+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

    දේව වචනයේ ප්‍රකාශ කිරීම

                        - මනූ මැතානි
             October 8, 2023 Sunday Sermon Notes


ඔබේ ජීවිතය ආරක්ෂා සහිතව ගෙන යාමට ඔබට බොහෝ දේවල් තිබේ.

දෙවියන්වහන්සේගේ වචනය ඇසීමෙන් ඔබේ ජීවිතයේ වෙනසක් ඇතිවේ.

වචනය ඇසීම ඉතාම වැදගත්, මන්ද ඇදහිල්ල පැමිණෙන්නේ වචනය ඇසීමෙනි.

අපි කථා කරන්නේ අප අසන දේවල්ය.

එබැවින් නිවැරදි දේ අසන්න පුරුදු වෙමු.

යේසුස්වහන්සේ පැවසුවේ අපි අසන දේ ගැන ප‍්‍රවේසම් වන ලෙසයි.

ලූක් 8:18
එබැවින් නුඹලා අසන්නේ කෙසේද කියා බලාගන්න. මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලබන්නේය; යමෙකුට නැත්තේද ඔහුට ඇතැයි සිතන දේත් ඔහුගෙන් පැහැරගනු ලබන්නේයයි කීසේක.

ඔබ අසන, නරඹන, ඔබේ ජීවිතයට ඇතුලත් කර ඇති දේවල් ගැන වගකීමක් ඔබට ඇත.

පරාජය නැත්නම් ජයග‍්‍රහණය, සුවය නැත්නම් අසනීප ලෙස එහි ප‍්‍රතිඵල ලැබෙන්නේ ඔබටමය.

මාර්ක් 4:24
තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අසන කාරණා ගැන බලාගන්න. නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද, එයින්ම නුඹලාටත් මැනදෙනු ලැබේ. නුඹලාට තව වැඩියෙන් දෙනුලැබේ.

ඔබගේ දෙසවන ඉතාම වටින්නේය.

සතුරාගේ හඬට සවන් නොදෙන්න.

අප කථා කරන්නේ අපේ සිතේ පූර්ණකමෙන්ය.

අපි ආත්මික විය යුත්තේ හදිසියකට නොවේ, අවශ්‍ය වේලාවට ප‍්‍රයෝජන ගැනීමට නොවේ.

ඔබ යේසුස්වහන්සේ පිළිගත් දින සිට ඔබ ආත්මික මනුෂ්‍යයෙක් බවට පරිවර්ථනය විය.

දෙවියන්වහන්සේ අපව කැඳවන්නේ ආත්මික ගමනකටය.

අපි ආරම්භ කළ ඒ ගමන උස්පහත් විය හැකියි, නමුත් අපේ ඉලක්කය උන්වහන්සේ අනුව ගමන් කිරීමට තෝරා ගත යුතුයි.

ආත්මයාණන්වහන්සේ මඟ පෙන්වන ලෙසට ජීවත් වෙමු.

දෙවියන්වහන්සේ අපව නිදහස් කළේ නැවත මාංශාකාරව ජීවත් වන පිණිස නොවේ.

ඔබ ආත්මික මනුෂ්‍යයෙක් වූවත් සතුරා ඔබට පීඩා ගෙන ආ හැකියි, ධර්මිෂ්ඨයාට පීඩා තිබුණත් උන්වහන්සේ ඔහුව මුදවා ගන්නා බවට පොරොන්දුව අපට ඇත.

ගීතාවලිය 34:19
ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.

පීඩා පැමිණියත් පීඩා කෙරෙහි ඔබගේ විශ්වාසය නොතබන්න.

පීඩාවෙන් නිදහස ලැබූ බව විශ්වාස කරන්න.

යෙසායා 30:12-13
එබැවින් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා මේ වචනය සුළුකර, බලාත්කාරකම සහ වංකකම කෙරෙහි විශ්වාසකොට, ඒ කෙරෙහි පිහිටා සිටින බැවින්,

ඔබ දේව වචනය කිසිදා සුළු නොකරන්න.

