+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපට ශුද්ධාත්මයාණන් ලැබී ඇත්තේ යේසුස්වහන්සේගේ උපත නිසයි- මනූ මැතානි
December 24, 2023 Sunday Sermon Notes

 

යේසුස්වහන්සේගේ උපත, උන්වහන්සේගේ මරණය සහ නැවත නැඟිටීම තුළින් මනුෂ්‍යයාට ලැබුණු පළමු විශේෂ ආශීර්වාදය ශුද්ධාත්ම බවිතිස්මයයි.

ඉන් අදහස් කරන්නේ ”එම්මානුවෙල් ” එනම් දෙවියන්වහන්සේ අප සමඟයි.

මතෙව් 1:22-23
22 මේ සියල්ල සිද්ධවූයේ- බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත. කියා 23 ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත වූයේ කූඩාරම්වල වාසය කිරීම නොව, මනුෂ්‍යයා සමඟ වාසය කිරීමටයි. (1 කොරින්ති 3:16)

යේසුස්වහන්සේගේ ගෝලයන් හා සමඟ රැස්ව සිටි අනෙකුත් 120 දෙනා සූදානම්ව සිටිය මොහොතේ ඔවුන්ට ශුද්ධාත්මය ලැබුණි. (ක‍්‍රියා 2:1-4)

ලූක්‬ ‭24:49‬
බලව, මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නුමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්නැයි කීසේක.

උන්වහන්සේ පවසන්නේ, බලය ඔබ තුළට පැමිණෙන බවයි. බලවත් තැනන්වහන්සේ අප තුළ වාසය කිරීමට, අප සමඟ සිටීමට පැමිණෙන බවයි.

උන්වහන්සේ අප තුළට පැමිණ සිටින්නේ අප සාර්ථක ජීවිතයක් ගත කරන පිණිසයි.

ඔබ යේසුස්වහන්සේ පිළිගත් දවසේදී බලය ලබා ගන්නේය.

යේසුස්වහන්සේ මෙම පණිවිඩය බොහෝ දෙනෙකු ඉදිරියේ පැවසුවත් එදින රැස්ව සිටියේ 120 දෙනෙකු පමණි.

‭‭ක්‍රියා‬ ‭2:1‬
තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය.

සහෝදරයන් අතර එකමුතුකම ඉතා වැදගත්.

‭‭ගීතාවලිය‬ ‭133:1‭-‬3‬
[1] බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද! [2] එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය; [3] සියොන් කඳු පිටට බසින්නාවූ හෙර්මොන්හි පිනි හා සමානය. මක්නිසාද ස්වාමීන්වහන්සේ එහිදී ආශීර්වාදය, එනම් සදාකාල ජීවනය, නියමකළ සේක.

ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ උත්තම පූජකයාද, සභාවේ හිස ලෙසද සිටී. උන්වහන්සේ තුළින් මුළු ශරීරයටම, එනම් එකමුතුව ඉන්නාවු සියළු සහෝදරයන්ට උන්වහන්සේගේ දිව්‍යමය බලය අත්දකින්නට පුළුවන. සහෝදරයන් එකමුතුව රැස්වෙන ස්ථානයේ දෙවියන්වහන්සේගේ දිව්‍යමය බලය දකින්නට පුලුවන.

දෙවියන්වහන්සේ එතැන අණදීමේ ආශීර්වාද වගුරුවනසේක.

සහෝදරන් එක්වී වාසය කිරීමේදී කිසි යක්ෂයෙකුට වැලැක්විය නොහැකි ආශීර්වාදයක් තිබේ.

පෙන්තකොස්ත දින උඩුමහලේ සිටි පිරිස එකමුතුව රැස්වී එක්සිත්ව යාච්ඤාකරමින් සිටින ලදි. (ක්‍රියා‬ ‭1:14‬)

‭‭ක්‍රියා‬ ‭2:3‭-‬4‬
[3] ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය. [4] ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.

සභාව ආරම්භවූයේ ශුද්ධාත්ම බලයෙනි. එහි ලකුණක් පිණිස දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට අන්‍යභාෂාවෙන් කථා කිරීමට හැකියාව දුන්හ.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබගේ ජීවිතයට ඇතුල්වී හදවත ප‍්‍රීතියෙන් පූර්ණවූ කල, ඔබ අන්‍යභාෂාවෙන් කථා කරයි.
ඒ තුළින් ඔබට ප‍්‍රඥාව, දැනමුතුකම ලැබෙයි.

