+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව පොරොන්දු ප්‍රකාශ කරමු - යෝෂා මනූ
October 29, 2023 Sunday Sermon Notes


උදෑසන අවදි වන විට අපට ඇති සමාදානය, නිදහස ගැන දෙවියන්වහන්සේට ස්තූති කරමු.

උන්වහන්සේ අපව නිදහස් කරන පිණිස විශාල මිලයක් ගෙවූ සේක.

අපගේ ජීවිතයේ ප‍්‍රශංසාව මෙන්ම දේව වචනයටත් කාලය දීම ඉතාම වැදගත් වන්නේය.

ඒ වචනය තුළ ස්ථීරව සිටගත යුතුය.

අපි පසුගිය සතියේ බැලුවාවූ මහලේ රෝගී ස්ත‍්‍රිය ඇයගේ සුවය ලබා ගැනීම වෙනුවෙන් කාරණා 3 ක් කළ බව දැක ගත හැකිය.

පළමුව ඇය ප‍්‍රකාශ කළේ ‘’මම යේසුස්වහන්සේගේ සළුවට අත ගැසුවොත් මම එවෙළෙහිම සුවය ලබන්ට යන්නේය’’ ලෙසයි.

ඇය යේසුස්වහන්සේ ගැන ඇසූ පණිවිඩය ඇයගේ සිතට ඇතුල් කර ගනිමින් එය ප‍්‍රකාශ කළාය.

ඇය තම ප‍්‍රකාශය කළේ සුවය ලබා ගැනීමට පෙර ඇදහිල්ලෙනි.

ඔබගේ ජීවිතයේ යමක් විශ්වාස කරනවා නම්, ඒ විශ්වාස කරන දේ, දේව වචනයට අනුකූල නම් එය ප‍්‍රකාශ කරන්න.

දෙවියන්වහන්සේගේ වචනය ධනාත්මක වචනයක් පමණක් නොව, එය සත්‍ය වචනයකි.

ඒ මත අපගේ ජීවිතය ගොඩනඟා ගතහොත් ස්ථීර, යහපත් ජීවිතයක් අපට ගත කළ හැකියි.

අපි විශ්වාස කරන්නේ ජීවමාන දෙවියන්වහන්සේගේ ධනාත්මක වචනයයි.

එය ස්ථීර වූ, සාධක වලට වඩා උතුම් වූ, සත්‍ය වචනයකි.

මහලේ රෝගී ස්ත‍්‍රිය දෙවනුව ප‍්‍රකාශ කළේ කුමන බාධාවක් පැමිණියද, ‘’මම එම ස්ථානයට යන බවයි.’’

සමාජයෙන් කොන් වූ ස්ත‍්‍රියක් ලෙස සිටියද ඇය තීරණය කර, ස්ථීර හදවතකින් එම ස්ථානයට ගියාය.

ඇය ප‍්‍රකාශ කළ ආකාරයටම, බලාපොරොත්තු වූ ලෙසින්ම ඇය සුවය ලබා නිවසට යාමට තීරණය කළද යේසුස්වහන්සේ ඉදිරියේ ඇයගේ සුවය ලබා ගත් ආකාරය ගැන ප‍්‍රකාශ කරන්නට ඇයට සිදු විය.

යේසුස්වහන්සේට අවශ්‍ය වූයේ ඇයට සුවය පමණක් නොව සම්පූර්ණත්වය, සමාදානය ලබාදීමටයි.

සමාදානය යන වචනයේ තවත් අර්ථයක් වන්නේ සඵලවත් වීමය.

මේවන විට මෙම ස්ත‍්‍රිය කිසිවක් නැති තත්වයකින් සිටි අතර ඇයව ඒ තත්වයෙන් මුදවා ලීම උන්වහන්සේගේ අපේක්ෂාව විය.

හෙබ්‍රෙව් පොතේ දෙවියන්වහන්සේ ඇදහිල්ලේ කර්තෘ ලෙස සඳහන්ව ඇති අතර උන්වහන්සේ ඇදහිල්ලෙන් යම් යම් දේවල් ප‍්‍රකාශ කළ බවද සඳහන්ව ඇත.

