+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ පිටුපස තිබෙන සිත් රිදීම් සහ පසුතැවීම් අමතක කර ඉදිරියට යන්න - මනූ මැතානි
March 24, 2024 Sunday Sermon Notes

 

ශුද්ධාත්මයාණන්වහන්සේ අපට බොහෝ දේ උගන්වයි. එය අපට අපතේ යාමක් සිදුවන්නේ නැත. එයින් අපට බොහෝ දේවල් වලින් නිදහස් වීමටත්, ජීවිතේ ආරක්ෂා කර ගැනීමටත් පුළුවන.

ගීතාවලිය 40:3-4
[3] උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන්වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබූසේක. බොහෝදෙනෙක් ඒ දැක, භයව, [4] ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නෝය. ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නාවූ, උඩඟුකාරයන්වත් බොරුවලට හැරෙන්නන්වත් නොසලකන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දෙක්ය.

ඔබ මුඛයෙන් නව ගීයක් ගායනා කරමින් දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරන කල බොහෝ දෙනෙක් ඔබගේ ගීතිකාව අසමින් ඔබගේ ප‍්‍රශංසාව දැක, ජීවාමාන දෙවියන්වහන්සේට ගෞරව කිරීමට පටන් ගනී.

ඉන්පසු ඒ අය දෙවියන්වහන්සේව විශ්වාස කිරීමටත් පටන් ගනී.

දෙවියන්වහන්සේ ක‍්‍රියා කරනුයේ ප‍්‍රශංසාව මධ්‍යයේය.

ඇඹුල් මුහුණක් දමා සිටීමෙන් දෙවියන්වහන්සේට ඒ මධ්‍යයේ ක‍්‍රියා කළ නොහැකියි. නිතරම නව ගීයක් ගයමින් ප‍්‍රශංසාවෙන් යුක්තව සිටින්න.

ඔබගේ නව ගීය, ප‍්‍රශංසාව තුළින් උඩඟු අයට, ජනප‍්‍රිය අයට ගරුකරමින් සිටින අයට, ඔබ සර්වබලධාරි දෙවියන්වහන්සේ බලවන්ත බව ප‍්‍රකාශ කරනු ඇත. උන්වහන්සේට ගෞරවය, මහිමය දීමට යොමුවෙනු ඇත.

දෙවියන්වහන්සේ ප‍්‍රශංසා මධ්‍යයේ වැඩවාසය කරන සේක. එයට හේතුව ඔබගේ මුඛයෙන් කරන්නාවු ප‍්‍රශංසාවට උන්වහන්සේ කැමතිය.

‭‭ගීතාවලිය 22:3
නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක.

ඔබගේ ප‍්‍රශංසාව තුළින් ඔබට මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ වෙතට දිනාගත හැක. ප‍්‍රශංසාව සභාවට පමණක් සීමා නොකරන්න. ඔබගේ තොල් වලින් නිතරම දෙවියන්වහන්සෙට ස්තූති ප‍්‍රශංසා පුදන්න. එය අපගේ පූජාවයි.

‭‭හෙබ්‍රෙව් 13:15
එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.

අන් අයගේ ජීවිත වලට විසඳුමක් වන්න. අපගේ ජීවිත අන් අයගේ ජීවත වලට වඩා වෙනස්ය. අන් අය ඉදිරියේ ඔබ පුදුම කෙනෙකි.

දෙවියන්වහන්සේ ඔබව විශ්මපත් ආලෝකයකට ගෙනැවිත් ඇත.

‭‭1 පේතෘස් 2:9
නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.

ඔබ ස්වර්ගීය තානාපතියෙක්, ශුද්ධ ජාතියක්, දෙවියන්වහන්සේට ප‍්‍රශංසාවක්.

සෑම දේකටම දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරමු.

අපි මාරයාගේ වැඩ ගැන කථා නොකර, අපගේ තොල් වලින් “මාරවැඩක්“ යන වචනය ඉවත් කරමු. අපගේ වචන වලින් මාරයාට ගෞරවය නොදී සිටිමු.

එය “මාරයාගේ ආලේපය” නොව, “දෙවියන්වහන්සේගේ ආලේපයයි.” අපගේ තොල් වලින්ද, කරන හැම දෙයක් තුළින්ද දෙවියන්වහන්සේට ගෞරවය ගෙන එමින් නිතරම ස්තූති කරමු.

