+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ශුද්ධාත්මයාණන් විසින් ගෙනයනු ලැබීම - මනූ මැතානි
May 12, 2024 Sunday Sermon Notes


යේසුස්වහන්සේව අදහන්නාවු අයට අනිවාර්යයෙන්ම ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍යයි.

අප තීරණ ගැනීමේදී හදිසි විය යුතු නැත. කාලයක් දිය යුතුය.

ඉදිරියේදී වෙන්ට යන්නාවූ දේ අප නොදැන සිටියත් සියල්ල දන්නාවු ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් අප සියල්ල විමසමින් තීරණ ගත යුතුය.

මම ගැළවීම ලබා ගනු ලැබුවේ ස්වාමීන්වහන්සේ කැමැත්ත කරන පිණිසයි.

ඔබ ගැළවීම ලබා ශුද්ධාත්මයෙන් පිරී සිටින දේව දරුවෙක් ලෙස භය නොවී ආත්මයාණන්වහන්සේගේ හඬට කීකරුවන්න.

ස්වාමීන්වහන්සේ ඔබට පොරොන්දුවන්නාවූ දේ ඉෂ්ට කරනසේක.

උන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කරමින් ජීවත් වූවොත් අප කවදාවත් අසරණ වන්නේ නැත.

මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තැබීම ශාපයක්. නමුත් ස්වාමීන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය තබමු.

අප දේව දරුවන්, ශුද්ධවන්තයන්, ගැළවීම ලබා ගත් අය වන්නෙමු. ඇදහිල්ලේ මනුෂ්‍යයන් ලෙස අප එකිනෙකා කෙරෙහි යම් පමණ විශ්වාසයක් ඇතිකර ගත් නමුත් අප කලකිරෙන තරමට ඒ විශ්වාස නොතබමු.

අප සමීපයේ කවුරුන් සිටියත් ඊටත් වඩා ශූද්ධාත්මයාණන් වහන්සේ අප ළඟින්ම සිටී.

උන්වහන්සේ අපගේ සැනසිලිකාරයාණෝය. උන්වහන්සේගේ සැනසීම නිතරම මා තුළ ඇත.

එපමණක් නොව උන්වහන්සේගේ සැපයීම, සුවය, ප‍්‍රඥාව පවා මා හට ඇත.

උන්වහන්සේ විශ්වාස කරන කෙනෙකු කිසිදා ලැජ්ජාවට පත් වන්නේ නැත.

මා විශ්වාසය තබන්නේ. මාව කිසිදා අතහැරදමා නොයන තැනැන්වහන්සේ කෙරෙහිය.
ස්වාමීන්වහන්සේ මට උපකාර කරන තැනැන්වහන්සේය. මම කිසිවෙකුට භිය නොවෙමි.

ප‍්‍රීතිය හා සතුට අපට ලැබෙනුයේ දේව ලියවිල්ලෙන්ය.

ඔබ තුළ තිබෙන්නාවූ ජීවන උල්පතෙන් තවත් කෙනෙකුට වියළිභාවයෙන් මිදීමට උපකාරයක් වන්න.

ක‍්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙයින් අපව මුදවා උන්වහන්සේ අපව රාජකීය පූජකයන් කර ඇත.

එළිදරව් 1:5-6
[5] විශ්වාස සාක්ෂිකාරයාවූ, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද, නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ, ‬
[6] අපව රාජ්‍යයක්ද තමන් පියවූ දෙවියන්වහන්සේගේ පූජකයන්ද කළාවූ තැනන්වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලේටම වේවා. ආමෙන්.

ඔබ ආධිපත්‍යයෙන් ගමන් කරන්නාවු රජෙකි. ශුද්ධත්වයෙන් ජීවත්වන්නාවු පූජකකයෙකි.

අප වටා ශක්තිමත් බලවත් දේව දූතයන් ඇත. ඒ අය ආත්මික තලයේ දෙවියන්වහන්ගේ යම් යම් කාර්යන් කිරීමට සිටියි.