මේ ලෝකය මැවීමට ප‍්‍රථමයෙන් උත්පත්ති 1:2-3 හි උන්වහන්සේ අන්ධකාරය තිබෙද්දී ආලෝකය ප‍්‍රකාශ කළ සේක.

බොහෝ විට අපි ප‍්‍රශ්නය දෙස බලමින්, ප‍්‍රශ්නය කතා කරමින් අන් අය සමඟද බෙදා ගනිමින් සිටින්නෙමු. නමුත් එයින් ප‍්‍රශ්නය වර්ධනය වෙනවා මිසක් ඉවත්ව යාමක් සිදු නොවෙයි.

ඔබ වෙනත් කෙනෙකු සමඟ යම් දෙයක් ගැන එකඟවී යාච්ඤා කළ පසු නැවත වාරයක් ‘’මා වෙනුවෙන් යාච්ඤා කරන්න’’ යයි නොපැවසිය යුතුයි, මන්ද එයින් පෙන්වන්නේ ඔබගේ නොඇදහිලිකාරකමයි.

දෙවියන්වහන්සේ ඔබේ යාච්ඤාව ඇසූ බව විශ්වාස කරමින්, ඇදහිල්ලෙන් දේව වචනය ප‍්‍රකාශ කරන්න.

හෙබ්‍රෙව් 11:1
ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.

ඔබ බලාපොරොත්තු වන දේ ගැන ස්ථීරව, සහතිකයක් ඇතුව මෙන් සිටිය යුතුය.

ඔබ මේ වන තුරු සුවය අත් නොදැක ඇත්නම් මෙය ඔබේ ඔප්පුවයි.

ඔබේ වෛද්‍ය වාර්තාවට වඩා දේව වචනය උතුම්ය, වෛද්‍ය වාර්තාව වෙනස් කළ හැක්කේ දේව වචනයටයි.

1 පේත‍්‍රැස් 2:24
අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාල වලින් නුඹලා සුවකරනු ලැබුවහුය.

දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් කළ දේ සමඟ එකඟ වීමෙන් විශ්වාස කළ යුතුය.

හෙබ්‍රෙව් 11:3
දෙවියන්වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද,

උන්වහන්සේ ලෝකවල් මවනු ලැබූවේ දේව වචනය ප‍්‍රකාශ කිරීමෙනි, නැති දේ ඇති දේ මෙන් සඳහන් කිරීමෙනි.

මෙසේ, දකින දේවල් පෙනෙන දේ වලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම්ගනිමුව.

දෙවියන්වහන්සේ මේ සියල්ල කළේ අපට මේ දේවල් තේරුම් ගන්නා පිණිසය.

හෙබ්‍රෙව් 11:4 සිට පහළට බැලුවහොත් සමහර පුද්ගලයන් ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේගෙන් යම්යම් පොරොන්දු වූ දේවල් ලබා ගත් බව දැක ගත හැකිය.

මතෙව් 10:32
එබැවින් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු අඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු අඳුනමියි කියන්නෙමි.

ඔබ මනුෂ්‍යයන් ඉදිරියෙහිදී ප‍්‍රකාශ කළහොත්, නැතහොත් සාක්ෂි දරන වේලාවේදී යේසුස්වහන්සේගේ වචනය පවසන්නේ නම් එවිට ඔබට ඒ දෙය ලැබෙන්නේය.

යක්ෂයා ඔබට පවසන දේ එය රෝගයක් වූවත්, පීඩාවක් වූවත්, එය සමඟ එකඟ නොවී දේව වචනය ප‍්‍රකාශ කිරීමෙහි යෙදී සිටිය යුතුය.

වාතාවරණයවත්, මනුෂ්‍යයන් කියන දේ වත් නොව දේව වචනය ප‍්‍රකාශ කරමු.

