+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ලේ වාක්‍ය ඇසීමෙන් මනස පවිත්‍ර වන්නේය - මනූ මැතානි
June 23, 2024 Sunday Sermon Notes



‭අපට හමුවන සියලු දෙනා සමඟ ස්වාමීන්වහන්සේගේ වචනය අප බෙදා ගත යුතුය.

සාක්ෂි දැරීම ඉතා හොඳ දෙයකි.

එකිනෙකා හා සමඟ වචනය බෙදා ගන්නා ආකාරය නියමිත වේලාවට දෙවියන්වහන්සේ ඔබට පෙන්නුම් කරනු ඇත.

අප බෙදා ගන්නේ සුභාරංචියයි. සුභාරංචි වචනය ඇසීමෙන් මනුෂ්‍යයා තුළට ඇදහිල්ල පැමිණේ. ඒ ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේගෙන් දේවල් ලබා ගැනීමට අපට පුළුවන.

සමහර මනුෂ්‍යයන් පවසන්නේ අප කිසිවක් බලාපොරොත්තු නොවී යේසුස්වහන්සේ වෙතට පැමිණිය යුතු බවයි. එහෙත් අප යැපෙන්නට අවශ්‍ය වන්නේ යේසුස්වහන්සේගෙන් පමණි.

අප දෙවියන්වහන්සේට නමස්කාර කරනවා සේම උන්වහන්සේද අපට ආශීර්වාද කිරීමට කැමැත්තෙන් සිටියි.

තමන්ගේ දූ දරුවන්ට යහපතක් කිරීම දෙවියන්වහන්සේට මහත් ප‍්‍රීතියකි.

යේසුස්වහන්සේව විශ්වාස කර, ඔබට යමක් ලබා ගත හැකිය. උන්වහන්සේගේ වචනයේ පවසන්නේ විශ්වාස කරන්නාට සියල්ල කළ හැකි බවයි.

අප අවශ්‍ය උන්වහන්සේට කීකරු විය යුතුය. කීකරුකම යනු අදහාගැනීමය.

ස්වාමීන්වහන්සේ අද දවසේ මගේ ජීවිතයේ යහපත කරනවා යන විශ්වාසය ඔබ තුළ තිබිය යුතුය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයට මනුෂ්‍යයා මැවූ නිසා යක්ෂයා උත්සාහ කරනුයේ මනුෂ්‍යයා නාස්තිකර, විනාශකර, පාපයට ඇද දමන්ටය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත වන්නේ මනුෂ්‍යයාට යහපත කිරීම බව අප විශ්වාස කළ යුතුය.

දෙවියන්වහන්සේගේ වචනය අපට ප‍්‍රයෝජනවත්ය. දෙවියන්වහන්සේගේ අදහස් සිතුවිලි අප අතරට ගෙන එන්නට දෙවියන්වහන්සේ එය පාවිච්චි කර ඇත.

එමෙන්ම මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ වචනයට අකීකරුවී වචනය ප‍්‍රතික්ෂේප කරමින් ඒ අය කළාවූ තම තමාගේ දේවලුත් බයිබලයේ සටහන්ව ඇත. ඒවා සටහන් පමණකි. අප ඒවා ආදර්ශයට නොගත යුතුය. එවැනි දේ වලින් වැලකී සිටිය යුතුය.

නමුත් කීකරුකමෙන් ගමන් කළ අයගේ ජීවිත වලින් අපට ආදර්ශයක් ගත හැකිය.

මනුෂ්‍යයා ගමන් කළ යුත්තේ කොයි ආකාර ජීවිතයක්ද කියා බයිබලය තුළින් අප තේරුම් ගත යුතුය.

රෝම 2:4
[4] නොහොත් නුඹ පසුතැවිල්ලට පමුණුවන පිණිස දෙවියන්වහන්සේගේ යහපත්කම පවතින බව නොදැන, උන්වහන්සේගේ යහපත්කමේද ක්ෂාන්තියේද ඉවසීමේද බහුලත්වය සුළුකොට සිතා,

අපි දෙවියන්වහන්සේගේ යහපත්කම පවතින බව තේරුම් ගනිමු.

අපේ අයහපත තුළදීත් දෙවියන්වහන්සේ අපට යහපතක් කරන්නේ අපව පසුතැවිල්ලකට ගෙන ඒමෙන් අපගේ මනස හා දහස් සිතුවිලි වෙනස් කිරීමටය.

දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයේ සියල්ල දන්නා සේක. ඔබට එය සැඟවිය නොහැකිය.

දෙවියන්වහන්සේගේ නාමය වර්ණනා කර ගෞරව කරන පිණිසත් අන් අය වෙනුවෙන් උන්වහන්සේගේ භාජනයක් ලෙස පාවිච්චි කිරීමට උන්වහන්සේ ඔබව ජීවත්කර ඇති නිසාත්, උන්වහන්සේට ස්තූතිවන්ත වන්න.

අපි ස්වාමීන්වහන්සේගේ දූදරුවන් ලෙස උන්වහන්සේට සේවය කරමු.

ඔබ කළ යුත්තේ කුමක්ද කියා දැන ගැනීමට දෙවියන්වහන්සේගේ උපකාරය, මඟපෙන්වීම, ප‍්‍රඥාව ඉල්ලා සිටින්න.

දෙවියන්වහන්සේ අහස පොළොව මැව් තැනැන්වහන්සේය. අපගේ පියාණන් වහන්සේය. අපට උන්වහන්සේ හා සම්බන්ධකමක් සදාකාලික ගිවිසුමක් ඇත.

උන්වහන්සේ ඔබගේ ජීවිතයෙන් මරණය ඉවත්කරමින් ජීවනය ඇතුල් කර ඇත. මුළු මැවිල්ල මැවූ දෙවියන්වහන්සේ සදාකාල ජීවනයයි.

අපි උන්වහන්සේගේ හඬට කීකරු වුවහොත් අප මරණයෙන් ජීවනයට පැමිණ, සදාකාල ජීවනය ලැබෙනු ඇත.

ඉතාම අලංකාර පුදුමාකාර දේ මේ ලියවිල්ලේ සඳහන් කර ඇත. සෑම පොතකටම වඩා උතුම්ම ලියවිල්ල දේව වචනයයි. ඒ තුළින් අපට දෙවියන්වහන්සේගේ වචන, කැමැත්ත හා සිතුවිලි උන්වහන්සේ මේ ලියවිල්ලට ඇතුළත් කර ඇත.

අප දේව වචනය කියවන කල දෙවියන්වහන්සේගේ සිතුවිලි, යෝජනා, උන්වහන්සේගේ මාර්ග, කැමැත්ත, උන්වහන්සේගේ සිතේ තිබෙන තද ආශාවන් අපගේ සිතට අතුල්වනු ඇත.

දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයේ පුදුමාකාර වෙනසක් කර ඇත. ඔබ පුදුමයකි. හාස්කමකි. ඒ පුදුමය ඔබව ගෙනයයි. ඔබ එය විශ්වාස කරන්න.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත පොළොවේ ඉෂ්ට කිරීමට ඔබව ලකුණක් ලෙස පාවිච්චි කරනු ඇත.

ශු. යොහන් 5:24
[24] සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.

යේසුස්වහන්සේගේ වචනයට කීකරුව උන්වහන්සේ එව් තැනැන්වහන්සේව අප අදහන කල සදාකාල ජීවනය අපට හිමි වන්නේය.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව මේ පොළොවට එව්වේ මුළු මිනිස් සංහතියම මුදවා ගැනීමටය.

ඔබ කුමණ තත්වයක සිටියත් දෙවියන්වහන්සේට ඔබව මුදවා ගැනීමට පුලුවන.

මනුෂ්‍යයාට නුපුලුවන් දේ දෙවියන්වහන්සේට පුළුවන.

ඔබ යේසුස්වහන්සේව ස්වාමීන් ලෙස පිළිගෙන, ඔබගේ මෙම ජීවන ගමන ගමන් කරන කල උන්වහන්සේ ඔබගේ මාර්ගය වෙනස් කරනු ඇත.

සදාකාල ජීවනය නම් සදහටම, එකලෙස ප‍්‍රමිතියෙන් හා ප‍්‍රමාණුකූලව අපට ලැබෙන ජීවනයයි.

අපට මෙම ජීවනය හිමිවන්නේ, යේසුස්වහන්සේගේ මරණය හා උත්ථානය අප විශ්වාස කරමින් පිළිගත් නිසයි.

යේසුස්වහන්සේ අප තුළට ඇතුල් කර ඇති සදාකල් ජීවනය තුළින් අපට අධික ලෙස භුක්තිවිඳීමට අපට දී තිබෙන්නේ දෙවියන්වහන්සේගේ ඝනයේ ජීවනයයි.

