+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

කිතුනු ජීවිතයට ප්‍රේමය ඉතා වැදගත්‍ වේ - මනූ මැතානි
August 6, 2023 Sunday Sermon Notes

 

ප්‍රේමයේ වැදගත්කම කොතරම්ද යත්, එය නොමැතිව අපට දෙවියන්වහන්සේ හා සමඟ සම්බන්ධකම් පැවැත්විය නොහැකිය.

1 යොහන් 4:20
යමෙක්: දෙවියන්වහන්සේට ප්‍රේමකරමියි කියා තමාගේ සහෝදරයාට වෛරකෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු දෙවියන්වහන්සේට ප්‍රේමකරන්ට ඔහුට නුපුළුවන.

බොරුවේ පියා සමඟ සම්බන්ධකම් පවත්වන්නා බොරුකාරයෙකි.

ප්‍රේමය යනු තෝරා ගැනීමකි, එය ඉබේම සිදු නොවේ.

සිත් රිදෙන වචන වෙනුවට ප්‍රේමයේ වචන කථා කරමින් එකිනෙකාට අපගේ ප්‍රේමය ප‍්‍රකාශ කරමු.

කෝපයේ ආත්මය අපගෙන් දුරු කර ගත යුතුය.

සෑම මොහොතකම තෝරා ගැනීමක් අප ඉදිරියෙහි ඇත, ගැළවීම ලැබූ පසුවද අපට පැමිණෙන පීඩා පරීක්ෂා වලදී ප්‍රේමයෙන් ගමන් කිරීමට තෝරා ගනිමු.

දෙවියන්වහන්සේ ප්‍රේමයයි.

අපට උන්වහන්සේ හා සමානව ප්‍රේමයෙන් මේ පොළොවේ ගමන් කිරීමට වගකීමක් ඇත.

1 යොහන් 4:8
ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි; මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය.

ගැළවීම නොලැබූ පුද්ගලයෙකු ප්‍රේම නොකරන්නෙකු වේ, නොහොත් ගැළවීම ලැබූවද වෛරී ජීවිතයක් ගත කරමින් සිටින්නේ නම් ඔහුද, දෙවියන්වහන්සේව නොහඳුනන කෙනෙකු ලෙස සිටියි.

කුමන ප‍්‍රශ්න ආවත් අප අනිවාර්යෙන්ම ප්‍රේම කළ යුතුය.

ප්‍රේමය තුළ මහත් ප‍්‍රඥාවක් ඇත.

ප්‍රේම කිරීමෙන් බොහෝ දේවල් ජය ගත හැකිය.

1 යොහන් 5:2‭-‬3
අප දෙවියන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන කල, අපි දෙවියන්වහන්සේගේ දරුවන්ට ප්‍රේමකරන බව අපි දනිමුව. මක්නිසාද දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය. උන්වහන්සේගේ ආඥා බර නැත.

වචනය තුළ ජීවත්වීම බරක් නොවේ, එමගින් අපට එකිනෙකා සමඟ සැහැල්ලුවෙන්, සමාදානයෙන් සිටිය හැකිය.

දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඉතා වැදගත්ය.

රෝම 5:5
බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.

2 කොරින්ති 5:14
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත්

අපේ ජීවිතයේ ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය මූලික කරගෙන කටයුතු කළ යුතුය.

ඔබට වෛර කරන අය අතර පවා ඔබ ප්‍රේමයෙන් හැසිරෙන්න.

සතුරා ඔබව භය කිරීමට, කැළඹවීමට උත්සාහ දරන බැවින් ඔබ ස්ථීරව සිටින්න.

2 තිමෝති 1:7
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

ඔබ ප්‍රේමයෙන් ජීවත්වෙන්නට තෝරාගන්න, මන්ද එවිට ඔබට සුවපත්ව, ජයග‍්‍රාහිකව සිටීමට හැකිවේ.

ඔබ තුළ වාසය කරන ප්‍රේමය ලෝකයේ තිබෙන වෛරයට වඩා බලවන්තයි.

