+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සගේ හඬ අසන්නට පහසුය

- මනූ මැතානි
July 2, 2023 Sunday Sermon Notes

 

අපගේ තෝරාගැනීම වැදගත්ය. අප වචනය තුළ පවතින්නට තෝරා ගත යුතුයි.

වචනය අපව වෙනස් කරන්නට නම්, අප ඒ තුළ පැවතිය යුතුය.

යාකොබ් 1:22-23
නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න. මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය.

අප වචනය අසනවා පමණක් නම් අප අපවම රවටා ගනියි.

මනුෂ්‍යයෙක් තමා දන්නාවු සත්‍යය ගැන පවතින්නේ නැතිනම් ටික කලකින් ඔහු එය අතහැර දමයි.

එහෙත් ප‍්‍රතිඵල තිබුනත් නැතත් අප එය විශ්වාස කිරීමට, ඒ තුළ පැවතීමට තෝරා ගත යුතුය. අපට අනාගතයේදී අනිවාර්යයෙන් ප‍්‍රතිඵල ලැබෙනු ඇත.

සමහර විට අප ප‍්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිටිමින්ද මාංසයෙන් තීරණ ගන්නේය.

දෙවියන්වහන්සේ ආබ්‍රහම් හට දුන්න පොරොන්දුව ලබාගන්නට පෙර ඔහු වැරදි තීරණ ගැනීමෙන් ඒවායේ අයහපත් ප්‍රතිඵල අදත් අප දකිනවා.

එහෙත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ව ප්‍රතික්ෂේප කළේ නැත.

ආබ්‍රහම් පළමු වතාවේදී තමාගේ භාර්යාවට කීකරු වීමෙන් හාගර් තුළින් ඉෂ්මායෙල් යන පුත්‍රයා බිහි කළාය.

එයට හේතුවුයේ ඔහු සාගත කාලයේදී විසඳුම් සෙවීමට දෙවියන්වහන්සේගෙන් අවසර නොගෙන මිසරයට යාමය. (උත්පත්ති 12:10)

අදත් සමහරුන් කරුණු කාරණා වලදී දෙවියන්වහන්සේගේ අවසරය නොගෙන තම තීරණය තමා සතු කරගෙන ආශීර්වාදය ඉල්ලයි.

ආබ‍්‍රහම් මිසරයේ පුරුදු තමාගේ ජීවිතයට ඇතුල් කරගෙන දාසියගෙන් දරුවෙකු උපදවයි.

ආබ‍්‍රහම් මෙවැනි පුරුදුවලට යොමුවූයේ මිසරයට ගිය නිසායි.

නමුත් දෙවැනි වතාවේදී දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පැවසුවේ දැන් ඔබගේ භාර්යාවට ඇහුම්කන් දෙන්න. ඊෂ්මායෙල් පිටත්කරන්න. දෙවියන්වහන්සේ ඇයට ඇහුම්කන් දී එසේ කිරීමෙන් ගත්තේ යහපත් තීරණයක්ය.

ගලාති 4:28‭-‬29
ඉදින්, සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය. නුමුත් මාංසාකාරයෙන් උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට එකල්හි පීඩාකළා සේම දැනුත් වන්නේය.

ආබ‍්‍රහම්ට පොරොන්දුවේ දරුවාව ලැබුණාට පසු, මාංශය එම පොරොන්දුවේ දරුවාට පීඩාවක් වුයේය. (උත්පත්ති 21:9-10)

සාරා විසින් මිසර දේශයෙන් ගෙනාවාවූ නුසුදුසු මිසරීය දාසිය නිසා මහත් පීඩාවකට පත්විය.

දෙවියන්වහන්සේගේ තීරණය නම්, නුදුසුදු දේ පිටකරන්න. (උත්පත්ති 21:12)

ගලාති 4:30
එසේවී නුමුත් ලියවිල්ලේ කුමක් කියා තිබේද? දාසිය සහ ඇගේ පුත්‍රයාත් පිටත දමන්න. මක්නිසාද දාසියගේ පුත්‍රයාට නිර්දාසියගේ පුත්‍රයා සමඟ උරුමය නොලැබෙන්නේය යනුයි.

