+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මරණ භයින් නිදහස් වී ඇත - මනූ මැතානි
November 05, 2023 Sunday Sermon Notes


සුවයෙන් ජීවත්වීම යහපත්ය.

ඔබ අද සුවයෙන් සිටින්නේ නම් අසනීප වේවි යයි සිතා භය නොවන්න.

ඒ භයාදුකමේ ආත්මය ඉවත් කරන්න, මන්ද ඔබ සුවයෙන් ජීවත්වීම දෙවියන්වහන්සේගේ කැමැත්තයි.

සුවය දෙවියන්වහන්සේ දරුවන්ට දී තිබෙන ආහාර (රොටී හා) සමානයි.

දෙවියන්වහන්සේ අපගේ පියාණන් නිසා ඒ ආහාරය (රොටී) අපගෙන් ඉවත් නොකරන බැවින් විශ්වාසයෙන් ජීවත් වෙමු.

හදිසියේ සිදුවන රෝග, කරදර, ප‍්‍රශ්න ගැන භය නොවන්න.
දෙවියන්වහන්සේ ස්වකීය දූතයන් එවා ඔබට උපකාර කරන සේක.

ශුද්ධාත්මයාණන්ගේ උපකාරය අපට ඇත.

අප ජීවත්වන පරිසරය භයානක, අන්ධකාර නමුත් යේසුස්වහන්සේගේ ආලෝකය ඔබ තුළ, ඔබ මත තබා ඇත.

ඔබ දන්න සත්‍යය හරි ලෙස අසමින්, එය සමඟ එකඟ වෙමින් ඒ තුළ ජීවත්විය යුතුය.

හෙබ්‍රෙව්‬ ‭2:14‭-‬15‬ ‭
[14] එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට, [15] ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.

යක්ෂයාගේ බලය බිංදුවටම හරවා ඇති නිසා යක්ෂයාට බලයක් නැත.

එබැවින් ඔබ භයින් ජීවත් වෙන්නට අවශ්‍ය නැත.

ඔබ වටා කොපමණ අඳුරු බලවේගයන් තිබුණත්, උන්වහන්සේ ඔබේ ඒ සතුරන් ඉදිරියේ ඔබට කෑම මේසයක් පිළියෙල කර ඇත.
‭‭
ගීතාවලිය‬ ‭23:5‬ ‭
[5] මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක. මාගේ හිස තෙලින් ආලේපකළසේක; මාගේ කුසලාන උතුරායයි.

මේ පොරොන්දුව ඔබ සතුරන් ඉදිරියේ ප්‍රකාශ කරන්න.
උන්වහන්සේ ඔබට සූදානම් කර ඇත්තේ ඉතා යහපත් දේවල්ය.

අපි දෙවියන්වහන්සේගේ මිදීම, සුවය, සඵලත්වය, ආශීර්වාදය භුක්ති විදිමු.

ඔබගේ සුවය තුළ ඔබ පවතින්න.

අපි දෙවියන්වහන්සේගේ මිදීම විශ්වාස කරමු.

ස්වාමීන්වහන්සේ අපගේ උරුමයයි.

එබැවින් භය නොවී, තැති නොගෙන සිටිමු.

‭‭හෙබ්‍රෙව්‬ ‭2:15‬
[15] ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.

යේසුස්වහන්සේ කුරුසියේදී මරණයේ බලය සම්පූර්ණයෙන් විනාශ කළ සේක.

එසේ කළේ අපට මිදීම ගෙන දෙන පිණිසයි.

ඔබ මිදීම ලබාගත් කෙනෙකුය.

උන්වහන්සේ දරාගත් කසපහරවල් අප උදෙසාය.

උන්වහන්සේ මත කටු ඔටුන්න දැමූවේ අප උදෙසාය.

යේසුස්වහන්සේ අපව මරණ භයින් නිදහස් කර ඇත.

යක්ෂයා ඔබේ සිතට වධ දීමට පැමිණි විට ඔබ යක්ෂයාට සිදුවූ දේ එනම්, යේසුස්වහන්සේ ඌගේ සියලු බලය බිංදුවටම හරවා ඇති බව පවසන්න.

ඔබේ මුඛයෙන් එය ප‍්‍රකාශ කරන්න.
‭‭
යෙසායා‬ ‭51:11‬ ‭
[11] ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.

ස්වාමීන්වහන්සේ මුදවා ගත් සෙනග, නිදහස් කර ඇති අය, උන්වහන්සේගේ අභිමුඛය වෙතට පැමිණෙන්න.

අප නිතරම මිදීමේ, සුවයේ ගීතිකා ගායනා කරමින් සිටිය යුතුය.

