+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ධර්මිෂ්ඨකම අනුව යන්න- යෝෂා මනූ
August 13, 2023 Sunday Sermon Notes

 

සාගතය තුළ වැපිරීම පොත හදුන්වාදීම

මෙය නොමිලේ බෙදාහරින ඉතා අගනා පොතකි.

මනුෂ්‍යයන් සිතන්නේ දෙවියන්වහන්සේ සාගතය එවනවා කියා, එසේ නොවෙයි, සාගතය තිබුනත් දෙවියන්වහන්සේ ඔබගේ සැපයුම්කරුයි.

ස්වාමීන්වහන්සේ සපයන්නේ, උන්වහන්සේගේ තේජස් මහිමයේ සම්පතේ ප‍්‍රකාරයටය. සාගත කාලයෙත් ස්වර්ගීය කවුළු විවර කරමින්, ඔබට ආශීර්වාද කිරීමට උන්වහන්සේට පුළුවන. ඔබ එය විශ්වාස කළ යුතුය.

නිසැකයෙන්ම මෙම පොත ඔබට ආශීර්වාදයකි. දෙවියන්වහන්සේ ඔබට කෙතරම් ප්‍රේමකරනවාද කියා මේ තුළින් ඔබට දැනගත හැක.

ඔබ ණයතුරුස්භාවයෙන් ජීවත්වන්නේ නම්; “ස්වාමීනී මම මේ ණය තුරුස්භාවයේ ජීවත්වූවා ඇති, ඔබවහන්සේගේ වචනයෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට මා කැමතියි” කියා, ඔබ දෙවියන්වහන්සේට පවසා සිටින්න.

දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ සඵලවත්ව ජීවත්වනවාටයි. සමහරෙක් මෙම සඵලවත් යන වචනයට ප‍්‍රිය නැත. නමුත් සඵලවත් යන වචනය බයිබලයේ සඳහන්ව ඇත.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අප දියුණුවීමය. අප කාගෙත් කැමැත්ත දියුණුවීමය. සාර්ථකවීමය. ජය ගැනීමය. දේව වචනයෙන් ඒ සඳහා අපව නිතරම ශක්තිමත් කරයි.

අප මෙම වචනය මෙනෙහි කරනවානම් අප ආශීර්වාදලත් සෙනඟක් වනු ඇත.

දෙවියන්වහන්සේ අනුව යන්න පිළිබඳව අප බැලුවෙමු.

දෙවියන්වන්සේ අනුව යන්න, උන්වහන්සේව අනුගමනය කරන්න කියා පාවුල්තුමා අපව ශක්තිමත් කරයි.

ප්‍රේමය අනුව යෑමද ඉතා වැදගත්ය. මන්ද අපගේ දෙවියන්වහන්සේ ප්‍රේමයේ දෙවියන්වහන්සේය.

සමහරවිට අපට කවුරුත් ප්‍රේම නොකරන්නේ යැයි කියමින් අප අපටම වෛර කරගනියි. නමුත් දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ ඔබට ප්‍රේම කරන්නාක් මෙන් ඔබ ඔබටත් ප්‍රේම කළ යුතු බවය.

වෙනත් අය මෙන් සසඳමින් නොව ඔබ දෙවියන්වහන්සේ මෙන් යයි පවසන්න. ඔබගේ අභ්‍යන්තරයේ, ඔබගේ ආත්මය තුළ යේසුස්වහන්සේ වැඩ වාසය කරනසේක.

අද දවසේ අප “ධර්මිෂ්ඨකම අනුව යන්න” පිළිබඳව හදාරමු.

1 තිමෝති 6:11
නුමුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, නුඹ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න.

අපගේ ජීවිතයේ ඇති යම් යම් අනවශ්‍ය දේවල්වලින් අප ඉවත් විය යුතුය.

‘’ධර්මිෂ්ඨකම’’ යනු දෙවියන්වහන්සේගේ චරිත ගුණාංගයකි.