ඔබ සදාකාල ජීවනය තදින් අල්ලාගෙන ඉදිරියට යන්න.

ඇදහිල්ලේ යහපත් සටනේ සටන් කරන්න.

පාවුල්තුමා පැවසුවේ පසුගිය දේවල් අමතක කර දමා ඉදිරිය දෙස බලමින් යන බවය. (පිලිප්පි 3:13)

සමහර වෙලාවට වෙනස් වීමට ඔබේ බාධාව යක්ෂයා නොවෙන්නට පුලුවන්, ඒ බාධාව ඔබේ මාංශය විය හැකියි.

දේව වචනයේ ලියා තිබෙන ලෙස මා වෙනස් වීම අවශ්‍යයි.

ගීතාවලිය 62:10
බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්. වස්තු වැඩිවුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්.

පීඩාව මත, රෝගය මත, බයිබලයට අදාල නොවන දේ මත ඔබේ විශ්වාසය නොතබන්න.

වස්තුව හෝ මුදල් ඔබේ මූලාශ‍්‍රය නොවේ,

ඔබේ මූලාශ‍්‍රය දෙවියන්වහන්සේය.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ ක‍්‍රියාකාරිත්වය වැදගත්ය.

පීඩාව මත නොව දේව වචනය මත විශ්වාසය තබමු,

උන්වහන්සේගේ වචනයට විරුද්ධ නොවන ලෙස ක‍්‍රියා කළ යුතුයි.

දේව වචනයට එහා කිසිවක් නැත, එය පිරිසිදුය, ඊට එකතු කිරීමට වත් එයින් අඩු කිරීමට වත් කිසිවක් නැත.

මනුෂ්‍යයන්ට බොරු කළ හැකි මුත් හදවත දකින දෙවියන්වහන්සේට බොරු කළ නොහැක.

අවංකකම තිබිය යුත්තේ අපේ හදවතේය.

ගීතාවලිය 62:11
දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,

දෙවියන්වහන්සේ ප‍්‍රකාශ කළ දේ ඔබ ප‍්‍රකාශ කරන විට ඔබට එය දෙවරක් ඇසෙයි.

ඔබ අසන දේවලින් ඔබ ජීවත් වීමට යන්නේය, යක්ෂයා පවසන දේ නොව දෙවියන්වහන්සේ පවසන දේ අසන්න.

ඔබ අසන දේ ප‍්‍රකාශ කරන්න, ඔබේ ප‍්‍රකාශනය තිබෙන්නේ ඔබේ යහපත සඳහායි.

බොහෝ මනුෂ්‍යයන් වර්ධනය නොවන්නේ ඔවුන්ගේ ප‍්‍රකාශය නොමැතිකමෙනි.

දෙවියන්වහන්සේ සියල්ල ආරම්භ කළේ ප‍්‍රකාශ කිරීමෙනි.

උන්වහන්සේ ‘’ආලෝකය වේවා’’ යයි ප‍්‍රකාශ කළ සේක.
(උත්පත්ති 1:3)

මැවීමේ ආරම්භයේදී දෙවියන්වහන්සේ තම ප‍්‍රකාශයෙන් මැවූ ඉර සඳ ඇතුළු සියල්ල අද දක්වාම තිබෙන්නා සේ අද ඔබ ප‍්‍රකාශ කරන දේ ඔබේ අනාගතය දක්වාම තිබෙනු ඇත.

දෙවියන්වහන්සේ අපව මැව්වේ උන්වහන්සේගේම ස්වරූපයට හා සමානත්වයටයි, (උත්පත්ති 1:26) ඒ නිසා අපිත් උන්වහන්සේ වාගේම ප‍්‍රකාශ කළ යුතුයි.

අපිත් ආලෝකය, ජීවනය ප‍්‍රකාශ කරමුව.

උත්පත්ති 1:1-3
1 පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.
2 පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක. 3 දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය.

