+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
ආත්මයට මාංශය විරුද්ධ වෙයි - මනූ මැතානි
June 30, 2024 Sunday Sermon Notes
වචනය ප්‍රකාශ කිරීමෙන් අපට පොරොන්දු අත්පත් කර ගත හැකිය.
අපි දකින දකින දේවල් ප්‍රකාශ නොකර, විශ්වාස කරන දේ දේව වචනයට අනුව එකඟ නම්, ප්‍රකාශ කිරීම පුරුද්දක් කර ගනිමු.
අපි ප්‍රකාශන කිහිපයක් කරමු.
ආදර දෙවි පියාණනී, ඔබට ස්තූතිවන්ත වෙනවා, මේ එළිදරව්ව අපට ලබා දුන් නිසා.
ඔබවහන්සේගේ වචනයට අදාල දේවල් පමණක්, ඔබවහන්සේගේ බලවත් ජීවමාන වචන මම විශ්වාස කරමි.
ඒ වචන මාගේ තොල්වල, මාගේ සිතෙහි, මාගේ මුඛයෙහි තබා, මා දිනපතා ප්‍රකාශ කරමි.
ස්වාමිනී ස්තූතිවේවා, ඔබවහන්සේගෙන් මට ලැබී තිබෙන දේවල් ප්‍රකාශ කරමින් පොරොන්දු අත්පත් කර, ජීවත්වෙන්නට මම තීරණය කර තිබෙන්නේ.
ස්තූතියි ස්වාමිනී, ඔබවහන්සේ මාව බලවත් කර තිබෙන බව මම විශ්වාස කරමි.
ඔබවහන්සේගේ තුවාල වලින් මාව ශක්තිමත් කළ බව මම විශ්වාස කරමි.
දෙව් ප්‍රීතිය මාගේ ශක්තියයි කියා මා විශ්වාස කරමින් ප්‍රකාශ කරමි.
ස්තූතියි ස්වාමිනී, ඔබවහන්සේගේ වචනය තුළින්, ඔබවහන්සේගේ පොරොන්දු මාගේ ජීවිතයේ දිනපතා ඉෂ්ට කළ බව.
ස්තූතියි ස්වාමිනී, යේසුස්වහන්සේගේ නාමෙන් ආමෙන්!
ස්වාමීන්වහන්සේගේ වචන ප්‍රකාශ කිරීම කොයිතරම් අලංකාරයිද!
ඔබට දේව වචනයේ ඇති පොරොන්දු යාච්ඤා කරනවාසේම, අන්‍ය භාෂාවෙන්ද යාච්ඤා කළ හැකිය. එසේ කිරීමෙන් ඔබ යාච්ඤා කරන්නේ දේව කැමැත්ත අනුවය. එයින් ඔබගේ ජීවිතයට ජයග්‍රහණය ලැබෙන්නේය.
ඔබ අසන සෑම දේ සත්‍යය නොවේය. සත්‍යය නම්, දෙවියන්වහන්සේගේ වචනයයි.
සමහර බොරු ගුරුවරු දේව වචනය පාවිච්චි නොකර, තමාගේ සිතට එන දේ කතා කරයි. එහෙත් අප කතා කළ යුත්තේ දේව වචනයයි.
ඔබ කතාවට දක්ෂයෙකු වුවත් ස්වාමීන්වහන්සේ සනාථ කරන්නේ උන්වහන්සේගේ වචනයයි.
යේසුස්වහන්සේ පැවසුවේ, උන්වහන්සේගේ ඉකුත්වයාමෙන් පසුව, උන්වහන්සේ තබා යන්නේ උන්වහන්සේගේ වචන කියාය. උන්වහන්සේගේ වචන ජීවමානය, ආත්මිකය.
යොහන් 6:63
[63] ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.
ජීවත් කරන්නේ ආත්මයයි. සුවය තිබෙන්නේ ආත්මයාණන්වහන්සේ තුළින්ය.
