තිබෙන සම්බන්ධතාවය ඉතා වැදගත් වේ.

දෙවියන්වහන්සේගේ වචනය ඇතුව අපි ක‍්‍රියා කරන්නේ නම් අපි අනිවාර්යෙන්ම ජය ගනු ඇත.

අප තුළ දැනමුතුකම තිබිය යුතුය.

යෙසායා 5:13
එබැවින් මාගේ සෙනඟ දැනුම නැතුවායින් වහල්කමට ගියෝය. ඔවුන්ගේ උත්තමයෝද බඩගිනි විඳිති, ඔවුන්ගේ සමූහයාද පිපාසායෙන් වේළී සිටිති.

අපි දෙවියන්වහන්සේගේ සෙනඟයි, වහල්කමින් මුදවා ගත් සෙනගයි.

අපි දෙවියන්වහන්සේගේ වචනයෙන් අහක්ව නොයා සිටිමු.

අපි වචනය තුළ පවතිමින් දීර්ග කාලයක් නිදහසේ ජීවත් වෙමු.

වචනය තුළින් අපි උපදෙස් ගනිමු.

පිපාසිතව සිටින අය නිතරම සිටින්නේ වියළිභාවයෙනි.

ගීතාවලිය 68:6
දෙවියන්වහන්සේ හුදකලාවූවන් පවුල්වල වස්වනසේක. හිරකාරයන් අභිවෘද්ධියට පමුණුවනසේක. නුමුත් කැරළිකාරයෝ දාගිය තැනක වසති.

දෙවියන්වහන්සේ තනිව සිටින අයව පවුල් වලට ඇතුල් කරන සේක. එකතු කරනසේක.

අපි සභාවක එකමුතුව එක් රැස්වීම යහපත් දෙයකි.

මාංශිකව නොව ආත්මිකව එකිනෙකාට ප්‍රේම කරමු.
ආත්මිකව සහභාගිකම් පවත්වමු.

අපි දැන් පැමිණ සිටින්නේ දෙවියන්වහන්සේ බැටළුවන්ගෙන් එළුවන් වෙන් කරන කාලයටයි. (මතෙව් 25:32-46)

එළුවන්ගේ ස්වභාවය නම් ඔවුන් කිසිම දෙයක් කිසිවෙකුට කරන්නේ නැත.
නමුත් බැටළුවන්ගේ ස්වභාවය නම් ඔවුන් එකිනෙකාට හයියක් වීමෙන් වචනයෙන් හා ක‍්‍රියාවෙන් ශක්තිමත් කිරීමයි.

ඔබ කෙනෙකු වෙනුවෙන් යම් දෙයකින් උපකාර කරන්නේ නම් එය ඔබ කරනුයේ යේසුස්වහන්සේටයි.

ඔබ කවුද? යේසුස්වහන්සේගේ ශරීරයයි.

කැරළිකාරයන් වියළි ස්ථානවල සිටියි.

කැරළිකාරකම යනු දෙවියන්වහන්සේගේ වචනයේ ආධිපත්‍යයට යටත් නොවී සිටීමයි.

ඔබ වචනයට යටත් වූවොත් උන්වහන්සේගේ බලය අත්දැකිය හැකියි.

ඔබ වතුර බව්තීස්මය ලබා නව මැවිල්ලක් වූවායින් පසු ඔබ ‍වාසය කරන්නේ දෙවියන්වහන්සේගේ පොරොන්දු දේශය තුළය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ සුවයෙන් හා සියල්ලෙන් සඵලවත් වී සිටීමයි. (3 යොහන් 2)


Watch the Sermon Video

Read 251 times