+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සියල්ල ආරම්භ වන්නේ අදහා ගැනීමෙනි - යෝෂා මනූ
June 16, 2024 Sunday Sermon Notes


මගේ දෙවියන්වහන්සේ යහපත්. මගේ දෙවියන්වහන්සේ මට ආශීර්වාද කර තිබෙනවා.

අප දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වන සෙනඟක් නම් අපගේ ජීවිතය තුළින් ආශීර්වාදය අනිවාර්යයෙන්ම ගලා එනු ඇත. උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ සෙනඟ ආශීර්වාද ලැබීමයි.

දෙවියන්වහන්සේගේ දරුවන් වශයෙන් අප ගැළවීම තුළ ස්ථීරව සිටිය යුතුයි.

අපගේ ගැළවීම ඉතාම වැදගත්ය.

ගැළවීම ආරක්ෂා කරගෙන, ගැළවීම තුළ පවතිමින්, එහි තිබෙන අනිකුත් ආශීර්වාද අප භුක්තිවිඳින කල, දෙවියන්වහන්සේ පවසන්නේ ඒ ගැළවීම අප අන් අය සමඟ බෙදා ගන්නට යන බවය.

ඔබට අන් අය සමඟ වචනය බෙදා ගන්නට හැකි වන්නේ ඔබ ස්ථීර වුවහොත් පමණි.

අන්‍ය භාෂාවෙන් කථා කිරීමේ වැදගත්කම ගැන අපි ගිය සතියේ බැලුවෙමු.

අද අප බලන්නට යන්නේ සියල්ල ආරම්භ වන්නේ අදහාගැනීමෙනි.

සුභාරංචිය පවසන විට එය විශ්වාසකර අදහාගත යුතුය.

අදහන්නාට දෙවියන්වහන්සේගේ පොරොන්දු භුක්ති විඳීමට පුළුවන.

දෙවියන්වහන්සේගේ ජීවනය, කරුණාව, සමාදානය සියල්ල ආරම්භ වනුයේ අදහාගැනීමෙනි.

‭රෝම 10:9-10‬
[9] කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය. [10] මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.

යේසුස්වහන්සේව දෙවියන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටෙව් බව අප පළමුකොට සිතින් අදහාගත යුතුය. අනතුරුව අප එය මුඛයෙන් ප‍්‍රකාශ කළ යුතුය. ගැළවීම ලැබෙනුයේ එවිටය.

ගැළවීම යන වචනය තුළ සදාකාල ජීවනය, සමාදානය, සුවය, සම්පූර්ණකම යන සියලු ආශීර්වාදයන් ඇතුලත් වන්නේය.

ධර්මිෂ්ඨකම යනු පිටාතරයෙන් පමණක් පෙන්නුම් කර දීම නොව, අභ්‍යන්තරයෙන් ඔබ දෙවියන්වහන්සේ හා සමඟ ඇති සබඳකමය ඇතුව සිටීමය.

සිතින් අදහාගත් ඔබට යේසුස්වහන්සේ මාගේ ගැළවුම්කරුයයි පෞද්ගලිකව පැවසිය හැකිය.

අදහාගැනීම කොතරම් වැදගත් දැයි අපි බලමු.

සියල්ලක්ම ලැබෙනුයේ අදහාගැනීමෙන් බව යේසුස්වහන්සේ පැහැදිලිවම ප‍්‍රකාශ කරන ලදි.

ඇදහිල්ලෙන් ආරම්භ කළ මේ ගමන අවසානය දක්වා අප අදහාගත යුතුය.

‭රෝම 1:16
[16] මක්නිසාද මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබෙන නිසාය.

දෙවියන්වහන්සේ බලය තිබෙන්නේ උන්වහන්සේගේ සුභාරංචි වචනය තුළයි.

පාවුල්තුමා පවසන්නේ සුභාරංචි වචනය කීමට ඔහු ලැජ්ජා නොවන බවයි.

ඔබට හමුවන පුද්ගලයින්ට ලැජ්ජා නොවී, භය නොවී සුභාරංචිය පවසන්න. ඔබගේ සාක්ෂිය තුළින් එය කීමට ආරම්භ කරන්න. ඔබට ලැබී ඇති ගැළවීම, ජීවනය, සමාදානය, ජයග‍්‍රාහි ජීවිතය අන් අයට පවසන්න. ඒ තුළින් වර්ණනා කරනුයේ දෙවියන්වහන්සේගේ නාමයයි.

සුභාරංචිය අසා නිර්භීතව දෙවියන්වහන්සේව අදහාගන්නා විට එය දෙවියන්වහන්සේගේ බලය වේ.

යේසුස්වහන්සේ තම සේවය ආරම්භ කළේ සුභාරංචිය ප‍්‍රකාශ කිරීමෙනි.

‭ශු. මාර්ක් 1:15
[15] කාලය සම්පූර්ණවිය, දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසුතැවිලිවී ශුභාරංචිය අදහාගන්නැයි කීසේක.

යේසුස්වහන්සේ පැවසුවේ පසුතැවිලිවී සුභාරංචිය අදහාගන්න කියාය.

පේතෘස් පැවසුවේද පසුතැවිලිවන්න කියාය. (ක‍්‍රියා 2:38)

පසුතැවිලිවන්න කියන වචනයෙන් අදහස් වන්නේ, යේසුස්වහන්සේව අදහාගැනීම තුළින් ඔබගේ මනස වෙනස් කරගන්න කියාය.

