+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබේ සුවය ඔබගේ මුඛයේය- මනූ මැතානි
October 29, 2023 Sunday Sermon Notes


‭‭අපගේ වචන වලින් අප අපවම ධෛර්යයමත් කරගත යුතුය.
ඉන්පසුව අන් අයව ධෛර්යයමත් කිරීමට අපට හැකිවනු ඇත.
 
ඔබ අධෛර්යයමත් තත්වයෙන් ඉන්න පුළුවන්, ඒ අධෛර්යය ඔබට දැනෙන්නට පුළුවන්, නමුත් ඔබ ප‍්‍රකාශ කළ යුත්තේ ධෛර්යයමත් වචනයි. එයයි සැබෑ ඇදහිල්ල.

හෙබ්‍රෙව් 11:1
ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.

ඇදහිල්ලේ වාක්‍ය ගැන ඔබ ලැජ්ජා වෙන්නට අවශ්‍ය නැත, සමහර විට ඔබ තවමත් රෝගාතුරව සිටිනවා විය හැකියි, නමුත් ඔබ ‘’සුවයි’’ කියා ප‍්‍රකාශ කිරීම බොරුවක් නොවේ. එය සත්‍යයයි.

මතෙව්‬ ‭10:32‬
එබැවින් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු (අඳුනමියි) මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු අඳුනමියි කියන්නෙමි.

යේසුස්වහන්සේ යනු දේව වචනයයි.

මනුෂ්‍යයන් ඉදිරියේ යේසුස්වහන්සේ වන දේව වචනය කතා කරනවානම්, උන්වහන්සේ පියාණන්වහන්සේ හා දේව දූතයන් ඉදිරියේ අප ගැන ප‍්‍රකාශ කරන්නේය.

ලූක් 12:8
‭‭තවද යමෙක් මනුෂ්‍යයන් ඉදිරියේදී මා පිළිගන්නේද, මනුෂ්‍ය පුත්‍රයාත් දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියේදී ඔහු පිළිගන්නේය.

ඔබ ප‍්‍රකාශ කරන දේ දේව වචනයට අදාල නැති නම් එයට දේව දූතයන් ඇහුම්කන් නොදෙයි.

ගීතාවලිය‬ ‭103:20‬ ‭
[20] උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.

දේව දූතයන් දෙවියන්වහන්සේගේ හඬට ඇහුම්කන් දී උන්වහන්සේගේ වචනය ඉෂ්ට කරයි.

අපගේ ප‍්‍රකාශනය උන්වහන්සේගේ ප‍්‍රකාශනයත් සමඟ එකඟ විය යුතුය.

ලූක්‬ ‭12:8‬ ‭
[8] තවද යමෙක් මනුෂ්‍යයන් ඉදිරියේදී මා පිළිගන්නේ ද, මනුෂ්‍ය පුත්‍රයාත් දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියේදී ඔහු පිළිගන්නේය.

මෙහි පිළිගන්නේ යන වචනයේ තවත් අර්ථයක් නම් ප්‍රකාශ කිරීම.

යේසුස්වහන්සේ ඔබට කළාවූ දේ මනුෂ්‍යයන් ඉදිරියේ ප‍්‍රකාශ කළ යුතුය, ඒ ප‍්‍රකාශනය ඔබගේ ජීවිතයේ ස්ථීර වන්නට යන්නේය.

යෝබ්ගේ තුවාලයට වඩා යේසුස්වහන්සේගේ තුවාල මහත්ය.

ඔබ සුව ලබන්නේ යෝබ්ගේ තුවාල විශ්වාස කිරීමෙන් නොව, යේසුස්වහන්සේගේ තුවාල වලින් ඔබ සුවය ලබා ඇත.

යෝබ්ට තිබුණාට වඩා මහත් උතුම් ගිවිසුමක් අපට උන්වහන්සේ සමඟ ඇත.

මහලේ රෝගාතුරව සිටි කාන්තාව ඇගේ සුවය යේසුස්වහන්සේගේ සළුවට අත ගැසීමෙන් ලැබෙන බව සිතුවාය. ඇගේ විශ්වාසයෙන්, ඇදහිල්ලෙන් ඇය සුවය ලැබුවාය.