රෝම 10:9-10
කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය. මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.

ධර්මිෂ්ඨකම යනු ඉතා අර්ථවත් වචනයකි. එය සරලව අදහස්කරන්නේ නම් දෙවියන්වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවයක් ඇති කර ගැනීමය.

අපගේ චරිතය හා ස්වභාවය උන්වහන්සේ වෙනස් කළ බව විශ්වාසකිරීමය.

රෝම 3:10
ඒ ගැන මෙසේ ලියා තිබේ: ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත;

ගැළවීම ලැබීමට පෙර අප කිසිකෙනෙකුට ධර්මිෂ්ඨ බව පැවසිය නොහැකිය.

නුමුත් අධර්මිෂ්ඨ පුද්ගලයා දෙවියන්වහන්සේ වෙතට එන විට වෙනස් වන්නේය.

අධර්මිෂ්ඨ පුද්ගලයා යේසුස්වහන්සේගේ ක්‍රියාවන් විශ්වාස කරමින් ප්‍රකාශ කරන්නේ නම් ධර්මිෂ්ඨ පුද්ගලයෙකු වෙන්නේය.

එය දීමනාවකි. එය උපයාගත් දෙයක් නොවන්නේය. අප වෑයමකින් ලබාගන්නා දෙයක් නොවේ.

2 කොරින්ති 5:17
එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.

මෙම පදය අනුව අපි උන්වහන්සේ තුළ නව මැවිල්ලකි.

නව මැවිල්ලක් යනු ධර්මිෂ්ඨකමකි. නව මැවිල්ලේ ස්වභාවය ධර්මිෂ්ඨ ස්වභාවයයි.

2 කොරින්ති 5:21
අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට * පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක. (* එනම් - පාපය තමන් පිටට ගන්ට)

යේසුස්වහන්සේ අප වෙනුවෙන් අපගේ ස්ථානය ගත්සේක.

අප අධර්මිෂ්ඨව, අන්ධකාරයේ, පාපයෙන් හා අපගේ කැමැත්ත අනුව ජීවත් වූ අතර දෙවියන්වහන්සේ අප වෙනුවෙන් යේසුස්වහන්සේව එවා අපගේ විපාකය ගෙවූ සේක.

උන්වහන්සේ අපගේ පාපයේ මිලය ගෙවූසේක.

උන්වහන්සේ අපගේ පාපය වූ අතර අප වෙනුවෙන් ධර්මිෂ්ඨකමද වූ සේක.

අපි උන්වහන්සේගේ දීමනාව පිළිගෙන ධර්මිෂ්ඨ විය යුතුයි.

උන්වහන්සේ අපගේ අභ්‍යන්තරය තුළ තිබෙන පව්කාර ස්වාභාවය ඉවත් කරන සේක.

අපගේ පරණ ගල් සිත උන්වහන්සේ වෙනස් කරන සේක. අපට නව ස්වභාවයක් උන්වහන්සේ දෙන සේක.

අප යේසුස්වහන්සේ පිළිගත් පසුව නැවත වාරයක් පව්කාරයන් යයි කියන්නේ නම් උන්වහන්සේගේ වචනයට එය විරුද්ධය.

ඔබ වැරැද්දක් කළ නුමුත් ඔබ පව්කාරයෙක් නොවන්නේය.

පිලිප්පි 1:9
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය හා ප්‍රශංසාව සඳහා, නුඹලා ධර්මිෂ්ඨකමේ ඵලවලින් පූර්ණව,....

අපගේ ධර්මිෂ්ඨකම තුළින් අපට ධර්මිෂ්ඨ ක්‍රියාවන් කළ හැකිය.

ධර්මිෂ්ඨ ස්වභාවය තුළින් ධර්මිෂ්ඨ ක්‍රියාවන් අපේ ජීවිතයේ නිකුත් වෙන්නේය.

අපගේ ක්‍රියාවන් වැරදි වූ නුමුත් අප වෙනස් විය යුතු බව උන්වහන්සේ පවසන සේක.

