+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

භයාදුකම ජයගන්නට ප‍්‍රකාශ - යෝෂා මනූ
December 10, 2023 Sunday Sermon Notes


දේව වචනය ඉතා යහපත්, එය අපගේ මුළු ශරීරයට සුවය ගෙන දෙන්නේය. මේ වචනය අපගේ ඇටකටු, මස්, නහර ශක්තිමත් කරන්නේය. ඒ නිසයි දෙවියන්වහන්සේ අපට නිතරම පවසන්නේ දේව වචනය තුළ පවතින්න කියා.

මේ වචනය මෙනෙහි කරන කල, අපගේ ශරීරයේ තිබෙන බෙලහීනභාවය, දුර්වලකම සම්පූර්ණයෙන්ම ඉවත් කොට, අපව නිතිපතා ශක්තිමත් කරනසේක.

අපි දේව වචනය අසන්නෝ පමණක් නොවී, අපගේ ජීවිතයට එය අදාල කර ගනිමු.

අපි ස්වාමීන්වහන්සේට පවසමු, “ස්වාමිනී, අපි මේ වචනය තුළ පවතින කල, එය අපගේ අවුරුදු වැඩි කරගන්නට පුලුවන්කම ලබා දෙන්නේය.

‭‭හිතෝපදේශ‬ ‭4:10‬ ‭
මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම් පිළිගන්න; එවිට නුඹේ ජීවිතයේ අවුරුදු බොහෝ වන්නේය.

දෙවියන්වහන්සේ පවසන්නේ අපගේ කන් යොමු කරමින් මේ වචනය පිළිගන්නට කියා. එවිට අපගේ ආයුෂ කාලය අපට වැඩි කර ගත හැකි වන්නේය.

එබැවින් අපි මෙම වචනය පිළිගනිමු, මෙනෙහි කරමු, එයට අපගේ කාලය දෙමු.

‭‭‭‭හිතෝපදේශ‬ ‭4:20‭-‬23‬ ‭‬‬
[20] මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට නුඹේ කන නමන්න. [21] ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා; නුඹේ සිත තුළ ඒවා තබාගන්න. [22] මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත්වේ.
[23] සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

අපි මේ වචන වලට ඇහුම්කන් දෙමු. උන්වහන්සේගේ කීම්වලට අපගේ කන් යොමු කරමු.
ඒවා අපගේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා යනු, ඒවා අප මෙනෙහි කළ යුතු බවයි.

අපි ඒ වචන මෙනෙහි කරන කල ඒවා අපගේ සිත තුළට ඇතුල් වන්නේය.

අපගේ සිත තුළ මේ වචන රඳා පවත්වා ගන්නේ ඒවා මෙනෙහි කිරීමෙනි. ප‍්‍රකාශ කිරීමෙනි.

“ස්වාමිනි, ඔබවහන්සේ මාගේ සුවයයි, මාගේ ශක්තියයි, ඔබවහන්සේගේ තුවාලවලින් මා සුවයි. ඔබවහන්සේ තුළ මම පවතින විට, මාගේ බෙලහීනභාවය නැතහොත් මාගේ දුර්වලකම ඔබවහන්සේගේ ශක්තිය සමඟ හුවමාරු කර ගන්නෙමි.”

ඒ නිසා මේ වචන අපගේ සිත තුළ තබා ගනිමු. මක්නිසාද මේවා අපට සම්බවන විට අපට ජීවනය ලබා දෙන්නේය. එසේම අපගේ ශරීරයට සුවය හා ජීවනය ගෙන දෙන්නේය.

දේව වචනය තුළින් අපගේ මුළු ශරීරයටම ජීවනය නික්මෙයි.
ඒ ජීවන වචන අපි අද දින ප්‍රකාශ කරමු.

ප්‍රකාශ කිරීම වැදගත් වන නිසා
අපි භයාදුකමෙන් ජයගත්තාවූ වචන ප්‍රකාශ කරමු.

භය මනුෂ්‍යයන්ව පුදුමාකාර බන්ධනයකට ලක් කරන්නේය.
භය මනුෂ්‍යයන්ව ජයග්‍රහණය කරා නොව, පරාජය කරා ගෙන යන්නේය.

ජයග්‍රහණයේ දෙවියන්වහන්සේ ඔබ තුළ සිටින්නේ නම්, ඔබට කිසි පරාජයක් ඇති වන්නේ නැත.

ජයග්‍රහණයේ දෙවියන්වහන්සේ අපව පරාජිතයෙකු කළේ නැත.

භය මනුෂ්‍යයන්ගේ මනස් වියවුල් කරන්නේය.

මනුෂ්‍යයන් අද වියවුලෙන් සිටින්නේ භය නිසයි; තැතිගැන්ම නිසයි.

මනුෂ්‍යයන් අද තමුන්ගේ දිවි නසා ගන්නෙත් භය නිසයි.

ඔවුන් බොහෝ දේවල් ගැන භය වී සිටී, අනාගතය ගැන භයවෙමින්, හෙට දවසට මුහුණ දෙන්නේ කෙසේද යන්නෙන් නොදැන සිටී.

