+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අනුග‍්‍රහය ඔබට පව් නොකරන්නටත් දෝෂාරෝපණය නොතබන්නටත් පුබුදුවා ඇත- මනූ මැතානි
November 19, 2023 Sunday Sermon Notes


සැබවින්ම නව ගිවිසුම පරණ ගිවිසුමට වඩා යහපත්ය.

දෙවියන්වහන්සේ පරණ ගිවිසුම අහෝසි කරමින් අප සමඟ නව ගිවිසුමකට ඇතුල් වී සිටියි.

ඒ තුළ අපිට දෝෂාරෝපණයෙන් තොරව මනසින් හා අපගේ ජීවිතයෙන් ජයග‍්‍රාහිකව ජීවත් විය හැකි වේ.

අපි පරණ ගිවිසුම කියවන විට ඒ දේවල් ඒ ආකාරයෙන් අපටත් සිදු වේදෝ කියා අපේ සිත් බර වන අවස්ථාවන් ඇත.

නමුත් දෙවියන්වහන්සේ පවසන්නේ ‘’ඔබ නව ගිවිසුමේ දරුවෙක්’’ ‘’ඔබ ශුද්ධවන්තයෙකු’’ කියාය.

පරණ ගිවිසුමේ මනුෂ්‍යයන්ගේ පාපවල් සතුන්ගේ ලේ වලින් පිළි අරගෙන අවුරුද්දකට සැරයක් ඒ පාපවල් වසා දැමුවා.

නමුත් නව ගිවිසුමේදී යේසුස්වහන්සේගේ ලේ වලින් අපේ පාපිෂ්ඨ ස්වභාවය සම්පූර්ණයෙන්ම ඉවත් කරමින්, දිව්‍යමය ස්වභාවය අප තුළට ඇතුළත් කර ඇත.

උන්වහන්සේ අපට අලුත් හදවතක්, අලුත් ආත්මයක් දී ඇත.

අපි තවත් අඳුරේ නොව, වැස්මක් නැතිව ජීවත් වෙමු.

මෝසෙස් දේව මහිමයෙන් පිරී සිටි නිසා මනුෂ්‍යයන්ට ඔහු දෙස බැලීමට නොහැකි වූ නිසා ඔහුට වැස්මක් පළදින්නට විය. (නික්මයාම 34:29-34)

අලුත් ගිවිසුම තුළ වැස්මක් නැත.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ දෝෂාරෝපණයෙන් ජීවත් නොවන සේක, අප උන්වහන්සේගේ මනාළිය නිසා අපටත් දෝෂාරෝපණයක් නැත.

දෝෂාරෝපණයෙන් ජීවත්වීම ඉතා දුර්වල ස්වභාවයකි.

එවැනි අය අන් අයට දොස් තැබීමට හා අන් අයව විනිශ්චය කිරීමට ඉක්මන් වන්නෝය.

අපගේ හැඟීම් වලින් මනුෂ්‍යයන් විනිශ්චය නොකරමු, දේව ප‍්‍රඥාව නොමැතිව අඳුරේ ගමන් කරන්නන් මෙන් නොවෙමු.

යොහන්‬ ‭7:24‬ ‬‬
[24] පෙනීමේ හැටියට විනිශ්චය නොකරන්න, ධාර්මික විනිශ්චයෙන් විනිශ්චය කරන්නැයි කීසේක.

යුදෙව්වරුන් විනිශ්චය කළේ පෙනීමේ හැටියටයි.

යම් පුද්ගලයෙක් ගැන ඔබට සිතුවිලි බොහොමයක් පැමිණෙන්න පුලුවන, නමුත් ඔබ අනුග‍්‍රහයෙන් ඒ පුද්ගලයා සමඟ සම්බන්ධ වන්න, කථා කරන්න.

නව ගිවිසුමේ මනුෂ්‍යයන් ලෙස අපි දකින්නේ යේසුස්වහන්සේ දකින ආකාරයටයි.

නැවත නැඟිටුනු තැණැන්වහන්සේ ව්‍යවස්ථාව සම්පූර්ණ කළේ අපිට අනුග‍්‍රහයෙන් ජීවත් වන පිණිසයි.

අපි අන් අයව ධාර්මිකව විනිශ්චය කරමු.

දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම තුළින් අපට අපව මෙන්ම අන් අයවද හරිආකාරව දැකිය හැකියි.

පරණ ගිවිසුම හා අළුත් ගිවිසුම මිශ‍්‍ර කළ නොහැකියි, පරණ භාජන වලට අළුත් මුද්‍රිකපානය වත් කළ විට ඒ භාජන පැලී යයි. (මතෙව් 9:17)

එලෙසම ශුද්ධාත්මයාණන්වහන්සේද අශුද්ධ, පරණ මනුෂ්‍යයෙක් තුළට ඇතුල් නොවේ.

