+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ශුද්ධකමෙන් ජීවත්වී සාක්ෂිකරුවෙකු වන්න - මනූ මැතානි
January 14, 2024 Sunday Sermon Notes

 

අප සියලු දෙනාම ක‍්‍රිස්තුස්වහන්සේ තුළ සාක්ෂිකරුවන්ය.

“මට සාක්ෂියක් නැහැ,” කියා නොපවසන්න.

යේසුස්වහන්සේ මා තුළට පැමිණි පසු, මගේ ජීවිතයේ කිසිවක් සිදුවුනේ නැතැයි කියා අපට කිසිසේත්ම කිව නොහැක.

අපගේ ජීවිත තුළ සැබවින්ම වෙනසක් ඇතිවූවා. එම වෙනස නම් අන්ධකාරයෙන් අපව මුදවා උන්වහන්සේගේ විශ්මපත් ආලෝකයට ගෙන ඒමය.

එය අපගේ මූලික සාක්ෂියයි.

අපගේ ජීවිතය තුළ සිදුවුනාවූ දේ නිසැකවම අපගේ හදවත දන්නාසේක.

දෙවියන්වහන්සේගේ වචනයෙන් පරිවර්ථනයවී, ශුද්ධාත්ම බලයෙන් පිරී, අන්‍ය භාෂාවෙන් කථාකරන පුද්ගලයෙකු බවට ඔබ පත්වූ විට සැම විටම ශුද්ධාත්මයාණන්ගේ ගලායාම තුළ ඔබ ජීවත්වන්න.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ තුළ ක‍්‍රියා කරන නිසා, මනුෂ්‍යයන් ඔබට කුමක් කීවත්, කොයි ආකාරයෙන් බැලුවත් ඔබට නිර්භයව ජීවත්විය හැකිය.

ඔබ ධර්මිෂ්ඨයෙක් නම් සිංහයන් මෙන් එඩිතරව සිටින්නේය.

හිතෝපදේශ 28:1
කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරමින්, අපට දී තිබෙන ධෛර්යය, ශක්තිය, හැකියාව, පුළුවන්කම, නිර්භීතකම නිසා අපට භයෙන් ජීවත්වීමට කිසිදු හේතුවක් නොමැත.

අපට භයාදුකමේ ආත්මයක් දී නොමැත. (2 තිමෝති 1:7)
සැබෑ සාක්ෂිකරුවන් මනුෂ්‍යයන්ව මුදවනු ලබයි.

හිතෝපදේශ‬ ‭14:25‬
සැබෑ සාක්ෂිකාරයෙක් ප්‍රාණ ගළවන්නේය; එහෙත් බොරු කියන්නෙක් වංචාව නික්මවයි.

ලෝකයේ මනුෂ්‍යයන්ගේ මනස් පාලනය කරන්නේ ලෝකයේ දෙවියාය.

2 කොරින්ති 4:4
නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.

ලෝකයේ දෙවියා අන්ධකර ඇති මනුෂ්‍යයන්ගේ මනස් සැබෑ සාක්ෂිකරුවා මුදවාගනු ලබයි; නිදහස් කරනු ලබයි. ඒ නිදහස තුළ මනුෂ්‍යයන් ගැළවීම ලබයි.

ඒ නිදහස ලබා දුන්නේ දෙවියන්වහන්සේය.

“මැවීම තුළ අපි මනුෂ්‍යයෙකු සාදමු” යනුවෙන් පැවසුවේද ශුද්ධවූ ත‍්‍රිත්වය විසිනි.

‭‭උත්පත්ති‬ ‭1:26‬
තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ;

මේ දෙවිවරු තිදෙනෙක් නොව, දෙවියන්වහන්සේගේ තුන් ආකාර ප‍්‍රකාශවීමයි.

