+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ල කරණකොටගෙන අනුග්‍රහයෙන් සුවය ලබා ඇත - මනූ මැතානි
October 22, 2023 Sunday Sermon Notes


සුවය ඔබට අයිතියි. එය ඔබ ඇදහිල්ලෙන් ලබා ගන්න. සුවය දරුවන්ගේ රොටී හා සමානයි.

දෙවියන්වහන්සේ ඔබගෙන් සුවය කිසිදා වළක්වන්නේ නැත. සුවය ස්වාමීන්වහන්සේ ඔබට දැනටමත් දී තිබෙනවා එය විශ්වාස කරමින් ලබා ගන්න.

මහලේ රෝගී ස්ත‍්‍රිය තමන්ගේ සුවය එවේලෙහිම ලබා ගත් ආකාරයෙන් ඔබත් සුවයෙන් ජීවත් වෙන්න තීරණය කරන්න.

සුවය ලබා ගැනීමට ඔබ යමක් කළ යුතු නැත, ඔබේ හොඳකමක් නිසාවත් නොවේ ඔබ සුවය ලබා ගන්නේ, එය දෙවියන්වහන්සේගේ කරුණාව නිසාම ඔබට ලැබෙන දෙයකි.

ඔබට දෙවියන්වහන්සේ රෝග දෙන්නේ ඔබ තුළ වැඩි ඇදහිල්ලක්, ප්‍රේමයක් ඇති කරන්නට නොවෙයි.

සුවය ලබන කාලය දැන්ය. ඇදහිල්ලෙන් අද ඔබ සුවය ලබා ගන්න.

ඔබ ගැළවීම ලබා ගත්තේ ඔබගේ ප‍්‍රකාශයෙන් (රෝම 10:9-10), එලෙසම ඔබගේ ප‍්‍රකාශයෙන් සුවයත් ලබා ගත හැකියි.

ගලාති‬ ‭3:10‬ ‭
[10] මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.

රෝගය පැමිණෙන්නේ ශාපයක් නිසාය. එය ඔබ දැන සිටිය යුතුයි. ඔබ සුවය උපයා ගන්නේ නැත. එය ඔබ ලබා ගන්නේ අනුග්‍රහයෙන්ය.

රෝම‬ ‭6:14‬ ‭
[14] කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.

ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන් ශාපයට යටත් වී සිටියි.

පාපය ඔබ කෙරෙහි අධිපතිකම් නොකරන්නේ නම් රෝගයත් ඔබ කෙරෙහි අධිපතිකම් නොකරයි.

යේසුස්වහන්සේ කුරුසියේදී මරණ දෙකක් අත් විඳ දරාගත්සේක. …

උන්වහන්සේ දෙවිපියාණන් විසින් අත්හරිනු ලදුව පළමුව ආත්මික ලෙස මරණයටත්, පසුව ශාරීරික මරණයටත් පත් වූ සේක.

මාක් 15:34
නවවෙනි පැයේදී යේසුස්වහන්සේ: එලොයි, එලොයි, ලාමා සබක්තානි කියා මහත් හඬින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුය.

දෙවියන්වහන්සේ ආත්මයක්ය.

උන්වහන්සේ දරා ගත් කස පහරින් මට සුවය ලැබී ඇත.

යේසුස්වහන්සේගේ තුවාල වලින් මා සුවයි.

ඔබගේ නඩු තීන්දුව ස්වර්ගයෙන් පැමිණ තිබේ.

‭‭ගීතාවලිය‬ ‭17:2‬ ‭
[2] මාගේ නඩුතීන්දුව ඔබ ඉදිරියෙන් පැමිණේවා; ඔබගේ ඇස් යුක්තිය බලාවා,

එමඟින් අපට කමාව හා සුවය යන දෙකම ලැබී ඇත.

යක්ෂයා ඔබට විරුද්ධව සිටින නමුත් ස්වර්ගයෙන් ඔබගේ සුවය උදෙසා නඩු තීන්දුව දී හමාරයි.

යේසුස්වහන්සේගේ තුවාල වලින් ඔබ සම්පූර්ණයෙන් සුව වී ඇත.