නව ගිවිසුමේදී යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් මනුෂ්‍යයෙක් පවිත‍්‍ර වෙන අතර ඔහුගේ පරණ ස්වභාවය ඉවත් වී නව ස්වභාවයක් ලැබේ.

එවිට ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය අපට ලබා ගත හැකියි.

යේසුස්වහන්සේගේ මරණයෙන් පසුව උඩුමහලේදී 120 දෙනෙක් පමණ රැස්වී යාච්ඤා කරමින්, නමස්කාර කරමින් යේසුස්වහන්සේ පැවසූ වචනය, පොරොන්දුව ඉටු වන තුරු ඔවුන් බලා සිටියෝය.

ලූක් 24:49‬ ‭
[49] බලව, මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නුමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්නැයි කීසේක.

‭‭ක්‍රියා‬ ‭2:1‭-‬4 ‭
[1] තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය. [2] තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය.
[3] ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය. [4] ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.

සභාවේ ආරම්භය සිදුවූයේ මෙලෙසයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් වෙතට පැමිණි විට ඔවුන්ගේ වචන උතුරා ගොස් ඔවුන් අන්‍ය භාෂා වලින් කථා කළෝය.

පරණ ගිවිසුමේ කිසිකෙනෙකුට මේ පොරොන්දුව දී තිබුණේ නැත.
‭‭
යොහන්‬ ‭7:37‭-‬39‬ ‭
[37] මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ.

පළමුකොට අපි උන්වහන්සේ වෙතට පැමිණිය යුතුයි,
උන්වහන්සේ කෙරෙහි අදහා ගත යුතුයි, උන්වහන්සේ මෙසියස්වහන්සේ යැයි, උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටි බව විශ්වාස කළ යුතුයි.

[38] මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක.

ක‍්‍රියා පොතේ 2 වන පරිච්ඡේදයේදී මෙය සම්පූර්ණ විය

ඒ කාලයෙහි සිටි මනුෂ්‍යයන් ඒ තාක් ගැළවීම නොලබා සිටිය නිසා ඔවුන්ට ප‍්‍රදර්ශනය පිණිස යේසුස්වහන්සේ අන්‍ය භාෂාවෙන් කථා නොකළ සේක.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිටින තෙක් මේ අනුග‍්‍රහය, ගැළවීම කිසිවෙකුට නොතිබුණේය.

[39] උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය. මක්නිසාද යේසුස්වහන්සේ ඒතාක්ම මහිමයට නොපැමිණි බැවින් ඒතාක්ම ආත්මයාණන් නොදෙනලද්දේය.

‘’මහිමය’’ නම් මුළු මිනිස් සංහතිය වෙනුවෙන් යේසුස්වහන්සේ කුරුසියේ මරණයට පත් වී, භූමිදානය කොට, මළවුන්ගෙන් නැඟිට, ස්වර්ගයේ පියාණන්වහන්සේ සමඟ හිඳුවා ඇති බවයි.

හෙබ්‍රෙව්‬ ‭7:25‬ ‭
[25] එබැවින්, උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම්කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.

යේසුස්වහන්සේ අද පවා දෙවියන්වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් කෙළවර දක්වාම මැදහත්කම් කරමින්, යාච්ඤා කරමින් සිටී.

යේසුස්වහන්සේගේ සේවය තවමත් අවසන් වී නොමැත.

එබැවින් ‘’අපගේ ගැළවීම අහිමිවී ඇත’’ කියා තවමත් අපට පැවසිය නොහැක.

ඔබ දෝෂාරෝපණයෙන් තොරව ජීවත් වීම අවශ්‍යයය.

ඔබ තවමත් පරණ දේ මතක තබා ගෙන ජීවත් වන්නේ නම් ඔබ නව ගිවිසුමෙහි තිබෙන වටිනාකම ගැන නොදැන සිටියි.

පරණ දේ සියල්ල පහව ගොස් ඇත. (2 කොරින්ති 5:17)

ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම තුළින් ඔබ දෙවියන්වහන්සේගේ පවුලට ඇතුල් විය, එහි කිසිම ශාපයක් නැත.

දෙවියන්වහන්සේ ඔබව පුත්‍රයන් කර තිබේ. උන්වහන්සේට මුණුපුරන් නැත.

යේසුස්වහන්සේ හා සමානව උන්වහන්සේව පිලිගන්න ආකාරයටම දෙවියන්වහන්සේ අපවත් පිලිගන්න සේක.

