+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේගේ වචන ප්‍රකාශ කිරීම බලවත්ය - මනූ මැතානි
October 1, 2023 Sunday Sermon Notes


වචනය ප‍්‍රකාශ කිරීමෙන් ඔබේ ජීවිතයේ බොහෝ දේ සිදු වන්නේය.

වචනය තදින් අල්ලා ගැනීමෙන් යයි අදහස් කරන්නේ ‘’එය නොකඩවා ප‍්‍රකාශ කරමින් සිටින්න’’ ලෙසයි.

මන්ද දෙවියන්වහන්සේ බොරු නොකියන සේක, උන්වහන්සේ පවසන දේවල් උන්වහන්සේ ඉෂ්ඨ කරන සේක.

තවමත් පොරොන්දු ඉටු වුණේ නැතැයි දුක් නොවී ඔබගේ ඇදහිල්ලේ ප‍්‍රකාශ තදින් අල්ලා සිටින්න.

කාලගුණය මෙන් වෙනස් නොවී වචනයෙහි ස්ථීරව පවතින්න.

පාවුල් තිමෝතිට ලියා යැවූ ලිපියේ පවසන්නේ ‘’කලටත් අකලටත් දේව වචනය ප‍්‍රකාශ කරන්න’’ ලෙසයි.

2 තිමෝති 4:2
වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය.

මනුෂ්‍යයන්ගේ ඉල්ලුම හැටියට නොව, හැඟෙන දේවල් අනුව නොව දෙවියන්වහන්සේ අපට දෙන වචනය ප‍්‍රකාශ කරමු.

ඔබගේ ප‍්‍රකාශනය තදින් අල්ලාගෙනම සිටින්න.

2 තිමෝති 1:13
නුඹ මාගෙන් ඇසූ සාරවූ වචනවල ආදෘශය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ල සහ ප්‍රේමයෙන් යුක්තව අල්ලාගන සිටින්න.

ඔබගේ විවාහ ජීවිතයේ ප‍්‍රශ්න වලදී පවා ඇදහිල්ලේ ප‍්‍රකාශනය තදින් අල්ලා ගෙන සිටින්න.

යක්ෂයාට අණ කරන්න.

දෙවියන්වහන්සේ ඔබට සාර්ථක විවාහ ජීවිතයක් පොරොන්දු වී තිබේ.

වැරදි ප‍්‍රකාශන කිරීමෙන් අසනීප, දුක්, කළකිරීම් අපගේ ජීවිතයට පැමිණිය හැකිය.

ඔබගේ ප‍්‍රකාශන වල ඔබ කියන දේ කිරීමට බලය, ශක්තිය, හැකියාව තිබේ.

ඔබගේ සිත පාලනය කරන්නේ ඔබගේ මුඛයයි.

යෝබ් 6:25
අවංකකමේ වචන කොපමණ බලවත්ද! නුමුත් නුඹලාගේ අවවදයෙන් තරවටුකරන්නේ කුමක් ගැනද?

අවංක වචන ඔබට සම්බවන්නේ දෙවියන්වහන්සේගෙන් පමණි.

ඔබට යහපත් මුඛයක් තිබේ නම් යක්ෂයා භිය වන්නේය, මන්ද ඔබ දෙවියන්වහන්සේගේ වචන කථා කරන නිසාවෙන්ය.

ඔබට එන සිතුවිලි ප‍්‍රකාශ කිරීමට ඉක්මන් නොවී එය එය දෙවියන්වහන්සේගෙන්ද, යක්ෂයාගෙන්ද, හැඟීම් වලින්ද යයි සෝදිසි කර බලන්න.

යෝබ් 40:1‭-‬4
තවද ස්වාමීන්වහන්සේ යෝබ්ට උත්තරදෙමින්: පොරට සිටින්නා සර්වපරාක්‍රමයාණන්වහන්සේ සමඟ විවාදකරන්නේද? දෙවියන්වහන්සේ සමඟ විවාද කරන්නා ඊට උත්තරදෙවයි කීසේක. එකල යෝබ් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: මම නීචයෙක්මි; ඔබට උත්තරයක් දෙන්නේ කෙසේද? මාගේ අතින් කට වසාගනිමි.