මේ එළිදරව් වචනය පළමුකොට ඔබ තුළ තිබිය යුතුයි. ඒ තුළින් ඔබට අන් අයට උපකාර කළ හැකියි.

‭1 පේතෘස්‬ ‭2:24‬ ‭
[24] අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.

යේසුස්වහන්සේගේ ආත්මය, ප්‍රාණය සහ ශරීරය අප
වෙනුවෙන් පූජා කළසේක

ඔබගේ මනසට පැමිණෙන යක්ෂයාගේ සිතුවිලි වලට ඉඩ නොදී, ඔබේ මනස වෙනස් කරන්න.

එය ඉතාම වැදගත්ය, මන්ද ඒ තුළින් ඔබට ජීවනය ඇතුළුවන බැවින්ය.

ඔබ සුවය ඉල්ලා යාච්ඤා කිරීම අවශ්‍ය නැත, දෙවියන්වහන්සේ ඔබට පවසන්නේ ඔබ උන්වහන්සේගේ වචනය විශ්වාස කිරීම අවශ්‍යයි කියාය.

ඔබගේ ආත්මයත්, ප‍්‍රාණයත්, ශරීරයත් සම්පූර්ණකමට ගෙන එන පිණිස යේසුස්වහන්සේ කුරුසියේදී බොහෝ වධ වින්ද සේක.

ඔබට කළ නොහැකි යයි හැඟෙන දේවල් ඇදහිල්ලෙන්, විශ්වාසයෙන් කරන්නට පටන් ගන්න.

සුවයේ පද මෙනෙහි කරමින්, යක්ෂයාගේ හඬට ඇහුම්කන් නොදී, යේසුස්වහන්සේගේ තුවාල වලින් ඔබ සම්පූර්ණයෙන් සුව වූ බව අදහන්න.

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙන්ය, (රෝම 10:17)

එමෙන්ම දේව වචනය ඇසීමෙන් දැනමුතුකමද, ඔබව නිදහස් කරන සත්‍යයද ඔබ දැන ගන්නට යන්නේය.

ඇදහිල්ලේ වාක්‍ය ඔබට සුවය ගෙන දෙන්නේය.

යෙසායා‬ ‭53:4‬
[4] සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, (අසනීප/රෝග) දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව.

දුක්ය - එනම් උන්වහන්සේ දරා ගත්තේ අපගේ රෝග හා අසනීපය.

ඔබ රෝගීව නොසිටියත්, මේ එළිදරව් වාක්‍යය ඔබේ මුඛයේ තබා ගනිමින් තවත් කෙනෙකුට ආශීර්වාදයක් වී ජීවත් විය හැකිය.

අපට සුවය හැඟුනත්, නැතත් ‘’යේසුස්වහන්සේ අපේ රෝග හා අසනීප උසුලාගත් සේක’’ ලෙස අපගේ ප‍්‍රකාශනය නොවෙනස්ව තබා ගත යුතුය.

ඔබගේ රෝගයට දේව වචනය වෙනස් කළ නොහැකියි, නමුත් දේව වචනයට ඔබේ රෝගය සුව කළ හැකියි.

‭‭ගීතාවලිය‬ ‭119:89‬
[89] ස්වාමිනි, සදාකාලේටම ඔබගේ වචනය ස්වර්ගයෙහි පිහිටා තිබේ.

බයිබලයේ ලියා ඇති වචනය ඔබට මකා දැමිය නොහැකිය, එය අදත්, හෙටත්, සැමදාටමත් එකාකාරය.

එය ස්වර්ගයෙහි පිහිටුවා ඇත.
‭‭‭‭
ගීතාවලිය‬ ‭119:89‬
[89] ස්වාමිනි, සදාකාලේටම ඔබගේ වචනය ස්වර්ගයෙහි පිහිටා තිබේ.

දේව වචනයෙහි මුල් පිටපත ස්වර්ගයෙහි පිහිටුවා තිබේ, එහි අනික් පිටපත අපගේ අතෙහි පවතී.

