+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

උසස්වීම සහ සඵලත්වය සඳහා ඔබගේ ගැලවීම සලකා බලන්න - මනූ මැතානි
March 17, 2024 Sunday Sermon Notes


ගැළවීම ලැබුවාට පසු අප ඉදිරියට යා යුත්තේ අපගේ ජීවිත ගොඩ නඟාගෙනය.

බොහෝ කිතුනු ජීවිතවල අද කිසිම අත්තිවාරමක් නොමැත.

කුණාටු ආ සැනෙකින් ඔවුන් වැටී, විනාශවී දෙවියන්වහන්සේ අත්හැර යයි. එයට හේතුව ඔවුන් අත්තිවාරමක අවශ්‍යතාවය නොසිතීමය.

දෙවියන්වහන්සේව හඳුනාගත් පසු අප කුඩා බිළින්ඳන් මෙන් නව උපත ලබා අමිශ‍්‍රවූ වචනයෙන් වර්ධනයවීමට ආශා විය යුතුය. (1පේත‍්‍රැස් 2:3)

නැතහොත් මනුෂ්‍යයන්ගේ ප‍්‍රකාශ වලට අසුවී, උඩඟු වීමෙන් වැටී යන්නේය.

වචනය ඉගෙන ගන්නා යටත්වෙනවා මිස උඩඟුවන්නේ නැත.

කිසිවක් නොදන්නාවූ කෙනා උඩඟුකමෙන් සිටියි.

පළමු ස්ථානය දෙවියන්වහන්සේගේ වචනයට දෙන්න.

අපි ස්වාමීන්වහන්සේගේ බැටළුවන් ලෙස වෘකයන්ට අසුවී මුළාවේ නොයා, උන්වහන්සේගේ වචනය තුළ රැළෙහි සිටිමින් ඉගෙන ගනිමු.

අනාගතවාක්‍යයක් ඇසූ පමණින් උඩඟු නොවන්න.

‭‭1 තිමෝති 6:3-5‬‬
[3] යමෙක් සාරවූ වචනවලට, එනම් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලටත් භක්තිවන්තකමේ හැටියටවූ ධර්මයටත් එකඟ නොවී, වෙනස් ධර්මයක් උගන්වන්නේ නම්, [4] ඔහු කිසිවක් නොදැන, වචන ගැන ප්‍රශ්නකිරීමෙන්ද වාදකිරීමෙන්ද උමතුව අහංකාරව සිටියි; එයින් ඊර්ෂ්‍යාවද විවාදයද අපහාසයද නපුරුයයි සිතීම්ද දූෂ්‍යවුණ සිත් ඇත්තාවූ, [5] සැබෑවෙන් වෙන්ව සිටින්නාවූ භක්තිවන්තකම ලාභයට මාර්ගයකැයි සිතන්නාවූ මනුෂ්‍යයන්ගේ නිරන්තර තරඟද උපදින්නේය.

සැබෑවෙන් වෙන්ව සිටින්නාවූ කෙනා සත්‍යයෙන් ගිලිහී ගියාවූ කෙනෙකු හා සමානය.

ශුද්ධාත්මයාණන්වහන්සේ දිනපතා අපව ඔසවමින්, ධෛර්යමත් කරමින්, වර්ධනනය කරමින් ගෙන යන ගමන තුළ අප ගමන් කරමු.

උන්වහන්සේගේ දේ වඩ වඩා තේරුම් ගෙන, ජීවත්වීමට උන්වහන්සේ අපට උපකාරකරනු ඇත.

දිනපතා උන්වහන්සේගේ වචනය මෙනෙහි කරමින්, වචනය විශ්වාස කරමින් ඔබ ජීවත්වන පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ ස්ථීරව සිටිනු ඇත.

ආත්මික වර්ධනය අවශ්‍ය දෙයකි. තමා සියල්ල දනී යයි සිතන්නා කිසිවක් නොදනී.

