+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
ඔබ කතා කරන දේ ගැන වග බලාගෙන ප්‍රවේසම් වන්න- මනූ මැතානි
July 14, 2024 Sunday Sermon Notes
විශ්වාස කරන්නන්ට සියල්ල කළ හැකිය.
අපගේ විශ්වාසය තිබිය යුත්තේ දෙවියන්වහන්සේගේ බලය කෙරෙහිය.
අපගේ මුඛයෙහි දෙවියන්වහන්සේගේ හරි වචන නිධාන කර ගතහොත් අපගේ මුඛයෙන් ඉබේම එම වචන පිටතට එයි.
සිතේ පූර්ණකමින් මුඛය කතා කරයි.
මතෙව් 12:34
පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කතාකරයි.
ඔබගේ සිතේ නිධාන කර තිබෙන්නේ මොනවාද කියා ඔබ තේරුම් ගත යුතුය. එමඟින් දෙවියන්වහන්සේට විරුද්ධව පව් නොකර සිටීමට ඔබට පුළුවන.
ගීතාවලිය 119:11
ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.
ඔබ තුළ නොහැදිලිකාරකමේ වචන, භිය වචන ඇත්නම්, නැතහොත් ඔබගේ වචන හරි නැත්නම් ඔබ සිටින්නේ දෙවියන්වහන්සේට විරුද්ධව පව් කරමිනි.
දෙවියන්වහන්සේගේ වචනයට පටහැනිව කතා කිරීම පාපයේ ක්‍රියාවකි.
ඔබගේ ජීවිතය ඔබට කැමති දෙයක් කරනවා යැයි පැවසීම යුතු නැත. මන්ද දෙවියන්වහන්සේ ඔබව මිලදී ගෙන ඇත.
1 කොරින්ති 6:19-20
[19] නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? [20] නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.
යක්ෂයාට වහලුන්ව සිටි අපව යේසුස්වහන්සේ මිලයට ගනු ලැබුවේය.
දේව භය යනු, අප කතා කරන වචනය. අප කතා කරන වචන ගැන ප්‍රවේසම් විය යුතුය.
අපි කතා කරන වචන වලින් ස්වාමීන්වහන්සේ ගෞරවයට පත් කරමු.
අප කතා කරන වචන අපගේ ජීවිත රටාවක් කර ගත යුතුයි.
යේසුස්වහන්සේ කතා කළේ, ආත්මික වචන, ජීවන වචනය.
යොහන් 6:63
[63] ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.
ඔබ කතා කළ යුත්තේ ආත්මික තලයේ ඔබගේ ජීවිතයේ බලවත් ලෙස ක්‍රියා කරන වචනය.
පෙනෙන, හැඟෙන, දැනෙන දේ කතා කරන්නාට තිබෙන්නේ දුර්වල ඇදහිල්ලකි.
දෙවියන්වහන්සේට ගරු කිරීමෙන් ජීවත්වීමට තෝර ගන්න.
නිශ්ඵල වචන කතා කරන්නාගේ ඇදහිල්ල ක්‍රියාත්මක නොවෙයි.
මලාකී 3:12
[12] නුඹලා වාසනාවන්තයෝයයි (ආශීර්වාදලද්දෝය යයි) සියලු ජාතීන් කියනවා ඇත. මක්නිසාද නුඹලා ප්‍රියකරු දේශයක් වන්නහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
සියලු මනුෂ්‍යයන් “ඔබ ආශීර්වාද ලද්දෙක්” යැයි ඔබ ගැන කියයි.
ඔබ නොපැකිලව දෙවියන්වහන්සේ තුළ ගමන් කරන කල, ඔබට භය විය යුතු කාරණාවක් නැත. මනුෂ්‍යයන්ගේ ශාප, ඇස්වහා, කටවහා ඔබට පැමිණෙන්නේ නැත.
ඔබට විරුද්ධව සාධන කිසිම ආයුධයක් සඵල නොවෙයි.
යෙසායා 54:17
[17] නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔබ මනුෂ්‍යයා කියන දේ වලට භය නොවී, දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරමින් ඇදහිල්ලෙන් කතා කළ යුතුය.
දේව වචනයට අදාල නොවන සිතුවිලි ප්‍රතික්ෂේප කරමින් එය කිසිදා සිදු නොවන බව පවසමින් එයට ප්රතිවරුද්ධව කතා කරන්න.