එහි ලියා ඇති වචනය මත අපේ විශ්වාසය තබමු.

මේ පොළොවෙහි ජීවත් වන පිණිස අපට ශරීරයක් අවශ්‍යයි.

අපගේ ශරීරය ශුද්ධව, පවිත‍්‍රව තබා ගත යුතුයි.

ඒ ශරීරය පුරාම ජීවනය ගලා යන පිණිස අශුද්ධ සිතුවිලි උන්වහන්සේගේ වචනය නමැති වතුරෙන් සේදිය යුතුය.

එපීස 5:26-27
[26] එසේ කළේ සභාව ශුද්ධව, කැලලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව, [27] තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකරගැනීම සඳහා වචනය නැමති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ එය පවිත්‍රකොට පිරිසිදුකරන පිණිසය.

‭‭රෝම‬ ‭8:6‬
[6] මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.

මරණය යන්නෙන් අදහස් වන්නේ, පරාජය, රෝගය, හිඟතාවය, අධෛර්යය, භිය, සැක සහිත සිතුවිලි ඇතිව ජීවත් වීමයි.

ඔබට ආත්මික මනසක් තිබේ නම්, ජීවනය තිබේ; එනම් සුවය හා සමාදානය, දියුණුව ඔබට දැනටමත් දී ඇත.

විශේෂ අනාගතවාක්‍ය පසුපස නොයන්න.

ඔබ දෙවියන්වහන්සේගේ වචනය මත පවතින්නේ නම් සෑම දවසකම උන්වහන්සේ ඔබට කථා කරනු ඇත.

අපි යක්ෂයාට නමස්කාර කරන්නේ නම්, අපට බොහෝ දේ දෙන්න ඌ සූදානමින් සිටියි.

මුලාවේ ආත්මයට හසු නොවන්න.

පිටතින් යහපත්ව පෙනෙන නමුත් ඔබට විනාශයක් ගෙනෙන දේවලට හසු නොවන්න.

ආත්ම විමසා බැලීම ඉතා වැදගත්ය.
‭‭
1 යොහන්‬ ‭4:1‬ ‭
[1] ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න.

සත්‍යතාවේ ආත්මය මනුෂ්‍යයන් නිදහස් කරන නමුත්, බොරුකාර ආත්මය මනුෂ්‍යයන් විනාශ කරන්නේය.

ඔබ දේව වචනය විශ්වාස කරන්න.

‭‭යෙසායා‬ ‭53:4‬
[4] සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය (වේදනා) එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව.

යේසුස්වහන්සේ අපගේ වේදනාව දරා ගත් නිසා අපි සුවය ලබා සිටිමු.

දාවිත් පැවසුවේ දෙවියන්වහන්සේගේ වචනය ඔහුගේ සිතේ නිධාන කර ගත් බවයි.

ගීතාවලිය 119:11 ‭‭
ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.

අපට රෝගයක් නොපැමිණෙන පිණිස මේ වචනය අපගේ සිතේ නිධාන කර ගනිමු.

අපගේ යාච්ඤාවන්, යාච්ඤා කුටියට සීමා නොකර, ගමන් කරන විට, වැඩ කරන විට, නිදා ගන්නා විට, මුළු දවස පුරාම දෙවියන්වහන්සේ සමඟ, උන්වහන්සේගේ වචනය මෙනෙහි කළ යුතුය.

එය අපගේ ජීවිත රටාවක් කර ගනිමු.

ඔබගේ ආත්මික ජීවිතය ඔබගේ නිදහසයි.

ඔබ ආගමික ලෙස නොව අභ්‍යයන්තර මනුෂ්‍යයා තුළින් ආත්මික ජීවිතය ගත කරන්න.

ඔබ තුළ වාසය කරන තැනැන්වහන්සේ ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා බලවන්තයි.

හිතෝපදේශ‬ ‭15:4‬ ‭
[4] ශාන්තිදායක දිව ජීවන වෘක්ෂයක්ය; එහෙත් එහි වංචාව ආත්මය පොඩි කිරීමක්ය.