කිසිදා නොනවතින ප්‍රීතිය ඔබට දී ඇත.

ඔබ ප්‍රීතියෙන් සිටීමෙන් යක්ෂයන් දුරු කරන්නට හැකි වන්නේය.

ශෝකය, සුසුම්ලෑම, දුක ආත්මයක්ය.

ඒවා අපේ ශරීරයට රෝග ඇති කරයි.

අපගේ මුඛයෙන් නිතරම ‘’ධනාත්මක” ප‍්‍රකාශන නොව “දේව වචනය’’ ප‍්‍රකාශ කළ යුතුයි.

එබැවින් ප‍්‍රීතිය තෝරා ගනිමු.

ප‍්‍රීති වීමට ඇති කාරණා සිහි කරමු.

යක්ෂයාගේ උගුලට හසුවී, අපායට නියමව සිටි අපට යේසුස්වහන්සේගේ කුරුසි පූජාව කරණකොටගෙන ලැබුණාවූ නව ජීවනය ගැන අප ප‍්‍රීති විය යුතුය.
‭‭
යෙසායා‬ ‭43:18‬
[18] පළමු කාරණා සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න.

පරණ දේවල්, ජීවිතයේ කලින් සිදුවූ දේවල් ඔබ සිහි නොකරන්න.

සෑම පොරොන්දුවක්ම සමඟ කොන්දේසියක් ඇත.

ඔබ පරණ දේ අමතක කර නොදැමුවහොත් දෙවියන්වහන්සේගේ අලුත් දේවල් ඔබ නොදකින්නේය.

යෙසායා‬ ‭43:19‬ ‭
[19] බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.

ස්වාමීන්වහන්සේ අලුත් දෙයක් කරන්නට සූදානම්ව සිටී.

මේ දැන් එය හට ගනී. ඔබ එය විශ්වාස කරන්න.

අපේ ජීවිතයේ අලුත් ආරම්භයක් ඇති කිරීම සඳහා දෙවියන්වහන්සේට ඉඩ දෙමු.

අපගේ හැඟීම්, අත්දැකීම් හා අතීතයේ සිදුවූ දේවල් වලින් උන්වහන්සේ අපව මුදවා ඇත.

ශාපය යටතේ තිබෙන සියල්ල අමතක කර දැමිය යුතුය.

‭‭ද්වීතීය කථාව‬ ‭28:65‬
[65] ඒ ජාතීන් අතරෙහි නුඹට කිසිපහසුවක්වත් නුඹේ පතුලට කිසි සහනයක්වත් නොලැබෙන්නේය. එහි ස්වාමීන්වහන්සේ මවිතවන සිතක්ද ඇස් වැහැරයාමද ආත්මයේ ක්ලාන්තකමද නුඹට දෙනසේක.

ගලාති 3:13 අනුව ස්වාමීන්වහන්සේ මාව සෑම ව්‍යවස්ථාවේ ශාපයෙන් මුදවා නිදහස් කළසේක.

මානසික වේදනාව, ශෝකය, දුක මේ සියල්ල ඇත්තේ ශාපයේ ලැයිස්තුව යටතේය. ගලාති 3:13 අනුව යේසුස්වහන්සේ මේ සියල්ලෙන්ම මාව මුදවා හමාරයි.

‭‭ද්වීතීය කථාව‬ ‭28:66 ‭‬‬
[66] නුඹේ ජීවිතය ගැන නුඹට අනුමාන ඇතිවන්නේය; නුඹ රෑ දාවල් භය ඇතුව, නුඹේ ජීවිතය ගැන විශ්වාසයක් නැතුව සිටින්නෙහිය.

යේසුස්වහන්සේ මාව ශාපයෙන් නිදහස් කර අවසානයි.

අප බයිබලය කියවන විට නව ගිවිසුමේ ඇති එළිදරව් වාක්‍යය කියවිය යුතුයි.

දේව වචනය හරි ආකාරව පහදා ගැනීම ඉතා වැදගත්ය.

2 තිමෝති‬ ‭2:15‬
[15] සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.

යේසුස්වහන්සේ මා වෙනුවෙන් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම පිළිපදිමින් මාව සෑම ශාපයෙන් මුදා ගත්සේක.
‭‭
ව්‍යවස්ථාව හරි ලෙස පවත්වමින් ජීවත් වීමට අද උන්වහන්සේ මට උපකාර කරන සේක.

2 රෝම‬ ‭8:3‬
[3] මක්නිසාද දෙවියන්වහන්සේ තමන්වහන්සේගේම පුත්‍රයාණන් පාප මාංසයේ සමානකමෙන්ද පාපය නිසාද එවා, මාංසයේ පාපය දඬුවමට පත්කරමින්, මාංසය කරණකොටගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ටකළසේක.

