+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබගේ සාක්ෂියේ වචනය කුමක්ද? - යෝෂා මනූ
January 7, 2024 Sunday Sermon Notes


දෙවියන්වහන්සේ ඔබට යම් යහපත් දෙයක් කර ඇත්නම් අන් අයත් ධෛර්යවීමට එම සාක්ෂි බෙදා ගමු.

අපගේ සාක්ෂියේ වචනය විය යුත්තේ කුමක්ද?

‭‭එළිදරව්‬ ‭12:11‬
ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.

යක්ෂයාට දෙවියන්වහන්සේව අත ගැසීමට නොහැකිය. එහෙයින් යක්ෂයා තැත්කරන්නේ දෙවියන්වහන්සේගේ දරුවන් වන අපහට පීඩා කිරීමටය.

අපගේ මනසට වධ දෙන සිතුවිලි ගෙනවිත් ඒ තුළින් අපගේ ශරීරයට පහර ගැසීමට යක්ෂයාට පුළුවන.

සාක්ෂියේ වචනය යනු දෙවියන්වහන්සේගේ වචනයයි.
දේව වචනය පවසනුයේ, ”යේසුස්වහන්සේගේ තුවාළ වලින් අප සුවයි” කියා. (1 පේත‍්‍රැස් 2:24) ඔබ එය ප‍්‍රකාශ කරන්නේනම් එය ඔබගේ සාක්ෂියේ වචනයයි.

අප යක්ෂයාව පරාජය කරන්නේ සාක්ෂියේ වචනය තුළිණි.

(මරණය දක්වාම තමුන්ගේ ජීවිතය දෙන්නට පවා සූදානම්ව සිටියෝය).

යක්ෂයා ඔබට පීඩා ගෙනෙන කල සාක්ෂියේ වචනය තදින් අල්ලා ගන්න.

ඔබට ජය ලැබෙන්නේ සාක්ෂියේ වචනයෙන් හා බැටළුපැටවාගේ ලේ තුළිණි.

යේසුස්වහන්සේගේ ලේ වලින් උන්වහන්සේ අපව මිලයට ගනු ලැබුවේය (1 පේත‍්‍රැස් 1:18-19)
එමනිසා අප අපටම අයිති නැත.

අපි ගැළවීම ලබාගෙන වතුර බව්තීස්මය ලැබූ දවසේදී පාපයට මැරී නව උත්පාදනයක් ලැබුවෙමු.

රෝග පීඩා පැමිණුන හෙයින්, මරණීය වචන කථා නොකර, දේව වචනය ප‍්‍රකාශ කරමින්, ප‍්‍රශංසා නමස්කාර ගීතිකා ගායනා කරමින් සිටින්න.

සාක්ෂියේ වචනය විශ්වාස කර සිටීමෙන් අපට ජය ගැනීමට පුළුවන.

ලේ වලින් යේසුස්වහන්සේ අප සමඟ ගිවිසුමක් සාදා ඇත. ඒ තුළින් උන්වහන්සේ අපහට ජීවනය දෙන ලදි.

සර්පයා නොහොත් මකරා ඔබගේ මනසට නිතරම වධ දෙන සිතුවිලි ගෙන එන නමුත් ඔබ පරාජිතයෙක් නොව, ජයගත් කෙනෙකු යයි පවසමින් නැඟී සිටින්න.

‭‭එළිදරව්‬ ‭12:17‬
[17] මහ සර්පයා (මකරා) ස්ත්‍රී කෙරෙහි උදහස්වී, දෙවියන්වහන්සේගේ ආඥා (නියෝග) පවත්වන්නාවූ, (පිළිපදින) යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන්නාවූ ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධකරන්ට (සටනට) ගියේය.

යේසුස්වහන්සේගේ ගෝලයෙක්වූ යොහන් පත්මොස් දූපතේ සිරගතව සිටි අවධියේ එළිදරව් පොතේ ඇති එළිදරව්ව ඔහුට ලැබුණි.