යක්ෂයාටද ආලෝකයේ දූතයෙකු සේ එන්නට පුළුවන. බොරු අනාගතවක්තෘන් හා අපෝස්තුළුවරුන් සිටින්නේ ඒ නිසාවෙනි.

2 කොරින්ති 11:13-14
[13] එබඳු මනුෂ්‍යයෝ බොරු ප්‍රේරිතයෝය, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නාවූ වංචාකාර සේවකයෝය. ඒක පුදුමයක් නොවේ; ‬
[14] මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි.

ඔබ වචනය තුළ ජීවත්වන ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ ගමන් කරන කෙනෙක් නම්, ඔබ කවදාවත් යක්ෂයාගේ උගුලට අසුවන්නේ නැත.

බොරු අනාගතවක්තෘන්ගෙන්, සාතන්ගේ ආලෝකයේ දූතයන්ගෙන් දෙවියන්වහන්සේ අපව ආරක්ෂා කළත්, උන්වහන්සේ අපට නිදහස් කැමැත්තක්ද දී ඇත. සමහරුන් නිදහස අයුතු ලෙස පාවිච්චි කරමින් වැරදි දේට අසුවේ.

ඔවුන් තෘෂ්ණාව නිසා දෙවියන්වහන්සේ එපා කියු දේ කරති.

ඔබගේ සිතේ ආශාව දෙවියන්වහන්සේ ඉෂ්ට කරන තුරු බලා සිටින්න.

අපි යේසුස්වහන්සේ වාගේමයි, ඒ නිසා අපි වෙන කෙනෙකු මෙන් වෙන්නට අවශ්‍ය නැත.

මාංසයේ ආශාවන් ඉෂ්ට කරගැනීමට ගොස් යක්ෂයාගේ බොරුවට අසු නොවන්න.

ඔබට අවශ්‍ය වේලාවෙදී දෙවියන්වහන්සේ සපයන බව විශ්වාස කරමින් උන්වහන්සේට ස්තූති කරන්න.

දෙවියන්වහන්සේ නියම වේලාවට දේවල් කරන කෙනෙකුය.

දෙවියන්වහන්සේ අපගේ ජීවිතය ගොඩනඟමින්ම අපට සියල්ලම සපයා දෙන්නේය.

ස්වාමීන්වහන්සේගේ සැනසීම, සඵලත්වය, සුවය හා සමාදානය ඇතිව, කිසි අගහිඟතාවයකින් තොරව සියල්ලෙන් පූර්ණව ජීවත්වීම ඉතා අගනේය.

යෝබ් 36:11 ‬
ඔව්හු ඇහුම්කන්දී උන්වහන්සේට මෙහෙකළොත්, තමුන්ගේ දවස් ඉසුරෙන්ද තමුන්ගේ අවුරුදු සැපතින්ද පසු කරන්නෝය.

ඔබ ස්වාමීන්වහන්සේට කීකරුවී උන්වහන්සේට සේවය කළහොත් ඔබගේ ජීවිත කාලයම සඵලත්වයෙන්, සතුටෙන් උන්වහන්සේට ප‍්‍රසන්න ජීවිතයක් කරන්නේය.

ඔබගේ ඇදහිල්ල නිතරම ක්‍රියාවට නැංවීම වැදගත්.
ඔබට ස්වාමීන්වහන්සේ බීජයක් වපුරන්නැයි කීවොත් එය වපුරන්න.

ඔබ කුමන ස්ථානයක සිටියත් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට යමක් කීවොත් ඔබ එය කරන්න. එසේ කිරීමෙන් ඔබ සිය ගුණයක අස්වැන්නක් ලබනු ඇත.

ආත්මයාණන්වහන්සේට කීකරුව උන්වහන්සේ කියන්නාවු ප‍්‍රකාරයට ක‍්‍රියා කරන කල, උන්වහන්සේ ඔබගේ ජීවිතයේ පොරොන්දු ඉටුකරයි.

‭යෙසායා 55:6-7
[6] ස්වාමීන්වහන්සේ සම්බවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයා, උන්වහන්සේ ළංව සිටිද්දී උන්වහන්සේට යාච්ඤාකරන්න. [7] දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත.