මාංශයෙන් හෝ අපගේ හැකියාවෙන් ව්‍යවස්ථාව සම්පූර්ණ කළ නොහැක.
‭‭
ගලාති‬ ‭3:10‬ ‭
[10] මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.

දෙවියන්වහන්සේ ඉදිරියේ අප සියල්ලෝ සම්පූර්ණ අය නොවෙමු.

අප සියල්ලෝ ව්‍යවස්ථාව කඩකර ඇත, නමුත් යේසුස්වහන්සේ අපව නිදහස් කරන පිණිස ව්‍යවස්ථාවේ ශාපය දරා ගත් සේක.
‭‭
ගලාති‬ ‭3:13 ‭
[13] ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් ශාපය වූ සේක.

‭‭යාකොබ්‬ ‭2:10‬ ‭
[10] මක්නිසාද යමෙක් මුළු ව්‍යවස්ථාව රක්ෂාකොට, එක අණක් කඩකළේ නම්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක්වී සිටී.

අප සියල්ලෝ ව්‍යවස්ථාව කඩකර ඇත, නමුත් යේසුස්වහන්සේ අපව නිදහස් කරන පිණිස ව්‍යවස්ථාවේ ශාපය දරා ගත් සේක.
‭‭
යේසුස්වහන්සේ පැවසුවේ ‘’මාගේ අනුග‍්‍රහය ඔබට සෑහේ’’ ලෙසය.

ශුද්ධ ජීවිතයක් ගත කිරීමට ඒ අනුග‍්‍රහය අපට සෑහේය.
එබැවින් ව්‍යවස්ථාව අතහැර අනුග‍්‍රහය වෙත හැරෙමු.
‭‭
රෝම‬ ‭6:14‬ ‬‬
[14] කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.

පාපයේ වහලුන්ව සිටි අපව යේසුස්වහන්සේ නිදහස් කළ සේක.

එබැවින් පාප මානසිකත්වයෙන් මිදී, පුත‍්‍රකමේ මානසිකත්වය අප ලබා ඇත.

අපි ආශීර්වාද ලද්දන් ලෙස ජීවත් වෙමු.
‭‭
නමුත් තමුන් අංගසම්පූර්ණ යයි කියන අයගෙන් ප‍්‍රවේසම් වෙමු.

මන්ද මාංශයේ හැකියාව මත විශ්වාස කරන අය ආත්මයෙන් දුර්වලව සිටියි.

විනිශ්චයකාරයන්ගේ පොත ‭5:6‬ ‭
[6] නුඹේ මාංසය ලවා පව්කරවන්ට නුඹේ කටට ඉඩනොදෙන්න; ඒක වැරදිල්ලකැයි දේවදූතයා ඉදිරියෙහි නොකියන්න. දෙවියන්වහන්සේ නුඹේ හඬට උදහස්ව නුඹේ අත්වල කර්මාන්තය නාස්ති කරන්ට ඕනෑ මන්ද?

අපි අනුග‍්‍රහය ගැන කථා කරමු.

අපගේ මුඛයෙන් යේසුස්වහන්සේ ගැන, උන්වහන්සේගේ උපකාර ගැන කථා කළ යුතුයි.

කථාවෙන් පමණක් නොවෙයි, අපගේ ක‍්‍රියාවෙන් දේව අනුග‍්‍රහය තුළින් ජීවත් වීමට උත්සාහ දැරිය යුතුය.

ඔබ ශාපය යටතේ ජීවත් වෙන්නට අවශ්‍ය නැත.

උදෑසන අවදි වූ විට දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය ගැන ස්තූතිවන්ත විය යුතුයි.

ද්වීතීය කථාව 28:66
[66]නුඹේ ජීවිතය ගැන නුඹට අනුමාන ඇතිවන්නේය; නුඹ රෑ දාවල් භය ඇතුව, නුඹේ ජීවිතය ගැන විශ්වාසයක් නැතුව සිටින්නෙහිය.[67]නුඹේ සිතට පැමිණෙන භීතියද නුඹේ ඇස්වලින් දකින කාරණාද නිසා නුඹ උදයකාලයෙහි: අහෝ, දැන් සවස නම් හොඳය කියාද, සවස්කාලයෙහි: අහෝ, දැන් උදය නම් හොඳය කියාද කියන්නෙහිය.

අපගේ කාලකණ්නි ජීවිතයෙන් මුදවා ගත් උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමු

යේසුස්වහන්සේ ශාපය වූයේ අපව මුදවා ගන්නා පිණිසයි.

සත්‍යය අපව නිදහස් කරන සේක, එය අපව දෝෂාරෝපණයට පත් නොකරයි.

