+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇතුළාන්තර මානසිකත්වයෙන් ජීවත් වන්න - මනූ මැතානි
January 21, 2024 Sunday Sermon Notes

 

අප සියලු දෙනාම යේසුස්වහන්සේ ගැන වර්ණනා කරන්නාවූ උන්වහන්සේගේ සාක්ෂිකරුවන්ය.

අපගේ ශරීර දෙවියන්වහන්සේ වාසය කරන්නාවූ උන්වහන්සේගේ බලයෙන් තිබෙන්නාවූ උන්වහන්සේගේ දේව මාළිගාවයි.

දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය ස්ථානයකට සීමා කර නොමැත. උන්වහන්සේගේ අභිමුඛත්වය ඇත්තේ උන්වහන්සේගේ සෙනඟ රැස්වන ස්ථානයේය. උන්වහන්සේ වැඩවාසය කරන්නේ ප‍්‍රශංසා මධ්‍යයේය.

ක‍්‍රිස්තුස්වහන්සේ මා තුළයි යන ස්ථීර විශ්වාසයෙන් අප සිටිය යුතුය.

කොලොස්සි‬ ‭1:27‬ ‭
අන්‍යජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන්වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමතිවූසේක; ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන නුඹලා තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේය.
“මා තනිව‍යි සිටින්නේ” යන වචනය නොපවසන්න. ඔබ තනිව නොවෙයි උන්වහන්සේ ඔබ සමඟයි.

භය, තනිකම යන හැඟීම් වලට ඉඩ නොදෙන්න. ක‍්‍රිස්තුස්වහන්සේ ඔබ තුළයි.

සුවය, සඵලත්වය, නිර්භයව ජීවත්වීම, උන්වහන්සේ තුළයි. බලවත් තැනන්වහන්සේ මා තුළයි යන මානසිකත්වයෙන් සිටින්න.

යේසුස්වහන්සේව තැන් තැන් වල සෙවීමට අවශ්‍යය නැත. යේසුස්වහන්සේ තුළ ඔබ සම්පූර්ණ කෙනෙක් ලෙස සිටින්නේය.

‭‭යොහන්‬ ‭6:35‬ ‭
[35] යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට කිසිකලකත් බඩගිනි නොවන්නේය, මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය.

ජීවන රොටි ස්වාමීන්වහන්සේ බැවින් අප කිසිකලෙකවත් කුසගින්නෙන් සිටින්නට යන්නේ නැත.

ස්වාමීන්වහන්සේට වඩා විශේෂ කෙනෙක් අපට නැත.

ස්වාමීන්වහන්සේ අප තුළ වාසය කරන නිසා කිසි හිස්කමක් අප තුළ තිබෙන්නට අවශ්‍ය නැත.

යේසුස්වහන්සේ ඔබ තුළයි, ඔබ දේව දරුවෙකුය ශුද්ධවන්තයෙකුය උන්වහන්සේගේ පවුලට ඔබව එකතු කර තිබේ. ඔබට තිබෙන්නේ ඔබගේ විශ්වාසය තුළ ජීවත්වෙන්නයි.

ආත්මයාණන්වහන්සේ ඔබ තුළට පැමිණි පසු තවත් පිපාසය ඇතිවන්නේ නැත.

ගැළවීම සම්බන්ධයෙන් අස්ථීරව ජීවත් නොවන්න. අස්ථීරව සිටීමෙන් සතුරා එම දුර්වලතාවයෙන් ඔබට පහර දෙයි.

‭‭කොලොස්සි‬ ‭2:10‬ ‭
සියලු අධිපතිකමේද බලයේද හිස වන උන්වහන්සේ තුළ නුඹලා පූර්ණව සිටින්නහුය.

ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අප සම්පුර්ණ වූ කෙනෙකුය.
ඔබ තුළ කිසි මදිකමක් තිබිය යුතු නැත.

අපගේ ගැළවීම ගැන අපට විශ්වාසයක් තිබිය යුතුයි.

