+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

          ඇදහිල්ල යනු ඔබ ස්වභාවිකව නොදකින දේ විශ්වාස කිරීමය - මනූ මැතානි
   September 03, 2023 Sunday Sermon Notes


සෑම දෙයක්ම ආරම්භ වන්නේ ආත්මික තලයෙනි.

අපි නොපෙනෙන තලයේ තිබෙන දේවල් කෙරෙහි ඇදහිල්ල තබමින් ජීවත් වෙමු.

දැකීමෙන් විශ්වාස කිරීම ඇදහිල්ල නොවෙයි.

මහත් ඇදහිල්ලකින් ජීවත් වූ සියයකට මුලාදෑණියා නොපෙනෙන දෙයක් ගැන විශ්වාස කළහ.

ඉශ්‍රායෙල් සෙනඟ ජීවත් වූයේ දැකීමෙන් විශ්වාස කිරීමෙනි.

යේසුස්වහන්සේගේ ගෝලයෙකු වූ තෝමස් පවා සිටියේ එලෙසයි.

නමුත් අපට නොපෙනෙන තලයේ දේවල් විශ්වාස කිරීමට ආබ‍්‍රහම්ගේ ඇදහිල්ල අවශ්‍යයි.

හෙබ්‍රෙව් 11:1
ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.

මගේ නාමය ජීවන පොතේ ලියා තිබෙන බව මම ඇදහිල්ලෙන් විශ්වාස කරමි.

මම දේව දරුවෙක් බවට මගේ අතේ සහතිකයක් සහ ඔප්පුවක් මට තිබේ.

ආත්මික තලයේ සියල්ලක්ම මට දැනටමත් දී තිබේ.

උන්වහන්සේ අපට තාවකාලික දේවල් පමණක් නොව, නොපෙනෙන තලයේ සියලු දේවල් දී තිබේ.

බලාපොරොත්තු වන දේවල් ඔබට දැකිය නොහැකි නමුත් ඒ ගැන සහතිකයක් හා ඔප්පුවක් ඔබට ඇති නිසා ඒ තුළිින් ඔබට ජය ඇත.

විශ්වාසයක් නොමැතිව ඇදහිල්ලේ ගමන සාර්ථකව යා නොහැක.

වචනය තදින් අල්ලා ගෙන පොරොන්දු විශ්වාස කිරීමෙන් එය සාර්ථක වේ.

අපි මේ ලෝකයේ තාවකාලික දේ කෙරෙහි විශ්වාස කිරීම නිසා ඇදහිල්ල සම්බන්ධව දුර්වලව සිටිමු.

දුර්වල ඇදහිල්ලට හේතුව නම් ලෝකයේ දේ කෙරෙහි ඇති විශ්වාසයයි.

ඇදහිල්ලේ ගමනේදී අපගේ හදවත හා මුඛය පාවිච්චි වේ.

2 කොරින්ති 4:18
ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

සුවය, සඵලත්වය තිබෙන්නේ ආත්මික තලයේ ඒවා අපි මේ තලයට ඇද ගනිමු.

දෙවියන්වහන්සේගේ කැමැත්ත තුළ මේ සියල්ල දී තිබේ.

ඔබ සඵල වීමට දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් අහක්ව විවිධාකාර මාර්ග පසුපස නෙයන්න.

උන්වහන්සේගේ කැමැත්ත තේරුම්ගැනීමෙන් හා එය ඉටු කිරීමෙන් ඔබ සඵලවත් වේ.

ආගමික ලෙස ජීවත් වන්නේ නැතිව සම්පූර්ණ වූ, නොවෙනස්වන්නා වූ ඇදහිල්ලෙන් අපි ජීවත් වෙමු.

අපි පියාණන්වහන්සේව සනසන්නාවූ ජීවිතයක් ගත කරමු.

හෙබ්‍රෙව් 11:6
නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.

උන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්නව තිබෙන්නේ අපේ පරිත්‍යාගය නොවේ, පූජාව නොවේ අපේ ඇදහිල්ල පමණයි.

සියයකට මුලාදෑනියාගේ ඇදහිල්ල ගැන යේසුස්වහන්සේ පුදුම වූ සේක.

රෝගය සොරෙකි, අපේ ජීවිතයට වචන කතා කරමින් සුවය අත් පත් කරගනිමු.

මතෙව් 8:10
යේසුස්වහන්සේ ඒ අසා, මවිතව, තමන් අනුව එන්නන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි, ඉශ්‍රායෙල්හිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නුදුටිමි.

ඇදහිල්ල තුළ තිබෙන ආධිපත්‍යය මේ මුලාදෑනියා දැන සිටියේය.

ඔහු කීවේ ‘’වචනයක් පමණක් කථා කළ මැනව, එවිට මාගේ මෙහෙකරුවා සුව වන්නේය’’ කියායි. (8 වන පදය)

ඔබ කතා කරන වචන ගැන ඔබට විශ්වාසයක් තිබෙනවාද?