ඔවුන් දකින්නේ භක්තිවන්තකම ලාභය පමණක් කියාය.

සැබෑ භක්තිවන්තකමක් තුළ ඔබගේ ආත්මික ජීවිතයේ වර්ධනයක් තිබෙන්නේය. ඔබ තුළින් පේ‍්‍රමය ගලා යයි.
ඔබ, ඔබ ගැනම සිතනවාට වඩා තව කෙනෙකුට ආශීර්වාදයක් වන්නේය.

ඔබගේ ජීවිතයේ තිබෙන ඵල වලින් ඔබව හඳුනා ගන්නට පුළුවන්වේ.

යේසුස්වහන්සේ එය පැහැදිලිව පවසන ලදි.

‭‭මතෙව් 12:33
ගහත් ඒකේ ඵලත් යහපත්යයි පිළිගන්න; නොහොත් ගහත් ඒකේ ඵලත් නරකයයි පිළිගන්න. මක්නිසාද ගහ ඒකේ ඵලවලින් ඇඳිනගනු ලැබේ.

ගහේ නියම තත්ත්වය දැනගන්නට පුළුවන් වන්නේ කාලයක් ගියාට පසු එහි ඵල දැකීමෙනි.

කෙනෙකු සමඟ කාලයක් සිටීමෙන් හා සමීපව ඇසුරු කිරීමෙන් එම තැනැත්තාගේ ඵල අපට දැන ගත හැකිය.

අත්තික්කා ගසට ළංවීමෙන් එහි ඵල නොමැති බව යේසසුවහන්සේ දැන ගත්සේක. (මාර්ක් 11:13; මතෙව් 21:19)

පුද්ගලයෙකු හඳුනා ගැනීමට හැකිවන්නේ ඔහුගේ ඵල වලිනි.

උඩඟුකමේ ඵල තිබෙන කෙනාගෙන් ඔබ අයින් වෙන්න.

අපි උසස්වීමෙන් ලබන සඵලත්වය යහපත්.

හොඳ චරිතයක් තිබෙන කෙනා ඔහුගේ අතට යම් මුදලක් ලැබු කල, එය හොඳින් පරිහරනය කිරීමට දනී.

කුමන හේතුවක් මතවත් මනුෂ්‍යයෙකුට ඇප වන්නෙක් නොවන්න.

‭‭හිතෝපදේශ 22:26-27
[26] නුඹ අත්ගසන්නෙක්වත් ණය ගැන ඇපවෙන කෙනෙක්වත් නොවන්න. [27] ගෙවන්ට නුඹට කිසිවක් නැතුව, ඔහු කුමක් නිසා නුඹ නිදාඉන්න ඇඳ ගෙනයන්නේද?

ඔබ කෙනෙකුගේ ඇපකාරයෙක් වූවොත්, එම කෙනා පැහැර හරින වගකීම ඔබ මත පැටවෙයි. එමගින් පවුල් ප්‍රශ්න ඇති වීමටද පුළුවන.

දියුණු වී සිටින මනෂ්‍යයන්ට ඇපවීම නිසා ඔහු තමා සතු සියල්ල නැති කළ අවස්ථාවන් ඇත.

1)
ඔබගේ ගැළවීම ඉතා වැදගත්

ඔබගේ ජීවිතයට ලැබුණු විශාලම සඵලත්වය ගැළවීමයි.

පාපයට කමාව ලැබ ඔබ නව මනුෂ්‍යයෙක් වූයේ ගැළවීම නිසාය. ඔබ තුළ ක‍්‍රියාත්මක වූයේ සඵලත්වයේ ක‍්‍රියාවකි.

ගැළවීම ලබා දී දෙවියන්වහන්සේ අපව උන්වහන්සේගේ දරුවෙකු ලෙස පිළිගෙන ඇත. ඔබගේ ගැළවීම නොසලකා නොහරින්න.