ක‍්‍රිස්තුස්වහන්සේ වෙතට ආ කල, අප පොරොන්දුවේ දරුවන් මෙන් ජීවත්විය යුතුය. අප මාංසය සමඟ පංගුකාරකම් නොපැවැත්විය යුතුය.

ගලාති 4:31
එබැවින්, සහෝදරයෙනි, අපි දාසියෙකුගේ නොව නිර්දාසියගේ දරුවෝය.

ආත්මයාණන්වහන්සේ පවසන දේට කීකරුව අප ජීවත්වෙමු.

අපි දෙවියන්වහන්සේගේ හඬට කීකරු වී ගමන් කරමු

බයිබලයේ මුල සිට දෙවියන්වහන්සේගේ හඬ තිබේ.

ආදම්ට දෙවියන්වහන්සේගේ හඬින් කථා කළසේක.

දෙවියන්වහන්සේ යමක් පැවසුවානම් උන්වහන්සේ එය වෙනස් නොකරනසේක. එය එසේමය.

අප නැවත නැවත එය දෙවියන්වහන්සේගෙන් ඇසිය යුතු නැත. නමුත් වරක් ඇසුණු ඒ හඬ සැමදා දෝංකාර දෙන සේ එය අපගේ මනසේ රඳවා ගත යුතුය.

අප හවුල් සේවකයන්ය. දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ කටයුතු අප එකමුතුව කළ යුතුය.

1 කොරින්ති 3:6‭-‬7
ඉඳින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය. මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය. එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත.

සිටවන හෝ වතුර දමන තැනැත්තාට නොව වර්ධනය දෙන දෙවියන්වහන්සේට සියළු ගෞරවය හිමි විය යුතුය.

අපට වර්ධනය, සුවය, ගැළවීම දෙන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය.

අප එකිනෙකාට එක් එක් සේවයන් ඇත. අපි කරන සියල්ලට අපට විපාක තිබේ.

සුභාරංචි වචනය මනුෂ්‍යයන්ට පැවසීම, ඒ අයව ගැළවීමට ගෙන ඒම දෙවියන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන සේවයයි.

අපි ස්වාමීන්වහන්සේ සමඟ හවුල් සේවයක යෙදී සිටින්නෙමු.

1 කොරින්ති 3:8
හිටවන තැනැත්තෙත් වතුර වත්කරන තැනැත්තෙත් එකය. එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේය.

අපි උන්වහන්සේගේ වැඩයෙහි නිරතව සිටිමු. උන්වහන්සේගේ කැඳවීමට කීකරුව, උන්වහන්සේ අපට භාර දුන්න කොටස හරි ආකාරව ඉටු කරමු.

වර්ධනය ස්වාමීන්වහන්සේ දෙන නිසා අපි උන්වහන්සේට ගෞරවය දිය යුතුයි.

පොළවේදී සුභාරංචිය මනුෂ්‍යයන් වෙතට ගෙන යාමට උන්වහන්සේට ඔබව අවශ්‍යයි.

අප තුළින් අන් අයට ආශීර්වාදයක් වන බව අපි විශ්වාස කරමු.

ඔබ ආශීර්වාදලද්දෙක් නිසා අන් අයට ආශීර්වාදයක් වෙන්න.

ඔබ වපුරන කෙනෙකි. වැපිරීම සහ කපා ගැනීම ඔබේ හදවත තුළය.

අපි කරන සේවාවන් දෙවියන්වහන්සේ කිසිදා අමතක කරන්නේ නැත.

උන්වහන්සේ නියම කාලයේදී ඔබට අස්වැන්නක් දෙනසේක.

දෙවියන්වහන්සේ අද දවසේදී කතා කළා නම් උන්වහන්සේ කවදාවත් ඒ දේ වෙනස් කරන්නේ නැත.

දෙවියන්වහන්සේ අපට නොපෙණෙන අපේ අවසානය පවා දකින තැනැන්වහන්සේය.

උන්වහන්සේ අපට කතා කරන්නේ උන්වහන්සේගේ වචනයෙන්ය.

2 තිමෝති 3:12
එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.

