+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබේ ඇදහිල්ල දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කරයි - මනූ මැතානි
July 7, 2024 Sunday Sermon Notes


අපගේ ගමන ආරම්භ කළේ ඇදහිල්ලෙන්ය. අප ජීවත්වන්නේද ඇදහිල්ලෙනි. අවසානය දක්වා අපගේ ඇදහිල්ල අප රක්ෂා කරගෙන සිටිය යුතුය.

කිතුනු ජීවිතය ආරම්භයේදීම ඔබ විශ්වාස කළාවු දේවල් අදවන විට, ඊටත් වඩා විශ්වාසයක් ලෙස ඔබ තුළ තිබිය යුතුය.

යේසුස්වහන්සේට යක්ෂයා පැවසුවේ, මේ ගල් රොටී වෙන්ට අණ කරන්න කියාය. යේසුස්වහන්සේ පැවසුවේ මනුෂ්‍යයා ජීවත්වන්නේ රොටී වලින් පමණක් නොව දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් කියාය. (මතෙව් 4:3-4)

අප වචනයෙන් පිට නොයන්නට තීරණය කර ගනිමු.

ධර්මිෂ්ඨයා ජීවත්වන්නේ ඇදහිල්ලෙනි.

යේසුස්වහන්සේ නිතරම කතා කළේ ඇදහිල්ලේ වාක්‍යයයි.

ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කළ නොහැකිය.

යේසුස්වහන්සේ නිතරම දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කරන ලදි.

යේසුස්වහන්සේගේ අන්වෙසක්වීමේදී පේතෘස් පැවසුවේ මෝසෙස්ටත්, එළියාටත් ඔවුන් සමඟ විසීමට මණ්ඩප සාදමු කියාය. (මතෙව් 17:3-4)

නමුත් දෙවියන්වහන්ගෙන් පැමිණි හඬ පැවසුවේ යේසුස්වහන්සේ ගැනය. මේ මාගේ ප‍්‍රේමවන්ත පුත‍්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප‍්‍රසන්නව සිටිමියි කියාය. (මතෙව් 17:5)

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරමින් උන්වහන්සේ ප‍්‍රසන්න ජීවිතයක් ගත කරන ලදි.

උන්වහන්සේ බොහෝ තැන්වල පැවසුවේ මා කරන්නේ මාගේ පියාණන්වහන්සේ කරන දේවල් කියාය. (යොහාන් 7:16)

යේසුස්වහන්සේ සියල්ලම කළේ පියාණන්වහන්සේගේ කැමැත්ත ප‍්‍රකාරයටය. (යොහාන් 5:30)

හෙබ්‍රෙව් 10:38
[38] ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.

ඇදහිල්ලෙන් පසුබට වෙන්නාවු තැනැත්තා කෙරෙහි දෙවියන්වහන්සේ ප‍්‍රසන්න නැත.

හෙබ්‍රෙව් 11:6
[6] නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.

ඇදහිල්ලෙන් ගැළවීම ලබා ඇදහිල්ලෙන් ගමන් කරන්නාවු අප ඇදහිල්ලේ වාක්‍යය කතා කිරීම ඉතා අගනේය.

ඇදහිල්ලෙන් ජීවත්වීම දෙවියන්වහන්සේට ප‍්‍රසන්නය.

අප ජීවත්වන්නේ පවතින වාතාවරණය අනුව නොව, ඊට ඉහළින්ය එනම්, ඇදහිල්ලෙනි.

ඇදහිල්ලෙන් ජීවත්වන ඔබව මනුෂ්‍යයා සුළු කරන්නේ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාය.

යක්ෂයා යේසුස්වහන්සේට පැවසුයේ, දේව මාළිගාවෙන් පහළට පනින්න. දේව දූතයන් නුඹ උසුලා ගනී කියාය. (මතෙව් 17:6)

නමුත් යේසුස්වහන්සේ යක්ෂයාගේ හඬට කන් නොදුනි.