‭‭එළිදරව්‬ ‭1:1‭-‬3‬ ‬‬
[1] ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල්, එනම් දෙවියන්වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේට දුන්නාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්කිරීමය. උන්වහන්සේ තමන් දූතයා කරණකොටගෙන තමන් මෙහෙකරුවූ යොහන්ට එය දන්වා එවූසේක. [2] ඔහු දෙවියන්වහන්සේගේ වචනය ගැනත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය ගැනත්, එනම්, තමා දුටු සියලු දේ ගැන සාක්ෂිදුන්නේය. [3] මේ අනාගතවාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියනලද කාරණා පවත්වන්නෝද ආශීර්වාදලද්දෝය. මක්නිසාද කාලය ළඟය.

යොහන් ලියුවේ ඔහු ඇසූ දුටු දේය.

සාක්ෂියක් යනු ඔබ අත්දැක්ක දේය.

‭‭එළිදරව්‬ ‭1:9‬
[9] නුඹලාගේ සහෝදරයාද, යේසුස්වහන්සේ තුළ පීඩා විඳීමෙහිත් රාජ්‍යයෙහිත් ඉවසීමෙහිත් පංගුකාරයාද වූ යොහන් නම් මම, දෙවියන්වහන්සේගේ වචනයද යේසුස්වහන්සේගේ සාක්ෂියද නිසා පත්මොස් නම් දිවයිනෙහි සිටියෙමි.

යොහන්තුමා යේසුස්වහන්සේට දැක්වූ ප්‍රේමය නිසා ඔහුට කළාවූ මරණීය පීඩා දරා ගෙන සිටි හෙයින් ඔහුව පත්මොස් නම් දූපතට හුදෙකලාවේ සිටීමට දමන ලදි.

එහි සිටින අවස්ථාවේ ඔහුට මෙම එළිදරව්ව ලැබුණේය.

‭‭එළිදරව්‬ ‭1:10
එවිට: නුඹ දකින දේ පොතක ලියා, එපීස, ස්මර්ණ, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලෙදල්පියා, ලවොදික යන මේ සභා හතට අරින්නැයි කියන්නාවූ හොරණෑවක මෙන් මහත් ශබ්දයක් මා පස්සෙන් ඇසීමි.

යේසුස්වහන්සේ යොහන්ට පැවසුවේ, ඔබ දකින දේ පොතක ලියන්න කියාය.

ඔබගේ ජීවිතයේ දෙවියන්වහන්සේ කළාවූ යහපත් දේ සාක්ෂි ලෙස ලියා අන් අය ශක්තිමත් කිරීම අඟනා දෙයකි.

‭‭හෙබ්‍රෙව්‬ ‭11:4‬
ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවියන්වහන්සේට ඔප්පුකෙළේය. ඔහුගේ දීමනා ගැන දෙවියන්වහන්සේ සාක්ෂිදුන් බැවින්, එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය. ඔහු මළ නුමුත් ඒ ඇදහීමෙන් තවම කථාකරන්නේය.

දෙවියන්වහන්සේ ආබෙල්ගේ පූජාව පිළිගත් බැවින් එයට කෝපවූ කායින් තම සහෝදරයාව මරා දමන ලදි. (උත්පත්ති 4:8)

ආබෙල්ගේ ලේ අදටත් පළි ගැනීමට මොර ගසයි. (මතෙව් 23:35-36)

නමුත් යේසුස්වහන්සේගේ ලේ වලින් පවසන්නේ සමාව දෙන්න කියාය. (ලූක් 23:34, හෙබ්‍රෙව් 12:24)

මනුෂ්‍යයන් ඔබට මොනවා කීවත්, සාක්ෂියේ වචනයෙන් යේසුස්වහන්සේව ඔසවා තබන්න.

