+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පරීක්ෂා ජයගන්නේ ඇදහිල්ලෙනි - මනූ මැතානි
April 23, 2023 Sunday Sermon Notes

යේසුස්වහන්සේ ඊයෙත් අදත් සදාකාලයටත් එකාකාරය. උන්වහන්සේ අප සමඟය, උන්වහන්සේ දාලා යන්නේවත් අත්හරින්නේවත් නැත.

ඔබගේ ජීවිතයේ උන්වහන්සේ පොරොන්දු වූ දේ ඉෂ්ටකරන බව විශ්වාස කරන්න.

පීඩා වලට භිය නොවන්න. එවා පවතින්නේ ස්වල්ප කාලයකට පමණි. (2කොරින්ති 4:16-18)

පීඩා පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන් නොවේය. දෙවියන්වහන්සේ පරික්ෂා ගෙන එන්නේ නැත.

මාර්ක් 4:16-17
එසේම ගල්බිම්වල වපුරනලද්දෝ නම්, වචනය ඇසූ කෙණෙහිම ප්‍රීතියෙන් පිළිගන්න නුමුත්, තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝවෙත්.

දෙවියන්වහන්සේගේ වචනයේ එළිදරව්ව ඔබ වෙත පැමිණීමෙන් සත්‍යය දැනගෙන ශුද්ධ ලියවිල්ලෙන් ඔබගේ ඇදහිල්ල වර්ධනය කරගන්න.

ඔබ සත්‍යය දැනගත් විගසම, ඔබ තුළ ඇති දේව වචනයේ ඇදහිල්ලත් නිසාම ඔබගේ ආත්මිකභාවය නැති කරන පිණිස, යක්ෂයා එම සත්‍යය උදුරා ගැනීමට ඔබට පීඩා පරික්ෂා ගෙන එයි.

ඔබගේ ආත්මිකභාවය නැති වෙන තරමට ඔබව භය කරන්නටත් යක්ෂයා මනුෂ්‍යයන් හරහා පීඩා පරික්ෂා ගෙන එනු ලබයි. ඔබගේ නෑදෑ මිත‍්‍රයන් තුළින් හෝ සමහරවිට ඔබ නාඳුනන පුද්ගලයින්ගෙන් වුවද පීඩා ඔබට පැමිණිය හැක.

මේවා පැමිණෙන්නේ ඔබ තුළ තිබෙන වචනය සොරකම් කරන පිණිසයි. නමුත් ඔබ පැවසිය යුතුයි, “මම වචනය අසමින් වචනය තුළ වර්ධනයවෙමින් එය මාගේ ජීවිතයට අදාල කරගනිමින් වචනය තුළ ඉදිරියට යන්නෙමි, මා කොහෙත්ම නොසැලී සිටින්නෙමි."

වචනය නිසා පීඩා පරික්ෂා පැමිණෙන කළ ඔබ ශක්තිමත්ව නොසිටියහොත් ඔබ පැ
ඔබ අනිවාර්යයෙන්ම ශක්තිමත්ව සිටිය යුතුයි.

යෝෂුවා 23:6‭-‬7
එබැවින් නුඹලා අතරේ ඉතිරිව සිටින මේ ජාතීන් අතරෙහි නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නාම සඳහන් නොකොට, ඔවුන් ගැන නොදිවුරවා, ඔවුන්ට සේවය නොකර නමස්කාර නොකර සිටින පිණිස, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලෙන් දකුණටවත් වමටවත් නොහැරී ඒවා පවත්වන්ටත් රක්ෂාකරන්ටත් ඉතා ධෛර්යවත්වන්න.

දෙවියන්වහන්සේගේ වචනය රක්ෂා කිරීමට වචනය කියවන්න, එය මෙනෙහිකරන්න, වචනයට කීකරුව ශක්තිමත්ව ගමන් කරන්න, ආත්මික මනුෂ්‍යයෙකු ලෙස දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව තුළ ජීවත්වීමට කැමතිනම් ඔබ ඉතා ධෛර්යවත්ව සිටිය යුතුයි.

ඔබ බයිබලය කියවන නිසා, ඔබ දුර්වල කෙනෙක් ලෙස
මනුෂ්‍යයන් සිතුවත් ඔබ ඒ ගැන පැකිලීමට ලක් නොවන්න.
සොරා පැමිණෙන්නේ ඔබගෙන් වචනය සොරා ගන්නට බව මතක තබා ගන්න.