ධර්මිෂ්ඨකමේ ස්වභාවය තුළ පවතින්නට අප තීරණය කළ යුතුය.

ධර්මිෂ්ඨකමේ ස්වභාවය යනු නිතරම දෙවියන්වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවයක් හා සහභාගිකමක් ඇතුව ජීවත් වීමය.

දෙවියන්වහන්සේ පවසන්නේ නම්: ඔබ ධර්මිෂ්ඨයි, ඔබ නිර්දෝෂයි, ඔබ තුළ කිසි පාපයක් නැත, කිසි කැළැලක් නැති බවය, ඔබ එය විශ්වාස කරන්න.

යක්ෂයා ඔබගේ පව් නිතර මතක් කරන සිතුවිලි ගෙනෙන්නට පුළුවනි, නුමුත් ඔබ එය විශ්වාස නොකරන්න.

රෝම 8 වෙනි පරිච්ඡේදයෙහි සඳහන් පරිදි උන්වහන්සේ අපට කවදාවත් දොස් පවරන්නේ නැත.

රෝම 8:1
එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.

උන්වහන්සේ ඔබව වරදට පත්කරන්නේ නැත.

උන්වහන්සේ ඔබව නිර්දෝෂ කර ඇත.

උන්වහන්සේගේ අභිමුඛත්වය අනුව ඔබව දකින්නේ කිසි කැළලක් නැති, පාපයක් නැති කෙනෙකු ලෙසය.

පාපය නිසා මනුෂ්‍යයා දුක් වෙන්නේය, පව්කාරකමෙන් මනුෂ්‍යයා ජීවත් වන බැවින් ලෙඩරෝග, දිළිඳුකම, අමාරුකම් හා අසමාදානය ඇතිවන්නේය.

අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තුළ යක්ෂයාගේ ගුණාංග තිබෙන නිසා ඔහුට පහර දීමට යක්ෂයාට පහසු වේ.

ඔබ ධර්මිෂ්ඨව සිටින විට උන්වහන්සේ ඔබව සම්පූර්ණයෙන් වෙනස් කරන සේක.

අපට දෙවියන්වහන්සේ ප්‍රීතිමත් වන ආකාරයට තෘප්තිමත් ජීවිතයක්, ප්‍රසන්න ජීවිතයක් ගත කිරීමට හැකි වේ.

අප ආත්මික ඵල දරන ජීවිතයක් ගතකිරීමට කැමැත්තෙන් සිටිනවානම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම අපගේ ජීවිතයේ උන්වහන්සේ නිකුත් කරන සේක.

දෙවියන්වහන්සේ පවසන්නේ මා අනුව එන්න, ධර්මිෂ්ඨකම අනුව එන්න.

ඔබ ධර්මිෂ්ඨ දේව දරුවෙක් ලෙස ජීවත් වෙමින් උන්වහන්සේට ස්තූති කරන්න.

අප මෙතෙක් කල් යක්ෂයාගේ ආධිපත්‍ය යටතේ සිටිය නුමුත් දෙවි පුත්‍රයාණන්වහන්සේගේ රාජ්‍යයට දෙවියන්වහන්සේ අපව පත්කළ සේක.

යේසුස්වහන්සේ තුළ අප නව ජීවනය ලබාගත් පසුව යක්ෂයා ඔබගේ ගැළවීම නැතිකිරීමට නොව, ඔබ සාක්ෂි නොදරන ජීවිතයක් ගත කිරීම පිණිස ඔබව පීඩාවට ලක් කිරීමට උත්සාහ කරයි.

යක්ෂයා ඔබගේ ජීවිතයේ ක්‍රියාව නතර කිරීමට උත්සාහ කරයි.

ඔබගේ ආත්මික ඇදහිල්ලේ ගමන බාධා කරයි.

ඔබ ඉදිරියට යනවාට, ඔබ ආත්මික දේව දරුවෙක් වෙනවාට යක්ෂයා කිසිසේත් කැමති නොවන්නේය.