‭‭යොහන්‬ ‭10:27‭-‬28‬ ‭

[27] මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති. [28] මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි; ඔව්හු කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය.

ඔබ යේසුස්වහන්සේව පිළිගෙන ඇත්නම් ඔබ බැටළුවෙකුය. ඒ නිසා ඔබගේ ජීවිතයේ වෙනසක් ඇති වී තිබේ. දැන් ඔබ නව මැවිල්ලකි, ඔබගේ හැසිරීම හා සිතුවිලි වෙනස් වී, ඔබට බයිබලය කියවීමටද, යාච්ඤා කිරීමටද ආශාවක්ද ඇති වී, අනවශ්‍ය පුද්ගලයන් හා සමග ඇසුරෙන් ඉවත් වී සිටින්නේය.

සැකසහිත ඉගැන්වීම් පැමිණෙන්නේ බොරු ඉගැන්වීම් තුළිනි. ඒවා අසන විට ඔබ තුළ සැකය ඇතිවේ. එවැනි අය කෙරෙන් පලා දුවන්න.

පරණ ගිවිසුම තුළ පූජකයන්ට හා ප්‍රොපේතවරුන්ට විශේෂ ආලේපයක් තිබුණත්, නව ගිවිසුම අනුව අපි සියලු දෙනාම ක්‍රිස්තුස්වහන්සේ තුළ රාජකීය පූජකයන් වන්නෙමු. උන්වහන්සේගේ පුත‍්‍රයන් වන්නෙමු.

පරණ ගිවිසුම තුළ යේසුස්වහන්සේගේ ලේ වැගිරීම නොතිබූ හෙයින් ඒ කිසිඳු මනුෂ්‍යයෙක් ගැළවීම ලබා නොතිබූණේය. කිසිවෙකු තුළ ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයද නොතිබූණේය.

එමනිසා දෙවියන්වහන්සේ තම සෙනඟට යම් යම් පණිවිඩ දීමට දෙවියන්වහන්සේ තුළ ශුද්ධව ජීවත්වූ විශේෂිත පුද්ගලයින්ව පාවිච්චි කරන ලදි.

නමුත් නව ගිවිසුම තුළ ආත්මයාණන්වහන්සේ සෑම කෙනෙක් තුළම සිටිනසේක. දැන් ඔබ තුළ ආත්මයාණන්වහන්සේ වාසය කරයි. උන්වහන්සේ ගොම දෙවිකෙනෙකු නොව, ඔබට මඟ පෙන්වන්නාවූ දෙවියන්වහන්සේය.

උන්වහන්සේ ඔබට සිහින තුළින්, වචනය මෙනෙහි කරන කල, දේශනා වලින්, අනාගත වාක්‍යය තුළින් කථා කරයි.

උන්වහන්සේ පවසන්නේ මාගේ බැටළුවන් මාගේ හඬ අසයි කියාය.

ඔබ බැටළුවෙක්ද කියා සැකයක් ඇති කර නොගන්න.

දෙවියන්වහන්සේ පවසන්නේ ඔබ පිරිසිදු බැටළුවෙක්, ශුද්ධවන්තයෙක්, දේව දරුවෙක් කියාය.

කිසිවෙකුට ඔබගේ ඇදහිල්ල, විශ්වාසය, ආත්මිකභාවය පාගා දැමීමට ඉඩ නොදෙන්න.

ආත්මිකයයි කියමින් රඟපාන්නාවූ අයගෙන් ප‍්‍රවේසම් වන්න.

කලින් නොඇසු දෙයක් නම් එය එළිදරව්වක් හෝ බොරු ඉගැන්වීමක් විය හැක.

ඔබගේ ගැළවීමේ අත්තිවාරම කවදාවත් කඩා බිඳ නොදමන්න.

‭‭ගීතාවලිය‬ ‭11:3‬ ‭‬‬
අත්තිවාරම් විනාශවූවොත් ධර්මිෂ්ඨයා කුමක් කළ හැක්කේද?