‭‭එපීස 5:20
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න.

දෙවියන්වහන්සේ ඔබව කැඳවා ඇත්තේ ආශීර්වාදයක් උරුමකරන්නටයි. ආශීර්වාදය පමණක් කතා කරන්න.

‭‭1 පේතෘස් 3:9
නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.

දැනෙන, හැඟෙන්න, පෙනෙන දේ මත විශ්වාසය නොතබා ඊට හාත් පසින් වෙනස් ද, එනම්, වේදනාවට විරුද්ධව සුවයත්, හිඟකමට විරුද්ධව ස්වාමීන්වහන්සේගේ සැපයීමත්, යක්ෂයාගේ ඉල්ලුමට වඩා ඔබගේ සැපයීමත් ගැන නිතරම කරන්න.

ඔබගේ ප‍්‍රකාශනය වෙනස්විය යුතුය. ඔබගේ ප‍්‍රකාශනය වෙනස්වීමෙන් දෙවියන්වහන්සේගේ දේවල් උරුමකර ගැනීමට ඔබට පුළුවන්කම ලැබෙයි.

දෙවියන්වහන්සේ ඔබව කැඳවා තිබෙන්නේ ආශීර්වාද උරුමකර ගැනීමටය. ගැළවීම ලබා නව මැවිල්ලක් වූ පසු ඔබ යේසුස්වහන්සේ තුළ උරුමක්කාරයෙකුය.

‭‭ගලාති 4:6
තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින්: අබ්බා, පියාණෙනී, කියා හඬගසන්නාවූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන්වහන්සේ අපේ සිත්වලට එවූසේක.

යේසුස්වහන්සේ මෙන් අපටත් “අබ්බා පියාණනි” කියා යාච්ඤා කළ හැක.

යේසුස්වහන්සේ පන්දාහකට කන්ට දීමේදී රොටී පහත් මසුන් ස්වල්පයත් රැගෙන පැවසුවේ, “ස්තූතියි පියාණනි,” කියාය. උන්වහන්සේ ඒ තුළින් විශාල ආශීර්වාදයක් ලබා ගන්නා ලදි. (යොහන් 6:11)

අපටද ස්තූති කිරීමෙන් බොහෝ දේ ලබා ගත හැකිය.

ඔබ පුත‍්‍රයෙක් නිසා යේසුස්වහන්සේ කළාවු දේ ඔබත් කරන්න.

යේසුස්වහන්සේව පිළිගත් අයට, උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහගත් අයට පුත‍්‍රයන් වෙන්ට බලය දුන්නේය.

‭‭යොහන් 1:12
[12] නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.

“දෙන්න, මට දෙන්න” යැයි කියමින් දෙවියන්වහන්සේගෙන් සිඟමන් ඉල්ලන්නාට, තමා පුත‍්‍රයෙක් යන්නෙන් එළිදරව්වක් නොමැත.

ඔහු කෙරෙහි ඇදහිල්ලක් නොමැති බැවින් ඔවුන් දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කරන්නේ නැත. (හෙබ්‍රෙව් 11:6)

ඔබගේ අවශ්‍යතාවය එකනෙකා සමඟ නොපවසමින් සියල්ල ලැබුණේය යැයි අදහා නිතරම ඒ ගැන දෙවියන්වහන්සේට ස්තූති කරන්න.

දෙදෙනෙකු හෝ තිදෙනෙකුගේ මුඛයෙන් පිටවන වචනයෙන් ඒ දේ ස්ථිරවෙයි.

‭‭2 කොරින්ති 13:1
මේක මා නුඹලා ළඟට එන තුන්වෙනි වතාවය. සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේවත් තුන්දෙනෙකුගේවත් මුඛයෙන් සියලු වචන ස්ථිරකරනු ලැබේ.

ඔබගේ ප‍්‍රශ්නය එකිනෙකා හා පැවසීමෙන් එය ප‍්‍රශ්නයක්, රෝගයක්, අවශ්‍යතාවයක් බවටම ස්ථිරවේ.

නොඇදහිලිකාරකම් මුල් වලින්ම උදුරා දමමින් ඇදහිල්ලේ වචනය හදවතට ඇතල් කර ගන්න.

