+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සාතන්ගේ විනාශය හා අපගේ නව උපත - මනූ මැතානි
April 30, 2023 Sunday Sermon Notes

 

අපට උතුම් ගැළවීම ගෙන දෙන පිණිස යේසුස්වහන්සේ අප වෙනුවෙන් දරාගත් ඒ විශාල දුක් පීඩා සිහිකර අපගේ දුක් ඉවසිලිවන්තව උසුලා ගනිමු.

ගීතාවලිය 49:6-8
ස්වකීය ධනය විශ්වාසකරන්නාවූ, තමුන්ගේ වස්තු වැඩිකමෙන් අහංකාර වෙන්නාවූ කිසිවෙක්, තමාගේ සහෝදරයා සදාකල් ජීවත්වන පිණිසද කුණුවීම නොදක්නා පිණිසද ඔහු නිදහස්කරන්ටවත් ඔහු උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් දෙන්ටවත් කිසිසේත් සමර්ථ නොවේ.

ඒ මිදීමේ මිලය නම් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ ලේ අප වෙනුවෙන් වැගිරීමය.

ගීතාවලිය 49:9
ඔවුන්ගේ ආත්ම මිදීම අගනා දෙයක් බැවින්, ඒක කරන්ට කිසිකලක උත්සාහ නොකළ යුතුය.

යේසුස්වහන්සේ අපව ගළවා, අප පාපයට කමාව දී, උන්වහන්සේව පිළිගැනීමෙන් අපගේ ගල් සිත ඉවත් කරමින් අපට ජීවනයද අලුත් හදවතක්ද දී ඇත.

අපි කිතුනුවන් බව පෙන්විය යුත්තේ වචන වලින් වත් බාහිර වත්පිළිවෙත් මඟින් වත් නොව, අභ්‍යන්තරයේ වෙනස තුළිනි.

අපි අපගේ මිදුම්කර හා මැවුම්කරු විශ්වාස කරමු.

යේසුස්වහන්සේ පිළිගැනීම නිසා අප තුළ සාක්ෂියක් තිබිය යුතුයි.

ස්වාමීන්වහන්සේගේ කැඳවීම තුළින් ඔබගේ සිතේ ආශාවන් වෙනස් වෙන්නට පටන් ගනියි.

දෙවියන්වහන්සේගේ කැඳවීමට කීකරු වන විට උන්වහන්සේ ඔබේ සිතේ ආශාවන් ඉෂ්ට කරනසේක.

මුදල් වලින් මනුෂ්‍යයන්ගේ අසරණභාවය නැති නොවේ.

ලෝකයේ කිසිම දෙයක් ගැන අපට බලාපොරොත්තුවක් තැබිය නොහැක, සියල්ලම සෙලවෙන සුළුය.

එබැවින් ඔබේ කැඳවීමට අනුව මේ ජීවනය පොළොවේ ජිවත් වන පිණිස ස්වාමීන්වහන්සේ ඔබට දී ඇති විශේෂ ආලේපය තුළින්, කීකරුව ගමන් කිරීමෙන් ඔබට විපාකද ලබාගත හැකිය.

යේසුස්වහන්සේ මනුෂ්‍යයෙකු ආකාරයෙන් මේ පොළවට පැමිණියේ අපට ගැළවීම ලබා දී අපේ ජීවිතයේ විශාල හැරීමක් ඇති කරන පිණිසයි.

ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් අපට සියල්ල කළ හැකි ස්වභාවයක් අපට ලැබී ඇත.

වාතාවරණය කුමක් වූවත් භයාදුකමේ ආත්මයක් අපට නැත.

ඔබ ඇදහිල්ලෙන් ජීවත් වන්න.

ධර්මිෂ්ඨයා ජීවත් වෙන්නේ තමාගේ ඇදහිල්ලෙන්ය.

හෙබ්‍රෙව් 10:38
ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.