ඔබත් යක්ෂයාගේ හඬට කන් නොදෙන්න. යක්ෂාවේශව සිටින මනුෂ්‍යයන් කියන දේ වලට අවනත නොවන්න.

දන්න සත්‍යය තුළ ගමන් කරන්න.

2 කොරින්ති 5:7
[7] (මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)

ඇදහිල්ලෙන් මනුෂ්‍යයන් ධෛර්යමත් කරමින් අප තුළ සිටින තැනැත්තේ ලෝකයේ සිටින තැනැත්තාට වඩා බලවත්යැයි පවසන්න. (1යොහන් 4:4)

යේසුස්වහන්සේ තෝමස්ට ප‍්‍රකාශ කළේ, නුඹ දැක්ක නිසා විශ්වාස කරන්නෙහිය. නොදුටු නමුත් විශ්වාස කරන්නාවු අය ආශීර්වාද ලද්දන් බවයි. (යොහන් 20:29)

තෝමස්ගේ ඇදහිල්ල මෙන් දැක්කොත් පමණක් විශ්වාස නොකර, පෙනීමේ හැටියට නොව, ඇදහිල්ලෙන් විශ්වාස කළ යුතුය.

බොහෝ මනුෂ්‍යයන් අද ඇදහිල්ලෙන් මුළාව ගොස් සිටිති.

1 තිමෝති 4:1 එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිලෙස කියනසේක.

මුළාකරන ආත්ම යනු යමක් ඉතා අලංකාර ලෙස ඔබට පෙන්වන ආත්මය.

යක්ෂයා මනුෂ්‍යයන්ගේ මනස්, ශරීර තුළට ඇතුල් වී යම් දේ කරමින් එය අලංකාරව පෙන්වමින්, රවටමින් අන් අයව එතුළට ඇදගනී.

යක්ෂයා ඔබව මුළාකරාට පසු යක්ෂයාගේ ගුරුකම් වලට ඔබව ඇදගනී.

යක්ෂයාගේ ගුරුකම් තුළ ඇත්තේ භිය, වියවුල්තාවය, සාධක කෙරෙහී විශ්වාස කිරීම හා දෙවියන්වහන්සේගේ දේට පටහැනි දේවල්ය.

මුළාකමේ ආත්ම තුළින් ඔබව ඇදහිල්ලෙන් අහකට ගෙන යාමට උත්සාහ කරයි.

මුළාකමේ ආත්ම තුළ දෙවියන්වහන්සේගේ වචනය නැත.

දෙවියන්වහන්සේගේ වචනය තුළින් නම්, ඔබගේ ජීවිතයේ අභ්‍යන්තරයෙන් වර්ධනයක් ගෙන එයි. ඔවුන් කතා කරන්නේ ඇදහිලේ වචනයයි.

ඔබට ඇදහිල්ලේ වාක්‍ය තුළින් මනුෂ්‍යයන්ව නැගී සිටුවිය හැකිය.
ඒවා කවදාවත් හිස් දෙඩවිලි ලෙස හිස්ව හැරී නොඑයි.

බයිබලයේ උත්පත්ති පොතේ සිට එළිදරව් දක්වා අධ්‍යයනය කළත් ඒ තුළින් අවසානයේ පැමිණිය යුත්තේ ඇදහිල්ලටමයි. දැනුම පමණක් ලබන්නා උඩඟු වෙයි.

1 කොරින්ති 8:1
[1] දේවතාවන්ට පුදනලද දේවල් ගැනය. අප සියල්ලන්ටම ඥානය ඇති බව දනිමුව. ඥානය උඩඟුකම උපදවයි, නුමුත් ප්‍රේමය වැඩ සිද්ධකරයි.

දෙවියන්වහන්සේ යමක් උගන්වන්නේ ඔබගේ ඇදහිල්ල තුළින් එය සිද්ධ වීමටය. ශක්තිමත්වී, ගොඩනැගීමක් කරන පිණිසයි.