යක්ෂයා අපට විරුද්ධව ක‍්‍රියා කළ විට අපේ වචන කොයි ආකාරද? සැකයේ, වේදනාවේ වචනද?

"අනේ ස්වර්ගයෙන් බැස එන්න, මට උපකාර කරන්න" කියා බොහෝ අය පවසති.
ඔබ ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකම ලබා ගත්තේ නම් ඔබේ වචන වෙනස් වේ.

නමුත් බලය තිබෙන්නේ අපි කතා කරන වචන වලයි.

රෝම 10:6-7
නුමුත් ඇදහිල්ලෙන් වූ ධර්මිෂ්ඨකම කථාකොට,–ක්‍රිස්තුස්වහන්සේව බස්සවාගන්න පිණිස–ස්වර්ගයට නගින්නේ කවුද කියාවත්,– ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් ගෙනෙන පිණිස,–පාතාලයට බසින්නේ කවුද කියාවත් නුඹේ සිතින් නොසිතන්නැයි කියන්නේය. තවත් කුමක් කියන්නේද?

ඔබේ සිතින් කතා නොකරන්න.

රෝම 10:8‭
වාක්‍යය නුඹ ළඟය, නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේය කියාය. එනම් අප විසින් ප්‍රකාශකරන ඇදහිල්ලේ වාක්‍යයය.

ඇදහිල්ලේ වාක්‍යය අපේ මුඛයේ තිබිය යුතුය.

යේසුස්වහන්සේගේ නාමයේ බලය පාවිච්චි කරමින් යක්ෂයාට අණ කළ යුතුය.

එසේ කරන පිණිස මුළු ආධිපත්‍යය අපට ලැබී ඇත.

කොලොස්සි 2:7‭-‬8
නුඹලාට ඉගැන්නූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුතිදෙමින් උන්වහන්සේ තුළ හැසිරෙන්න.
8 ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.

අපට ආගමික ලෙස හෝ ආත්මික ලෙස ජීවත් වන්නට පුලුවන.

කොලොස්සි 2:9‭-‬10
මක්නිසාද උන්වහන්සේ තුළ දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසයකරන්නේය. 10 සියලු අධිපතිකමේද බලයේද හිස වන උන්වහන්සේ තුළ නුඹලා පූර්ණව සිටින්නහුය.

ක්‍රිස්තුස්වහන්සේගේ බලයෙන්, සම්පූර්ණකමෙන් අපි ජීවත් වෙමු.

ඇදහිල්ල පාවිච්චි කරමින් ඇදහිල්ලෙන් වචන කතා කරමින් අපි ජීවත් වෙමු.

පළමු මනුෂ්‍යයාව මවනු ලැබුවේ උන්වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයටයි. (උත්පත්ති 1:26)

දැන් අපව මවනු ලැබුවේ යේසුස්වහන්සේගේ සමානත්වයටයි.

දැන් අප ආදම් තුළ නොව යේසුස්වහන්සේ තුළ සිටීම නිසා උන්වහන්සේගේ ආධිපත්‍යය අපට ඇත.

ඔබේ ගැළවීම ස්ථිරය.

කොලොස්සි 3:3
මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.

අපගේ පරණ ස්වභාවය මැරී, ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.

අපි යක්ෂයාගේ දේවල්වල, කොඩිවිනවලට භය වෙන්නට අවශ්‍ය නැත. යේසුස්වහන්සේ සිටින්නේ ඔබ ඉදිරියෙහිය. ඔබ උන්වහන්සේ තුළ සැඟවී සිටියි.

අපි ඇදහිල්ලෙන් යක්ෂයාට විරුද්ධව සිටිමු.

ඔබ ක‍්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණය.

ආධිපත්‍යයෙන් කථා කිරීම අහංකාරකම නොවේ, එය අපගේ උරුමයයි.

අප එලෙස නොකරන්නේ නම් යක්ෂයාගේ ප‍්‍රහාර වලට ලක් වීමට අපට සිදුවනු ඇත.

අපගේ ආධිපත්‍යය දැනගෙන සිටීමෙන් යක්ෂයාට විරුද්ධව තීරණ ගැනීමට අපට පහසු වේ.

අපගේ උස් හඬ ඔසවන්නේ නැතිව ගීතිකාවක් ගයමින් යක්ෂයන් දුරු කරන්නට අපට පුලුවන.

යූදස් (යූද්) 1:9
නුමුත් අග්‍ර දේවදූතයාවූ මිකායෙල් යක්ෂයා සමඟ පොරබදන අතර, මෝසෙස්ගේ මිනිය ගැන විවාදකරද්දී, නින්දිතවූ විනිශ්චයක් ඔහුට විරුද්ධව කරන්ට භයවී: ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වයි කීවේය.