ශුද්ධවූ ත‍්‍රිත්වයේ ක‍්‍රියාකාරීත්වයෙන් සෑදූ මනුෂ්‍යයාගේ වැටීමක් සිදුවිය. (‭‭උත්පත්ති‬ ‭3:6‬-7)

මනුෂ්‍යයාගේ වැටීම පිළිනොගත් දෙවියන්වහන්සේ ශූද්ධාත්මයාණ්වහන්සේගේ ක‍්‍රියාකාරීත්වයෙන්, පුත‍්‍රයාණන්වහන්සේගේ පූජාවීමෙන් හා දෙවිපියාණන්වහන්සේගේ පේ‍්‍රමය තුළින් නැවත මනුෂ්‍යයාව උන්වහන්සේ ගොඩ නැගුසේක.

වැටුනු මනුෂ්‍යයාව දෙවියන්වහන්සේ නිදහස් කර උන්වහන්සේගේ උසස්වූ ස්ථාන වල හිඳුවා ඇත.

ඒ දේ උන්වහන්සේ කළේ සැලසුම් සහිතවය.

පාවුල් සහ සීලස් සිරගතව සිටින විට ප‍්‍රශංසා ගීතිකා ගායනාවෙන් මහත් පොළෝකම්පාවක් සිදුවී ඔවුන් නිදහස්වුණි.

ක්‍රියා 16:26‭‭
හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය, එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. එකෙණෙහිම සියලු දොරවල් ඇරුණේය; සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය.

දෙවියන්වහන්සේ එවන පොළෝකම්පාවන් මනුෂ්‍යයන්ට කිසි හානියක් ගෙන එන්නේ නැත.

සිදුවූයේ මනුෂ්‍යයාගේ බැදුම් වලින් නිදහස ලැබීමය.

සිදුවූ දේ දැක තමාට අනතුරක් කර ගැනීමට ගිය සිරගෙදර මුළෑදෑනියාට පාවුල් පැවසුවේ ඔහුට අනතුරක් කර නොගන්නා ලෙසත්, ඔවුන් සියලුදෙනාම එතැන සිටින බවත්ය.

‭‭ක්‍රියා‬ ‭16:28‭-‬30‬ ‭
[28] නුමුත් පාවුල් කථාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය. [29] එකල ඔහු එළි ඉල්ලාගන ඇතුළට පැන, භයින් වෙවුලමින්, පාවුල් සහ සීලස් ඉදිරියෙහි වැටී, [30] ඔවුන් පිටතට කැඳවා කථාකොට: ස්වාමිවරුනි, ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය. ඔව්හු කථාකොට:

මේ සිරගෙදරට දේව සමාදානය පැමිණියා. ඔවුන්ට ගැළවීම ලැබුණි.

‭‭ක්‍රියා‬ ‭16:31‬ ‭
[31] ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය.

ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහා ගැනීමෙන් ඒ අය ගැළවීම, නිදහස්කම, මිදීම, සමාදානය ලැබුහ.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් ඔබ පිපාසිතව සිටින දේවල් ඔබගේ ජීවිතයේ සිදුවෙයි.

පාවුල් සහ සීලස් මේ හිරකාරයන්ට සාක්ෂි දැරුවා.

ඔවුන් සිටියේ ගී ගයමින් ප‍්‍රශංසාවෙන්, යාච්ඤාවෙන්. ඔවුන්ට සාක්ෂියක් තිබුණි.

ඔබගේ ජීවිතයේ සෑම දෙයටම දෙවියන්වහන්සේ ළංකරගෙන, ඔබ තුළ මහිමාන්විත ක‍්‍රියා සිදුවෙන බලවත් පුද්ගලයෙක් ලෙස, ඔබගේ ගමන් බිමන්, තීරණ, ප‍්‍රඥාව මේ සියල්ල සාක්ෂියක් ලෙස මනුෂ්‍යයන් දකිනු ඇත.

මනුෂ්‍යයන් ඔබ දෙස බලා ඔබ ගැන විමසන විට ඔබට යේසුස්වහන්සේ ගැන සාක්ෂිදැරිය හැකිය. ඒ සඳහා ඔබට තිබිය යුත්තේ සාක්ෂිකාර ජීවිතයකි.