ඔබට බිය ගැන දෙයක් කතා කිරීමට නොමැත. මන්ද දෙවියන්වහන්සේ අපට දුන්නේ භයාදුකමේ ආත්මයක් නොවේය. (2තිමෝති 1:7)

ඔබට ඇත්තේ ඇදහිල්ලේ චරිත ගුණාංගය.
පෙනෙන දේ කාලිකය. අප විශ්වාසය තැබිය යුත්තේ නොපෙනෙන දේ කෙරෙහිය.

‭2 කොරින්ති 4:18
[18] ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

නොපෙනෙන දේවල් සදහටම පවතින කාරණාය. එනම් අප දෙවියන්වහන්සේගෙන් ප‍්‍රකාශවෙන්නැයි පවසන දෙයක් ඇද්ද එය සදහටම පවතී.

ඔබගේ සුවය, සමාදානය, නිර්භය, සාක්ෂි දැරීමේ හැකියාව සදහටම පවතී.

ගැළවීම ලැබීම තුළින් මනුෂ්‍යයෙක් ලබා ගන්නේ සදාකාල ජීවනයයි.

ඔබගේ ජීවිත ගමන තිබිය යුත්තේ ඇදහිල්ලෙන් ඇදහිල්ලට, මහිමයෙන් මහිමයටය.

රෝම 10:8
[8] වාක්‍යය නුඹ ළඟය, නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේය කියාය. එනම් අප විසින් ප්‍රකාශකරන ඇදහිල්ලේ වාක්‍යයය.

දෙවියන්වහන්සේගේ වචනය තිබෙන්නේ අප ළඟය, අපගේ මුඛයේය, අපගේ සිතෙහිය. එම නිසා නිතර අපගෙන් නික්මිය යුත්තේ ඇදහිල්ලේ වාක්‍යයය.

සමහරුන් හරි දැනුමක් නොමැති කමින් තමුන් කූඩුවී සිටිනා තැනින් එළියට ඒමට අකමැතිය. ඔවුන් සිටින්නේ සිරවීගතවිමෙන්ය. එහෙත් අප කූඩුවෙන් එළියට ඇවිත් දෙවියන්වහන්සේගේ අසීමිත ප‍්‍රේමය, බලය, වචනය, උන්වහන්සේගේ අසීමිත ඇදහිල්ලේ වාක්‍යය ගැන ඉගෙන ගත යුතුය.

යේසුස්වහන්සේගේ ඉගැන්වීම් ගැනද මනුෂ්‍යයන් පැකිලීමට පත්වූවෝය.

යේසුස්වහන්සේ: “නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංස නොකනවා නම්, ඔහුගේ ලේ නොබොනවා නම්” කියා පැවසූ විට මේක තද කීමක්ය කියා බොහෝ දෙනෙක් උන්වහන්සේ හැර ගියහ.

යොහන් 6:51-54, 60
[51] ස්වර්ගයෙන් බැස ආවාවූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත්වන්නේය. එසේය, ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දෙන්නාවූ කෑම නම් මාගේ මාංසයයයි කීසේක. [52] එබැවින් යුදෙව්වරු ඔවුනොවුන් අතරේ වාදකරමින්: කන පිණිස තමාගේ මාංසය අපට දෙන්ට මොහුට පුළුවන් කොහොමදැයි කීවෝය. [53] ඒ නිසා යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි–නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංස නොකනවා නම්, ඔහුගේ ලේ නොබොනවා නම්, නුඹලා තුළම ජීවනය නැත. [54] මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ අයට සදාකාල ජීවනය ඇත; මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි.
[60] එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ අසා: මේක තද කීමක්ය; ඒක අසන්ට පුළුවන් කාටදැයි කීවෝය.

යේසුස්වහන්සේ පැවසු මේ කාරණාව යුදෙව්වරුන් දුටුවේ මාංසාකරවය. ඔවුන් එය දැක්කේ තද කීමක් ලෙසින්ය. නමුත් යේසුස්වහන්සේ පැවසුවේ, උන්වහන්සේ පැමිණියේ ලෝකයාට සදාකාල ජිවන දෙන පිණිසත් එය ලැබෙණුයේ උන්වහන්සේගේ කුරුස පූජාවෙන් බවත්ය.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ ගිවිසුමට අපව ඇතුල් කළේ උන්වහන්සේගේ ශරීරයත්, උන්වහන්සේගේ ලෙයත් කුරුසිය මත පූජා කිරීම තුළිනි.

