+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේ තුළින් මුළු ලෝකයාට දෙන ශුභාරංචිය මෙයයි - මනූ මැතානි
May 21, 2023 Sunday Sermon Notes


පොරොන්දු දුන්න දෙවියන්වහන්සේට ඒවා ඉෂ්ට කිරීමට හැකියාව තිබෙන බව විශ්වාස කරමු.

ඔබ කුඩා ආරම්භයන් කවදාවත් සුළු නොකරන්න, මන්ද අපට සිටින්නේ සුළු දේ විශාල කළ හැකි දෙවි කෙනෙකුය.

සෙකරියා 4:10
මක්නිසාද කුඩා දේවල දවස හෙළාදැක්කේ කවුද? මේ සත වන ස්වාමීන්වහන්සේගේ ඇස් තුමූ සෙරුබ්බාබෙල්ගේ අතේ ලඹකැටය තිබෙනවා දැක ප්‍රීතිවන්නෝය; ඒවා පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවතියි කීය.

කුඩා බීජයක් සුළු කිරීමෙන් ඔබ විශාල අස්වැන්නක් අහිමි කර ගන්නේය.

මන්ද බීජය තුළ සියළු ආශීර්වාද ඇතුළත් වී තිබේ. ඒ කුණු නොවන්නාවූ බීජය නම් දේව වචනයයි.

ඒ බීජය සමඟ උන්වහන්සේගේ බලය ක‍්‍රියාත්මක වී ඒ තුළින් විශාල අස්වැන්නක් ගෙන දීමට උන්වහන්සේට හැකියි.

දෙවියන්වහන්සේගේ වචනය සුළු නොකරන්න, එසේ කරන්නාට විනාශය පැමිණෙයි.

නමුත් උන්වහන්සේගේ වචනය ගරු කරන්නන්ට විපාක තිබේ.

වැටුප් ලැබෙන්නේ මනුෂ්‍යයන්ගෙන්, වැඩිවීම්, විපාක දෙන්නේ දෙවියන්වහන්සේය.

මුදලින් ඔබට ළඟා කරගත නොහැකි ආශීර්වාද දෙවියන්වහන්සේගේ විපාක හරහා ඔබට ලබෙනු ඇත.

කුඩා තෙල් තුළාවක් පමණක් තිබූ එම වැන්දඹුවට එලීෂා පැවසුවේ හිස් භාජන සොයාගෙන එන ලෙසයි. එයින් දෙවියන්වහන්සේ ඇගේ ජීවිතයට කළ දේ විශාලය.
(2 රාජාවලිය 4:3-7)

සර්වබලධාරී දෙවියන්වහන්සේ ඔබගේ සැපයුම්කරුයි.

මනුෂ්‍යයන් ඔබව සුළු කළත්, ඔබ ඔබේ ජීවිතය සුළු නොකරන්න.

ඔබ වටිනා කෙනෙකි, යේසුස්වහන්සේගේ ශුද්ධවූ අනර්ඝ ලෙයින් ඔබව මිලදී ගෙන ඇත.

දෙවියන්වහන්සේ තම ඒකජාතක පුත‍්‍රයාණන්ව මේ ලෝකයට එවා ඒ ලේ වැගිරීම තුළින් අපට නැවත ඉපදීම ලබා දුන්සේක.

දෙවියන්වහන්සේට අප වෙනුවෙන් විශාල සැලැස්මක් ඇත.

උන්වහන්සේ සියල්ල මැව්වේ මනුෂ්‍යයන් වෙනුවෙනුයි.

උත්පත්ති 1,2 පරිච්ජේද තුළින් දෙවියන්වහන්සේගේ මහත් වූ, සියල්ලෙන් අංගසම්පූර්ණ වූ මැවිල්ල අපට දැකගත හැකි වෙයි.

එය මනුෂ්‍යයන්ගේ අවශ්‍යතාවයන් වලටත් වඩා වැඩියෙන් මවා තිබුණි.

නමුත් යක්ෂයා, එදා සර්පයා ලෙසින් පැමිණ ඒවව රැවටූ ලෙසින්ම අදත් මනුෂ්‍යයන්ව රවටමින් සිටියි.

නමුත් ඒ කෲර යක්ෂයාගේ ක්‍රියාවන් යේසුස්වහන්සේ මුළුමනින්ම විනාශ කළේය.

1 යොහාන් 3:8
පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය.