භක්තිවන්තකම බාහිර ක්‍රියාකාරකම් වලින් පෙන්විය නොහැකිය.

භක්තිවන්තකම යනු උන්වහන්සේගේ හඬට ඇහුම්කන්දී, උන්වහන්සේගේ වචනය පිළිගෙන, ඒ අනුව ජීවත් වීමය.

අපි අසන වචනය ක්‍රියාවට නංවමු.

ලූක් 6:46
මා කියන දේ නොකර: ස්වාමීනි, ස්වාමීනියි මට කියන්නේ මක්නිසාද?

ස්වාමීන්වහන්සේ ඔබට පවසන්නේ ප්‍රීති වෙන්න. නමුත් ඔබ ප්‍රීති නොවී නිදහසට කරණු දෙමින් සිටිනවා.

ස්වාමීන්වහන්සේ පවසන දේට කීකරු වෙමු.

ලූක් 6:47‭-‬49
මා ළඟට ඇවිත්, මාගේ වචන අසා, ඒවා පවත්වන අය කාට සමානදැයි නුඹලාට පෙන්වමි: ඔහු ගැඹුරට හාරා, පර්වතයක් පිට අත්තිවාරම ලා, ගෙයක් සාදාගත් මනුෂ්‍යයෙකුට සමානය. ජල ගැල්මක් පැමිණ සැඩපාර ඒ ගෙට ගැසූ නුමුත්, ඒක හොඳින් ගොඩනගා තිබුණු බැවින් සොලවන්ට බැරිවිය.

පර්වතය නම් මේ වචනයට කීකරු වී ඒ අනුව ක්‍රියා කිරීමයි.

අත්තිවාරම පර්වතය මත නම්, තද කුණාටු ආවත් මම නොසෙල්වෙමි.

“දෙවියන්වහන්සේ අපිට කථා නොකරන්නේ ඇයි” කියමින් එලෙස නොසිටිමින්, උන්වහන්සේ වරක් කථා කර පැවසූ දේ අප කරමින් ඉන්නවාද යන්න විමසා බැලීම වැදගත්ය.

මාගේ ජීවිතයේ අත්තිවාරම තිබිය යුත්තේ, මාගේ ශරීරය කෙරෙහි වත්, හැඟීම් කෙරෙහි වත් නොවේ. මාගේ අත්තිවාරම තිබිය යුත්තේ මාගේ අභ්‍යන්තරයේ ආත්මය තුළයි.
ගීතාවලිය 11:3
අත්තිවාරම් විනාශවූවොත් ධර්මිෂ්ඨයා කුමක් කළ හැක්කේද?

වචනයට අහුම්කන් දී එයට කීකරු වෙමු. එය මගේ ජීවිතයේ අත්තිවාරමය.

දේව වචනයට ඇහුම්කන් දී ඒ ආකාරයට ඔබේ ස්වාමිපුරුෂයාට, භාර්යාවට, දරුවන්ට ප්‍රේම කරමින් ඔබේ වගකීම් ඉටු කරන්න.

වචනයට ඇහුම්කන් දීමෙන් පමණක් නොව, එය පිළිපැදීමෙන් දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ලබා ගත හැකිය.

ආශීර්වාදය ලබා ගැනීමට නම් දෙවියන්වහන්සේ පැවසූ දේ කළ යුතුය.

ලූක් 6:48
ඔහු ගැඹුරට හාරා, පර්වතයක් පිට අත්තිවාරම ලා, ගෙයක් සාදාගත් මනුෂ්‍යයෙකුට සමානය. ජල ගැල්මක් පැමිණ සැඩපාර ඒ ගෙට ගැසූ නුමුත්, ඒක හොඳින් ගොඩනගා තිබුණු බැවින් සොලවන්ට බැරිවිය.

වචනය තුළ පවතින මනුෂ්‍යයෙකුව සෙලවිය නොහැකියි.

අපි නිතර ස්වාමීන්වහන්සේ හඬ ඇසිය යුතුයි.

දෙවියන්වහන්සේ කියූ දේ සිහිකරමින් ඒ දේවල් කරමින් සිටිනවානම් ඔබ කීකරුවන්නේ දෙවියන්වහන්සේගේ හඬටය.