ස්වාමීන්වහන්සේ ඔබ තුළයි, උන්වහන්සේ කිසිදා ඔබව අත්නාරියි යන ඔබගේ විශ්වාසය ස්වාමීන්වහන්සේ තුළ තබන්න.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප වෙතට පැමිණි කල, ”එම්මානුවෙල්” දෙවියන්වහන්සේ අප තුළයි වාසය කරනුයේ. එහෙයින් අප කිසිසේත් භිය විය යුතු නැත. දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව, එළිදරව්ව, මඟ පෙන්වීම අප තුළ ඇත.

දෙවියන්වහන්සේට කීකරුව ගමන් කලහොත් අපට දෙවියන්වහන්සේ තුළ සාර්ථක ජීවිතයක් ගත කිරීමට පුළුවන.

දෙවියන්වහන්සේ අප තුළ වාසය කිරීමට පැමිණ සිටින්නේ අප සාර්ථක ජීවිතයක් ගත කිරීමටය.

ඔබ අත ගසන සියල්ලක්ම සාර්ථක වන්නේ උන්වහන්සේ ඔබ තුළ වාසය කරන නිසාවෙනි.

යේසුස්වහන්සේ ඉපදුනේ අප තුළට පැමිණ අප සමඟ සිටීමටය.

මුල් සභාව ආරම්භ වූයේ බලයෙන් පූර්ණ වීමෙනි.

ඔබ යේසුස්වහන්සේව පිළිගත් මොහොතේම ඔබ තුළටත් බලය පැමිණේ. ඒ තුළින් උන්වහන්සේ ඔබ තුළ වාසය කරයි. ඔබට අවශ්‍ය වන්නේ උන්වහන්සේව අදහා ගැනීම පමණි.

මාර්ක්‬ ‭16:17‬ ‭
අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;

යේසුස්වහන්සේගේ නාමය පාවිච්චි කළ හැකි වන්නේ අදහන කෙනෙකුට පමණි.

යේසුස්වහන්සේව නොඅදහන්නන් උන්වහන්සේගේ නාමය පාවිච්චි කිරීමට උත්සහා කරත් එය අසාර්ථකවුණි.

යක්ෂයන් දුරු කළ හැකි වන්නේ ශුද්ධාත්ම බලය කරණකොටගෙන පමණි.

‭‭ක්‍රියා‬ ‭19:11‭-‬15‬ ‬‬
[11] දෙවියන්වහන්සේ පාවුල්ගේ අත්වලින් අපූරුවූ ආශ්චර්යයන් කෙරෙවූසේක. [12] ඔහුගේ ශරීරයෙන් පිස්නාකඩවත් රෙදිකඩවත් ලෙඩුන් ළඟට ගෙනගිය පමණින් රෝග ඔවුන්ගෙන් පහවිය, නපුරු ආත්මයෝද දුරුව ගියෝය. [13] නුමුත් තැනින් තැන සංචාරණය කරන යකදුරුවූ යුදෙව්වරුන්ගෙන් සමහරුත් නපුරු ආත්ම වැහී සිටි අයයින් කෙරෙහි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය කියන්ට පටන්ගෙන: පාවුල් දේශනාකරන්නාවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට අණකරමියි කීවෝය. [14] ප්‍රධාන පූජකයෙක්වූ ස්කෙවා නම් යුදෙව්වෙකුගේ පුත්‍රයන් සත් දෙනෙක් මෙසේ කළෝය. [15] නුමුත් නපුරු ආත්මය උත්තරදෙමින්: යේසුස්වහන්සේ අඳුනමි, පාවුල්ද දනිමි; නුමුත් නුඹලා කවුරුදැයි ඔවුන්ට කීවේය.

තමන් දුරුකරන්නට පැමිණි අයහට යක්ෂයන් කථා කරමින් පැවසුවේ, නුඹලා කව්රුන්ද කියාය.

ගැළවීමක් නොමැතිව යේසුස්වහන්සේගේ නාමය පාවිච්චි කළ නොහැකිය.

යේසුස්වහන්සේ යක්ෂයින් දුරු කරන්නේ යක්ෂාධිපතියා කරණකොටගෙන යයි යේසුස්වහන්සේට චෝදනා කල අය හට උන්වන්සේ පිළිතුරු දුන්නේ උන්වහන්සේ යක්ෂයන් දුරුකරන්නේ ”දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ”කියාය.

ලූක් 11:19-20
[19] නුමුත් මම බෙල්සෙබුබ් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, නුඹලාගේ පුත්‍රයෝ කවරෙකු කරණකොටගෙන ඔවුන් දුරුකරද්ද? එහෙයින් ඔව්හු නුඹලාගේ විනිශ්චයකාරයෝ වන්නෝය.
[20] නුමුත් මම දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් යක්ෂයන් දුරුකරම් නම්, සැබවින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කෙරෙහි පැමිණ තිබේ.