ඔබ දැන් සිටින්නේ ව්‍යවස්ථාව යටතේ නොවේ, අනුග්‍රහය යටතේය.

ව්‍යවස්ථාව යටතේ සිටින්නන් යමක් ලබා ගන්නේ ක්‍රියාවක් කිරීමෙනි. නමුත් ඔබ අනුග්‍රහය යටතේ සිටින බැවින් යේසුස්වහන්සේ ඔබ වෙනුවෙන් සෑම ක්‍රියාවක් කළ හමාරයි.

අපි නැවත උන්වහන්සේ වෙතට හැරී ආ යුතුයි.

මහාලේ රෝගාතුරව සිටි කාන්තාව ව්‍යවස්ථාව යටතේ සිටියත් ඇය පැමිණියේ අනුග්‍රහය වෙතටයි.

ඇයගේ තත්වය දැන දැනත් ව්‍යවස්ථාව අභිභවා ක‍්‍රියා කරමින් සුවය ලබා ගත්තාය.

රාහෙබ් කියන කාන්තාව ඊශ්‍රායෙල් දෙවියන්වහන්සේ අදහා ගත්තාය. ඇය ඇදහිල්ලෙන් නිදහස් වූවාය.

ඇය දෙවියන්වහන්සේව විශ්වාස කර ඔත්තුකාරයන් දෙදෙනා සැඟවූ නිසා ඇයටත් පවුලේ සියල්ලන්ටත් ජීවිත බේරා ගැනීමට හැකිවිය. (යෝෂුවා 2 වන පරිච්ජේදය)

අනුග්‍රහය යටතේ ඔබට තිබෙන්නේ ආශීර්වාද පමණයි.

‭‭එපීස‬ ‭1:4‬ ‭
[4] ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.

සුවය දැනටමත් ඔබට දී හමාරයි. සුවය නොමිලේ ලබා ගන්න.
ඔබගේ ගැළවීම හදිසියෙන් පැමිණි දෙයක් නොවේ.

එය අසන මොහොතේ ඔබේ ප‍්‍රතිචාරය පවා උන්වහන්සේ දැන සිටින සේක.

ලෝකයේ අත්තිවාරම් දමන්ටත් පෙර සිටම උන්වහන්සේ ඔබව තෝරා ගෙන ඇත. (2 තෙසලෝනික 2:13)

සභාවට පීඩා කළාවූ පාවුල් පවා ගැළවීම ලබා ගත්තේය.

යහපත් මනුෂ්‍යයන් නොව අධර්මිෂ්ඨයන් පහසුවෙන් ගැළවීමට පැමිණෙන්නේය.
‭‭
1 තිමෝති‬ ‭1:14‬ ‭
[14] ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ඇදහිල්ලද ප්‍රේමයද සමඟ අපගේ ස්වාමීන්වහන්සේගේ කරුණාව (අනුග්‍රහය) ඉතා අධිකවිය.

‭‭1 තිමෝති‬ ‭1:15‬ ‭
[15] පව්කාරයන් ගළවන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට ආසේක යන කීම විශ්වාසවූ සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය; ඔවුන් අතුරෙන් මම ප්‍රධාන පව්කාරයාය.

පාවුල් පැවසුවේ ඔහු ප්‍රධාන පව්කාරයෙකු බවයි.

ඔහු යේසුස්වහන්සේ සමඟ ගමන් නොකළත්, හාස්කම් නොදුටුවත්, ගැළවීම පසුව ලබා ගත්තත් ඔහු අලුත් ගිවිසුම තුළ අති විශාල එළිදරව් වාක්‍යයේ මෙහෙවරක් කළේය.

ඔහු දිගින් දිගටම සභාවට පීඩා කරමින් යන අතරමඟ යේසුස්වහන්සේ ඔහුට මුණ ගැසී එළිදරව් වූ සේක.

යේසුස්වහන්සේගේ ආලෝකය දරා ගන්න බැරිව ඔහු අන්ධවිය.

පසුව සුවය ලබා, පසුතැවිලිව, උන්වහන්සේ කෙරෙහි අදහා ගෙන සුභාරංචිය ප‍්‍රකාශ කරන්නට විය. (ක‍්‍රියා 9:1-22)

නව ගිවිසුමේ ඉගැන්වීම් වලින් තුනෙන් දෙකක්ම පාවුල්තුමාගේ ඉගැන්වීම්ය.

