+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

වටිනා ගැළවීම මනුෂ්‍යයන් අතර බෙදාගන්න ඕනෑය - මනූ මැතානි
June 18, 2023 Sunday Sermon Notes

 

අප නොසැලී සිටීමට නම් දෙවියන්වහන්සේගේ වචනය මත ජීවත්විය යුතුයි.

ස්වාමීන්වහන්සේ පර්වතයක් ලෙස සිටින නිසා අපගේ ස්වභාවයද එයාකාර විය යුතුයි.

ඔබ පර්වතය මත නම් කුණාටුවට ඔබ බිය වීමට අවශ්‍ය නොවේ.

කුණාටු ගෙන එන්නේ යක්ෂයාය, ඌ ඔබගේ ස්ථීරභාවය දෙස බලා නැවත හැරීයයි.

කුණාටු මධ්‍යයේ නොසැලී සිටීමට තෝරා ගත යුත්තේ ඔබමයි.

දානියෙල් 12:1-4
ඒ කාලයේදී නුඹේ සෙනඟගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියාවූ මීකායෙල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය. ඒ කාලයේදී නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය.
2 පොළොවේ ධූලියෙහි සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව සහ සදාකාල නීචකමටත්, පිබිද එන්නෝය.
3 නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලේටම බැබළෙන්නෝය.
4 නුමුත්, දානියෙල්, නුඹ මේ වචන වසා, අන්තිම කාලය දක්වා පොත මුද්‍රකර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත, දැනගැන්මද වැඩිවන්නේයයි කීවේය.

අපගේ ගැළවීම ගැන අපට ස්ථීරකමක් තිබිය යුතුයි.

ඔබේ නම ජීවන පොතේ ලියා ඇති බවට විශ්වාසයක් තිබේද?

මේ කාලයේදී ගැළවීම ගැන අපේ විශ්වාසයන් කොතරම් බිඳී තිබුණත් අපේ නම ජීවන පොතේ ලියා ඇති බව ස්ථීර ලෙසම විශ්වාස කරමු.

දානියෙල් 12:2
පොළොවේ ධූලියෙහි සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව සහ සදාකාල නීචකමටත්, පිබිද එන්නෝය.

සමහර කිතුනුවන් පවා ගැළවීම ගැන සහතිකයක්, විශ්වාසයක් නැතිව ජීවත් වෙයි.

අපි ඉන්නේ අන්තිම කාලයේ, ඒ නිසා අපි සදාකාල ජීවනය ලබා ගත් සෙනඟ ලෙස මනුෂ්‍යයන්ට ශුභාරංචිය කියමින් ජීවත් වෙනවාද?

අප විශ්වාස කරන දේ අන් අය සමඟ බෙදා ගනිමු.

දෙවියන්වහන්සේ අපගේ සදාකාල ඉරණම වෙනස් කර තිබෙනවා.

මේ වෙනස අපි සත්‍ය වශයෙන් දන්නේ නම් අපි ඒ ගැන කරන්නේ කුමක්ද?

අපි නොසැලකිලිමත්කමෙන් ජීවත් වෙනවාද?

අපට තිබෙන වගකීම අපි ඉටු කරනවාද?

ඔබ ඉන්න ස්ථානයේ වගකීමක් ඇතුව ඔබ සිටිනවාද?

ඔබ මනුෂ්‍යයන්ට උපකාර කරනවාද?

දානියෙන් 12:3
නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලේටම බැබළෙන්නෝය.

ඔබ ප්‍රඥාවන්ත කෙනෙකුය, ඔබ බැබළෙන කෙනෙකුය.

මනුෂ්‍යයන් සමඟ ඔබ සිටින කල ඔබ ඔවුන්ට උදාහරණයක් වී සිටින්නේද?

යේසුස්වහන්සේ ජීවත් වුනේ දෙවියන්වහන්සේගේ ගෞරවය උදෙසායි.

ඔබ ගන්න තීරණ වලින් වෙන කෙනෙකුව ඔබ පැකිලීමට පත්වෙන්නට සලස්වනවාද?

ඔබ වෙන අයට ආදර්ශමත් වෙන ජීවිතයක් ගත කරනවාද?