‭මතෙව්‬ ‭12:27‭-‬28‬ ‭‬‬
[27] තවද මම බෙල්සෙබුබ් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, නුඹලාගේ පුත්‍රයෝ කවරෙකු කරණකොටගෙන උන් දුරුකරද්ද? එබැවින් ඔව්හු නුඹලාගේ විනිශ්චයකාරයෝ වන්නෝය. [28] නුමුත් මම දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, සැබවින්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කරා පැමිණ තිබේ.

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන යක්ෂයන් දුරුකළසේක.

මිසරයට පීඩා පැමිණෙන විටදී මායාකාරයන්ද එය කිරීමට උත්සාහ කළ නුමුත් ඔවුන්ට එසේ නොහැකිවූ විට මෙය “දෙවියන්වහන්සේගේ ඇඟිල්ල යයි” පැවසීය.

‭‭නික්මයාම‬ ‭8:18‬ ‭
[18] මායාකාරයෝද තමන්ගේ ඇස්බැන්දුම්වලින් කිනිතුල්ලන් උපදවන්ට වෑයම් කළෝය, නුමුත් නොහැකිවූවෝය. මනුෂ්‍යයන් හා මෘගයන් පිට කිනිතුල්ලෝ වූවෝය.
[19] එවිට මායාකාරයෝ: මේක දෙවියන්වහන්සේගේ ඇඟිල්ලයයි ඵාරාවෝට කීවෝය. ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඔවුන්ට කන් නුදුන්නේය.

දෙවියන්වහන්සේගේ ඇඟිල්ල නම් ශුද්ධාමයාණන්ගේ බලයයි.

අපට අත්‍යාවශ්‍ය දේ නම් ශුද්ධාත්ම බලයයි.

යක්ෂයා සමඟ ඔබට කිසි පොරබැදීමක් නැත. ඌ සමඟ ඔබට කතා කරන්නට අවශ්‍ය නැත.

යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබ යක්ෂයන් දුරු කරන්න. අශුද්ධ ආත්ම වලට ඔබ ආධිපත්‍යයෙන් ක්‍රියා කරමින් පිටවී යන්න කියා අණ කරන්න.

ඔබ ධර්මිෂ්ඨව සිංහයන් මෙන් එඩිතරව යක්ෂයන් දුරු නොකරන්නේ නම්, යක්ෂයන් ඔබව දුරු කරනු ඇත.

යක්ෂයා ශරීරයට ගෙනෙන වේදනා යේසුස්වහන්සේගේ නාමයෙන් දුරුවීමට අණ කරන්න.

ඔබව පීඩාවට පත්කරන, බියට පත්කරන, ආත්මවලට යේසුස්වහන්සේගේ නාමයෙන් අණ කරමින් දුරුකරන්න.

අපට දී තිබෙන්නේ භයාදුකමේ ආත්මයක් නොවේය. (2තිමෝති 1:7)

දෙවියන්වහන්සේ සමඟ ගමන් කරන්න. අන්‍ය භාෂාවෙන් කථා කරන්න. දෙවියන්වහන්සේගේ බලයෙන් ගමන් කරන්න.

ඔබ කියන්න “මා තුළ වාසය කරන තැනැත්තා ලෝකයේ සිටින සතුරාට වඩා බලවන්තයි.”

අනුන් පිට ශාපය නොතබන්න. සතුරන්ට ආශීර්වාද කරන්න.

බොරු අනාගතවක්තෘවරුන් යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබට බොරු අනාගතවාක්‍යයන් පවසති. ඔබ ඔවුන්ට නොරැවටී සිටින්න.

යේසුස්වහන්සේ පැවසුවේ අවසන් කලයේ මුළා නොවන ලෙසය.

‭‭මතෙව්‬ ‭24:4‭-‬5‬ ‭
[4] යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: කිසිවෙක් නුඹලා මුළා නොකරන ලෙස බලාගන්න. [5] මක්නිසාද බොහෝ දෙනෙක්: මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුළා කරන්නෝය.

ඔබව මුළා කරන්න කිසිවෙකුට ඉඩ නොදෙන්න.

ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමය පාවිච්චි කරමින් මිනිසුන් මුළාකරන්නන් අද බොහෝමයක් සිටිති.

දෙවියන්වහන්සේ යක්ෂයාට බලයක් දී නැත. යක්ෂයාට භය නොවන්න.

යේසුස්වහන්සේ ප‍්‍රකාශ වූයේ යක්ෂයාගේ ක‍්‍රියාව විනාශ කරන පිණිසය.

හෙබ්‍රෙව් 12:2
උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.

‭‭1 යොහන්‬ ‭3:8‬
පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය.

ඔබ තුළින් අත් වැරැද්දක් සිදුවූ පමණින් ඔබ පව්කාරයෙකු වන්නේ නැත. දිගින් දිගටම පාපිෂ්ඨ ස්වභාවයක් තිබෙන්නාවු පුද්ගලයා යක්ෂයාගෙන්ය.