ශුද්ධාත්මයාණන්වහන්සේ අදද අප අතර සැරි සරමින් සිටියි.

එදා උන්වහන්සේ මරියා වෙතට විත් ඇය අසල සිටි නමුත් මරියාගේ මුවින් ‘’ඔබගේ කැමැත්ත සිදුවේවා’’ කියන වචනය නික්මුණ සැණින් ආත්මයාණන්වහන්සේට ක‍්‍රියාත්මක වීමට හැකි විය. (ලූක් 1:38)

අපගේ මුඛයෙන් පවසන දේ ඉටු කිරීමට උන්වහන්සේ බලා සිටින සේක.

ඔබගේ කම්මැළිකමට, ඔබව විඩාවට පත් කරන ආත්මයට යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අණ කරන්න.

ඔබේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි, ඒ නිසා අලස නොවෙමු.

හෙබ්‍රෙව් 6:12
ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගෙන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.

ලෝකයේ මනුෂ්‍යයන් සමඟ නොසිට පොරොන්දු උරුමකරගෙන සිටින්නන්ගේ අඩිපාරේ ගමන් කරමු.
‭‭
හැඟීම්බරව නොව, ඇදහිල්ලෙන් ජීවත් වන මනුෂ්‍යයා ප‍්‍රඥාවන්තය.

අපි දෙවියන්වහන්සේගේ පක්ෂයේ සිටිමු.

ලවෝදීසිය සභාවට කළාවූ ප‍්‍රකාශනයේ ලෙස අපිද මධ්‍යස්ථව සිටින්නේ නම් උන්වහන්සේ අපව වමාරනු ඇත.

එළිදරව් 3:16
නුඹ උෂ්ණව හෝ ශීතලව හෝ නොසිටි ඇල්මැරී සිටින බැවින් මාගේ මුඛයෙන් නුඹ වමාරන්නෙමි.

අප මිශ‍්‍ර ජීවිතයක් ගත කිරීම උන්වහන්සේට අප‍්‍රසන්නය.

හිතෝපදේශ‬ ‭12:18‬
කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.

ඔබ වචන වලින් මනුෂ්‍යයන්ව ශක්තිමත් කිරීම උන්වහන්සේ බලාපොරොත්තු වන සේක.

ඔබට සුවයේ දිවක් තිබේ.

අන් අයටද සුවය ලබා දීමේ හැකියාවක් ඔබට ඇත.

‭‭හිතෝපදේශ‬ ‭12:19‬ ‭
සැබෑව කියන [සත්‍යය කතා කරන] තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.

සැබෑව නම් ‘’ආත්මික තලයේ සත්‍ය වචනය’’ ප‍්‍රකාශ කිරීමයි.

සත්‍යය නම් යේසුස්වහන්සේයි, යේසුස්වහන්සේ නම් දෙවියන්වහන්සේගේ පොරොන්දු හා ජීවනයයි.

ඔබ ස්ථීරව සිටින්නට නම් ඔබට සත්‍යයේ දිවක් තිබිය යුතුය.

උන්වහන්සේ පැවසුවේ මාර්ගයද, සත්‍යයද, ජීවනයද මමයි කියා. (යොහන්‬ 14:6)

ඔබ සත්‍ය වචනය තුළ ස්ථීරව සිටින්න.

මනුෂ්‍යයන් ඔබ ගැන කියන දේවල් ගැන කරදර නොවන්න.

මාධ්‍යයෙන් පවසන සියල්ල සත්‍ය නොවේ, සත්‍ය නම් දෙවියන්වහන්සේගේ වචනයයි.

ඔබ නිතරම හිසව සිටින්නේ වල්ගය නොවෙයි.
(ද්වීතීය කථාව 24:17)

‭‭යොහන්‬ ‭17:17‬
සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍රකළ මැනව. ඔබගේ වචනය සත්‍යතාවයයි.

සත්‍ය වචනය අසමින් පවිත්‍ර වෙන්න.