ඔබගේ ආත්මික වර්ධනය යක්ෂයාගේ රාජ්‍යයට සහ ඔහුගේ ක්‍රියාවන්ට බාධාවක්ය.

ඔබ යේසුස්වහන්සේ පිළිගත් පසු ඔබට කරදර බොහෝ වූ නුමුත් ඔබ තීරණය කළ යුතු වන්නේ සෑම කරදරයක්ම, සෑම ප්‍රශ්නයක්ම අභියෝගයක් ලෙස සිතා ජය ගැනීමය.

1 යොහන් 4:4
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.

ලෝකය ජයගත්ත තැනැන්වහන්සේ ඔබ තුළයි.

1 යොහන් 5:4
මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.

ඔබට ඇදහිල්ලෙන් ලෝකයා ජය ගැනීමට හැකියි.

උන්වහන්සේ ඔබව පිළිගෙන ඇත. සමාජය ඔබව කොන්කළත් කනස්සලු නොවෙන්න.

1 පේත්‍රැස් 3:13-14
තවද නුඹලා යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, නුඹලාට අනතුරු කරන්නේ කවුද? එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා;

අප ධර්මිෂ්ඨකම ලැබූ විට ජ්වලිතව සිටීමට මෙන්ම දේව ක්‍රියාවන් කෙරෙහිද, වචනයට හා සහභාගිකමට, නමස්කාරය හා යාච්ඤාවට, ආශාවක් ඇතිවන්නේය.

ඔබගේ ධර්මිෂ්ඨකම ඔබගේ අභ්‍යයන්තරය හා ඔබගේ චරිතය වෙනස් කරයි.

ඔබ ධර්මිෂ්ඨ නම් ඔබගේ චරිත ගුණාංග නැති කර නොගන්න.

2 කොරින්ති 5:21 මෙනෙහි කරන්න.

1 පේත්‍රැස් 3:14
එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා;

ඔබ ප්‍රසන්න ජීවිතයක් ගත කරන බැවින් ඔබට පීඩා ඇති වන්නේය.

අන් අයගේ භයගැන්වීමට, කොන්කිරීමට භය නොවන්න, ලැජ්ජ නොවන්න.

දෙවියන්වහන්සේ මා සමඟයි යැයි පවසන්න. ඔබ තනියෙන් නොවේ උන්වහන්සේ ඔබ සමඟයි.

පිලිප්පි පොතෙහි සඳහන් පරිදි පාවුල්තුමා පැවසුවේ ‘’මා ක‍්‍රිස්තුස්වහන්සේ අනුව යන්නාක් මෙන් හැමෝම මා අනුව යන්නෝ වෙන්න’’ ලෙසයි.

පිලිප්පි 3:17
සහෝදරයෙනි, එක්ව මා අනුව යන්නෝ වෙන්න. අප නුඹලාට ආදර්ශයක්ව සිටින්නේ යම් සේද, එසේ හැසිරෙන්නන් බලාගන්න.

සමහරු ගැළවීම ලැබුවත් ධර්මිෂ්ඨ දරුවන් ලෙස ජීවත් නොවෙති.

ඔවුන්ගේ ඵලවලින් ඔවුන් තවමත් අධර්මිෂ්ඨව සිටින බව ඔබට දකින්නට ලැබෙන්නේය.

අප තුළ යහපත් ගුණාංග තිබීම දෙවියන්වහන්සේගේ බලාපොරොත්තුවයි.

අපි දුර්වල නොවී ශක්තිමත් චරිතයක් විය යුතුයි.

ඔබ ගැළවීම ලැබීමට පෙර මිනීමරුවෙක් වෙන්න පුලුවන්, බොරුකාරයෙක් වෙන්නට පුලුවන්, නුමුත් දැන් ඔබ එය වෙනස් කරගත යුතුයි.

අපි කියන ‘’සුදු බොරු’’ නතර කරමු.