ස්වාමීන්වහන්සේ පවසන්නේ,
මලාකී 3:13
[13] නුඹලාගේ වචන මට විරුද්ධව තදව තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත්: අපි ඔබවහන්සේට විරුද්ධව කුමක් කීවෙමුදැයි නුඹලා අසන්නහුය.
ඔබගේ වචන දෙවියන්වහන්සේට විරුද්ධව නොතිබිය යුතුය. දෙවියන්වහන්සේ පවසන දේට පටහැනි දේ නොපවසමු.
දෙවියන්වහන්සේ “සුවයි” කී විට (1 පේතෘස් 2:24) - ”අනේ මට අසනීපයි” කියා ඔබ නොපවසන්න.
දෙවියන්වහන්සේ පවසන්නේ, උන්වහන්සේගේ තේජස් මහිමයේ ප්‍රකාරයට ඔබගේ සියළු හිඟකම් සම්පූර්ණයි කියාය. (පිලිප්පි 4:19)
එමනිසා ”මට තවමත් කිසිවක් හරිගියේ නැතැයි” කියා ඔබ නොපවසන්න.
ඔබ, “ඉහළින් යන මනුෂ්‍යයෙක්” යැයි පවසන විට (ද්විතීය කතාව 28:14) ”මම තවමත් පහතින්” යයි නොපවසන්න.
දෙවියන්වහන්සේ ආලෝකයයි ආලෝකය අන්ධකාරය සමඟ මිශ්‍ර නොවෙයි. මිශ්‍ර ඉගැන්වීම් වලට එකඟ නොවන්න. එය සාධාරීකරණය නොකරන්න.
ගීතාවලිය 35:27
[27] මාගේ ධර්මිෂ්ඨ කාරණයට ප්‍රියවන්නෝ ප්‍රීතිඝෝෂා කෙරෙත්වා, සන්තෝෂවෙත්වා. එසේය: තමන් මෙහෙකරුවාගේ යහපතට (සඵලත්වයට) ප්‍රියවූ ස්වාමීන්වහන්සේ උසස්වන සේක්වයි ඔව්හු නිතරම කියත්වා.
මෙහි යහපත යන වචනය “ෂාලෝම්” එනම්: ස්වාමීන්වහන්සේ මාගේ සමාදානයයි, සුවයයි, සඵලත්වයයි, සම්පූර්ණකමයි.
2 කොරින්ති 5:7
[7] (මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)
ඔබ සඵලවීම දෙවියන්වහන්සේට ප්‍රසන්න කාරණාවකි.
දෙවියන්වහන්සේ ප්‍රසන්න වන කාරණා ඔබගේ වචන හේතුකොටගෙන නැති කර නොගන්න.
ඔබ දෙවියන්වහන්සේට යමක් දී ඔබට ආශීර්වාදයක් නැතැයි නොපවසන්න.
දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් ස්වර්ගීය කවුළු විවර කර ඇත. (මලාකි 3:10)
ඔබ දෙවියන්වහන්සේගේ නාමය විශ්වාස කරමින් උන්වහන්සේගේ රාජ්‍යයේ කටයුතුවලට සම්බන්ධ වන කල, අනිවාර්යයෙන්ම උන්වහන්සේගේ තේජස් සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේ ඔබගේ හිඟකම් සපයා දෙනු ඇත.
නමුත් අප එයට අදාල වචන කතා නොකරන්නේ නම්, දෙවියන්වහන්සේ අපට තරවටු කරනු ඇත.
දෙවියන්වහන්සේ දෙස බලමින් අපගේ මේ දිවීම දුවමු.
දෙවියන්වහන්සේගේ වචන ස්ථීරය. එය ඉෂ්ට වනු ඇත.
ආබ්‍රහම් ස්ථීර ඇදහිල්ලකින් තම පුතා සමඟ කන්දට ගියේය.
ආබ්‍රහම් කටයුතු කළේ ප්රඥාවන්තවය. ඇදහිල්ලේ මනුෂ්‍යයන් කටයුතු කරනුයේ ප්‍රඥාවන්ත ලෙසයි.
ආබ්‍රහම් තමා කැටුව ආ මෙහෙකරුවන්ව අතර මඟ නවත්වා ඔහු පැවසුවේ, ”මමත් මගේ පුත්‍රයාත් කන්දට ගොස් දෙවියන්වහන්සේට නමස්කාර කර නැවත පැමිණෙන්නෙමු” කියාය.