ඔබට තීරණයක් ගන්නට අවස්ථාවක් පැමිණෙන විට ඔබ මාංසයෙන් නොව, යාච්ඤා කර කාලයක් ගෙන හොඳ තීරණයක් ගත යුතුය.
මාංසයෙන් ගමන්කරන්නාගේ දුර්වලතාවය දකින යක්ෂයා, ඔවුන් විනාශය කරා ගෙන යති.
අප ගමන් කළ යුත්තේ සත්‍යතාවේ වචනයෙන්ය. සත්‍යතාවේ වචනය ඔබව ආරක්ෂා කරයි. වචනය අනුව ඔබගේ තීරණ ගැනීම වැදගත්ය.
මාංසාකාර සිතුවිලි තිබෙන කල, යක්ෂයා ඔබට මරණය ගෙන එයි. ඔබ වෙනුවෙන් යක්ෂයාට කිසි අනුකම්පාවක් නොමැත.
රෝම 8:6
[6] මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.
වතුර බවිතිස්මය ලබාගෙන අප නව මැවිල්ලක් වුවත්, මාංශාකර මනස තුළ තිබෙන දේවල් අප වෙනස් කරගන්න අවශ්‍යයයි.
බහුතරයක් එකතුව කරන දේ සත්‍යය නොවේ. සත්‍යය නම්, දෙවියන්වහන්සේගේ වචනයයි. සත්‍යය ඔබව නිදහස් කරයි.
යොහන් 17:18
[18] ඔබගේ වචනය සත්‍යතාවය.
ලෝකාකාර අයගේ පසුපස නොගොස්, ඇදහිල්ලෙන් හා ඉවසිලිවන්තකමෙන් පොරොන්දු උරුමකරගත් අයගේ අඩිපාරේ ගමන් කළ යුතුය.
ඉවසිලිවන්තකම හොඳ චරිත ගුණාංගයකි.
හෙබ්‍රෙව් 6:12
[12] ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.
පොරොන්දු උරුමකරගත් අය ජීවිතයේ සත්‍යයට මුල් තැන දෙමින්, සැබෑවු වචනය පිළිඅරගෙන, තම චරිතය ගොඩනඟා ගන්නේ මාංසයට ඉඩනොදී, ඉවසීමෙන් කටයුතු කළ නිසාය.
සැමදා දෙවියන්වහන්සේගේ වචනයේ ප්‍රතිපත්ති වලට විරුද්ධව නොයන්න.
දෙවියන්වහන්සේ පවසන මාර්ගයේ දකුණටවත්, වමටවත් නොහැරී එක සිතකින්, එක මනසකින් ගමන් කළ යුතුයි.
මෝසෙස්ගේ මරණින් පසු දෙවියන්වහන්සේ මෙලෙසින් යෝෂුවාට පවසන ලදි. (යෝෂුවා 1:5-7)
මෝසෙස් කෙතරම් දක්ෂ නායකයෙක් වුවත්, සෙනඟගේ කෙඳිරිලි, මැවිසිලි, විවාද මධ්‍යයේ ඔහු මහත් පීඩනයකට පත්විය. (ගණන් කථාව 20:2-5)
අපගේ ජීවිතයේ යම් පීඩනයක් තිබේනම්, එයට යම් විසඳුමක් සෙවිය යුතුය. එසේ නොවුනහොත්, අප ඒ පීඩනය හේතුවෙන් වැරදි තීරණයක් ගනී.
ඔබගේ ජීවිතයේ පැටලිලි සහගත තත්වයන්ට පත්වන අවස්ථාවන්හි ස්වාමීන්වහන්සේට එය පවසමින් මොහොතක් ඒ ගැන සිතන්න.
සෙනඟගෙන් පැමිණි පීඩන තත්වය හේතුවෙන් ඔහුගේ ඇදහිල්ලට බාධාවක් පැමිණේයැයි මෝසෙස් නොසිතුවේය.