ශක්තිමත් අය දෙවියන්වහන්සේව නමස්කාර කරන සෙනඟක්ය.

අපගේ ආත්මික වර්ධනය සඳහා, ලෝකයේ අදහස්වත් ආගමික මනුෂ්‍යයන්ගේ අදහස්වත් වැදගත් නොවේ. නමුත් ප‍්‍රශ්න තුළින් ගමන් කරමින් ජයගත් ආත්මික මනුෂ්‍යයන් සමඟ අප ළංව සිටීමෙන් අපට යහපත් උපදෙස් ලබා ගත හැකි වන්නේය.

යෙසායා 25:3
එබැවින් බලවත් සෙනඟ ඔබට ගෞරවකරන්නෝය, භයානක ජාතීන්ගේ නගරයද ඔබට භයවන්නේය.

ශක්තිමත් මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ නාමය නිතරම වර්ණනා කරන සෙනඟක්ය.

දුර්වල පුද්ගලයන් බොරු වර්ණනාවන් ලබන පිණිස යම් දේවල් කරති. ඔබ ඒ අයගෙන් වෙන්ව සිටින්න.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අප තුළින් මනුෂ්‍යයන් ගළවන පිණිසය.

අප තුළින් ගැළවීම ලබන සියළුම ආත්මවලට අප විපාක ලබාගන්නෙමු.

ශක්තිමත් පුද්ගලයින් දේව වචනය කියවයි. ඔවුන් දෙවියන්වහන්සේගේ නාමය තමුන්ගේ තොල්වල තබාගෙන නොකඩවා ප‍්‍රශංසා කරයි.

සමහර මනුෂ්‍යයන් කිසිදු ලැජ්ජාවකින් තොරව හොර බොරු වංචා කරයි.

අපි දෙවියන්වහන්සේ මහිමයට පත් කිරීමට ලැජ්ජා නොවෙමු.

ඔබගේ ඇදහිල්ල බලවන්තයි. මුල් ඇද තිබෙන ප්‍රශ්න වලට කතා කරන්නට ඔබට ඇදහිල්ල තිබෙනවා.

ලූක් 17:6
ඔබගේ ඇදහිල්ල පාවිච්චි කළ යුතුයි. මුල් ඇද තිබෙන ප්‍රශ්න වලට කතා කරන්නට ඔබට පුලුවන්.

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනයෙනි. අපගේ ඇදහිල්ල අප පාවිච්චි කළ යුතුයි.

දෙවියන්වහන්සේ තරාතිරම් නොබලන දෙවි කෙනෙක්ය.

ක්‍රියා 10:34-35
එවිට පේතෘස් තමාගේ මුඛය හැර කථාකොට: සැබවින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.

අපි හැමෝටම ඇදහිල්ල බෙදා දී තිබෙන්නේ එක හා සමානවයි. දෙවියන්වහන්සේ ඇදහිල්ල දී තිබෙන්නේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් අනුව නොවෙයි.

අපි අලුතින් ඉපදුනේ ඇදහිල්ල ඇසීමෙන්ය. දේව වචනය විශ්වාස කළ නිසා අනුග්‍රහයෙන් ගැළවීම ලබා ගත්තෙමු.

එපීස 2:8
මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.

ගැළවීම ලබා ගැනීම යනු දෙවියන්වහන්සේ අපගේ පව්කාර ස්වභාවය වෙනස් කරමින්, අප තුළ තිබෙන ගල් සිත ඉවත් කර මාංසමයවූ සිතක් ලබාදීමයි. ඉන්පසු අපව දරුවෙක් ලෙස පිළිගෙන, උන්වහන්සේගේ පුත‍්‍රකමේ ආත්මයද අප තුළට වගුරුවා, ශුද්ධ වචනයට අනුව සදාකාල ජීවනයේ පොරොන්දුව ලබා ගැනීමයි.

සතුරා අපට විරුද්ධව එන විට යේසුස්වහන්සේගේ ලේවල බලයෙන් ගැළවෙන පිණිස
දෙවියන්වහන්සේ අප සමඟ ගිවිසුමක් සදා තිබෙනවා.

අප ගැළවීම ලබා ගත්තේ අපගේ සාමාන්‍ය දැනුමින් නොවේ, උන්වහන්සේගේ ශුභාරංචි පණිවිඩයෙන් ලැබුණු ඇදහිල්ලෙන් හා අනුග‍්‍රහයෙනි.