උත්පත්ති 22:4-5
[4] තුන්වෙනි දින ආබ්‍රහම් ඇස් එසවූයේ ඒ ස්ථානය දුර සිට දුටුවේය. [5] ආබ්‍රහම් තමාගේ තරුණයන්ට කතාකොට: කොටළුවා සමඟ නුඹලා මෙහි සිටින්න, ළමයාත් මමත් අතනට ගොස් නමස්කාරකොට නුඹලා වෙතට නැවත එන්නෙමුයයි කීය.
දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පැවසුවේ, “නුඹේ එකම පුත්‍රයා මට පූජාකරන්න” කියාය.
උත්පත්ති 22:2
[2] උන්වහන්සේ: නුඹේ පුත්‍රවූ නුඹ ප්‍රේමකරන නුඹේ එකම පුත්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරවයි කීසේක.
නමුත් ආබ්‍රහම් මෙහෙකරුවන්ට පැවසුවේ, ”මමත් මගේ පුත්‍රයාත් කන්දට ගොස් දෙවියන්වහන්සේට නමස්කාර කර නැවත පැමිණෙන්නෙමු” කියාය.
ආබ්‍රහම් සිතින් නියම කර සිටියේ දෙවියන්වහන්සේට තම පුත්‍රයාව පූජාකිරීමටය. මන්ද “දෙවියන්වහන්සේට මළවුන් වුවත් නැඟිටුවන්ට පුළුවන්” බව ඔහු දැන සිටියේය.
හෙබ්‍රෙව් 11:19
[19] මළවුන්ගෙන් පවා නැගුටුවන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි ඔහු කල්පනාකොට, උපහැරණ වශයෙන් මරණයෙන් ඔහු නැවත ලබාගත්තේය.
ආබ්‍රහම්ගේ ප්‍රකාශය වූයේ දරුවා සමඟ නැවත කන්දෙන් බැස එන බවය.
දෙවියන්වහන්සේ ඔබට යමක් පූජාසනය වෙත ගෙනෙන්නැයි පැවසුවහොත් ඊට වඩා වැඩියෙන් දෙවියන්වහන්සේ ඔබට යමක් කරන බව ඔබ විශ්වාස කරන්නට ඕනෑය.
ආබ්‍රහම්ගේ එම ප්‍රකාශය හේතුකොටගෙන ආබ්‍රහම් තවමත් දරුවන් බිහිකරමිනුයි සිටින්නේ. අද ගැළවීම ලබන සියලු දෙනාම “ආබ්‍රහම්ගේ වංශය” යයි හඳුන්වනු ලබයි. (ගලාති 3:29)
යේසුස්වහන්සේත් ආබ්‍රහම්ගේ වංශයෙන් පැමිණියේය. උන්වහන්සේ තුළින් අප සියලු දෙනාම නැවත ඉපදීම ලදිමුව.
ආබ්‍රහම් ප්‍රඥාවන්තව ක්‍රියා කරමින් මෙහෙකරුවාව මඟ නතර කර යන ලදි. සමහර විට මෙහෙකරුවා සමඟ ගියානම් මෙහෙකරුවා ඔහුගේ පූජාවට බාධාවක් වෙමින් එය වළක්වන්නටද ඉඩ තිබුණි.
ඔබගේ ඇදහිල්ලේ ගමන ගමන් කිරීමේදී සමහර අය සමඟ ඔබට ගමන් කිරීමට නොහැකිවනු ඇත. එහෙයින් ඔබට ඔබගේ ජීවිතයෙන් සමහරුන් වෙන් කිරීමට සිදුවේ.
සමහර විට භියෙන් නොහැදිලිකාරකමෙන් ජීවත්වන්නාවූ මනුෂ්‍යයන් ඔබට ළඟාවී ඇති. එහෙත් ඔවුන් ඔබගේ ඇදහිල්ලට බාධාවක් නම්, ඔවුන් සමඟ ඔබට ඔබේ කඳු නගින්නට නොහැකි වෙයි. එසේම, ඔබගේ ආශීර්වාදයට ඔවුන් බාධාවක් නම්, ඔබ ඒ ගමන තනිව ගමන් කළ යුතුය.
මේ ඇදහිල්ලේ ගමන අපට සියල්ලන් හා සමඟ අත්වැල් අල්ලාගෙන ගමන් කළ නොහැක. වැරදි පුද්ගලයින් ඔබ හා එක්ව සිටියහොත් එය ඔබගේ ඇදහිල්ලේ ගමනට බාධාවකි.
