+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ ඇදහිල්ලෙන් ජීවත් වන බව දැන සිටියේ නැද්ද? - මනූ මැතානි
May 28, 2023 Sunday Sermon Notes

දෙවියන්වහන්සේට ක‍්‍රියා කිරීමට නොහැකිවන අයුරින් ඔබ තුළ ඇති ගල කුමක්දැයි ඔබ සොයා ගත යුතුය.

ඔබේ ජීවිතයේ ගල නොඇදහිලිකාරකම, තික්තකම, වෛරය, අසමාදානය, කරදර වීම විය හැකියි.

ඒ ගල අයින් කළ හැක්කේ ඔබට පමණක්ම බව ශුද්ධාත්මයාණන්වහන්සේ පවසන සේක.

ඔබ අසමාදානයෙන් කැළඹිලි තත්වයෙන් සිටී නම් ඔබගේ සියළු කරදර උන්වහන්සේ මත තබන්න, උන්වහන්සේ ඔබ ගැන සලකනසේක.

ඔබට අලසභාවය තිබේ නම් ඔබ බියෙන් ජීවත්වෙයි, එවිට ඇදහිල්ල ක‍්‍රියාත්මක නොවේ, එමනිසා අපි අලස නොවී සිටිමු.

සුළු දේවල් වූවත් ඔබ ඒවා සුළු නොකර, ඉවත් කළ යුතුය.

ඔබ ඔබේ කොටස කරන්නේ නම් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ කොටස කරන සේක.

භය, නොඇදහිලිකාරකම ගෙනෙන පුද්ගලයන් ඔබේ ජීවිතයෙන් ඉවත් කරන්න.

අපි දෙවියන්වහන්සේගේ ගෘහයට පැමිණෙන විට අපේ වචන ගැන ප‍්‍රවේසම් වෙමු.

අනවශ්‍යය ලෙස අප දෙවියන්වහන්සේට භාර නොවිය යුතුය.

දෙවියන්වහන්සේ ගැන සිතන කල, මනුෂ්‍යයෙකු ගැන සිතන ආකාරයෙන් නොසිතිය යුතුයි. දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකු නොව උන්වහන්සේ අහස පොළොව මැවූ තැනැන්වහන්සේය.

උන්වහන්සේට කළ යුතු දේවල් ගැන විධාන දීමට අපට නොහැකිය.

උන්වහන්සේ කියන දේ අප කරන කළ උන්වහන්සේගේ ජීවනය අප තුළින් නිරායාසයෙන්ම ගලා යයි.

දේශනාකාරයා 5:1
නුඹ දෙවියන්වහන්සේගේ ගෘහයට යන විට නුඹේ පාද බලාගන්න; අඥානයන් මෙන් පූජා ඔප්පුකිරීමට වඩා අසන්ට ළංවීම හොඳය.

අප දෙවියන්වහන්සේගේ අභිමුඛත්වයට පැමිණෙන කල, වචන පිට කිරීමට ඉක්මන් වීමට වඩා දෙවියන්වහන්සේගේ සිහින් හඬ ඇසීමට සුදානම්ව පැමිණිය යුතුයි.

අප සමහර විට දෙවියන්වහන්සේට අපගේ වචන වලින් පොරොන්දු දී ඇත. එහෙත් ඒවා ඉටු කර නොමැත.

ඔබ වචනයෙන් දෙන සෑම පොරොන්දුවක් ගැනම දෙවියන්වහන්සේට ගණන් දිය යුතු බැවින් යමක් නොකියා සිටීම වඩා හොඳය.

මක්නිසාද තමුන් නපුර කරන බව ඔව්හු නොදනිති.

නපුර යනු අප විසින් ඉෂ්ට නොකරන දේවල්ය.

දේශනාකාරයා 5:2
නුඹේ මුඛයෙන් ඉක්මන්කාර නොවෙන්න, නුඹේ සිතද දෙවියන්වහන්සේ ඉදිරියෙහි කාරණයක් නිකුත්කරන්ට ඉක්මන් නොවේවා; මක්නිසාද දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය, නුඹ පොළොවෙහිය; ඒ නිසා නුඹේ වචන ස්වල්ප වේවා.