අපගේ සිතුවිලි, අදහස් අතහැර දෙවියන්වහන්සේගේ කරුණාව ලබාගෙන එයට ස්තූතිවන්ත වෙමු.

ස්වාමීන්වහන්සේ අපට බොහෝ සේ අනුකම්පා කොට, භයානක නිරයෙන් අපව ගළවා මුදවා ගන්නා ලදි.

යේසුස්වහන්සේව හඳුනා ගැනීමෙන් අප සදාකාල ජීවනයේ උරුමක්කාරයන් බවට පත්වුණි.

දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවන්තය. උන්වහන්සේගේ වචනය ඔබගේ ජීවිතයට ඇදහිල්ල ගෙන දේ.

දෙවියන්වහන්සේගේ වචනයෙන් ඔබගේ සැක සහිත සිතුවිලි, නොඇදහිලිකාරකම, භිය උන්වහන්සේ ශුද්ධ පවිත‍්‍ර කරමින් ඔබව නිදහස් කරයි.

දෙවියන්වහන්සේ මේ පොළොව සාදා තිබෙන්නේ අප උදෙසාය.

‭ගීතාවලිය 115:16
ස්වර්ග වනාහි ස්වාමීන්ගේ ස්වර්ගය; නුමුත් පොළොව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක.

පොළොව ස්වර්ගයේ අනු පිටපතක්ය.

දෙවියන්වහන්සේ ආදම් සහ ඒවව මවා ඔවුන්ට ආශීර්වාද කොට පැවසුවේ ආධිපත්‍යයෙන් පොළොව උරුම කරගෙන ජීවත්වන ලෙසය. (උත්පත්ති 1:28)

ආදම් සහ ඒවගේ වැටීමෙන් පසු මනුෂ්‍යයාට හිමිවුයේ මාංශාකාර මනසක්ය. ඔවුන් ස්වර්ගයේ දෙවියන්වහන්සේ ගැන කිසි අදහසක් නොමැතිව භයාදුකමෙන් ජීවත් වූවෝය.

නමුත් සුභාරංචි වචනය පිළිගෙන ගැළවීම ලබා ගත් පසු, අප දෙවියන්වහන්සේව හඳුනාගත්තා සේම උන්වහන්සේද අපව පිළිගන්නා සේක.

‭ගලාති 4:9
නුමුත් දැන් නුඹලා දෙවියන්වහන්සේ ඇඳිනගෙන සිටිද්දී නොහොත් ඊට වඩා දෙවියන්වහන්සේ විසින් අඳුනනු ලැබ සිටිද්දී, නුඹලා ඒ දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම්වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව, ඒ දෙසට නැවත හැරෙන්නේ කොහොමද?

දෙවියන්වහන්සේ අපගේ සියල්ලක්ම දන්නා සේක. උන්වහන්සේගෙන් කිසිවක් සැඟවිය නොහැක.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සාදන්නට පෙර මනුෂ්‍යයාට අවශ්‍ය සියල්ල සාදන ලදි. මනුෂ්‍යයාට අවශ්‍ය වාතාවරණය උන්වහන්සේ සකසා ආධිපත්‍යය සමඟ සියල්ල මනුෂ්‍යයාට භාර දුන්නේය. (උත්පත්ති 1:26-30)

නපුරා දෙවියන්වහන්සේගේ විශාල සැලැස්මට විරුද්ධව නැඟී සිටිමින් මනුෂ්‍යාව රවටන ලදි. මනුෂ්‍යයා තම නිදහස් කැමැත්ත දෙවියන්වහන්සේගේ කැමැත්තට පාවිච්චි නොකර, යක්ෂයාට ඇහුම්කන් දුන්නේය.

දෙවියන්වහන්සේගේ අපටද නිදහස් කැමැත්ත දී ඇත. කැමතිනම් යක්ෂයාට ඇහුම්කන් දිය හැක. ඒත් එයින් අපගේ ජීවිතයට විනාශය මිස වන යහපතක් ගෙන දෙන්නේ නැත.

