+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ලේ විශේෂ ලක්ෂණයන් - මනූ මැතානි
June 4, 2023 Sunday Sermon Notes

 

ඔබගේ ජීවිතයේ වෙනසක් ඇතිකරන්නේ ඔබගේ විශ්වාසයයි.

ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නා කවදාකවත් ලැජ්ජාවට පත් නොවන්නේය. (රෝම 10:11)

ඇදහිල්ල හා කීකරුකම එක්ව බැඳී පවතී.

අකීකරුකම යනු නොඇදහිලිකාරකමයි.

දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාස කරමු.

වාතාවරණය කෙරෙහි විශ්වාසය තැබීමෙන් ජීවිතය ගොඩනඟා ගත නොහැක.

මනුෂ්‍යයන්ගේ දුර්වලකම් දෙස ඔබ නොබලන්න.

සැබවින්ම ගැළවීම ලබාගත් කෙනා අනිවාර්යයෙන්ම වෙනස් වන්නේය.

ඔබගේ අත්තිවාරම ශක්තිමත් කරගන්න.

ඔබගේ ජීවිතයේ අත්තිවාරමක් තිබෙනවා, ඔබ ඔබගේ අත්තිවාරම සොයා බලන්න, මන්ද කුණාටු පැමිණිය හැකියි.

ඔබව ගැළවීමට ගෙන ආවේ යේසුස්වහන්සේය.

ඔබ තුළ වාසය කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේයි.
ඔබ නමස්කාර කරන්නේ දෙවියන්වහන්සේටයි.
ඔබට සම්බන්ධකම තිබෙන්නේ ස්වාමීන්වහන්සේ සමඟයි.

දෙවියන්වහන්සේගේ වචනයෙන් අහක්ව ගිය විට අප හැඟීම්වලට බර විය හැකිය.

අපගේ විශ්වාසය තබා ඇත්තේ අපගේම ශක්තිය කෙරෙහිද නැතහොත් දෙවියන්වහන්සේගේ ශක්තිය කෙරෙහිද?

තමන්ගේ මාංශය හා ශක්තිය කෙරෙහි විශ්වාසය තබන්නා ශාපලද්දෙක් වේ.

යෙසායා 7:9
එප්‍රායිම්ගේ ඉස නම් සමාරියය, සමාරියේ ඉස නම් රෙමලියාගේ පුත්‍රයාය. නුඹලා විශ්වාස නොකරන්නහු නම් සැබවින්ම නුඹලා ස්ථිර නොවන්නහුයයි ඔහුට කියන්නැයි කීසේක.

කිතුනු භක්තිකයන්ගේ ජීවිතවල විශ්වාසය ඉතාම වැදගත්, එය පිටතින් දැකිය නොහැකිය.

අභ්‍යයන්තරයෙන් මම විශ්වාස කරන දේ මගේ ජීවිතයේ අත්තිවාරමයි.

බොහෝ කිතුනු භක්තිකයන්ගේ ජීවිතවල සාක්ෂි නොමැත්තේ ඔවුන් ලිස්සන සුළු පොළොවක අස්ථීරව ජීවත් වන නිසාය.

යේසුස්වහන්සේ දේව වචනය හා දෙවියන්වහන්සේගේ පොරොන්දු, දෙවියන්වහන්සේගේ ලියවිලි, බව අපි විශ්වාස කරමු.

යේසුස්වහන්සේ ඔබගේ සුවයයි.

රෝග ලක්ෂණ වලට වඩා යේසුස්වහන්සේගේ තුවාල වලින් ඔබ සුවය ලබා ගත් බවත්, ඔබ විශ්වාස කරන දේ මෙසේ වැඩිවිය යුතුයි.

යෝබ් 3:25
මක්නිසාද මා භයවන දේ මට මා භයපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.

යෝබ් භය වුන දේ ඔහුට සිද්ධ වූයේය .

ඔබ භයෙන් සිටිනවාද? විශ්වාසයෙන් සිටිනවාද?

යේසුස්වහන්සේගේ තුවාල වලින් මට සම්පූර්ණ සුවය තිබෙනවා. (1පේතෘස් 2:24)

නික්මයාම 23:25
නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න, උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම නුඹ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි.

දෙවියන්වහන්සේගේ දේවල් වලට උදව් උපකාර කරන්න.

අපි දේව සේවයේ යෙදී සිටිමු.

දෙවියන්වහන්සේ අපගේ ආහාර හා වතුරවලට ආශීර්වාද කර තිබෙනවා.