කුමන තත්වයක් පැමිණියත් දෙවියන්වහන්සේගේ වචනයෙන් පිට දෙයක් නොකරන්න. ඔබගේ සිත ආරක්ෂා කර ගැනීම වැදගත්ය.
දෙවියන්වහන්සේ සමඟ මුහුණට මුහුණලා කතා කළ, බලවත් මනුෂ්‍යයෙකුව සිටි මෝසෙස්, මෙහිදී තම තීරණය පටලවා ගන්නා ලදි.
සෙනඟට වතුර ලබා දෙන පිණිස දෙවියන්වහන්සේ මෝසෙස්ට පැවසුවේ, ඔවුන් රැස්කරවා පර්වතයට කතා කරන ලෙසයි.
ගණන් කථාව 20:8
[8] නුඹද නුඹේ සහෝදරවූ ආරොන්ද සැරයටිය රැගෙන, සභාව රැස්කර, පර්වතය විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඊට කථාකරන්න; එසේ ඔවුන්ට පර්වතයෙන් වතුර ගෙන්වා සභාවටත් ඔවුන්ගේ සිව්පාවුන්ටත් බොන්ට දෙන්නැයි කීසේක.
සෙනඟගේ පීඩනය හමුවේ සිටි මෝසෙස්, දෙවියන්වහන්සේ කියු දේ හරි සේ පහදා නොගන්නා ලදි. දෙවියන්වහන්සේ පැවසුවේ, පර්වතයට කතා කරන්න කියාය.
මෙම පර්වතය ක්‍රිස්තුස්වහන්සේගේ චායාවකි. (1 කොරින්ති 10:4)
දෙවියන්වහන්සේ පළමු වර පැවසුවේ, පර්වතයට ගසන්න කියාය (නික්මයාම 17:6), එනම්: අපගේ පාප උදෙසා ක්‍රිස්තුස්වහන්සේව කුරුසියට ඇණ ගැසීමය.
නමුත් දෙවැනි වතාවේ, කුරුසපත් කිරීමක් කළ නොහැක. දැන් තිබෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ සමඟ සමීප සම්බන්ධයක් ඇතිව, ඔබගේ පිපාසය සංසිඳුවන තරමට ක්‍රියා කිරීමය.
මෝසෙස්ට ස්වාමීන්වහන්සේ කියු දේ කරන්නට යන අතර මෝසෙස් පීඩනයේ වචන කතා කරනු ලැබුවේය.
ගණන් කථාව 20:9-11
[9] මෝසෙස් ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ ලෙස උන්වහන්සේ ඉදිරියෙන් සැරයටිය ගත්තේය. [10] මෝසෙස් සහ ආරොන් සභාව පර්වතය ඉදිරියට රැස් කළෝය. ඔහු: කැරළිකාරයිනි, අසන්න; අප විසින් මේ පර්වතයෙන් නුඹලාට වතුර ගෙන්වා දෙන්ටදැයි ඔවුන්ට කියා, [11] තමාගේ අත ඔසවා සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසීය. එවිට වතුර බොහෝසෙයින් ගලාආයේය, සභාවද ඔවුන්ගේ සිව්පාවෝද එයින් බීවෝය.
මෝසෙස් ඇසුවේ, “අපිද නුඹලාට බොන්ට වතුර දිය යුත්තේ” කියාය.
ඔවුන්ගේ පිපාසය සංසිඳුවීමට ක්‍රියා කළේ මෝසෙස් නොව, දෙවියන්වහන්සේය.
මෝසෙස් දෙවරක් පර්වතයට ගසා, දෙවියන්වහන්සේට සම්පූර්ණයෙන්ම අකීකරු වූයේය.
දෙවියන්වහන්සේ පැවසුවේ, පර්වතයට කතා කරන ලෙස නමුත් මෝසෙස් දෙවරක් එයට ගසන ලදි.
දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට වතුර දුන් නමුත් එවෙලේම මෝසෙස්ව විනිශ්චයකරන කරනු ලැබුවේය.