දෙවියන්වහන්සේ කියන දේ කරන විට යහපත පැමිණෙන නමුත් උන්වහන්සේ එපා කියන දේ කිරීමෙන් විනාශය පැමිණේ.

අපගේ මුඛය වැරදි දේ නොකියන පිණිස වසා ගනිමු.

දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරමින් එය ප‍්‍රකාශ කරමු.

ජීවන වචන වලින් දෙවියන්වහන්සේට ප‍්‍රසංශාව, නමස්කාරය දෙමු.

ඇසකට ඇසක්, දතකට දතක් නොවේ, ආශීර්වාදය ප‍්‍රකශ කරමු. (මතෙව් 5:38-39)

1 පේත්‍රැස් 3:9
නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.

නපුරට නපුර කිරීම ඔබේ ජයග‍්‍රහණය නොවේ, එය පළිගැනීමකි.

මට ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් සියල්ල කළ හැකිය. (පිලිප්පි 4:13)

උන්වහන්සේ ජීවත් වූ ආකාරයට අපිත් ජීවත් වෙමු.

1 පේත්‍රැස් 2:21-22
එසේය, ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නුඹලා නිසා වධවිඳ, නුඹලා උන්වහන්සේගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියසේක.
උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණෙත් නැත,

අපේ ආදර්ශය ක‍්‍රිස්තුස්වහන්සේමයි.

පරීක්ෂාවන් පැමිණි නමුත් උන්වහන්සේ පාපයක් නොකළ සේක.

ඔබ පාපිෂ්ඨයෙක් නොව ධර්මිෂ්ඨයෙකි.

ඔබට පවි නොකර සිටීමේ හැකියාවක් තිබේ.

1 යොහන් 3:6
යමෙක් උන්වහන්සේ තුළ පවතීද, ඔහු පව්කරන්නේ නැත. පව්කරන තැනැත්තේ උන්වහන්සේ දුටුවේවත්, උන්වහන්සේ ඇඳිනගත්තේවත් නැත.

අපි කරන ක්‍රියාවන් වලට ගණන් දීමක් තිබේ.

සිතුවිල්ලක් ආ පමණින් අපි පව්කරුවන් නොවේ, යේසුස්වහන්සේගේ නාමයෙන් වැරදි සිතුවිලි වලට දුරුවී යන්නට අණ කරමු.

හොඳ වතුර භාවිතා කරමින් අපි ජරාව අයින් කරමු.

‘’හොඳ වතුර’’ නම් අපගේ යහපත් වචන වේ.

අපි අනුග්‍රහයේ බලයෙන් ජීවත් වෙමු, එය ශුද්ධකමෙන් ජීවත් වීමට අපට උපකාර කරයි.

දෙවියන්වහන්සේගේ අවවාද සුළු කිරීමෙන් ඔබ අත් කරගන්නා විනාශයට උන්වහන්සේට දොස් නොකිය යුතුය.

පව් කරන තැනැත්තා දෙවියන්වහන්සේ දැන හඳුනා ගෙන නැත.

1 යොහන් 3:7
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා මුළාකරන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින්නාක්මෙන් ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨව සිටියි.

ඔබ ධර්මිෂ්ඨයි.

ඔබව රැවටීමට, දෝෂාරෝපණයට ලක් කරන්න කිසිවෙකුට ඉඩ නොදෙන්න.

පව් කරමින් ජීවත් වෙන්නට අපි පව්කාරයන් නොවෙමු.

මම ස්වාමීන්වහන්සේ තුළ පවතින නිසා මම බැටළුවෙකු වෙමි.

1 යොහන් 3:8
පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය.

යක්ෂයා ඔබට වඩා බලවන්ත නොවේ, ඌ ඔබේ පාද යට සිටින්නේය.

ඔබේ ජීවිතය පාලනය කරන්න බලයක් යක්ෂයාට නැත.

මනුෂ්‍යයන් ඔබට පීඩා කළද ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ තුළ සිටින නිසා ඔබට ඉවසීමේ ස්වභාවයක් ඇත.