අපි දෙවියන්වහන්සේට බොරු පොරොන්දු නොදී සිටිමු. නැතහොත් යමක් පොරොන්දු වූවා නම් ඒ දේ අපි ඉෂ්ට කරමු.

ඉටු කිරීමට නොහැකි දේ සිතින්වත් නියම කර නොගත යුතුය.

දේශනාකාරයා 5:3-4
මක්නිසාද ස්වප්නය කාරණා රාශියක්ද අඥානයාගේ හඬ වචන රාශියක්ද ඇතුව පැමිණෙන්නේය.

අපි කථා කරන වචන හා ක‍්‍රියාවන් ස්වප්න ලෙසින් පැමිණිය හැකියි.

4 නුඹ දෙවියන්වහන්සේට භාරයක් වුවහොත් එය ගෙවන්ට ප්‍රමාද නොවෙන්න; මක්නිසාද උන්වහන්සේ අඥානයන් කෙරෙහි ප්‍රසන්න නැත.

අපි ශුද්ධ ජීවතයක් ගත කරන්නට තීරණයක් කළා නම් ඒ දේ අනුව අපි කරමු.

අපවිත‍්‍ර දේවල් සමඟ සම්බන්ධකම් නවත්වා දැමිය යුතුයි.

දෙවියන්වහන්සේ කිසිදා අපට දෝෂාරෝපණය නොකරන නමුත් අපි භාරවූ දේ ඉෂ්ට කිරීම උන්වහන්සේගේ කැමැත්ත වේ.

නාමන් නම් සේනාපතියා තම සුවය ලබා ගැනීම උදෙසා පිටත්වූයේ ඒ සඳහා යම් භාරයක් ගෙවීමටද සුදානම්වය. (2 රාජාවලිය 5:5)

ඔහු බලාපොරොත්තු වූයේ එලිෂා ලඟට ගොස් සුවය ලබා ඔහුට තෑගි බෝගද දී ඒමටය.

එහෙත් එලිෂා නාමන් ඉදිරියටවත් නොයා පණිවිඩකරුවෙකු අතේ ඔහුට යොර්දානෙහි සත් වරක් නාපන්යැයි කියා ඇරියේය.

2 රාජාවලිය 5:10
එලිෂා: නුඹ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට නුඹේ මාංසය හරිගැහී නුඹ පවිත්‍රවන්නෙහියයි පණිවිඩකාරයෙකු අත කියා ඇරියේය.

නාමන් බලාපොරොත්තුවූයේ එලිෂා තමා ඉදිරියට පැමිණ රෝගයට අත තබා යාච්ඤා කරමින් සුවකරයි කියාය. එහෙයින් එලිෂා කියු දේට ඔහු කෝප විය.

2 රාජාවලිය 5:11
නුමුත් නාමන් කෝපව යන්ට ගියේය, හෙතෙම කියනුයේ: ඔහු පිටතට මා ළඟට ඇවිත් සිටගන, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුවකරනවා ඇතැයි සිතුවෙමි.

නාමන් එළිෂාගේ වචනය සුළු කළේය.

පවිත‍්‍රවීම සඳහා නාමන් කළ යුතුව තිබුණේ සුළු දෙයකි.

නාමන්ගේ සේවකයන් ඔහුට පැවසුවේ එලිෂා පැවසූ කුඩා දෙය ඔහුට කරන ලෙසයි. (2 රාජාවලිය 5:13)

නාමන් එළිෂාගේ හඬට කීකරු වූ කල ඔහු තමාගේ සුවය අත්පත් කර ගත්තේය. (2 රාජාවලිය 5:14)

අපටද දෙවියන්වහන්සේ පවසන්නේ සුළු දේවල් කරන ලෙසයි. මහත් දේ දෙවියන්වහනසේ කරනු ඇත.