පාවුල් අනුග්‍රහය කෙරෙහි තමාගේ මුලු විශ්වාසය තැබීම නිසා
පේත‍්‍රැස්ට, යොහන්ට වඩා එළිදරව්වක් පාවුල්තුමාට ලැබිණි.

ඔබේ සුවය තිබෙන්නේ අනුග්‍රහය තුළ මිස ඔබේ යහපත් ක‍්‍රියාවෙන් නොවේ.

දෙවියන්වහන්සේගේ කැමැත්ත වන්නේ ඔබ නිදහස්කම තුළ ජීවත් වීමයි.

රෝම‬ ‭2:4‭‬ ‭
[4] නොහොත් නුඹ පසුතැවිල්ලට පමුණුවන පිණිස දෙවියන්වහන්සේගේ යහපත්කම පවතින බව නොදැන, උන්වහන්සේගේ යහපත්කමේද ක්ෂාන්තියේද ඉවසීමේද බහුලත්වය සුළුකොට සිතා,

අපව පසුතැවිල්ලට පමුණුවන්නේ දෙවියන්වහන්සේගේ යහපත්කමයි.

අපි යහපත ලබාගෙන සිටින්නේ අනුග්‍රහය තුළින්ය.

යේසුස්වහන්සේගේ සුවය ඔබට තිබෙන්නේ ඔබ කළ ක්‍රියාව නිසා නොවේ.

උන්වහන්සේගේ ස්වර්ගීක තීන්දුව පැමිණ තිබේ.

දෙවියන්වහන්සේගේ බහුලත්වය අපට අත්දකින්නට පුළුවන් වන්නේය.

ඔබ සීමා පසුකර ගියහොත් යක්ෂයාගේ උගුලට හසුවිය හැකිය.

එබැවින් දේව අනුග‍්‍රහය සුළු නොකර සිටිමු.

යොහන්‬ ‭5:6‭-‬8
[6] ඔහු ඔත්පළව ඉන්නවා යේසුස්වහන්සේ දැක, ඔහු දැනට බොහෝ කලක සිට ඒ ආකාරව සිටි බව දැන: නුඹ සුවය ලබන්ට කැමැත්තෙහිදැයි ඔහුගෙන් ඇසූසේක. [7] රෝගියා උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමිනි, වතුර කැලඹෙනකල මා පොකුණට බස්වන්ට කිසිවෙක් මට නැත. මා යන කල වෙන කෙනෙක් මට පළමුවෙන් බසින්නේයයි කීවේය. [8] නැගිට නුඹේ යහන රැගෙන යන්නැයි යේසුස්වහන්සේ ඔහුට කීසේක.

එයයි අනුග‍්‍රහය, අනුග‍්‍රහය පැවසුවේ ‘’නැගිට නුඹේ යහන රැගෙන යන්න’’ ලෙසයි.

අනුග‍්‍රහය නිතරම පවසන්නේ ඔබ ඇදහිල්ලෙන් ක‍්‍රියා කරන්න ලෙසයි.

[9] එකෙණෙහිම ඒ මනුෂ්‍යයා සුවපත්ව, තමාගේ යහන රැගෙන ගියේය. [10] ඒ දවස සබත් දවසය. එහෙයින් යුදෙව්වරු: අද සබත් දවසය, යහන රැගෙන යන්ට යුතු නැතැයි සුවකරනු ලැබූ මනුෂ්‍යයාට කීවෝය. [11] නුමුත් ඔහු ඔවුන්ට උත්තරදෙමින්: මා සුවකළ තැනැත්තේම–නුඹේ යහන රැගෙන යන්නැයි මට කීසේකැයි කීවේය. [12] නුඹේ යහන රැගෙන යන්නැයි නුඹට කී මනුෂ්‍යයා කවුදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය. [13] ඒ ස්ථානයේ සමූහයක් සිටි බැවින් යේසුස්වහන්සේ අහක්ව ගොස් සිටිසේක; එබැවින් සුවකරනු ලැබූ මනුෂ්‍යයා උන්වහන්සේ කවුද කියා දැන නොගත්තේය. [14] ඉන්පසු යේසුස්වහන්සේ දේවමාළිගාවේදී ඔහු දැක: බලන්න, නුඹ සුවය ලැබුවෙහිය. නුඹට මීට වඩා නරකක් සිදු නොවන පිණිස, තවත් පව් නොකරන්නැයි ඔහුට කීසේක.