යේසුස්වහන්සේගේ කීකරුකම නිසා අප සියල්ලෝම කීකරු දරුවන් මෙන් කර ඇත.

ගලාති 6:7
නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.

අපි මාංශයෙන් වැපිරීම නවත්වා ආත්මයෙන් වැපිරිය යුතුය.

පාපයේ දෝෂාරෝපණය නිසා අපි දුර්වලකමින් ජීවත්වන විට එන්න එන්නම දෙවියන්වහන්සේගෙන් ඈත් වීමක් මිස උන්වහන්සේට ලඟා වීමක් සිදු වන්නේ නැත.

උන්වහන්සේ පවසන්නේ ‘’මා වෙතට පැමිණෙනන්න, මා නුඹට අනුකම්පාව දක්වන නුඹේ දෙවියන්වහන්සේය’’.

උන්වහන්සේ කිසිදා අපව වෙන් කරන්නේ නැතිව ‘’පුත‍්‍රයන්’’ ලෙස අපව පිලි ගන්න සේක.

අකීකරු පුත‍්‍රයා පවා නැවත ආ විට පුත‍්‍රයෙකු ලෙස පිළි ගත් සේක, ඔහු තමා කළාවූ දේට ගණන් දිය යුතු බව පැවසුවේ නැත.

ඔහුට ආධිපත්‍යයේ මුදුවක් පළදා, සමාදානයේ පාවහන් පය ලා, ධර්මිෂ්ඨකමේ වස්ත‍්‍රය මෙන් වස්ත‍්‍රයක් දී පුත‍්‍රයෙකු ලෙස භාර ගත් සේක.

යේසුස්වහන්සේ අපි සියලු දෙනා උදෙසාම මැදිහත්කාරකමේ යාච්ඤාවේ යෙදි සිටින නිසා පියාණන්වහන්සේට පිළිතුරු නොදී සිටිය නොහැක, උන්වහන්සේ අපේ නම් කියා යාච්ඤා කරන විට පියාණන්වහන්සේට අපව අමතක කර දැමිය නොහැක.

‭‭ඔබ කළාවූ දේවල ප‍්‍රතිඵල ලබා ගැනීමට ඔබට සිදුවනු ඇත, නමුත් ඔබේ ගැළවීම සම්පූර්ණයෙන්ම මුද්‍රා කර ඇත.

ඔබට ගැළවීම දුන්නේ ඔබ වැපිරූ ආකාරයට නොවේ.

ඔබේ ගැළවීම සඳහා ඔබ කීකරුකම වැපිරුවාද? යහපත් දේවල් කළාද? නැත,

අපේ යහපත්කම් උන්වහන්සේ ඉදිරියේ කිළිටි වැරහැලිය.
(යෙසායා 64:6)

අපි පරණ ජීවිතයේ සිටියදී වැපිරුවේ මාංශය සඳහායි.

අපි යේසුස්වහන්සේව හදවතින් විශ්වාස කිරීමට පටන් ගත් විට, මුඛයෙන් ප‍්‍රකාශ කළ විට අපේ වචන වලින් උන්වහන්සේට දොරටුවක් විවර කළෙමු.

අපේ ගැළවීමේදී අපි කපා ගත්තේ යේසුස්වහන්සේ වැපිරූ දෙයයි.

කුරුසියේදී වැපිරූ උන්වහන්සේගේ ජීවිතයෙන් අපි සදාකාල ජීවනය කපා ගත්තෙමුව.

රෝම‬ ‭6:23‬ ‭
[23] මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.

පාපය සඳහා ජීවත් වූ සියලු දෙනාට ලැබෙන කුලිය එනම් වැටුප මරණයයි.

අපට වැපිරීමට තිබුනේ පාපයේ බීජයි, එහි ඵලය මරණයයි.

සදාකාල ජීවනය දීමනාවක් ලෙස අපට ලැබී ඇත, ඒ පිණිස අපි කිසිවක් කළේ නැත.

ගැළවීම ලබා ගත්තද අපිට හැඟීම්බරව හෝ ආත්මයෙන් ජීවත් වීම තෝරා ගත හැකිය.

අවදිව සිටීමට වගකීමක් අපිට ඇත.

අපේ ජීවිතය ගැන ගණන් දීමක් ඇත.

1 කොරින්ති 15:33-34
[33] නොරැවටෙන්න. නපුරු සමාගමනේ හොඳ චරිත නරක්වන්නේය. [34] ධාර්මිකලෙස පිබිද, පව් නොකර සිටින්න; මක්නිසාද සමහරු දෙවියන්වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස මෙසේ කියමි.