අප යේසුස්වහන්සේව විශ්වාස කරමින් අපගේ ගැළවීම තුළින් පාපයට කමාවද ලබාගෙන උන්වහන්සේව අපේ ජීවිතයට පිළිගත යුතුයි.

අප උන්වහන්සේට ආරාධනා කළ යුතුයි.

උන්වහන්සේ අපගේ පරම්පරා ශාප වලින් අපව නිදහස් කළසේක.

අපගේ පරම්පරාව වෙනුවෙන් යේසුස්වහන්සේ තැන්පත් කර ඇත්තේ ස්වර්ගයේ වාසය කරන පියාණන්වහන්සේගේ ආශීර්වාදයයි.

ඒ ආශීර්වාදය අපේ ජීවිතවලට දුක එකතු නොකරන අතර නිතරම වැඩිකිරීමක් ලබා දෙයි.

සියල්ල ආරම්භ වුනේ ආත්මයෙන් බැවින් ආත්මික දේවල් සුළු නොකරමු.

අපි නොපෙණෙන දේවල් සුළු කළ විට පෙනෙන ලෝකයට ඒවා අත්පත් කර ගැනීමට අපට නොහැකි වෙයි.

ආත්මික වචනය මේ පොළොවට පැමිණෙන විට සම්පූර්ණයෙන්ම පරිවර්ථනය වී මනුෂ්‍යයෙක් නොහොත් මාංශය බවට පත් වූයේය.

මාංශයට අවශ්‍ය සියල්ලක්ම නිකුත් වෙන්නේ ආත්මික තලයෙනි.

අපි ජීවත් වෙන්නේ පෙනෙන ආකාරයට නොවේ. පෙනෙන දේවල් තාවකාලිකයි. මන්ද
නොපෙනෙන දේවල් සදාකාලිකයි.

2 කොරින්ති 4:18
ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

හිඟතාවයන් හා කඩාවැටීම් සීමා වෙන්නේ මේ පොළවට පමණි.

නමුත් නොපෙණෙන ලෝකයේ කිසිදු හිඟකමක් නැත.

නොපෙණෙන තලයෙන් අපට දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව, ආශීර්වාදය, සුවය හා හාස්කම ලබා ගත හැකියි.

දෙවියන්වහන්සේගේ නොපෙණෙන වචනය කෙරෙහි විශ්වාසය තබන්න.

එය මෙනෙහි කරමින් විශ්වාස කරන විට ඔබේ අවශ්‍යතාවයන් වලටත් වඩා වැඩියෙන් සපයා දෙන්නට ඊට හැකියාව ඇත.

නීරෝගීභාවය දෙවියන්වහන්සේගේ පොරොන්දුවකි.

සෑම දෙයක් දෙවියන්වහන්සේ අපට දැනටමත් දී තිබෙනවා.

2 පේතෘස් 1:3-4
මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ.

ඔබ භක්තිවන්තව ජීවත් වන පිණිස ඔබට අවශ්‍ය සියල්ල උන්වහන්සේ දැනටමත් දී තිබේ.

අප සුභාරංචිය ප‍්‍රකාශ කළ යුතුයි.

අශුද්ධ මනුෂ්‍යයන්ට ගැළවීම ලබා ශුද්ධව ජීවත් වෙන්නට පුලුවන.

අශුද්ධකම නිකම්ම පැතිරී යන නමුත් ශුද්ධකම එසේ පැතිර යන්නේ නැත.

ශුද්ධකම ඇතිවෙන්නේ අපගේ තීරණ ගැනීම තුළින්ය.

ශුද්ධකම අපි තෝරා ගත යුතුයි.

හග්ගයි 2:11‭-‬13
සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට– යමෙක් තමාගේ වස්ත්‍ර කෙළවරින් ශුද්ධ මාංසය ගෙනයන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ හොදිවල හෝ මුද්‍රිකපානයෙහි හෝ තෙල්වල හෝ වෙන යම් කෑමක හෝ තැවරුණොත් ඒවා ශුද්ධවන්නේද කියා ව්‍යවස්ථාව ගැන පූජකයන්ගෙන් අසන්නැයි කියනසේක. පූජකයෝ උත්තරදෙමින්: නැතැයි කීවෝය.
එවිට හග්ගයි: මළකඳකින් අපවිත්‍රවී සිටින කෙනෙක් ඒවායෙන් යමකට තැවරුණොත් එය අපවිත්‍රවේදැයි ඇසුවේය. පූජකයෝ උත්තරදෙමින්: අපවිත්‍රවේයයි කීවෝය.