යේසුස්වහන්සේ මේ පොළොවේ යහපත් ලෙස ජීවත්වූ අසාධාරණයට ලක්වූ තවත් මනුෂ්‍යයෙකු නොවේ.

වරදක් නොකළ යේසුස්වහන්සේව වරදකරුවෙකු කිරීම අසාධාරණ වූවත් උන්වහන්සේ එම අසාධාරණයට මුහුණ දුන්නේ අපට ගැළවීම ලබා දෙන පිණිසයි.

ගැළවීම පුදුමාකාර දෙයකි.

අපගේ ගල් සිත ඉවත් කරන්නටත් අපට දිව්‍යමය ස්වභාවයක් ලබා දෙන්නටත් උන්වහන්සේ අප තුළ ආත්මික ශල්‍යකර්මයක් කළසේක.

අප ජීවිත තුළ මාංශිකව නොව අභ්‍යන්තරයේ විශාල වෙනසක් සිදුවී ඇත. දැන් අපගේ හෘදය සාක්ෂිය අවදිවී ඇත.

ලෝකයේ සිටින අය යහපත සහ අයහපත දෙකම කරති. ශුභාරංචි පණිවිඩය අසන සමහරු යේසුස්වහන්සේව පිළිනොගන්නට පුලුවන. එහෙත් අපි ඔවුන්ට ශුභාරංචිය කියමු.

යහපත කිරීමෙන් ගැළවීම ලබා ගත නොහැකියි.

යේසුස්වහන්සේව පිළිගැනීමෙන් පසු අපට ජිවන වෘක්ෂයෙන් අනුභව කිරීමට හැකිවේ.

ඔබට ඇදහිල්ල බෙදා දී තිබේ, එය පාවිච්චි නොකර හැමදේම නැහැ, බැහැ කියමින් සිටීමෙන් ඔබ දුර්වලවන්නේය.

ඔබව බලවත් කරන තැනැන්වන්සේ තුළින් ඔබට සියල්ල කළ හැකියි. [පිලිප්පි 4:13]

යම් දේවල් වෙන්නටත් පෙර බිය ඔබට කතා කරයි. එය ලෝකයේ තිබෙන සාමාන්‍ය ස්වභාවයයි.
නමුත් ඇදහිල්ල කතා කරන්නේ යම් දේවල් සිදු වෙන්නටත් පෙර, ඔබට යහපතක් වෙන පිණිසයි.

භිය ඔබව සම්පූර්ණයෙන්ම එක තැනකම රඳවා තබයි. භිය ආත්මය නිසා මිනිසුන්ගේ ජීවිත කොතරම් දුරට
විනාශයට හා මරණයට පත් වී තිබේද?

භිය ලෝකයේ ක්‍රියා කරන නපුරු ආත්මයකි. භිය ජයගත හැකි වන්නේ ඇදහිල්ලෙන් පමණි.

ඇදහිල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්, භිය පැමිණෙන්නේ යක්ෂයාගෙන් ගෙනි. භිය සහ ඇදහිල්ල එකට සංසන්දනය කළ නොහැකියි.

ලෝකයේ දෙවියා මනුෂ්‍යයන්ගේ මනස් අන්ධ කරන්නට නිතරම තැත් කරයි. නමුත් ඔබ යේසුස්වහන්සේව පිළිගැනීමෙන් උන්වහන්සේගේ ආලෝකයෙන් බැබළෙන කෙනෙකු ලෙසට පත් වී ඇත.

භිය රැවටිලි සහිතයි. නමුත් ඔබගේ ඇදහිල්ල බලවන්තයි.

නිරයට යන්ට නියමව සිටි මාව, දෙවියන්වහන්සේ ගළවා ස්වර්ගයේ පුරවැසියෙකු කළා නම්, උන්වහන්සේගේ දිව්‍යමය බලයෙන් නිසැකයෙන්ම මට ඇදහිල්ල පාවිච්චි කරන්නට පුළුවන්කම දී තිබේ. ඒ තුළින් මේ පොළවේ ඕනෑම දෙයකින් මට ජයගත හැකියි.

පාවිච්චි කරන ඇදහිල්ල නිතරම වර්ධනය වන්නේය. පාවිච්චි නොකරන ඇදහිල්ල මළානිකව පවතී.

අවංක හදවතකින් ඔබගේ ඇදහිල්ල දිනපතා පාවිච්චි කරන්න.