ඔබ ගිවිසුම් භෝජනයට සහභාගිවන විට ඔබගේ මුලු ශරීරයටම ජීවනය තිබෙන බවත් මේ පොළොවේ ජීවත්වන කාලය පුරාවට උන්වහන්සේගේ ජීවනය අප තුළ ඇති බවටත් ඇදහිල්ලෙන් විශ්වාස කළ යුතුය.

බොහෝ දෙනෙක් යේසුස්වහන්සේ හැර ගිය පසු, උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ගෙන් ඇසුවේ, “මේක නුඹලාට පැකිලීමට කාරණයක්ද” කියාය. (යොහන් 6:61)

මනුෂ්‍යයන් පැකිලීමට පත්වුවත් ඔබ පැකිලීමට පත් නොවන්න.

අප දෙවියන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කරන්නාවු ඊසාක් මෙන් පොරොන්දුවේ දරුවන්ය. අප ජීවත්වන්නේ දෙවියන්වහන්සේගේ පොරොන්දු විශ්වාසකරමින්ය.

‭ගලාති 4:28
[28] ඉදින්, සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය.

ගැළවීම ලබන්නාවු සියලුම දෙනා ආබ‍්‍රහම්ගේ වංශයට අයත් වන බව දේව වචනයේ සඳහන්වේ.

ගලාති 3:29
[29] ඉදින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ නම්, නුඹලා ආබ්‍රහම්ගේ වංශයද පොරොන්දුව ලෙස උරුමක්කාරයෝද වන්නහුය.

අපද දෙවියන්වහන්සේගේ පොරොන්දුවේ උරුමක්කාරයන් බවට පත්ව ඇත.

අපට මනුෂ්‍යයන්ගෙන් පීඩා පැමිණෙන්නේ ඔවුන් මාංසාකාරව ජීවත්වන නිසාය.

‭ගලාති 4:29
[29] නුමුත් මාංසාකාරයෙන් උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට එකල්හි පීඩාකළා සේම දැනුත් වන්නේය.

යමෙක් ගැළවීම ලැබුවේය’යි කියා ව්‍යවස්ථාවේ ක‍්‍රියාවල නිරත වන්නේ නම්, ඔහු ශාපයක් ලබා සිටින්නෙක්ය.

‭ගලාති 3:10
[10] මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.

ඔබට හොඳ දෙයක් කිරීමට අවශ්‍ය නම් දිනපතා ශුද්ධ ලියවිල්ලෙන් ඔබගේ මනස සෝදා ගත යුතුය. දේව වචනයෙන් දිනපතා ඔබගේ සිත අලුත් කර ගනිමින් ඔබ ඇදහිල්ලෙන් ගමන් කළ යුතුය.

ඔබ මාංසාකරයෙන් ජීවත්වන්නේ නම්, ඔබගෙන් පිට වන්නේ මරණීය වචනය.

‭රෝම 8:6
[6] මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.

පවතින ආර්තිකයෙහි හිඟතාවයන් නොපවසා ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය මට හිඟයක් නොමැතිව උන්වහන්සේ සපයන බවත් (ගීතාවලිය 23:1), උන්වහන්සේ අපට මඟ පෙන්වන බවත්, උන්වහන්සේගේ තේජස් සම්පතේ ප‍්‍රකාරයට උන්වහන්සේ මාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරන බවත් අප පැවසිය යුතුය. (පිලිප්පි 4:19)

ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ කවුළු අප උදෙසා විවෘත කර ඇත.