අශුද්ධකමේ මනුෂ්‍යයන් සමඟ අපි වාසය කළොත් අනිවාර්යයෙන්ම අපි අශුද්ධ වෙන්නෙමු.

නමුත් ශුද්ධව සිටින අපි අශුද්ධකමේ අය සමඟ සිටින විට අපගේ ශුද්ධකම ඔවුන්ට ඉබේම ගෑවෙන්නේ නැත.

දෙවියන්වහන්සේව පරීක්ෂාවට ලක් නොකරන්න.

උන්වහන්සේ ශුද්ධව සිටින ආකාරයෙන් අපත් ශුද්ධව සිටිය යුතුයි (1 පේත‍්‍රැස් 1:15)

ශුද්ධ වචනයට ඇහුම්කන් දී ඒ අනුව ජීවත් වීමෙන් අපට ශුද්ධව සිටිය හැකියි.

අන් අයව පැකිළීමට හේතුවක් නොවෙමු, අපේ ජීවිතයේ සාක්ෂිය නැති කර නොගනිමු.

වතාවරණයන් වෙනස් වීම නිසා, ලෝකයේ බලපෑමි නිසා, අපි වෙනස් නොවී ස්ථීරව සිටිමු.

අපගේ ප‍්‍රතිපත්ති ලෝකයේ දේවල් සමඟ මිශ‍්‍ර කර නොකර ගනිමු.

ලෝකයේ යහපත් මනුෂ්‍යන් සිටියත් ඒ යහපත්කමින් ඔවුන්ට ගැළවීම ලබා ගැනීමට නුපුළුවන.

යේසුස්වහන්සේ මේ පොළොවට පැමිණියේ මනුෂ්‍යයන්ට දොස් තබන්නට නොවේ. ඒ අයට ප්‍රීතිය ගෙනෙන පිණිසයි.

ලූක් 2:10
දේවදූතයා ඔවුන්ට කථාකොට: භය නොවෙන්න; බලව, මුළු සෙනඟට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි.

ශුභාරංචිය මුලු මනුෂ්‍යයන් සංහතියට ගෙන ආවේ මහත් ප්‍රීතියක් ගෙන එන්නටයි.

එක් මනුෂ්‍යයෙකුගේ පාපය නිසා ලෝකයට ශෝකය පැමිණුන නමුත් එය මහත් ප‍්‍රීතියකට හරවන පිණිස යේසුස්වහන්සේගේ සුභාරංවිය ලෝකයට ප‍්‍රකාශ වූසේක.

එය සෑම පරම්පරාවක සිටින සෑම මනුෂ්‍යයෙකුම වෙනුවෙනුයි.

එම සුභාරංවිය නම් උන්වහන්සේ ඔවුන්ගේ පාපය ඔවුන්ගේ ගණනට තබා නැත යන්නයි.

ශුභාරංචිය පවසන්නේ තමන්වහන්සේගේ පුත්‍රයාණන් මනුෂ්‍යයා වෙනුවෙන් විනිශ්චය වූ බවත්ය.

දෙවියන්වහන්සේ මුළු ලෝකයා වෙනුවෙන් යේසුස්වහන්සේව විනිශ්චය කළ සේක.

2 කොරින්ති 5:18
සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය; උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තමන්වහන්සේට අප සමඟිකරගන, සමඟිකිරීමේ සේවය අපට දුන්සේක.

අපි හැමෝම මේ පොළොවට ඉපදෙන්නේ පව්කාරයන් ලෙස නමුත් අප වෙනුවෙන් යේසුස්වහන්සේ මැරුණු බව විශ්වාස කරන්නට අවස්ථාවක් ලැබෙනු ඇත.

මේ පොළවට ඉපදෙන සෑම ශුද්ධ මනුෂ්‍යයෙකුට වූවත් පාපිෂ්ඨ ස්වභාවයක් ඇත.

මතෙව් 5:3
සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.

අපි උපතින්ම සිතින් (ආත්මයෙන්) දිළිඳු තත්වයට පත්ව ඇත.

අපි සියලුදෙනාම සිතින් දිළින්දෝ ලෙස සිටින නමුත් අපට යේසුස්වහන්සේ පිළිගන්නට අවස්ථාවක් ලැබෙනු ඇත.