ඇදහිල්ලේ පලිහ ගෙන අපේ සිතට ඇතුළුවන සෑම සිතුවිල්ලක් ගැන ප‍්‍රවේසම් වෙමු, මන්ද සෑම සිතුවිල්ලක්ම දෙවියන්වහන්සේගෙන් නොවේ.

ඔබ යක්ෂයාගේ ක්‍රියා නවතා දමන්න.

අපි ජීවමාන දෙවියන්වහන්සේගේ පුත‍්‍රයන් වන්නෙමු.

බියෙන් සිටින්නන් ගත කරන්නේ ඉතාමත් පහත් ජීවිතයක්ය.

දාවිත් කුඩා දරුවෙකුව සිටියදීම, රජ වීමට ප‍්‍රථමයෙන් තමන්ගේ ඇදහිල්ල ඔහු ගොඩ නංවමින් ක‍්‍රියාවට නැංවූවේය.

ගොලියත් ඊශ්‍රායල් සෙනඟව දවස් හතලිහක කාලයක් භය කරමින් සිටියේය.

1 සාමුවෙල් 17:10‭-‬11
තවද ඒ පිලිස්තියයා: මම ඉශ්‍රායෙල් සේනාවන්ට අද දවසේ මිගකියමි; මා සමඟ සටන් කරන්ට මනුෂ්‍යයෙක් දෙන්නැයි කීවේය. සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝසෙයින් භයපත්වූහ.

ඔවුන් බොහෝසේ භයව සිටියේ පිලිස්තියාගේ වචන නිසායි.

රජතුමා ඇතුළුව ඔවුන් විශාල සේනාවක්ව සිටියත් කිසිවෙකුට ඉදිරියට හෝ පිටුපසට යාමට නොහැකිව එක තැනම රැඳී සිටියාහ.

ඊශ්‍රායල් සෙනඟ ඒ පිලිස්තියයා කතා කළ වචනවලට ඇහුම්කන්දීම නිසා අධෛර්යමත් වී, බොහෝ සෙයින් භය වුණා
ඔවුන්ගේ හදවත් කැඩී බිඳී ගියා.

යක්ෂයා අදත් වචන පාවිච්චි කරමින් ඔබව භය කරන්නට තැත් කරයි. නමුත් ඔබ ඇදහිල්ලේ වචන කතා කරමින් ජය ගන්න.

යක්ෂයාගේ වචන වලින් බියත් දේව වචනයෙන් ඇදහිල්ලත් ඇති වේ. ඇදහිල්ල බලවන්ත බැවින් ඒ තුළින් ජයගෙන ඉදිරියට ගමන් කරමු.

යක්ෂයාගේ බොරුව නොව, දේව වචනයේ සත්‍යයය පිළිගනිමු. මන්ද බොරුව පිළිගැනීමෙන් භිය ඇතිවේ, සත්‍යය පිළිගැනීමෙන් ඇදහිල්ල වර්ධනය වේ.

දේව වචනය ඇසීමෙන් ඇදහිල්ල වර්ධනය වේ.

ස්වාමීන්වහන්සේ පවසන දේවල් කිසිදින වෙනස් නොවේ.

උන්වහන්සේ ඊයෙත්, අදත්, හෙටත්, සැමදා එකාකාරමයි.

දෙවියන්වහන්සේගේ වචනය පිටුපස ක‍්‍රියා කරන්නේ උන්වහන්සේමයි.

ඔබ සතුරාගේ වචන විශ්වාස නොකරන්න. ස්වාමීන්වහන්සේ අපගේ ශක්තියයි, උපකාරයයි, බලයයි, ඒ වචන තුළින් ජයගනිමු.

යක්ෂයා අපව විනාශ කරන පිණිස ඔහුගේ වචන එවන්නේ මිසයිල මෙනි.

එපීස 6:16
ඒ සියල්ල ඇර, ඇදහිල්ල නැමති පලිහ අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට නුඹලාට පුළුවන්වන්නේය.

ඒ සියල්ලට වඩා ඇදහිල්ලේ පලිහ ගෙන ඒ ගිනිහෙලි නිවා දමමු.

ඔබටත් සහ මටත් ඒ ගිනිහෙලි සම්පූර්ණයෙන් නිවා දමන්නට බලය දී ඇත.