අපි නිතර කෙඳිරීම, මිමිනීම, මැසිවිලිකීම නවත්වමු, එසේම, කනස්සල්ලු වීම නතර කළ යුතුයි. මක්නිසාද කනස්සලුභාවයත් පාපයකි.

යේසුස්වහන්සේ මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ පවසන පරිදි කනස්සලු නොවන්න.

අපගේ ජීවිතයේ මඟ පෙන්වන්නා වීමට යේසුස්වහන්සේට ඉඩ දිය යුතුයි.

ඔබ ශාන්ත සමාදානයෙන් ජීවත් වෙන බව තීරණය කර ගන්න. මක්නිසාද සමාදානයේ කුමාරයාණෝ අප තුළ ජීවත්වන බැවින් සමාදානයෙන් ජීවත්විය යුතුයි.

අපට කලබල වෙන්න, වියවුල් වෙන්න බොහෝ දේවල් සිදුවිය හැකියි. නුමුත් අපි නිෂ්චලව සිටිමු. අපි අපගේ සටන සටන් කරන්නට උන්වහන්සේට ඉඩදිය දෙමු.

ඔබ තනියෙන් සටන් කරන්න තීරණය කරන විට ඔබ පරාජයට ලක්වෙන්නේය.

නික්මයාම 14:14
ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය.

මෝසෙස් රතු මුහුදට ළඟා වන විට සෙනඟ කොඳුරන්න පටන් ගත්තෝය. මෝසෙස්ට දොස් පවරන්න පටන් ගත්තෝය. මක්නිසාද මිසරවරුන් ඔවුන්ව ලුහුබඳිනවා දැක ඔවුන් භය වුණෝය.

ඔබ ගැළවීම ලැබූ පසු ඔබව භය කිරීමට යක්ෂයා උත්සාහ කරයි.

ඉශ්‍රායෙල් සෙනඟ සභාවට සමාන කළ හැකියි. (ක්‍රියා 7:38)

ඉශ්‍රායෙල් සෙනඟ රතු මුහුද ළඟට පැමිණි විට සෙනඟගේ කෙඳිරීම හා භය නිසා මෝසෙස් දෙවියන්වහන්සේ ඉදිරියේ යාච්ඤාවෙන් සිටින විට දෙවියන්වහන්සේ මෝසෙස්ට කීවේ, ඔබේ ආධිපත්‍යය ගෙන මුහුද දෙබෑ වෙන්නට අණ කරන්න මන්ද ඔහුට ඒ බලය උන්වහන්සේ දුන් සේක.

මෝසෙස් තමන්ගේ සැරයටිය දිගු කළ විට, රතු මුහුද දෙබෑ වී, සෙනඟට වියළි බිම පිට යන්ට සැලැස්වූ සේක, අන්තිම පුද්ගලයා එතෙර වූවාට පසු දෙවියන්වහන්සේගේ ආඥාවෙන් මෝසෙස් තමන්ගේ සැරයටිය නැවත මුහුදට දිගු කළ විට මුහුද නැවත එක්විය.

ඵාරාවෝගේ සේනාවද වියළි භූමිය පිට යන්ට පැමිණි නමුත් මුහුද ආපසු එක් වීම නිසා සියල්ලෝ වතුරට යටවී විනාශ වූවෝය.

අපි යේසුස්වහන්සේව පිළිගත් පසුව අපව ලුහුබඳින්න යක්ෂයෝ සිටින්නේ නැත.

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපි බව්තීස්ම ලබන විට අපට විරුද්ධව ක්‍රියා කරන කිසිම යක්ෂයෙක් සිටින්නේ නැත.

අපි දෙවියන්වහන්සේ තුළ ධර්මිෂ්ඨව ජීවත් වීමට තීරණය කළ යුතුයි.

පිලිප්පි 3 වෙනි පරිච්ඡේදයෙහි සඳහන් පරිදි ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියට සතුරෝ වෙන්නට පුලුවනි.