අපගේ සතුරා මනුෂ්‍යයන් නොව, යක්ෂයාය. සාක්ෂියේ වචනය තදින් අල්ලා ගනිමු.

හෙබ්‍රෙව්‬ ‭11:5‬ ‭
[5] ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොදකින ලෙස ගෙනයනු ලැබුවේය; දෙවියන්වහන්සේ ඔහු ගෙනගිය හෙයින් ඔහු සම්බ නොවීය. ඔහුගේ ගෙනයාමට ප්‍රථම, ඔහු දෙවියන්වහන්සේව ප්‍රසන්නකළ බවට සාක්ෂි ලැබුවේය.

(ඇදහිල්ලෙන් ඒනොක්ව මේ ජීවිතයෙන් පරිවර්තනය කළ අතර ඔහුව ස්වර්ගයට ගෙන යන ලදී! ඔහුට කිසිදා මරණය අත්විඳීමට සිදු නොවීය; දෙවියන් වහන්සේ ඔහුව උසස් කළ නිසා ඔහු මේ ලෝකයෙන් අතුරුදහන් විය. මක්නිසාද ඔහු ස්වර්ගයට පරිවර්තනය වීමට පෙර ඔහුගේ ජීවිතය දෙවියන් වහන්සේට ප්‍රසන්නභාවය ගෙන දුන්නේය.)

ඒනොක්ගේ ජීවිත සාක්ෂිය වූයේ ඇදහිල්ලෙන් ගමන් කිරීමය. ඔහුගේ සාක්ෂියෙන් ඔහු දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කරන ලදි.

අප දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කරනුයේ ඇදහිල්ලෙනි. (හෙබ්‍රෙව් 11:6)

සාක්ෂියේ වවනය තදින් අල්ලා ගන්නා, දෙවියන්වහන්සේ උදෙසා ප‍්‍රසන්න ජීවිතයක් ගත කරමින් ඇදහිල්ලෙන් ගමන් කරයි.

අපි සාක්ෂිදරන්නන් පමණක් නොවී සාක්ෂිකාර ජීවිතයක් ගත කරමු.

සමාරියේ ස්ත‍්‍රියට යේසුස්වහන්සේව හමුවීමෙන් ඇගේ ජීවිතයේ විශාල පරිවර්ථනයක් වුණි.

යේසුස්වහන්සේ ඇය සමඟ කථා කළ විනාඩි කිහිපය තුළ ඇගේ මුළු ජීවිතයම එළිදරව්වුණි. (යොහන් 4:8-18)

එම විනාඩි කිහිපය තුළ යේසුස්වහන්සේ පැවසූ දේවලින් මේ මෙසියස්වහන්සේයැයි ඇයට වැටහීමක් ඇති වූවා. (යොහන් 4:19-26)

ඇය වතුර ගන්නට එතැනට පැමිණියත්, යේසුස්වහන්සේ ඇයගේ ආත්මික පිපාසය සංසිදෙව් කළ, ඒ ස්ත‍්‍රියට අවශ්‍යය වූයේ කළය පසෙකලා, යේසුස්වහන්සේගේ හමුවීම ගැන මුළු ගමටම සාක්ෂි දැරීමටයි.
(යොහන් 4:29)

යොහන් 4:39
සමාරිය ස්ත්‍රියගේ සාක්ෂිය
මා කළ සියල්ල උන්වහන්සේ මට කීසේකැයි සාක්ෂිදුන් ස්ත්‍රියගේ වචන නිසා ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.

ඇය අනාචාර ස්ත‍්‍රියක්ව අශුද්ධව ජීවත්වූවත් දෙවියන්වහන්සේට ඇයව සාක්ෂියක් පිණිස පාවිච්චි කරන්නට පුළුවන් වූයේය.

දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයට කොපමණ මහත් දේ කර තිබේද? ඔබ නොකඩව දෙවියන්වහන්සේ ඉදිරියේ සාක්ෂිදරන්නෙකු වන්න.