අනුග‍්‍රහය නැවත ඔබ පාපයට යාම අනුමත නොකරන්නේය.

යොහන්‬ ‭1:14‬
යේසුස්වහන්සේ මාංශාකාරව පැමිණියේ අනුග්‍රහයත් (කරුණාවත්) සත්‍යයත් ගෙනෙන්නයි.

යේසුස්වහන්සේගේ සුව කිරීමේ බලය ගැන ආගමික මනුෂ්‍යයන් ප‍්‍රතික්ෂේප කරමින්, හෙළා දකිමින්, පීඩා කළෝය.

‭‭යොහන්‬ ‭5:15‭-‬16‬ ‭
[15] ඒ මනුෂ්‍යයා ගොස් යේසුස්වහන්සේ විසින් තමාට සුවකළ බව යුදෙව්වරුන්ට දැන්විය. [16] යේසුස්වහන්සේ මේ දේ සබත් දවසේදී කළ නිසා යුදෙව්වරු උන්වහන්සේට පීඩාකළෝය.

ඒ මනුෂ්‍යයාව සුව කළේ අනුග‍්‍රහයයි.

ව්‍යවස්ථාව අනුග‍්‍රහයට පීඩා කළේය.

යේසුස්වහන්සේ සබත් දවසේදී මේ ආකාරයෙන්ම කුදු ස්ත‍්‍රියවද සුව කරන ලදි. (ලූක් 13:10-14)

‭‭යොහන්‬ ‭5:17
[17] නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ පියාණන්වහන්සේ මේ දක්වාම ක්‍රියාකරනසේක, මමත් ක්‍රියාකරමියි කීසේක.

දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ සුවයෙන් සිටිනු දැකීමයි.

මතෙව්‬ ‭8:2‭-‬3‬ ‭‬‬
[2] බලව, කුෂ්ඨරෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට වැඳ: ස්වාමිනි, ඔබ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කීවේය. [3] උන්වහන්සේ අත දිගුකොට ඔහු පිට තබා: මම කැමැත්තෙමි; පවිත්‍රවෙන්නැයි කීසේක. එකෙණෙහිම ඔහු කුෂ්ඨයෙන් පවිත්‍රවිය.

යේසුස්වහන්සේ ඔහු කළ පාපයවත්, දඬුවමවත් ගැන නොතකා අනුග‍්‍රහයෙන් කතා කළ සේක.

උන්වහන්සේ අපව සුව කරන්න නිතරම කැමැත්තෙන් සිටින සේක.

ඔබේ ඇදහිල්ල ඔබට සුවය ගෙන එන්නේය.

අනුග‍්‍රහය හා ඇදහිල්ල කාන්දමක දෙපැත්තක් වැනිය.

‭‭උන්වහන්සේ වචනය එවා අපව සුව කරන සේක.
(ගීතාවලිය 107:20)

ලූක්‬ ‭13:10‬ ‭
[10] උන්වහන්සේ සබත් දවසෙහි එක් සිනගෝගයක උගන්වමින් සිටිසේක.

‭‭ලූක්‬ ‭13:11‬ ‭
[11] බලව, දසඅට අවුරුද්දක් දුර්වලකමේ ආත්මයක් ඇතිවූ කොයි ප්‍රකාරයකින්වත් කෙලින් වෙන්ට බැරි ස්ත්‍රියෙක් එහි සිටියාය.

‭‭ලූක්‬ ‭13:12‬
[12] යේසුස්වහන්සේ ඈ දැක අඬගසා: ස්ත්‍රිය, නුඹේ දුර්වලකමින් නුඹ මිදුණෙහිය කියා, ඈ පිට අත් තැබූසේක.

ඔබ උන්වහන්සේගේ අනුග්‍රහය දෙස බලන්න.