යක්ෂයාට මෝසෙස්ගේ මිනිය අවශ්‍ය වූයේ, මනුෂ්‍යයන්, ඔහුගේ රූපය තුළින් නමස්කාරය ලබාගන්නටයි.

අග්‍ර දේවදූතයාට වඩා උතුම් බලයක් අපට ඇත.

දේවදූතයන්ව තමන්වහන්සේගේ සේවකයන් ලෙස හඳුන්වා ඇත.

ගීතාවලිය 103:20-21
උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. 21ස්වාමීන්ගේ සේනා සියල්ලෙනී කැමැත්ත ඉෂ්ටකරන්නාවූ උන්වහන්සේගේ මෙහෙකරුවෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.

හෙබ්‍රෙව් 1:5
මක්නිසාද: නුඹ මාගේ පුත්‍රයාය, මම අද නුඹ ජනිතකෙළෙමියි කියාත්, මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේය කියාත්, දේවදූතයන්ගෙන් කවරෙකුට යම් කලක උන්වහන්සේ කීසේක්ද?

දූතයන්ව කිසිදා පුත්‍රයෙක් මෙන් කැඳවූයේ නැත. නමුත් අපව කැඳවා තිබෙන්නේ පුත්‍රයන් ලෙසය.

හෙබ්‍රෙව් 1:13
නුමුත්: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි දේවදූතයන්ගෙන් කවරෙකුට කොයි කලක උන්වහන්සේ කීසේක්ද?

එපීස 2:6
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණුපස වාඩිවී සිටින නිසා අපද උන්වහන්සේ සමඟ දෙවියන්වහන්සේගේ දකුණුපස වාඩිවී සිටිමු.

හෙබ්‍රෙව් 1:14
ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?

දූතයන් අපගේ සේවකයන්ය.

අපගේ දරුවන්ට දේව දූතයන් වාගේ යයි නොකියා ‘’දේව පුත‍්‍රයන්’’ යයි හඳුන්වමු.

යොහන් 1:12
නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.

අප උන්වහන්සේ පිළිගත් නිසා දරුවන් වී සිටිමු.

සිටින්නේ එකම දෙවියන්වහන්සේය.

වහලුන් ලෙස සිටිය අපව දෙවියන්වහන්සේගේ පුත‍්‍රයන් කිරීමට උන්වහන්සේ පුත්‍රයෙකු ලෙස මේ පොළොවට පැමිණිසේක.

දේව දූතයන්ට වඩා ඉහළ ස්ථානයක උන්වහන්සේ අපව තබා ඇත.

ගීතාවලිය 8:3‭-‬5
ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද? ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක.

ගීතාවලිය 8:6
ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක.

ආදම් සියල්ල නැති කර ගත් නිසා අපි සිටියේ යක්ෂයාගේ පාද යටයි, නමුත් දැන් යේසුස්වහන්සේ අප වෙනුවෙන් යක්ෂයාව පරාජය කළසේක.

හෙබ්‍රෙව් 1:7
දේවදූතයන් ගැන වනාහි: උන්වහන්සේ ස්වකීය දූතයන් සුළංද ස්වකීය සේවකයන් ගිනි දැලක්ද කරනසේකැයි කියනසේක.

දේවදූතයන් බලවන්ත නමුත් ආධිපත්‍යය ඇත්තේ අපටයි.

හෙබ්‍රෙව් 12:22
නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්,

මෝසෙස්ගේ කාලයේදී දේව අභිමුඛයට කිසිවෙකුට යා නොහැකිව තිබුණේය.

ඔබ දැන් පැමිණ සිටින්නේ ජීවමාන දෙවියන්වහන්සේගේ අභිමුඛයට, ගණන් කළ නොහැකි තරමට දූතයන් ඔබ වටා සිටියි.
ඔබ කිසිවිටක තනිවම නොවේ, දූතයන් ඔබ සමඟ සිටින බැවින් භයට ඔබ ඉඩ නොදෙන්න. භයේ වචන කතා නොකරන්න.

ගීතාවලිය 103:20
උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.

ඔබ ඇදහිල්ලේ වචන කතා කරන්න.

ඔබගේ ආධිපත්‍යය කතා කරන්න.

ප්‍රශංසා මධ්‍යයේ ශුද්ධ තැනන්වහන්සේ වැඩ සිටියි.

ගීතාවලිය 22:3
නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක.

ඔබ ප්‍රශංසා ගීතිකා ගායනා කිරීම දෙවියන්වහන්සේට ප‍්‍රසන්න වේ, උන්වහන්සේ ක‍්‍රියා කරන්නේ ප‍්‍රශංසා මධ්‍යයේය.


Watch the Sermon Video

Read 165 times