අපි මනුෂ්‍යයන් ගැළවීමට ගෙන ආ යුතුයි.

අපි දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන්ය.

අපගේ සාක්ෂිය තුළින් මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ වෙතට හරවා ගනිමු.

දෙවියන්වහන්සේ ඔබට දී ඇති කැඳවීමෙන් කිසිසේත් ඉවත්ව යා නොහැකියි.

උන්වහන්සේ ඔබේ ජීවිතයේ කර ඇති විශාල ක‍්‍රියාව ගැන ඔබේ සැළකිල්ල කෙතරම්ද?

අපි අන් අයගේ ජීවිතය ගැන වගකීමක් ඇතුව ජීවත් වෙමු.

අධෛර්යමත්ව සිටින අය සභාවට ගෙන එමු.

ඔබ දෙවියන්වහන්සේගේ ගෘහයයි.

දෙවියන්වහන්සේගේ මාළිගාවේ නිතරම සිදුවන දේ වන ස්තුති දීම, ප‍්‍රශංසාව ඔබ තුළින් නික්මිය යුතුයි.

යේසුස්වහන්සේට පැමිණි බොහෝ පරීක්ෂා මැද දීත්, උන්වහන්සේ නපුරු ක‍්‍රියාවන් ප‍්‍රතික්ශේප කර, පියාණන්වහන්සේගේ ගෞරවය සෙවු සේක.

උන්වහන්සේ ජීවත් වූයේ දෙවියන්වහන්සේගේ ගෞරවය වෙනුවෙනුයි.

අපි හදිසියෙන් ගන්න තීරණ වලින් අපිට වාසි ප‍්‍රයෝජන තිබුණත් අන් අයව පැකිළීමට පත් වෙනවා නම් ඒ ගැන අපේ සැළකිල්ල කොතරම්ද?

රෝම 14:1-3 හි සඳහන් ලෙස කිසිවෙක් විනිශ්චය නොකරමු, මන්ද දෙවියන්වහන්සේ අප සියල්ලන් උදෙසා මැරුණුසේක.

අපි සභාව පාවා දෙන කෙනෙක්ද?

අපි ගන්න තීරණ දේව වචනයට අනුවම ගැනීමට උත්සහ ගනිමු.

අපේ සාක්ෂියේ වචනය තුළින් මනුෂ්‍යයන්ව ධර්මිෂ්ඨකමට හරවා ගත යුතුයි.

අප විසින් ගැළවීමට ගෙන ආ මනුෂ්‍යයන් ගැනත්, ඔවුන්ගේ ජීවිතය ගැනත් අපිට වගකීමක් තිබේ.

හිතෝපදේශ 11:30
ධර්මිෂ්ඨයාගේ ඵලය ජීවන වෘක්ෂයක්ය; ආත්ම දිනාගන්නා ඥානවන්තයෙක්ය.

ආත්ම දිනාගැනීමෙන් ඔබට පුදුම ප්‍රීතියක් ලැබෙනවා.

අපිට ලැබී ඇති ආශීර්වාදය සුළු නොකර තවකෙනෙකු සමඟ බෙදා ගනිමු.

දේව වචනය හරි ආකාරව වටහා ගත නොහැකිව එය පහදා දිය යුතු අය කොතරම් සිටිනවාද? ඔවුන් ගැන අපේ ප‍්‍රතිචාරය කෙබඳුද?

