+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපගේ සාක්ෂිය අන් අයට දකින්නට පුලුවන (1 කොටස) - යෝෂා මනූ
March 3, 2024 Sunday Sermon Notes


ඔබගේ සාක්ෂිය ඉතා වැදගත් හෙයින් එය ආරක්ෂා කර ගත යුතුය.

ඔබ සාක්ෂි දරන විට අන් අය එය අසනවා පමණක් නොව, ඔබ සාක්ෂිකාරයෙක් ලෙස ජීවත්වන්නේද කියා ඔවුන් දකිනු ඇත.

සමහරවිට අප ගැන අන් අය සාක්ෂි දරනු ඇත.

ක‍්‍රියා 10-11 පරිච්ජේදවල සඳහන් කොර්නේලියස් රෝම ආණ්ඩුවේ ඉතාලි කණ්ඩායමයයි කියන හේවා කණ්ඩායමේ සියයකට මුලෑදෑනියෙකි. ඔහු යුදෙව්වෙකු නොවේය.

කොර්නේලියස් යන නමේ අර්ථය ”නළාව”

දෙවියන්වහන්සේ කොර්නේලියස් කව්ද කියා සාක්ෂි දරයි.

ක‍්‍රියා 10:2
ඔහු භක්තිවන්තවූ, තමාගේ ගෙදර සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටියාවූ, සෙනඟට බොහෝ දන් දුන්නාවූ, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤා කළාවූ කෙනෙක්ය.

දෙවියන්වහන්සේ ඉදිරියේ අන්‍ය ජාතිකයෙක් ලෙස සිටි ඔහුගේ සාක්ෂිය ඉතා අගනේය.

සාමාන්‍යයෙන් සියයකට මුලෑදෑනින් යනු තද ගතිගුණ ඇති දරුණු පාලකයින් වුවත් මොහු ඊට හාත්පසින්ම වෙනස් අයෙකි.

ඔහු අවංක භක්තිවන්ත අයෙකි.

අවංක අයට දෙවියන්වහන්සේ නිසැකයෙන්ම එළිදරව් වෙනු ඇත.

ඔහු ත්‍යාගවන්ත සිතක් ඇතිව නොමසුරුව ජීවත්වූ අයෙකි.

ඔහු නිතරම දෙවියන්වහන්සේට යාච්ඤා කළ අයෙකි. යාච්ඤා කරන්නාට දෙවියන්වහන්සේ පිළිතුරු දෙන සේක.

සත්‍ය නොදැන සිටියත් යාච්ඤා කරන කල දෙවියන්වහන්සේ ඔබට පිළිතුරු දෙයි. ඔබ යා යුතු මඟ දෙවියන්වහන්සේ ඔබට පෙන්වා දෙයි.

යේසුස්වහන්සේ මාර්ගයයි, සත්‍යයයි, ජීවනයයි. (යොහන් 14:6)

උන්වහන්සේට ජීවනයේ මාර්ගය පෙන්වනනට ඔබ ඔබගේ හදවත විවරකරන්න.

ඔබගේ හදවතින් විශ්වාස කරමින් යේසුස්වහන්සේ ස්වාමීන් බව ඔබගේ මුඛයෙන් ප‍්‍රකාශ කර ඔබගේ ඉරනම වෙනස්කර ගත හැකිය.

කොර්නේලියස් දහවල් කාලයේ යාච්ඤා කරමින් සිටියදී දෙවියන්වහන්සේගේ දූතයෙකු ඔහුට ප‍්‍රකාශ විය. (ක‍්‍රියා 10:3)

සෙකරියස්ටද මෙයාකාරයෙන් දේව දූතයෙකු ප‍්‍රකාශවිය. (ලූක් 1:11)

දේවදූතයා කොර්නේලියස්ගේ නමත් ඔහු සිටි ස්ථානයත් දැන සිටින ලදි.

දෙවියන්වහන්සේ මව්කුසේ පටන් අපව හඳුනන සේක. අපගේ නම දන්නා සේක. (යෙසායා 49:1)

දේවදූතයා කොර්නේලියස්ට පැවසුවේ ඔහුගේ යාච්ඤාද, දානද දෙවියන්වහන්සේ ඉදිරියට පැමිණිය බවයි. (ක‍්‍රියා 10:4)

යාච්ඤාවට තවත් අර්ථයක් නමස්කාරය.
අප මුළු හදවතින් දෙවියන්වහන්සේ සොයන කල උන්වහන්සේ අපට ප‍්‍රකාශ වනු ඇත.

කොර්නේලියස් දාන දුන්නාවු ත්‍යාගශීලි මනුෂ්‍යයෙකි.

ගැනීමට වඩා දීම ආශීර්වාදයකි. (ක‍්‍රියා 20:35) එය සැබෑවූ ප‍්‍රකාශයකි.

කොර්නේලියස්ගේ නමස්කාරය හා මෙම දීම නිසා දෙවියන්වහන්සේට ප‍්‍රකාශ වෙන්නට මාර්ගයක් විවරවුනි.