මළවුන්ගෙන් නැඟිටුනු පසු යේසුස්වහන්සේ ගෝලයන්ට පැවසුවෙත් ලොව මුළුල්ලේ ගොස් සුභාරංචිය ප‍්‍රකාශ කරන ලෙසය. (මාර්ක් 16:15)

මාර්ක් 16:16
අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය.

මෙහි කොන්දේසිය නම් ගළවනු ලබන්නේ අදහාගෙන බවිතිස්මය ලබන්නායි.

මොනයම් හෝ දෙයකට භයව අදහා නොගන්නේද, ඔහුට කිසිවක් නොලැබෙනු ඇත.

මාර්ක් 16:17 අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;

අදහාගන්නා මුළු හදවතින් යේසුස්වහන්සේ පිළිගන්න නිසා ඔහුට දෙවියන්වහන්සේ දරුවන් වෙන්ට බලය ලැබේ.

යොහන් 1:12
නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන්වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක. “

දෙවියන්වහන්සේ අපගේ පියාණෝ වී උන්වහන්සේගේ පවුලට අපව සම්බන්ධ කර ගනී. අප බලයෙන් පිරුණාවු දරුවන්ය.

යේසුස්වහන්සේ සහභාගිවූ ගලීලයේ කානා නුවර සරණ මංගල්‍යයේ මුද්‍රිකපානය ඉවර වී තිබුණි (ශු. යොහන් 2:3)

මුද්‍රිකපානය ඉවර වී ඇති බව යේසුස්වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට පැවසුවත් උන්වහන්සේ ක‍්‍රියා කළේ උන්වහන්සේට අවශ්‍ය වෙලාවටය. (ශු. යොහන් 2:3-4)

යේසුස්වහන්සේ මෙහෙකරුවන්ට පැවසුවේ භාජන වලට වතුර පුරවන ලෙසය. (ශු. යොහන් 2:7)

පිරවූ වතුරෙන් මංගල්‍යයේ ප‍්‍රධානියා වෙත ගෙනයන්නැයි උන්වහන්සේ පැවසුවිට ඔවුන් කිසිවක් ප‍්‍රශ්න නොකර උන්වහන්සේ කී දේ කරන ලදි. (ශු. යොහන් 2:7-8)

මංගල්‍යය ප‍්‍රධානියා එහි රස බලන විට එය මුද්‍රික පානය බවට පත්ව තිබුණි. (ශු. යොහන් 2:9-10)

යේසුස්වහන්සේ සිදුකළ මෙම හාස්කම දුටු උන්වහන්සේගේ ගෝලයන්ද උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා ලදි.

‭ශු. යොහන් 2:11
[11] යේසුස්වහන්සේ ගලීලයේ කානාහිදී තමන් ලකුණුවලින් මේ පළමුවෙනි එක කර, ස්වකීය මහිමය ප්‍රකාශකළසේක; උන්වහන්සේගේ ගෝලයෝද උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.

අදහා ගැනීමෙන් ඔවුන්ගේ ඇදහිල්ල වර්ධනය විය.

ශු. යොහන් 2:23
[23] උන්වහන්සේ පාස්කු මංගල්‍යයේදී යෙරුසලමෙහි සිටි කල්හි බොහෝ දෙනෙක් උන්වහන්සේ කළ ලකුණු දැක, උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්තෝය.

යේසුස්වහන්සේ කළාවු හාස්කම් දුටු බොහෝ දෙනා උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලදි.

යේසුස්වහන්සේ නිකදේමුස් සමඟද ප‍්‍රකාශයන් කිහිපයක් කරන ලදි.

‭ශු. යොහන් 3:15-16, 18, 36
[15] උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම, සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්ට ඕනෑයයි කීසේක. ‍

අදහාගන්න සෑම දෙනාම සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබයි.

[16] මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා කෙරෙහි ඔබ අදහාගන්න.

උන්වහන්සේ කෙරෙහි අදහාගන්න කිසිවෙක්වත් විනාශ නොවී සදාකාල ජීවනය ලබයි.

යේසුස්වහන්සේ පැමිණියේ මනුෂ්‍යයාගේ පාපය විනිශ්චය කිරීමට නොව ප‍්‍රේමයෙන් ගළවන්නටය.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ මත මනුෂ්‍යයාගේ උදහස තබන ලදි.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට නොමිලේ සදාකාල ජීවනය දෙනසේක.

ලෝකයා කළ යුතු එකම දේ දෙවියන්වහන්සේ කෙරෙහි අදහා ගැනීමය.

[18] උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි.

යේසුස්වහන්සේ කෙරෙහි අදහන්නාට කිසිදු විනිශ්චයක්වත්, දොස් පැවරීමක්වත් නැත.

යේසුස්වහන්සේ කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇති බව දෙවියන්වහන්සේගේ පොරොන්දුවකි.

[36] පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත; නුමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය, දෙවියන්වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතියි.

සදාකාල ජීවනය යනු මේ පෙළොවෙන් ඉවත්ව ගියාට පසුවත් ඔබ ස්වාමීන්වහන්සේ හා සමඟ ජීවත්වීමය.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව අප වෙනුවෙන් පූජාවෙන්ට දී උන්වහන්සේ අපට නොමිලේ දුන් දීමනාව අප ප‍්‍රතික්ෂේප කළහොත් අපට ගැළවීමක් නොමැත.

සදාකාල ජීවනය තිබෙන්නේ අදහන අයටය.

නමුත් අදහා නොගන්නේ නම් ඔහුට ජීවනය නොලැබෙයි.

ඔබ අදහාගෙන විශ්වාස කිරීමට තීරණය කර ගන්න.


Watch the Sermon Video

Read 226 times