ඔබගේ ආත්මය දෙවියන්වහන්සේගේ ආත්මය හා සමඟ එක් වී තිබීම නිසා ආත්මික මනුෂ්‍යයාට පවි කළ නොහැක

ඔබ ධර්මිෂ්ඨයෙක්ය.

ධාර්මික පිබිදීමක් ඔබට අවශ්‍යය.

බොරු කීම ඉවත දමා සත්‍යය කථා කළ යුතුය, තවමත් බොරුව අසාධාරණය ඔබේ ජීවිතයේ රජකම් කරන්නේ නම් ඔබ කපා ගන්නේ කුණු වීමයි.

ගැළවිම අපිට නොමිලයේ ලැබුණාවූ දෙයකි.

විශ්වාසයෙන්, දෙවියන්වහන්සේව පිළිගැනීමෙන් අපි වතුර බෞතීස්මයෙන් කීකරු වූ විට උන්වහන්සේ ආත්මීක ශල්‍යකර්මයක් කරමින් අපේ ගල් සිත ඉවත් කර මාංශමය සිතක් දී ඇත.

ශුද්ධාත්මය අප තුළට ඇතුල් වී නව මනුෂ්‍යයෙක් ලෙස අප නැඟිට ඇත.

පරණ දේ පහ වී ගොස් සියල්ලම අලුත් වී ඇත.(2 කොරින්ති 5:17)

දෙවියන්වහන්සේ අපේ ශරීරය දකින්නේ උන්වහන්සේගේ මාළිගාව ලෙසයි, අපේ මනස දකිනුයේ ක‍්‍රිස්තුස්වහන්සේගේ මනස ලෙසයි, භයාදුකමේ ආත්මය වෙනුවට හික්මවීමේ ආත්මයක් අපට ඇත.

‭‭1 කොරින්ති‬ ‭2:16‬ ‭
[16] මක්නිසාද ස්වාමීන්වහන්සේට උගන්වන පිණිස උන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නුමුත් අපට ක්‍රිස්තුස්වහන්සේගේ සිත ඇත්තේය.

අපගේ මනස වෙනස් කර ගනිමින් ක්‍රිස්තුස්වහන්සේ සිතන ආකාරයට සිතීමට අපට හැකිය.

අප සභාවට යා යුත්තේ දඬුවම් ලබා ගැනීමට නොවේ.

දෝෂාරෝපණයෙන් ඔබ තුවාල වී සිටීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේ.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට කථා කළ හැකියි, ඔබගේ වැරදි පෙන්වා දිය හැකිය, නමුත් ඔබ එතැනින් පිට වී යා යුත්තේ යේසුස්වහන්සේගේ යාච්ඤාව නිසා දෝෂාරෝපණයෙන් නිදහස්ව සම්පූර්ණ කෙනෙකු ලෙසයි.

2 තිමෝති‬ ‭1:7‬ ‭
[7] මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

දෙවියන්වහන්සේ අපට භය නොව බලය දී ඇත.

බිය වපුරන විට එහි ප‍්‍රතිඵලය ඔබට ලැබේ, ඔබ බිය වන සියල්ලක්ම ඔබගේ ජීවිතයේ සිදු වේ. (යෝබ් 3:25)

ඉවසීම, හික්මවීම, සුවදායක මනස අපට දී ඇත.

අපි වියවුල් සහගත වචන කථා කිරීමෙන් ඒ ආකාරම ඵල ලබා ගැනීමට සිදු වනු ඇත, මන්ද ජීවනයත්, මරණයත් අපගේ දිවේ වසඟයෙහි ඇත. (හිතෝපදේශ 18:21)

අනුග්‍රහය ඔබව පාපයේ හැඟීමෙන් නිදහස් කර ඇත.

අපගේ අත්තිවාරම නම් අපේ ආත්මයයි, එයට පව් කළ නොහැක.
‭‭
1 යොහන්‬ ‭5:18‬ ‭
[18] දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.

දෙවියන්වහන්සේ, පුත‍්‍රයාණන්වහන්සේ, ශුද්ධාත්මයාණන්වහන්සේ එක්කෙනෙක්ව සිටින්නා සේම අපගේ ආත්මය, ප‍්‍රාණය, ශරීරය යනු මනුෂ්‍යයන් තුන් දෙනෙක් නොවේ, එය එකක්මය.

ඔබ ආත්මයක්ය, ඔබට ප‍්‍රාණයක් ඇත, ඔබ ජීවත් වන්නේ ඔබේ ශරීරයේය.
‭‭
ඔබගේ නියම මනුෂ්‍යයා වනුයේ ඔබගේ ආත්මයයි.