ගණන් කථාව 20:12
[12] ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: නුඹලා ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි මට ගෞරව පැමිණෙන ලෙස මා කෙරෙහි විශ්වාස නොකළ බැවින් මේ සභාවට මා විසින් දුන් දේශයට නුඹලා ඔවුන් නොපමුණුවන්නහුයයි කීසේක.
මෝසෙස් දේව හඬට අකීකරු වූ නිසා, දෙවියන්වහන්සේ ඔහුට විනිශ්චය ගෙන ආවේය. මෝසෙස්ට මේ අකීකරුකම නිසා, පොරොන්දු දේශයට යන්නට බැරි වුණේය.
දෙවියන්වහන්සේගේ පොරොන්දු උරුම කර ගැනීමට නම්, අපි උන්වහන්සේ කියන ආකාරයට ක්‍රියා කරමින් දියුණු වීමටත්, සඵලවීමටත් ආශීර්වාදයේ ගමන් කිරීමටත් උන්වහන්සේගේ ප්‍රතිපත්ති පාවිච්චි කරමු.
දෙවියන්වහන්සේගේ පවසන වේලාවට ඒ දේ කරමු. ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ තුළ වාසය කරන බැවින් ඔබ කළ යුතු දේ උන්වහන්සේ පෙන්වා දෙන්නේය. එවිට ඔබ කරන්නාවු ඕනෑම දෙයක් සඵල වනු ඇත.
දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබගේ කීකරුකමයි.
මොසෙස්ට පසුව, සෙනඟව පොරොන්දු දේශයට ගෙනයාමේ වගකීම හා නායකත්වය දෙවියන්වහන්සේ යෝෂුවාට භාර දුන්නේය.
යෝෂුවා 1:5
[5] නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුඹ සමඟත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි, නුඹ අත්නාරින්නෙමි.
දෙවියන්වහන්සේ යෝෂුවාට කතා කරමින්, උන්වහන්සේ මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම යෝෂුවා සමඟද සිටින බවත්, ඔහුට ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින ලෙසත් පැවසුවේය.
යෝෂුවා 1:6
[6] ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.
දෙවියන්වහන්සේ යෝෂුවාට පැවසුවේ, දකුණටවත් වමටවත් නොහැරෙන ලෙසටය. එනම් එක මනසකින් ගමන් කරමින් සිටින ලෙසයි.
යෝෂුවා 1:7
[7] මාගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යවත්ව සිටින්න. නුඹ යන සෑමතැනදීම නුඹට ශුභ සිද්ධවන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න.
දෙවියන්වහන්සේ ඔබට යමක් කතා කළා නම්, උන්වහන්සේ පවසන ලෙස ඒ ගමන යෑමෙන් ඔබට සාර්ථකත්වය ලබා ගත හැක. වාතාවරණය අනුව ගමන් නොකරන්න.
ඔබව පහසුවෙන්ම හසුකරන්නාවු පාපයන්ගෙන් ඈත්ව, ඔබගේ ඇදහිල්ලේ කර්තෘ වන යේසුස්වහන්සේ දෙස බලමින් ඉවසිලිවනතව ගමන් කිරීමෙන් ඔබ යන සෑම තැන්හීම සඵල වනු ඇත. (හෙබ්‍රෙව් 12:1)
අපගේ සැපයුම්කරු උපකාර කරන්නාවූ ස්වමීන්වහන්සේය. වට පිට නොබලා උන්වහන්සේ දෙස බලමින් ගමන් කරමු.
පේතෘස්ටද යේසුස්වහන්සේ මෙන් මුහුද පිට ඇවිදින්නට අවශ්‍ය වුණි. යේසුස්වහන්සේ ඔහුට පැමිණෙන්නයැයි කියු විට, ඔහු මද දුරක් ගොස් වට පිට බලා, භය වී ගිලෙන්නට පටන් ගත්තේය. (මතෙව් 14:28-31)
කෙතරම් ලාභ ප්‍රයෝජන ලැබීමට තිබුනත් එය දෙවියන්වහන්සේගේ දෙයක් නොවේ නම් ඔබ එය පිළි නොගන්න.