ගැළවීම තුළින් අපගේ පරණ මනුෂ්‍යයා පහව ගොස් නව මනුෂ්‍යයෙකු උත්පාදනයවී අප තුළ තිබූ ආත්මික දිළිඳුබව නැතිවී යන ලදි.

අපි ආත්මිකව දිළින්ඳන් මෙන් ජීවත් වූවා. දෙවියන්වහන්සේ අපට නව ජීවනයක් ලබා දුන්නා. දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ අභ්‍යන්තරයේ ගැළවීම ලබා දුන්නා.

මනුෂ්‍යයා බලන්නේ පිටස්තර පෙනුම, වත්කම්, හැඩරුව යනාදි දේ නමුත් දෙවියන්වන්සේ බලන්නේ ඔබගේ හදවතයි.

ඔබට දෙවියන්වහන්සේ දී තිබෙන ගැළවීම උසස්තම කාරණාවයි.

සමහර මනුෂ්‍යයන් ගැළවීම සුළුකර මුදලට ප‍්‍රේම කරයි.

මුදලට ප‍්‍රේමකරන්නා සොයා ගන්නේ විනාශයේ මාර්ගයන්ය.

‭‭1 තිමෝති 6:9-10
[9] නුමුත් ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය. [10] මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.

වස්තු තෘෂ්ණාව ඔබව ඇදහිල්ලෙන් අහකට ගෙන යනවානම් එයින් ඔබගේ ජීවිතයට කිසි ප‍්‍රයෝජනයක් නැත. එය ඔබගේ ජීවිතයට විනාශය ගෙන දෙයි.

අපි ස්වාමීන්වහන්සේට පළමුකොට ප්‍රේම කරමින් අපගේ ජීවිතයේ මුල් තැන ස්වාමීන්වහන්සේගේ රාජ්‍යයේ කටයුතු වලට දෙමින් සතුටු සිතින් උන්වහන්සේ වෙතට අපි දීමනා ගෙන එමු.

සතුටු සිතින් නොදී තෘෂ්ණාවෙන් දෙන කල එයින් දියුණුවක් ඇති නොවේ.

ණයට ගෙන කිසිවක් නොදෙන්න. මන්ද බීජ දෙන්නේ දෙවියන්වහන්සේය.

‭‭යෙසායා 55:10
[10] එලෙස වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා සශ්‍රීකකර, ඵල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක්මෙන්, …..

කන්නාට කෑමද, වපුරන්නාට බීජද දෙන්නේ දෙවියන්වහන්සේය.

දෙවියන්වහන්සේ ඔබට දෙන්නාවු බීජ වපුරන්න.

ඔබගේ ප‍්‍රථම ඵලය දසයෙන් කොටස දෙවියන්වහන්සේ වෙතට සතුටු සිතින් ගෙන එන්න.

ඔබ කිසිවෙකුට බරක් නොවී යම් වැඩක නිරත වන්න. දෙවියන්වහන්සේ ඔබ අත තබන දෙයට ආශීර්වාද කරනු ඇත.

රැකියාවක නිරතවීම යහපත්, නමුත් ඔබ රැකියාවෙන් උපයන්නාවු දෙයට වැඩියෙන් දෙවියන්වහන්සේ ඔබට විපාක මගින් ලබා දෙනු ඇත.

‭‭2 තෙසලෝනික 3:9
[9] එසේ කළේ බරක් වෙන්ට අපට අයිතිවාසිකම නැති නිසා නොව, අපම නුඹලාට ආදර්ශයක් වන පිණිසත් නුඹලා අප අනුවයන්නන් වන පිණිසත්ය.

පාවුල්තුමා පවා වැඩක නිරත වෙමින් ආදර්ශයක් වූවා.