දෙවියන්වහන්සේට ඇහුම්කන් දීම අපගේ ජීවිතයට යහපතක්, මිදීමක්, සුවයක්, ආශීර්වාදයක් හා සැනසීමක් ලබා දෙයි.

දෙවියන්වහන්සේට අකීකරුවූ පසු මනුෂ්‍යයාගේ වැටීම සිදුවන ලදි. සියලු භයංකාර දේ සිදුවුයේ පාපයට වැටුනු මනුෂ්‍යයාටය.

අධර්මිෂ්ඨව සිටි අප දෙවියන්වහන්සේගේ අනුකම්පාව, කරුණාව ලැබ දැන් දෙවියන්වහන්සේ තුළ සිටියි.

මේ පොළොව ස්වාමීන්වහන්සේ දී තිබෙන්නේ ඔබටයි.

‭ගීතාවලිය 115:16
ස්වර්ග වනාහි ස්වාමීන්ගේ ස්වර්ගය; නුමුත් පොළොව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක.

යේසුස්වහන්සේ අපත් සමඟ මේ පොළොවේ රජකම් කරන්නට එන සේක.

අවසානය දක්වා ඔබගේ සුරක්ෂිතභාවය රැක ගන්න. ඔබ තුළ තිබෙන්නේ සදාකාල ජීවනයයි.

සොරා ආවේ සොරකම් කරන්ටත්, මරන්ටත්, විනාශකරන්ටත්ය. යේසුස්වහන්සේ පැමිණියේ ජීවනය දීමටය. (යොහන් 10:10)

කිසිදු සීමාවක් නොමැතිව අපට දෙවියන්වහන්සේව විශ්වාස කළ හැකිය.

ඔබට විශ්වාස කළ හැකි නම්, දෙවියන්වහන්සේට කිසිවක් අපහසු නැත.

‭මාර්ක් 9:23
යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.

අහස පොළොව පහවී ගියත් දෙවියන්වහන්සේගේ වචනය කිසිදා පහව නොයයි. (මතෙව් 5:18)

දෙවියන්වහන්සේ සියල්ල මවා ඇත්තේ උන්වහන්සේගේ දරුවන්ටය.

අප සියල්ලන්ම දෙවියන්වහන්සේගේ ගිවිසුමේ දරුවන්ය. උන්වහන්සේගේ සියල්ලම අපගේය.

අකීකරු පුත‍්‍රයා නැවත නිවසට පැමිණියේ වහලෙක් ලෙස ජීවත්වීමට සිතාගෙනය.

නැවත නිවසට පැමිණි අකීකරු පුත‍්‍රයා පියාගේ අනුග‍්‍රහය අත්දකිමින් ඔහු එම අනුග‍්‍රහයේ සාදයට ඇතුල්වූයේය. (ලූක් ‭15:20-23)

වැඩිමහල් පුත‍්‍රයා නිවසේ සිටිය නමුත් ඔහු පියා සතු සියල්ල තමාගේ බව නොදැන වහලෙක් ලෙස සිටියේය.

නිවසට පැමිණ තම සහෝදරයාට මුහුණ දීමට පවා ඔහු අකමැතිවිය.

ලූක් ‭15:25-28
[25] ඔහුගේ වැඩිමහල් පුත්‍රයා කෙතෙහි සිටියේය. ඔහු ඇවිත් ගෙදරට ළංවූ කල, තූර්යනාදයත් නැටීමත් ඇසී,
[26] දාසයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා: මේ මොකදැයි විචාළේය.
[27] ඔහුද: ඔබගේ සහෝදරයා ආවේය; ඔබගේ පියාණෝ ඔහු සුවසේ පිළිගත් බැවින්, තරකළාවූ වස්සා මැරෙව්වේයයි කීවේය.
[28] එවිට ඔහු කිපී, ගෙට ඇතුල්වෙන්ට නොකැමති වූයේය. එබැවින් ඔහුගේ පියා පිටතට ඇවිත්, එන මෙන් ඔහුගෙන් ඉල්ලුවේය.

