+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අනුග්‍රහයේ සිංහාසණයෙන් පැමිණෙන ප්‍රඥාව - මනූ මැතානි
July 16, 2023 Sunday Sermon Notes


සැබවින්ම දෙවියන්වහන්සේ යහපත්ය.

ඔබේ ජීවිතය දෙස බලා ඔබ දෙවියන්වහන්සේ විනිශ්චය කිරීමෙන් වැලකිය යුතුය.

ඔබ දෙවියන්වහන්සේ විනිශ්චය කරන්නේනම් ආබ‍්‍රහම්ගේ භාර්යාවවූ සාරා මෙන් විශ්වාස කළ යුතුය. (හෙබ්‍රෙව් 11:11)

ඔබ යහපත සුළු කරන නිසා හෝ, ඔබේ විශ්වාසය උන්වහන්සේ කෙරෙහි නැති නිසා, ඔබේ ජීවිතයේ යහපත ඔබ අත්නොදැක සිටිය හැකිය.

යෙරෙමියා 17:5-6
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය. 6 ඔහු මරුකතරේ රෝතෙම් ගහකට සමානවී, යහපත පැමිණෙන විට එය නොදැක, ලුණු භූමියක්ව තිබෙන්නාවූ, වැසියන් නැත්තාවූ කාන්තාරයේ වියළි තැන්වල වාසයකරනවා ඇත.

සමහර පුද්ගලයන් මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තබා තිබෙන නිසාත් ඔවුන්ගේ සිත දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව ඇති නිසාත්, යහපත එන විට නොදකින්නට පුළුවන.

අපේ ශක්තිය කෙරෙහිවත්, මනුෂ්‍යයන්ගේ වචන කෙරෙහිවත් නොව, දෙවියන්වහන්සේ කෙරෙහි හා උන්වහන්සේගේ වචනය කෙරෙහි මුළු සිතින් අපි විශ්වාස කරමු.

"දෙවියන්වහන්සේ මට කිසි යහපතක් කර නැත" කියා කවදාවත් නොපවසමු. උන්වහන්සේ නිතරම යහපත් දේවල් කරමින් සිටිනසේක.

සියලු යහපත් දීමනා පැමිණෙන්නේ උන්වහන්සේ තුළින්ය. අපි ස්වාමීන්වහන්සේ විශ්වාස කරමින් ගමන් කරමු.

දරුවෙක් ලබන්ට සාරාට මහත් බලාපොරොත්තුවක් තිබුණි. ඇය දෙවියන්වහන්සේ පිළිගත් ආකාරයෙන් එය ඉටුවුණි.

හෙබ්‍රෙව් 11:11
ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.

සාරා දෙවියන්වහන්සේ විනිශ්චය කර පැවසුවේ දෙවියන්වහන්සේ විශ්වාසවන්තයි කියාය.

ඔබ අවිශ්වාස වූවත්, උන්වහන්සේ විශ්වාසවන්තයි.

අපි විශ්වාස කරන දෙවියන්වහන්සේ මළවුන් ජීවත්කරන සහ ජීවතුන්ට ජීවනය දෙන තැනැන්වහන්සේය.

උන්වහන්සේ පොරොන්දු වූ දේ ඉෂ්ට කරන හා පැවසූ සියල්ල ඉටු කරන්නට හැකියාව ඇති දෙවියන්වහන්සේය.

යේසුස්වහන්සේ යහපත්, උන්වහන්සේ බලවන්තයි. (යෝබ් 36:5‭)

දකින දේවල් විශ්වාස කිරීමට පහසු වූවත් අපි නොදකින දෙවියන්වහන්සේ විශ්වාස කරමින් උන්වහන්සේ යහපත් බව දැන ගනිමු.

අපි දෙවියන්වහන්සේගේ වටිනාම වස්තුවයි.

දෙවියන්වහන්සේ තමන්ගේ ඒකජාතක පුත‍්‍රයාව ලෝකයට දෙන තරම් ප්‍රේම කළසේක.