ඔබ වචනය වපුරන විට තව කෙනෙකු වතුර දමයි. දෙවියන්වහන්සේ ගැළවීමට ගෙන එයි.

‭‭1 කොරින්ති‬ ‭3:4‭-‬5‬ ‭‬‬
[4] මක්නිසාද එක්කෙනෙක්: මම පාවුල්ගේය; වෙන කෙනෙක්: මම අපොල්ලොස්ගේයයි කියන කල, නුඹලා මාංසිකයෝ නොවෙත්ද? [5] ඉඳින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය.

මේ ආකාරයට සිතීම මාංශාකාර මනසක් තිබීමයි.

‭‭1 කොරින්ති‬ ‭3:6‭-‬7‬ ‭‬‬
[6] මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය. [7] එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත.

ගැළවීම දෙන්නේ දෙවියන්වහන්සේය. ගැළවීමේ සියලු ගෞරවය යේසුස්වහන්සේටය.

අපගේ කොටස අපි හරියාකාරව කරමු. අපි වචනයේ බීජ මනුෂ්‍යයන්ට වපුරමු.

ඔබ වපුරන බීජ ගැන සුළු නොකරන්න.

මනුෂ්‍යයාගේ රහස් දේ අපට අවශ්‍යය නැත.

එපීස‬ ‭5:12‭-‬13‬
[12] මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කථාකිරීම පවා ලජ්ජාවක්ය. [13] නුමුත් දොස් තබනු ලබන සියලු දේ ආලෝකය කරණකොටගෙන ප්‍රකාශවන්නේය. මක්නිසාද ප්‍රකාශවන සියල්ල ආලෝකයව තිබේ.

අවශ්‍යය දේ කිරීමට අවදිවෙමු.

‭‭එපීස‬ ‭5:14‬
[14] එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.

වර්ධනයත් සමඟ ප‍්‍රඥාවන්තව ක‍්‍රියා කරමු.

‭‭එපීස‬ ‭5:15‭-‬17‬
[15] ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, [16] දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න. [17] මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න.

කාලය නාස්ති නොකර, ඔබගේ ආත්මය පුබුදුවාගැනීමට යාච්ඤාවෙන් හා ප‍්‍රශංසාවෙන් ගත කිරීමට ඔබගේ කාලය යොමු කරන්න.

අපගේ ජීවිත අපි ප්‍රවේසම් කරගනිමු.

ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කරමින් සිටිමු.

අප ස්වාමීන්වහන්සේ තුළ ජීවත්වන බැවින් ක‍්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් වධ වින්ද ආකාරය අප ආයුධයක් කරගෙන (1 යොහාන් 4:9-10) මනුෂ්‍යයන්ගේ ආශාවන් වලට වලට ඉඩ නොදී ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කරමු.

‭‭1 පේතෘස්‬ ‭4:1‭-‬2‬
[1] ඉතින් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් (අප උදෙසා) වධවින්ද බැවින්, මාංසයේ ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව, [2] දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත්වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳගන්න. මක්නිසාද මාංසයෙන් වධවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්වී සිටියි.

අපි මනුෂ්‍යයන්ව සතුටු කරන්නට නොවෙයි සිටින්නේ.
ලෞකික දේට අපව කාර්යබහුල කිරීම පිටුපස සිටින්නේ යක්ෂයා.

අප දෙවියන්වහන්සේ තුළ හරියාකාර අත්තිවාරමක් ගොඩ නඟා ගත් කල, දෙවියන්වහන්සේ සමඟ ගමන් කිරීම ඉතාම ප‍්‍රීතිමත් කාරණාවක් කියා අපට නිසැකයෙන්ම කිව හැකිය.

ඔබගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ටකරනවා තරම් තවත් උතුම් දෙයක් මේ පොළොවේ නැත.