සදාකාල ජීවනය ලබාගත් කෙනෙකු කිසිදා තමාගේ ගැළවීම කිසිදා අහිමි කරගන්නේ නැත.

සත්‍යයේ එළිදරව්වක් නොමැතිනම් එතැන ශුද්ධාත්මයාණන්වහන්සේ ක‍්‍රියා කරන්නේ නැත.
අසත්‍ය අසමින් ඔබට සත්‍ය ප්‍රතිඵල ලබාගත නොහැකියි.

සත්‍ය වචනය ඔබ දිගින් දිගටම ඇසිය යුතුයි.

ඔබව නිදහස් කරන්නේ සත්‍යයයි.

දෙවියන්වහන්සේගේ වචනය කුළුගෙඩියක් හා සමානයි.

‭‭යෙරෙමියා‬ ‭23:29‬ ‭
මාගේ වචනය ගින්නක් මෙන්ද පර්වතය පොඩිකරන කුළුගෙඩියක් මෙන්ද නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ඔබ සිතට වපුරන දෙයින් ඔබ ඵල කපාගන්නේය.

සත්‍ය වචනය ඇසීමෙන් ඔබට බලකොටු බිඳ හෙළා දමන්නට හැකිවේ.

බොරුවට අසුවී සිටින්නේ නම් නිදහස් වන්න.

දෙවියන්වහන්සේ අපට ලෙඩ රෝග දෙන්නේ නැත.

‭‭ලූක්‬ ‭13:16‬ ‭‬‬
එසේ නම්, දසඅට අවුරුද්දක් මුළුල්ලෙහි සාතන් විසින් බැඳ සිටි, ආබ්‍රහම්ගේ දුවෙක්වූ මේ ස්ත්‍රිය ඒ බැම්මෙන් සබත් දවසේදී මුදන්ට යුතුව තිබුණා නොවේදැයි කීසේක.

යේසුස්වහන්සේ තුළින් සුවවූ කුදු ස්ත‍්‍රිය හැඳින්වූයේ ආබ‍්‍රහම්ගේ දියණියක් කියාය.

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට පැවසුවේ, කිසිවකට භිය විය යුතු නැත. ඔබගේ පලිහද මහත් විපාකයද මමයි කියාය. (උත්පත්ති 15:1)

යුදෙව්වරු තමන් ආබ‍්‍රහම්ගේ වංශයේයැයි පැවසුවත් ඔවුන් තුළ කිසි ඇදහිල්ලක් නොතිබුණි. ඔවුන් කිසිවෙක් යේසුස්වහන්සේ පිළිගත්තේ නැත.

යුදෙව් ප‍්‍රධානීන් මනුෂ්‍යයන්ව බොරුවෙන් බැඳ දමා තිබුණි. නමුත් සත්‍යය මනුෂ්‍යයන් නිදහස් කරයි.

යේසුස්වහන්සේ සත්‍යයයි.

යේසුස්වහන්සේ පැමිණියේ සත්‍යයට සාක්ෂි දී සත්‍යය එළිදරව් කිරීමටය.

‭‭යොහන්‬ ‭18:37‬ ‭
එබැවින් පිලාත්: එසේවී නම්, නුඹ රජෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම රජෙක්යයි නුඹ කියනවා හරිය. ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය. සත්‍යයෙන්වූ සියල්ලෝ මාගේ හඬ අසතියි කීසේක.

යේසුස්වහන්සේ පැවසුවේ, ඔවුන්ට බලය ලැබුණායින් පසු ඔවුන් සාක්ෂිකාරයන් වන බවය.

‭‭ක්‍රියා‬ ‭1:8‬ ‬‬
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

සාක්ෂිකරුවන්නේ ඔබ තුළ වාසය කරන තැනැන්වහන්සේය.

‭‭රෝම‬ ‭8:11‬
තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැඟිට්ටුවේ ශුද්ධාත්මයාණන්වහන්සේය.

යේසුස්වහන්සේ පැවසුවේ මාංසයෙන් කිසි ඵලක් නැත. ජීවත් කරවන්නේ ඔබගේ සියල්ලෙන් සියල්ල වන ආත්මයාණන්වහන්සේය.

‭යොහන්‬ ‭6:63‬ ‬‬
ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.

යේසුස්වහන්සේගේ උත්පත්තියෙන් අපට ශුද්ධාත්ම බලය ලැබුණි. ඒ තුළින් අපට ශුද්ධ ජීවිතයක් ගත කිරීමට, ආධිපත්‍යයෙන් ජීවත්වීමට පුළුවන් කම ලැබුණි.


Watch the Sermon Video

Read 105 times