ස්වාමීන්වහන්සේ ඒ ආහාර වල තිබෙන (ශාපය) විෂබීජ ඉවත් කරමින් ආශීර්වාද කර තිබෙනවා, එය උන්වහන්සේගේ පොරොන්දුවක්, යාච්ඤා කරමින් අනුභව කරන්න.

දෙවියන්වහන්සේ අපට රෝග ගෙනෙන යක්ෂයාට තරවටු කරන්සේක.

1 තිමෝති 4:4‭-‬5
දෙවියන්වහන්සේ මැවූ සියල්ල යහපත්ය, ස්තුතිදීමෙන් යුක්තව පිළිගන්නවා නම් කොයිදෙයක්වත් එපාකරන්ට යුතු නැත. මක්නිසාද එය දෙවියන්වහන්සේගේ වචනයෙන්ද යාච්ඤාවෙන්ද පිරිසිදු කරනු ලබන්නේය.

අපට භයින් ජීවත් විය නොහැකියි. ඇදහිල්ලෙන් හා ස්තූති දීමෙන් ආහාර අනුභව කරන්න.

දෙවියන්වහන්සේගේ වචනයෙන්ද යාච්ඤාවෙන්ද අපි ආහාර ගන්න විට උන්වහන්සේ එය පිරිසිදු කරනු ලබන්නේය.

රෝම 14:23
නුමුත් සැකකරමින් කන තැනැත්තා, ඇදහිල්ලෙන් යුක්තව නොකන බැවින්, වරදට පත්කරනු ලැබ සිටියි; ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය.

මනුෂ්‍යයන් සැකයෙන් භියෙන් කරන නිසා එය ශාපයක් බවට පත්වෙයි.

අප භියෙන් සැකයෙන් යම් දේවල් කරන කල අපි අපටම පහර දෙන පිණිස යක්ෂයාට ඉඩ දෙන්නේය.

භය තෝරා නොගන්න. ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න.

දෙවියන්වහන්සේ ඇදහිල්ලට ප්‍රසන්න වනසේක.

පවුලක් ලෙස ඇදහිල්ලෙන් ජීවත් වෙන්න තෝරා ගත යුතුය.

යෝබ් 36:11
ඔව්හු ඇහුම්කන්දී උන්වහන්සේට මෙහෙකළොත්, තමුන්ගේ දවස් ඉසුරෙන්ද තමුන්ගේ අවුරුදු සැපතින්ද පසු කරන්නෝය.

ඔබ ඇදහිල්ලෙන් ජීවත් වෙන්න.

ඔබ බලපෑමක් ඇති කළ හැකි ආද‍ර්ශමත් ජීවිතයක් ගත කරන්න.

2 තිමෝති 1:5
ඒ ඇදහිල්ල පළමුකොට නුඹේ ආච්චිවූ ලොයිස් තුළද නුඹේ මෑණියන්වූ එවුනීකි තුළද වාසයකළාය. නුඹ තුළත් එය වාසයකරන බව විශ්වාසකරගන සිටිමි.

ඔබගේ පවුලට, දරුවන්ට ඔබ ආදර්ශයක් වෙන්න.

ඇදහිල්ල ක්‍රියාත්මක වන්නේ ප්‍රේමය, ඉවසීම තුළින් හා ස්තූතිමත් හදවතකින්ය.

2 තිමෝති 1:6
ඒ කාරණය නිසා මාගේ අත්තැබීම කරණකොටගෙන නුඹ තුළ තිබෙන දෙවියන්වහන්සේගේ දීමනාව පුබුදුකරන හැටියට නුඹට සිහිකරවමි.

යහපත ඉබේම වෙන කෙනෙකුට බෝවෙන්නේ නැත. යහපත අප විසින්ම තෝරා ගත යුතුයි.

අයහපත් දේවල් ක‍්‍රියා කරන්නේ මාංශයෙන්, අපට පෙනෙන, ඇසෙන, හැඟෙන දේ තුළින්ය.

අපගේ කැපවීම ඉතා වැදගත්ය.

දෙමාපියන් ලෙස අපි දරුවන්ට හොඳ උදාහරණයක් වෙමු. ඇදහිල්ල පෙන්වා දෙමු.

ඇදහිල්ල ක‍්‍රියාවෙන් පෙන්වා දීම අවශ්‍යය.

හොඳ වචන කතා කරමු.