දෙවියන්වහන්සේට මුල් ස්ථානය දී ගමන් කිරීම, උන්වහන්සේගේ මහිමය අප තුළින් ප‍්‍රකාශවීම කොතරම් ආශීර්වාදයක්ද?

‭‭රෝම‬ ‭8:18‬
මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි.

දෙවියන්වහන්සේගේ මහිමය ලෞකික කිසිවකට සංසන්දනය කර නොහැක.

දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම සියල්ලටම වඩා වැදගත්.

‭‭1 පේතෘස්‬ ‭4:2‬
[2] දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත්වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳගන්න. මක්නිසාද මාංසයෙන් වධවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්වී සිටියි.

දෝෂාරෝපණයෙන් එපිටට ගොස් හංවඩු හෘද සාක්ෂියක් ඇති තැනැත්තෙකු බවට පත් නොවන්න.

‭‭1 තිමෝති‬ ‭4:1‭-‬2‬
[1] එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිලෙස කියනසේක. [2] එසේ වන්නේ බොරුකියන්නාවූ, තමුන්ගේම හෘදයසාක්ෂියෙහි හංවඩු ලකුණු ඇත්තාවූ, සරණපාවාගැනීම තහනම්කරන්නාවූ,
[3] සැබෑව දැනගන සිටින ඇදහිලිවන්තයන් විසින් ස්තුතිදීමෙන් පිළිගන්නා පිණිස දෙවියන්වහන්සේ මැවූ කෑමවලින් වැලකීමට අණකරන්නාවූ මිනිසුන්ගේ වංකකම කරණකොටගෙනය.

හංවඩු හෘද සාක්ෂියක් ඇති තැනැත්තෙකු වූවිට පාපයක් කළත් එය පාපයක් බවට නොදැනෙන්නෙක් බවට පත්වේ.

ඔවුන් විකෘති කාම ක‍්‍රියාවන් සාමාන්‍යය දේවල් බවට පිළිගනී.
දෙවියන්වහන්සේ ඉදිරියේ ශුද්ධව පැවැත්විය යුතු විවාහ බන්ධනය ඔවුන් සුළු කරමින් විවාහ නොවී කාමයේ හැසිරීම එය සාමාන්‍ය දෙයක් බවත් එහි වරදක් නොමැති බවත් පවසති.

‭‭හෙබ්‍රෙව්‬ ‭13:4‬
විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.

දෙවියන්වහන්සේ වෛශ්‍යකම, සමලිංගනය විනිශ්චය කරනු ලබයි. (1කොරින්ති 5:11-13, 6:9-10, රෝම1:26-27)

එවා වැරදි ක‍්‍රියා බව උන්වහන්සේ පවසන සේක.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැව්වේ පුරුෂයා හා ස්ත‍්‍රිය වශයෙන්ය. උන්වහන්සේ ඔවුන්ට බෝවී වර්ධනය වන්නට ආශීර්වාද කළ සේක. උත්පත්ති 1:27-28

සමලිංගනය අද සාමාන්‍යය දෙයක් බවට පත්ව තිබුණත් දෙවියන්වහන්සේ ඉදිරියේ එය පිළිකුල් සහගත ක‍්‍රියාවකි.

දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ පැමිණීම ගැන යේසුස්වහන්සේ පැවසුවේ එය නෝවාගේ හා ලොත්ගේ කාලයේ මෙන් වන බවය.

‭‭ශු. ලූක්‬ ‭17:26‭-‬28‬
[26] තවද නෝවාගේ දවස්වලදී වූවාක්මෙන්ම මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්වලදීත් වන්නේය. [27] නෝවා නැවට ඇතුල්වූ දවස දක්වා මනුෂ්‍යයෝ කමින්, බොමින්, සරණපාවාගනිමින්, සරණ පාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ ඔවුන් සියල්ලන්ම විනාශකළේය. [28] ලොත්ගේ දවස්වලදීත් එසේම වූයේය; ඔව්හු කමින්, බොමින් මිලේට ගනිමින්, විකුණමින්, වවමින්, ගොඩනගමින් සිටියෝය;

ලොත්ගේ කාලයේද සොදොම හා ගොමෝරාවේද මේ පාපය තදින්ම තිබුණි.