ද්වීතීය කථාව 28:59
ස්වාමීන්වහන්සේ නුඹ සහ නුඹේ වංශය කෙරෙහි පුදුමවූ පීඩාවල් එනම් මහත්වූ පවතින්නාවූ පීඩාද නපුරුවූ පවතින්නාවූ රෝගද පමුණුවනසේක.

යේසුස්වහන්සේ අප උදෙසා එකම එක වතාවක් ගෙවීමක් කර, දීර්ඝ කාලයක් පවතින්නාවූ පීඩා සහ රෝග වලින් අපව නිදහස් කළ සේක.

රෝම 6:9-10
අපි උන්වහන්සේ සමඟ මැරුනෙමු නම්, උන්වහන්සේ සමඟ ජීවත්වන්නෙමුයයි විශ්වාසකරමුව. මක්නිසාද උන්වහන්සේ මැරුණු මරණයෙන් එක වරක් පාපයට මළසේක, නුමුත් ජීවත්වන ජීවිතයෙන් දෙවියන්වහන්සේට ජීවත්වනසේක.

ඔබත් එකම වතාවක් මැරී, වතුර බෞතීස්මයේදී නව මනුෂ්‍යයෙකු වී ජීවත්වන්නේය.

ඔබ නව මැවිල්ලකි.

හෙබ්‍රෙව් 9:28
බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත්, උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශවනසේක.

ඔබ පාපයෙන් නිදහස් නම් රෝගය, දිළිඳුකම ඇතුලු අනිත් සියල්ලෙන්ද ඔබ නිදහස්ය.

1 රාජාවලිය 17:17-18
ඉක්බිති මෙයින් පසු ගෙදර ස්වාමිදුවවූ ඒ ස්ත්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය; ඔහුගේ රෝගය කොපමණ බලවත් වීද යතහොත් ඔහු තුළ හුස්ම නැතිවිය. එවිට ඈ එලියාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහිකරවන්ටත් මාගේ පුත්‍රයා මරන්ටත් මා ළඟට ආයෙහියයි එලියාට කීවාය.

ඔබගේ පරණ පව් දෙවියන්වහන්සේ කිසිදිනෙක සිහි නොකරන සේක, ඒවාට දඬුවම් නොකරන සේක.

1 රාජාවලිය 17:19-21
ඔහුද: නුඹේ පුත්‍රයා මට දෙන්නැයි ඈට කියා ඇගේ ළයෙන් ඔහු රැගෙන, තමා විසූ උඩුමහලට ගෙනගොස්, තමාගේම ඇඳේ ඔහු තැබුවේය. තවද ඔහු ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මට නවාතැන් දුන් වැන්දඹුවගේ පුතා නැසීමෙන් ඔබ ඈට විපතක් පැමිණවූසේක්ද? කියා තුන්වරක් ළමයා පිට දිගාවී ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණේවයි කීවේය.

අපි උන්වහන්සේ කළ ක‍්‍රියාව දෙස බලමින් අපගේ ජීවිතය ඉදිරියට ගෙන යමු.

‭‭රෝම‬ ‭5:17‬ ‭
[17] මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.

ජීවනයෙහි රජකම්කරන්න ඔබ නිදහස් වී සිටී.

දෙවියන්වහන්සේගේ මහිමය සඳහා ජීවත් වීමට, පරණ පව් අමතක කර ප‍්‍රීතියෙන් ජීවත් වීමට තෝරා ගනිමු.

යක්ෂයාගේ බොරුවට නොරැවටී, මානසික පීඩන වලින් නිදහස් වීමට තෝරා ගනිමු.

යේසුස්වහන්සේ ඔබ නිදහස් කළ නිසා ඔබ සැබවින්ම නිදහස්ය.

සියළු රෝග වලින් ඔබ නිදහස්ය.

යේසුස්වහන්සේ ඔබගේ මිලය ගෙවා අවසන් නිසා ඔබ දැන් සුවය, මිදීම ලබා ඇත.

සැබවින්ම උන්වහන්සේ උසුලා ගත්තේ අපගේ රෝග හා අසනීපයි. (යෙසායා 53:4)

ඔබ දිනපතා යක්ෂයාට විරුද්ධව සිටින්න.

යේසුස්වහන්සේගේ තුවාල වලින් ඔබ සුවය ලබා ඇති බව ප‍්‍රකාශ කරන්න.

ජීවනයත් මරණයත් ඔබ ඉදිරියෙහි තිබෙි. (ද්වීතීය කථාව 30:19)

ඔබත් ඔබේ වංශයත් ජිවත්වන පිණිස ජීවනය තෝරා ගන්න.


Watch the Sermon Video

Read 101 times