දෙවියන්වන්සේ පිළිතුරු දෙන්නේ සියදෙනෙකුගේ යාච්ඤාවට නොව, ඇදහිල්ලේ වචනය අනුව කරන යාච්ඤාවටයි.

යේසුස්වහන්සේ පැවසූ පරිදි යාච්ඤාවකට දෙදෙනෙකු හෝ තිදෙනෙකුගේ එක්සත්වීම ප‍්‍රමාණවත්ය.

සමහරු අන් අය උදෙසා යාච්ඤා කර, එයින් පිළිතුර නොලැබුණු නිසා තමාටම දෝෂාරෝපණයක් පටවා ගනී. ඔබ එලෙස දෝෂාරෝපණයෙන් ජීවත් නොවන්න.

කෙනෙකු සුව වූවත් යම් දිනෙක ඔහු මියයයි. මළවුන්ගෙන් නැඟිටියත් ලාසරුස් පවා යම් කලෙකදී නැවත මැරුණේය.

කෙනෙකු මරණයට පත් වූ නිසා, අපගේ ගමනට එය බාධාවක් වීමට ඉඩ නොදී, අපගේ ගමන අපි යමු.

පොළොවේ දෙදෙනෙකු කරන්නාවු යාච්ඤාවකට පිළිතුරු දෙන්නේ ස්වර්ගයේ පියාණන්වහන්සේය. ඔබ එකඟව යාච්ඤා කර පිළිතුරු ලැබුණු බවට විශ්වාස කරන්න.

‭‭මතෙව් 18:19
නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය.

ඔබ අතින් වරදක් වී ඇත්නම් එයට දෙවියන්වහන්සේට කියාදී සමාව ඉල්ලා, සමාව ලැබුණු බවට විශ්වාස කරන්න.

‭‭1 යොහන් 1:9
අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,

අප කළාවු සියල්ලට සමාව දීමට දෙවියන්වහන්සේ විශ්වාසවන්තව, ධර්මිෂ්ඨව සිටිනසේක.

පසුගිය දේවල් සිහි කරමින් ඔබගේ මනසින් ඒ ගැන තැවෙමින් ජීවත් නොවන්න. ඒ සියල්ල අමතක කර ඔබගේ ඉදිරි ගමන යන්න.

‭‭පිලිප්පි 3:13-14
[13] සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙන දේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්, [14] ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.

පාවුල්තුමා බොහෝ පව් කළාවූ කෙනෙකි. ඔහුගේ හැරීමට පෙර, ඔහු කිතුනුවන්ට මහත් ලෙස පීඩා කරන ලදි. (ක‍්‍රියා 8:1, 9:1-2, 22:4)

ඔහු පවසන්නේ, ඔහු ප‍්‍රධාන පවිකාරයා කියාය. එහෙත් ඔහු හැරුනාට පසු පරණ සියල්ල අමතක කර, ඔහුගේ ඉදිරි ගමන යන ලදි.

බයිබලයේ නව ගිවිසුමේ පොත් වලින් තුනෙන් දෙකක්ම ඔහු විසින් ලියන ලද්දේ මෙම ප‍්‍රධාන පවිකාරයාව සිටි පාවුල්තුමාය.

විශේෂයෙන්ම අලුත් ගිවිසුමේ අපට එළිදරව්වේ වාක්‍යය ගෙනැවිත් තිබෙන්නේ පාවල්තුමාය. පාවුල්තුමා තුළින් ශුද්ධාත්මයාණන්වහන්සේ අපට එම දේවල් ගෙනහැර දක්වා ඇත.

1 තිමෝති 1:16
එසේවී නුමුත් මට කරුණාව ලැබුණේ මේ නිසාය. එනම්, සදාකාල ජීවනය ලැබීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහන්ට සිටින අයට ආදර්ශයක් කොට උන්වහන්සේ විසින් ප්‍රධාන පව්කාරයාවූ මා කෙරෙහි තමන්වහන්සේගේ මුළු ඉවසිලිවන්තකම දැක්වීම පිණිසය.

පරණ දේ කල්පනා කරමින්, සිහිකරමින් සහ කීමෙන් එය කිසිදා “භක්තිවන්ත කීමක්” නොවන්නේය.

භක්තිවන්ත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් දෙවියන්වහන්සේගෙන් අලුත් දෙයක් සිදුවීමට වුවමනා නම් පරණ දේ ගැන දුකින්, තැවෙමින් නොසිට, පරණ දේ අමතක කර, අලුත් දෙයක් දකින්න.