එළියාට දෙවියන්වහන්සේ මුලින්ම කෙරිත් ඔය ළඟ කපුටෙකු මාර්ගයෙන් කෑම සැපයුවත් ඔය සිඳී ගිය විට දෙවියන්වහන්සේ ඔහුව ශාරපෙත්හී වැන්දඹු ස්ත‍්‍රියක් වෙත යවන ලදි. (1රාජාවලිය 17:2-9)

දෙවියන්වහන්සේ එළියාව එම ස්ථානයට යවන ලද්දේ වැන්දඹු කාන්තාවට ආශීර්වාදයක් වන පිණිසයි. (1රාජාවලිය 17:14-16)

නාසරෙත්හි යේසුස්වහන්සේව සුළු කරන ලද අවස්ථාවේදී යේසුස්වහන්සේත් මෙම කාරණාව පවසන ලදි.

ශු. ලූක් 4:24-26
[24] සැබවක් නුඹලාට කියමි–කිසි අනාගතවක්තෘ කෙනෙක් තමාගේම රටෙහිදී පිළිගනු නොලබන්නේය. [25] සැබවක් නුඹලාට කියමි–එළියාගේ දවස්වලදී තුන් අවුරුදු සමසක් අහස පියවී, රට මුළුල්ලෙහි මහත් සාගතයක් පැවති කල, ඉශ්‍රායෙල්හි බොහෝ වැන්දඹුවන් සිටිය නුමුත්, [26] සීදොන් දේශයෙහි සරෙප්තාවේ වැන්දඹු ස්ත්‍රියෙක් වෙතට මිස ඔවුන්ගෙන් කිසිවෙකු වෙතට එළියා යවනු නොලැබුයේය.

බොහෝ වැන්දඹුවන් සිටියත් දෙවියන්වහන්සේ එළියාව යැව්වේ ශාරපෙත්හි වැන්දඹුව වෙතට පමණි.

විශ්වාස කරන්නන්, ප‍්‍රතික්ෂේප කරන්නන් හට ආශීර්වාදය හිමි නොවේ.

1 රාජාවලිය 17:14-17
[14] මක්නිසාද ස්වාමීන්වහන්සේ භූමිය පිටට වැස්ස එවන දවස දක්වා පිටි මුට්ටිය ඉවරවෙන්නේවත් තෙල් කුලාව අඩුවෙන්නේවත් නැතැයි ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සේකැයි කීවේය. [15] ඈ ගොස් එළියා කී හැටියට කළාය. එසේ ඈද ඔහුද ඇගේ ගෙයි වැසියෝද බොහෝ දවස් ඒවා කෑවෝය. [16] ස්වාමීන්වහන්සේ එළියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනය ප්‍රකාරයට පිටි මුට්ටිය නිම නොවීය, තෙල් කුලාවද අඩුනොවීය. [17] ඉක්බිති මෙයින් පසු ගෙදර ස්වාමිදුවවූ ඒ ස්ත්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය; ඔහුගේ රෝගය කොපමණ බලවත් වීද යතහොත් ඔහු තුළ හුස්ම නැතිවිය.

දෙවියන්වහන්සේගේ ආශීර්වාදය භුක්තිවිඳිමින් සිටි මේ ස්ත‍්‍රියට සාතන් ප‍්‍රහාරක් එල්ල කරයි.

ඇය දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දොස් නගයි.

1 රාජාවලිය 17:18
[18] එවිට ඈ එළියාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහිකරවන්ටත් මාගේ පුත්‍රයා මරන්ටත් මා ළඟට ආයෙහියයි එළියාට කීවාය.

මනුෂ්‍යයන්ට යමක් සිදුවූ විට ඔවුන් දෙවියන්වහන්සේට දොස් නගයි.

එළියා යාච්ඤා කර දරුවා මළවුන්ගෙන් නැඟිටුවණූ ලබයි. (‭1 රාජාවලිය 17:19-23)

දරුවා මළවුන්ගෙන් නැඟිටුනු පසු “ඔබගේ මුඛයේ තිබෙන්නේ දෙවියන්වහන්සේගේ සත්‍යය බව” දැන් දනිමියි ස්ත‍්‍රිය එළියාට පැවසුවාය.