මිශ්‍ර ජීවිතයකට දෙවියන්වහන්සේ ප්‍රසන්න නැත. ඔබ එක සිතකිනුත්, එක කටිනුත් දෙවියන්වහන්සේට ගෞරවය කිරීමට තීරණය කළ යුතුය.
රෝම 15:5-6
[5] නුඹලා එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස, [6] ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය ලෙස නුඹලා එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.
ආශීර්වාදයත් ශාපයත් එක මුඛයෙන් පිට නොවිය යුතුය.
යාකොබ් 3:9-10
[9] එයින් ස්වාමිවූ පියාණන්වහන්සේට අපි ප්‍රශංසාකරමුව; එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වය ලෙස මවනලද මනුෂ්‍යයන්ට අපි ශාපකරමුව. [10] ප්‍රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත.
මෙහි “ප්‍රශංසාකරමුව” යන්නෙහි තවත් අර්ථය නම් “ආශීර්වාද කරමු.”
ඔබගේ ප්‍රකාශය එකක් විය යුතුය. එය ආශීර්වාදය හෝ ශාපය දෙකම නොපවසන්න. දෙකම එක්වූ විට වියවුලක් වනු ඇත.
වියවුල් මනසකින් සිටින්නෙකුට දෙවියන්වහන්සේගේ දේ අත්හදා බැලීමට අසීරුය.
යාකොබ් 3:11
[11] උල්පත එක සිදුරෙන් මිහිරි දියත් තික්ත දියත් නිකුත්කරයිද?
කතා කල යුත්තේ ජීවනයද මරණයද කියා තීරණය කල යුත්තේ මනුෂ්‍යයන්ය.
අප ජීවනය තෝරා ගනිමු.
ජීවනය තුළ දෙවියන්වහන්සේගේ ආශීර්වාද, සුවය මිදීම සඵලත්වය ඇත.
දෙවියන්වහන්සේ තෝරා ගත්තේ ආබ්රහම්වය.
උන්වහන්සේ ඔහුගේ නාමය “ආබ්‍රම්” “ආබ්‍රහම්” ලෙසින්ද
ඔහුගේ භාර්යාවගේ නාමය “සාරයි” “සාරා” ලෙසින්ද වෙනස් කළේය.
එයට හේතුව, ඔහු සියලු ජාතීන්ගේ පියා වෙන්ට යන නිසාය. (උත්පත්ති 17:5, 15-16)
ගලාති 3:29
[29] ඉදින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ නම්, නුඹලා ආබ්‍රහම්ගේ වංශයද පොරොන්දුව ලෙස උරුමක්කාරයෝද වන්නහුය.
අද ඔබ යේසුස්වහන්සේ තුළ නම්, ආබ්‍රහම්ගේ වංශයට අයිතිය.
ජීවතුන් අතර නොහිටියත් ආබ්‍රහම්ගේ නම මතක් කරන්නේ, යේසුස්වහන්සේට පොළොවට පැමිණ ඉපදීමට පුළුවන්කමක් ලැබුණේ ආබ්‍රහම් එදා කළ දේ නිසාය.
බයිබලයේ තිබෙන දේවල් ඔබට නොතේරෙයි යයි නොපවසන්න. මන්ද බයිබලයේ කර්තෘ ශුද්ධාත්මයාණන්වහන්සේ වාසය කරන්නේ ඔබ තුළය. උන්වහන්සේ ඔබට සියල්ල උගන්වනු ඇත.
ඔබ දැන් සිටින්නේ උරුමක්කාරයෙක් ලෙසයි.
1 පේතෘස් 3:9
[9] නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.
එකට එක කීම කිතුනු භක්තිකයන්ට නුසුදුසුය. ඔබ ඔවුන් ඉදිරියේ ආලෝකයෙන් බැබළෙන්න. නින්දා කරන්නාට ආශීර්වාද කරන්න.
ඔබව කැඳවා ඇත්තේ ආශීර්වාදය උරුමකර ගැනීමටයි.
ගලාති 3:10
[10] මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.
ඔබ උත්සාහ කිරීම නවත්වා දෙවියන්වහන්සේට කීකරුව ගමන් අරඹන්න.
සදාකාල ජීවනය තිබෙන්නේ ඔබ තුළයි. ඔබව ඔසවා තිබෙන්නේ සදාකාල ජීවනයයි.
අප යේසුස්වහන්සේව පිළිගත් දවසේ අපගේ නාමය ස්වර්ගයේ ජීවන පොතේ ලියා ඇති බව අපි ඇදහිල්ලෙන් විශ්වාස කරමු.