දෙවියන්වහන්සේ ආදම්ට එක වතාවක් පැවසුවේ, මේ තහනම් ගහෙන් ඵල කන්න එපා. නමුත් උන්වහන්සේ නැවත නැවත ඔහුට කී දේ පවසන්නට අවශ්‍ය නැහැ. (උත්පත්ති 2:16-17)

ආදම්ට තිබුණේ ඒ කී දේට ඇහුම්කන් දීමෙන් එය නොකර සිටීමයි.

යක්ෂයා ගෙන ආ පරීක්ෂාවේදී ඔවුන් පරාජිතයෝ විය. දෙවියන්වහන්සේ කියූ දේ ඔවුන් නොකරන ලදි.

අනාගතවාක්‍ය සහ අනාගතවත්තෘවරුන් පවා ඔබගේ කැමැත්තට අනුකූල දේ පැවසීමට යක්ෂයා විසින් පාවිච්චි කළ හැකිය.

දෙවියන්වහන්සේගේ මුල් කැමැත්ත, පළමු කාරණාව අමතක නොකළ යුතුය.

ඉශ්‍රායෙල් හා යුදා මනුෂ්‍යයන් එකිනෙකාගෙන් වෙන්වීමේ මායිම් තිබුණේ බෙතෙල් හා දාන් වලදීය.

ඉශ්‍රායෙල්හි රජවරුන් නිතරම බොරු අනාගතවක්තෘවරුන් පසුපස යමින් මාංශිකව සිටි නමුත් යුදාහි රජවරුන් එසේ නොවූවෝය.

1 රාජාවලිය 13:1
යෙරොබොවම් සුවඳ දුම් ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට යූදා සිට බෙතෙල්ට ඇවිත්,

ඉශ‍්‍රායෙල් රජ යෙරබොවම් තම සෙනඟ දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට යුදා දේශයට යෑම වැලැක්වීමට යුදා දේශයට ඇතුළුවීමේ දොරටු ළඟ රන්වහු රූප දෙකක් සාදා ඔවුන් මිසරයෙන් ගෙනාවාවු දෙවියන් මේයැයි නියමින් රූප වන්නදාව පිහිටුවීය. 1 රාජාවලිය 12:25-33)

යෙරබොවම් රජ සෑදූ පූජාසනයට විරුද්ධව මොරගැසීමට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පණිවිඩය දීමට යුදාහි අනාගතවක්තෘවරයෙකු එවීමට කටයුතු කළසේක.

මෙම තරුණ අනාගතවක්තෘ දෙවියන්වහන්සේගේ හඬට කීකරුව උන්වහන්සේ කියන්නට කියූ පවසන ලදි.
අනාගතවක්තෘ පැවසූ දෙයට රජ කෝපව ඔහුට විරුද්ධව අත දිගුකරත් ඔහුට නමා ගන්නට නොහැකි ලෙස එය වියළුණේය.

1 රාජාවලිය 13:4
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා බෙතෙල්හි පූජාසනයට විරුද්ධව මොරගසා කී වචන යෙරොබොවම් රජු ඇසූ විට ඔහු පූජාසනය වෙතින් තමාගේ අත දිගුකර: ඔහු අල්ලාගනිව්යයි කීවේය. ඔහුට විරුද්ධව ඔහු දිගුකළ තමාගේ අත දෙවනු නමාගන්ට බැරිලෙස වියළුණේය.

අනාගතවක්තෘ පැවසූ ලකුණු ඉටුවූ හෙයින් රජ තමාගේ අතද සුවකරන ලෙස යාච්ඤා කරන්නැයි කියා තම අත පෙර පරිදි සුවව ඇති බව දුටු විට අනාගතවක්තෘට තම නිවසට ආරාධනා කරනු ලැබුවේය.

1 රාජාවලිය 13:5
තවද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේගේ අණ පරිදි දුන් ලකුණේ හැටියට පූජාසනය පැළී අලු පූජාසනයෙන් විසිර වැටුණේය.

1 රාජාවලිය 13:7
රජද: මා සමඟ ගෙදරට ඇවිත් විඩා හැරගන්න, නුඹට ප්‍රසාද පඬුරක් දෙමියි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කීවේය.