1 රාජාවලිය 17:24
[24] ස්ත්‍රීද: ඔබ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් බවත් ඔබගේ මුඛයෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනය සැබෑ බවත් දැන් දනිමියි එළියාට කීවාය.

ක‍්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිටි බව විශ්වස කරනවානම්, ඔබ යමක් දුටුවත්, නැතත් ඔබගේ මුඛයේ තිබිය යුත්තේ දෙවියන්වහන්සේගේ සත්‍ය වචනයයි. දෙවියන්වහන්සේගේ ඇදහිල්ලේ වාක්‍යයයි.

මෙම ස්ත‍්‍රිය සිදුකළේ ඇදහිල්ලේ ක‍්‍රියාවකි. ඇයට කන්ට කිසිවක් නොමැතිව තිබියදිත් එළියාගේ කීම ඇය පිළිගන්නා ලදි. ඇය දෙවියන්වන්සේගේ ආශීර්වාදය අත්දුටුවේ ඇයගේ ක‍්‍රියාව සිදුකළාට පසුවයි.

ඇදහිල්ලේ වාසි ප‍්‍රයෝජන බොහෝමයක් ඇත.

‭ගලාති 4:29
[29] නුමුත් මාංසාකාරයෙන් උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට එකල්හි පීඩාකළා සේම දැනුත් වන්නේය.

යේසුස්වහන්සේගේ ක‍්‍රියාකාරීත්වය ගැන මනුෂ්‍යයා ඔබට බොහෝ දේ පැවසිය හැකිය. එහෙත් යේසුස්වහන්සේ සදාකාලයටම එකාකාරය.

‭‭හෙබ්‍රෙව් 13:8
[8] යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත් අදත් සදාකාලයටත් එකාකාරමය.

දෙවියන්වහන්සේ වෙනස් නොවන්නාවු දෙවියන්වහන්සේය.

‭මලාකී 3:6
[6] මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම වෙනස් නොවෙමි; එබැවින් යාකොබ්ගේ පුත්‍රයෝවූ නුඹලා විනාශ නොවී සිටින්නහුය.

දාවිත් වැරදි වෙලාවක වැරදි ස්ථානයක සිටියා කියා ඔබත් එලෙස නොකරන්න. වැරදි පුද්ගලයින් දෙස ඔබ නොබලන්න.

යුදස් එල්ලී මැරුණාක් මෙන් ඔබ එලෙස කළ යුතු නැත.

ඔබ බයිබලය කියවිය යුත්තේ සත්‍ය වචනය හරියාකාරව පහදා ගැනීමෙනි. එවිට ඔබ කිසිදා ලැජ්ජාවට පැමිණෙන්නේ නැත.

‭2 තිමෝති 2:15
[15] සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.

සමහර අය තමන්ට වාසිදායක බයිබල් පද හොඳින් මතකයේ තබා ගෙන පවසති. පාවුල් තිමෝතිගේ බඩේ අමාරුවට “මුද්‍රික පානය ගන්නැයි” කීමද, “දාවිත්ගේ කාමමිත්‍යාචාරය” ඔවුන් ඒවා තමුන්ගේ වාසියට හරවා ගනී.

වැදගත් වන්නේ, වචනය හරියාකාරව පහදා ගැනීමය.

‭2 පේතෘස් 1:3-4
[3] මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ. [4] ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය.

දෙවියන්වහන්සේගේ ජීවනය ගෙන යන්නේ කොයි ආකාරයෙන්ද කියාත්, භක්තිවන්තව ජීවත්වන පිණිසත් ස්වාමීන්වහන්සේගේ දිව්‍යමය බලයෙන් අපට අවශ්‍ය සියල්ලක්ම උන්වහන්සේ දී ඇත.

අනර්ඝ, උතුම්වු පොරොන්දු දෙවියන්වහන්සේ අපට දී ඇත.

බයිබලයේ සඳහන් සියලුම පොරොන්දු දෙවියන්වහන්සේ දී ඇත්තේ යේසුස්වහන්සේටය.