ඇදහිල්ල යනු නොපෙනෙන දෙයක් වූවත් අපි නොපෙනෙන දෙවියන්වහන්සේට නමස්කාර කරමු.

අපි දෙවියන්වහන්සේව නමස්කාර කරන්නේ භියෙන් නොව ආත්මයෙන් හා සැබෑකමෙන්ය.

යොහන් 4:24
දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.

අපි දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරගෙන ජීවත්විය යුතුයි, මන්ද සියල්ල අපට ප‍්‍රකාශ නොවේ.

තෝමස් යේසුස්වහන්සේ දකින තුරු උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටි බව විශ්වාස කළේ නැත. (යොහන් 20:24-25)

යේසුස්වහන්සේ ඔහුට පැවසුවේ නුඹ මා දුටු බැවින් විශ්වාස කෙළෙහිය. නුදුටු නුමුත් විශ්වාසකළාවූ අය ආශීර්වාදලද්දෝයයි කියායි. (යොහන් 20:27-29)

අපි යේසුස්වහන්සේ නොදැක උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන බැවින් අපි තෝමස්ට වඩා ආශීර්වාදලද්දෝ වෙමු.

ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කිරීමට නුපුළුවන.
(හෙබ්‍රෙව් 11:6)

අපි උන්වහන්සේව විශ්වාස කරන විට අපේ ගල් සිත වෙනස් කිරීමට උන්වහන්සේට පුළුවන.

ශුද්ධවු බයිබලයේ අලුත් ගිවිසුමෙන් තුනෙන් දෙකකටත් වඩා ලියූ සාවුල් නොහොත් පාවුල්තුමාට තිබුණේ තද ගල් සිතක්ය, නමුත් දෙවියන්වහන්සේ
ඔහුව වෙනස් කරමින් ඔහු තුළින් නව ගිවිසුමේ එළිදරව් වචනය අපට ලබා දෙන පිණිස ඔහුව පාවිච්චි කරනලදි.

සාවුල්, දාවිත් හා මෝසෙස් යන ශුද්ධවන්තයන් මිනීමරුවන් ලෙස සිටියේය. ආබ‍්‍රහම් කාමමිත්‍යාචාරය කළේය. තද සිත් ඇති මෙවැනි පුද්ගලයන් දෙවියන්වහන්සේ වෙනස් කළසේක.

ඔබව වෙනස් කිරීම කිසිම මනුෂ්‍යයෙකුට කල නෙැහැකිය. නමුත් දෙවියන්වහන්සේගේ වචන වලින්, ශුද්ධාත්මයාණන්වහන්සේගේ පවිත‍්‍ර කිරීමෙන් ඔබ වෙනස් කෙනෙකු බවට පත් වුණා.

දෙවියන්වහන්සේ අප සමඟ ගිවිසුමක් ඇති කර තිබෙනවා.

දෙවියන්වහන්සේ ජීවමානයි.

දෙවියන්වහන්සේ ගිවිසුම් රකින දෙවියන්වහන්සේය, මන්ද මනුෂ්‍යයන්ගේ ජීවිත විනාශ කිරීමට බලා සිටින සතුරෙක් සිටින නිසා උන්වහන්සේ මනුෂ්‍යයන් සමඟ ගිවිසුමකට ඇතුල් වුහ.

පළමුකොට දෙවියන්වහන්සේ මනුෂ්‍යාකාරයෙන් සිටි යේසුස්වහන්සේ සමඟ ගිවිසුමකට බැඳී සිටියේය .

උන්වහන්සේ ශුද්ධවන්තයෙකු සේ මේ පොළවට පැමිණ, කන්‍යාවක් තුළින් උපත ලබා, අවුරුදු තිස්තුනක් පමණ මේ පොළවේ ගතකර, මනුෂ්‍යයන්ගේ ගැළවීම පිණිස වූ ඒ ගිවිසුම සම්පූර්ණ කළේය .