ඒ අවස්ථාවට අප කීකරු වෙන මොහොතේදීම පුත‍්‍රකමේ ආත්මය අප තුළට ඇතුල් වී, උන්වහන්සේ අපව දේව දරුවන් බව පිළිගන්නාසේක.

ස්වාමීන්වහන්සේ පිළිගත් අයට ධර්මිෂ්ඨකම ලබා ගත හැකියි.

2 කොරින්ති 5:18
සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය; උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තමන්වහන්සේට අප සමඟිකරගන, සමඟිකිරීමේ සේවය අපට දුන්සේක.

දෙවියන්වහන්සේ අපට භාරදී තිබෙන සේවය නම් මනුෂ්‍යයන්ව දෙවියන්වහන්සේ වෙතට ගෙන ඒම නොහොත් සමඟිකිරීමේ සේවයයි.

2 කොරින්ති 5:19
එනම්, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන් වහන්සේට සමඟිකරගනිමින් සිටියසේක, සමඟිකිරීමේ වචනයද අපට භාරදුන්සේක.

දෙවියන්වහන්සේ මුලු ලෝකයාට දෙන ශුභාරංචිය නම් දෙවියන්වහන්සේ
ඔබගේ පාපය යේසුස්වහන්සේ මත තබා ඔබව නිදහස් කර තිබෙන බවයි.

මගේ වරද දෙවියන්වහන්සේ මගේ ගණනට නොතබා යේසුස්වහන්සේගේ ගණනට තැබූසේක.

අපි දෙවියන්වහන්සේගේ සතුරන් ලෙස සිටිය නමුත් දෙවියන්වහන්සේ දැන් අපව සමඟි කළසේක.

යේසුස්වහන්සේව ප‍්‍රතික්ෂේප කිරීමෙන් ඔබ ඔබටම ශාපයක් ඇති කර ගනියි.

සමඟිකිරීමේ වචනය සරළව දැක්වුවහොත් සතුරන් දෙදෙනෙකු මිත‍්‍රයන් බවට පත් වීමයි.

ශුද්ධ දෙවියන්වහන්සේ හා අශුද්ධ මනුෂ්‍යයාට කොහෙත්ම මිත‍්‍රයන් විය නොහැකි වූවත් යේසුස්වහන්සේ මැදිහත් වීමෙන් දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගනිමින් උන්වහන්සේ අප වෙනුවෙන් නියෝජනය කළසේක.

සියලු පාපයද ශාපයද යේසුස්වහන්සේ මත තැබූසේක.

උන්වහන්සේ මුලු ලෝකයා වෙනුවෙන් සම්පූර්ණ මිලය ගෙවා ඇත.

අපගේ ජීවිතය අපට වෙනස් කරන්නට හෝ පාපය වෙනුවෙන් ගෙවීමක් කළ නොහැකියි.

අපගේ රන් රිදී, මිල මුදල්, වලින් නොව උන්වහන්සේගේ අනර්ඝ ලේ වලින් උන්වහන්සේ අපට ගැළවීම ලබා දී ඇත.

උන්වහන්සේ මනුෂ්‍යයාගේ පාපයේ කුලී වන මරණය ගෙවා නිම කළසේක.

අපි උපතින්ම යහපත සහ නපුර ගහෙන් ඵල කමින් සිටිය නිසා අපට තිබෙන්නේ පව්කාර ස්වභාවයකි.

නමුත් යේසුස්වහන්සේව පිළිගැනීම නිසා දැන් මට උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය ඇතුල් කර ඇත.

සිතින්, වචනයෙන්, ක‍්‍රියාවෙන් අප කරන වැරදි සියල්ලක්ම යේසුස්වහන්සේ මත තබා ඇත.

අපගේ ගැළවීමෙන් පසුව අපට කිසි ගෙවීමක් කරන්නට අවශ්‍ය නැත.

අපට මේ පොළොවේදීත් විපාක තිබෙනවා, ස්වර්ගයේදීත් අපට විපාක තිබෙනවා.

අප කරන හැම දෙයටම අපට විපාක තිබෙනවා.

ඔබගේ මනස අලුත් කරගන්න. මනස ශුද්ධ පවිත්‍ර කරගන්න.

දේව වචනය ඇසීමෙන් අපගේ අශුද්ධ මනස ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමෙන් ශුද්ධ වචන අපේගේ මුඛයෙන් පිටවේ.

මා බලවත් කරනා ක්‍රිස්තුස්වහන්සේ තුළින් මට සියල්ල කළ හැකියි. (පිලිප්පි 4:13)

පරණ සියල්ල පහ වී ගොස් අළුත් ජීවිතයක් මට ලැබී තිබේ.

