+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි සාක්ෂිකාරයෝ වන්නෙමු - යෝෂා මනූ
February 11, 2024 Sunday Sermon Notes

 

 අපව දෙවියන්වහන්සේ ඔසවා තිබෙන්නේ සාක්ෂිකාරයන් මෙන් ජීවත්වීමටයි.

යේසුස්වහන්සේගේ වචනයට අපි සාක්ෂිකාරයන් වෙමු.

අපි දෙවියන්වහන්සේගේ සාක්ෂිය බලමු.

ගීතාවලිය‬ ‭19:7‬
ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය. [මනස වෙනස් කරයි]
ස්වාමීන්ගේ සාක්ෂිය සත්‍යය
, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය.

ස්වාමීන්ගේ වචනය සෑම ආකාරයකින්ම පරිපූර්ණයි;
එහි කිසිඳු දොස් පැවරීමක් නැත. අපට එයට යමක් එකතු කරන්ටවත් එයින් කිසිවක් අඩු කරන්ටවත් අවශ්‍ය වන්නේ නැත.

එය අපගේ ආත්මයන් පුබුදවන්නේය! අපගේ මනස ශක්තිමත් කරමින් අපට නොතේරෙන දේ වටහා දෙයි. ස්වාමීන්වහන්සේ කිසිදා අපව වියවුල් කරන්නේ නැත. උන්වහන්සේ වියවුල්කමේ දෙව්යන්වහන්සේ නොවේය.

ස්වාමීන්ගේ සාක්ෂිය අපව සත්‍යය කරා ගෙන යයි, දේව වචවය තුළ ලියැවී ඇති සෑම පොරොන්දුවක්ම උන්වහන්සේ සත්‍යය ලෙස ලියා ඇත. දෙවියන්වහන්සේ විශ්වාසවන්තය. උන්වහන්සේ බොරු නොකියන තැනැත්වහන්සේය. මෙම සත්‍ය වචනය උන්වහන්සේගේ සාක්ෂියයි.

උන්වහන්සේගේ මාර්ග සාමාන්‍ය මනුෂ්‍යන්ව ප්‍රඥාවන්තයන් බවට පත් කරයි. ඔබට ප‍්‍රඥාව අඩු නම් දෙවියන්වහන්සේගෙන් එය ඉල්ලන්න යැයි බයිබලය පවසයි. (යාකොබ් 1:5, 3:17)

දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාවෙන් පිරුණු කළ අපට ප‍්‍රඥාවන්තව තීරණ ගැනීමට පුළුවන් වන අතර, නුවණින් දෙවියන්වහන්සේ පවසන්නාවූ දේවල් අන් අයට කියමින් ඒ අයවද ශක්තිමත් කළ හැකිය.

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප තුළින් ජීවන වචන ගලා ඒමටය. මන්ද දෙවියන්වහන්සේ අපට උගතුන්ගේ දිවක් දී ඇත. (යෙසායා 50:4) එසේ දී ඇත්තේ වැටුණාවූ, අධෛර්යවුනාවූ අය ධෛර්යමත් කරන පිණිසයි.

ගීතාවලිය‬ ‭19:8
ස්වාමීන්ගේ පනත් සාධාරණය, සිත ප්‍රීතිකරවන්නේය. ස්වාමීන්ගේ ආඥාව පවිත්‍රය, ඇස් එළියකරන්නේය.

ස්වාමීන්වහන්සේගේ වචනය නිතරම අපගේ සිත, හදවත සහ මනස ප‍්‍රීතිමත් කරවයි.

ගීතාවලිය‬ ‭19:9
9ස්වාමීන් කෙරෙහි භය පිරිසිදුය, සදාකල් පවතින්නේය. ස්වාමීන්ගේ විනිශ්චයෝ සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය. 10ස්වර්ණයටත්, එසේය අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුය. මීපැණියටත් මීවදයටත් වඩා මිහිරිය. 11තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබේ. ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය.

දෙවියන්වහන්සේගේ වචනය මිහිරිය. අප එය සමඟ කාලය ගත කළ යුතුය.

දෙවියන්වහන්සේගේ සාක්ෂියේ වචනයෙන් අපට උපදෙස්, අවවාද, මඟපෙන්වීම් ලැබේ.

විපාක යන වචනය, යහපතටත් අයහපතටත් යන දෙයාකාරයටම බලපවත්වයි. අප කීතරුවුවහොත් යහපත්දේද අකීකරුවුවහොත් එහි ඵල විපාකද ලැබෙයි. එහෙත් දෙවියන්වහන්සේ අපට යහපත් දේ දෙන්නාවූ තැනන්වහන්සේය.

අප දෙවියන්වහන්සේගේ සාක්ෂිකාරයන් බව බයිබලයේ පවසයි.

හිතෝපදේශ‬ ‭14:25‬
සැබෑ සාක්ෂිකාරයෙක් ප්‍රාණ ගළවන්නේය; එහෙත් බොරු කියන්නෙක් වංචාව නික්මවයි.