සොදොම විනාශ කරන්නට ආ දේවදූතයින් ලොත්ගේ නිවසට ගිය විට ඒ නුවර වැසියෝ ලොත්ගේ නිවසට පැමිණ ඔවුන්ගේ පාප ක‍්‍රියාවන් සදහා නිවසට පැමිණි මනුෂ්‍යයන් දෙදෙනාව පවා ඉල්ලා සිටීහ. (උත්පත්ති 19:4-5)

ලොත් තමාගේ දූවරුන් දී ඒ මනුෂ්‍යයන් දෙදෙනා රැුක ගන්නට උත්සාහ කරත් ඔවුන් ඉල්ලා සිටියේ ඒ මනුෂ්‍යයන්වමය. එතරම් පහත් නීච පාපයන්ට ඔවුන් වහල්ව සිටියේ. (උත්පත්ති 19:6-11)

ලෝකයෙහි තිබෙන මෙවැනි නපුරු දේ වලට අසු නොවී අප ආරක්ෂාකාරීව ජීවත් වෙමු.

‭‭1 කොරින්ති‬ ‭5:10‬
[10] නුමුත් මේ ලෝකයෙහි වේශ්‍යාකම්කරන්නන්වත් ලෝභයින් හා කොල්ලකාරයන්වත් රූප වඳින්නන්වත් සමඟ කොහෙත්ම සමාගම් නොපවත්වන හැටියට නොවේය; එසේ කරන්ට නම් නුඹලා ලෝකයෙන් අහක්ව යන්ට ඕනෑය.

කිතුණුවන් මෙවැනි තත්වයකට පත්ව සිටීනම් එවැනි අය සමඟ සමාගම් පැවැත්වීම කොහෙත්ම සුදුසු නැත.

‭‭1 කොරින්ති‬ ‭5:11
[11] නුමුත් සහෝදරයෙකැයි කියනලද කෙනෙක් වේශ්‍යාකම්කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූපවඳින්නෙක්වත් නින්දාකරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම්, එබන්දෙකු සමඟ සමාගම් නොපවත්වන්ටද කෑමවත් නොකන්ටද දැන් නුඹලාට ලියමි.

දැන දැන පාපයේ යෙදෙන්නාව ප‍්‍රතික්ෂේප කරන්න.

ඔබගේ ජීවිතය ශුද්ධ පවිත‍්‍රව තබා ගෙන, නිතරම ශුද්ධාත්මයෙන් පිරී, මනුෂ්‍යයන් අතර ගංගාවක් මෙන් ගලායාමේ ජීවිතයක් ගත කරන්න.

වියලිභාවයෙන් තොරව ගංගාවක් මෙන් ස්වාමීන්වහන්සේගේ ශුද්ධත්වයෙන් ජීවත්වෙමින් උන්වහන්සේගේ කරුණු කාරණා තේරුම් ගෙන, කාලය නිසි ලෙස පාවිච්චි කරමින්, ප‍්‍රඥාවන්තව ක‍්‍රියා කරමින් ඔබ ගමන් කරන්න.

‭‭1 පේතෘස්‬ ‭4:3‬ ‭
සල්ලාලකම්වලද තෘෂ්ණාවලද බීමත්කම්වලද නපුරු මංගල්‍යවලද මත්පැන්බීම්වලද පිළිකුල්වූ රූපඇදහීම්වලද හැසිර, අන්‍යජාතීන්ගේ කැමැත්ත කරමින් නුඹලා ගතකළාවූ කාලය ඉතා ඇත.

අන්‍ය ජාතීන්ගේ කැමැත්තට එකඟ නොවන්න.

නිතරම හරි දේ කළේ සුළු පිරිසක් පමණි.