දෙවියන්වහන්සේ අපට දී ඇත්තේ ඇදහිල්ලේ ආත්මයක්ය. ඇදහිල්ලේ ආත්මය නිතරම විශ්වාස කරන දේ ප්‍රකාශකරමින් සිටී.
2 කොරින්ති 4:13
[13] තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කතාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කතාකරමුව.
යේසුස්වහන්සේ ඔබ තුළට පැමිණි දවසේම උන්වහන්සේගේ ආත්මය සහ ඔබගේ ආත්මය එක්වූයේය.
1 කොරින්ති 6:17
[17] නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.
ආදම්ගේ ස්වභාවය සහ ක්‍රිස්තුස්වහන්සේගේ ස්වභාවය කියා ඔබ තුළ දැන් ස්වභාවයන් දෙකක් නොමැත.
ඔබ යේසුස්වහන්සේ “ස්වාමීන්වහන්සේ” යැයි පිළිගෙන උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටුනා යැයි පැවසූ මොහොතේම, උන්වහන්සේ ඔබ තුළට පැමිණ ඒ ආදම්ගේ තිබූ ගල් සිත ඔබගෙන් අහක්කර උන්වහන්සේගේ දිව්‍යමය පොරොන්දුව ලෙස ඔබව දේව දරුවෙක් කර ඇත.
උන්වහන්සේ ඔබව අලුත් මැවිල්ලක් කර, ඔබගේ ආත්මය සමඟ උන්වහන්සේගේ ආත්මය දැන් දැන් එක්ව කොට තිබේ.
මේ එක්වූ ආත්මය කවදාවත් ඔබව දාලා යන්නේ නැත. ඔබව තනි කරන්නේ නැත. උන්වහන්සේ ඔබ සමඟය.
උන්වහන්සේ ඔබගේ පරණ පව් මතක් කර දෙන්නේ නැත. ඔබ යේසුස්වහන්සේගේ ශරීරයයි.
ශරීරය යේසුස්වහන්සේගේ සභාවයි. ඔබ යේසුස්වහන්සේ සමඟ සම්පූර්ණවූ පුද්ගලයෙක්ය.
රෝම 12:4-5
[4] මක්නිසාද යම්සේ අපට එකම ශරීරයෙහි බොහෝ අවයව තිබෙන නුමුත් ඒ සියලු අවයවයන්ට එකම ක්‍රියාවක් නැතුවාක්මෙන්, [5] බොහෝ දෙනෙක්වූ අපිත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එසේම එක ශරීරයක්ව, වෙන් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අවයවයෝ වෙමුව.
ඔබ යේසුස්වහන්සේගේ අවයවයන්ය. උන්වහන්සේගේ අවයවයන් ලෙස ඔබගේ අවයවයන් අශුද්ධ දේට පාවිච්චි නොකරන්න.
1 කොරින්ති 12:27
[27] ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝද වෙති.
හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ අපව උන්වහන්සේගේ ශරීරය කොට තිබේ.
යේසුස්වහන්සේව පිළිගත් අයෙකුට උන්වහන්සේ ඇදහිල්ලේ චරිත ගුණාංගයන් දී ඇත.
2 කොරින්ති 4:13
[13] තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කතාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කතාකරමුව.
ඇදහිල්ලේ චරිත ගුණාංගය නම් “මා අදහන දේ ප්‍රකාශ කිරීමය.”
මනුෂ්‍යයන් පවසන සියල්ලට එකඟ නොවන්න.
ආබ්‍රහම් නොදකිනා දේ විශ්වාස කළේය.
නෝවාගේ නැව සුභාරංචියට සමානය. නෝවා පැවසු පණිවිඩය මනුෂ්‍යයන් පිළිනොගන්නා ලදි.
එහෙත් නෝවාටත්, ඔහුගේ පවුලේ අයටත් පැමිණෙන ජලගැල්මෙන් හා විනාශයෙන් ගැළවෙන්නට පුළුවන් වූවා.
ඔබට විශ්වාස කළ හැකි නම්, ඔබටත් ඔබගේ පවුලේ අයටත් ගැළවිය හැකිය.