උත්පත්ති පොතේ දෙවියන්වහන්සේ කථා කරන ජීවන වෘක්ෂය හා සමානව ඔබේ දිව ජීවන වෘක්ෂයක් කිරීමට උන්වහන්සේ කැමතිව සිටින සේක. (උත්පත්ති 2:9)

ඔබේ දිවෙන්, මුඛයෙන් ඔබේ සිතට යහපත් වචන තැන්පත් කළ යුතුය.
‭‭
හිතෝපදේශ‬ ‭16:23‬ ‭‬‬
[23] ඥානවන්තයාගේ සිත ඔහුගේ මුඛයට උගන්වා, ඔහුගේ තොල්වලට ඉගෙනගැන්ම එකතුකරයි.

ඔබට පුලුවන් ඔබගේ මුඛයට දේව වචනය කතා කරන්න.

මරණයත්, ජීවනයත්, දිවේ වසඟයෙහි ඇත්තාහ.
(හිතෝපදේශ 18:21)

‭‭ඔබ දේව වචනයට අදාලව නිවැරදි ප‍්‍රකාශනයන් කරන විට යක්ෂයා භය වන්නේය.

මනුෂ්‍යයන් ඉදිරියේ ඔබේ වචන ප‍්‍රවේසම් කර ගන්නා විට ඔබේ වචන වලින් ප‍්‍රශංසාවෙන් අන්‍ය භාෂාවෙන් දෙවියන්වහන්සේට කථා කළ හැකියි.

උන්වහන්සේ ප‍්‍රශංසා මධ්‍යයේ වැඩ සිටින සේක. (ගීතාවලිය 22:3)

හිතෝපදේශ‬ ‭16:24‬ ‭
[24] ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.

හිතෝපදේශ‬ ‭17:7
උතුම් කථාව මෝඩයෙකුට නොහොබනේය; බොරුකාර දිව උත්තමයෙකුට ඊටත් වඩා නොහොබනේය.
‭‭
හිතෝපදේශ‬ ‭17:22‬ ‭
[22] තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි.

සිතේ පූර්ණකමින් මුඛය කථා කරන්නේය (මතෙව් 12:34)

ඔබ ප‍්‍රීතියෙන් සිටින විට ඒ ප‍්‍රීතිය ඔබේ ශරීරය පුරාම ගලා ගොස් ශරීරය සුවපත් කරන්නේය.

ප‍්‍රීතිමත් හදවතක් ඇතිව සිටිමු.

හිතෝපදේශ‬ ‭12:18‬ ‭
[18] කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.

අනුග‍්‍රහයෙන් ඔබට ලැබුණ සුවය රක්ෂා කරගන්න නම් ඔබේ දිව, මනස හසුරුවා ගත යුතුය.

දේව වචනය ඔබගේ ජීවිත රටාව කර ගන්න.

කලටත් අකලටත් දේව වචනය ප්‍රකාශ කරන්න.

ගීතාවලිය 45:1
යහපත් කාරණයකින් මාගේ සිත ඉතිරී යයි. මම රජ්ජුරුවන් සඳහා කව් කියමි. මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ පන්හිඳ වේ.

ඔබේ දිවෙන්, ඔබේ සිතට වචන ඇතුල් වන නිසා නිතරම හරි ආකාර වචනම කථා කරන්නට පුරුදු වෙමු. ‭‭

ඔබේ මුඛයෙන් හොඳ සහ නරක වචන දෙකම පිටවීම සුදුසු නැත. (යාකොබ් 3:9-11)

අපගේ දිව නිවැරදිව පාවිච්චි කරමු.

ජීවන වචන අපේ සිතේ නිධාන කොට තබා ගමු.

‘’යොහෝවා රාෆා’’ මාගේ සුවය වන තැණැන්වහන්සේ මා තුළ වාසය කරනසේක.

මළවුන් පවා ජීවත් කරන තැණැන්වහන්සේ මා තුළ වාසය කරන සේක.