2 රාජාවලිය 7:3-9
කුෂ්ඨරෝගීන් සතරදෙනෙක් වාසල් දොරකඩ සිටියෝය. ඔව්හු එකිනෙකාට කථාකොට: අපි නහින තුරු කුමට මෙහි සිටිමුද? අපි නුවරට ඇතුල්වෙමුයයි කීවත් නුවර සාගතය තිබෙන බැවින් අප එහි නසිනවා ඇත. මෙහි සිටියත් නසිනවා ඇත. ඉන්නිසා දැන් එන්න, අපි සිරියවරුන්ගේ සේනාවට එකතුවෙමු. ඔවුන් අප ආරක්ෂාකළොත් අපි ජීවත්වන්නෙමුව; ඔවුන් අප මැරුවොත් අපට මරණය සිද්ධවෙනවා පමණකැයි කීවෝය. එසේ ඔව්හු සිරියවරුන්ගේ කඳවුරට යන පිණිස අරුණු වේලෙහිම නැගුටුණෝය. නුමුත් ඔවුන් සිරියවරුන්ගේ කඳවුරේ සීමාවට පැමුණුණ විට එහි කිසිවෙක් නැති බව දුටුවෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේ රථ ඝෝෂාවක්ද අශ්ව ඝෝෂාවක්ද යන මහත් සේනාවක ඝෝෂාවක් සිරියවරුන්ගේ සේනාවට ඇසෙන්ට සැලැස්වූසේක. ඔව්හු එකිනෙකාට කථාකොට: ඉශ්‍රායෙල් රජ හිත්තීවරුන්ගේද මිසරවරුන්ගේද රජුන් අපිට විරුද්ධව කුලියට ගෙන්වාගත්තේය කියා, නැගිට රැයින් පලාගියෝය. ඔව්හු තමුන්ගේ කූඩාරම්ද අශ්වයන්ද කොටළුවන්ද ඇතුළුව කඳවුර තිබුණු හැටියටම අත්හැර තමුන්ගේ ප්‍රාණය ගළවාගන්ට පලාගියෝය. ඒ කුෂ්ඨරෝගීන් කඳවුරේ සීමාවට පැමුණුණ විට ඔව්හු එක් කූඩාරමකට ඇතුල්වී කා බී, එතනින් රන් රිදී සහ වස්ත්‍ර රැගෙන ගොස් සඟවා තබා, නැවත හැරී ඇවිත් වෙන කූඩාරමකට ඇතුල්වී, එතැනිනුත් රැගෙන ගොස් සඟවා තැබුවෝය. එවිට ඔව්හු එකිනෙකාට කථාකොට: අප කරන දේ හරි නැත. අද දවස හොඳ ආරංචි ඇති දවසක්ව තිබෙද්දී අපි නිශ්ශබ්දව සිටිමුව. උදය එළිවෙන තුරු ප්‍රමාදවුණොත් අපට වරද පැමිණෙයි. ඉන්නිසා එන්න, අපි රජ ගෙදරට දන්වමුයයි කීවෝය.

මේ කුෂ්ඨ රෝගීන් හතරදෙනා තීරණ කරගත්තේ මේ යහපත් දේ අපි අන් අය සමඟ බෙදා ගත යුතුයි.

ඒ ආකාරයට අපිත් තීරණය කරගනිමු.

අප ගැන පමණක් හිතන්නේ නැතුව අන් අය ගැනද සිතමු.

අපගේ ඇදහිල්ල අප ගොඩනගා ගන්නේ අපගේ අවශ්‍යතාවයන් ලබා ගන්නා පිණිසද? නැතිනම් අන් අයට ශුභාරංචිය පතළ කරන පිණිසද?

පේත්‍රැස් එදා රාත්‍රියේ කිසිදෙයක් ලබා ගත්තේ නැහැ. එහෙත් ඔහුගෙන් බෝට්ටුව යේසුස්වහන්සේ ඉල්ලූ විට ඔහු ඒක පාවිච්චි කරන්නට දුන්නා. ඉන්පසු ඔහුට දැල ඉරෙන තරමට මාලු අල්ලා ගන්නට පුලුවන් වූණා.

උත්පත්ති 12:2-3
මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න. තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.

ඔබ ආශීර්වාද සොයා නොයන්න. ඔබ දෙවියන්වහන්සේව සොයා යන කල ආශීර්වාද ඔබ පසුපස අනිවාර්යයෙන්ම එන්නට යනවා.

ඔබගේ ආත්මික පියාණන්වහන්සේ කියන දේ පළමුකොට කරන්න.

මතෙව් 6:33
නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.

ඒ ආශීර්වාද පැමිණෙන කොට කිසිකෙනෙකුට ඒ ආශීර්වාද ඔබගෙන් නවතා දමන්නට බැරි වන්නේය.

ඔබේ ආත්මික සම්බන්ධතාවයද වර්ධනයද අත් නොහැරිය යුතුයි.

ඔබව කී දෙනෙක් වර්ණනා කරනවාද, ප‍්‍රත්ක්ෂේප කරනවාද කියන දේ නොසොයා ස්වාමීන්වහන්සේව සොයන්න.