පියා වැඩිමහල් පුත‍්‍රයාට පැවසුවේ, තම සන්තක සියල්ල ඔහුගේ කියාය.

ලූක් ‭15:29-31
[29] නුමුත් ඔහු උත්තරදෙමින්: මෙපමණ අවුරුදු ගණනක් ඔබට සේවයකරමින් සිටිමි, කවදාවත් ඔබගේ ආඥාවක් කඩ නොකෙළෙමි. එසේවී නුමුත් මාගේ මිත්‍රයන් සමඟ ප්‍රීතිවෙන්ට ඔබ එළු පැටවෙකුවත් කිසිකලක මට නුදුන්නෙහිය.
[30] නුමුත් ඔබගේ සම්පත වේශ්‍යාවන් සමඟ නාස්තිකළාවූ මේ ඔබගේ පුත්‍රයා ආ වේලේ, ඔහු නිසා තරකළ වස්සා මැරුවෙහියයි පියාට කීවේය.
[31] ඔහුද: පුත්‍රය, නුඹ නිතරම මා සමඟ සිටිනෙහිය, මා සන්තක සියල්ලද නුඹේය.

අපගේ පියාණන්වහන්සේ ජීවමානව සිටී. උන්වහන්සේ පවසන්නේ උන්වහන්සේට තිබෙන සියල්ල අප වෙනුවෙන් කියාය.

අපගේ මනස සිතුවිලි අප වෙනස් කරගත යුතුය.

දෙවියන්වහන්සේ පොළොව දී තිබෙන්නේ උන්වහන්සේගේ දරුවන්ටයි.

මනුෂ්‍යයා අද පොළොවේ තිබෙන දේවල් භුක්තිඳිමින් සිටියද, තමාව මැවූ තැනැන්වහන්සේව අදහාගැනීමට කැමති නැත.

පොළොව තුළ බොහෝ යහපත් දේ ඇත.

යක්ෂයාගේ කෲර පාලනය නිසා මනුෂ්‍යයන්ගේ සිත් විපත්, අසීරුකම් හා හිඟකම් වලින් පිරී තිබෙන්නේය.

ස්වාමීන්වහන්සේට සියල්ල අවසන් කර දැමීමට පුළුවන. එහෙත් උන්වහන්සේගේ කැමැත්ත මනුෂ්‍යයා ගැළවීම ලබා ගැනීමයි.

මනුෂ්‍යයා අපායට ගොස් දුක් විඳිනවා දැකීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේය. අපාය සෑදුවේ යක්ෂයාට හා ඔහුගේ දූතයන්ටය.

දෙවියන්වහන්සේගේ උතුම්ම මැවිල්ල මනුෂ්‍යයාය. උන්වහන්සේ මනුෂ්‍යයා මැව්වේ උන්වහන්සේගේ සමානත්වයට හා ස්වරූපයටය.

දෙවියන්වහන්සේ අපව පොළොවේ තබා ඇත්තේ උන්වහන්සේගේ සාක්ෂිකාරයන් ලෙසයි.

උත්පත්ති 1:26
[26] තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුලු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සාදා පොළොවේ පාලකයා බවට පත් කරන ලදි.

යේසුස්වහන්සේ මේ පොළොවේ ජීවත්වූ ආකාරයටම අපටත් අද ජීවත්වීමට පුළුවන්කම ඇත.

යොහන්ට දෙවියන්වහන්සේ මේ පිළිබඳ එළිදරව්වක් දෙන ලදි.

1 යොහන් 4:17
[17] අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.

අප ගැළවීම ලබා ගත් පසු මේ ලෝකයේ සිටින්නේ යේසුස්වහන්සේ සිටින ආකාරයෙන්මය.

යේසුස්වහන්සේ පැවසුවේ යමෙක් මාව දැක්කොත් පියාණන්වහන්සේව දැක්කා හා සමානය කියාය. (යොහන් 14:9)

අප ජීවත්විය යුත්තේ යමෙක් අපව දුටුවහොත් යේසුස්වහන්සේව දැක්කා හා සමානවය.