වස්තුවක් සඟවා තිබුණු කෙතක් මනුෂ්‍යයෙකුට සම්භ වූ විට ඔහු සතු සියල්ල විකුණා ඒ කෙත මිලයට ගත් බව යේසුස්වහන්සේ වදාලසේක. (මතෙව් 13:44)

ඒ ආකාරයෙන් දෙවියන්වහන්සේ තමන්ගේ වටිනාම වස්තුව වූ යේසුස්වහන්සේ තුළින් අපව මිලදී ගැනීම වෙනුවෙන් පූජා කළ සේක.

දෙවියන්වහන්සේ අපව මුදවා ස්වර්ගීය ස්ථාන වල අප හිඳුවා ඇත.

ඒ තරම් ගිවිසුමක් දෙවියන්වහන්සේ අප උදෙසා තබා තිබේ. අප ඒ ගිවිසුම තුළ ජීවත්වන විට උන්වහන්සේ කවදාවත් අප අත්නාරින සේක.

ගීතාවලිය 30:1
ස්වාමිනි, ඔබ වර්ණනාකරමි; මක්නිසාද ඔබ මා උසස්කළසේක, මාගේ සතුරන්ට මා සඳහා ප්‍රීතිවෙන්ට නුදුන්සේක.

දෙවියන්වහන්සේ අපගේ සතුරන්ට කිසිදා අප උදෙසා ප‍්‍රීතිවෙන්ට ඉඩ නොදෙයි. භය නොවෙන්න මන්ද දෙවියන්වහන්සේ ඔබගේ රැකවරණයයි.

මනුෂ්‍යයන් ඔබව ප්‍රතික්ෂේප කළත්, ඔබ කවුදැයි කියා කාලය පෙන්වා දෙයි.

ස්වර්ගීක ජීවිතය දැනටමත් මට ලැබී ඇත.

මනුෂ්‍යයන් අපව ලැජ්ජාවට පත් කරන්න උත්සාහ කළත්, ස්වාමීන්වහන්සේ කවදාවත් ඔබව ලැජ්ජාවට පත්කරන්නේ නැත.

ස්වාමීන්වහන්සේ තුළ පැවතීම, වචනය පැවැත්වීම ඉතා වැදගත්ය, කාලය, හරි දේ පෙන්වා දෙයි.

මිදි වැල සමඟ පැවතීම වැදගත් වන්නා සේ, දෙවියන්වහන්සේ සමඟ පැවතීමෙන් උන්වහන්සේගේ විශ්වාසවන්තකම දැක ගත හැකිය.

මනුෂ්‍යයන්ගේ වචන වලට භයව, අපේ ඇදහිල්ල අත් නොහැර ස්ථීරව සිටිමු.

රූත්ගේ කතාවේ අපි දකින්නේ, නයොමිගේ ජීවිතයේ පුරුෂයන් තිදෙනෙක්ම නැති වුණා. වැන්දඹු ස්ත්‍රීන් තිදෙනෙක් පමණයි ඉතුරු වුනේ. (රූත් 1:5)

එයින් එක් කෙනෙකු හැරී ගියා තමාගේ දෙමාපියන් වෙතට. (රූත් 1:14)

නමුත් නයොමි රූත් සමඟ බෙත්-ලෙහෙමට ගියසේක. එනම් රොටී තිබෙන නිවස, නැතහොත් ගෘහය. (රූත් 1:19)

ලැජ්ජාවක් දැනෙන විට, අපට සහනය ලැබෙන්නේ දෙවියන්වහන්සේගේ වචනයෙන් නිසා වචනය වෙතට අපි හැරී යමු.

අපේ කාලය අවසානයි කියා නොසිතමු, දෙවියන්වහන්සේගේ නාමය උසස් කරන්න මනුෂ්‍යන්ව උන්වහන්සේ වෙතට ගෙන ආ යුතුයි.

මේ ලෝකයේ ඔබ වටිනා කෙනෙකි, එබැවින් ජීවිතය ගැන එපාවී, වැරදි තීරණ ගැනීමෙන් වලකින්න.

අපගේ නොහැකියාවට යට නොවී ඝන අන්ධකාරය තුළ නැඟිට බැබළෙමු.
(යෙසායා 60:1)

1 යොහන් 2:14
4 පියවරුනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්ය.

අපි නපුරාගෙන් ජය ගත් සෙනඟක් වෙමු, දෙවියන්වහන්සේගේ වචනය තුළ පැවතීම නිසාවෙනි.

එවිට නපුරාගෙන් ජයගැනීම පහසුය.