[13] එකෙණෙහිම ඈ කෙලින්වී, දෙවියන්වහන්සේට ප්‍රශංසා කළාය.

අපගේ සුවය දෙවියන්වහන්සේට මහිමය ගෙන දෙන්නේය, එය දෙවියන්වහන්සේගේ ක‍්‍රියාකාරිත්වයකි.

අපේ දුර්වලකම දෙස නොබලා, උන්වහන්සේගේ අනුග‍්‍රහය දෙස බලමින් සියලු පීඩන වලින් සම්පූර්ණයෙන් නිදහස් වෙමු.

මතෙව්‬ ‭8:14-15‬
යේසුස්වහන්සේ පේතෘස්ගේ ගෙට ඇතුල්වූ කල ඔහුගේ භාර්යාවගේ මවු උණ රෝගයෙන් ඔත්පළව ඉන්නවා දැක, [15] ඇගේ අත ඇල්ලූසේක, එවිට උණ රෝගය ඇගෙන් පහව ගියේය; ඈ නැගිට උන්වහන්සේට උපස්ථාන කළාය.

උන්වහන්සේ අසනීප වලට හේතු ගැන කථා නොකර අනුග‍්‍රහයෙන් ඇයව සුව කළ සේක.
‭‭
යොහන්‬ ‭9:1‭-‬3‬ ‭
[1] උන්වහන්සේ යද්දී, උපන්දා පටන් අන්ධවූ මනුෂ්‍යයෙකු දුටුසේක. [2] උන්වහන්සේගේ ගෝලයෝ: රබ්බි, මොහු අන්ධව ඉපදීමට පව්කළේ කවුද? මොහුද? මොහුගේ මවුපියෝදැයි ඇසුවෝය. [3] යේසුස්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ ක්‍රියා මොහු කෙරෙහි ප්‍රකාශවන පිණිස මිස මොහුවත් මොහුගේ මවුපියන්වත් පව්කළ නිසා නොවේ.

දෙවියන්වහන්සේ ඔබගේ සුවයයි. මෙය අනුග්‍රහයේ කාලයයි.
සැක සහිත සිතුවිලි වලින් මිදී අනුග්‍රහයේ පණිවිඩය විශ්වාස කරමු.

මාර්ක්‬ ‭3:1‭-‬2‬ ‭
[1] උන්වහන්සේ නැවත සිනගෝගයට ඇතුල්වූසේක; වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් එහි සිටියේය. [2] එවිට ඔව්හු උන්වහන්සේට වරද තබන පිණිස උන්වහන්සේ සබත් දවසේදී ඔහු සුවකරනසේක්දෝ කියා බල බලා සිටියෝය.

ආගමික මනුෂ්‍යයන් යේසුස්වහන්සේගේ ක‍්‍රියා ගැන වරද තබන්ට බලාගෙන සිටිද්දී පවා උන්වහන්සේ රෝගී මනුෂ්‍යයාව සුව කළ සේක.

‭‭මාර්ක්‬ ‭3:3‭-‬4‬ ‭
[3] උන්වහන්සේ: නැගිට ඉදිරියට එන්නැයි වියළුණු අත ඇති මනුෂ්‍යයාට කියා, [4] ඔවුන්ට කථාකොට–සබත් දවසේදී සුදුසුවන්නේ යහපත කිරීමද නොහොත් නපුර කිරීමද? ප්‍රාණයක් ගැළවීමද නොහොත් නාස්තිකිරීමදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නුමුත් ඔව්හු කථා නොකර සිටියෝය.

මාර්ක්‬ ‭3:5‬
[5] උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසා දුක්වී, උදහසින් ඔවුන් වටකර බලා: නුඹේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගුකෙළේය. එවිට ඔහුගේ අත සුවවිය.

ඔබව සුව කිරීමට දෙවියන්වහන්සේට විශේෂිත දවසක් කාලයක් අවශ්‍ය වන්නේ නැත.

ඔබ විශ්වාස කරන මොහොතේම ඇදහිල්ලෙන් ඔබ සුවය ලබා ගන්නවා ඇත.

එය උන්වහන්සේගේ අනුග්‍රහයයි.


Watch the Sermon Video

Read 120 times