මනුෂ්‍යයන් ඔබව ලැජ්ජාවට පත් කරන්න උත්සාහ දැරුවත් යේසුස්වහන්සේ ඔබේ ලැජ්ජාව දරා ගත් නිසා භිය නොවී සිටීමට ඔබට හැකිවේ.

රෝම 5:1
එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.

ඔබ ධර්මිෂ්ඨයෙක්ය.

රෝම 4:25
උන්වහන්සේ වනාහි අපේ වරද නිසා පාවාදෙනු ලැබ, අප ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබීම සඳහා නැගිටුවනු ලැබූසේක.

අප ධර්මිෂ්ඨ වී සිටින්නේ ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුණු නිසාය.

අපට දෙවියන්වහන්සේ සමඟ සමාදානය ඇත.

අප ආත්මිකව වර්ධනය විය යුතු සෙනඟක්ය.

ඔබ තුළ තිබෙන ස්වර්ගීය ප්‍රීතිය ඔබ නැති නොකරගන්න, එය ඔබගේ ශක්තියයි.

1 පේතෘස් 4:12
ප්‍රේමවන්තයෙනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධවෙන්නාක් මෙන් පුදුම නොවෙන්න.

යක්ෂයා මනුෂ්‍යයන් තුළින් අපට ගෙන එන්නාවූ ගිනිමය පීඩාව ගැන පුදුම නොවී, ඒ ගැන දැනුවත්ව සිටිය යුතුය.

අප දෙවියන්වහන්සේ තුළ මහිමවත් ජීවිතයකට උරුමකම් කියන නිසා, මනුෂ්‍යයන්ගේ වචන වලට භයව රහස් කිතුනු ජීවිතයක් ගත නොකළ යුතුය.

ශුද්ධ ජීවිතයක් ගත කරන පිණිස දෙවියන්වහන්සේ අපට යහපත් හෘදයසාක්ෂියක් දී ඇත.

හෙබ්‍රෙව් 10:22
නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.

පිරිසිදු වතුර නම් දෙවියන්වහන්සේගේ වචනයයි.

හෘදයසාක්ෂියේ පවිත‍්‍රකමින් ජීවත්වීම වැදගත්ය.

අපි මනුෂ්‍යයන් ඉදිරියෙත්, දෙවියන්වහන්සේ ඉදිරියෙත් හරිව සිටිමු.

2 කොරින්ති 7:1
එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටු කම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණ කර ගනිමු.

ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපේ ආත්මය එක්වී ඇති නිසා එය කිසිසේත් කිලිටි නොවෙන නමුත්, අප වැරදි ඉගැන්වීම් වලින් ප‍්‍රවේසම් වී ආත්මික මනසක් ඇතිව සිටීම වැදගත්ය.

2 කොරින්ති 4:1
ඉන්නිසා අපට කරුණාව ලැබුණු ලෙසම මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමුව.

ආත්මිකව ක්ලාන්තභාවයෙන් ජීවත් වන්නේ නැතුව ස්ථීරව සිටින්න.

2 කොරින්ති 4:2
ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.

අපේ වාසියට, වැරැද්දක් වසා ගැනීමට දේව වචනය හරවා ගැනීමෙන් අප අපවම රවටා නොගත යුතුය.

පරණ ගිවිසුමේ මනුෂ්‍යයන්ට නොතිබුණු ගැළවීම, ශුද්ධාත්මයාණන්, යේසුස්වහන්සේගේ ලේ වල අනුග‍්‍රහය අපට ඇත.

අපගේ පරණ ස්වභාවය වෙනස් වී, දිව්‍යමය ස්වභාවයක් ලැබී ඇත.

අපගේ ගල් සිත ඉවත්කර මාංශමය සිතක් අපට ලබා දී උන්වහන්සේ අප හදවත චර්මච්ඡේදනය කර ඇත.

කිතුනුවන් ලෙස අපි උසස් මට්ටමේ ජීවිතයක් ගත කරමු.

ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපව ස්වර්ගීක ස්ථානවල හිඳුවා ඇත.

අපගේ උදාහරණය විය යුත්තේ ඇදහිල්ලෙන්, ශුද්ධකමින්, ඉවසිල්ලෙන් කටයුතු කරන, පොරොන්දු උරුම කරගෙන සිටින පුද්ගලයන්වය.