සොරා ආවේ සොරකම්කරන්ටත්, මරන්ටත්ය විනාශ කරන්නටත්ය. යේසුස්වහන්සේ පැමිණියේ අපට ජීවනය අධික ලෙස දීමටය. (යොහන් 10:10)

ඒ ජීවනය තුළ සුවය, සඵලත්වය, නිර්භයව ජීවත්වීමේ පුළුවන්කම, දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව යන සියල්ලක්ම ඇතුලත්ව ඇත.

ඒ දේවල් ඔබ ඇදහිල්ලෙන් ලබා ගෙන පොළොවේ භුක්තිවිඳින්න.

දෙවියන්වහන්සේගේ උරුමය ඔබට ලැබෙන්නේ ඔබගේ මරණයෙන් පසුව නොව, යේසුස්වහන්සේගේ මරණයෙන් පසුවය.

යේසස්වහන්සේගේ මරණයෙන් උන්වහන්සේ අපගේ ශාපය උරාගෙන, අපගේ වේදනාව, ශෝකය, දුප්පත්කම, රෝගය දරාගත් සේක.

ඒ නිසයි උන්වහන්සේ පැවසුවේ, ”වෙහෙසවන්නාවු බර උසුලන්නාවු සියල්ලෙනි මා වෙතට එන්න මම ඔබට සහනය දෙන්නෙමි” කියාය. (මතෙව් 11:28)

අපි උන්වහන්සේගේ සහනය ගෙන, ඒ විශ‍්‍රාම ස්ථානයට ඇතුල්වෙමු.

යේසුස්වහන්සේ ඔබව සියලුම පරම්පරාගත ශාපවලින්, දුර්වලකම් වලින් නිදහස් කළ බව ඔබ විශ්වාස කරන්න.

විශ්වාසය යනු නොදකිනා දේ ගැන ඔප්පුවකි.

ඔබගේ යාච්ඤා කාලයේදී “දෙන්න දෙන්න” කියා අයැදිමින් කාලය නාස්ති නොකර, ඔබට ලැබුණේ යැයි විශ්වාස කරමින් අදහන්න.

පිළිතුරු ලැබෙන්නේ ඇදහිල්ලේ යාච්ඤාවටය.

‭ශු. මාර්ක් 11:24
[24] එබැවින් නුඹලාට කියමි–නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලාට ලැබෙන්නේය.

දෙවියන්වහන්සේ උතුම් වචනය විශ්වාස කරමින් අපි සියල්ල කරමු.

අපි යාච්ඤා කරමින් ඉල්ලූ දේවල් ලැබුණු බව ඇදහිල්ලෙන් විශ්වාස කරමු.

“යේසුස්වහන්සේගේ තුවාල වලින් මා සුවයි” කියා පවසන්න. (1 පේතෘස් 2:24)

”දෙවියන්වහන්සේගේ තේජස් සම්පතේ ප‍්‍රකාරයට මගේ සියලු හිඟකම් සම්පූර්ණ කර තිබේ ”යැයි පවසන්න. (පිලිප්පි 4:19)

“ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය, මට හිඟයක් නොවන්නේයැයි” පවසන්න. (ගීතාවලිය 23:1)

ඇදහිල්ලේ වචනය පවසන දේ ගැන දෙවියන්වහන්සේ ප‍්‍රසන්නය.

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීම තුළිණි. (රෝම 10:17)

ඇදහිල්ල භය දුරුකරයි. ඇදහිල්ල ඔබගේ ජීවිතයේ නොහැදිලිකාරකම සම්පූර්ණයෙන්ම විනාශ කරයි. ඔබගේ ජීවිතයට ධෛර්යය, ශක්තිය ගෙන දෙයි.

ඇදහිල්ල ඔබට හෙට දවසට මුහුණ දීමට උපකාරි වෙයි. ඔබගේ සිතේ තිබෙන කැළඹිලි තත්වයෙන් ඔබ නිදහස් කරයි.

1 තිමෝති 4:6
[6] නුඹ මේ දේවල් සහෝදරයන්ට සිහිකරවන්නෙහි නම්, ඇදහිල්ලේද මේ දක්වා නුඹ අනුව ගිය යහපත් ගුරුකමේද වචනවලින් නුඹ පෝෂ්‍යවී, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් සේවකයෙක් වන්නෙහිය.