ගිනිහෙලි මිසයිල වැනිය, ඒවා යම් ස්ථානයකට, යම් කාරණාවක් ඉෂ්ට කර ගැනීම සඳහා සූදානම් කොට යවනු ලබන්නේය. ඒ ආකාරයටම යක්ෂයා අපට විරුද්ධව ක‍්‍රියා කරයි.

ඔබ ළඟින්ම ආශ්‍රය කරන්නෙකු තුළින් හෝ ඔබ විශ්වාස කරන පුද්ගලයෙකු තුළින් භයානක සිතුවිලි ඔබ වෙතට පැමිණෙන්නට පුලුවන.

යක්ෂයාගේ සිතුවිලි යේසුස්වහන්සේගේ නාමයෙන් අපි ප‍්‍රතික්ෂේප කරමු.

මට විරුද්ධව එන කිසි අවියක් සඵල වන්නේ නැත.

ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය, මට කිසි හිඟයක් ඇති නොවන්නේය. [ගීතාවලිය 23:1]

උන්වහන්සේ මාගේ සැපයුම්කරු හා මඟපෙන්වන්නාය.

ස්වාමීන්වහන්සේ මට වියවුල්කමේ නොව සමාදානයේ ආත්මයක් දී තිබේ.

එපීස 6:17
ගැළවීම නැමති ආරක්ෂාතොප්පියද දෙවියන්වහන්සේගේ වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ කඩුවද ගන්න.

ආත්මයාණන්වහන්සේගේ කඩුව නම් ස්වාමීන්වහන්සේගේ පොරොන්දුය.

යක්ෂයා කතා කරන දේට විරුද්ධ වෙන්න.

ඔබ බයිබලය පාවිච්චි කරන්න. ස්වාමීන්වහන්සේ පවසන දේවල් ලියාගන්න.

ශුද්ධාත්මයාණන්වහන්සේ කතා කරන දේවල් ඔබගේ මනසේ පමණක් නොවේ, නැවත එය කියවීමට හැකි වන සේ පොතක ලියා ගන්න.

ඔබගේ මනස ආරක්ෂා කර ගැනීමට ගැළවීම නැමති තොප්පිය ස්වාමීන්වහන්සේ ඔබට දී තිබේ.

ගැළවීම ගැන අවිශ්වාසවන්ත සිතුවිලි, භය, යක්ෂයා ඔබ තුළට ඇතුල් කරන්නට බලයි.

නමුත් ඔබ ගැළවීම ලබාගත් දේව දරුවෙක් බව විශ්වාස කරන්න.

දේව වචනයේ සත්‍යතාවයන් නොතේරෙන බව සිතා අත්හැර දැමීමෙන්, දිනක ඔබේ ජීවිතයද ඔබට අත්හරින්නට සිදුවේවි.

නමුත් අපි දන්නා සත්‍යය තුළ පවතිමු.

2 පේතෘස් 3:2
ශුද්ධවූ අනාගතවක්තෘවරුන් විසින් පළමුවෙන් කියනලද වචනද නුඹලාගේ ප්‍රේරිතයන් කරණකොටගෙන කියෙවු ස්වාමිවූ ගැළවුම්කාරයාණන්ගේ ආඥාවද නුඹලාට මතක්වෙන පිණිස, මතක්කරවීම කරණකොටගෙන නුඹලාගේ අවංකවූ සිත් මේ ලියුම් දෙකින්ම පුබුදුකරවමි.

ඔබ දන්නා සත්‍යය මත ජීවත් වෙන්න, එසේත් නොමැති නම්, බොරු දේවල් වලට ඇහුම්කන් දී ඔබගේ ඇදහිල්ල නැති කර දැමිය හැකියි.

දේව වචනය නැවත නැවත ඇසීමෙන් අපේ විශ්වාසය වැඩි වේ.

ඇදහිල්ලෙන් විශ්වාසවන්තයෙකු ලෙස ජීවත් වෙමු.

ඔබ ලෝකයා දෙස නොව, යේසුස්වහන්සේ දෙස බලන්න. ලෝකයෙහි ජීවත් වුණත් ලෝකයට භාර නොවී සිටින්න.

ගීතාවලිය 18:4
මරහුගේ ලනුවලින් වෙළනු ලැබීමි, අධර්මය නමැති ජල ප්‍රවාහයෝ මා භයගැන්වූය.