2 කොරින්ති 5:19
එනම්, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන් වහන්සේට සමඟිකරගනිමින් සිටියසේක, සමඟිකිරීමේ වචනයද අපට භාරදුන්සේක.

සමහර අය පවසන්නේ මම කිසි පාපයක් කර නැත.

තවත් සමහරුන් පවසන්නේ මම මගේ පාපය වෙනුවෙන් ගෙවමින් සිටිමි. මට කිසි විශ්වාසයක් නැත.

ඔබ දෙස බලන කෙනෙක් පැකිලීමට නොවැටෙන පිණිස ඔබේ ජීවිතය ශුද්ධව තබා ගැනීමෙන් ආදර්ශමත්ව ජීවත් විය යුතුය.

එක මනුෂ්‍යයෙකුගේ පාපය නිසා මුලු මිනිස් සංහතිය පාපයට වැටුණු නමුත් එක් මනුෂ්‍යයෙකු තුළින් බොහෝ දෙනෙකු ගැළවීම ලබන්නෝය.

රෝම 5:15‭
නුමුත් වරද යම්සේද නොමිලයේ දීමනාව එසේ නොවේ.
මක්නිසාද එක්කෙනාගේ වරදෙන් බොහෝදෙනා මළාහු නම්, ඊටත් වඩා දෙවියන්වහන්සේගේ කරුණාවත් එකම මනුෂ්‍යයාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් වූ දීමනාවත් බොහෝ දෙනා සඳහා වැඩිවූයේය.

පාපයට කමාව උන්වහන්සේගේ දීමනාවකි. ඒ තුළින් අප නව මැවිල්ලක් බවට පත්වේ.

රෝම 5:16-17
ඇරත් දීමනාව වනාහි පව්කළ එක්කෙනෙකු කරණකොටගෙන මෙන් නොවේය. මක්නිසාද විනිශ්චය දඬුවම උදෙසා එක්කෙනෙකුගෙන් පැමුණුණේය, නුමුත් දීමනාව වනාහි බොහෝ වරදවලින් ධර්මිෂ්ඨකරනු ලැබීම සඳහාය.
17 මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.

එක් අයෙකුගේ ධර්මිෂ්ඨකම නිසා මට උන්වහන්සේ පිළිගැනීමෙන් පුත්‍රයෙකු මෙන් ජීව්ත් විය හැකියි.

අප පියාණන්වහන්සේගේ නාමය දරමින් ජීවත්වන පුත‍්‍රයෙකු මෙන් හැසිරීමෙන් අපගේ ජීවිතය වෙනස් කර ගනිමු.

2 කොරින්ති 5:20
එබැවින් දෙවියන්වහන්සේ අප ලවා ඉල්වන්නාක්මෙන් අපි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවියන්වහන්සේ හා සමඟිවෙන්නැයි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව.

අපි දැන් ස්වර්ග රාජ්‍යය නියෝජනය කරන තානාපතිවරුන් වෙමු.

අපි කතා කරන්නේ අපගේ දෙවියන්වහන්සේ ගැන‍යි. අපි අපගේ රජ ගැනත් උන්වහන්සේගේ රාජ්‍යය ගැනත් ප්‍රකාශ කරමු.

ප්‍රේමයෙන්, ප‍්‍රීතියෙන්, සමාදානයෙන් එකිනෙකාට සමාව දෙමින්, උන්වහන්සේට කීකරුව ජීවත් වෙමින් සිටිමු.

අප දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ලබා ගන්නට නම් යේසුස්වහන්සේව අපගේ ස්වාමීන් ලෙස පිළිගෙන, අපගේ හදවත තුළ විශ්වාස කළ දේ අපගේ මුඛයෙන් පැවසිය යුතුය.

රෝම 14:17
මම දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද පතල කරමින් සිටින්නේය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත වනුයේ අපව වෙනස් කරමින් අප උන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිසයි.

රෝම 6:18
පාපයෙන් නිදහස්කරන ලදුව, ධර්මිෂ්ඨකමේ දාසයන් වූ බැවින්, දෙවියන්වහන්සේට ස්තුතිවේවා.

දැන් මම පාපයට නොව ධර්මිෂ්ඨකමට සේවය කරමින් ජීවත් වන්නේය.