යෙසායා 40:25
ඉතින් නුඹලා මා කාට සමාන කරනවාද? මා එක සමානව සිටින්නේ කාටදැයි ශුද්ධ තැනැන්වහන්සේ අසනසේක.

ඔබ දෙවියන්වහන්සේව ආශීර්වාදය සමඟ සමාන කරනවාද?

මැටි රූපයකට හෝ යම් දෙයකටද නැතහොත් යම් පුද්ගලයෙකුට ඔබ දෙවියන්වහන්සේව සමාන කරන්නේද?

දෙවියන්වහන්සේ අපගේ සියල්ලෙන් සියල්ල වනසේක.

දෙවියන්වහන්සේගෙන් අපව වෙන් කිරීමට කිසිම දෙයකට හෝ පුද්ගලයෙකට කළ නොහැකිය.

උන්වහන්සේ හා සමාන කිරීමට මෙළොව කිසිවක් හෝ කිසිවෙකු නැත.

මතෙව් 4:8‭-‬10
නැවතත් යක්ෂයා උන්වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ඓශ්චර්යයද උන්වහන්සේට පෙන්වා: ඔබ බිම වැටී මට නමස්කාරකරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමියි උන්වහන්සේට කීවේය. එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්ව යව. මක්නිසාද–නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක.

දෙවියන්වහන්සේත් උන්වහන්සේගේ වචනයත් සමඟ ඔබට කිසි දෙයකට සමාන කළ නොහැකියි.

මට කිසිවක් නැතුව තිබුණු නිසයි මම යේසුස්වහන්සේව අත්හැර ගියේ කියා කියන්නේද?

ඔබ දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධකමෙන් සිටින්නට අවශ්‍යයි.

දෙවියන්වහන්සේ කිසිදා අධෛර්යය නොවන නිසා අපිත් ධෛර්යවන්තව සිටිමු.

අපගේ දුර්වල තීරණ වලට නිදහසට කරුණු නොදෙමු.

හෙබ්‍රෙව් 3:12
සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.

ඔබ ජීවමාන දෙවියන්වහන්සේගෙන් අහක්ව නොයා සිටීම ඔබගේ වගකීමයි.

උන්වහන්සේගෙන් ඈත්වීම ඔබ තුළ ඇතිවී තිබෙන නපුරු සිතක්ය.

පරීක්ෂාවන් හා කරදර ප්‍රශ්න හැමෝටම එන නමුත් ඔබ උන්වහන්සේව අත හැර යන්නේද?

ඔබ යේසුස්වහන්සේ දෙස බලමින් මේ ගමන ගමන් කළ යුතුයි.

හෙබ්‍රෙව් 12:1
එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.

දෙවියන්වහන්සේ ඔබවත් මාවත් උන්වහන්සේගේම පුත්‍රයෙකු කළේය.

ගීතාවලිය 8:3-4
ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?

ගීතාවලිය 8:4‭-‬5
ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද? ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක.

දෙවියන්වහන්සේ අප ගැන කොතරම් සිතනවාද?

අපව ඔසවා යේසුස්වහන්සේ සමඟ දකුණුපස හිඳුවා තිබෙනවා.

ඔබ දිවිනසා ගැනීමට තීරණය කර තිබුණත් ඒක ඉතා භයානකයි දිවි නසා ගැනීමේ සිතුවිලි ගෙන එන්නේ යක්ෂයා.

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා වන අතර ශුද්ධාත්ම බෞතීස්මය ලබා ගත් අපි සියල්ලෝද දෙවියවහන්සේගේ පුත‍්‍රයෝය.

එබැවින් උන්වහන්සේ මේ පොළොවේ සිටි ආකාරයෙන්ම අපිත් සිටිය යුතුයි.

මනුෂ්‍යයන් යේසුස්වහන්සේට පැවසුවේ ඔබට යක්ෂයෙක් වැසී තිබෙනවා කියාය. (යොහාන් 8:48)

නමුත් උන්වහන්සේ දෙවියන්වහන්සේට දොස් පැවරුවේ වත් මැසිවිලි නැඟුවේ වත් නැත

අප කුඩා ප්‍රශ්නයක් ඇතිවූ විට දෙවියන්වහන්සේ අතහැර යන්නට තීරණ ගන්නවා.