අභක්තිවන්ත අය සමඟ කාලය ගත නොකරමු.

ගණන් කතාව 14:8
ස්වාමීන්වහන්සේ අප කෙරෙහි ප්‍රසන්නවනසේක්නම් කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත.

ඔබ යේසුස්වහන්සේව පිළිගැනීම, දෙවියන්වහන්සේට ඉතා ප‍්‍රසන්න වන කරුණකි.

ඒ තුළින් අපි පොරොන්දු දේශයට ඇතුළු වී ඇත.

දැන් ඔබ හා මා සිටින්නේ කිරි සහ පැණි ගලා යන ආශීර්වාදාත්මක පොරොන්දු දේශය තුළය.

ගණන් කතාව 14:9
ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය.

ඔබ කැරළි ගසන්නේ නැතිව ආධිපත්‍යයට කීකරු වන්න.

නිවස තුළ ආධිපත්‍යය පිහිටුවා තිබෙනවා නම් එයට යටත් වන්න.

දරුවනි දෙමාපියන්ට කීකරු වෙන්න. (එපීස 6:1)

ස්වාමිපුරුෂයන් භාර්යාවට ප්‍රේම කරන්න ඒක ආධිපත්‍යයට යටත් වීමය. (එපීස 5:25)

භාර්යාවෙනි ස්වාමීන්වහන්සේට කීකරු වෙන්න උන්වහන්සේගේ වචනයට අනුව ඔබගේ ස්වාමිපුරුෂයාට යටත් වෙන්න. (එපීස 5:22)

දරුවන් දෙමාපියන්ට ගරු කළ යුතුය. (එපීස 6:2-3)

ඔබගේ තරුණ වයසේ භාර්යාවට ප්‍රේම කරන්න ඇයට ද්‍රෝහිකම් නොකරන්න. දෙවියන්වහන්සේට කීකරු වෙන්න. ඇයත් එක්ක එක් වී සිටින්න. (මලාකි 2:14-15)

අපගේ ඇස් වැරදි දේට යොමු නොකරන බවට දෙවියන්වහන්සේ ඉදිරියේ ගිවිසුමක් ඇත.

යෝබ් 31:1
මාගේ ඇස් සමඟ ගිවිසුමක් කෙළෙමි; එබැවින් කන්‍යාවක් දෙස බලන්නේ කොහොමද?

මෙය ඔබගේ ඇස් සමඟ ගොඩනඟා තිබෙන ගිවිසුමක්.
ගිවිසුම සුළු නොකරන්න.

ඔබගේ ඇස් ලෝකය දිහා යොමු නොකරන්න. ඔබගේ ඇස් ඔසවා උන්වහන්සේ දිහා බලන්න. උන්වහනසේගේ යහපත්කම ඔබ දැකිය යුතුය.

වින්දනයට පත්වීමේ කාරණයක් ලෙස සලකා අසභ්‍ය දේ බැලීමට යාමෙන් වළකින්න. අවසානයේ එය ඔබව පාපයට වට්ටන්නාවූ කාරණයක් බවට පත්වේ.

කන්‍යාව යනු ඕනෑම කාන්තාවක් විය හැකියි.

කාන්තාවක් දෙස වැරදි ඇසකින් බැලුවත් එම පාපය කළා හා සමානය. (මතෙව් 5:27-28)

අසභ්‍ය දේ බැලීමෙන් දෙවියන්වහන්සේට ද්‍රෝහිකම් නොකරන්න.

අපගේ අවයවයන් අපට පුරුදු පුහුණු කරගත හැකියි. හරි දේ කිරීමට අපගේ අවයව පුරුදු පුහුණු කර ගනිමු.

රෝම 6:9
අපි උන්වහන්සේ සමඟ මැරුනෙමු නම්, උන්වහන්සේ සමඟ ජීවත්වන්නෙමුයයි විශ්වාසකරමුව.

අප දෙවියන්වහන්සේ උදෙසා ජීවත්වෙමු.

රෝම 6:10
මක්නිසාද උන්වහන්සේ මැරුණු මරණයෙන් එක වරක් පාපයට මළසේක, නුමුත් ජීවත්වන ජීවිතයෙන් දෙවියන්වහන්සේට ජීවත්වනසේක.