රජතුමාගේ ආරාධනය ප‍්‍රතික්ෂේප කළ ප්‍රොපේතවරයා තමා ආ කාරණය පමණක් ඉටු කෙරූ බවද ඉන් එහාට කිසිවක් කන්ටවත්, බොන්ටවත් එපා යැයි දෙවියන්වහන්සේ තමාට අණ කළ බවද රජුට කෙලින්ම පැවසීය.

1 රාජාවලිය 13:8
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: නුඹේ ගෙයින් දෙකෙන් පංගුවක් මට දෙතත් මම නුඹ සමඟ එහි නොයමි, මේ ස්ථානයේදී මා විසින් කෑම කන්නේවත් වතුර බොන්නේවත් නැත.

1 රාජාවලිය 13:9
මක්නිසාද ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට මෙසේ අණකොට–නුඹ කෑම කන්ටවත් වතුර බොන්ටවත් නුඹ ආ මගින් හැරී යන්ටවත් එපාය කියා මට කියන ලද්දේයයි රජුට කීවේය.

තරුණ අනාගතවක්තෘවරයා රජතුමා ඉදිරියේ පවා දෙවියන්වහන්සේගේ හඬට ස්ථීරව, සෘජුව සිටියේය.

බෙතෙල් හී සිටි මහළු ප්‍රොපේතවරයෙකුගේ පුත‍්‍රයන් එම සිදුවීම දැක එය ඔහුට සැලකර සිටින ලදි.

1 රාජාවලිය 13:11
බෙතෙල්හි මහලු ප්‍රොපේත කෙනෙක් වාසයකෙළේය; ඔහුගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා එදා බෙතෙල්හිදී කළ සියලු ක්‍රියාවල් ඔහුට කීයේය. ඔහු විසින් රජුට කී වචනද ඔව්හු තමුන්ගේ පියාට කීවෝය.

බෙතෙල්හි අනාගතවක්තෘවරයා මහළුව, පසුබටව සිටි නිසාත්, ඔහු රජතුමාට පක්ෂපාතීව, දෙවියන්වහන්සේට ඇහුම්කන් නොදීම නිසාත්, ඔහුට දෙවියන්වහන්සේගේ හඬ ඇසුණේ නැත.

1 රාජාවලිය 13:14
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පස්සේ ගොස් ඔහු අලෝන ගහක් යට ඉන්නවා දැක: යූදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා නුඹදැයි ඔහුගෙන් ඇසීය. ඒ මමයයි ඔහු කීවේය.

මහළු ප්‍රොපේතවරයා ගොස් නැවත යමින් සිටි දෙවියන්වහන්සේගේ ප්‍රොපේතවරයාට තම නිවසට ආරාධාන කරයි.

දෙවියන්වහන්සේගේ ප්‍රොපේතවරයාට තමාට දෙවියන්වහන්සේ පැවසූ දේ කියා ඔහුගේ ආරාධනයද ප‍්‍රතික්ෂේප කරයි.

1 රාජාවලිය 13:15‭-‬17
එවිට ඔහු: මා සමඟ ගෙදර ඇවිත් කෑම කන්නැයි ඔහුට කීවේය. ඔහුද: නුඹ සමඟ හැරී එන්ටවත් නුඹේ ගෙදරට ඇතුල්වෙන්ටවත් මට නොපිළිවන. මේ ස්ථානයේදී නුඹ සමඟ කෑම නොකමි, වතුරද නොබොමි. මක්නිසාද–නුඹ එහිදී කෑම කන්ටවත් වතුර බොන්ටවත් නුඹ යන මාර්ගයෙන් හැරී එන්ටවත් එපාය කියා ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කියන ලද්දේයයි කීවේය.

මහළු ප්‍රොපේතවරයාද: “මමත් ඔබ වාගේම අනාගතවක්තෘ කෙනෙකුය” යි දෙවියන්වහන්සේගේ තරුණ ප්‍රොපේතවරයාට පවසයි.

නමුත් මහළු ප්‍රොපේතවරයා අකීකරු පුද්ගලයෙක්ය. ඔහු පසුබටවූ කෙනෙක්ය.