යේසුස්වහන්සේ යක්ෂයාගේ බලය බිංදුවට හරවා තිබේ.

මගේ පරණ මනුෂ්‍යයා පහ කරමින් දෙවියන්වහන්සේ මට අලුත් ජීවනයක් දී තිබෙනවා.

සෑම දිනකම, මොහොතක් පාසා ඔබගේ යහපත් ප‍්‍රකාශනයේ යෙදී සිටින්න.

හෙබ්‍රෙව් 3:1
ඔබගේ ප්‍රකාශනයෙන් ඔබට විරුද්ධව පැමිණෙන සියලුම සිතුවිලි පරාජය කළ හැකියි.

යාකොබ් 3:9-10
එයින් ස්වාමිවූ පියාණන්වහන්සේට අපි ප්‍රශංසාකරමුව; එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වය ලෙස මවනලද මනුෂ්‍යයන්ට අපි ශාපකරමුව. ප්‍රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත.

යාකොබ් 3:11
උල්පත එක සිදුරෙන් මිහිරි දියත් තික්ත දියත් නිකුත්කරයිද?

ඔබගේ මුඛයෙන් තික්ත දේවල්, පරාජයන්, අතීතයේ අමිහිරි මතකයන් ගැන කථා නොකළ යුතුය, මන්ද එයින් ඔබගේ අනාගතය විනාශ වේ.

ඔබ කථා කරනවානම් දෙවියන්වහන්සේ කළාවූ යහපත් දේවල් ගැන කථා කරන්න.

අප අමතක නොකළ යුත්තේ උන්වහන්සේගේ උපකාර පමණයි.
ඔබේ ජීවිතයේ උන්වහන්සේ දුන් සුවය, ආශීර්වාද, අඳුරු කාලයන්වලදී උන්වහන්සේ කළාවූ උපකාර, ඔබේ පාපයට දුන් සමාව කිසිදා අමතක නොකරන්න.

ගීතාවලිය 103:2
මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව.

දාවිත් විශාල යෝධයාගෙන් ජයගැනීමට යාමේදී දෙවියන්වහන්සේ තමන්ට කළාවූ පරණ, යහපත් දේවල් අමතක කළේ නැහැ..
(1 සාමුවෙල් 17:35-36)

වලහාගෙන්, සිංහයාගෙන් ජයග‍්‍රහණය දුන් දෙවියන්වහන්සේ සමඟ සිටි දාවිත්ට යෝධයා පෙණුනේ ආකාශයේ කපුටන්ට දෙන්නට තිබූ ආහාර වේලක් ලෙසයි.(1 සාමුවෙල් 17:46)

ඔබ කුමන වාතාවරණයක සිටියත් ඔබේ මුඛයෙන් පිටවිය යුත්තේ දෙවියන්වහන්සේට ප‍්‍රසංශාවයි.

හෙබ්‍රෙව් 13:15
එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.

‘’ස්තුතිකරන තොල්වල ඵල’’ යන්නෙන් අදහස් කරන්නේ නිතරම ඔබගේ ප්‍රකාශයන් තුළින් දෙවියන්වහන්සේගේ වචනය පවසන්න.

සුවය දැනෙන්නට පෙර වේදනාව තිබියදීම දෙවියන්වහන්සේට ස්තූති කරන්න.

මනුෂ්‍යයන්ට ශාප හා අයහපත්දේ නොකර නිතරම ස්තුති දීමේ පූජා පුදකරන්න.

නොකඩවා ප‍්‍රසංශා කිරීම, හරි වචන කථා කිරීම පුරුද්දක් ලෙස පවත්වා ගනිමු.

යේසුස්වහන්සේ සෑම විටම ප‍්‍රශ්නය ගැන නොව, විසඳුම ගැන කථා කළ සේක.

යාකොබ් 3:12
මාගේ සහෝදරයෙනි, අත්තික්කා ගහේ ඔලීව ඵලවත් මුද්‍රික වැලේ අත්තික්කා ඵලවත් හටගන්ට පුළුවන්ද? කරදියෙන් මිරිදිය නික්මෙන්ට නුපුළුවන.