හිතෝපදේශ 12:5-6
ධර්මිෂ්ඨයන්ගේ අදහස් යුක්තියට එකඟය; දුෂ්ටයන්ගේ මන්ත්‍රණ වංචාසහිතය. 6දුෂ්ටයන්ගේ වචන ලෙය ගැන රැකසිටීමක් වේ; එහෙත් අවංක අයගේ මුඛය ඔවුන් ගළවන්නේය.

ඔබට ස්ථීර ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් ඔබේ තොල්වල සත්‍යය තිබිය යුතුයි.

රෝම‬ ‭3:3‭-‬4‬ ‭
[3] ඉඳින් සමහරෙක් ඇදහිල්ල නැතුව සිටියොත් කිමෙක්ද? ඔවුන්ගේ ඇදහිලි නැතිකමෙන් දෙවියන්වහන්සේගේ විශ්වාසකම හිස්වේද? [4] එසේ නොවේවා. ඔබවහන්සේගේ වචනවලින් ඔබ සාධාරණව පෙනෙන පිණිසත් ඔබ විනිශ්චයකරනු ලබන කල ජය ගන්න පිණිසත්ය කියා ලියා තිබෙන ලෙස, සියලු මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත් දෙවියන්වහන්සේ සැබෑ බව පෙනේවා.

දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරන අයට උන්වහන්සේ විශ්වාසවන්තයි.

ඔබගේ කීමෙන්, නැතහොත් කතා කරන වචන වලින් ඔබට
ජීවනය තිබේ.

‭‭හිතෝපදේශ‬ ‭18:21‬ ‬‬
මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.

මුඛයෙන් ප‍්‍රකාශ කිරීමෙන් පමණක් ගැළවීම හිමිවේ.

මනුෂ්‍යයෙක්ව නිදහස් කිරීමට ගැළවීමේ පණිවිඩයට බලය තිබේ.

උන්වහන්සේගේ වචනය අනුව ජීවත්වීමට තෝරා ගනිමු.

හොෂෙයා ‭10:11‭-‬12‬
ධර්මිෂ්ඨකම පිණිස වපුරාගන, කරුණාවේ හැටියට කපාගන්න; පුරන් බිම කොටාගන්න. ස්වාමීන්වහන්සේ ඇවිත් නුඹලාට ධර්මිෂ්ඨකම වස්වන තුරු, දැන් උන්වහන්සේ සොයන්ට කාලයය.

ස්වාමීන්වහන්සේගේ වචනය සමඟ එක්වී ගමන් කිරීමට කාලය මෙයයි.

නොසැලකිලිමත්ව, ආගමික ලෙස ජීවත් වීම අතහැර දමා ඔබට යමක් දැකීමට අවශ්‍ය නම් ඔබගේ මුඛය විවෘත කර කතා කර ඔබේ ප‍්‍රකාශයෙන් ජීවත්වෙන්න.

හොෂෙයා ‭10:13‬ ‭
[13] නුඹලා දුෂ්ටකම හෑවහුය, අයුතුකම කපාගත්තහුය; බොරුවල ප්‍රතිඵල කෑවහුය. මක්නිසාද නුඹ නුඹේ මාර්ගයත් නුඹේ බලවතුන් රාශියත් කෙරෙහි විශ්වාස කෙළෙහිය.

ඔබ භය වන හැම දෙයක්ම ඔබට සිදු වන්නේය.

යෝබ් 3:25
මක්නිසාද මා භයවන දේ මට මා භයපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.

ඔබ බයිබලය කියවීම හෝ සභාවට පැමිණිය යුත්තේ දෙවියන්වහන්සේගේ දඬුවමට භය නිසා නොවිය යුතුයි.

දේව වචනයෙන් උන්වහන්සේ අපට ජීවත් වීමට මාර්ගය පෙන්වා දෙන සේක.

විනිශ්චයකාරයන්ගේ කතාව 7 පරිච්ඡේදයේ ගිඩියොන්ට දෙවියන්වහන්සේ කී දේවල් ගැන කියවන්න.