අලුත් ඉගැන්වීම් පසුපස ගොස් ගැළවීමේ අත්තිවාරම කඩා වැටුනොත් එම මනුෂ්‍යයා අසරණභාවයට පත්වේ. පසුභටවී තුවාලවු කෙනෙකු බවට පත්වේ.

ක‍්‍රිස්තුස්වහන්සේ මා තුළයි යන ක්‍රිස්තුස්වහන්සේගේ අත්තිවරම තුළ අපගේ ජීවත ගොඩනඟා ගනිමු.

එය කිසිදා නැතිවන්නේ නැහැ, ඔබ තනිවන්නේ නැත.

ඔබට මදිපාඩුවක් දැනෙනවා කියා අනවශ්‍යය දේවල් ඇතුල් කර නොගන්න.

නැවුම්භාවයක්, අලුත් දෙයක් කියා නුසුදුසු දෙයට විවෘත නොවන්න.

එක තැනක සිරවී නොසිටින්න, හරි දෙයට විවෘත වන්න.

‭‭2 කොරින්ති‬ ‭6:12‭-‬13‬
[12] නුඹලා හිරවී සිටින්නේ අප තුළ නොවේ, නුඹලාගේම සිත් තුළ නුඹලා හිරවී සිටිහුය. [13] එබැවින් එම ආකාර ප්‍රතිඵලයක් පිණිස නුඹලාත් සිතින් විශාලවෙන්න; දරුවන්ට මෙන් මෙසේ කියමි.

සැබෑවූ වචනයට එකඟව විවෘත වන්න.

අඥානව වැරදි දෙයට විවෘත නොවන්න.

‭‭පිලිප්පි‬ ‭3:15‬ ‭
එබැවින් අපෙන් යම් පමණ දෙනෙක් සම්පූර්ණව සිටිද්ද, ඔව්හු ඒ ආකාරයෙන් කල්පනා කරත්වා. නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්‍රායක් ඇත්තාහු නම්, ඒකත් දෙවියන්වහන්සේ නුඹලාට එළිදරව්කරනවා ඇත.

ඔබ සම්පූර්ණ කෙනෙකුය. කිසි කෙනෙකුට ඔබගේ ගැළවීම අස්ථීර යැයි දොස්තැබීමට ඉඩ නොදෙන්න.

ඔබට අවශ්‍යය දේ දෙවියන්වහන්සේ එළිදරව් කරයි.

‭‭පිලිප්පි‬ ‭3:16‭-‬17‬ ‭
[16] නුමුත් අපි යම් ස්වභාවකට පැමිණ සිටිමුද, ඒ ප්‍රකාරයට හැසිරෙමුව. [17] සහෝදරයෙනි, එක්ව මා අනුව යන්නෝ වෙන්න. අප නුඹලාට ආදර්ශයක්ව සිටින්නේ යම් සේද, එසේ හැසිරෙන්නන් බලාගන්න.

පාවුල්තුමා බලවත් දේවල් කළා. දෙවියන්වහන්සේ ඔහුව පුදුම හාස්කම් කරන්නට පාවිච්චි කළා. එහෙත් ඔහු ජීවත් වූයේ සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙසයි.

ලුස්ත‍්‍රාවේදී ඔහු කොර මනුෂ්‍යයෙකු සුව කරමින් කළාවු මහත් හාස්කම නිසා මනුෂ්‍යයන් ඔහුට දෙවිවරුන් මෙන් සලකන්නට උත්සාහ දැරූහ.