කිතුනුවන් ලෙස ජීවිතයේ අමාරුකම්, රටේ ලෝකයේ සිදුවන දේවල් ගැන කථා කිරීම නවත්වා දෙවියන්වහන්සේගේ වචනය කථා කිරීමෙන් ජීවත් වීමට ඔබ තෝරා ගන්න.

2 කොරින්ති 5:7
(මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)

අපි ජීවත් වෙන්නේ පෙනීමෙන් හෝ හැඟීමෙන් නොව, ඇදහිල්ලේ ප්‍රකාශ වලින්ය.

පංචේන්ද්‍රියයන් මත නොවෙයි, නොපෙනෙන දේවල් කෙරෙහි විශ්වාසය තබමින් ඇදහිල්ලේ ප‍්‍රකාශන වලින් ගමන් කරමු.

2 කොරින්ති 4:13
තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.

‘’ඇදහිල්ලේ වරිත ගුණාංගය නම් විශ්වාස කරන දේ කතා කිරීමයි.’’

ඔබ විශ්වාස කරන දේ ඔබ කතා කරන්න.

ඔබ සුවය විශ්වාස කරන්නේ නම් සුවය පිළිබඳ කතා කළ යුතුයි.

ඔබ කතා කළ යුත්තේ ප්‍රශ්නය නොව, විසඳුමයි.

සැක සහිත දේවල් ප්‍රකාශ කිරීමෙන් ඔබට ඔබගේ වාතාවරණය වෙනස් කළ නොහැකියි.

ඔබ අදහන දේවල් ප්‍රකාශ කරන්න. ‘’ඇදහිල්ල යනු විශ්වාස කරන දේ ප‍්‍රකාශ කිරීමයි.’’

2 කොරින්ති 5:7
(මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)

2 කොරින්ති 4:13
තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.

ඔබට සත්‍යයෙන් සාධක වෙනස් කළ හැකියි.

කලටත්, අකලටත්, හොද දේටත්, නරක දේටත් දේව වචනයම (යහපතම) පමණක් ප‍්‍රකාශ කරමු.

යෝවෙල් 3:10
නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.

දුර්වලයා තමන් බලවන්ත යයි පැවසීම බොරුවක් නොවේ.

යේසුස්වහන්සේ ලාසරස් මැරුණු වෙලාවේ පැවසුවේ ලාසරස් ‘’නිදි’’ ලෙසයි, උන්වහන්සේ මරණීය වචන කතා නොකළ සේක.

මරණීය වචන ප්‍රකාශ කිරීමෙන් ඔබ ප්‍රශ්නය උග්‍ර කරනවා මිසක් ප්‍රශ්නය කිසිදා ජයගන්නේ නැත.

යායිරස්ගේ දියණිය මැරුණු වේලාවේදීද යේසුස්වහන්සේ පැවසුවේ දියණිය ‘’නිදා’’ සිටින බවයි.

යේසුස්වහන්සේට මනුෂ්‍යයන් සිනාසුන ආකාරයටම අද ඔබගේ ප‍්‍රකාශන නැති කර දැමීමට මනුෂ්‍යයන් ඔබට සිනාසීමට, විහිළු කිරීමට පුළුවන, නමුත් ඔබගේ යහපත් ප‍්‍රකාශනයෙහි ස්ථිරව සිටින්න.

යේසුස්වහන්සේ කතා කළ සෑම වචනයක්ම ජීවමාන, ආත්මික වචන විය.

යොහන් 6:63
ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.

හැඟීමෙන් ජීවත් වීමෙන් කිසි ප්‍රයෝජනයක් නැත.

මනුෂ්‍යයෙක් ජීවත් කරන්නේ, සුව කරන්නේ, ඔහුගේ අවශ්‍යතාවයන් වලට උපකාර කරන්නේ ආත්මයයි.

යේසුස්වහන්සේ කී වචන අපට ජීවනය, සුවය, නිදහස ගෙන දෙන නිසා උන්වහන්සේ කතා කරන දේවල් කතා කරන්නට අපි පුරුදු වෙමු.