ඔබ සැබවින්ම සුභාරංචිය මනුෂ්‍යයන්ට කියන කල, ඔවුන් ගැළවීම ලබනු ඇත. නිරය කරා ගමන් කරමින් සිටින ඒ අයගේ ප‍්‍රාණ, සිත් ඔබ සුභාරංචිය කථා කරන කල පිබිදෙනු ඇත. එවිට ඔවුන් සැබෑ දෙවියන්වහන්සේව සෙවීමට පටන් ගනී.

ඔබ යන යන තැන ඔබගේ සාක්ෂිය බෙදාගන්න. දෙවියන්වහන්සේ ඔබට කළාවු දේ ඒ අය හා පවසන්න. ඔබ ගැළවීම ලැබුවේත් තවත් කෙනෙකුගේ සාක්ෂියෙනි.

සැබවින්ම සාක්ෂිකාරයෙක් නම් ඔහු මනුෂ්‍යයන්ගේ ප‍්‍රාණ ගළවනු ඇත. මන්ද ඔහුට සුභාරංචිය ප‍්‍රකාශ කිරීමට, මනුෂ්‍ය ජීවිත වෙනස් වී පරිවර්ථනය වී දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවයකට ඇතුල්වෙනවා දැකීමට ආසාවක් පිපාසයක් තිබේ. එය ඔබ තුළද තිබිය යුතුය.

සාක්ෂිකාරයන්ව යේසුස්වහන්සේ ඔසවනු ලැබීය.

යේසුස්වහන්සේ ගෝලයන්ට පැවසුවේ ඔවුන්ට යෙරුසලමෙන් අහක්ව නොගොස් පියාණන්වහන්සේගේ පොරොන්දුව බලා සිටින ලෙසත්, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් කෙරේ පැමිණ ඔවුන් බලය ලැබූ පසු පොළොවේ සියලු සීමා දක්වා ගොස් සාක්ෂිකරුවන් වන ලෙසත්ය. (ක්‍රියා 1:4, 8)

ඔබ සාක්ෂි දරන විට ඔබ තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ සිටින බැවින් ඔබ පවසන්නාවූ වචනයෙන් එය අසන්නා තුළ පිබිදීමක්, බලාපොරොත්තුවක්, සිතට කා වැදීමක් ඇති වේ. එසේ වන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම නිසාවෙනි.

පේත‍්‍රැස් ඇතුලු පිරිස ශුද්ධාත්මයෙන් පිරී අන්‍ය භාෂාවලින් කථාකරන්නට පටන් ගත් පසු ඔවුන් තුළ මහත් පිබිදීමක් හට ගැනුණි.

කලින් භියෙන් යේසුස්වහන්සේව නාඳුනමියි කියා දිව්රමින් ප‍්‍රතික්ෂේප කළ පේත‍්‍රැස් ශුද්ධාත්ම බලයෙන් පිරුණාට පසු මහත් බලයකින් යුක්තව යේසුස්වහන්සේගේ නැවත නැඟිටීම ගැන මනුෂ්‍යයන්ට නොබියව සාක්ෂි දරයි.

ක්‍රියා 2:32-33
මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් නැගිටෙවුසේක, ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය.
33 එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක.

බලයෙන් පූර්ණවූ පේත‍්‍රැස් නොබියව යේසුස්වහන්සේව දෙවියන්වහන්සේ මළවුන්ගෙන් නැඟිට්ටෙව්ව බව ඔවුන්ට සාක්ෂිකාරයන් ලෙස පවසයි.

ඔබ අන්‍ය භාෂාවෙන් යාච්ඤා කිරීමෙන් සාක්ෂි දැරීමට ඔබ තුළ ඇති භය, ලැජ්ජාව ඉවත්වී ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් මහත් ශක්තියකින් ඔබට ඒ දේ කිරීමට හැකියාව ලැබෙයි.

ඔබ සාක්ෂිකාරයෙක් වී සිටින්නේ යේසුස්වහන්සේ නැවත නැගිට ජීවමානව සිටින නිසාය.

පේත‍්‍රැස් සාක්ෂිකාරයෙක්වූයේ ශුද්ධාත්ම බලය ලැබීමෙන් පසුවය. ඔබත් නිතරම අන්‍ය භාෂාවෙන් යාච්ඤා කරමින් ශුද්ධාත්මෙන් පූර්ණව සුදානම්ව ජ්වලිතව සිටින්න.

දේව මාළිගාවේ දොරටුව ළඟ සිඟමන් ඉල්ලමින් සිටි උපතින්ම කොර මනුෂ්‍යයාගේ සාක්ෂිය.