‭‭ක්‍රියා‬ ‭14:10‭-‬15‬
[10] නැගිට නුඹේ පාදවලින් කෙලින් සිටින්නැයි මහත් හඬින් කීවේය. එවිට ඔහු පැන නැගී ඇවිද්දේය. [11] එකල සමූහයෝ පාවුල් කළ දේ දැක ශබ්දනගා: දෙවිවරු මනුෂ්‍ය වේශයෙන් අප ළඟට බැස සිටිතියි ලුකෝනියේ භාෂාවෙන් කීවෝය. [12] ඔව්හු බාර්ණබස්ට සියුස්ය කියාද පාවුල් ප්‍රධාන කථාකාරයා බැවින් ඔහුට හෙර්මීස්ය කියාද නම් තැබූහ. [13] නුවර ඉදිරියෙහි පිහිටියාවූ සියුස්ගේ දේවාලයේ පූජක තෙමේ ගොන්ද මල්මාලාද දොරටුව ළඟට ගෙනැවිත්, සමූහයන් සමඟ යාගකරන්ට හැදුවේය. [14] එහෙත් ප්‍රේරිතවූ බාර්ණබස් ද පාවුල්ද ඒ ගැන අසා, තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන, සමූහයා අතරට දුව ගොස්, මොරගසා: [15] මනුෂ්‍යයෙනි, නුඹලා මේ දේවල් කරන්නේ මක්නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝය, නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරුව, අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන වූ දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිස ශුභාරංචිය නුඹලාට ගෙනෙමුව.

පාවුල් හා බර්ණබස් ඒ නුවර වැසියන්ට පැවසුවේ, අපට දෙවිවරුන්ට මෙන් නොසලකන්න. අප නුඹලා මෙන් මනුෂ්‍යයන් බවත් ඔවුන්ව නිශ්ඵල දේවලින් මුදවා ගැනීමට දෙවියන්වහන්සේගේ සුභාරංචිය ඔවුන් වෙතට ගෙනා බවත්ය.

පාවුල්තුමා තුළ යහපත් ගුණාංග තිබුණි. ඔහුට නිහතමානිකම තිබුණි.

සිදුවූ විශාල හාස්කමේ ගෞරවය පාවුල්ට ගන්නට තිබුණි. එහෙත් ඒ නුවර මනුෂ්‍යයන් පාවුල් හා බර්ණබස්ට දෙවිවරුන්ට මෙන් සලකා නමස්කාර කරන්නට උත්සහා කළ විට පාවුල්හා බර්ණබස් මහත් සේ දුක්වූහ.

දෙවියන්වහන්සේගේ ගෞරවය මනුෂ්‍යයෙකුට ගන්නට අවසර නැත.

මනුෂ්‍යයන් හරහා ගෞරවය ලබා ගැනීමට කැමැත්ත දක්වන්නේ යක්ෂයාය.

දෙවියන්වහන්සේට පිදිය යුතු ගෞරවය කිසිදා මනුෂ්‍යයන්ට නොදෙන්න.

පාවුල්ට ලැබුණු පිළිගැනීම හේතුවෙන් ඔහුට එහි ස්ථානයක් ස්ථාපිත කර ගැනීමට අවස්ථාව තිබුණි. එහෙත් ඔහුට අවශ්‍ය වූයේ තැනින් තැනට ගොස් සුභාරංචිය ප‍්‍රකාශ කිරීම පමණි.

‭‭ක්‍රියා‬ ‭14:16‭-‬17‬ ‭
[16] උන්වහන්සේ පසුගිය පරම්පරාවලදී සියලු ජාතීන්ට තම තමුන්ගේ මාර්ගවල හැසිරෙන්ට ඉඩ හැරියසේක. [17] එහෙත් උන්වහන්සේ අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන්වහන්සේ ගැන සාක්ෂි නොදී නොසිටියසේකැයි කීවෝය.

පාවුල් තම ඉගැන්වීම් වල පවසන්නට උත්සාහ කරන්නේ ක‍්‍රිස්තුස්වහන්සේ අප තුළ වාසය කරන තැනැන්වහන්සේය. අපගේ ස්ථීරව පවතින්නාවූ ගැළවීම තුළ ගමන් කරමු කියාය.

පිලිප්පි 3:17
7 සහෝදරයෙනි, එක්ව මා අනුව යන්නෝ වෙන්න. අප නුඹලාට ආදර්ශයක්ව සිටින්නේ යම් සේද, එසේ හැසිරෙන්නන් බලාගන්න.

ආදර්ශමත් ජීවිතයක් ගත කිරීමට පාවුල් තීරණය කළා සේ, ඔබත් මනුෂ්‍යයන් අතර ආදර්ශමත් ජීවිතයක් ගත කිරීමට තීරණය කරගන්න.