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ගිවිසුම තුළට ඇතුල් වෙන්නට අපටත් අවස්ථාවක් දී තිබෙනවා.

අපි යේසුස්වහන්සේ සමඟ ගිවිසුමකට ඇතුල්වීම යන්නෙන් අදහස් වන්නේ අපි දෙවියන්වහන්සේ සමඟද ගිවිසුමට ඇතුල් වී ඇති බවය.

ගිවිසුමක් කවදාවත්, කොහෙත්ම, කිසිසේත්ම වෙනස් කළ නොහැකිය.

මේ ගිවිසුම තුළින් ඔබේ අයිතිවාසිකම හරි ලෙස පාවිච්චි කිරීමට ඔබට හැකි වේ, නමුත් එමඟින් තව කෙනෙකුගේ ජීවිතයක් පාලනය කිරීමට ඔබට අයිතියක් නැත.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ ජීවිත පාලනය කරන පාලකයෙකු නොවූ නිසා ආරමිභයේදී ඒ පළමු පාපය සිදු විය

දෙවියන්වහන්සේ සෑම මනුෂ්‍යයෙකුටම තමාට තීරණ ගැනීමට නිදහස් කැමැත්තක් දී තිබෙනවා.

දෙවියන්වහන්සේ ආදම් හා ඒවට පැහැදිලි ලෙස කියා දුන්, ඔවුන් හොඳාකාරව දැන සිටි ඒ ආඥාව, සර්පයා සමඟ සාකච්ඡා කිරීමේදී වෙනස් විය.

සර්පයා ඒවව එදා රැවටිලිකාරකමෙන් මුළා කළ ආකාරයටම අපවත් මුළා කරන්නට තැත් කරමින් සිටියි.

2 කොරින්ති 11:3
නුමුත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විධියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි.

අපගේ ගැළවීම සදාකාල ජීවනය අහිමි කිරීම පිණිසත්, අපව මුළා කරන පිණිසත් යක්ෂයා අදටත් උපායන් යොදමින් සිටියි.

එබැවින් අප ප‍්‍රවේසම් විය යුතුය.

යක්ෂයාගේ උපායවල් ජය ගැනීමට අප කළ යුතු එකම දෙය නම්, යේසුස්වහන්සේ පාවිච්චි කළ දේව වචනය කතා කිරීමයි.

අප වැරදි පුද්ගලයන් සමඟ සාකච්ඡාවට යන විට අප විශ්වාස කරන ද්වල් වෙනස් නොකළ යුතුය. ඒ අය අණ කරන දේවල් කිරීමටත්, හෘදය සාක්ෂියට විරුද්ධව ක‍්‍රියා කිරීමටත් අපව පොළඹවනු ඇත.
නමුත් අපි ස්ථීරව සිටිමු.

ස්වාමීන්වහන්සේ අපට පවසන්නේ අවදි වන්න.

එපීස 5:14
එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.

මාංශයට බර වී ජීවත් නොවෙමු.

සත්‍යය කිසිදා වෙනස් කළ නොහැකියි.

දෙවියන්වහන්සේ ආලෝකයයි.

1 යොහන් 1:5
අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන්නාවූ, නුඹලාට දන්වන්නාවූ පණිවිඩය නම්, දෙවියන්වහන්සේ ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නැති බවත්ය.

දෙවියන්වහන්සේ තමා කී දේ ඉෂ්ට කිරීමට බැඳී සිටිනසේක.

උන්වහන්සේගේ මුඛයෙන් පිටවෙන්නේ ජීවන වචන පමණයි.

ඒ වචන උන්වහන්සේ නියම කළ කාරණාව සඵල කරනවා මිස හිස්ව හැරී නොඑයි.

ආලෝකය අන්ධකාරය සමඟ මිශ්‍ර කළ නොහැකියි. වෙනස් කළ නොහැකියි.