‭‭2 තෙසලෝනික 3:10-11
[10] මක්නිසාද යමෙක් වැඩකරන්ට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා කියා අපි නුඹලා සමඟ සිටිද්දීම පවා නුඹලාට අණකෙළෙමුව.
[11] නුඹලා අතරෙන් සමහරු කිසි වැඩක් නොකර, අනුන්ගේ කාරණාවලට මැදිවෙමින්, අනියම්ලෙස හැසිරෙන බව අපි ඇසීමුව.

දෙවියන්වහන්සේ කම්මැලිකමට ආශීර්වාද කරන්නේ නැත.

අනුන්ගේ කාරණා සොයමින් ඇවිදින්නාද කිසි අන්දමකින් දියුණු වන්නේ නැත.

අපි වැඩක නිරත වන විට දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ලබන්නෙමු.

‭‭1 තෙසලෝනික 4:10-12
[10] සැබවින් නුඹලා මකිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ ප්‍රේමකරන්නහුය. එහෙත්, සහෝදරයෙනි, වඩ වඩා එසේ කරන මෙන්ද, [11] පිටත සිටින්නන් ගැන ඔබිනලෙස හැසිරෙන පිණිසත් කිසි හිඟයක් නැතුව සිටින පිණිසත්, [12] අප නුඹලාට අණකළ ලෙස නිශ්චලව සිටින්ට උත්සාහකරන මෙන්ද, නුඹලාගේම කාරණා බලාගන්න මෙන්ද, නුඹලාගේ අත්වලින් වැඩකරන මෙන්ද, අපි නුඹලාට අවවාදකරමුව.

ලෝකයා ඉදිරියේ අපි අවංකව අත් වලින් වැඩ කරමින් ජීවත් වෙමු.
එවිට දෙවියන්වහන්සේ ඉදිරියේ අපට කිසි හිඟයක් ඇති නොවේ.

කම්මැලි මනුෂ්‍යයා නාස්තිකාරයෙක් හා සමාන වන්නේය.

‭‭හිතෝපදේශ 18:9
[9] තවද තමාගේ වැඩට අලසව සිටින්නා නාස්තිකාරයාගේ සහෝදරයාය.

අලසයා හා නාස්තිකාරයා දෙගොල්ලන්ම දෙවියන්වහන්සේ දකින්නේ එක හා සමාන ලෙසය.

අලස මනුෂ්‍යයන් හා ඇසුරු කරන කල, ඔබත් ඒ තත්වයටම වැටේ. අලස මනුෂ්‍යයාට කිසි ඇදහිල්ලක් නැත.

‭‭හිතෝපදේශ 26:13-15
[13] අලසයා කථාකොට: සිංහයෙක් මාර්ගයේ සිටියි; වීථිවල සිංහයෙක් ඇතැයි කියන්නේය. [14] දොර ඒකේ අසව්ව පිට කරකැවෙන්නාක්මෙන් අලසයා තමාගේ ඇඳ පිට පෙරළෙන්නේය. [15] අලසයා තමාගේ අත තලියේ තබන නුමුත් නැවත එය තමාගේ කටට ගැනීම ඔහුට වෙහෙසක්ය.

අලස මනුෂ්‍යයාගේ ජීවිතයට දෙවියන්වහන්සේ ආශීර්වාද කරන්නේ නැත.

දෙවියන්වහන්සේ කැමති වන්නේ අපි කඩිසරව සිටිනවාටය.

‭‭හිතෝපදේශ 21:5
[5] කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.

කඩිසර මනුෂ්‍යයා තමා ආයෝජනය කරන දේ තුළ අවංක ලෙස ලාභ උපයා ගැනීම ගැන නිතර සිතයි. දෙවියන්වහන්සේ එවැනි අයට ආශීර්වාද කරයි.

‭‭හිතෝපදේශ 24:30-34
[30] අලසයාගේ කෙත ළඟින්ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියෙමි; [31] එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය. [32] එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි; මම ඒ දැක ගුරුකම් ලැබීමි. [33] තව ටිකක් නිදාගැනීමක්ය. ටිකක් සැතපීමක්ය; නින්දට ස්වල්ප අත්පොරවාගැන්මක්යයි [34] කියන නුඹට දිළිඳුකම සොරෙකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.