රෝම 6:11
එලෙසම නුඹලාත් පාපයට මැරී සිටින්නන් කොටද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතාගන්න.

රෝම 6:12
එබැවින් නුඹලා නුඹලාගේ මරණීයවූ ශරීරයේ තෘෂ්ණාවලට කීකරුවන ලෙස පාපය එහි අධිපතිකම් නොකෙරේවා.
පාපයට අපගේ ශරීරයේ අධිපතිකම් කිරීමට ඉඩ නොදෙමු

රෝම 6:13
නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී, නුඹලාම මළවුන්ගෙන් ජීවත්ව සිටින්නන්මෙන් දෙවියන්වහන්සේට භාරවී, නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට භාරදෙන්න.

මේක අපගේ වගකීමක් නිසා අපි මේ දේවල් වලින් වැලකී සිටිමු.

ඔබගේ ජීවිතය දෙවියන්වහන්සේට කැප කරන්න.

ඔබගේ අවයවයන් දෙවියන්වහන්සේට භාර කරන්න.

වැරදි පුද්ලගයන් හා ඇසුරු කිරීමෙන් ඔබ වැරදි දේට පෙළඹෙනු ඇත.

නපුරු සමාගමෙන් ඔබගේ යහපත් චරිතය නරක් වේ. (1 කොරින්ති 15:33)

සමහරවිට ඔබ මාධ්‍යයෙන් නරඹන දේ නපුරු සමාගම විය හැක. ඔබ අසභ්‍ය දේ නරඹන විට ඔබගේ අවයවයන් ඒ දෙයට භාරදෙයි. ඒ තුළින් ඔබ පාපයට පෙළඹී දෙවියන්වහන්සේට අගෞරවය ගෙන දෙයි.

ඔබ පාපයට මැරුණු කෙනෙක් නම් එයාකාරයෙන් ජීවත්වන්න. ඔබගේ කැපවීම ශක්තිමත් කැපවීමක්ව තබා ගනිමින් ඔබගේ අවයව දෙවියන්වහන්සේට අයිතිබව පවසන්න.

ජීවිතයේ අනවශ්‍ය දේ වලට ඉඩ නොදෙන්න. සියල්ලක් ආරම්භ වන්නේ කුඩා දේ වලින්.

ගණන් කථාව 14:9
ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය.

පොරොන්දු දේශයේ ජීවත්වීමටනම්, ඔබ දෙවියන්වහන්සේට කැරළිගසමින් ආධිපත්‍යයට විරුද්ධ වන්නෙකු නොවන්න.

ඔබ හැම කෙනාට භය වී සිටින්නට අවශ්‍ය නැත. ඔබට තිබිය යුත්තේ දේව භය පමණි.

ස්වර්ගයේ දෙවියන්වහන්සේ අපට විපාක දෙනසේක. අප ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුව ගමන් කිරීමෙන් ඒවා ලබාගනිමු.

කුඩා දේවල් වලට කීකරු වීමෙන් විශාල දේවල් ඔබට ප්‍රශ්නයක් නොවන්නේය.

ඇදහිල්ලේ ගමන ඉතාම පහසුයි. ඔබගේ කැඳවීම තුළ ජීවත් වෙන්න.

ඔබ ජයග‍්‍රාහිකව ගමන් කිරීමට නම් සාර්ථක මනුෂ්‍යයන් සමඟ ගමන් කළ යුතුය. අසාර්ථක මනුෂ්‍යයන් සමඟ වාසය නොකරන්න.

දෙවියන්වහන්සේ ගිඩියොන්ට කීවේ ඔබ සමඟ මා සිටිමින් අපි ජයගමු. (විනිශ්චයකාරයා 6:14)

ගිඩියොන් තනිව යන්ට නොහැකියැයි කීවිට දෙවියන්වහන්සේ ඔහුට මනුෂ්‍යයන් එකතු කරගන්නයැයි කීය. ඔහු සමඟ සෙනඟ තිස්දෙදාහක් සිටින ලදි. නමුත් දෙවියන්වහන්සේ භයද තැතිගැන්මද ඇති අය හැරීයන්න යැයි කීවිට සෙනඟ විසිදෙදාහක් හැරී යන ලදි. (විනිශ්චයකාරයා 7:1-3)