අභක්තිවන්ත, අධර්මිෂ්ඨ මනුෂ්‍යයෝ ජල ධාරාවක් මෙන් සිටියත් මම භය නොවෙමි, මන්ද මම මනුෂ්‍යයන් දෙස නොබලමි, මා වෙනුවෙන් කුරුසිපත් වූ තැනැන්වහන්සේ දෙස පමණක් බලමි.

ආදම්ගේ එක වැරැද්දෙන් මේ තරම් විනාශ වූ ලෝකය, යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට මේ ලෝකය වෙනස් කරන්නට උන්වහන්සේට පුළුවන් බව මම විශ්වාස කරමි.

දෙවියන්වහන්සේ බලහත්කාරයෙන් කිසි කෙනෙකුව වෙනස් නොකරයි.

අභක්තික මනුෂ්‍යයන් කෝටි ගණනක් අතරේ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් සිටින්නේ ඔබ පමණක් වූවත්, ප‍්‍රීතිවන්න.

ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන නිසා ධෛර්යමත් වෙන්න. ඔබගේ විශ්වාසය නිසා ඔබට බොහෝ දේවල් අත්දකින්නට හැකිවේවි.

ගීතාවලිය 18:5
ෂෙයෝලේ බැඳුම් මා වටින් විය. මරණයේ මලපත් මා පිටට ආයේය.

ලෝකයෙන් කුමන දෙයක් ආවත් යේසුස්වහන්සේ දෙස බලමින් මේ දිවීම දුවන්න. (හෙබ්‍රෙව් 12:1-2)

දෙවියන්වහන්සේගේ පිරිසිදු වචනය ඔබේ සිතේ රක්ෂා කරන්නේ නම් පමණක් ඔබ වර්ධනය වන්නේය.

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ වචනයයි.

ලෝකයේ අධර්මිෂ්ඨ මනුෂ්‍යයන්ගේ සඵලත්වය බලා අප කණගාටු විය යුතු නැත.

දාවිත්ට අධර්මිෂ්ඨ මනුෂ්‍යයන්ගේ සඵලත්වය ගැනත්, අවංකව නොසිට ප‍්‍රතිඵල ලබාගත් සෙනඟ දෙස බලමින් ඒ ගැන ඔහුට ප‍්‍රශ්නයක් පැන නැගුණු විට, දවසක් ඔහුට දෙවියන්වහන්සේගේ මාළිගාවේදී උන්වහන්සේගේ හඬ ඇසීමෙන් සියල්ල වැටහුණේය.
එනම්, ඔවුන් ජීවත් වන්නේ ලිස්සන පොළොවක බවත්, දාවිත්ව උන්වහන්සේ පර්වතය මත තබා ඇති බවත් ඔහුට අවබෝධ විය.

ගීතාවලිය 73:12‭-‬19
බලව, දුෂ්ටයෝ මොව්හුය; මොව්හු නිතර සැපසේ වෙසෙමින් වස්තුවෙන් වර්ධනයවෙති. සැබවින් මාගේ සිත පවිත්‍ර කරගැනීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵලවිය; මක්නිසාද දවස මුළුල්ලේම පීඩාකරනු ලැබීමි, උදයක් පාසා තරවටුද ලැබීමි.
මම මෙසේ කථාකරන්නෙමියි කීයෙම් නම්; බලව, ඔබගේ දරුවන්ගේ පරම්පරාවට ද්‍රෝහියෙක් වෙමි. මා විසින් දෙවියන්වහන්සේගේ ශුද්ධ ස්ථානයට ගොස් ඔවුන්ගේ අන්තිමය ගැන කල්පනා කරන තෙක්, එය මට අධික වේදනා සහිත විය; එය දැනගත හැකි කෙසේදැයි සිතමින් සිටියෙමි.

සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටුවනසේක.
ඔබ ඔවුන් විනාශයට හෙළනසේක. ඔවුන් ක්ෂණයකින් ශුන්‍යවූ හැටි! භීතිවලින් ඔව්හු සහමුලින්ම විනාශ වූවෝය.

දෙවියන්වහන්සේව නොඅදහන පුද්ගලයා ජීවත් වෙන්නේ ලිස්සන පොළොවකය, ඔවුන්ගේ අවසානය විනාශයයි.

දෙවියන්වහන්සේට සරදම් කරමින්, උන්වහන්සේව සුළුකරමින් ජීවත් වන්නා කිසිදින සඵල නොවේ. ඔවුන්ට ඉදිරියට යා නොහැකිය.