ක්‍රියා 3:1-11 කොරෙකු සුවපත්කිරීමේ සාක්ෂිය

පේත‍්‍රැස් හා යොහන් යාච්ඤා කිරීමට දේව මාළිඟාවට යමින් සිටියදී සුදර්ශන දොරටුව අසළ සිට සිඟමන් ඉල්ලූ කොරාට පේත‍්‍රැස් යොහන් සමඟ පැවසුවේ අප දෙස බලන්න කියාය. ඔහු ඔවුන් දෙස බැලුවේ යමක් බලාපොරොත්තුවෙනි. (ක‍්‍රියා 3:1-5)

මේ අවස්ථාවේදී පේත‍්‍රැස් තුළ අභ්‍යන්තරයේ තිබූ බලය ක‍්‍රියාත්මකවුණි. ඔහු රන් රිදී මට නැත. නාසරිය යේසුස්වහන්සේගේ නාමයෙන් නැඟිට ඇවිදින්නයැයි කියමින් කොරාගේ අතින් අල්ලා ඔහු නැඟිටවීය. එකෙනෙහිම ඔහුගේ පාද සහ ඇස්වට සවිවුණි. (ක‍්‍රියා 3:6-7)

ඔහු පැනනැගී කෙලින් සිට ඇවිදින්නට පටන් ගෙන ඇවිදිමින්, පැනනගිමින් දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරමින් ඔවුන් සමඟ දේව මාළිගාවට ඇතුල්විය. (ක‍්‍රියා 3:8)

පේත‍්‍රැස්ගේ මුවින් ඒ බලවත් වචන පිටවු සැනෙකින් උපතින්ම කොරව සිටි මේ මනුෂ්‍යයාගේ පාද සවිවුණි. පුදුමාකාර සුවයේ බලයක් ක‍්‍රියාත්මක වුණි.

කොරව සිටි මනුෂ්‍යයා ප‍්‍රීතියෙන්, පැන නගිමින් දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරමින් සිටිනවා දුටු සෙනඟ පුදුමයට පත්වී ඔහු වෙතට දුව එන ලදි. (ක‍්‍රියා 3:9-11)

දේව මාළිගාවේදී පේතෘස්ගේ කථා කල ආකාරය

පුදුමයෙන් පැමිණි සෙනඟට පේත‍්‍රැස් බලයෙන් යුක්තව නොභියව පැවසුවේ, අප දෙස පුදුමයෙන් බලන්නේ මන්ද? ඔවුන් පාවාදී, එපාකර මරණයට පත් කළාවූ යේසුස්වහන්සේව දෙවියන්වහන්සේ නැවත නැඟිටෙවු බවත්, පි එයට සාක්ෂිකාරයෝ බවත්ය. (ක‍්‍රියා 3:12-15)

ක්‍රියා 3:15
ජීවනයේ අධිපතියාව මැරුවහුය; දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුසේක; අපි ඊට සාක්ෂිකාරයෝය.

ඔබවද සාක්ෂිකාරයන් සේ පාවිච්චි කිරීමට දෙවියන්වහන්සේට පුළුවන.

පේත‍්‍රැස් සහ යොහන් දේව මාළිඟාවේ යේසුස්වහන්සේගේ නැවත නැඟිටීම ගැන සාක්ෂි දෙන විට යුදෙව් නායකයන් ඔවුන්ට විරුද්ධව ක‍්‍රියා කරන ලදි. නැඟිට ඔවුන්ව සිරගෙයි දමා යුදෙව් මන්ත‍්‍රණ සභාව ඉදිරියට ගෙනෙන ලදි. (ක්‍රියා 4:1-7)

පේතෘස් සහ යොහන් මන්ත්‍රණ සභාව ඉදිරියේ නිර්භීත ලෙස යේසුස්වහන්සේගේ මළවුන්ගෙන් නැවත නැඟිටීම ගැන සාක්ෂි දුන්හ. (ක්‍රියා 4:8-20)

ස්වාමිවූ යේසුස්වහන්සේගේ නැවත-නැගිටීම ගැන ප්‍රේරිතයෝ මහත් බලයෙන් සාක්ෂිදුන්නෝය. මහත් අනුග්‍රහය ඔවුන් සියල්ලන් කෙරෙහි තිබුණේය. (ක්‍රියා 4:33)

අනනියස් සහ සප්පිරා මුදල් සම්බන්ධ කාරණාවකදී වංක ලෙස ප‍්‍රේරිතයන් රැවටීමට තැත් කලත්, පේත‍්‍රැස් ශුද්ධාත්මයාණන් කරන කොට ගෙන ඔවුන්ගේ වරද එළිදරව් කරන ලදි. (ක්‍රියා 5:1-11)

ක්‍රියා 5:32
අපි මේ කාරණාවලට සාක්ෂිකාරයෝය; එසේම දෙවියන්වහන්සේ විසින් තමන්ට කීකරුවෙන්නන්ට දුන් ශුද්ධාත්මයාණන්වහන්සෙත් සාක්ෂිකාරයෙකැයි කීවෝය.

ඔබ දකින දේ ගැන සාක්ෂි දෙන සාක්ෂිකාරයෙක්, ඔබ ශුද්ධාත්මෙන් පිරී සුභාරංචිය කියන කල මනුෂ්‍යයන් වෙනස් වනු ඇත. ඒ උදෙසා ඔබ සාක්ෂිකාර ජීවිතයක් ගත කරන්න. නොබියව සාක්ෂි දරන්න.


Watch the Sermon Video

Read 75 times