ඔබ ලෝකයේ ආලෝකයයි, ඔබේ ජීවිතයේ ආලෝකය දකින මනුෂ්‍යයන් දෙවියන්වහන්සේට නමස්කාර කරනු ඇත.

හෙබ්‍රෙව් 13:20
ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහත් එඬේරා වන අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේව මළවුන් කෙරෙන් නැවත ගෙනාවාවූ සමාදානයේ දෙවියන්වහන්සේ,

මේ අලුත් ගිවිසුම තුළ නීති රීති තිබෙනවා.

පරණ ගිවිසුම ඡායාවක් මෙනි. නමුත් අලුත් ගිවිසුම සැබෑවයි.

ක්‍රිස්තුස්වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම තුළින් උන්වහන්සේ නව ගිවිසුම ආරම්භ කළසේක.

අපගේ මහත් එඩේරා යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය.

අපගේ ස්වාමීන් සමාදානයේ දෙවියන්වහන්සේය.

වියවුල් ඇතිකරන්නේ දෙවියන්වහන්සේ නොවේ.

අප සමඟ උන්වහන්සේ මිත්‍රකම් ඇති කරමින් ගිවිසුමක් සෑදූහ.

දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට උන්වහන්සේගේ මිත‍්‍රයා යයි ප‍්‍රකාශ කළේය.

ආබ්‍රහම්ට දේව හඬ ඇසුණා. ඔහුට බයිබලයක් තිබුණේ නෑ. දෙවියන්වහන්සේ ඔහුට කතා කළේය.

සමාදානයේ දෙවියන්වහන්සේ ඔබ තුළ වාසය කරනසේක.

1 කොරින්ති 14:33
මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.

සියලු සභාවන් තුළ තිබිය යුත්තේ සමාදානයයි.

උන්වහන්සේ තුළ කිසි වියවුලක් නැත.

මේ ලෝකයේ තිබෙන්නේ වියවුල්භාවයයි. ලෝකයේ මනුෂ්‍යයන් තුළ තිබෙන්නේ වියවුල පමණි.

දෙවියන්වහන්සේගේ සමාදානය සුළු කිරීම ඔබේ විශ්වාසයන් කැඩී යාමට හේතු වේ.

රෝම 16:20
සමාදානයේ දෙවියන්වහන්සේද නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා පොඩිකරනසේක. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය නුඹලා සමඟ වේවා.

යක්ෂයාගේ නියම ස්ථානය අපගේ පාද යටයි.

යක්ෂයාට බිය වීමට හෝ ගරු කිරීමට අවශ්‍ය නොවේ.

යක්ෂයාගේ බලය යේසුස්වහන්සේ බිංදුවට හරවා නැති කළහ.

හෙබ්‍රෙව් 2:14-15
එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට, ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.

යේසුස්වහන්සේ මරණය තුළින් සතුරාව විනාශ කළා, මරණය ජයග්‍රාහී ලෙස ජයගත්සේක.

යේසුස්වහන්සේ සියලු ශාපයෙන් අපව මුදවාගත්සේක.

ව්‍යවස්ථාවට අනුව ශාපය තුළ පාපය, මරණය, රෝගය, දිළිදුකම ආදී සියල්ල තිබුණද උන්වහන්සේ ඒ සියල්ලෙන් මුළු මිනිස් සංහතිය නිදහස් කර ගත්සේක.

මේ ශුභාරංචිය අපි ප්‍රකාශ කරමු.

අපි ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමු.

විශ්වාස කිරීමෙන් දෙවියන්වහන්සේගේ මහිමය දැකිය හැකිය.

අප දෙවියන්වහන්සේව විශ්වාස කර සුවය හා ආශීර්වාද ලබා ගත් පසුවද අපගේ පරණ ස්වභාවය වෙනස් නොවන්නේ නම් යක්ෂයා නැවත අප වෙත පැමිණ පැරණි දේවල් ගෙනෙන්නට උත්සාහ දරයි.