ඔබව පාලනය කරන පිණිස භියට ඔබ ඉඩ නොදෙන්න.

ඇදහිල්ල අපි වර්ධනය කරගනිමු, ඒ සඳහා ඇති බාධාවන් අවම කර ගනිමු.

ඇදහිල්ලේ නාමයෙන් මෝඩකම් හා හිතුවක්කාරකම් නොකරමු.

ඇදහිල්ල තුළ ප්‍රඥාව තිබෙනවා. යටහත්පහත්කමේ ගුණාංග තිබෙනවා.

මම ඇදහිල්ලේ මනුෂ්‍යයෙක් නම් ඇදහිල්ලේ ප‍්‍රතිඵල, ගූණාංග හා එහි ක්‍රියාකාරිත්වය මට තිබේ.

හිතෝපදේශ 3:23
එවිට නුඹේ පය නොපැකිල, නුඹ සුවසේ නුඹේ මාර්ගයෙහි යන්නෙහිය.

ඇදහිල්ල කවදාවත් පීඩනයෙන් තීරණ ගන්නේ නැත, එය සමාදානය සමඟ ක්‍රියා කරයි.

හිතෝපදේශ 3:24
නුඹ සැතපෙන කල භය නොවන්නෙහිය. එසේය, නුඹ සැතපුණාම නුඹේ නින්ද මිහිරිවන්නේය.

දෙවියන්වහන්සේ ඔබට මිහිරි නින්දක් දෙනසේක.

ඔබගේ මනසින් ඔබ වෙහෙස දරමින් නොසිටින්න.

හිතෝපදේශ 3:25
හදිසි භීතියටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් භය නොවන්න.

ඔබ තීරණ ගන්නේ ඇදහිල්ලෙන්ද, මෝඩකමෙන්ද නැතහොත් හිතුවක්කාරකමෙන්ද?

සිහිකල්පනාවෙන් ඇදහිල්ලේ ගමන ගමන් කරන්න.

අපි කරන හැමදෙයක්ම අවංක ඇදහිල්ලෙන් කරමු.

ඇදහිල්ල හදිසි තීරණ ගන්නේ නැත.

යේසුස්වහන්සේ ලාසරුස් මළවුන්ගෙන් නැගිටුවන පිණිස හදිසියෙන් ගොසින් තීරණ ගත්තේ නැත. (යොහාන් 11:6)

උන්වහන්සේ යුදෙව්වරුන් අතර තමන්වහන්සේ ජීවනය හා නැවත නැඟිටීම බව පෙන්නුම් කළේය.

යායිරස්ගේ දියණිය නැගුටුවන පිණිසත් යේසුස්වහන්සේ කලබල වූයේ නැත. (ලූක් 8:50)

උන්වහන්සේ පැවසුවේ ‘’භය නොවන්න, ඇදහිල්ලෙන්ම සිටින්න එවිට ඈ සුවවන්නේය’’ ලෙසයි.

ඒ අතර මහලේ රෝගාතුරව සිටි කාන්තාවද සුවය ලැබුවේය.
(ලූක් 8:43-48)

යායිරස්ගේ දියණිය නැගුටුවන පිණිස යේසුස්වහන්සේ අදාල අය පමණක් ඇතුලට ගෙන හාස්කම කළසේක. එනම්, මව පියා සහ ගෝලයන් තුන් දෙනෙක් පමණක් (යොහාන් 11:51)

ඔබට ඇදහිල්ලේ ප‍්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය නම් අදාල පුද්ගලයන් සමඟ පමණක් ඔබ ගමන් කළ යුතුය.

යේසුස්වහන්සේ සමදානයෙන්, බුද්ධියෙන් හා ඉවසිල්ලෙන් ක්‍රියා කළේය.

යේසුස්වහන්සේ වචන කථා කිරීමට පෙර ප‍්‍රඥාවන්ත වූ සේක.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචන සමඟ බැඳී සිටි නිසාම උන්වහන්සේ පැවසූ දේ ඉෂ්ට කළ සේක.

ඔබගේ දිව හරිලෙස පාවිච්චි කරන්න. අනවශ්‍යය දේ කථා කිරීමට වඩා හරි දේ කථා කිරීම අගනේය.

2 තිමෝති 1:6
ඒ කාරණය නිසා මාගේ අත්තැබීම කරණකොටගෙන නුඹ තුළ තිබෙන දෙවියන්වහන්සේගේ දීමනාව පුබුදුකරන හැටියට නුඹට සිහිකරවමි.