‘’මා ශුද්ධව සිටින ආකාරයෙන් ඔබත් ශුද්ධව සිටින්න.’’

දේව රාජ්‍යය හා ධර්මිෂ්ඨකම සොයන විට අන් සියල්ල අපට ලැබෙන බව විශ්වාස කරමු.

අපට ආදර්ශයක් වන පිණිස බයිබලයේ සියල්ල වාර්තා කර ඇත.

ඒ සැබෑවු වචනය හරි ආකාරව පහදා ගැනීම අපගේ වගකීමයි.

2 තිමෝති 2:15
සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.

වචනය හරි ආකාරව තේරුම් ගත හැකි වන්නේ ශුද්ධාත්මයාණන් තුළිනි.

සෑම කෙනෙකුටම ආදර්ශයක් වන මහිමවත් ජීවිතයක් ගත කරන පිණිස දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත.

පොළොව සහ ඉන් පසුවත් අපට ඇති විපාක ලබා ගන්නා පිණිස ලෝකයේ ගමන නොව, සැබෑ වචනයට අනුව, ඒ ප‍්‍රතිපත්ති අනුව ගමන් කිරීමට තෝරා ගනිමු.

ඔබ වචනය තුළ ජීවත් වන්නේ නම්, ඔබ කිසිසේත් ලැජ්ජාවට නොපැමිණෙනු ඇත.

වචනය කියවා මෙනෙහි කරන්නට, දේශනා අසන්නට, නිවැරදි දේට ඇහුම්කන් දීමට අපි උත්සාහ දැරිය යුතුය.

නිවැරදි දේ නොලැබිම නිසා බොහෝ මනුෂ්‍යයන් මුළා වී ඇත.

ගීතාවලිය 11:3
අත්තිවාරම් විනාශවූවොත් ධර්මිෂ්ඨයා කුමක් කළ හැක්කේද?

ඔබ ධර්මිෂ්ඨයෙක් වූවත් අත්තිවාරම විනාශ වූවොත් ඔබ පසුබට වී, නැවත ලෝකයට ඇදී යාමට පුළුවන.

ඒ නිසා අපේ අත්තිවාරම මුල පටන්ම ශක්තිමත් විය යුතුය.
කිතුනු ජීවිතයේ සෙලවීම් වලදී අපේ ආත්මීක ගොඩනැගිල්ලේ අත්තිවාරම සෝදිසි කර බැලිය යුතුය.

ලෝකයෙන් එන කුණාටු, කරදර පීඩා වලින් ඔබ එහාට මෙහාට ගසාගෙන නොයන පිණිස ඔබේ අත්තිවාරම ශක්තිමත් කර ගන්න.

හෙබ්‍රෙව් 6:1‭-‬2
ඒ නිසා මළ ක්‍රියාවල් ගැන පසුතැවිලිවීමද දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහීමද බව්තීස්මකිරීම් ගැනත් අත්තැබීම ගැනත් මළවුන්ගේ නැගිටීම ගැනත්, සදාකාල විනිශ්චය ගැනත් 2 ඉගැන්වීමද නමැති අත්තිවාරමක් නැවත නොතබා, ක්‍රිස්තුස්වහන්සේගේ මුල් කාරණා පසුකර, සම්පූර්ණවීමට පැමිණෙමු.

පරණ ජීවිතයේ මළාවූ ක‍්‍රියාවන් වලට නැවත හැරී නොයමු.

2 කොරින්ති 13:5
නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්ෂාකර බලන්න; නුඹලාවම සෝදිසිකර බලන්න. නොහොත්, නුඹලා එපා කරනලද තැනැත්තෝ නොවෙත් නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළෙහි වසන බව නුඹලාම නොදනිවුද?

අපට සිදුවූ අසාධාරණකම් වලට කිසිවෙකුට දොස් නොනැගිය යුතුය.

අතීතයේ සිදුවූ එම වැරදි හා එයින් නැගෙන දෝෂාරෝපණ අමතක කර දමා, පාවුල් තුමා කී ආකාරයට ඉදිරිය දෙසම බලමින් ගමන් කරමු.