‭‭යෙසායා 43:18
පළමු කාරණා සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න.

භක්තිවන්ත නොවන්නේ නම්, වටිනාකමක්, සාක්ෂියක් හෝ අලංකාරයක් නොමැතිනම්, දෙවියන්වහන්සේට ගෞරවයක් ගෙනදෙන දෙයක් නොවේ නම් ඒවා අමකත කර දමන්න.

සිතිය යුතු කාරණා ගැන පාවල්තුමා පිලිප්පි 4:4-9 දක්වා සඳහන් කර ඇත.

දුක් සහිතව, කනගාටුවෙන්, ශෝකයෙන් තැවෙමින් ජීවත්වීම පාපයකි. එය ලෞකික ශෝකයයි. එය මරණය උපදවයි.

‭‭2 කොරින්ති 7:10
මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.

මළාවු අයට ඔබ අතින් වූ අතපසුවීම් ගැන තැවෙමින් දුක්වෙමින් නොසිටින්න. එසේ සිටීමෙන් එම අයගේ නමින්, ඒ අය විලසින් ‘හුරුපුරුදු ආත්ම’ ඔබට කතා කළ හැක. මෙවැනි යක්ෂ ආත්ම ඔබගේ කිතුනු ගමනට බාධා ඇති කරයි.

මියගිය අය සමඟ අපට කතා කිරීම දේව වචනයට අනුව පටහැනිය. මිය ගිය අය සමඟ අපට කිසි සම්බන්ධකමක් නොමැත.

ඔබගේ මනසට කතා කරන්නාවු එවැනි යක්ෂ ආත්ම ඇත්නම්, යේසුස්වහන්සේගේ නාමයෙන් ඒවාට දුරුවී යාමට අණ කරන්න.

සාවුල් ආත්ම බන්ධනකාරී ස්ත‍්‍රියක් වෙතට ගොස් ඔහුට මිය ගිය සාමුවෙල් හා කතාකිරීමට අවශ්‍ය බව පැවසුවේය. එහිදී සාමුවෙල් හා සමානවම “හුරුපුරුදු ආත්මයක්” සාවුල් සමඟ කතා කළේය. 1 සාමුවෙල් 28:13-25

එය දෙවියන්වහන්සේ ප‍්‍රතික්ෂේප කළ ක‍්‍රියාවකි.

පොළොවෙන් ඉවත්වූ කෙනෙකු සමඟ සම්බන්ධවීම දෙවියන්වහන්සේ කවදාවත් අනුමත කරන්නේ නැත.

ඔබ අහුම්කන් දිය යුත්තේ ශුද්ධාත්මයාණන්ට පමණි.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ ආලේපය තුළින් කතා කරන්නාවු කෙනෙකුගේ දෙයක් වටහා ගැනීමට ඔබ තුළ ආලේපයක් ඇත.

මෙය දෙවියන්වහන්සේගේ කාරණාවක්ද, යක්ෂයාගේ හඬක්ද මනුෂ්‍යයාගේ කථාවක්ද කියා වටහා ගැනීමට ඔබට ආලේපයක් ඇත.

1 යොහන් 2:20
නුඹලා ශුද්ධ තැනන්වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දනිහුය.

ඔබට සමාදානයක් නොමැති ඉගැන්වීම් ප‍්‍රතික්ෂේප කරන්න.

කලක් දෙවියන්වහන්සේගේ සේවය තුළ සිට පසුව වෙනත් දේ පසුපස යන්නේ නම් එවැනි අය තුළින් වෙනත් ආත්ම ක‍්‍රියා කරයි. ඔවුන් උඩඟුය, එමෙන්ම ඔවුන් ප‍්‍රසිද්ධත්වයට කැමතිය. ඔවුන් ගෞරවය තමා වෙතටම ලබා ගනී.

එවැනි අය සමඟ ඔබ ළං නොවී ඔවුන්ගෙන් දුරස්වන්න.

ඔවුන්ගේ ඉගැන්වීම් “දෙවියන්වහන්සේගෙන් විමසා බලන්නැ” යි ඔවුන් කිසිදා නොපවසයි. “දේව දාසයන්ට විරුද්ධ දේ කතා නොකරන්න, අනාගතවක්තෘන්ට, ආලේපලත් අයට කිසිදා අත නොගසන්නැ” යි කියමින් ඔවුන් මනුෂ්‍යයන්ව භය කරයි.

