+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි සාක්ෂි දැරිය යුතුයි - යෝෂා මනූ
February 25, 2024 Sunday Sermon Notes

 

අපි නිතරම මනුෂ්‍යයන් ඉදිරියේ සාක්ෂිදරමු. දෙවියන්වහන්සේ අපගේ විශ්වාසවන්ත සාක්ෂිකරුය.

‭‭‭‭යෝබ්‬ ‭16:19‬ ‭
දැන් පවා මාගේ සාක්ෂිය ස්වර්ගයෙහිය; මාගේ සාක්ෂිකාරයාද උසස්ථානයෙහි සිටියි.

සාක්ෂිය යන්නෙන් අදහස් කරනුයේ, මට සාක්ෂිකරුවෙකු ස්වර්ගයේ සිටින සේක යන්නයි.

මට පක්ෂව, මා වෙනුවෙන් කතා කරන සාක්ෂිකරුවෙකු උසස් ස්ථානයෙහි වැඩ වසනසේක.

සාක්ෂිකරුවෙකු යන වචනයේ තවත් අර්ථයක් වන්නේ උන්වහන්සේ මිත්‍රයෙකු යන්නයි. (යේසුස්වහන්සේ අපගේ මිත‍්‍රයාය.) යොහන් 15:13-14

සාක්ෂිකරුවෙකු යනුවෙන් පවසන්නේ උන්වහන්සේ අද්වකාත් නැතහොත් අධිනීතිඥවරයාය, මා වෙනුවෙන් මට පක්ෂව කථා කරන, [මා වෙනුවෙන් සහතික කර සාක්ෂි දෙන] ඉහලින් සිටියි.

යක්ෂයා ඔබගේ කනට කොදුරමින් ඔබ වැරදිකරුවෙකු බවට අඟවමින් දොස් තබන විට “මම වැරදිකරු නොවේ” ස්වාමීන්වහන්සේ මාගේ පාපය සෝදා උන්වහන්සේ මා වෙනුවෙන් හිටගන්න මාගේ අද්වකාත්, මාගේ සාක්ෂිකරු හෙයින් මා කිසිදා භය නොවෙමියි පවසන්න.

ස්වාමීන්වහන්සේ කවදාවත් දොස්පවරන්නෙකු, වරදට පත්කරන්නෙකු නොවේ.

දෙවියන්වහන්සේ ඉදිරියෙහි මනුෂ්‍යයන් නියෝජනය කරනු ලබන්නේ අපගේ යේසුස්වහන්සේය.

‭‭1 යොහන් 2:1
මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.

මැදහත්කාරයා යන්නෙහි තේරුම උන්වහන්සේ මා වෙනුවෙන් කතා කරන අද්වකාත්, අධිනීතිඥවරයාය.

ඔබ වෙනුවෙන් යේසුස්වහන්සේ කථා කරන සේක. ”මොහු මාගේ දරුවෙක් මොහු වැරැද්දක් කළා, සමාව ඉල්ලුවා, මාගේ ලේ වලින් මා මොහුව සෝදා පවිත‍්‍රකර ඇත.”

යේසුස්වහන්සේ අපගේ ගැළවුම්කරු දෙවි පියාණන්වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් ඉදිරිපත්ව එලෙසින් පවසයි.

කවදාවත් ඔබ ඔබටම දොස්පවරා ගනිමින් වරදට පත්කර නොගන්න.

ස්වාමීන්වහන්සේ මට සමාව දී ඇතැයි ඔබ පවසන්න.

යේසුස්වහන්සේ සුව කළාවු අන්ධයාගේ සාක්ෂිය:

මොහු උපන්දා සිට අන්ධව සිට යේසුස්වහන්සේ සුවය ලබා ගන්නා ලදි.

‭‭යොහන් 9:1-41
1උන්වහන්සේ යද්දී, උපන්දා පටන් අන්ධවූ මනුෂ්‍යයෙකු දුටුසේක. 2 උන්වහන්සේගේ ගෝලයෝ: රබ්බි, මොහු අන්ධව ඉපදීමට පව්කළේ කවුද? මොහුද? මොහුගේ මවුපියෝදැයි ඇසුවෝය. 3 යේසුස්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ ක්‍රියා මොහු කෙරෙහි ප්‍රකාශවන පිණිස මිස මොහුවත් මොහුගේ මවුපියන්වත් පව්කළ නිසා නොවේ. 4 දවහල්ව තිබියදී මා එවූ තැනන්වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි, එවිට කිසිවෙකුට වැඩකරන්ට නුපුළුවන. 5 මා ලෝකයෙහි සිටින කල මම ලෝකයේ ආලෝකයව සිටිමියි කීසේක. 6 උන්වහන්සේ මෙසේ කියා බිමට කෙළ ගසා, එයින් මඩ සාදා ඒවා ඔහුගේ ඇස්වල ගා: 7 නුඹ ගොස් සිලෝවම් පොකුණෙන් සෝදාගන්නැයි ඔහුට කීසේක. (සිලෝවම් යන වචනයේ අර්ථය එවනලද්දේය යනුයි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආවේය.