නමුත් දෙවියන්වහන්සේගේ හාස්කමේ ක‍්‍රමයන් විවිධාකාරය.

දෙවියන්වහන්සේගේ ක‍්‍රමය අපට අවශ්‍යය අයුරින් අපගේ අදහස් මත, අප හිතන මනුෂ්‍යයන් ලවා ඉටුවිය යුතුයයි සිතන්නේ නම් එය වැරදිය.

උන්වහන්සේගේ කැමැත්තට අපි එකඟ වෙමු.

දෙවියන්වහන්සේ පවසන්නේ අපේ මාර්ගය උන්වහන්සේ බවයි.

යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. (යොහන් 14:6)

මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තැබීම ශාපයකි.

ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් ඔබගේ විශ්වාසය තබන්න. දෙවියන්වහන්සේ වෙතට පමණක් ඇස් ඔසවන්න.

ගීතාවලිය 121:1‭-‬2
කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද? මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන්ගෙන්මය.

දෙවියන්වහන්සේගේ විශ්මිත මැවිල්ල දෙස බැලීමෙන් අපේ ඇදහිල්ල ගොඩනඟා ගත හැකිය.

අපේ දෙවියන්වහන්සේ අපට නොමිලේ හුස්ම දෙන දෙවියන්වහන්සේය.

ගීතාවලිය 121:3-4
උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්ට නොදෙනසේක. නුඹ ආරක්ෂාකරන තැනන්වහන්සේ නොනිදනසේක. 4 බලව, ඉශ්‍රායෙල් ආරක්ෂාකරන තැනන්වහන්සේට නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නැත්තේය.

මනුෂ්‍යයන්ගේ ආරක්ෂාව මත විශ්වාසය තැබිය නොහැක.

ඉශ‍්‍රායෙල් යනුවෙන් හඳුන්වනු ලබන්නේ යුදෙව්වන් පමණක් නොවේ, නමුත් යේසුස්වහන්සේ පිළිගත් අපි සියළු දෙනාම උන්වහන්සේ සන්තක ආත්මික ඉශ‍්‍රායෙල් සෙනඟ වන්නෙමු.

අපේ ආරක්ෂාව දෙවියන්වහන්සේය.

ගීතාවලිය 121:5‭-‬8
ස්වාමීන්වහන්සේ නුඹ ආරක්ෂා කරන තැනන්වහන්සේය. ස්වාමීන්වහන්සේ දකුණතින් නුඹට සෙවණය. දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය. ස්වාමීන්වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂාකරනසේක. නුඹේ ප්‍රාණය ආරක්ෂාකරනසේක. දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂාකරනසේක.

උන්වහන්සේ ස්වභාව ධර්මයෙන්, නපුරාගේ ක‍්‍රියා වලින්, යක්ෂ ආත්ම වලින් අපගේ ප‍්‍රාණය නොහොත් මනස ආරක්ෂා කරන තැනැන්වහන්සේය.

යෙසායා 26:3
ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.

ඔබගේ මනස ස්වාමීන්වහන්සේ කෙරෙහි කෙරෙහි තබන්න,
එවිට සම්පූර්ණ සමාදානයෙන් උන්වහන්සේ අප ආරක්ෂා කරනසේක.

නිවැරදි දේව වචනයට ඔබ ඇහුම්කන් දෙන්නේ නම් ඔබ නොදැනුවත්වම ඇදහිල්ලෙන් ජීවත් වේ.

තෙතමනය ඇතිවෙන්නේ වතුර තුළින්. ඔබ වතුරට අත තැබුවොත් තෙතමනය ඇතිවේ. ඒ ආකාරයට ඇදහිල්ල පැමිණෙන්නේද දේව ඇසීම තුළිනි. ඒ දෙක වෙන් කළ නොහැකියි.

ලෝකයෙහි කොපමණ කැලඹිලි තත්වයක් තිබුණත් ඔබ සමාදානයෙන් ජීවත් වන පිණිස ඔබේ ඇදහිල්ල වර්ධනය කර ගන්න.