සාකෙවුස් සුංගම් අයකරන්නෙක් වුය. ඔහු මනුෂ්‍යයන්ගෙන් අයුතු ලෙස මුදල් ලබා ගෙන තිබුණි. ඔහු මිටි මනුෂ්‍යයෙක් විය.

යේසුස්වහන්සේ ගැන අසා තිබූ සාකෙවුස්ට උන්වහන්සේව දැකීමට පිපාසයක් තිබුණි.

යේසුස්වහන්සේ ඒ මාර්ගයෙන් යන විට ඔහු යේසුස්වහන්සේව දකින පිණිස අසල තිබුණු ගහකට නැගුණි. (ලූක් 19:1-4)

ඔහු අභ්‍යන්තරයෙන් හිස්ව සිටි, මනුෂ්‍යයන්ගේ ප‍්‍රතික්ෂේපයට ලක්වූ මනුෂ්‍යයෙකි.

යේසුස්වහන්සේ ඔහු අසලට පැමිණ පැවසුවේ ගහෙන් බිමට බහින්න මම අද නුඹේ නිවසට පැමිණෙන බවයි.

ලූක් 19:5-6
5යේසුස්වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා ඔහුට කථාකොට: සාකෙවුස්, වහාම බසින්න, මක්නිසාද අද නුඹේ ගෙදර මා නවතින්ට ඕනෑයයි ඔහුට කීසේක. 6ඔහු වහාම බැස ඇවිත්, ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය.

යේසුස්වහන්සේ සාකෙවුස්ගේ නිවසට යෑම ගැන උන්වහන්සේ පවිකාර මනුෂ්‍යයෙකු සමඟ ගියා යයි මනුෂ්‍යයන් කොඳුරන්නට වුණි.

ලූක් 19:7
ඔවුන් ඒ දැක: උන්වහන්සේ පව්කාර මනුෂ්‍යයෙකු සමඟ නවාතැන් ගන්ට ගියසේකැයි කියමින් සියල්ලෝම කොඳුළෝය.

යේසුස්වහන්සේ පැමිණියේ පව්කාරයන් ගළවන්නටය. (ලූක් 5:32)

යේසුස්වහන්සේ නිවසට පැමිණි පසු සාකෙවුස් තම වැරදි තේරුම් ගෙන ඒවා නිවැරදි කර ගන්නා ලදි.

ලූක් 19:8
සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය.

සාකෙවුස්ගේ ජීවිතයේ විශාල පරිවර්ථනයක් සිදු වුණේය. දෙවියන්වහන්සේ ඔහුව වෙනස් කළ නිසා ඔහුට සාක්ෂිකාර ජීවිතයක් ගත කරන්නට හැකි වුණා.

දෙවියන්වහන්සේ ජීවිත වෙනස් කරන සේක. උන්වහන්සේ කවදාවත් ජීවිත ප‍්‍රතික්ෂේප නොකරන සේක.

මනුෂ්‍යයෙකු වෙනස් කිරීම, ගැළවීමට ගෙන ඒම අසීරු කරුණක්යැයි කිසිදා නොපවසන්න.

සාකෙවුස්ගේ නිවසට ගැළවීම පැමිණුනි.

ලූක් 19:9-10
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: ගැළවීම අද මේ ගෙදරට පැමිණියේය, කුමක්හෙයින්ද මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය. 10මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේයයි කීසේක.

මනුෂ්‍යයන්ගේ ජීවිත වලට සාක්ෂි දැරීමට දෙවියන්වහන්සේ ඔබව තෝරා ඇත. ඔබ සාක්ෂි දරමින් මනුෂ්‍යයන්ට යේසුස්වහන්සේ ගැන කියන කළ ඒ අයගේ ජීවිත වෙනස්වනවා දකිමින් ඔබට පුදුමාකාර ප‍්‍රීතියක් පැමිණෙනු ඇත.


Watch the Sermon Video

Read 97 times