අපේ ජීවිතය ගැන ගණන් දීමක් අපට ඇත.

අපේ සිත හා අප කථා කරන වචන ආරක්ෂා කර ගත යුතුයි.

හිතෝපදේශ‬ ‭4:23‬ ‭‬‬
[23] සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

ශෝකය භාර නොගෙන ඇදහිල්ලේ පලිහ රැගෙන එය ප‍්‍රතික්ෂේප කරන්න.

ඔබට පරණ මනුෂ්‍යයා සමඟ සම්බන්ධය තවමත් පවතින්නේ නම් එය පාපයක්.

යේසුස්වහන්සේගේ ලේ තුළින් ඔබට රැකවරනයක් ඇත.

ඔබ ධර්මිෂ්ඨයෙකුය, ශුද්ධවන්තයෙකි, කීකරු දරුවෙකි.

පාපයේ හැඟීමෙන් ඔබ නිදහස් කර ඇත.

සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කර ගත යුතුයි.

දේශනාකාරයා 5:6
[6] නුඹේ මාංසය ලවා පව්කරවන්ට නුඹේ කටට ඉඩනොදෙන්න; ඒක වැරදිල්ලකැයි දේවදූතයා ඉදිරියෙහි නොකියන්න. දෙවියන්වහන්සේ නුඹේ හඬට උදහස්ව නුඹේ අත්වල කර්මාන්තය නාස්ති කරන්ට ඕනෑ මන්ද?

කථාකරන වචන ගැන අපි ප‍්‍රවේසම් විය යුතුය.

ගීතාවලිය 39:1
[1] මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමියි කියාත්, දුෂ්ටයා මා ඉදිරියෙහි සිටින අතර කටකලියාවකින් මාගේ මුඛය රැක ගන්නෙමියි කියාත් කීයෙමි.

අපේ වචන දෙස යක්ෂයා බලා සිටියි, අපි නපුරාට පහර ගැසීමට වචන නොදී සිටිමු.

‘’මම අසනීපයි’’, ‘’මට හරි බයයි’’ යයි කිසිදා නොකියමු.

මේ පොළොවේ මහිමවත් ජීවිතයක් ගත කරමින්, අසන්නන්ට ප‍්‍රයෝජනය ලැබෙන, ආශිර්වාදලත් වචන කථා කරමු.

එපීස 4:22
[22] [එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා,

අපට ගැළවීමේ වස්ත‍්‍රයක් දී ඇත.

යෙසායා 61:10
"මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.

දෙවියන්වහන්සේගේ අභිමුඛත්වයේ ප‍්‍රීතියද, යක්ෂයාගේ අභිමුඛත්වයේ ශෝකයද ඇත.

අපි ගැළවීමේ හා ධර්මිෂ්ඨකමේ වස්ත‍්‍ර පැළඳ ගෙන සිටිමු.

එපීස 4:22-24
[එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා, නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත්කරනු ලැබ, සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය.

මනස අලුත් කර ගැනීමෙන් දෙවියන්වහන්සේ හා සමානව නව මනුෂ්‍යයෙකු වීමට හැකිය.

එපීස 4:25-27
[25] එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය. [26] කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න. [27]
යක්ෂයාට ඉඩ නොදෙන්න.

සත්‍යය කථා කරමු, අපි එකිනෙකාගේ අවයවයන්ය.

කෝපයෙන් ක‍්‍රියා කිරීමෙන් අපි යක්ෂයාගේ ක‍්‍රියාවන් වලට ඉඩ හරින්නෙමු.

[28] සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා. [29] නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.

ඔබ කථා කරන දේ පළමුව අසන්නට යන්නේ ඔබම නිසා යහපත් දේම කතා කළ යුතුයි.

1 කොරින්ති 15:34
[34] ධාර්මිකලෙස පිබිද, පව් නොකර සිටින්න; මක්නිසාද සමහරු දෙවියන්වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස මෙසේ කියමි.

ගලාති 6:7-8
[6] නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය.

මහිමවත් ජීවිතයක් මේ පොළොවේ ගත කරන පිණිස ආත්මය සඳහා වැපිරිය යුතුය.

යේසුස්වහන්සේ අප උදෙසා වැපිරූ දේ අප කපා ගැනීමට යන්නෙමු.

උන්වහන්සේ දරා ගත් කටු ඔටුන්න නිසා මානසික පීඩනයෙන් අපට නිදහස ඇත.

දෙවියන්වහන්සේගේ උතුම් රහස් දේව වචනයෙන් අපට එළිදරව් කර ඇත.


Watch the Sermon Video

Read 160 times