දෙවියන්වහන්සේ ගිඩියොන්ට පැවසුවේ ඉතිරි දසදහසත් වැඩී ඔවුන් වතුර ලඟට ගෙන එන්න එහිදී දෙවියන්වහන්සේ ඔවුන් අතරින් අවශ්‍යය අය තොරා ගන්නා බවය. (විනිශ්චයකාරයා 7:1-4)

දෙවියන්වහන්සේ වතුර ළඟදී සිදුකළ පරික්ෂණයෙන් උන්වහන්සේට කීකරුව, සාර්ථකව ජයගත්තේ 300 දෙනෙකු පමණි. උන්වහන්සේ ගිඩියොන්ට පැවසුවේ, එම 300 දෙනා සමඟ සටනට යන ලෙසයි. (විනිශ්චයකාරයා 7:7)

අපි දෙවියන්වහන්සේට ඉක්මනින් කීකරු වෙමු. දෙවියන්වහන්සේ කථා කරන්නේ ඔබගේ හදවතටය. ඔබ එය කල්පනා කරමින් කල් නොදමන්න. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට යමක් කරන්නැයි කී විට අභ්‍යන්තරයෙන් එයට කීකරුවන්න.

දෙවියන්වහන්සේගේ හඬට මනසේ සිතුවිලි ගාවා නොගෙන කීකරු වන්නට පුරුදුවෙමු.

කීකරු වූ අය දෙවියන්වහන්සේ පාවිච්චි කළේය.

මුළු රාත‍්‍රියේම දැල් හෙළා කිසිවක් හමුනොවී වෙහෙසව සිටි පේත‍්‍රැස් යේසුස්වහන්සේගේ වචනයට කීකරුව දැල් හෙළා මසුන් රාශියක් අසුකරගන්නා ලදි. (ලූක් 5:5-6)

කීකරු වීමේ ආශීර්වාද විශාලයි.

ගණන් කථාව 14:9
ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය.

දෙවියන්වහන්සේ ඔබගේ ආරක්ෂාවයි. දෙවියන්වහන්සේ සමඟ ගමන් කිරීමට තෝරාගන්න.

ගීතාවලිය 30:2
මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබට මොරගැසීමි, ඔබද මා සුවකළසේක.

ඇදහිල්ලෙන් ඔබ යාච්ඤා කළා නම් විශ්වාස කරන්න ඒ දේ කර හමාරය කියා.

ගීතාවලිය 30:3
ස්වාමිනි, ඔබ ෂෙයෝලෙන් මාගේ ආත්මය ගොඩගත්සේක. මා වළට නොබසින පිණිස මාගේ ජීවිතය ආරක්ෂාකළසේක.

අපි සදාකාල මරණයෙන් සදාකාල ජීවනයට ඇතුල් කළ සේක.

යොහන් 5:24
සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.

ඔබ යේසුස්වහන්සේව පිළිගැනීම දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ කළාවු ප‍්‍රසන්නම කාරණාවයි. එතුළින් උන්වහන්සේ ඔබට සදාකාල ජීවනය ලබා දුනි.

යේසුස්වහන්සේව මහත් දුකක් දරාගෙන කුරුසපත් වූයේ මනුෂ්‍යයන් ගළවන්නටය.

එක් මනුෂ්‍යයෙකු ගැළවීම ලැබූ විට ස්වර්ගයේ විශාල ප‍්‍රීතියක් ඇතිවේ. (ලූක් 15:7/10)

දිනපතා, මොහොතක් පාසා මොහොතක් දෙවියන්වහන්සේ එක් එක් අයව ගළවමින් සිටී. මේ අස්වැන්න නෙළීමේ කාලයයි.

එක්කෙනෙක් බීජ වපුරයි. තව කෙනෙකු වතුර වත්කරයි. නමුත් අස්වැන්න දෙන්නේ ස්වාමීන්වහන්සේය. (1 කොරින්ති 3:6 )

උන්වහන්සේ මරණය පරාජය කර අපට ජීවනය දී තිබේ.

ස්වාමීන්වහන්සේ අදහන්නා විනිශ්චයට පත් නොවේ. ඒ වෙනුවෙන් යේසුස්වහන්සේ විනිශ්චයට පත්වූසේක.