දෙවියන්වහන්සේගේ හදවතේ තිබෙන්නේද දීමය.

යොහන් 3:16
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

දෙවියන්වහන්සේගේ මුළු ලෝකයාටම ප‍්‍රේම කළ නිසා උන්වහන්සේගේ උතුම්ම වස්තුව ලෝකයාට බෙදා දෙන ලදි.

පාවුල්තුමා එය ප‍්‍රකාශ කරන ලදි.

ගලාති 2:20
මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.

දෙවියන්වහන්සේ කිසිදා මනුෂ්‍යයාගෙන් කිසිවක් නොවලක්වන සේක.

කොර්නේලියස් කොතරම් යහපත් කෙනෙක්ව සිටියත් ඔහු සත්‍යය වචනය දැන නොසිටින ලදි.

ඔහුට ගැළවීමට හැකිවන්නේ සත්‍ය වචනය දැන ගැනීමෙන් පමණි.

දේවදූතයා ඔහුට පැවසුවේ යොප්පාවෙන් පේත‍්‍රැස් ගෙන්නා ගන්නා ලෙසය. (ක‍්‍රියා 10:5)

කොර්නේලියස් දේවදූතයා ඔහුට පැවසූ ආකාරයට පේතෘස් කැඳවාගෙන ඒමට තමාගේ වැඩකාරයන් දෙදෙනක් හා භක්තිවන්ත හේවායෙක් යොප්පාවට පිටත්කර හරින ලදි. (ක‍්‍රියා 10:7-8)

යොප්පාවේ සිටි පේතෘස් යාච්ඤා කරමින් සිටියදී ඔහුද දර්ශනයක් දුටුවේය. (ක‍්‍රියා 10:9-12)

සියලු ආකාර සතුන්ගෙන් පිරුණු භාජනයක් අහසින් බැස එනවා ඔහු දුටීය. පේතෘස් නැඟිට මරා කාපන්යැයි හඬක් ඇසුණි. (ක‍්‍රියා 10:13)

එහෙත් පේතෘස් එයට නොකැමැතිව පැවසුවේ. අකැපවූ, අපවිත‍්‍රවූ කිසිවක් ඔහු මෙතෙක් නොකෑ බවය. තුන් වරක් එම හඬ පැමිණ පසුව භාජනය අහසට ඔසවා ගන්නා ලදි. (ක‍්‍රියා 10:14-16)

මේ අවස්ථාවේදී කොර්නේලියස් එව් පණිවිඩකරුවන් ඒ ගෙයි දොරකඩට පැමිණ පේතෘස් ගැන විචාරමින් සිටියහ. (ක‍්‍රියා 10:17-18)

පේතෘස් තමා දුටු දර්ශනයත්, ඔහුව සොයන මනුෂ්‍යයනුත් අතර ඇති සම්බන්ධතාවය නොදැන සිටින ලදි.

සමහරවිට දෙවියන්වහන්සේ ඔබටත් සිහිනයකින්, දර්ශනයකින් හෝ එවැනි දෙයකින් යමක් සිහිගන්වන්නට පුළුවන. ඔබ එය නොදැන සිටියත් යාච්ඤා කරන කළ දෙවියන්වහන්සේ එහි එළිදරව්ව ඔබට දෙනු ඇත. එය යම් කෙනෙකුට පැවසිය යුතු සුභාරංචි පණිවිඩයක් විය හැකිය.

කොර්නේලියස් වෙතින් ආ පණිවිඩකරුවන් පේතෘස්ට කොර්නේලියස් ගැන සාක්ෂි දැරීය.

ක‍්‍රියා 10:22
ඔව්හු කථාකොට: ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්වූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙක්වූ, යුදෙව්වරුන්ගේ මුළු ජාතිය විසින් යහපතැයි ප්‍රකාශකරනලද්දාවූ, සියයකට මුලාදෑනියෙක්වූ කොර්නේලියස් තමාගේ ගෙදරට නුඹ කැඳවා, නුඹෙන් වචන අසන පිණිස දෙවියන්වහන්සේ විසින් ශුද්ධවූ දේවදූතයෙකු ලවා අණදෙනු ලැබුවේයයි කීවෝය.

කොර්නේලියස්ගේ ජීවිතයේ සාක්ෂිය ඔහුගේ නිවැසියන් දුටුවා.

ඔහු ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් බවත් දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙකු බවත් යුදෙව්වරුන්ගේ මුළු ජාතිය විසින් යහපතැයි ප්‍රකාශකරනලද්දාවු අයෙක් බවත් ඔවුන් දුටුවා

ඔබගේ නිවැසියන්, ඔබ වටා සිටින්නන් ඔබගේ සාක්ෂිය දකින්නෙහිද?

ඔබ සාක්ෂිකාරයෙක් ලෙස ප‍්‍රේමයෙන් ජීවත්වන්නේද? එය ඉකා වැදගත්ය.


Watch the Sermon Video

Read 72 times