පිලිප්පි 3:12‭-‬13
මා දැනට ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණවී සිටිනවාවත් නොවේ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලාගත්සේක්ද, ඒක අල්ලාගන්ට වීර්යකරමින් මමත් දුවගනයමි. 13 සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙන දේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්, 14 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.

අපගේ පසුගිය වැරදි වලට අප පසුතැවිලි වී සමාව අයැද සිටි පසු උන්වහන්සේ ඒ සියල්ල අමතක කර දමනු ඇත.

එබැවින් අපද ඒවා අමතක කර අත්හැරිය යුතුය.

යක්ෂයා අපට ඒ ගැන දොස් තබන විට, අපි අපට ඇති උසස් කැඳවීම සිහිකර ක්‍රිස්තුස්වහන්සේගේ දිනුම්පළ දෙස බලමින් දිව යමු.

උන්වහන්සේ එදත් අදත් එකාකාරව අප තුළ වාසය කරමින්, අපට සියල්ල කර දෙන විට, මීටත් වඩා යමක් අපට බලාපොරොත්තු වීමට තිබේද?

අපව ඉහළට ගෙන ඒමට මේ තරම් පොරොන්දු උන්වහන්සේගෙන් අපට තිබියදී ශෝක වීමට කිසිදු කාරණාවක් නැත.

ද්වීතීය කථාව 28:47‭-‬48
සියලු දේ පුරාම තිබෙද්දී නුඹ ප්‍රීතියෙන්ද සිත් සන්තෝෂයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවය නොකළ නිසා, ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව එවන්නාවූ නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් නුඹ විනාශකර දමන තුරු යකඩ වියගහක් නුඹේ කරේ තබනවා ඇත.

අපට පහර දෙන පිණිස දෙවියන්වහන්සේ යක්ෂයාව පාවිච්චි නොකරන සේක.

දෙවියන්වහන්සේට සිත් සන්තෝෂයෙන් සේවය කරන්න.

එසේ නොකළහොත් සතුරා ඔබට පහර දී යකඩ වියගහක් ඔබේ කර මත තබනු ඇත.

අප යේසුස්වහන්සේව පිළිගත් දින අප උන්වහන්සේගේ පුත‍්‍රයෙක් වූ ලෙසම, උන්වහන්සේගේ සේවකයෙකුද විණි.

අපගේ නමස්කාරය, ප්‍රශංසාව, අප කරන සියල්ලම උන්වහන්සේට කරන සේවයකි.

දුකින්, කණගාටුවෙන්, බරින් යුතුව කරන සේවය යක්ෂයාට කරන සේවයකි.

ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා කුරුසපත් වූයේ අපව නිදහස් කිරීමට බැවින් ඒ ශාපයට වහල් නොවී, නිදහස්කම තෝරා ගනිමු. ‍

පරණ ජීවිතයේ මතකයන් අමතක කරමින්, පාවුල් තුමා මෙන් ඉදිරියටම ගමන් කිරීමට තෝරා ගනිමු.

රෝම 5:1-2
එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු. අප පිහිටා සිටින මේ අනුග්‍රහයට උන්වහන්සේ කරණකොටගෙනම ඇදහිල්ලෙන් ළඟාවී සිටිමුව; තවද දෙවියන්වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවෙහි අපි ප්‍රීතිමත්වෙමු.3එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද,

සියල්ලන්ටම ඇදහිල්ල, ප්‍රේමය නැති බැවින් ලෝකයේ අසාධාරණකම් වලට මුහුණ දීමට අපට සිදුවේ.

2 තෙසලෝනික 3:2‭-‬3
හිතුවක්කාර නපුරු මනුෂ්‍යයන්ගෙන් අප ගළවනු ලබන පිණිසද අප උදෙසා යාච්ඤාකරන්න; මක්නිසාද සියල්ලන්ටම ඇදහීම නැත. නුමුත් ස්වාමීන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ නුඹලා ස්ථිරකොට නපුරාගෙන් ආරක්ෂාකරනසේක.

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනයෙන් බැවින් එම ඇදහිල්ල ලෝකයෙන් සොයා ගත නොහැක.