ඔබ යේසුස්වහන්සේ තුළ සිටිනවානම්, යේසුස්වහන්සේ විශ්වාස කරන කෙනෙක් නම්, යේසුස්වහන්සේගේ නාමයෙන් ඒ සියලු පොරොන්දු ඔබට හිමිය.

‭2 කොරින්ති 1:20
[20] මක්නිසාද දෙවියන්වහන්සේගේ පොරොන්දු කොපමණ වුණත් උන්වහන්සේ තුළ එසේය කියා වේ. එහෙයින් අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය පැමිණෙන පිණිස, උන්වහන්සේ කරණකොටගෙන ආමෙන්ය කියාත් වේ.

දෙවියන්වහන්සේ අපට පොරොන්දුවක් ලෙස සදාකාල ජීවනය දී ඇත. ඒ සදාකාල ජීවනය තුළ උන්වහන්සේ සියලු දේවල් අඩංගු කර ඇත.

මහලේ රෝගී ස්ත‍්‍රිය ඇය ලබා ගන්නට යන්නාවු සුවය ගැන සිතින් කියාගනිමින් අදහා ගත්තාය.

ශු. මතෙව් 9:21
[21] මක්නිසාද: උන්වහන්සේගේ සළුවට පමණවත් අතගැසුවොත් මට සුවවන්නේයයි ඈ සිතින් කියාගත්තාය.

ඇදහිල්ලේ වාක්‍යය ඔබගේ ජීවිතයේ ප‍්‍රකාශනයක් වන්නට ඕනෑය.

යේසුස්වහන්සේ ඇයගේ ප‍්‍රකාශය ගැන පැවසු දේ

‭ශු. මතෙව් 9:22
[22] යේසුස්වහන්සේ හැරී ඈ දැක: දියණියෙනි, ධෛර්යමත්වෙන්න; නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේයයි කීසේක. ඒ ස්ත්‍රී ඒ පැයේ පටන් සුවපත්වූවාය.

ඇයගේ ඇදහිල්ල වූයේ ඇයගේ ප‍්‍රකාශනයයි.

ඔබගේ ඇදහිල්ල තිබෙන්නේ ඔබගේ මුඛයේ සහ සිතේය.

ඔබ ගමන් කරන විට ඔබගේ මනසේ සිතේ තිබෙන දේවල් ප‍්‍රකාශ කරමින් ගමන් කරන්න.

ඔබ ඇදහිල්ලෙන් ගමන් කරන කෙනෙක් නම් ඔබගේ ජීවිත ගමනේදී දෙවියන්වහන්සේගේ දේවල් අත්හදා බැලීමට තීරණය කර ගන්න.

ග‍්‍රීක් ස්ත‍්‍රිය ඇයගේ දියණියට සුවය ලබා ගත්තේ ඇයගේ කීම් නිසාය.

‭ශු. මාර්ක් 7:28-29
[28] එහෙත් ඈ උත්තරදෙමින්: එසේය, ස්වාමිනි. මේසේ යට සිටින බල්ලෝ පවා දරුවන්ගේ කෑම කැබෙලිවලින් ගෙන කතියි උන්වහන්සේට කීවාය. [29] උන්වහන්සේද: මේ කීම නිසා යන්න; යක්ෂයා නුඹේ දුවගෙන් දුරුව ගියේයයි ඈට කීසේක.

මනුෂ්‍යයන් ඔබගේ කීම් සුලු කළත්, ඒවා සීමා කිරීමට උත්සාහ කළත් ඔබ නොකඩව ජීවන වචන කථා කරන්න.

පුරුද්දක් ලෙස ඔබ දෙවියන්වහන්සේගේ ජීවන වචන, සමාදානයේ වචන, සුවයේ වචන, ඇදහිල්ලේ වාක්‍යය කථා කරන්න.

හැඟෙන, පෙනෙන, දකින, රස බලන දේ නොව, යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේ කියා විශ්වාසය තබන්න.


Watch the Sermon Video

Read 177 times