දේව දරුවෙකු ලෙස අවංකව සිටින්න. ඔබට තිබෙන්නේ ශුද්ධ ගමනක්. ශක්තිමත් කෙනෙකු ලෙස ජීවත් වෙන්න.

ශක්තිමත් කෙනෙකු ලෙස වචනය අධ්‍යයනය කරමින්, ගීතිකා වලින්ද, කවිවලින්ද, ශුද්ධාත්මයාණන් මෙහෙයවන ආකාරයට උන්වහන්සේට නමස්කාර කරන්න.

යේසුස්වහන්සේව පිළිගැනීමෙන් අපට සම්පූර්ණ නිදහස ඇත, නමුත් පිළිනොගන්නා අයගේ අවසානය භයානක විය හැකිය.

විනිශ්චය දවසක් ඇත.

හෙබ්‍රෙව් 9:27-28
තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම, බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත්, උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශවනසේක.

යේසුස්වහන්සේව ඔබ අදහාගත්ත නිසාත්, ඒ ගැළවීම නිසාත් පළමු විනිශ්චයෙන් ඔබ දැනටමත් නිදහස වී ඇත.

අපි උන්වහන්සේව අදහාගත් දවසේ උන්වහන්සේ සමඟ කුරුසපත් වී, වතුර බෞතීස්මයෙන් අපගේ පරන ජීවිතය වළලා දමා, නව මැවිල්ලක් වී සිටිමු.

අපි දැන් ක‍්‍රිස්තුස්වහන්සේගේ පරම්පරාවට අයිතිව සිටිමු.

දෙවියන්වහන්සේ උන්වහන්සේව මුළු මිනිස් සංහතිය වෙනුවෙන් විනිශ්චය කළහ.

උන්වහන්සේව අදහන අය ලෙස පළමු විනිශ්චයෙන් අපි නිදහස ලබා තිබෙනවා. එය ඉතා වැදගත් විනිශ්චයකි.

අපට තවත් විනිශ්චයක් ඇත.

ගැළවීම ලැබීමෙන් පසු අපේ ජීවිතයේ අපි උන්වහන්සේ වෙනුවෙන් කළ සේවයට විපාක දෙවන විනිශ්චයක් අපට ලැබෙන්නේය.

අපි ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය සිංහාසණය වෙතට විපාක ලබා ගන්නා පිණිස යන්නෙමු.

රෝම 8:1
එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.

අපගේ සෑම ක‍්‍රියාවකටම අපට විපාක ඇත. ඒ විපාක දෙස බලමින් අපේ ජීවිතය හදා ගනිමු.

යේසුස්වහන්සේගේ දෙපස සිටි සොරුන් දෙදෙනාගෙන් එක් අයෙක් යේසුස්වහන්සේට සරදම් කළ අතර, අනෙක් සොරා ස්වාමීනි ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහිකළ මැනවයි පැවසීය. ඔහු පළමු විනිශ්චයෙන් නිදහස් වුණේය. (ලූක් 23:42)

‘’ඔබ අදම මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය’’ යි කියමින් යේසුස්වහන්සේ උන්වහන්සේගේ විනිශ්චය සෘජුවම ප‍්‍රකාශ කළහ. (ලූක් 23:43)

එනම් ඔහු මරණයට පත් වුනත් සදහටම ඔහු උන්වහන්සේ සමඟ බවයි.

යේසුස්වහන්සේ ‘’අද’’ යැයි අදහස් කළේ එය ‘සදහටම’ බවයි.

ලූක් 17:6
ස්වාමීන්වහන්සේ කියනසේක්: අබ ඇටයක ප්‍රමාණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කථාකොට: ඉදිරී මුහුදේ සිටවෙවයි කියන්නහු නම් ඒක නුඹලාට කීකරුවෙනවා ඇත.

ඔබ කතා කරන වචන තුළින්, ඔබගේ ඇදහිල්ල ඔබට කීකරු වේ.

උගුල්ලා දමන්ටත්, පැළ කරන්ටත් බලය ඔබගේ ඇදහිල්ලට ඇත.

ඔබ තුළ මුල් ඇද ඇති රෝගයවලට ඔබගෙන් ඉවත්වන ලෙසට අණ කරන්න.

ඔබගේ ජීවිතය ගළවා ගැනීමට ඔබගේ ඇදහිල්ල පාවිච්චි කරන්න.


Watch the Sermon Video

Read 223 times