සුවය හා ආශීර්වාද දෙස පමණක් නොබලන්න. මනුෂ්‍යයා යේසුස්වහන්සේව තමාගේ ගැළවුම්කරු ලෙස පිළිගත යුතුයි.

උන්වහන්සේ අපව මරණ භයින් නිදහස් කර සදාකාල ජීවනය ලබා දී ඇත.

ලෝකයේ සිටින මිනිසුන් මරණයට භයව අවසාන කාලයේ යහපත් දේවල් කිරීමට උත්සාහ කරයි, නමුත් අපගේ යහපත්කම් කිලිටි වැරහැළි හා සමානයි.

යෙසායා 64:6
අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.

යේසුස්වහන්සේ නොමැතිව අපගේ යහපත් ක‍්‍රියා වලින් ගැළවීම ලබා ගත නොහැක.

මා විසින්ම මා ගළවා ගත නොහැක.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් පෙනී සිටියේය. මනුෂ්‍යයන්ගේ පාපය උදෙසා කුරුසපත් වූයේය.

කුරුසියේදී පවා උන්වහන්සේ මනුෂ්‍යයාට, ඔවුන් නොදැන කළ වරදට සමාව දුන්සේක. (ලූක් 23:34)

යක්ෂයා සිතුවේ යේසුස්වහන්සේ කුරුසපත් කිරීමෙන් තමාට ස්වර්ගයත්, පොළොවත් උරුමකර ගන්නට පුලුවන කියාය.

1 කොරින්ති 2:8
ඒ ප්‍රඥාව මේ ලෝකයේ මුලාදෑනීන්ගෙන් කිසිවෙක් නොදනියි. දැනගන සිටියා නම් ඔවුන් මහන්තත්ත්වයේ ස්වාමීන්වහන්සේව කුරුසියෙහි ඇණගසන්නේ නැත.

යක්ෂ ආත්ම යේසුස්වහන්සේගේ කුරුස පූජාව ගැනත් එමඟින් ලැබෙන ගැළවීම ගැනත් දැන සිටියේ නැත.

ඒ කුරුස පූජාව තුළින් උන්වහන්සේ යක්ෂයාගේ හිස පොඩි කළේය.

උත්පත්ති 3:15
මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක.

ඔබ දේව දරුවෙක්. උන්වහන්සේ ඔබට බලය දී තිබෙනවා.

ඒ බලය යක්ෂයාගේ බලය සමඟ සංසන්දනය කළ නොහැකියි.

සෑම ඇදහිලිවන්තයෙකුටම යක්ෂයන් දුරු කිරීමේ හැකියාව ඇත.

මාර්ක් 16:17
අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;

මනුෂ්‍යයන් යක්ෂයන් මෙන් ක්‍රියා කරන්නේ ඔවුන් තුළ යක්ෂයෙකු සිටින නිසයි.

ඔබ මාංශයට ඉඩ දුන්විට යක්ෂයා ඔබේ ජීවිතය පාලනය කරනු ඇත.

එපීස 4:27
යක්ෂයාට ඉඩ නොදෙන්න.

දෙවියන්වහන්සේ ඔබව කැඳවා ඇත්තේ සමාදානයෙන් ජීවත් වන පිණිසය.

යේසුස්වහන්සේගේ බව්තීස්මයේදී උන්වහන්සේ ගත් තීරණය නිසා උන්වහන්සේගේ ජීවිතය ගැන දෙවියන්වහන්සේ ස්ථීරකළසේක. (ලූක් 3:22)

එබැවින් යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමු.

සුභාරංචිය පළමුව පැමිණියේ යුදෙව්වරුන්ට වූවත් ඔවුන්ගේ අවිශ්වාසය නිසා එය නොනැවතී මුළු ලෝකයාටම එය පතළකරවීම පිණිස උන්වහන්සේ යුදෙව්වරුන්වම පාවිච්චි කළේය.
යේසුස්වහන්සේගේ ගෝලයන් සියළු දෙනාම යුදෙව්වරුන්ය.