පසුබට වූ මනුෂ්‍යයෙක් සමඟ ගමන් කිරීම ඔබේ ජීවිතයට විනාශයක් ළං කර ගැනීම හා සමානය.

දෙවියන්වහන්සේගේ හඬට කීකරු නොවන මනුෂ්‍යයා සමඟ කිසිදා නොයන්න.

රජතුමාගේ තෑගී බෝග ඉදිරියේ නොනැමුණු තරුණ ප්‍රොපේතවරයා “මමත් ඔබ වාගේ” යැයි කියූ මහළු ප්‍රොපේතවරායාගේ හඬට අවනත වෙයි.

1 රාජාවලිය 13:18
එවිට ඔහු: මමත් නුඹ වාගේම අනාගතවක්තෘ කෙනෙක්මි; දේවදූතයෙක් ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කථාකොට–ඔහු කෑම කන පිණිසත් වතුර බොන පිණිසත් නුඹේ ගෙදරට කැඳවාගන එන්න කියා කීයේයයි ඔහුට කීවේය. ඔහු ඔහුට කීවේ බොරුය.

තරුණ ප්‍රොපේතවරයා බොරුකාර මහළු ප්‍රොපේතවරායා විශ්වාස කරන ලදි.

දෙවියන්වහන්සේට අකීකරුව සිටින බොහෝ සෙනඟ අදත් සිටිති.

මනුෂ්‍යයන්ගේ වචනවලට වඩා දෙවියන්වහන්සේගේ වචන කෙරෙහි පමණක් විශ්වාසය තබමු.

දෙවියන්වහන්සේ ඔබට කතා කළ පළමු වචනයට ඔබ කීකරු වෙන්න, දෙවෙනි හඬ උන්වහන්සේගෙන් නොවිය හැකිය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය හදිසියෙන් වෙනස් නොකරයි.

“‘..මමත් ඔබ වගේ’’…. අපි එවැනි වචන වලින් ප්‍රවේසම් වෙමු, නොරැවටෙමු.

තරුණ ප්‍රොපේතවරයා බොරුකාර මහළු ප්‍රොපේතවරායාගේ බොරුවට රැවටී, දෙවියන්වහන්සේ එපා කියු දේ කිරීමට පෙළඹුණේය.

තරුණ ප්‍රොපේතවරයා දෙවියන්වහන්සේ එපා කියු දේ කළ නිසා, මරණයට පත්වන බව, බොරුකාර මහළු ප්‍රොපේතවරායා පවසයි.

1 රාජාවලිය 13:19‭-‬22
මෙසේ ඔහු සමඟ ඔහු හැරී ගොස් ඔහුගේ ගෙදර කෑම කා වතුර බීවේය. ඔවුන් මේසේ හිඳින කල ඔහු ආපසු කැඳවාගන ආ ප්‍රොපේත තැන වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමුණුණේය. යූදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ඔහු මොරගසා: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ ස්වාමීන්වහන්සේගේ වචනයට අකීකරුව, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ආඥාව රක්ෂානොකොට, හැරී ඇවිත්, යම් ස්ථානයකදී කෑම කන්ටවත් වතුර බොන්ටවත් එපාය කියා නුඹට කීසේක්ද, ඒ ස්ථානයෙහිදී නුඹ කෑම කා වතුර බිවූ නිසා, නුඹේ මළකඳ නුඹේ පියවරුන්ගේ සොහොන්ගෙට නොපැමිණෙන්නේ යයි කීය.

දෙවියන්වහන්සේ කවදාවත් උන්වහන්සේගේ පළමු වචනය වෙනස් නොකරනසේක.

දෙවියන්වහන්සේගේ හඬ තුළින් උන්වහන්සේ ඔබගේ හදවතට යමක් කථා කළා නම් ඒ වචනය එසේම ඇත්ත වචනයයි. පසුව පැමිණෙන්නේ බොරුකාරයාගේ වචනයයි.

දෙවියන්වහන්සේගේ වචනය තුළ පවතිමු, නමුත් අපි අකීකරුවන්නේ නම් සුළු කරන්නේ නම් විනාශකයාට අපව විනාශ කිරීමට පහසුවේ.

