+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

      මා ප‍්‍රකාශ කරන දේ මා සතු වේ- යෝෂා මනූ
September 24, 2023 Sunday Sermon Notes


අපි ඇදහිල්ලේ සෙනඟක් වන්නෙමු..

අපේ ඇදහිල්ලේ ප‍්‍රකාශනය තදින් අල්ලා ගෙන සිටිමු.

දේව වචනය මෙනෙහි කරමින්, ජීවන වචන නැවත නැවත වාරයක් ප‍්‍රකාශ කරමු.

හෙබ්‍රෙව් 10:23
අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශ කිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු, මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසව සිටිනසේක.

තත්වය කුමක් වූවත්, අපි උස් පහත් ජීවිතයක් නොව එකම ප‍්‍රකාශයක් කරමින් ජීවත් වෙමු,

එම ප‍්‍රකාශය තදින් අල්ලා ගෙන සිටිමු.

මා ප‍්‍රකාශ කරන දේ මා සතු වේ.

ගැළවීම මා සතු වේ. – යේසුස්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේ යයි මම ප‍්‍රකාශ කරමි. (රෝම 10:9-10)

සුවය මා සතු වේ. – “උන්වහන්සේගේ පහරවලින් මා සුව බව” ප‍්‍රකාශ කරමි. (යෙසායා 53:5)

සම්පූර්ණ නිදහස මා සතු වේ. – “පුත‍්‍රයාණන්වහන්සේ මා නිදහස්කර ඇති බව” මම ප‍්‍රකාශ කරමි. (යොහන් 8:36)

සියල්ලන්ට ප්‍රේම කිරීමට හැකියාව මා සතුව තිබේ. – “මට දෙන ලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය මගේ හදවතට වගුරුවන ලද බව” මම ප‍්‍රකාශ කරමි. (රෝම 5:5)

ආත්මික සටන්වලදී සිංහයෙකුගේ නිර්භීතකම මට තිබේ. – “ධර්මිෂ්ඨයා සිංහයෙකු මෙන් නිර්භීතව සිටින බව” මම ප‍්‍රකාශ කරමි. (හිතෝපදේශ 28:1)

මා ගන්නා සෑම පියවරකදී දෙවියන්වහන්සේගේ අභිමුඛය මා සමඟ වේ. – “උන්වහන්සේ කිසිසේත් මාගෙන් අහක්ව නොයයි. කිසි අන්දමකින්වත් මා අත්නොහරියි” යයි මම ප‍්‍රකාශ කරමි. (හෙබ්‍රෙව් 13:5-6)

දිනපතා මිදීමේ වරප‍්‍රසාද මා සතු වේ. – “මම ස්වාමීන් විසින් මුදනු ලැබුවෙකු වෙමි.” යයි ප‍්‍රකාශ කරමි (ගීතාවලිය 107:2)

මම ආලේපයෙන් වියගස් කැඩෙන ප‍්‍රතිඵල ලබා ගන්නෙමි. – එය මා සතු වේ “ශුද්ධ තැනන්වහන්සේගෙන් ලැබූ ආලේපය මා තුළ පවතින බව” මම ප‍්‍රකාශ කරමි. (1 යොහන් 2:27, යෙසායා 10:27)

යක්ෂයා කෙරෙහි අධිපතිකම් කරන්නෙක් ලෙස බලවත් මිදීමක් මා සතු වේ. – “යේසුස්වහන්සේගේ නාමයෙන් යක්ෂයන් දුරුකිරීමට මට පුළුවන” යයි මම ප‍්‍රකාශ කරමි. (මාර්ක් 16:17)

මඩිනු ලද්දන් (පීඩා කරනු ලැබූවන්) කෙරෙහි බලවත් සුවයක් මා සතු වේ. – “මම රෝගීන් පිට අත් තැබූ කල්හි ඔවුහු සුවය ලබන්නෝය” යයි මම ප‍්‍රකාශ කරමි. (මාර්ක් 16:18)

මා යන සැමතැනම මිදිවැලේ ජීවනය මා සතු වේ. – “මම ජීවමාන මිදිවැලේ අත්තක්” යයි ප‍්‍රකාශ කරමි. (යොහන් 15:5)

දෙවියන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයේ නිදහස්ව සිටින්ටත්, සාතන් ඉදිරියේ ජයග‍්‍රාහකයෙකු ලෙස සිටීමේ හැකියාව මා සතු වේ. – “මම ක‍්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම” යයි මම ප‍්‍රකාශ කරමි! (1 කොරින්ති 5:21)

දෙවියන්වහන්සේ මා තුළ විසීමත්, උන්වහන්සේ මා තුළ හැසිරීමත් (ගමන් කිරීමත්) මා සතු වේ. – “මම ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාව” යයි ප‍්‍රකාශ කරමි! (2 කොරින්ති 6:16)

සෑම අවශ්‍යතාවයකම සැපයීම මා සතු වේ. – “මාගේ දෙවියන්වහන්සේ මාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරනසේක” යයි මම ප‍්‍රකාශ කරමි. (පිලිප්පි 4:19)

දෙවියන්වහන්සේගේ පොරොන්දු ඔබ සතු කර ගැනීමට නම් මෙම ප‍්‍රකාශයන් ඔබ ප‍්‍රකාශ කිරීමට අවශ්‍යය.

මෙම පොරොන්දු වලට ඉදිරියෙන් ඔබේ නම යොදා ගනිමින් ඒවා ඔබ සතු කර ගන්න.

දෙවියන්වහන්සේගේ පොරොන්දු බීජ හා සමානයි.

දෙවියන්වහන්සේගේ වචනය බලවත්ය, කොයිම දෙමුවහත් කඩුවකටත් වඩා තියුණුය. (හෙබ්‍රෙව් 4:12)

යක්ෂයා නිතරම පරාජයේ සිතුවිලි ඔබේ මනසට ගෙන ඒමට උත්සාහ දරමින් සිටියි, නමුත් ඔබ මෙම ජීවනයේ වචන ඔබ තුළට ඇතුල් කර ගන්නේ නම් ඔබෙන් පිට වෙන්නේ දේව වචනයයි.

අපි කලබල වන විට, අධෛර්යයමත් වන විට වැරදි වචන අපෙන් පිට වෙන්නේ දේව වචනය අපේ අභ්‍යයන්තරයේ නොමැති නිසාය, ඒ වෙනුවට අපි ඇතුල් කරගෙන ඇත්තේ මාධ්‍යයෙන් දකින අසන දේවල් හා හැඟීම් වලට අනුව දේවල්ය.

ඒ සියල්ලට වඩා දේව වචනය උතුමිය.

ඒ උතුමි දේව වචනය ප‍්‍රකාශ කරමු.

යෙසායා 10:27
තවද ඒ දවසේදී ඔහුගේ බර නුඹේ කරෙන්ද ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන්ද පහවන්නේය, නුඹේ තරකම නිසා වියගහද කැඩෙන්නේයයි කියනසේක.

ඔබ තුළ ඇති ආලේපය වියගස් බිඳ දමයි.

ඔබ යම් බන්ධනයක ජීවත් වන්නේ නම්, ඒ බන්ධන කඩා ඔබව නිදහස් කිරීමට ඔබ තුළ ඇති ආලේපයට හැකිය.

ඔබත් මමත්, දිනපතා දේව වචනයේ පොරොන්දු ප‍්‍රකාශ කරමින්, ආලේප ලත් නිදහස් ජීවිතයක් ගත කරන ජයග‍්‍රාහී සෙනඟක් වෙමු.


Watch the Sermon Video

Read 175 times