ඇදහිල්ලේ වචනය අසන විට දෙවියන්වහන්සේට ළංවීමක් සිදුවේ. දෙවියන්වහන්සේ මාගේ හොඳම මිත‍්‍රයෙක්යැයි විශ්වාසයක් ඇතිවේ.

ඇදහිල්ලෙන් ඔබට දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කිරීමට හැකියාවක් ලැබෙයි. (හෙබ්‍රෙව් 11:6)

ඇදහිල්ලේ පලිහ තුළින් ඔබට යක්ෂයාගේ සියලු ගිණිහෙලි නිවාලීමට පුළුවන. (එපීස 6:16)

ඇදහිල්ලේ මස තිබෙන්නේ දෙවියන්වහන්සේ වචනය තුළයි. එය දිගටම කෑමෙන් අපට දෙවියන්වහන්සේ ප‍්‍රසන්න ජීවිතයත් ගත කරමින් ජීවත්විය හැකිය.

යක්ෂයා ඇදහිල්ලේ මනුෂ්‍යයාට කැමති තැත. යක්ෂයා කැමැත්ත දක්වන්නේ හැඟීම්බරව ජීවත් වන සෙන්ඟටයි.

ඔබ සෑම වෙලාවේම හැඟීම් බරව ජීවත්වන්නෙක් නම්, ඔබගේ හොඳම මිත‍්‍රයෙක් වන්නේ යක්ෂයාය.

ඔබ ඇදහිල්ලේ ගමනක් ගමන් කිරීමට තීරණය කළහොත් ඔබගේ හොඳම මිතුරා වන්නේ යේසුස්වහන්සේය. (යොහන් 15:14-15)

ඇදහිල්ලේ පියා ලෙස පවසන ආබ‍්‍රහම්ව හඳුන්වන්නේ දෙවියන්වහන්සේ මිත‍්‍රයෙක් ලෙසයි.

යෙහෝෂාපාට් රජ තමන්ට වටකර සතුරු ප‍්‍රහාරයක් පැමිණි මොහොතේ ආබ‍්‍රහම් දෙවියන්වහන්සේගේ මිත‍්‍රයායයි සිහිකරමින් දෙවියන්වහන්සේට කන්නලව් කරයි.

‭2 ලේකම් 20:7
[7] ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඉදිරිපිටින් ඔබම මේ දේශයේ වැසියන් පන්නාදමා, ඔබගේ මිත්‍රවූ ආබ්‍රහම්ගේ වංශයට ඒක සදාකාලයටම නුදුන්සේක්ද?

ආබ‍්‍රහම්ට දරුවෙක් නොමැතිව “සියලු ජාතීන්ගේ පියා” කියන නාමය ඇදහිල්ලෙන් විශ්වාස කරන ලද්දේය.

ආබ‍්‍රහම්ට දෙවියන්වහන්සේ පොරොන්දුවේ දරුවෙක් දෙනු ලැබුවේය. ඒ දරුවාගේ වංශයෙන් යේසුස්වහන්සේ උපත ලැබීය.

අද දෙවියන්වහන්සේගෙන් ඉපද ලත් ආශීර්වාද සෙනඟ හඳුන්වන්නේ ආබ‍්‍රහම්ගේ වංශය කියාය.

ඇදහිල්ලෙන් ගමන් කරන පුද්ගලයන්ට දෙවියන්වහන්සේ හා සමඟ සමීප සම්බන්ධතාවයක් ඇත.

ඔබ දෙවියන්වහන්සේගේ මිත‍්‍රයෙක් හෝ ඇදහිල්ලෙන් ප‍්‍රඥාවන්තයෙකු වීමේදී ලෝකයා ඉදිරියේ ඔබ මෝඩයෙකු ලෙස පෙනෙන්නට පුළුවන.

‭1 කොරින්ති 3:18
[18] කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.

ප‍්‍රඥාවන්ත මනුෂ්‍යයා පවසන්නේ, “මම දැක්කොත් විශ්වාස කරන්නෙමි” කියාය. නොපෙනෙන දේ විශ්වාස කරන්නේ ඇදහිල්ලේ වීරයෙක්ය.

කිසිවෙකුට ඔබව රැවටීමට ඉඩ නොදෙන්න.

“ලෝකයේ පෙනෙන දේවල්වලට වඩා දෙවියන්වහන්සේගේ වචනය උතුම් බව” සැබෑ ප‍්‍රඥාවන්තයා තේරුම් ගත යුතුයි.