අසල්වැසි මනුෂ්‍යයන්ට මේ සුවය ලබා සිටින්නේ අන්ධව සිඟමන් ඉල්ලු කෙනාමදැයි කුතුහලයක් ඇතිවුණි. එවිට අන්ධව සිට සුවවූ මනුෂ්‍යයයා ඒ ඔහුම බව සනාථ කර පවසන ලදි.

සාක්ෂිකාරයන්
8 එබැවින් අසල්වාසියෝද ඔහු සිඟන්නෙක්ව සිටි බව පෙර දුටු අයද කථාකොට: ඉඳගෙන සිඟමන් ඉල්ලූ තැනැත්තා මොහු නොවේදැයි කීවෝය. 9 සමහරෙක්: මේ ඔහුයයි කීවෝය. තවත් අය: නැත, නුමුත් මොහු ඔහු වාගේයයි කීවෝය. ඒ මමයයි ඔහු කීවේය.

මෙය සිදුවුණේ කොහොමද? කියා ඔහුට පෙනීම ලැබීම මනුෂ්‍යයන්ට පෙහෙලිකාවක් විය.

ඔබ සාක්ෂිදරන විට පවා මනුෂ්‍යයන් එය සිදුවූයේ කෙලෙසදැයි ඔබගෙන් අසයි. අප වචනය ප‍්‍රකාශ කෙරූ කල, අපව සුවකරන්නේ එම වචනයයි.

අන්ධ මනුෂ්‍යයාට සුවය ලැබුණේ කෙසේදැයි මනුෂ්‍යයන් ඔහුගෙන් ප‍්‍රශ්න කරයි.

10 එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කොහොමදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය. 11 ඔහු උත්තරදෙමින්: යේසුස් නම් මනුෂ්‍යයා මඩ සාදා මාගේ ඇස්වල ගා-නුඹ සිලෝවම්ට ගොස් සෝදාගන්නැයි මට කීවේය. මම ගොස් සෝදාගෙන පෙනීම ලැබීමියි කීවේය. 12 ඔහු කොතැන්හිදැයි ඔව්හු ඇසුවෝය. මම නොදනිමියි ඔහු කීවේය.‍

අන්ධ මනුෂ්‍යයා ඔහු සුවවූ ආකාරය මනුෂ්‍යයන්ට පවසයි. එහෙත් යේසුස්වහන්සේ කොහෙන් පැමිණියේදැයි ඔහු නොදන්න බව පවසයි. ඔහු යේසුස්වහන්සේව පෞද්ගලිකව දැන හැඳින සිටියේ නැත.

13 පළමු අන්ධව සිටි තැනැත්තා ඔව්හු ඵරිසිවරුන් ළඟට ගෙනගියෝය. 14 යේසුස්වහන්සේ මඩ සාදා ඔහුගේ ඇස් පෑදූ දවස වනාහි සබත් දවසය. 15 එබැවින් ඵරිසිවරු ඔහුට පෙනීම ලැබුණේ කොහොමදැයි ඔහුගෙන් නැවත ඇසුවෝය.

නැවතත් ඵරිසිවරු ඔහුගෙන් පෙනීම ලැබුණේ කොහොමදැයි ප‍්‍රශ්න කළ විට ඔහු ඔවුන්ටද පෙනීම ලැබූ ආකාරය පවසයි.

ඔහුද: උන්වහන්සේ මාගේ ඇස්වල මඩ ගෑසේක, මම සෝදාගෙන පෙනීම ලැබ සිටිමියි ඔවුන්ට කීවේය.

මොහු පෙනීම ලැබුවේ සබත් දවසක බැවින් ඔහුට පෙනීම ලබා දුන් කෙනා කෙබදු තැනැත්තෙක්ද යන්න ඵරිසිවරුන් අතර භේදයක් හට ගැණුනි.