ඒ කාරණය නම් ඔහුගේ ආච්චී සහ මව තුළ තිබූ අවංක ඇදහිල්ලය.

පාවුල්ගේ අත්තැබීම නිසා තිමෝතිගේ ජීවිතයේ ඇදහිල්ලේ දීමනා පාවිච්චි විය.

2 තිමෝති 1:7
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

භයාදුකමෙන්, කැළඹිලිකමෙන්, හදිසි තීරණ නොගන්න.

බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මය ක්‍රියා කරන්නේ ඇදහිල්ලෙනි.

යේසුස්වහන්සේගේ මරියා හා මාර්තාගේ නිවසට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මාර්තාට ඇයගේ නලංගුභාවය ගැන තරවටු කළ සේක.

ලූක් 10:39
ඈට මරියා නම් සහෝදරියෙක් සිටියාය; ඈ ස්වාමීන්වහන්සේගේ පාද මූලයෙහි හිඳ උන්වහන්සේගේ වචන ඇසුවාය.

මාර්තා යේසුස්වහන්සේව ගෙට ගත් නමුත් ප්‍රයෝජනය ගත්තේ මරියාය.

මරියා යේසුස්වහන්සේගේ පාද පාමුල හිඳගෙන වචනය ඇසුවාය.

දෙවියන්වහන්සේ වචනය සමඟ සම්බන්ධ වීම, වචනයට ඇහුම්කන්දීම ඉතාම වැදගත්ය.

ලූක් 10:40
නුමුත් මාර්තා බොහෝ උපස්ථානකිරීමෙන් කරදරව සිටියාය; ඈ උන්වහන්සේ වෙතට ඇවිත්: ස්වාමීනි, මාගේ සහෝදරී තනියම උපස්ථානකරන්ට මා හැරිය බව ඔබ සලකන්නේ නැද්ද? එබැවින් මට උපකාරකරන ලෙස ඈට කිව මැනවයි කීවාය.

ඔබ යම් සේවයක් කරන්නේ නම් එය අවංකව, කලබල රහිතව, තවත් කෙනෙකුව ඊට ඇද නොගෙන එය කරන්නේ නම් යහපත්ය.

ලූක් 10:‬41-42
නුමුත් ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: මාර්තා, මාර්තා, නුඹ බොහෝ දේවල් ගැන නලංගුවී කැලඹෙන්නෙහිය. නුමුත් 42ඕනෑකරන්නේ එක දෙයක්ය. මරියා වනාහි ඈ කෙරෙන් බැහැර ගනු නොලබන්නාවූ යහපත් කොටස තෝරාගත්තායයි කීසේක.

ඕනෑකරන්නේ එක දෙයක්ය. මේ එක දෙය වන දෙවියන්වහන්සේගේ වචනය තුළ සියලු පිළිතුරු තිබේ.
මේ එක දෙයට අවදානය දෙමු.

ඇදහිල්ලේ වචනය තුළින් ඔබට විසඳුම් තිබේ. ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙනි.

මරියා තෝරා ගත්තේ යහපත් දෙයයි.

පියෙකුට තමාගේ පුතාට උරුමය දෙන්න වුවමනා විය.

පුතා මේ උරුමය සොයාගත් පසු ඔහුට ලැබුණේ බයිබලයකි.

ඔහු කීවේ, "මේකද මගේ පියා උරුමයක් ලෙස දුන්නේ." නමුත් ඔහු ඒය කියවන්න ගත් පසු ඒ බයිබලයේ උරුමය සඟවා තිබුණු ස්ථානය ලියා තිබුණේය. ඉන්පසු ඒක ඔහු ලබා ගත්තේය.

කොපමණ කුණාටු, ප‍්‍රශ්න, පීඩා මැද වූවත් ඔබට අවශ්‍ය කරන එකම දේ වන උන්වහන්සේව තදින් අල්ලා ගෙන උන්වහන්සේ දෙස බලා මේ ගමන දිවීමය.

පේත‍්‍රැස් හා ගෝලයන් කැළඹිලි තත්වයන් මැද අසරණව බෝට්ටුවේ සිටින විට යේසුස්වහන්සේ ඔවුන් වෙතට ආ සේක.

පේත‍්‍රැස්ටද යේසුස්වහන්සේ වෙතට වතුරේ ඇවිද ඒමට ඕනෑ වූ හෙයින් උන්වහන්සේ ඔහුට "එන්න" යයි පැවසුසේක.