දේව වචනයේ පොරොන්දු ප‍්‍රකාශ කරමු.

දෙවියන්වහන්සේගේ නෙත් ඉදිරියේ මම "නිර්දෝෂී" ලෙස සිටින බව ප‍්‍රකාශ කර සිටිමි.

මා මිදීම ලබා සිටින්නේ අනුග‍්‍රයෙන් පමණි, ඒ සඳහා මට කරන්නට කිසිවක් නොතිබුණි.

මිලය ගෙව්වේ මා නොවේ, එය මට යේසුස්වහන්සේ නොමිලයේ ලබා දුන්නේය.

මාව මුදවා ලගන්නා පිණිස උන්වහන්සේ විශාල මිලයක් ගෙවූ සේක.

යේසුස්වහන්සේ මා වෙනුවෙන් "මිලයක් ගෙවා නිදහස් කර ඇති බව” මම ප‍්‍රකාශ කරන්නෙමි.

මිදීම යන්නෙන් අදහස් කරන්නේ මෙයයි.
යේසුස්වහන්සේ මාගේ වරදකාරිත්වය නිදහස් කළා.

තමන්වහන්සේගේම ලෙයින් සම්පූර්ණ මිලය ගෙවූ සේක.
මා නිර්දෝෂීව සිටින්නේ සම්පූර්ණයෙන්ම මිලය ගෙවා නිමකළ නිසයි.

දෙවියන්වහන්සේ ඉදිරියෙහි මට විරුද්ධව කිසිම චෝදනාවකට නීතිමය ස්ථාවරයක් නොමැත.

රෝම 3:24 වෙනි පදය පවසන්නේ එබැවින් මා දේව අනුග‍්‍රයෙන් ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකම ලබා ඇත.

මම දෝෂාරෝපණයෙන් නිදහස් වී සිටින්නෙමි.

මම ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නෙමි.

මම තවදුරටත් මාංශයේ වැටුණු ස්වභාවය අනුව ගමන් නොකරන්නෙමි.

මම දැන් ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ ස්වභාවය අනුව ගමන් කරන්නෙමි.

මාගේ නැවත ඉපදුණු ආත්මයෙන් නිතුත් වෙන ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වූ ජීවනදායක ව්‍යවස්ථාව ශාපය අවලංගු කර පාපයේද, මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස් කර ඇත.

රෝම 8 වන පරිච්ජේදයේ පළමුවන හා දෙවන පද පවසන්නේ එහෙයින් ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින මට දැන් දඬුවමට පත් කිරීමක් නැත.

මක්නිසාද ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද, මරණයේද, ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළාය.

මා දැන් සිටින්නේ තනිවම නොවේ, මම බොහෝ දෙනෙකුගෙන් වූ සාමාජිකයන් සමඟ එකතු වී සිටින්නෙමි.

අපි එක්ව පොළොවේ ක‍්‍රිස්තුස්වහන්සේගේ ශරීරයව සෑදී සිටින්නෙම්.

මාගේ අත මගේ ශරීරයේ කොටසක් ලෙස සිටින ආකාරයටම මම ක‍්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ කොටසක් වන්නෙමි.

මාගේ අතින් මගේ අරමුණු ඉටු කරගන්නා සේම, උන්වහන්සේගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා මම සූදානම්ව සිටිමි.

රෝම 12:5 වන පදය පවසන්නේ බොහෝ දෙනෙක් වූ අපිත් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ එසේම එක ශරීරයක්ව වෙන් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අවයවයෝව සිටිමු.

අපි එකිනෙකා දෙවියන්වහන්සේගේ ශරීරයේ අවයවයන්ය.

එම නිසා එකිනෙකාව ධෛර්යයමත් කරමු.

ඔබගේ සාක්ෂියෙන්, ඔබගේ අත්දැකීම් වලින් ඔබගේ සහෝදර සහෝදරියන්ව ධෛර්යයමත් කරන්න.


Watch the Sermon Video

Read 172 times