දකින, පෙනෙන, රසබලන දේ විශ්වාස කිරීම ඇදහිල්ල නොවේය.

ලෝකයේ ප‍්‍රඥාව මනුෂ්‍යයා මුළා කර විනාශයට පත්කර ඇත.

දේශනාකාරයා 9:13-15
[13] ඉර යට මෙයාකාර ප්‍රඥාවක් දුටිමි, එය මට මහත්ව පෙනුණේය. [14] මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඇති කුඩා නුවරක්විය; මහත් රජෙක් ඊට විරුද්ධව ඇවිත්, එය වටලාගන, ඊට විරුද්ධව මහත් බලකොටු ගොඩනැගුවේය. [15] එහි දිළිඳුවූ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු තමාගේ ප්‍රඥාවෙන් ඒ නුවර ගැළෙවුවේය. එහෙත් කිසිවෙක් ඒ දිළිඳු මනුෂ්‍යයා සිහිකළේ නැත.

නොවටිනා කෙනාගේ ප‍්‍රඥාව කිසිවෙක් පිළිගත්තේ නැත.

දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව තුළ සිටින ඔබ මනුෂ්‍යයාගේ පිළිගැනීම් බලාපොරොත්තුවෙන් ඔවුන් ඉදිරියට නොයන්න.

සමහර මනුෂ්‍යයන් තම ප‍්‍රශ්න විසඳා ගැනීමට පමණක් තාවකාලිකව යේසුස්වහන්සේව සොයයි.

ඔවුන්ගේ ප‍්‍රශ්නය තාවකාලිකව විසඳුනත්, ඔවුන් සැබෑවට යේසුස්වහන්සේ ස්වාමීන් කියා පිළිනොගන්නා හෙයින්, යක්ෂයා ඔවුන් සිටි තත්වය සත් ගුණයකින් වැඩි කර ඔවුන්ට පහර දෙන්නේය. (මතෙව් 19:43-45)

යේසුස්වහන්සේව “ස්වාමීන්” ලෙස පිළිගෙන, දෙවියන්වහන්සේ තමාගේ හදවත තුළට ආරාධනා කරන කෙනා ආශීර්වාදලද්දෙක්ය.

නුදුටු දේ කෙරෙහී විශ්වාස කිරීම පුදුමාකාර ඇදහිල්ලකි.

‭1 පේතෘස් 1:8
[8] නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,

නොදකිනා දෙවියන්වහන්සේට ප්‍රේම කරන්න.

දෙවියන්වහන්සේව ස්ථානයකට සීමා කළ නොහැකිය. උන්වහන්සේ පිළිමයක් නොවේ. උන්වහන්සේ ඔබගේ හුස්ම හා සමානය. උන්වහන්සේව නැමදිය යුත්තේ ආත්මයෙන් හා සැබෑකමින්ය. (යොහාන් 4:24)

දෙවියන්වහන්සේට අවශ්‍ය ඔබගේ සිතට ඇතුල්වී ඔබත් සමඟ වාසය කිරීමටය.

යේසුස්වහන්සේගේ මරණයට පෙර, දෙවියන්වහන්සේ යෙරුසලම් දේව මාළිගාවේ වාසය කරන ලදි.

දෙවියන්වහන්සේ ගින්නක් හා සමානය. උන්වහන්සේගේ ශුද්ධත්වය හමුවේ උන්වහන්සේට ළංවීමට කිසිවෙකුට නොහැකිවිය.

එහි ගිවිසුම් පෙට්ටිය හා උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛත්වය තිබුණි.

මිනිසුන් දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට, පුජා පැවැත්වීමට මෙම දේව මාළිගාවට යන ලදි.

දේව මාළිගාවේ ශුද්ධස්ථානය හා අති ශුද්ධස්ථානය වෙන්කරන විශාල තිරයක් තිබුණි.

යේසුස්වහන්සේ කුරුසපත් වී පාප පූජාව කළේ මුලු මහත් මිනිස් සංහතියම වෙනුවෙනි.

එයින් පසුව ඕනෑම කෙනෙකුට උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛත්වයට ඒමට පුළුවන් කම ලැබුණි.

දෙවියන්වහන්සේ ඕනෑම අපවිත‍්‍ර කෙනෙක්ව පවිත‍්‍රකර පිළිගනී.