නමුත් අපි දේව වචනය තුළින් දකිමු, ස්වාමීන්වහන්සේ අපට භයාදුකමේ ආත්මයක් දුන්නේ නැත කියා. (2 තිමෝති 1:7)

අපි භයාදුකමෙන් ජයගමු.
“මම නිතරම භයාදුකමෙන් ජයගන්නාවූ කෙනෙකු වෙමි.”

ඔබ භය වන සෑමකල්‍හි ප්‍රකාශ කරන්න “නැහැ, මම භය වන්නේ නැත.”

දේව වචනයේ ප්‍රකාශ කරන පරිදි ස්වාමීන්වහන්සේ මට භයාදුකමේ ආත්මයක් දී නැත.

අපි ප්‍රකාශ කරමු.

ක්‍රිස්තුස්වහන්සේ තුළ මම බිය ජය ගත්තෙමි, එබැවින් මම බිය නොවන්නෙමි!

බිය ආත්මයක් වන අතර, එය යක්ෂයාගේය.

බිය ඍණාත්මක බලවේගයක් නිසා එයට එරෙහිව මා නැගී සිටින්නෙමි.

බිය දෙවියන්වහන්සේට විරුද්ධව ක්‍රියා කරයි.

බියට එරෙහිව මා නැගී සිටිමින් දේව වචනය ප‍්‍රකාශ කරන්නෙමි. ඒ තුළින් මා නිදහස් වන්නේය.

2 තිමෝති 1:7 පවසන්නේ, “මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව, බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් සුවදායක මනසක්ය.”

මට බයාදුකමේ ආත්මයක් නැත, මට, බයාදුකමේ ආත්මයක් දී නැත.

දෙවියන්වහන්සේ මට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොවේ. දෙවියන්වහන්සේ මට දුන්නේ
ප්‍රේමයේ ආත්මයක්, බලයේ ආත්මයක් සහ හික්මවීමේ මනසක්.

ප්‍රේමය තුළ කිසි බියක් නැත.

“ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. 1 යොහන් 4:18 හි පවසන්නේ, සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි.”

ප්‍රේමය තුළ බියක් නැත. සම්පූර්ණ ප්‍රේයෙන් මම ජය ගන්නෙමි. එයින් මම ජයගෙන හමාරය.

දෙවියන්වහන්සේ ප්‍රේමයයි.
1 යොහන් 4:8, සහ 16 වන පදයේ පවසන්නේ, දෙවියන්වහන්සේ ප්‍රේමයයි. ප්‍රේමය මා තුළයි.

ගීතාවලිය 56:3-4 පවසන්නේ, “මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි. මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටින්නෙමි, මා භය නොවන්නෙමි; මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද?”

මම බිය වන සැමකල්හි මම ජයගන්නෙමි.

අප නිතරම ඒ දේ ප්‍රකාශ කළ යුතුයි. භය මට අයිති වන්නේ නැත.

ශුද්ධ ලියවිල්ල පවසන්නේ, භයට ඔබ ඉඩ නොදිය යුතු බවයි. මන්ද භය දෙවියන්වහන්සේගෙන් නොවේ.

හෙබ්‍රෙව් 13:6 පවසන්නේ, “ස්වාමීන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.”

“ස්වාමීනි, ඔබවහන්සේ මට නිතරම උපකාර කරන නිසාත් මාගේ පක්ෂයේ සිටින නිසාත් මම ස්තූති වන්නෙමි.”

“ස්වාමිනි, ඔබවහන්සේ මා තුළ, මා සමඟ, මා වටා සිටින නිසා මා භය වන්නේ නැත.”

හිතෝපදේශ 29:25 පවසන්නේ “මනුෂ්‍යයාට භයවීම මලපතක්ය (උගුලක්ය); එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා ආරක්ෂාව ඇතුව, සුරක්ෂිතව ජීවත් වන්නේය.”

ඒ නිසා මම භය වන්නේ නැත. මම තැති ගන්නේ නැත. යේසුස්වහන්සේගේ නාමයෙන් මම බිය ජයගන්නෙමි.

යෙසායා 54:14 පවසන්නේ, “ඔබ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත. ඔබ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක ඔබට ළං නොවන්නේය.”

දෙවියන්වහන්සේගේ වචනය පවසන්නේ භය අප ළඟට නොපැමිණෙන බවයි. මන්ද අප භීතියෙන් දුරස්ව සිටින්නෙමු.
දෙවියන්වහන්සේ අප සමඟම සිටී.

යෙසායා 41:10 පවසන්නේ, “භය නොවන්න, මක්නිසාද මම ඔබ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම ඔබේ දෙවියන්වහන්සේය. මම ඔබ ශක්තිමත්කොට, ඔබට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් ඔබ උසුලන්නෙමි.”

හාලේලූයිය! දෙවියන්වහන්සේ අපව උසුලාගෙන යන බැවින් අපි භය නොවෙමු.

මම දෙවියන්වහන්සේ සමඟ දකුණත වාඩි වී සිටින්නෙමි. ඒ නිසා මට කිසි භයක් නැත.

ඔබ භය නොවී, නොසැලී සිටින්න. භායාදුකමෙන් ඔබ නිදහස් වී සිටී.

ඔබ බියට කිසිදා ඉඩ නොදෙන්න.


Watch the Sermon Video

Read 120 times