පළමු විනිශ්චයෙන් අප නිදහස්ය. දෙවැනි විනිශ්චය ඇත්තේ අපට විපාක ලබා ගැනීම සඳහාය.

ඒ සදහා අප ගැළවීම ලබාගත් පසු නොකළ යුතු දේ නොකොට දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් උන්වහන්සේගේ හඬට කීකරුව ජීවත්විය යුතුය.

1 යොහන් 2:15
ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.

ලෝකයේ දේවල් තිබෙන්නේ භාවිතය සඳහා පමණයි. ඒවා පහවී යන දේවල්ය. අප එයට වහල් නොවි සිටිය යුතුය.

1 කොරින්ති 7:31
මේ ලෝකය භුක්තිවිඳින්නෝ අධිකලෙස භුක්ති නොවිඳින්නන් මෙන්ද සිටිය යුත්තෝයයි කියමි. මක්නිසාද මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය.

රන් රිදී පවා දිරාපත්වේ. අපගේ ගැළවීම රන් වලට වඩා වටී.

1 යොහන් 2:15
ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.

අපි උන්වහන්සේට ප්‍රේම කරන්නේ නම්, ලෝකයේ තිබෙන දේවල් වලට වඩා පියාණන්වහන්සේ සමඟ ඇති ඒ ප්‍රේමයේ සම්බන්ධකම අපට ඉතා වටී.

මාංශයේ තෘෂ්ණාව - අපගේ හැඟීම්,
ඇස්වල තෘෂ්ණාව - පෙනෙන දේ
ජීවිතයේ අහංකාරකම - තත්වයන්, පෙනීම උදෙසා.

මේවා ලෝකයෙන් වේ. ඔබ දේව කැමැත්ත කරනවානම් නිතරම මෙම කාරණා 3 ඉදිරියට දමා විමසා බලන්න ඔබ කරන්න යන දේ මාංශයේ තෘෂ්ණාවක්ද, ඇස්වල තෘෂ්ණාවක්ද, ජීවිතේ අහංකාරකම උදෙසා ලෝකයට පෙනෙන්න කරන දෙයක්ද කියා. එවිට ඔබට එය දේව කැමැත්තද නැද්ද කියා දැන ගැනීමට පුළුවන. (1 යොහන් 2:16)

1 යොහන් 2:17
ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

පහවී යන දේවල් අල්ලා ගන්න එපා. පහවී යන දේ වලට ඇලුම්වීමෙන් සමහරවිට ජීවිතය පවා නැතිවී යාමට පුළුවන.

ඔබ දෙවියන්වහන්සේගේ කැමැත්ත කළොත් මහත් විපාක ඔබ වෙනුවෙන් පිළියෙළ වී තිබේ. ඔබට තිබෙන්නේ එම විපාක ලබා ගැනීමට ඉවසීමෙන් කටයුතු කිරීමය.

හෙබ්‍රෙව් 10:35
එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැකකම අත් නාරින්න.

හෙබ්‍රෙව් 10:36
මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය.

ඔබට ඉවසීම අවශ්‍යයය. දේව වචනය තුළ පැවති ඉවසිල්ල ලබා ගන්න. ඉවසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය දේව වචනයෙන් ඔබට ලැබේ.

දෙවියන්වහන්සේ ඉවසීමේ දෙවියන්වහන්සේය. (රෝම 15:6 )

රෝම 15:5-6
5 නුඹලා එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස,
6 ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය ලෙස නුඹලා එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.

කිසි මනුෂ්‍යයෙකු විනාශ නොවන ලෙස උන්වහන්සේ ඉවසනසේක.

ගීතාවලිය 30:4
ස්වාමීන්ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.

කිතුනුවා තම ජීවිත කාලයේම දෙවියන්වහන්සේ ඔහුගේ යාච්ඤාවට පිළිතුරු දුන්නේයැයි විශ්වාසකර, "දෙවියන්වහන්සේ යහපත කළේ නැත" යි පැවසීම නවතා, "උන්වහන්සේ යහපත්, දෙවියන්වහන්සේය, නිතරම මට යහපතමයි කරන්නේය" යි පවසමින් උන්වහන්සේට ස්තූති කළ යුතුය. ප‍්‍රශංසාවෙන් කල් ගෙවිය යුතුය.


Watch the Sermon Video

Read 213 times