ඔබ භය සමඟ ගමන් කරන්නේ නම් ඔබට කිසිදිනක ජයග‍්‍රාහී ජීවිතයක් ගත කළ නොහැකි වන්නේය.

භිය සහ ඇදහිල්ල දෙකම ඔබේ ජීවිතයේ තිබිය නොහැකිය, ඒවා මිශ‍්‍ර කර නොගත යුතුය.

භය පැමිණෙන්නේ දේව වචනයෙන් නොවේ.

දේව භය නම් දෙවියන්වහන්සේ කී සියල්ල ‘’එසේය’’ ‘’ආමෙන්’’ කියා විශ්වාස කිරීම වේ.

හොෂෙයා ‭10:13‬ ‭
[13] නුඹලා දුෂ්ටකම හෑවහුය, අයුතුකම කපාගත්තහුය; බොරුවල ප්‍රතිඵල කෑවහුය. මක්නිසාද නුඹ නුඹේ මාර්ගයත් නුඹේ බලවතුන් රාශියත් කෙරෙහි විශ්වාස කෙළෙහිය.

ඔබගේ විශ්වාස තිබිය යුත්තේ භාහිර මට්ටමෙන් නොවේ.

ඔබ තනියම වූවත් ඇදහිල්ලේ ගමන ගමන් කරන්නට ඔබට හැකි වන්නේය.

සාවුල් රජතුමා නිතරම ජීවත් වූයේ මනුෂ්‍යයන්ට භය වීමෙන්.

දෙවියන්වහන්සේ ඔබට යමක් පැවසුවා නම් ඒ කාරණයෙහිම යෙදී සිටින්න.

1 සාමුවෙල් ‭13:5‬
‭‭පිලිස්තිවරු ඉශ්‍රායෙල් සමඟ යුද්ධකරන පිණිස රථ තිස්දාහක්ද අසරුවන් හයදහසක්ද ගණනින් මුහුදු වෙරෙළ් වැලිමෙන් වූ සෙනඟක්ද ඇතුව රැස්වී ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය.

‭‭1 සාමුවෙල්‬ ‭13:6‬ ‭
[6] තමුන් අන්තරායට අසුවී ඉන්න බව ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දුටුවෝය. (මක්නිසාද සෙනඟ පීඩිතව සිටියෝය.) එවිට සෙනඟ ගුහාවලද කැලෑවලද පර්වතවලද කොත්වලද වළවල්වලද සැඟවුණෝය.

පිටස්තරව දේවල් පැමිණෙන විට දෙවියන්වහන්සේ අපට පැවසූ දේ අමතක වී යා හැකිය.

සතුරු හුමදාව කොතරම් බලවත් වූවත්, ශක්තිමත් වූවත් ඔබ භය නොවී සිටින්න.

පරීක්ෂාවන් පැමිණෙන විට සැඟවෙන ස්ථානයක් සොයා නොගොස් සිංහයන් මෙන් එඩිතරව සිටිමු.

ධර්මිෂ්ඨයන් සිංහයන් මෙන් ස්ථීරව සිටියි.
‭‭
1 සාමුවෙල්‬ ‭13:7‬ ‭‬‬
[7] සමහර හෙබ්‍රෙව්වරු ගාද් දේශයටත් ගිලියද් දේශයටත් යොර්දානෙන් එගොඩව ගියෝය; නුමුත් සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේය, මුළු සෙනඟ වෙවුලමින් ඔහු පස්සේ ගියෝය.

‭‭1 සාමුවෙල්‬ ‭13:8‬ ‭
[8] ඔහු සාමුවෙල් විසින් නිමකර තිබුණු කාලයේ හැටියට සත් දවසක් නැවතී සිටියේය. නුමුත් සාමුවෙල් ගිල්ගාල්ට නාවේය; සෙනඟද ඔහු වෙතින් විසිර ගියෝය.