අප සැමටම දෙවියන්වහන්සේ ඇදහිල්ලේ ප‍්‍රමාණයක් බෙදාදී ඇත. වචනය ඇසීමෙන් අප එය වර්ධනය කරගත යුතුය.

රෝම 12:3
නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.

දෙවියන්වහන්සේට ආරම්භයක් වත් අවසානයක් වත් නැත.

උත්පත්ති පොතේ සඳහන් වන පරිදි මුළු මැවිල්ලට ප‍්‍රථමව උන්වහන්සේ සිටියේ ආත්මික තලය තුළය. එම ආත්මික තලයෙන් උන්වහන්සේ සියල්ල මවනු ලැබුවේය.

අප තුළට ඇතුල් කර ඇත්තේද උන්වහන්සේගේ ඇදහිල්ලේ ආත්මයයි.

එපීස 1:4
ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.

සියල්ල ආරම්භ වන්නේ ආත්මික තලයේය.

සුවය, සැපයීම, සමාදානය ඇතුළු සියළු ආත්මික ආශීර්වාද අපට ලැබී තිබෙන්නේ ආත්මික තලයෙනි.

2 පේතෘස් 1:3
මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ.

උන්වහන්සේට අපට දෙන්නට යමක් ඉතිරිව නැත, සියල්ල අපට දී තිබේ.

එම දේවල් වචනය තුළින් මෙනෙහි කරමින්, අදාල කර ගනිමින්, ඇදහිල්ලෙන් ඒවා උරුම කර ගනිමු.

හෙබ්‍රෙව් 11:1
ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.

දෙවියන්වහන්සේගේ පොරොන්දුව නොදකින, නොපෙණෙන, නොහැඟෙන නමුත් මම එය විශ්වාස කරමි.

එම ඔප්පුවේ සහතිකය මගේ අයිතිවාසිකමකි.

අපි හැමෝම ජීවත් වන්නේ ඇදහිල්ලෙනි.

වචනය මෙනෙහි කරමින්, ගීතිකා ගායනා කරමින්, ප‍්‍රශංසා කරමින් ඔබේ ඇදහිල්ල වර්ධනය කරගත යුතුය.

එමෙන්ම එකිනෙකා සමඟ සහභාගිකම් පවත්වමින් එකිනෙකාව ධෛර්යයමත් කිරීම තුළින් ඔබේ ඇදහිල්ල ශක්තිමත් වේ.

පේත‍්‍රැස් වතුර මත ගමන්කළේ ඇදහිල්ලෙනි, නමුත් ඔහු කුණාටුවත් සුළඟ දෙසත් බැලූ කල ගිලෙන්නට පටන් ගත්තේය. (මතෙව් 14:28-31)

ඔබගේ ජීවිතයේ සියළු දේ ඇදහිල්ලෙන් කරන්න, මන්ද ඔබ ඇදහිල්ලේ මනුෂ්‍යයෙකි.

හෙබ්‍රෙව් 11:2-2
එයින්, වැඩිමහල්ලන්ට සාක්ෂි ලැබුණේය. දෙවියන්වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද, මෙසේ, දකින දේවල් පෙනෙන දේවලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම්ගනිමුව.

අප අද දකින දේවල්, පෙනෙන දේවල් වලින් නොසෑදුවේය, ඒවා ආත්මීක තලයෙන් සාදා ඇත.

අප උන්වහන්සේව සෑදුවා නොවෙයි, උන්වහන්සේ අපව සාදා ඇත.

උන්වහන්සේ අපට සියළු ආත්මික ආශීර්වාද දී තිබෙන බැවින් තවත් ඉල්ලමින් නොඇදහිලිකාරකමේ යාච්ඤාවන් නොකරමු.

දෙවියන්වහන්සේ අපගේ ඇදහිල්ලේ යාච්ඤාවන් පිළිගන්නාසේක.