යාකොබ් 4:13-15
[13] මෙන්න: අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළෙඳාම්කොට ලාභ උපදවාගන්නෙමුයයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න. [14] මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය. [15] එබැවින්: ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි නුඹලා විසින් කිය යුතුය.
යක්ෂයා උත්සාහ කරන්නේ මනුෂ්‍යයන් පාවිච්චි කරමින් ඔබව නොමඟ යැවීමටය.
යක්ෂයා ආත්මයක්ය. ආත්මයට ඇට හා මස් නොමැත. යක්ෂයා පැමිණෙන්නේ සිතුවිලි වලින් හා මනුෂ්‍යයන් තුළිනි.
ශු. ලූක් 24:39
[39] මාගේ අත් පා බලා, ඒ මමම බව දැනගන්න. මා අතගා බලන්න. මක්නිසාද මස් හා ඇට මට තිබෙනවා නුඹලාට පෙනෙන ලෙස ආත්මයකට නැතැයි කීසේක.
ශු. ලූක් 24:37
[37] නුමුත් ඔව්හු ත්‍රස්තව, භයපත්ව, ආත්මයක් පෙනුණේයයි සිතුවෝය.
ඔබ ,කුමක් කළත් ස්වාමීන්වහන්සේගේ කැමැත්ත අනුව ක්‍රියා කළ යුතුය.
යාකොබ් 4:15
[15] එබැවින්: ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි නුඹලා විසින් කිය යුතුය.
අහංකාර සිතුවිලි යෝජනා පාරට්ටුකිරීම් පැමිණෙන්නේ නපුරාගෙනි.
යාකොබ් 4:16
[16] නුමුත් දැන් නුඹලාගේ අහංකාර කථාවලින් නුඹලා පාරට්ටුකරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය.
දෙවියන්වහන්සේ එලියාට පැවසුවේ, කෙරිත් ඔය ළඟ සැඟවී සිටින ලෙසත්, දෙවියන්වහන්සේ ඔහුට කෑම දීමට කපුටුවන්ට අණ කරන බවත්ය. (1 රාජාවලිය 17:2-4)
එලියා උසස් දේවල් සොයන්නට ගියේ නැත. ඔහු දෙවියන්වහන්සේට කීකරුවී එම ස්ථානයේ රැඳී සිටින ලදි.
සමහර අය දෙවියන්වහන්සේ යම් දෙයක් ඉටු කිරීමට පෙර, ඔවුන්ගේ අභිමතය මත ක්‍රියා කරන්නට යයි.
මනුෂ්යයාකාරව කරන දේවල් හා ආත්මයෙන් ගමන් කරන්නේ කෙසේද කියා එහි වෙනස පැහැදිලිව වටහා ගැනීමට නම්, පරණ ගිවිසුම ඉතා වැදගත්ය.
සාවුල් රජට සාමුවෙල් අනාගතවක්තෘ පැමිණෙන තුරු යුද්ධයට යාමට දෙවියන්වහන්සේගෙන් අවසර නොතිබුණි.
සතුරු හමුදාව ළංවන විට සාමුවෙල් ප්‍රමාද වු නිසා සාවුල් රජ ඇතුලු සෙනඟ බියට පත්වුණි.