රෝම‬ ‭8:11‬ ‭
[11] තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

දේව වචනයත් සමඟ අපගේ වචන එකඟ විය යුතුය.
‭‭
යාකොබ්‬ ‭3:9‭-‬10‬ ‭‬‬
[9] එයින් ස්වාමිවූ පියාණන්වහන්සේට අපි ප්‍රශංසාකරමුව; එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වය ලෙස මවනලද මනුෂ්‍යයන්ට අපි ශාපකරමුව. [10] ප්‍රශංසාවත් (ආශීර්වාදයත්) ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත.

ප්‍රශංසා කිරීමත්, එම මුඛයෙන්ම ශාපලත් වචන කතා කිරීමත්, මෙසේ ව්ය යුතු නැත.

ප්‍රශංසාව - ආශීර්වාදය

ආශීර්වාදයත් ශාපයත් එක මුඛයෙන් නික්මිය යුතු නැත.

යාකොබ්‬ ‭3:4‭-‬6‬ ‭
[4] මෙන්න, නැව් එපමණ මහත් නුමුත්, තද හුළංවලින් ගෙනයනු ලබන නුමුත්, ඉතා කුඩා සුක්කානමකින් එය අල්ලන්නා විසින් කැමති අතට හරවනු ලබයි.
[5] එලෙසම දිව කුඩා අවයවයක් නුමුත් ලොකුවට පාරට්ටුකරයි. කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් පත්තුවෙනවා නොවේද? දිවද ගින්නක්ය. [6] එය අපේ අවයවයන් අතරේ අධර්මිෂ්ඨකමේ ලෝකයක්ය. ඒක මුළු ශරීරය කිලුටුකොට, සකල ලෝකයට ගිනි අවුලවයි, ඒකට ගිනි ඇවිලෙන්නේ නිරයෙන්ය.

ඔබේ දිව කුඩා සුක්කානමක් මෙන්ය.

ඔබේ ශරීරය පාලනය කිරීමට දිවට පුලුවන් බැවින් නිතරම ජීවන වචන කථා කරමින් සුවය ලබා ගන්න.

යේසුස්වහන්සේගේ නාමයෙන් රෝගයට අණ කරන්නට ඔබට හැකිය.

මරණයද, ජීවනයද, රෝගයද, සුවයද, දිළිිඳුකමද, සඵලත්වයද ලෙස අපට තෝරා ගැනීමක් ඇත.

දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන කිසිවෙක් ලැජ්ජාවට පත් නොවගන්නා කළ හැකියි ණ ඳ කරමු නෙ
න්නේය.

ජීවන වචන කථා කරමින් දෙවියන්වහන්සේගේ ප‍්‍රතිපත්ති හරි ආකාරව පාවිච්චි කරන්න.

ඔබේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි.

ඔබගේ දිව ඉතා වැදගත්ය.

අපව මවා ඇත්තේ දෙවියන්වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයටයි.

බලය ක‍්‍රියාත්මක වෙන්නේ ඔබේ හදවතින් විශ්වාස කොට තොල්වලින් පැවසීමෙනි.

එය සැබෑ ඇදහිල්ලයි.
‭‭
හිතෝපදේශ‬ ‭4:23‬ ‭
[23] සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

ජීවනය නිකුත්වෙන්නේ ඔබේ හදවතින්ය.

දේව වචනය ඔබේ හදවතට කථා කරන්නට අවශ්‍යයි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත යහපත්ව ජීවත් වීමයි.

ගීතාවලිය 118:17
මම නොනැසී, ජීවත්ව සිට, ස්වාමීන්ගේ ක්‍රියා ප්‍රකාශකරන්නෙමි.

හිතෝපදේශ 28:9
ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.

දෙවියන්වහන්සේ අපගෙන් ඇදහිල්ලේ යාච්ඤාවන් බලාපොරොත්තු වන සේක.

ප‍්‍රශංසාව, ස්තූතිදීම, නමස්කාරය මෙන්ම දේව වචනය අසා කීකරු වීමත් එය අපගේ තොල්වල පැවතීමත් උන්වහන්සේ අපේක්ෂා කරන සේක.


Watch the Sermon Video

Read 131 times