මෝසෙස් පොරොන්දු දේශය සෝදිසි කරන්නට යැවූ 12 දෙනා අතරින් කාලෙබ් හා යෝෂුවා හැර අන් සියල්ලන් දේශය ගැන පැවසුවේ, අසත්‍යය, භිය ප්‍රකාශය. (ගණන් කතාව 13:28-33)
රාහබ් නම් වෛශ්‍යය ස්ත්‍රිය දේශය සෝදිසිකරන්නට පැවසුවේ, ඔවුන් බලවත් සෙනඟක් බව දන්නා බවත් ඔවුන්ගේ දෙවියන්වහන්සේව ඇය විශ්වාස කරන බවත්ය. ඇය ඔවුන්ව ආරක්ෂා කරන්නා සේම ඔවුන් දේශය අල්ලා ගනිද්දී ඇයවත් ඇයගේ පවුලේ අයවත් ගළවා දෙන මෙන් ඉල්ලා සිටියාය. (යෝෂුවා 2:8-13)
ඇයගේ විශ්වාසයෙන් ඇයද ඇයගේ පවුලේ අයද ගැලවුණි. (යෝෂුවා 6:22-34)
එපමණක් නොව, ඇය එම ඔත්තුකාරන් දෙදෙනාගෙන් එක් අයෙක් හා විවහා වී ඇයගේ නම යේසුස්වහන්සේගේ පෙළපතට පවා ඇතුල් කර ගත්තාය. (මතෙව් 1:5)
එය පුදුමාකාර දෙයකි. දෙවියන්වහන්සේ පවසන්නේ, විශ්වාසකරන්නාට සියල්ල පුළුවන කියාය.
මාර්ක් 9:23
[23] යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.
ඔබ විශ්වාස කරන දේ පවසන්න. පොරොන්දු ප්‍රකාශ කරන්න. පොරොන්දු දුන් තැනැන්වහන්සේ විශ්වාසවන්තය.
හෙබ්‍රෙව් 10:23
[23] අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.
ඔබගේ වචන, ඇදහිල්ලේ ප්‍රකාශ තදින් අල්ලා ගන්න. එයට පටහැනි කිසිවක් නොපවසන්න.
ඔබගේ ඇදහිල්ලේ ප්‍රකාශයන් තුළින් ජීවත්වන්න.
ගලාති 3:10
[10] මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.
ඔබ දෙවියන්වහන්සේගේ ඇදහිල්ලෙන් ජීවත් වන නිසා, ඔබට ශාපයෙන් ගැළවීමට පුළුවන්කම ඇත.
ගලාති 3:12-13
[12] ව්‍යවස්ථාව වනාහි ඇදහිල්ලෙන් නොවේ; නුමුත්: ඒ දේ කරන තැනැත්තේ එයින් ජීවත්වන්නේය. [13] ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක.
යේසුස්වහන්සේ ශාපය දරාගෙන ව්‍යවස්ථා ශාපයෙන් ඔබව නිදහස් කර ඇත. එහෙයින් ඔබ දැන් ආශීර්වාදලද්දෙක්ය.
ඔබ දැන් ක්‍රිස්තුස්වහන්සේ අදහන සෙනඟක්ය. ආබ්‍රහම්ගේ ආශීර්වාදය ඔබටත් හිමිය.
ගලාති 3:14
[14] මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශීර්වාදය අන්‍යජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන්වහන්සේ නමැති පොරොන්දුව ලබාගන්නා පිණිසත්ය.
දේව වචනය තුළින් ඔබගේ ජීවිතය ගෙන යන්න.
යෝබ් 6:24-25
[24] මට උගන්වන්න, එවිට මම නිශ්ශබ්දව සිටින්නෙමි. මට වැරදුණේ කුමක් ගැනද කියාත් මට තේරුම්කර දෙන්න. [25] අවංකකමේ වචන කොපමණ බලවත්ද! නුමුත් නුඹලාගේ අවවදයෙන් තරවටුකරන්නේ කුමක් ගැනද?
ඔබ දේව වචනය සමඟ කාලය ගත කරමින් දේව වචනයේ පණිවිඩ ඔබ අසන්නට පටන් ගත් කල, දෙවියන්වහන්සේ ඔබට උගන්වනු ඇත.
අවංකකමේ වචන, යහපත් වචන, බලවන්තය.
දේව වචනය දෙමුහත් කඩුවක් මෙන් තියුණුව ඇත. එය ආපසු හැරී එන වචන නොවේය. ඒවා කාරණා ඉෂ්ටවන ජීවනයේ වචනය.
දෙව් වචනයට ඇහුම්කන්දී ජීවන වචන තෝරා ගනිමු.
දෙවියන්වහන්සේගේ වචන සාධාරන වචනය.
Watch the Sermon Video