තරුණ ප්‍රොපේතවරයා දෙවියන්වහන්සේගේ හඬට අකීරුවිය. ඔහුගේ අවසානය දුක්ඛිතව නිමවුණි. (1 රාජාවලිය 13:24‭-‬25)

දෙවියන්වහන්සේ බොරු කියන දෙවිකෙනෙකු නොව, දෙවියන්වහන්සේ කීදේ උන්වහන්සේම ඉෂ්ට කරනසේක.

ඔබ දෙවියන්වහන්සේගේ හඬවල් සොයා නොයන්න. උන්වහන්සේට අවශ්‍යය මොහොතේදී උන්වහන්සේ ඔබට කථා කරනු ඇත.

බොරුකාර අය මොනදේ පැවසුවත් ඔබ දෙවියන්වහන්සේගෙන් පළමු ඇසූ හඬට ඇහුම්කන්දී එයට කීකරුව එයට කොපමණ කාලයක් ගතවී තිබුනද එය එසේමයි කියා පිළිගන්න.

යොහන් 10:27
මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති.

දෙවියන්වහන්සේ ඔබට කථා කළ වචනයට එසේය, ආමෙන් කියමින් එය ඉටු වන තුරු දිනපතා එහි පැවතීමට අවශ්‍යය.

යක්ෂයාට ඔබව කා දමන්නට හැක්කේ ඔබ උගේ හඬට ඇහුම්කන් දී ඌට අවස්ථාවක් දුන්නොත් පමණයි.

පළමු වචනයට පටහැණි දෙයක් ඔබට අසන්නට ලැබෙන්නේ නම් එය දෙවියන්වහන්සේගෙන් නොවිය හැකිය.

ශුද්ධාත්මයාණන්වහන්සේ නිතරම කථා කරන්නේ උන්වහන්සේගේ වචනය තිබෙන ස්ථානයෙන්ය.

ගීතාවලිය 29:3
ස්වාමීන්ගේ ශබ්දය ජල මතුයෙහිය මහිමයෙන් යුක්තවූ දෙවියන්වහන්සේ, එනම් ජල රාශි මතුයෙහි වැඩසිටින ස්වාමීන්වහන්සේ ගර්ජනා කරනසේක.

ස්වාමීන්වහන්සේගේ හඬ උන්වහන්සේගේ වචනය තුළය.

ගීතාවලිය 29:4
ස්වාමීන්ගේ ශබ්දය බලවත්ය; ස්වාමීන්ගේ ශබ්දය මහිමයෙන් පූර්ණය.

උන්වහන්සේගේ වචනය තිබෙන තැන උන්වහන්සේගේ හඬ ඇත.

ඔබ දේශනාවකට සවන් දෙන විට, බයිබලය කියවන විට උන්වහන්සේ ඔබට කථා කරනසේක.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ හඬට කීකරුව ඔබ භක්තිවන්තව ජීවත්වන කෙනෙකු නම් ඔබටද පරික්ෂා පැමිණෙනු ඇත.

2 තිමෝති 3:13-15
නුමුත් නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය. එහෙත් නුඹ ඉගෙනගත්තාවූ, නුඹට සහතිකවූ කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙනගත්තෙහිද කියාත්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත්කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න.

අපි ඉගෙනගත් දේවල් තුළ පවතින්න. මන්ද ඒ තුළ දෙවියන්වහන්සේගේ හඬ තිබේ.

2 තිමෝති 3:16‭-‬17
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස 17 දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.

ඔබ ඉගෙනගත් දේවල් නිතරම ඔබට ප්‍රයෝජනය ගෙන දෙයි.

දෙවියන්වහන්සේගේ වචනය තුළින් උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වයට ඔබව සූදානම් කරයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ කථා කරන වචනයට පටහැණි දෙයක් මනුෂ්‍යයන්ගෙන් ඇසුනොත් එය නොපිළිගත යුතුය.

දෙවියන්වහන්සේගේ හඬ ඇසීමට පහසුය. දෙවියන්වහන්සේගේ හඬට කීකරු වීම වැදගත්ය, එය ක්ෂණයකින් වෙනස් නොවේ.


Watch the Sermon Video

Read 175 times