ඔවුන් කිතුනුවන් වූවත් ඔබට විරුද්ධ ක්‍රියා කරති.

නුමුත් ඔබ තීරණය කරගත යුතුයි. ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ දේව දරුවෙක් ලෙස පුරවැසිභාවය ලබා ගත්තේය. උන්වහන්සේ තුළ ධර්මිෂ්ඨව ජීවත් වීමට ඔබ තීරණය කරගත යුතුයි.

මතෙව් 8:19
එවිට ලියන්නෙක් ඇවිත්: ආචාරීන්වහන්ස, ඔබ යන කොතැනට නුමුත් ඔබ අනුව එන්නෙමියි උන්වහන්සේට කීවේය.

සමහරුන්ට යේසුස්වහන්සේ කැඳවීම දුන් සේක.

සමහරුන් තම කැමැත්තෙන්ම උන්වහන්සේ අනුව එන්නට තීරණය කළහ.

උන්වහන්සේ අපට කැඳවීම දුන් නුමුත් සමහර දේවල් සඳහා අපට කොන්දේසිද තබා තිබේ.

මතෙව් 8:19-22 මෙම පදයෙහි සඳහන් පරිදි

පළමුව ලියන්නෙක් උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේව අනුගමනය කිරීමට කැමැත්තක් දැක්වූවේය. (මතෙව් 8:19)

මතෙව් 8:20
යේසුස්වහන්සේද: සිවලුන්ට බිල්ද ආකාශයේ පක්ෂීන්ට කූඩුද තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැතැයි ඔහුට කීසේක.

යේසුස්වහන්සේ ජීවත් වූ රටාව අනුව උන්වහන්සේ සරල ජීවිතයක් ගත කළ සේක.

නුමුත් මෙම මනුෂ්‍යයා තුළ කැපවීමක් කිරීමට තීරණයක් නොතිබුණේය.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ සේවය උදෙසා මහත් කැපවීමකින් ජීවත් වූ සේක.

උන්වහන්සේ සේවය කිරීම පිණිස යන ඕනෑම ස්ථානයක නවාතැන් ගැනීමට තීරණය කළේය.

උන්වහන්සේ අනුව යන්න තීරණය කිරීම යනු තමා සතු සියල්ල කැපකිරීමට තීරණය කිරීමය.

කැපවීම තුළ කෙඳිරීමක් නැත, ඒ තුළ එදිනෙදා අවශ්‍යතාවන් ගැන බලාපොරොත්තුවක් ස්වාමීන්වහන්සේ කෙරෙහි තිබෙන බැවින් විශ්වාස කරන්න.

මතෙව් 8:21
ගෝලයන්ගෙන් තවත් කෙනෙක්: ස්වාමිනි, පළමුකොට ගොස් මාගේ පියාණන් භුමදානකරන්ට මට ඉඩ දුන මැනවයි කීවේය.

උන්වහන්සේගේ ගෝලයෙකු, ඔබවහන්සේ අනුව එන්න මම කැමැත්තෙන් සිටිමි, නුමුත් මාගේ පියාව භූමිදානය කිරීමට අවසර දෙන ලෙස කීවේය.

මතෙව් 8:22
යේසුස්වහන්සේද: මා අනුව එන්න; මළාහු තමුන්ගේ මළවුන් භූමදානකරත්වයි ඔහුට කීසේක.

කිසිදෙයක් ගැන නොසිතා මා අනුව එන්නයි කියා උන්වහන්සේ කීසේක.

මක්නිසාද කැඳවීම උන්වහන්සේ අපට දෙන දෙයක් බැවින් අප විසින් එය ප්‍රතික්ෂේප නොකළ යුතුයි.

උන්වහන්සේ අපව කැඳවන විට අපි කිසි කෙනෙකුගෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවේ, එසේ කිරීමෙන් අපට බාධාවන් ඇතිවීමට ඉඩ තිබේ.