පිලිප්පි 3:18
මක්නිසාද, මා නුඹලාට බොහෝ වර කී ලෙසත්, දැනුත් අඬමින් කියන ලෙසත්, බොහෝදෙනෙක් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියට සතුරෝව හැසිරෙති.

කුරුසියේ පණිවිඩයට විරුද්ධ දේ කියන්නන්ගෙන් ඈත්වන්න.

පිලිප්පි 3:19
ඔවුන්ගේ කෙළවර විනාශයය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය.

විනාශය කරා ගමන් කරන මනුෂ්‍යයන් පසුපස නොගොස් යේසුස්වහන්සේ පසුපස ගමන් කරන්න.
අපි තානාපතියෝ හැටියට කථා කරන්නේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැනයි.

අපි ලෝකයේ පැත්තට බර නොවී, ස්වාමීන්වහන්සේගේ බලය ගැන කථා කරමු.

අපගේ රජතුමාගේ රාජ්‍යය පළමුකොට ධර්මිෂ්ඨකම, සමාදානය හා ශුද්ධාත්මයාණන් තුළ ඇති ප‍්‍රීතියයි.

රෝම 14:17
මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.

මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨ වන්නේ යේසුස්වහන්සේ තුළිනි.

යේසුස්වහන්සේ තුළ දිව්‍යමය සමාදානය ඇත.

ශුද්ධාත්ම බව්තීස්මය තුළින් උතුරා යන ප‍්‍රීතියක් ඇත.
එම ප‍්‍රීතිය කිසිදා කිසිවෙකුට ඔබගේ ජීවිතයෙන් පැහැර ගත නොහැක.

යොහන් 16:22
එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය.

ප‍්‍රීතිය යනු දෙයක් නොව, ශුද්ධාත්මයාණන්වහන්සේය. දෙවියන්වහන්සේ අපගේ සමාදානයයි.

ඔබ ගමන් කරන ස්ථීර ගමන කවදාවත්, කිසි විදියකින් කිසි කෙනෙකුට බාධා කරන්නට ඉඩ නොදෙන්න.

යොහාන් 10:27
මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති.

ඔබ යේසුස්වහන්සේගේ හඬ අසනවාසේම, උන්වහන්සේද ඔබව හඳුනනවා ඇත. ඔබ ගැළවීම ලබා තිබන්නේ ස්වාමීන්වහන්සේගේ අනර්ඝ ලේ තුළින්, උන්වහන්සේ ඔබ මුද්‍රා කර ඇත. එසේම අප ගමන් කරන්නේ උන්වහන්සේ අනුවයි.

ඔබේ ගැළවීම කිසිදා සුළු නොකරන්න.
අප යන සැම තැනම ස්වාමීන්වහන්සේ සිටින්නේ අප සමඟයි.

යොහාන් 10:28
මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි; ඔව්හු කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය.

ඔබ යේසුස්වහන්සේගේ සදාකාල ජීවනයට අයිති පුද්ගලයෙක් කියා තේරුම් ගෙන ජීවත්වන්න. ඔබ කිසිදා කුණු වීමට හෝ විනාශයට පත්වන්නේ නැත. ඔබ සිටින්නේ ස්වාමීන්වහන්සේගේ හස්ථයේය.

අපට උසස් ඝණයේ ජීවනයක් ඇත. එනම් ක‍්‍රිස්තුස්වහන්සේ අප තුළ වාසය කිරීමය. (කොලොස්සි 1:27)

යොහාන් 10:29
ඔවුන් මට දුන්නාවූ මාගේ පියාණන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය; පියාණන්වහන්සේගේ අතින් ඔවුන් උදුරාගන්ට කාටවත් බැරිය.

ඔබගේ ගැළවීම ස්ථීරය. කිසිවෙකුට පියාණන්වහන්සේගෙන් ඔබව උදුරා ගත නොහැක.

එළිදරව් 3:5
ජයගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳවනු ලැබේ; ඔහුගේ නම ජීවන-පොතෙන් කිසිසේත් මකා නොහැර, මාගේ පියාණන්වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියෙහි ඔහුගේ නාමය පිළිගන්නෙමි.