16 එබැවින් ඵරිසිවරුන්ගෙන් සමහරෙක්: ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන්වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේයයි කීවෝය. නුමුත් අන් සමහරෙක්: පව්කාරවූ මනුෂ්‍යයෙකුට මෙබඳු හාස්කම් කරන්ට පුළුවන් කොහොමදැයි කීවෝය. මෙසේ ඔවුන් අතරේ භේදයක් විය.

ඔවුහු පෙනීම ලැබු තැනැත්තාගෙන් නැවතත් ප‍්‍රශ්න කරමින් ඔහු යේසුස්වහන්සේ ගැන සිතන්නේ කුමක්දැයි අසයි.

17 එබැවින් ඔව්හු නැවත අන්ධයාට කථාකොට: ඔහු නුඹේ ඇස් පෑදූ නිසා, ඔහු ගැන නුඹ කියන්නේ කුමක්දැයි ඇසුවෝය. උන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙකැයි ඔහු කීවේය.

පෙනීම ලැබු තැනැත්තාගේ පිළිතුර ගැන සෑහීමට පත් නොවූ ඵරිසිවරු ඔහුගේ දෙමාපියන් ගෙන්වා ප‍්‍රශ්න කරයි.

18 එබැවින් යුදෙව්වරු පෙනීම ලැබු ඒ අයගේ මවුපියන් කැඳවන තුරු ඔහු අන්ධව සිට පෙනීම ලැබූ බව විශ්වාස නොකොට: 19 අන්ධව උපන්නේයයි නුඹලා කියන නුඹලාගේ පුත්‍රයා මොහුද? එසේවී නම් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදැයි ඔවුන්ගෙන් ඇසුවෝය. 20 ඔහුගේ මවුපියෝ ඔවුන්ට උත්තරදෙමින්: මොහු අපගේ පුත්‍රයා බවද අන්ධව උපන් බවද අපි දනිමුව. 21 නුමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදැයි නොදනිමුව; ඔහුගේ ඇස් පෑදුවේ කවුද කියාත් අපි නොදනිමුව. ඔහුගෙන් අසන්න; ඔහුට වයස් ඇත්තේය; ඔහුම තමා ගැන කියනවා ඇතැයි කීවෝය. 22 ඔහුගේ මවුපියන් මෙසේ කීවේ යුදෙව්වරුන්ට භයව සිටි නිසාය. මක්නිසාද යමෙක් උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේගේ ඒත්තුගත්තොත් ඔහු සිනගෝගයෙන් අහක්කරනු ලබන්නේයයි යුදෙව්වරුන් නියමකරගෙන තිබුණේය. 23 ඒ නිසා ඔහුගේ මවුපියෝ: ඔහුට වයස් ඇත්තේය, ඔහුගෙන් අසන්නැයි කීවෝය.

24 එවිට ඔව්හු අන්ධව සිටි මනුෂ්‍යයා දෙවෙනි වර කැඳවා: දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. මේ මනුෂ්‍යයා පව්කාරයෙක් බව අපි දනිමුයයි ඔහුට කීවෝය.
25 එබැවින් ඔහු උත්තරදෙමින්: උන්වහන්සේ පව්කාරයෙක්ද නැද්දැයි මම නොදනිමි. එකක් දනිමි-මම අන්ධව සිටියෙමි, දැන් මට පෙනීම ඇත්තේයයි කීවේය.

අපගේ සාක්ෂිය විය යුත්තේ අප සිටි ආකාරයත්, දෙවියන්වහන්සේ අපට කළාවූ දෙයත් පමණි.

26 එබැවින් ඔව්හු; ඔහු නුඹට කුමක් කෙළේද? නුඹේ ඇස් පෑදුවේ කොහොමදැයි ඔහුගෙන් ඇසුවෝය.

27 ඔහු ඔවුන්ට උත්තරදෙමින්: මම මේ දැන් නුඹලාට කීමි, නුමුත් නුඹලා ඇසුවේ නැත. නුඹලා නැවත අසන්ට කැමති මක්නිසාද? නුඹලාත් උන්වහන්සේගේ ගෝලයන් වෙන්ට කැමතිදැයි කීවේය.

ඵරිසිවරු අන්ධයාගේ පෙනීම ගැන නැවත නැවත ප‍්‍රශ්න කල විට, ඔහු: නුඹලා නැවත නැවත අසන්නේ ඔහුගේ ගෝලයන් වෙන්ට නුඹලාත් කැමතිදැයි ඇසීය.