පෙනීමේ, හැඟීමේ හැටියට නොව වචනය මත විශ්වාසයෙන් ජීවත්විය යුතුය.

අපේ ඇදහිල්ල කථා කරමින් ක‍්‍රියාවට නංවමු.

දෙවියන්වහන්සේ අපට නොපෙනෙන තලයෙන් සියල්ල සපයා දෙනු ලබයි.

එම තලය තුළ කවදාවත් කිසිම හිඟතාවයක් නොමැත.

උන්වහන්සේ ඔබගේ සුවයයි, ඔබගේ වෛද්‍යවරයායි, ඔබගේ සියල්ලෙන් සියල්ලයි.

2 කොරින්ති 5:7
(මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)

ඔබ යන විටද, එන විටද, කෙතෙහිදීත්, නගරයේදීත් ආශීර්වාද ලද්දෙක්ය, සතුරා ඔබට විරුද්ධව එක මඟකින් පැමිණියත් ඌ හත් මඟකින් ඔබ කෙරෙන් පලා යන්නේය.
(ද්වීතීය කථාව 28:3,6-7)

ඔබ ප්‍රශංසා කරමින් සිටින කල, යක්ෂයා වියවුල් වී හත් මඟකින් පලා යයි.

ඇදහිල්ල ප‍්‍රකාශ කරමින් ගීතිකාවෙන්ද, නමස්කාරයෙන්ද ගමන් කරමු.

යොහන් 17:14
මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛරවුණෝය.

අප තුළ ඇති සමාදානය දෙස බැලීමෙන් ලෝකයා අපට වෛර කළ හැකියි.

ඔබ ලෝකයෙන් වෙන්වූ, දේව රාජ්‍යය නියෝජනය කරන, ඒ ගැන කථා කරන තානාපතියෙකි.

යේසුස්වහන්සේ මේ පොළොවට පැමිණියේ මුළු මිනිස් සංහතිය වෙනුවෙනි,

එක මනුෂ්‍යයෙකු වත් විනාශ වීම උන්වහන්සේගේ කැමැත්ත නොවේ.

අපගේ යහපත් ක‍්‍රියා දෙවියන්වහන්සේ ඉදිරියේ කිළිටි වැරහැලි මෙන්ය.

අප උන්වහන්සේගේ පාප පූජාව පිළිගෙන අපේ ගල් සිත ඉවත් කර මාංශමය සිතක් ලබා ගෙන ඇත.

අපි නව මැවිල්ලක් වී සිටිමු. අපි දේව රාජ්‍යයට නැවත ඉපදුන සෙනඟක් වන්නෙමු.

අපේ රජතුමා පොළවේ සිටින මනුෂ්‍යයන් මෙන් නොව නිතරම පොරොන්දු ඉෂ්ට කරන දෙවියන්වහන්සේය.

අපගේ අනවශ්‍ය කථා වෙනුවට දේව වචනය කථා කරමු.

උන්වහන්සේ ආලෝකයයි, ඒ තුළ කිසිම අන්ධකාරයක් නැත.

බයිබලයේ හැම පදයක් තුළින්ම අපට ඉගෙන ගත හැකි යමක් තිබෙන බැවින් ඒවා මෙනෙහි කිරීමට වේලාව වෙන් කර ගනිමු.

දෙවියන්වහන්සේගේ හදවතට එකඟ මනුෂ්‍යයා වූ දාවිත් දෙවියන්වහන්සේගේ දාසයන්ව හෝ පණිවිඩකරුවන්ව කවදාවත් සුළු නොකළේය, ඔවුන්ට අත නොගැසුවේය.
ඔහු කළාවූ වැරැද්දට නාතාන් දිවැසිවරයා විසින් තරවටු කළ මොහොතේ දාවිත් පසුතැවිළි වී යාච්ඤා කළේය.
(2 සාමුවෙල් 12:1-23 / ගීතාවලිය 51)

අපි ඇදහිල්ලෙන් නොව බියෙන් ගමන් කිරීම නිසා අප මුහුණ දෙන ප‍්‍රශ්න වලදී අපි සමාව අයැදිමින් යාච්ඤා කරමු.