ඔබ ගැළවීම ලබා ගත් කෙනෙක් නම්, ඔබ යක්ෂයාගෙන් ජය ගෙන තිබෙන්නේය. (1යොහන් 5:4-5)

කිසිවෙකුට උන්වහන්සේගේ ජීවන පොතෙන් ඔබගේ නම මකා දැමිය නොහැකිය. ඔබගේ ගැළවීම ස්ථීරය.

ක‍්‍රිස්තුස්වහන්සේ ඔබ තුළට පැමිණියේ අමුත්තෙකු ලෙස නොවේ. ඔබ සමඟ, මේ පොළොවේ අන්තිමය දක්වා සිටින්නටය. ස්වර්ගයට ගිය විට දෙවිපියාණන්වහන්සේට ඔබව භාර දීමටය.

‭‭2 කොරින්ති‬ ‭3:18‬ ‭‬‬
අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව, ස්වාමීන්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්, ආත්මයාණන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස්කරනු ලබමුව.

ක‍්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පසින් වාසිවී සිටිමින් උන්වහන්සේ අප වෙනුවෙන් අපගේ කෙළවර දක්වාම මැදිහත්ව යාච්ඤාවෙන් සිටී.

හෙබ්‍රෙව් 7:25
එබැවින්, උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම්කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.

අපි දේව වචනය තුළ පෝෂණය වෙමින් ජීවත්වෙමු.

යේසුස්වහන්සේ ඵරිසිවරුන්ට දේව රාජ්‍යය පැමිණෙන ආකාරය පවසන ලද්දේය.

ලූක් 17:20
[20] දෙවියන්වහන්සේගේ රාජ්‍යය කොයි කලක එන්නේදැයි ඵරිසිවරුන් විසින් ඇසූ බැවින් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය පෙරහැර සහිතව නොඑන්නේය.
[21] බලව, ඒක මෙතැනය! එතැනයයි නොකියන්නෝය; මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ඇතුළේයයි කීසේක.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිටස්තරයෙන් දැකිය හැකි දෙයක් නොවේ.

දේව රාජ්‍යය නම් ධර්මිෂ්ඨකමය, සමාදානයය, ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ ප‍්‍රිතියයි. ශුද්ධාත්ම බලය තිබෙන්නේ අප තුළය.

රෝම 14:17
මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.

දෙවියන්වහන්සේගේ මහත් ගැළවීමේ ක‍්‍රියාවලිය තිබෙන්නේ මැටි භාජන වැනි අප තුළය.

2 කොරින්ති 4:6-7
එසේය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙහි දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය බැබළෙන පිණිස, අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්ට කීවාවූ දෙවියන්වහන්සේය. නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව.

දේව රාජ්‍යය තිබෙන්නේ අතනැයි, මෙතනැයි කියා මනුෂ්‍යයන් යම් යම් ස්ථාන වල රැස්වූවත්, දේව රාජ්‍යය ඇත්තේ අප තුළය.

ඔබ ඒ විශ්වාසය ඇතිව ගමන් කරන්න. ඒ ගෞරවය, මහිමය දෙවියන්වහන්සේටය.

යේසුස්වහන්සේ කොටළුවෙකු පිට නැඟී යෙරුසලමට ගිය ගමනේ මනුෂ්‍යයන් මඟ දිගට වස්ත‍්‍ර, කොළ අතු අතුරා ගෞරවය, මහිමය දුන්නේ කොටළුවාට නොව, කොටළුවා මත සිටි තැනැන්වහන්සේටය. (මතෙව් 21:8-9)

කොටළුවා අපිය, අප තුළ වාසය කරන්නේ ස්වාමීන්වහන්සේය.