1 සාමුවෙල් 13:5-7
[5] පිලිස්තිවරු ඉශ්රායෙල් සමඟ යුද්ධකරන පිණිස රථ තිස්දාහක්ද අසරුවන් හයදහසක්ද ගණනින් මුහුදු වෙරෙළ් වැලිමෙන් වූ සෙනඟක්ද ඇතුව රැස්වී ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය. [6] තමුන් අන්තරායට අසුවී ඉන්න බව ඉශ්රායෙල් මනුෂ්‍යයෝ දුටුවෝය. (මක්නිසාද සෙනඟ පීඩිතව සිටියෝය.) එවිට සෙනඟ ගුහාවලද කැලෑවලද පර්වතවලද කොත්වලද වළවල්වලද සැඟවුණෝය. [7] සමහර හෙබ්‍රෙව්වරු ගාද් දේශයටත් ගිලියද් දේශයටත් යොර්දානෙන් එගොඩව ගියෝය; නුමුත් සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේය, මුළු සෙනඟ වෙවුලමින් ඔහු පස්සේ ගියෝය.
දෙවියන්වහන්සේගේ පිළිතුර ප්‍රමාද වුවත් ඔබ සිටින ස්ථානයේම රැඳී සිටින්න.
පරණ ගිවිසුමේ දෙවියන්වහන්සේ පණිවිඩ දීමට අනාගතවක්තෘන් පාවිච්චි කළ නමුත්, නව ගිවිසුම තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ තුළ වාසය කරන හෙයින් ඔබට උන්වහන්සේගේ හඬ ඇසීමට පුළුවන.
1 සාමුවෙල් 13:8
[8] ඔහු සාමුවෙල් විසින් නිමකර තිබුණු කාලයේ හැටියට සත් දවසක් නැවතී සිටියේය. නුමුත් සාමුවෙල් ගිල්ගාල්ට නාවේය; සෙනඟද ඔහු වෙතින් විසිර ගියෝය.
සාමුවෙල් අනාගතවක්තෘ ප්‍රමාද වු හෙයින් සාමුවෙල්ට අයත් කටයුත්ත සාවුල් විසින් කරන ලදි. (1 සාමුවෙල් 13:9)
1 සාමුවෙල් 13:13
[13] සාමුවෙල්ද සාවුල්ට කථාකොට: නුඹ අණුවන ලෙස ක්‍රියාකෙළෙහිය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ උන්වහන්සේගේ ආඥාව රක්ෂාකළේ නැත. රක්ෂාකළා නම් ස්වාමීන්වහන්සේ නුඹේ රජකම ඉශ්රායෙල් කෙරෙහි සදාකාලේටම ස්ථිරකරනවා ඇත.
සාවුල්ගේ ඉක්මන්කාරකම හේතුවෙන් ඔහුගේ රජකම සදාකාලයටම හිමිකර ගැනීමට නොහැකි වූයේය.
ශුද්ධාත්මයාණන්වහන්සේ ප්‍රමාද වන්නේ නැත. උන්වහන්සේ නියම වෙලාවට ක්‍රියාකරනු ඇත. ඔබ ඉවසිල්ලෙන් බලා සිටින්න.
කලබල වෙලාවේදී කිසිදා තීරණ නොගන්න.
හෙබ්‍රෙව් 12:1-2
[1] එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. [2] උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.
ඉවසීමෙන් ඔබගේ පොරොන්දු උරුමකර ගත යුතුය.
ශු. ලූක් 21:19
[19] නුඹලා ක්ෂාන්ති ගුණයෙන් සිටීමෙන් නුඹලාගේ ආත්ම දිනාගන්නහුය.
ඉවසීමෙන් ඔබේ මනස පාලනය කර ගත හැකිය.
මනුෂ්‍යයන් ඔබගේ ජීවිතය පාලනය කරන්නට ඒම, යෙසබෙල් ආත්මයකි.
කිසි කෙනෙකුට කිසිවෙකුව පාලනය කිරීමට දෙවියන්වහන්සේ අනුමත දී නොමැත.
හිතෝපදේශ 25:28
[28] තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.
මනස පාලනය කර ගන්න බැරි කෙනෙක් පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.
දෙවියන්වහන්සේ ඔබට කරන්න කියන්නාවු දේ කර, එහි සඵලත්වය භුක්ති විඳින්න.
Watch the Sermon Video