ළඟින් ඉන්න මනුෂ්‍යයා කෙරෙහි නොව, අප තුළ වැඩවසන ස්වාමීන්වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරමු.

යක්ෂයා යේසුස්වහන්සේ පරීක්ෂා කිරීමට පැමිණ, ගල් රොටී කරන ලෙස ඉල්ලූ අවස්ථාවේදී උන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙලෙස දේව වචනයෙනි.

මනුෂ්‍යයා ජීවත්වන්නේ දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන වචන වලින් මිස රොටී පමණකින් නොවේය. (මතෙව් 4:4)

අපි දේව වචනය අනුව ජීවත් වෙමු.

මේ ලෝකයේ ඉහළම උගත්කමට වඩා, දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව උතුම්ය.

1 කොරින්ති 2:5
එසේ වුණේ නුඹලාගේ ඇදහිල්ල දෙවියන්වහන්සේගේ බලයෙන් මිස මනුෂ්‍යයන්ගේ ප්‍රඥාවෙන් නොපිහිටන පිණිසය.

දෙවියන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේගේ වචනය බලවන්තයි. ශුද්ධාත්මයාණන්වහන්සේ බලවන්තයි.

මෝසෙස් සහ සියළු ඊශ‍්‍රායෙල් සෙනඟ රතු මුහුද ඉදිරියට පැමිණි විට දෙවියන්වහන්සේ ඔහුට පැවසුවේ ඔබ ඉදිරියට ගොස් මුහුද දෙබෑ වෙන්න අණ කරන්න කියායි.

රතු මුහුද දෙබෑ කොට වියළි බිම මැදින් සියළු ඊශ‍්‍රායෙල් සෙනඟ ගෙන ගියාවූ දෙවියන්වහන්සේ විශාලයි.
(නික්මයාම 14:15-17)

එපීස 3:20
ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,

අප තුළ වාසය කරන තැනන්වහන්සේ බලවන්තයි.

අපි උන්වහන්සේගේ ප්‍රේමය සුළු නොකරමු.

ගීතාවලිය 50:8
නුඹේ පූජා ගැන නුඹට තරවටු නොකරන්නෙමි; නුඹේ දවන පූජාද නිතර මා ඉදිරියෙහි තිබේ.

අපගේ දීමනා හා දසයෙන් කොටස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබේ, උන්වහන්සේ ඒවා දකින නමුත් ඒවා ගැන අපට තරවටු නොකරන සේක.

ගීතාවලිය 50:9‭-‬12
නුඹේ ගෙයින් ගොනෙක්වත් නුඹේ ගාල්වලින් එළුවන්වත් නොගන්නෙමි. මක්නිසාද වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය. කඳුවල සියලු පක්ෂීන් දනිමි. කෙතේ වල් සත්තුද මාගේය. මට බඩගිනි වීනම්, නුඹට නොකියන්නෙමි. මක්නිසාද ලෝකයත් එහි පූර්ණකමත් මාගේය.

අප සම්බන්ධ වී සිටින්නේ අහසත් පොළවත් මවා පාලනය කරන, සියල්ලේ හිමිකරුවාණන් වන ඒ දෙවියන්වහන්සේ සමඟයි.

අප අවට පැතිරී යන වසංගත හමුවේ වුවද අපි ඇදහිල්ලෙන් ජීවත් වෙමු.

මන්ද අපේ ආරක්ෂාව රෝගයට වඩා විශාලයි.

මම නොදැන සිටියද මම ජීවත් වන්නේ ඇදහිල්ලෙනි.

අධර්මිෂ්ඨ මනුෂ්‍යයා ජීවත්වන්නේ පෙනීමේ හැටියටය. ධර්මිෂ්ඨයා සිංහයෙකුමෙන් එඩිතරව සිටියි

හිතෝපදේශ 28:1
කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.


Watch the Sermon Video

Read 232 times