නෝවාගේ කාලයේ 8 දෙනෙක් පමණයි දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිගත් අය ලෙස සිටියේ. (උත්පත්ති 7:1, 7)

සොදොම හා ගොමෝරාව විනාශයේදී පිටතට ආවේ 4 දෙනෙක් පමණි. (උත්පත්ති 19:16)

දෙවියන්වහන්සේ හැරී නොබලන්නැයි කී විට ලොත්ගේ භාර්යාව ලෞකික දේට ආශාවී නැවත හැරී බලා ලුණු කණුවක් බවට පත්වූයේය. (උත්පත්ති 19:26)

ලොත්ගේ දූවරුන් දෙදෙනා ඔහුගේ පියා හා සමඟ වැරදි ලෙස හැසිර මෝවබ් හා අම්මෝනි ජාතීන් දෙක බිහිකරන ලදි. (උත්පත්ති 19:30-37) ඔවුන් අධර්මිෂ්ඨජාතීන් බවට පත්විය.

ලොත් අධර්මිෂ්ඨ බවට පත්වුණේ ඔහුගේ තිබුණු වැරදි ආශ‍්‍රය නිසාය. (උත්පත්ති 13:12-13/ 19:01)

‭‭2 පේතෘස්‬ ‭2:5‭-‬6‬
[5] උන්වහන්සේ අභක්තීන්ගේ ලෝකය පිට ජලගැලීමක් පැමිණෙවු කල පුරාණ ලෝකය ඉතිරි නොකොට ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්වූ නෝවා තවත් සත්දෙනෙකුත් සමඟ ආරක්ෂාකළසේක් නම්, [6] සොදොම හා ගොමොරාව යන නුවරවල් අළුකරමින් ඒවා පෙරළා දමා විනාශයට නියමකොට, මතු අභක්තිකලෙස හැසිරෙන්නන්ට ඒවා ආදර්ශයක් කළසේක් නම්,

නෝවාගේ පවුල මෙන් අපිද වෙන්ව සිටිමු.

සොදොම හා ගොමෝරාවේ විනාශය අභක්තික ලෙස හැසිරෙන්නන්ට ආදර්ශයක්.

අප ජීවත්වෙන කාලයෙත් මෙවැනි කාරණා සිදුවෙන බැවින් අප අපගේ ජීවිත ආරක්ෂා කරගෙන සාක්ෂිකාරයන් හැටියට දෙවියන්වහන්සේගේ කාර්යයේ යෙදි සිටිමු.

2 පේතෘස්‬ ‭2:7‭-‬8‬
[7] දුෂ්ටයන්ගේ සල්ලාල ජීවිතය කරණකොටගෙන තද පීඩාවට පැමිණියාවූද, [8] ඔවුන් අතරෙහි වසමින් ඔවුන්ගේ අයුතු ක්‍රියාවන් දවසින් දවස දැකීමෙනුත් ඇසීමෙනුත් තමාගේ ධර්මිෂ්ඨ ආත්මයට දැඩි දුක් පමුණුවාගත්තාවූද, ධර්මිෂ්ඨවූ ලොත් ගැළවූසේක් නම්,

ලොත් සොදොමේ දුෂ්‍ය දේවල් බලමින් හා අසමින් පීඩනයකට පත්ව සිටීහ.

ඔබ අසන දේවලින් හා බලන දේවලින් සමහර විට සාක්ෂිය පවා නැතිවී යාමට පුළුවන.

මනුෂ්‍යයා ලෞකික ප‍්‍රසිද්ධවූ කීම් වලට ගරු කරන්නට නැංවෙයි.

අපට ප‍්‍රසිද්ධම කීම් නම් දේව වචනයයි.

ලොත්ව හදුන්වන්නේ ධර්මිෂ්ඨ කෙනෙක් හැටියටය. ලොත් තුළ යහපත් ගතිගුණ තිබුණි. ඔහු ආබ‍්‍රහම් ගෙන් බොහෝ දේ ඉගෙන ගෙන තිබුණි. දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට කළාවු ආශීර්වාද ලොත් දුටීය.