කලින් අති ශුද්ධ ස්ථානයට යන්ට පුළුවන් වූයේ උත්තම පූජකයාට පමණි. ඔහු තුළ අපවිත‍්‍ර දෙයක් කළේතිබුණේ නම් ඔහුද විනාශයට පත්වන්නේය.

යේසුස්වහන්සේගේ පූජාව තුළින් දෙවියන්වහන්සේගේ කෝපය උන්වහන්සේ නිවා ගන්නා ලදි.

අද ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරනසේක.

යේසුස්වහන්සේගේ පූජාව තුළින් දේව මාළිගාවේ තිරය ඉරාදමා, දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් අතරට පැමිණෙන ලදි. දැන් උන්වහන්සේ වාසය කරන්නේ අප තුළ, අප අතරය.

දෙවියන්වහන්සේ අපට නිදහස් කැමැත්තක් දී ඇත. ඒ නිදහස් කැමැත්ත තුළ අප දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේ යැයි පිළිගෙන, දෙවියන්වහන්සේට අප තුළට වඩින්න, අපගේ මිත‍්‍රයෙක් වෙන්න යැයි ආරාධනා කරමින් දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවය ගොඩනඟා ගෙන ඇදහිල්ලෙන් ගමන් කිරීමට තීරණය කර ගනිමු.

ඔබ දෙවියන්වහන්සේගේ ප‍්‍රකාශවීම බලාපොරොත්තු නොවන්න. මන්ද යක්ෂයා පවා ආලෝකයේ දූතයෙකු ලෙසින් පැමිණ, ඔබව මුළා කිරීමට පුළුවන.

දෙවියන්වහන්සේව නොදැක අප න්වහන්සේව විශ්වාස කළ යුතුය.

උන්වහන්සේගේ සදාකාල ප‍්‍රේමයෙන් අපට ප‍්‍රේමකර, දයාබරකමින් ඇදගත් බව විශ්වාස කරමු.

‭යෙරෙමියා 31:3
[3] ස්වාමීන්වහන්සේ පුරාණයේදී මට ප්‍රකාශවී–එසේය, සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේමකෙළෙමි. එබැවින් දයාබරකමින් නුඹ ඇදගතිමියි කීසේක.

දෙවියන්වහන්සේ ප‍්‍රකාශවූවා යනු පෙනී සිටියා නොව, දැනෙන පරිදි උන්වහන්සේගේ අභිමුඛත්යව ක‍්‍රියාත්මක වීමය.

සැම මොහොතකම ඔබට දෙවියන්වහන්සේගේ සදාකාල ප‍්‍රේමය දැනෙනු ඇත.

සදාකාල ප‍්‍රේමයකින් අපට ප‍්‍රේමකළාට අප දෙවියන්වහන්සේට ස්තූතියි කියන කල, උන්වහන්සේගේ දයාබරකමින් උන්වහන්සේ අපව ඇදගනු ඇත.

ඔබගේ ලෞකික මිතුරන් කුමන හෝ හේතුවකින් ඔබ අතහැර ගියත්, දෙවියන්වහන්සේ ඔබව අත නොහැර, ඔබගේ සදාකාල මිත‍්‍රයාව සිටිමින් සැමකල්ම ඔබ සමඟ සිටිනු ඇත.

දෙවියන්වහන්සේ ප‍්‍රකාශවිය යුතුයැයි කියමින් උඩඟු ලෙස නොහැසිරෙන්න. දෙවියන්වහන්සේ උඩඟු අය තුළ ක‍්‍රියා නොකරනු ඇත.

දෙවියන්වහන්සේව ඇදහිය යුත්තේ ඔබ ප‍්‍රිය කරන දෙයට නොව, දෙවියන්වහන්සේ සිටින බව විශ්වාස කිරීමෙනි.

“යෙහෝවා ෂම්මා” යන වචනයේ අර්ථය, ස්වාමීන්වහන්සේ සිටින බව මම විශ්වාස කරනවා යන්නය.

උන්වහන්සේ මට පෙනුනත්, නැතත් මගේ විශ්වාස තිබෙන්නේ උන්වහන්සේගේ බලපුලුවන්කාර කම තුළය.

මගේ විශ්වාස තිබෙන්නේ මනුෂ්‍යයාගේ ප‍්‍රඥාව මත නොව, දෙවියන්වහන්සේ තුළ මට තිබෙන ඇදහිල්ල මතය.


Watch the Sermon Video

Read 186 times