අලසයාගේ ජීවිතවල හිඟකමේ ආත්ම දිළිඳුකමේ ආත්ම ක‍්‍රියා කරයි.

මනුෂ්‍යයාගේ පොරොන්දු කෙරෙහි බලා නොසිට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න.

ස්වාමීන්වහන්සේ අපගේ එඬේරාණෝය අපට කිසි හිඟයක් ඇති නොවේ. (ගීතාවලිය 23:1)

මනුෂ්‍යයෙක් කෙරෙහි විශ්වාසය තැබීම ශාපයකි.

‭‭යෙරෙමියා 17:5
[5] ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට කරගන්න.

එය ඔබගේ ආශීර්වාද ලැබීමේ අත්තිවාරමයි.

ගැළවීම තුළ ජීවනයේ ගමන් කිරීම ඉතා වැදගත්ය, උතුම්ය.

අකීකරු පුත්‍රයා තමාගේ උපත සුළු කළා. ඔහු වස්තුව රැගෙන දුර තැනකට යන ලදි. (ලූක් 15:13)

ගැළවීම තුළ තිබෙන ආශීර්වාද නොසලකා නොහරින්න.

‭‭හෙබ්‍රෙව් 2:3
[3] පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?

මුදල් මුල් කර නොගන්න.

සමහර අයට සහෝදරයන්ව ධෛර්යයමත් කරන්නට වෙලාවක්ද නැත.

සහෝදර සහෝදරියන් ධෛර්යමත් කිරීම අපගේ වගකීමකි.

‭‭හෙබ්‍රෙව් 3:12-13
[12] සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න. [13] නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.

ඔබගේ ගැළවීම තුළින් අන් අයට උපකාර කරන පිණිස ඔබ ජීවත් වෙන්න.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වටිනාම වස්තුව වූ ශුද්ධාත්මයාණන් වහන්සේව මැටි භාජනයක්වන අප තුළ තබා ඇත.

‭‭2 කොරින්ති 4:7
[7] නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව.

මේ මැටි භාජනය දෙවියන්වහන්සේගේ මාළිගාවයි. ඔබ ගමන් කරන්නේ ජීවමාන දෙවියන්වහන්සේ සමඟයි. ඔබ යන සෑම තැනම දෙවියන්වහන්සේගේ ආශීර්වාදය තිබේ. අන් අය සමඟ එය බෙදාගන්න.

ඔබගේ ගැළවීම කවදාවත් සුළු නොකරන්න. එය ඉතා වටිනා දෙයකි.

‭‭යෙරෙමියා 7:3-5
[3] ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සහ ක්‍රියාවන් හරිගස්සා ගන්න, එවිට මම මේ ස්ථානයෙහි නුඹලා වාසයකරවන්නෙමි. [4] මේක ස්වාමීන්වහන්සේගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේගේ මාළිගාව යයි කියන බොරු වචන විශ්වාස නොකරන්න. [5] නුමුත් නුඹලාගේ මාර්ගද ක්‍රියාද සැබවින් හරිගස්සාගන, එකිනෙකා අතරේ ඇත්තටම යුක්තිය කොට,

මනුෂ්‍යයන් කියන්නාවු බොරු විශ්වාස නොකරන්න. ඔබ දෙවියන්වහන්සේගේ මාළිඟාවයි.

ඔබගේ ශරීරයයි දෙවියන්වහන්සේගේ මාළිඟාවයි. උන්වහන්සේ ඔබගේ ශරීරය මිලදී ගෙන ඇත.

‭‭1 කොරින්ති 6:19-20
[19] නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? [20] නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

මේ මැටි භාජනය වන අපගේ ශරීරය තුළ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධ බලය ඇතුළත් කර ඇත.


Watch the Sermon Video

Read 21 times