+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සේවය පිළිබඳ සාක්ෂියක් - අපගේ ස්වාමීන්ට අපහසු වූ බලරහිත වූ කිසි කාරණාවක් නැත - යෝෂා මනූ
March 19, 2023 Sunday Sermon Notes


දෙවියන්වහන්සේට කළ නොහැකි දෙයක් නැත.

යේසුස්වහන්සේගේ උප්පැන්නය මරියාට දැනුම් දීමට පැමිණි ගාබ්‍රියෙල් දේවදූතයා ඇයට පැවසුවේ දෙවියන්වහන්සේගෙන් වූ කිසි වචනයක් බල රහිත නොවන්නේය කියාය. ලූක් 1:37

මරියා දේවදූතයා කියූ දෙයට එපිටින් කිසිවක් කල්පනා නොකර ඇය දෙවියන්වහන්සේගේ වචනය ලෙස මට වේවායි පැවසීය. ලූක් 1:38

දෙවියන්වහන්සේ නිතරම විශ්වාසවන්තය. අප සැක නොකර දෙවියන්වහන්සේව විශ්වාස කළ යුතුය.

අප නොඇදහැදිලිකාරකමේ වචන කථා නොකර ඇදහිල්ලේ වචන කථා කළ යුතුය.

පෙනෙන දේවල් වෙනස්වෙන සුළුය. එය තාවකාලිකය.

නොපෙනෙන දේ සදාකාලිකය

2 කොරින්ති 5:7
මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.

දේව වචනය තුළින්, දේශනාවන් තුළින්, ගීතිකා තුළින් අපගේ හදවත් වල පිබිදීමක් ඇතිවේ.

දේව වචනයෙන් අප ශක්තිමත් විය යුතුය.

අපගේ ජීවිතය තුළ කිසි අඩුවක් නොමැතිව, හොඳ සුවයෙන්, අන් අයටද ආශීර්වාද වන ආකාරයෙන් කිරි හා පැණියෙන් ඉතිරී යන ආකාරයට දෙවියන්වහන්සේගේ ආශීර්වාදය හිමිවනු ඇත.

දෙවියන්වහන්සේ පුදුමාකාරය, උන්වහන්සේගේ බලය සීමා රහිතය.

අප නමස්කාර කරන්නාවූ දෙවියන්වහන්සේ විශාලය.

ඔබ ප‍්‍රශ්නය දෙස කුඩාවට බලමින්, දෙවියන්වහන්සේ දෙස විශාලව බැලිය යුතුය.

මන්ද දෙවියන්වහන්සේගෙන් වූ කිසිවක් බල රහිත නොවන්නේය.

දෙවියන්වහන්සේට අපහසුවූ කිසිවක් නොමැත. උන්වහන්සේට සියල්ල කල හැකිය. අවශ්‍ය වන්නේ අපගේ එකඟත්වයයි.
අප දේව වචනය යාච්ඤා කළ යුතුය.

අප දේව වචනය යාච්ඤා කරන කළ දෙවියන්වහන්සේ අපගේ ජීවිතය තුළ පුදුමාකාර දේ කරනු ඇත.

දෙවියන්වහන්සේ ස්ථීර කරනුයේ තමන්වහන්සේගේම වචනයයි.

යෙරෙමියා 1:12
එවිට ස්වාමීන්වහන්සේ: නුඹට පෙනුණා හරිය. මක්නිසාද මාගේ වචනය ඉෂ්ටකරන පිණිස මම ඒ ගැන පිබිඳ සිටිමියි මට කීසේක.

දෙවියන්වහන්සේ සනාථ කරන්නේ උන්වහන්සේගේම වචනයයි.

යෙසායා 5:11
මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.

දෙවියන්වහන්සේගේ වචනය අපගේ මුඛයට දමා "ඔබවහන්සේගේ වචනයේ මෙලෙස ලියා ඇත" කියමින්, එය කථා කළ යුතුයි.

දේව වචනය සමඟ ඔබ එකඟ වෙමින් ඔබ එය විශ්වාස කරන බව පවසන්න.

මරියාට කතාකළ දේවදූතයාම සෙකරියාට කතා කළ අවස්ථාවේදී ඔහුට එය විශ්වාස කළ නොහැකිවූ හෙයින් දරුවා ලැබෙන තුරු ඔහුට ගොළුව සිටීමට සිදුවුණි. (ලූක් 1:19-23)
දෙවියන්වහන්සේට යමක් ඉෂ්ට කිරීමට අවශ්‍යය නම් උන්වහන්සේ බලන්නේ අපගේ එකඟත්වයයි.

මරියාට දේවදූතයා පණිවිඩය දුන් විට ඇය ඇසුවේ මෙය සිදුවන්නේ කෙසේද කියා පමණි.

ලූක් 1:34-35
34 එවිට මරියා දේවදූතයාට කථාකොට: මා පුරුෂයෙකු නෑඳින සිටින බැවින්, මේක වෙන්නේ කෙසේදැයි කීවාය. 35 දේවදූතයා ඈට උත්තරදෙමින්: ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක, මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක.

දේවදූතයා ඇයට පැවසුවේ එය ශුද්ධාත්මයාණන් කරණකොටගෙන සිදුවන බවයි.

අපගේ ජීවිතයේද ශුද්ධාත්මයාණන්වහන්සේට ක‍්‍රියා කිරීමට අප ඉඩ දිය යුතුය.

ඔබ කථා කරන ජීවන වචන තුළින් දෙවියන්වහන්සේට ඕනෑම දෙයක් සනාථ කළ හැකිය.

ලූක් 1:37
මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය.

මරියා සමාජය තුළ ඇයට මුහුණ දීමට සිදුවන අවමානය ගැන නොසිතා දේව කැමැත්තට අවනත වූවාය.

ලූක් 1:38
මරියාද: බැලුව මැනව, ස්වාමීන්වහන්සේගේ දාසීය; ඔබගේ වචනය ලෙස මට වේවයි කීවාය. එවිට දේවදූතයා ඈ කෙරෙන් ගියේය.

දෙවියන්වහන්සේ සිහිනයන් තුළින් යෝසෙප්ට කථාකරමින් ඔහුට භයනොවී මරියාව පාවාගන්නයැයි පවසමින් උන්වහන්සේගේ ක‍්‍රියාව පොළොව තුළ ඉටු කරන ලදි. (මතෙව් 1:18-21)

අප ඇදහිල්ලේ සෙනඟක් ලෙස දෙවියන්වහන්සේව විශ්වාස කරමින් උන්වහන්සේට එකඟ වුවහොත් ඔබ තුළ දෙවියන්වහන්සේට කළ නොහැකි දෙයක් නැත.


Watch the Sermon Video

Read 356 times