කුණාටුවේදී ගෝලයන්ගේ මරණීය ප‍්‍රකාශන හමුවේ නොසැලී, ගිලෙන බෝට්ටුව තුළ සිටිමින් යේසුස්වහන්සේ කුණාටුවට අණ කරමින් එය නවතා දැමුහ. (මාර්ක් 4:38)

උන්වහන්සේ ගෝලයන්ගේ ඇදහිල්ල නැතිකම ගැනද තරවටු කළ සේක. (මාර්ක් 4:39)

අපේ වාතාවරණයට භය නොවී, එය වෙනස් කිරීමට අපේ ප‍්‍රකාශන පාවිච්චි කරමු.

අපේ ප‍්‍රකාශන බලවන්තයි, යක්ෂයන් ඔබේ ප‍්‍රකාශන වලට වෙවුලමින් සිටියි.

ඔබේ ප‍්‍රසංශාවෙන් දෙවියන්වහන්සේට නමස්කාරය, ගෞරවය දෙන්න.

ගීතාවලිය 149:4‭-‬6
මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්නවනසේක. යටහතුන් ගැළවීමෙන් සරසනසේක. ශුද්ධවන්තයෝ මහිමයෙන් යුක්තව සන්තෝෂවෙත්වා; තමුන්ගේ යහන්වල ඉඳ ප්‍රීතියෙන් ගායනාකෙරෙත්වා. ඔවුන්ගේ මුඛවල දෙවියන්වහන්සේට උතුම් ප්‍රශංසාද අතෙහි දෙමුවහත් කඩුවක්ද වේවා;

ප්‍රශංසාව දෙමුවහත් කඩුවක් මෙන් ඉතා බලවන්තයි.

ගීතාවලිය 149:7‭-‬9
කුමටදයත්, ජාතීන් කෙරෙහි පළිගැනීම හා මනුෂ්‍ය වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිසත්, ඔවුන්ගේ රජුන් යදමින්ද ඔවුන්ගේ අධිපතීන් විලංගුවලින්ද බඳින පිණිසත්, ලියනලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන පිණිසත්ය. මේ ගෞරවය උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන්ට ඇත්තේය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

ප්‍රශ්න මධ්‍යයේ ප‍්‍රසංශා ගීතිකා ගායනා කරන විට යක්ෂ බලතල විනාශ වී යන්නේය.

උන්වහන්සේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ දෙවියන්වහන්සේය.

ගීතාවලිය 22:3
නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක.

ඔබ ප්‍රශ්න මධ්‍යයේ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න. එවිට ඔබේ ජීවිතයේ බොහෝ දේවල් වෙනස් වන්නේය

පාවුල් හා සීලස් මධ්‍යම රාත‍්‍රියේදී ප්‍රශංසා කළෝය, එවිට දෙවියන්වහන්සේගේ බලය ක‍්‍රියාත්මක විය.

ක්‍රියා 16:25
නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය,

ප්‍රශංසා මධ්‍යයෙහි බලවත් දේවල් සිදු වන්නේය.

යක්ෂයාව දුරු කළ හැක්කේද ඌගේ විලංගු බිඳ වැටෙන්නේද අපගේ තොල් වලින් කෙරෙන ප්‍රශංසා මධ්‍යයෙහිය.

යක්ෂයාගේ බලයෙන් නිදහස්ව නිරෝගීව, ස්වර්ගීක ජීවිතයක් මේ පොළවේ ගත කරන පිණිස අපව කැඳවා ඇත.

ස්වාමීන්ගේ යාච්ඤාවේදී උන්වහන්සේ පැවසුවේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය මේ පොළොවට පැමිණෙන ලෙසයි, උන්වහන්සේගේ කැමැත්ත මේ පොළවේ සිදු වන ලෙසයි.
(මතෙව් 6:10)

අපි ස්වර්ගීය පුරවැසියන්, තානාපතියන් වෙමු.
එබැවින් දෙවියන්වහන්සේගේ බලවත් වචනයෙන් සන්නද්ධව අපේ ජීවිත ගමන ගත කරමු.


Watch the Sermon Video

Read 146 times