‭‭1 සාමුවෙල්‬ ‭13:11‬
[11] සාමුවෙල්: නුඹ කුමක් කෙළෙහිදැයි ඇසීය. සාවුල් කථාකොට: සෙනඟ මා වෙතින් විසිර යන බවත් නියමකළ දවස් ඇතුළතදී ඔබ නා බවත් පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස්වී සිටින බවත් දුටු බැවින්,

‭‭1 සාමුවෙල්‬ ‭13:12‬-13 ‭
[12] මම කථාකොට: මා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව්කරන්ට මත්තෙන් පිලිස්තිවරු මට විරුද්ධව ගිල්ගාල්ට එන්නෝය කියා, අකැමැත්තෙන් දවන පූජාව පූජාකෙළෙමියි කීවේය.
සාමුවෙල්ද සාවුල්ට කථාකොට: නුඹ අණුවන ලෙස ක්‍රියාකෙළෙහිය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ උන්වහන්සේගේ ආඥාව රක්ෂාකළේ නැත. රක්ෂාකළා නම් ස්වාමීන්වහන්සේ නුඹේ රජකම ඉශ්‍රායෙල් කෙරෙහි සදාකාලේටම ස්ථිරකරනවා ඇත.

දෙවියන්වහන්සේගේ වචනය වෙනස් වූයේ නැහැ.

ඔබ ඇදහිල්ලෙන් සිටගෙන සිටින විට ඔබ වටපිටාවෙන් එන බලපෑම් ඔබව නොමඟ යැවීමට, දේව වචනයෙන් පිටස්තරව යමක් කිරීමට ඉඩ නොදෙන පිණිස අවදිව සිටින්න.

කුමක් සිදු වූවත් අප ස්ථීරව රැදී සිටිමු.

මනුෂ්‍යයන් ජීවත් වන්නේ රොටී වලින් පමණක් නොවේ, දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන වචන වලිනි. (ලූක් 4:4)

දේව වචනය ප‍්‍රකාශ කරමින් ජීවත් වෙමු.

පීඩා පැමිණෙන විටදීද මනුෂ්‍යයන් මත විශ්වාසය නොතබා වචනය අත් නොහැර විශ්වාසයෙන් සිටිමු.

හිතෝපදේශ 23:23
සත්‍යයද ප්‍රඥාවද ඉගනගැන්මද නුවණද මිලේට ගන්න, ඒවා නොවිකුණා තබාගන්න.

ඔබ සත්‍යය මත පිහිටා සිටින්න.

පීඩා මත නොව දෙවියන්වහන්සේ අපට දී ඇති පොරොන්දු මත අපේ විශ්වාසය තබමු.

නොපෙණෙන දේවල් මත විශ්වාසය තබන්න, පෙණෙන දේවල් තාවකාලිකය, නොපෙණෙන දේවල් සදාකාලිකය.

ඔබ සත්‍ය මත පිහිටා ජීවත්ව, වචනය විශ්වාස කරන විට, ඔබ සමඟ කවුරු නැති වූවත් ඇදහිල්ලේ අවංක මනුෂ්‍යයන් ඔබ ළඟට පැමිණ ඔබ සමඟ සිට ගනු ඇත.

යෝෂුවා සතුරන් සමඟ සටන් කරද්දී මෝසෙස් තමන්ගේ සැරයටිය ඔසවා ගෙන සිටියා, එතෙක් ඊශ‍්‍රායෙල්වරුන් ජය ලැබූවත් ඔහුගේ අත් බරවී පහළට දැමූ විට සතුරන් ජය ලැබුවෝය.

එබැවින් ආරොන් හා හූර් මෝසෙස් සමඟ සිටිමින් ඔහුගේ අත් ඔසවා ගෙන සිටියෝය, එවිට ඊශ‍්‍රායෙල් සෙනඟ ජය ලැබුවෝය.(නික්මයාම 17:10-13)

එබැවින් අප නොසැලී සිටිමු.

වචනය ප‍්‍රකාශ කරමින් ජීවත් වෙමු.


Watch the Sermon Video

Read 138 times