ලූක් 9:57-62
57 ඔවුන් මාර්ගයේ යද්දී එක්තරා මනුෂ්‍යයෙක්: ඔබවහන්සේ යන කොතැනට නුමුත් මමත් ඔබ අනුව එන්නෙමියි කීවේය.
58 යේසුස්වහන්සේද: සිවලුන්ට බෙනත් ආකාශයේ පක්ෂීන්ට කූඩුත් තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැතැයි ඔහුට කීසේක. 59 උන්වහන්සේ තවත් කෙනෙකුට: මා අනුව එන්නැයි කීසේක. නුමුත් ඔහු: ස්වාමීනි, පළමුකොට ගොස් මාගේ පියාණන් භූමදානකරන්ට මට අවසර දුන මැනවයි කීවේය. 60 උන්වහන්සේද: මළාවූ අය තමුන්ගේ මළවුන් තැන්පත්කරත්වා; නුඹ ගොස් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශකරන්නැයි ඔහුට කීසේක.
61 තවත් කෙනෙක්ද: ස්වාමිනි, ඔබ අනුව එන්නෙමි; නුමුත් පළමුකොට මාගේ ගෙදර සිටින්නන්ගෙන් අවසර ගෙන එන්ට මට ඉඩදුන මැනවයි කීවේය. 62එහෙත් යේසුස්වහන්සේ: නගුලේ අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැයි ඔහුට කීසේක.

දෙවියන්වහන්සේ අනුව යන්න තීරණය කිරීම යනු උන්වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවයක් ඇති කිරීම පමණක් නොවේ. දෙවියන්වහන්සේ වෙනුවෙන් කැපවීමකින් ජීවත් වීමට තීරණය කිරීමය.

උන්වහන්සේ පවසන සියල්ල කිරීමට සුදානම් විය යුතුය.

උන්වහන්සේ අප සමඟ සිටින බැවින් පීඩාවලින් අපට ජය තිබේ.

දෙවියන්වහන්සේ අනුව යන්න තීරණය කිරීම යනු උන්වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවයක් ඇතිකිරීම පමණක් නොවේ. දෙවියන්වහන්සේ වෙනුවෙන් කැපවීමකින් ජීවත් වීමටත් තීරණ ගැනීමත්ය.

උන්වහන්සේ පවසන සියල්ල කිරීමට සුදානම් විය යුතුයි.

උන්වහන්සේ අප සමඟ සිටින බැවින් පීඩාවලින් අපට ජය තිබේ.

හෙබ්‍රෙව් 10:38
ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.

ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වන්නේය.

උන්වහන්සේ අපව කැඳෙව්වේ පෙනීමේ ගමනකට නොව ඇදහිල්ලේ ගමනකටය.

හෙබ්‍රෙව් 11:6
නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.

අප ප්‍රසන්න ජීවිතයක් ගත කිරීමට නම්, උන්වහන්සේ අපව කැඳවූ ඇදහිල්ලේ ගමන ගමන් කළ යුතුය.

අපි මාංශයේ ජීවත් වන්නේ නම් දෙවියන්වහන්සේව අපට ප්‍රසන්න කළ නොහැකිය.

රෝම 1:17
කුමක්හෙයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේයයි ලියා තිබෙන ලෙස, ඇදහීමෙන් පැමිණෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව්වී තිබේ.

ගලාති 3:11
ඉදින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙක් දෙවියන්වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨකරනු නොලබන බව පැහැදිලිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත්වන්නේය.

හබක්කුක් 2:4
බලව, ඔහුගේ සිත උඩඟුය, එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත්වන්නේයයි කීසේක.

ඔබ යටහත් වී, දෙවියන්වහන්සේ පිළිගෙන උන්වහන්සේ අනුව යන්න,

ධර්මිෂ්ඨකම අනුව යන්න, දෙවියන්වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවයකින් උන්වහන්සේ තුළ ජීවත්වෙන්න.


Watch the Sermon Video

Read 176 times