පළමු ගෝලයා වූ පේත්‍රැස් පටන් සියළු ගෝලයන් සුභාරංචිය මුළු ලෝකයාටම ප‍්‍රකාශ කළේය.

යොහන් 5:24
සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.

සදාකාල ජීවනය යනු ගැළවීමය.

අපි මේ පොළොවට ඉපදුනේ සදාකාල මරණය ඇතුවයි.

යේසුස්වහන්සේගේ හඬට ඇහුම්කන් දී විශ්වාස කර යේසුස්වහන්සේ පිළිගැනීමෙන් අපි සදාකාල ජීවනය ලබා ගන්නෙමු.

ඔබත් මාත් වෙනුවෙන් දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව විනිශ්චය කළේය, එබැවින් විනිශ්චය දිනය ගැන අප බිය විය යුතු නොවේ.

යේසුස්වහන්සේව ප‍්‍රතික්ෂේප කිරීම ඔබව සැබවින්ම විනිශ්චයට ලක්වන පාපයයි.

මේ ලෝකයේ පවුකාර මනුෂ්‍යයන් තමන්ගේ පාපයේ දරුණුකම නිසා අපායට පැමිණේ යයි සිතා සිටියද ඔවුන් එක මොහොතකින් යේසුස්වහන්සේව පිළිගෙන ගැළවීමේ මාවතට පිවිසීම අසාධාරණ නොවේ.

එක් මනුෂ්‍යයෙකු (ආදම්) තුළින් මරණය පැමිණියේය. එක් මනුෂ්‍යයෙකු වන යේසුස්වහන්සේ තුළින් අපට ජීවනය ලබා ගත හැකියි.

මළාවූ ස්වභාවයෙන් අප ජීවනයේ ස්වභාවයට ඇතුල් වූවා, අන්ධකාරයෙන් ආලෝකයට පැමිණියා.

කොලොස්සි 1:13
පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

රෝම 5:17
මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.

මනුෂ්‍යයන් මරණයට භයවී ජීවත් වන්නෝය.

කොතරම් වස්තු සම්පත් තිබුනද මරණය හා සදාකාල නිරය වැලැක්විය නොහැකිය.

ධනවතා සහ ලාසරුස්ගේ කථාවේ ධනවතා මැරී අපායටද ලාසරුස් නැසී, දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ළපැත්තටද ගෙනයනලද්දේය.

ධනවතා ලාසරුස්ද දුර සිට දැක, මොරගසා: පියවූ ආබ්‍රහම්. මට කරුණාකොට, තමාගේ ඇඟිල්ලේ අග දියේ ගලා, මාගේ දිව සිසිල්කරන්ට ලාසරුස් එවුව මැනව; මක්නිසාද මම මේ ගිනිදැලෙහි වේදනා විඳිමියි කීවේය. ආබ්‍රහම් පැවසුවේ මෙහෙන් නුඹලා ළඟට යන්ටත් ඔහෙන් අප ළඟට එන්ටත් නොහැකිය කියායි.
(ලූක් 16:19-30)

මුදල් වලින් අපගේ ධර්මිෂ්ඨකම මැනිය නොහැකිය.

පළමු මනුෂ්‍යයා කළ වැරැද්ද නිසා මරණය අපේ පීවිතයේ රජකම් කළ නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කීකරුකම නිසා අපට ජීවනය හිමි විය.

අප තුළ ජීවනය රජකම් කළ යුතුයි.

අපි කුරුසිය පැළඳගන්නට අවශ්‍ය නැත. නමුත් අපි කුරුසිය උසුලාගෙන යන්නෙමු.


Watch the Sermon Video

Read 219 times