‭‭2 පේතෘස්‬ ‭2:9‭-‬10‬
[9] භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, ප්‍රධානකොට කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ, අධිපතිකමට අපහාසකරන්නාවූ අය, [10] දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමීන්වහන්සේ දන්නාසේක.

ලොත් පීඩනය තුළ වැරදි තීරණ ගැනීමෙන් ඔහුට කරදර වලට මුහුණ පෑමට සිදුවිය. නමුත් දෙවියන්වහන්සේ ලොත්ව ගළවා ගන්නා ලදි. (උත්පත්ති 14:16/ 19:21-23)

ඔබව ආරක්ෂා කළ යුතු ආකාරය ස්වාමීන්වහන්සේ දන්නා සේක.
අපි උන්වහන්සේ හා එකඟ විය යුතුය.

‭‭2 තිමෝති‬ ‭2:19‬
එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.

ක‍්‍රිස්තුස්වහන්සේ ඔබව දන්නා සේක. උන්වහන්සේව අදහන්නන් ලෙස ඔබ සියලු අශුද්ධ ක‍්‍රියා වලින් ඉවත්විය යුතුය. උන්වහන්සේ ඔබව මුද්‍රා කර තිබෙන්නේ. උන්වහන්සේ සමඟ දිනපතා සමීප සම්බන්ධයක් ගොඩ නගා ගන්න.

අප ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවුනොත් උන්වහන්සේ සමහර දේ අපෙන් නොවලක්වා එය වෙන්ට හරියි. හේතුව ඔබගේ අකීකරුකමයි.

තෘෂ්ණාව නිසා මනුෂ්‍යයා ලෞකිත දේව අසුවී නැතිවී යයි.

ඔබට සම්පත් වැඩි කර ගැනීමට නම් දෙවියන්වහන්සේගේ ප‍්‍රතිපත්ති අනුව ගමන් කරන්න.

ද්වීතීය කථාව‬ ‭29:9‬
එබැවින් නුඹලා කරන සියල්ලෙහි නුඹලා සඵලවන පිණිස මේ ගිවිසුමේ වචන පවත්වා රක්ෂාකරන්න.

ඔබ සියල්ලෙහි සඵලවන පිණිස ගිවිසුම් වාක්‍යය තදින් අල්ලා ගන්න.

දෙවියන්වහන්සේට විරුද්ධ දේ ප‍්‍රතික්ෂේප කරන්න.

දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයේ පටන් ගත් යහපත් වැඩය ඉටු කිරීමට උන්වහන්සේ අවසානය දක්වා විශ්වාසවන්තව සිටී.

‭‭යෙසායා‬ ‭55:9‬
අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.

දෙවියන්වහන්සේ අපට දෙන්නේ උසස් දේය.

‭‭යෙසායා‬ ‭55:10‬
එලෙස වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා සශ්‍රීකකර, ඵල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක්මෙන්,

දෙවියන්වහන්සේ අපට දෙන බීජ වෙන කෙනෙකුට රොටී විය හැකියි, තව කෙනෙකුට බීජ විය හැකියි.

දෙවියන්වහන්සේගේ යෝජනා කවදාවත් හිස්ව හැරී නොඑයි.

ඔබ වියලිභාවයෙන් නොසිට උතුරා යන තරමට ආත්මයෙන් පිරී සිටින්න.

‭‭එපීස‬ ‭5:18‭-‬19
[18] මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය; [19] නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,

ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් දෙමින් ජීවත් නොවන්න.

‭‭එපීස‬ ‭4:30‬
දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.

නිතරම ස්තුති දෙමින් ජීවත්වෙන්න.

‭‭එපීස‬ ‭5:19‬-20
[19] නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,
[20] අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න.

ඔබගේ ජීවිතය තුළ නිතරම ආත්මයාණන්වහන්සේගේ ගලා යාම තුළ ජීවත්වන්න.


Watch the Sermon Video

Read 68 times