28 ඔව්හු ඔහුට නින්දාකොට: නුඹ ඔහුගේ ගෝලයාය; අපි නම් මෝසෙස්ගේ ගෝලයෝය. 29 දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකර තිබෙන බව අපි දනිමුව. නුමුත් මේ මනුෂ්‍යයා ගැන නම් ඔහු කොතැනින්දැයි අපි නොදනිමුයයි කීවෝය.

පෙනීම ලැබූ තැනැත්තා යේසුස්වහන්සේගේ ක‍්‍රියාව ගැන සාක්ෂි දරයි.

30 ඒ මනුෂ්‍යයා ඔවුන්ට උත්තරදෙමින්: ඇයි, මේක පුදුමයක්ය, උන්වහන්සේ මාගේ ඇස් පාදා තිබියදීත් උන්වහන්සේ කොතැනින් ආසේක්ද කියා නුඹලා නොදන්නහුය. 31 දෙවියන්වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන්වහන්සේට නමස්කාරකරන්නෙක්ව උන්වහන්සේගේ කැමැත්තකරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව. 32 කිසිවෙක් අන්ධව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් නෑසූ දෙයක්ය. 33 මුන්වහන්සේ දෙවියන්වහන්සේ කෙරෙන් නාසේක් නම් කිසිදෙයක් කරන්ට උන්වහන්සේට නුපුළුවනැයි කීවේය.

34 ඔව්හු උත්තරදෙමින්: සියලු ආකාරයෙන් පාපවල උපන් නුඹ අපට උගන්වනවාදැයි කියා ඔහු අහක්කළෝය.

ඒ මනුෂ්‍යයා සාක්ෂිදැරුවේ දෙවියන්වහන්සේ කළ දේ පමණි. ඔහු උගන්වන්නට ගියේ නැත.

ඔබත් සාක්ෂිදරනවිට මනුෂ්‍යයන් අපට උගන්වන්න එනවාදැයි ඔබෙන්ද ඇසිය හැකිය. එහෙත් නොබියව ඔබ සාක්ෂිදරන්න.

35 ඔවුන් ඔහු අහක්කළ බව යේසුස්වහන්සේට ආරංචිවිය; උන්වහන්සේට ඔහු සම්බව: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අදහනවාදැයි ඇසූසේක.

යේසුස්වහන්සේ පෙනීම ලැබූ තැනැත්තා සමඟ කථා කරයි.

36 ඔහු උත්තරදෙමින්; ස්වාමිනි, උන්වහන්සේ කෙරෙහි මා අදහන පිණිස උන්වහන්සේ කවුදැයි ඇසීය.
37 යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: නුඹ උන්වහන්සේ දුටුවෙහිය, නුඹ සමඟ කථාකරන්නෙත් උන්වහන්සේයයි කීසේක.
38 ස්වාමිනි, මම අදහමියි කියා ඔහු උන්වහන්සේට නමස්කාරකෙළේය.

ඔබ වචනය විශ්වාස කරනවානම් ඔබව සුවකරන්නේ දේව වචනයයි. ඔබගේ සාක්ෂිය විය යුත්තේ වචනය ගැනයි. යේසුස්වහන්සේ අප තුළ, අප වටා සිටිමින් ආත්මිකව අප තුළ ක‍්‍රියාකරයි.

මනුෂ්‍යයා ඔබව හෙලා නමුත් ඔබ සත්‍ය වචනය තුළ සිට ගන්න.
මනුෂ්‍යයා ඔබව නෙරපුවත් යේසුස්වහන්සේ ඔබව පිළිගනියි.

39 යේසුස්වහන්සේ කථාකොට: ඇස් නොපෙනෙනවුන්ට පෙනෙන පිණිසද ඇස් පෙනෙනවුන් අන්ධවෙන පිණිසද විනිශ්චය සඳහා මේ ලෝකයට ආවෙමියි කීසේක.
40 උන්වහන්සේ සමඟ සිටියාවූ ඵරිසිවරුන්ගෙන් සමහරෙක් ඒ අසා: අපිත් අන්ධයෝදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
41 යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අන්ධයෝ නම් නුඹලාට පාපයක් නැත; නුමුත් දැන්-අපට පෙනේයයි නුඹලා කියන නිසා නුඹලාගේ පාපය පවතින්නේයයි ඔවුන්ට කීසේක.

ඔබ නිහඩව නොසිට නිතරම සාක්ෂි දරන්න.


Watch the Sermon Video

Read 85 times