රෝම 5:3-4
එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද,
4 ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු.

ඉවසීම යනු, ස්ථීරභාවය හා නොසැලී සිටීමයි අපේ ඇදහිල්ලට පහර වදින විට අප ඉවසීමෙන් එය ආරක්ෂා කර ගනිමු.

ස්ථීරභාවයෙන් ක්‍රියා කරන්න.

පීඩා මධ්‍යයේ ඉවසීමෙන් සිටීමෙන් අවංක සහතිකකම (අත්දැකීම) අපට ලැබේ.

‘’ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකයයි.’’ (හෙබ්‍රෙව් 11:1)

අපි සියල්ලෝ බලාපොරොත්තු සහිත මනුෂ්‍යයන්ය.

රෝම 5:5
‘’බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය’’

ප්‍රේමයට සියල්ල දරා ගත හැකියි.

1 කොරින්ති 13:7
සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය.

ප්‍රේමය ඔබ තුළ ඇත්නම්, ඇදහිල්ලෙන් ගමන් කිරීමද ඔබට පහසුය.

හුලං පිරවූ බැලූනයක් වතුරේ ගිල්වන්ට නොහැකි සේ ප්‍රේමයෙන් ගමන් කරන මනුෂ්‍යයා ඕනෑම පීඩාවකට යට නොවේ.

1 පේතෘස් 4:12-13
12 ප්‍රේමවන්තයෙනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධ වෙන්නාක්මෙන් පුදුම නොවෙන්න. 13 නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ එළිදරව්වීමේදීත් නුඹලා ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීතිවෙන්න.

කුමන පීඩාවකදී වුවද ඔබේ චරිත ගුණාංග වෙනස් නොකර ඇදහිල්ලෙන් ස්ථීරව සිටිය යුතුය.

ශුද්ධාත්මයාණන් අප තුළ වාසය කරන නිසා, දෙවියන්වහන්සේගේ ප‍්‍රීතිය අපට ඇත.

පිලිප්පි 3:1
ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත, නුඹලාගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය.

පිලිප්පි 3:2
බල්ලන්ගෙන් ප්‍රවේසම්වෙන්න, නපුරු ක්‍රියාකාරයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඡේද්‍යකරන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න.

ලෝකයේ සිටින මනුෂ්‍යයන් ඔබව අධෛර්යයමත් කරන පිණිස එන මුත්, ඔබ ප‍්‍රවේසම් වී ඔබව සුළු කරන්නට ඔවුන්ට ඉඩ නොදෙන්න.

ඔවුන් සමඟ නිවැරදි වචනය කථා කරමින්, ශුභාරංචිය ප‍්‍රකාශ කළ හැකිය.

2 කොරින්ති 4:2
ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශ කිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.

පාපය නිවැරදි කරන පිණිස දේව වචනය පාවිච්චි නොකරමු.

අපි අවංකව දෙවියන්වහන්සේට ප‍්‍රසන්න වන ජීවිතයක් ගත කරමු.

සැක සහිත සිතිවිලි ඔබේ අත්තිවාරමේ පැල්මක් බැවින් එය නිවැරදි කර ගන්න.

ඔබට බව්තීස්මය ගැන සැකයක් ඇත්නම් නැවත වරක් එය ලබා ගත හැකිය, ක‍්‍රියා 19 වන පරිච්ඡේදයේ සඳහන් වන පිරිසක් ලබා සිටියේ යොහන්ගේ බව්තීස්මය පමණක් වූ නමුත් පාවුල් තුමාගේ ඉගැන්වීමෙන් පසුව ඔවූහු නැවත බව්තීස්මය ලබා ගත්හ.

ක‍්‍රියා19:5
ඔව්හු ඒ අසා ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවෝය.

ශුද්ධාත්මයාණන් අප තුළට පැමිණ අප සමඟ ක‍්‍රියා කරන්නට බලා සිටින බැවින්, උන්වහන්සේගෙන් සම්පූර්ණයෙන්ම පිරී සිටීමට තීරණය කර ගනිමු.


Watch the Sermon Video

Read 156 times