යේසුස්වහන්සේ පැවසුවේ දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු උන්වහන්සේගේ නාමයෙන් රැස්වෙන ස්ථානයේ උන්වහන්සේ ක‍්‍රියා කරන බවය. (මතෙව් 18:19-20)

ලූක් 17:21-22
බලව, ඒක මෙතැනය! එතැනයයි නොකියන්නෝය; මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ඇතුළේයයි කීසේක. උන්වහන්සේ ගෝලයන්ට කියනසේක්: නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්වලින් එකක් දකින්ට ආශාවන නුමුත් එය දකින්ට නුඹලාට නොලැබෙන කාලයක් පැමිණෙන්නේය.

යේසුස්වහන්සේ දකින්ට ආශාවෙන් කියා ඔබ වංචාකර තැන් වලට නොයන්න.

ලූක් 17:23
බලව, එතැනය! බලව, මෙතැනයයි ඔවුන් නුඹලාට කියන කල්හි පිටත්ව නොයන්න, ඔවුන් පස්සේ නොයන්න.

මාර්ක් 13:21
එකල ක්‍රිස්තුස්වහන්සේ මෙහිය; නොහොත්: අන්න එහියයි යමෙක් නුඹලාට කීවොත් විශ්වාස නොකරන්න.

ඔබගේ විශ්වාසය යම් ස්ථානයකට හෝ පුද්ගලයෙක් මත නොතබන්න.

මා තුළ වාසය කරන තැනැන්වහන්සේ ලෝකයේ සිටින තැනැත්තාට වඩා බලවත්ය. (1යොහාන් 4:4)

යේසුස්වහන්සේව පිළිගන්න සෑම කෙනෙක් තුළම උන්වහන්සේ වාසය කරන සේක.

යේසුස්වහන්සේව සෑම කෙනෙකුටම එක සමාන ඇදහිල්ලක් දී ඇත.

රෝම 12:3
නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.

ඔබ ගැළවීම ලැබූ දවසේම ඔබට ඇදහිල්ල ලැබී ඇත. ඔබට ඇත්තේ එය වර්ධනය කර ගන්නටය.

දෙවියන්වහන්සේ සමඟ සහභාගිකම් පවත්වමින්, වචනය මෙහෙහි කරමින්, ශක්තිමත් වෙමින්, යක්ෂයන් දුරුකරන්න.

දෙවියන්වහන්සේ ඔබට දුන් බලයෙන් ජීවත්වන්න. තැනින් තැනට නොයන්න.

මතෙව් 24:23
එකල යමෙක් කථාකොට: බලව, ක්‍රිස්තුස්වහන්සේ මෙතනය නොහොත් එතනයයි නුඹලාට කියන්නේ නම් විශ්වාස නොකරන්න.

අනවශ්‍යය දේ විශ්වාස කරමින් ඔබගේ විශ්වාසය නැති කර නොගන්න.

ක‍්‍රිස්තුස් යනු ආලේපලත් තැනැත්තාය.

ඔබත් ආලේපලත් කෙනෙකුය.

කිසිවෙකුට ඔබගේ ආත්මික ජීවිතය පහත් කිරීමට ඉඩ නොදෙන්න.

ඔබ වර්ධනය වෙමින් දෙවියන්වහන්සේ සමඟ ගමන් කරන්න.

මතෙව් 24:24
මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය.

වංචාකාර අයගේ මහත් පුදුම හා ලකුණු වලට අසු නොවන්න. එවැනි දේ විශ්වාස නොකරන්න. ක‍්‍රිස්තුස්වහන්සේ මා තුළයි යන දේ පමණක් විශ්වාස කරන්න.

දෙවියන්වහන්සේගේ වචනයද, උන්වහන්සේගේ ශුද්ධාත්ම බලයෙන්ද ඔබ පුරවා ඇති බව විශ්වාස කරන්න.

මතෙව් 24:25
බලව, මම නුඹලාට කලින් කීවෙමි.

මේ දේවල් ගැන යේසුස්වහන්සේ කලින් කී ඇති බැවින් මුළා නොවෙන්න.

ක‍්‍රිස්තුස්වහන්සේ මා තුළ වාසය කරනවා යන මානසිකත්වය තුළ ජීවත් වෙන්න.


Watch the Sermon Video

Read 58 times