ගීතාවලිය 8:5-6
ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක. ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක.

දෙවියන්වහන්සේ අපට කොතරම් ප්‍රේම කරනවාද සියල්ලේ ආධිපත්‍යය අපිට දී තිබේ.

දෙවියන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නේ අපි මේ පොළොවේ මහිමවත් වූ ජීවිතයක් ගත කිරීමයි.

දෙවියන්වහන්සේ කිසිදින උන්වහන්සේගේ ගිවිසුම කඩ නොකරන සේක.

අප උන්වහන්සේගෙන් ඈත් වෙනවා මිස උන්වහන්සේ කිසිවිටක අපෙන් ඉවත්ව නොයන සේක.

ඔබ අධෛර්මත් වන හැම වෙලාවක ඔබට පහර ගසන්නට යක්ෂයාට ඉඩ දෙන්නේ ඔබමය.

අධෛර්මත් වෙන්නට තීරණය කරන්නේ අපමය.

අපි දුෂ්ට ක‍්‍රියාවන් සමඟ දෙවියන්වහන්සේව සමාන නොකරමු.

යෙසායා 40:25‭-‬26
ඉතින් නුඹලා මා කාට සමාන කරනවාද? මා එක සමානව සිටින්නේ කාටදැයි ශුද්ධ තැනැන්වහන්සේ අසනසේක. නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.

උන්වහන්සේගේ මැවිල්ල එදා පටන් අද දක්වාම ස්ථීරව පවතී.

අප දේව රාජ්‍යයේ දෙවියන්වහන්සේගේ දකුණු පස හිඳිමින්, හවුල් මෙහෙකරුවන් ලෙස උන්වහන්සේ සමඟ එක්ව සේවය කරමු.

යෙසායා 40:27
මාගේ මාර්ගය ස්වාමීන්වහන්සේගෙන් සැඟවී තිබේය කියාත් මාගේ විනිශ්චය මාගේ දෙවියන්වහන්සේ වෙතින් පහවේය කියාත් එම්බා යාකොබ්, නුඹ කියන්නෙත් එම්බා ඉශ්‍රායෙල්, නුඹ කථාකරන්නෙත් මක්නිසාද?

යෙසායා 40:28
පොළොවේ සීමාවල මැවුම්කාරවූ ස්වාමීන්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය.

අපි දිනපතා දෙවියන්වහන්සේව වඩ වඩා දැනගන්නට යන්නේය.

යක්ෂයා අපව උණුසුම් කරන අවස්ථාවලදී පවා ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම අපේ ප‍්‍රතිචාරය විය යුතුයි.

උන්වහන්සේ අප තුළ වාසය කරන නිසා අපේ සියළුම ප‍්‍රශ්න වලට පිළිතුරු දැනටමත් අපට ලැබී ඇත.

අපට දෙවියන්වහන්සේගේ ඥානය හෝ උන්වහන්සේගේ සත්‍යය දැනගැනීම නිම කළ නොහැකි තරම්ය.

යෙසායා 40:29
උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක.

යෙසායා 40:30‭-‬31
තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

දෙවියන්වහන්සේ ඔබේ ජීවිතයේ නොමැති නම් ඔබේ සවි ශක්ති ඇති යෞවන කාලය පවා නිශ්ඵලය.

අප කාර්යබහුල විය යුත්තේ දෙවියන්වහන්සේගේ හඬට සවන් දීමෙන්ය.

යෙසායා 40:18-19
එහෙයින් නුඹලා දෙවියන්වහන්සේ කාට සමකරන්නහුද? නොහොත් කොයි රූපාකාරයක් උන්වහන්සේට සමානකරන්නහුද?
කැටයම් රූපය වනාහි කම්කරුවෙකු විසින් වාත්තු කරනලද්දේය, රන්කරුවා ඒක රනින් වසා ඊට රිදී දම්වැල් සාදයි.

දෙවියන්වහන්සේට සමාන කළ හැකි මේ පොළොවේ කිසිවක් නැත.


Watch the Sermon Video

Read 225 times