ඔහු මඳ දුරක් ආ නමුත් කුණාටුව දෙස බැලූ නිසා ඔහු ගිලෙන්නට පටන් ගත්තේය. (මතෙව් 14:25-30)

ඔබ ගිලෙන්නට අවශ්‍ය නැත, යේසුස්වහන්සේ දෙස බලමින් ස්ථීරව ගමන් කළ යුතුය.

යෝබ් 36:11
ඔව්හු ඇහුම්කන්දී උන්වහන්සේට මෙහෙකළොත්, තමුන්ගේ දවස් ඉසුරෙන්ද තමුන්ගේ අවුරුදු සැපතින්ද පසු කරන්නෝය.

දවස්පතා ස්වාමීන්වහන්සේ ඔබට සපයා දෙනසේක.

යෝබ් 36:12
නුමුත් නාසා සිටියොත්, ඔව්හු කඩුවෙන් විනාශවන්නෝය, අනුවණකමින් නසින්නෝය.

අපි ඇදහිල්ල තුළ ජීවත් වෙමු, එවිට අපට ඒ ඇදහිල්ල අන් අය සමඟ බෙදා දෙන්නට පුලුවන.

ස්වාමීන්වහන්සේ වචනය අන් හැම දෙයටත් වඩා උතුම්ය

දෙවියන්වහන්සේගේ වචනය තුළින් ඔබට සඵලවීමට, සුවෙන් සිටීමට, නිර්භයව ජීවත් වීමට හැකියාව ලැබෙනු ඇත.

ඇදහිල්ලේ මනුෂ්‍යයන් තුළ බියක්, දෙමනසක් නැත. ඔවුන් බියෙන් ජීවත් නොවෙයි.

ඔබ ඇදහිල්ලේ දෙනතින් දකින දේ ලෝකයේ මනුෂ්‍යයා දකින්නේ නැත.

ඇදහිල්ලේ මනුෂ්‍යයන් කාරණා දෙස බලන්නේ වෙනස් ආකාරයටයි.

ඇදහිල්ලේ මනුෂ්‍යයාට සුවදායි නින්දක් ලැබෙයි.

පේත්‍රැස් අත්අඩංගුවට පත්වූ පසු හෙට දවසේ ඔහුට වෙන්නට යන්නේ කුමක්දැයි හොඳින්ම දැන සිටියද ඔහු තුළ කිසිඳු බියක් නොවීය, ඔහු සිරගතවී සිටි කලද හොඳට නිදාගෙන සිටියා.
(ක‍්‍රියා 12:1-11)

ඇදහිල්ලේ මනුෂ්‍යයන් කීකරුකම සමඟ ප‍්‍රඥාවන්තව, තීරණ වෙනස් නොකර ඉවසීමෙන් ප‍්‍රතිඵල දෙස බලා සිටියි.

එළියා දණින් හිඳ වර්ෂාව ඉල්ලා යාච්ඤා කරමින් සිටින කල ඔහුගේ සේවකයා හයවරක් ගොස් බලා වැස්සක කිසිඳු ලකුණක් නොමැති බව පැවසුවත් එළියා කලබල නොවූයේය. හත්වෙනි වර සේවකයා පැමිණ පැවසුවේ, අතක් මෙන් කුඩා වළාකුළක් නැඟී එන බවයි. (1 රාජාවලිය 18:42-44)

එළියා යාච්ඤාවෙන් සිටියදී කලබල නොවුණා සේ අපද යාච්ඤාවෙන් සිටින කල කලබල නොවිය යුතුය.

දෙවියන්වහන්සේට කථා කිරීමට, උන්වහන්සේගේ හඬ ඇසීමට කාලය දිය යුතුය.

මාර්තා දෙවියන්වහන්සේගේ කාලය දුන්නේ නැත. ඇයට උන්වහන්සේගේ හඬ ඇසුණේද නැත. ඇය ලැබුවේ යේසුස්වහන්සේගෙන් තරවටුවක් පමණි.

නිතර තරවටුවට ලක්වෙන කෙනා විසඳුමක් නැති තත්වයකට පත්වන තරමට තමාගේ සිත තදකර ගනියි.

වරක් දෙවරක් තරවටුවක් ලැබෙන කල එය දෙවියන්වහන්සේගේ පණිවිඩයක් බවට පිළිගන්න.

තරවටුවත් දෙවියන්වහන්සේගේ හඬය.


Watch the Sermon Video

Read 231 times