පාපයේ ස්වාමියා වූ යක්ෂයාට අප වහල්ව සිටි කාලයේ අප කැමතිව සිටි යහපත වෙනුවට අකමැති නපුර කරමින් සිටියෙමුව.

රෝම 7:15-18
මක්නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂකරන දේය. 16 ඉඳින් මම අකමැති එක කරම් නම්, ව්‍යවස්ථාව යහපත් බව ඒත්තුගනිමි. 1 7එහෙයින් එය කරන්නේ මා නොව මා තුළ වාසයකරන පාපයය.18 පාපයෙන් නිදහස්කරන ලදුව, ධර්මිෂ්ඨකමේ දාසයන් වූ බැවින්, දෙවියන්වහන්සේට ස්තුතිවේවා.

අපගේ ස්වභාවය වෙනස් වෙන තුරු අපගේ උත්සාහයෙන් අපගේ ජීවිතය වෙනස් කළ නොහැකියි.

ඔබගේ උත්සාහ දැරීම නවත්වා යේසුස්වහන්සේගේ කරුණාව පිළිගන්න, උන්වහන්සේගේ උපකාරය අපට සෑහෙයි.

අප කලින් පාපයේ සේවකයන් ලෙස සිටිය නමුත් දැන් අපි ධර්මිෂ්ඨකමේ සේවකයන් වන්නෙමු.

රෝම 6:19
නුඹලාගේ මාංසයේ දුර්වලකම නිසා මනුෂ්‍ය ව්‍යවහාරයෙන් කථාකරමි. නුඹලා නුඹලාගේ අවයවයන් අපවිත්‍රකමටත් අයුතුකම පිණිස අයුතුකමටත් දාසයන්කොට භාරදුන් සේම, දැන් නුඹලාගේ අවයවයන් ශුද්ධකම පිණිස ධර්මිෂ්ඨකමට දාසයන් කොට භාරදෙන්න.

අපි ස්වාමීන්වහන්සේට භාරවෙමු.

අපි ආත්මික රොබෝවරුන් නොවේ. අපට වගකීමක් තිබෙනවා. ස්වාමීන්වහන්සේ අපව අන්ධකාරය බලයන් නිදහස් කළේය.

අපගේ නමස්කාරය, ස්තූති දීම අවංක විය යුතුයි.

කොලොස්සි 1:13
පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

අපට ක්‍රමවේද වලින් නිදහස් විය නොහැකියි.

වැරදි දේ නොවපුරන්න. ඔබ යහපත තෝරාගන්න.

ස්වාමීන්වහන්සේ ඔබව පාපයෙන් නිදහස් කළා නම් නරක පුරුදුවලින්ද නිදහස් කරන බව ඔබ විශ්වාස කරන්න.

වටිනාකමක් තිබෙන බව සිතාගෙන ඔබේ ජීවිතයේ, නිවසේ, තබා ගෙන සිටින නිශ්ප‍්‍රයෝජන දේවල් ඉවත දමන්න, මන්ද ඒවා ඔබට ශාපයක් විය හැකිය.

යොහන් 3:17
මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.

ලෝකයාට දෙන පණිවිඩය මෙයයි.

උන්වහන්සේ බලහත්කාරයෙන් කිසිකෙනෙකුව වෙනස් කරන්නේ නැත, උන්වහන්සේ ඔබේ හදවත නමැති දොරටුවට තට්ටු කරමින් සිටියි.

යොහන් 3:16
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

දෙවියන්වහන්සේ මුළු ලෝකයාටම ප්‍රේම කරමින් උන්වහන්සේගේ ඒක ජාතක පුත‍්‍රයාණන් අප වෙනුවෙන් මේ පොළොවට එවනු ලැබුවේ අපට සදාකාල ජීවනය ලබා දීමටය.

යොහන් 3:18
උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි.

ඔබ උපතින්ම ගැළවීම, බව්තීස්මය ලබා ඉපදෙන්නේ නැත.

අදහන සියළු දෙනාම බව්තීස්ම වීම අවශ්‍යය.

ලූක් 2:14
ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.

යේසුස්වහන්සේ අපගේ සමාදානයේ කුමරුන්ය, ඒ කුමාරයාව පිළිගෙන අපගේ ජීවිතය ධර්මිෂ්ඨකමට වෙනස් කර ගනිමු.

වචනය තුළින් දිනපතා අපගේ මනස තුළ තිබෙන සිතුවිලි අපි අළුත් කර ගනිමු.


Watch the Sermon Video

Read 200 times