අපගේ හැසිරීම, ක‍්‍රියාව, කතාව යේසුස්වහන්සේ මෙන් විය යුතුය.

අප තනිවී නැත. ගණන් කිරීමට නොහැකි තරම් දේවදූත සේනාවක් අප වටා ඇත.

හෙබ්‍රෙව් 12:22
අපි ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්ය.

දිනපතා දේව වචනයෙන් අපගේ මනස අලුත් කරගෙන අප සිතන්නට අවශ්‍යයයි.

දුක් සහිත මනසකින් සිටියහොත් අප සැමදා දුකින් සිටියි.

ප‍්‍රීතිමත් මනසකින් සිටියහොත් ප‍්‍රීතියෙන් ජීවත්විය හැකියි.

ක‍්‍රිස්තුස්වහන්සේගේ මනස ඔබ පැළඳ සිටියහොත් ක‍්‍රිස්තුස්වහන්සේ මෙන් සිතනු ඇත.

ක‍්‍රිස්තුස්වහන්සේගේ මනස දැනටමත් ඔබට තිබෙන බව ඔබ විශ්වාස කරන්න.

1 කොරින්ති 2:16
මක්නිසාද ස්වාමීන්වහන්සේට උගන්වන පිණිස උන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නුමුත් අපට ක්‍රිස්තුස්වහන්සේගේ සිත (මනස) ඇත්තේය.

ක‍්‍රිස්තුස්වහන්සේ සිතන ආකාරයට ඔබට සිතන්නට පුළුවන. ඒ ආකාරයේ මහත් ගැළවීමක් දෙවියන්වහන්සේ අපට දී ඇත.

ඔබට හමුවන මනුෂ්‍යයන් කෙරෙහි අනුකම්පා කොට, ඒ අයට ක‍්‍රිස්තුස්වහන්සේ ගැන කියා දෙන්න. ගැළවීමේ පණිවිඩය ඒ අයට දෙන්න.

ඔබගේ ක‍්‍රියාව, හැසිරීම, කතාව හා ඔබගේ ජීවිත රටාවෙන් ක‍්‍රිස්තුස්වහන්සේ කව්දැයි මනුෂ්‍යයන්ට පෙන්වන්න.

ඔබගේ සාක්ෂිය විය යුත්තේ, යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැවත නැඟිට සිටින බවයි. එපමණක් නොව, “මළවුන්ගෙන් නැවත නැඟිටුනු එම ආත්මය දැන් මා තුළ වාසය කරන බව මා හොඳටම දනිමි” කියාය.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිටි බවට හොඳ විශ්වාසයක් ඔබට තිබිය යුතුය.

අපගේ ශරීරය අපට අයිති නැත. එය යේසුස්වහන්සේ මිලදී ගෙන ඇත. අප එය උන්වහන්සේට භාර කරමු.

ඔබගේ ආත්මය උන්වහන්සේගේ ආත්මය සමඟ එක්වී සිටී.

ඔබගේ ආත්මය ශරීරය පාලනය කරන්නේ නැත්නම්, දැන් මඟ පෙන්වන්නට පුළුවන්කමක් තිබෙන්නේ ඔබට ක‍්‍රිස්තුස්වහන්සේගේ මනසක් තිබෙනවා යැයි විශ්වාස කළහොත් පමණි.

ඔබට පුදුමාකාර මනසක් දැන් දී තිබේ. ක‍්‍රිස්තුස්වහන්සේ සිතන ආකාරයට දැන් ඔබට සිතන්නට පුළුවන.

යෙසායා 55:8-9
[8] මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. [9] අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.

යේසුස්වහන්සේ ඔබව ගැළවීමට ගෙන ඒමෙන් පසු පවසන්නේ, අපගේ මනස අලුත් කර, දිනපතා දේව වචනයෙන් සෝදා ගන්නා ලෙසයි.

දැන් ඔබ උසස්වූ දේ ගැන සිතන්න. පරණ සිතුවිලි අමතක කර දමන්න. ඔබ දැන් නව මැවිල්ලකි.


Watch the Sermon Video

Read 423 times