යක්ෂ ආත්ම කතාකරන කල, එය වටහා ගැනීමට දෙවියන්වහන්සේ අපට දැනගැන්මේ ආත්මයක් දී ඇත.

ඔබට උපදෙස් දීමට දෙවියන්වහන්සේ කවදාවත් මිය ගිය කෙනෙක් පාවිච්චි කරන්නේ නැත.

ඔබ ශුද්ධාත්මයාණන්වහන්සේගේ හඬට පමණක් ඇහුම්කන් දෙන්න.

යෙසායා 43:18-19
[18] පළමු කාරණා සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න. [19] බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.

අමුතු දෙයක්, අලුත් දෙයක් ඔබට සිතාගත නොහැකි දෙයක් දෙවියන්වහන්සේට කළ හැකි වන්නේ, ඔබ පළමු දේවල් අමතක කළහොත් පමණි.

සාවුල්ගේ තිබු මුරණ්ඩුකම, අකීකරුකම හේතුකොටගෙන, ඔහු පේනකියන්නියකගෙන් “සාමුවෙල්  නැගිටුවා” දෙන ලෙස ඉල්ලීය.

සාවුල්ට දෙවියන්වහන්සේගෙන් විමසන්නට පුළුවන්කම තිබුනත් ඔහු පුරුදුවී සිටියේ සාමුවෙල් ළඟට යන්නටය.

සාමුවෙල් ජීවත්ව සිටියෙදී ඔහු සාමුවෙල්ට අකීකරු වූයේය. මරණින් පසු ඔහුට කතා කිරීමට හෝ උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව පවසයි.

1 සාමුවෙල් 28
සාවුල් රජතුමා කතා කළේ සාමුවෙල් සමඟ නොවේ, නමුත් ඔහු ගැන සියල්ල දැනගෙන සිටි “හුරුපුරුදු ආත්මයක්” සමඟයි.

සමහර මනුෂ්‍යයන් පරණ දේවල් මනස තුළම තබාගෙන සිටීමෙන් ඒ අයට නව ජීවිතයක් ගත කිරීමට නොහැකි වනවා ඇත.

පරණ දේ අමතක කර දිනපතා දෙවියන්වහන්සේ ඔබට අලුත් දේ ලබා දුන් බව විශ්වාස කරන්න. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට අලුත් දේ පෙන්වා දෙයි.

‭‭පිලිප්පි 3:13-14
[13] සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙන දේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්, [14] ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.

දෙවියන්වහන්සේ අප සියලු දෙනාටම උසස් කැඳවීමක් දී ඇත. ඒ තුළ උන්වහන්සේ මට මහත් විපාක සූදානම් කර ඇත. පසුගිය දේ අමතක කර සිදුවූ දේ වලට සමාව අයැදිමින් ඔබ දිනුම්පළ කරා ගමන් කරන්න.

ඔබ සත්‍යය සොයා පැමිණි විට සැබෑවේ වචනය ඔබව නිදහස් කරයි.

දෙවියන්වහන්සේ කිසිදා වෙනස් වන්නේ නැත. උන්වහන්සේ කතා කරන්නාවු දේවල් සැමදාටම වලංගුයි.

‭‭ගලාති 5:7
නුඹලා හොඳාකාර දුවමින් උන්නහුය; සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධාකළේ කවුද?

ඔබ යන ගමනට බාදා කර තිබෙන්නේ කුමන දේවල්ද, ඔබ සිරවී සිටින ස්ථානයෙන් පසුතැවිලි වී, නැවත හැරී එන්න. ඔබ වෙනස් වෙන්න.

‭‭ගලාති 5:8
ඔය පෙළඹවීම නුඹලා කැඳවන තැනන්වහන්සේගෙන් නොවේය.

ඔබට වැරදීමට බාධාව පැමිණියේ දෙවියන්වහන්සේගෙන් නොවේ.

‭‭ගලාති 5:9
මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපෙන්නේය.

විශාල ප‍්‍රශ්නයක් ඇති වන්නේ කුඩා දෙවල් වලින්ය.

දෙවියන්වහන්සේගෙන් නොවන දේ සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන්න.


Watch the Sermon Video

Read 19 times