+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේ මේ පොළොවේ සිටියදී තමාගේ පියාණන් කෙරෙහි මුළුමනින්ම යැපුණේය - යෝෂා මනූ
July 28, 2024 Sunday Sermon Notes

 


අප නමස්කාර කරන දෙවියන්වහන්සේ පුදුමාකාරය. උන්වහන්සේ ගැන දැන ගැනීමට නම්, දේව වචනය කියවිය යුතුය. ඒ තුළ උන්වහන්සේගේ අලංකාරභාවය සැඟ වී ඇත.

දේව වචනය තුළ දෙවියන්වහන්සේගේ චරිත ගුණාංග ලිය වී ඇත. උන්වහන්සේ විශ්වාසවන්තය, ඉවසිලිවන්තය, අපට බොහෝ සේ ප‍්‍රේමකරයි.

දෙවියන්වහන්සේ ගැන දැනගත්විට අපට උන්වහන්සේගේ ගුණ ගායනා කළ හැකිය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අප උන්වහන්සේට හදවතින් සේවය කිරීමය.

සේවය යන වචනයෙන් අර්ථවත් වන්නේ, නමස්කාර කිරීමය.

ඔබ දෙවියන්වහන්සේට තොල්වලින් ප‍්‍රශංසා කරන කල ඔබගේ මනස වෙන වෙන ස්ථාන වල නොරඳවා හදවතින් උන්වහන්සේට නමස්කාර කරන්න.

අප නමස්කාර කරන්නේ, මුළු ලෝකයේම සිටින සියලු උසස් නිලධාරීන්ට වඩා උසස් තැනැන්වහන්සේටය.

බයිබලය පවසන්නේ, ස්වාමීන්වහන්සේ රජුන්ගේ රජ බවත් ස්වාමිවරුන්ගේ ස්වාමීන් බවත්ය. (එළිදරවි 19:16)

හංවඩු හෘද සාක්ෂියක් ඇති කර නොගෙන අප නිතර දෑත් ඔසවා දෙවිඳුන්ට නමස්කාර කරමු.

ඔබ ඔබවම පුබුදුවමින් නිතර පිබිදීමකින් ජීවත් වන්න.

“මම නිර්භීතයි, මම ශක්තිමත්, මම දේව දරුවෙක්, මම ජයග‍්‍රාහකයෙක්, මට සමාදානය තිබෙනවා, මම ධර්මිෂ්ඨයි” වැනි ශක්තිමත් ප‍්‍රකාශන කියමින් ඔබ, ඔබවම ධෛර්යමත් කරමින් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ ඔබව තබා තිබෙන ස්ථානය පිළිබඳ වර්ණනා කිරීම වටී.

දෙවියන්වහන්සේ අපගේ පියාණෝය.

යොහන් පොතේ පියාණන්වහන්සේ පිළිබඳ පුදුමාකාර සාක්ෂි ඇත. බයිබලයේ පියාණන් යන වචනය වැඩියෙන්ම සඳහන්ව ඇත්තේ යොහන් සුභාරංචියේය.

යොහන් පොතේ පියාණන් යන වචනය 117 වාරයක් සඳහන්ව ඇත.

අපි ස්වාමීන්වහන්සේට අබ්බා පියාණනී කියා හඬගසන්නේ අපගේ භිය ආත්මය පහව ගිය නිසාවෙනි.

අප ලබා ඇත්තේ පුත‍්‍රකමේ ආත්මයක්ය. අපට දැන් පියෙක් ඇත. උන්වහන්සේ අපගේ අබ්බා පියාණන්ය.

රෝම 8:15
[15] මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.

අබ්බා පියාණන් සිටින්නේ ඔබගේ හදවත තුළය.

ගලාති 4:6
[6] තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින්: අබ්බා, පියාණෙනී, කියා හඬගසන්නාවූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන්වහන්සේ අපේ සිත්වලට එවූසේක.

පියා, තාත්තා, අප්පච්චි යන මේ වචනය සමීප සම්බන්ධතාවයක් ඇති කරන හදවතින්ම නික්මෙන ඉතා අලංකාර වචන වේ.

ලෞකික පියෙකුටත් වඩා උතුම්වූ දෙවිපියාණන්වහන්සේ අපගේ හදවත් තුළ වාසය කරනසේක. උන්වහන්සේ ලෞකික පියෙකුටත් වඩා අපට සමීපව සිටියි.

පියෙකුගේ උතුම් සෙනෙහස අපට දෙවිපියාණන්වහන්සේගෙන් ලැබී ඇත.

උන්වහන්සේ පුදුමාකාර ලෙස ඔබට ප‍්‍රේම කරයි.

යේසුස්වහන්සේ මේ පොළොවේ සිටින විට උන්වහන්සේට අවශ්‍ය ශක්තිය, අනුග‍්‍රහය ලැබුණේ පියාණන්වහන්සේගෙනි.

පියාණන්වහන්සේ තමන් සමඟ සිටින බවත්, තමන් තනිව නොසිටින බවත් යේසුස්වහන්සේ දැන සිටින ලදි.

යේසුස්වහන්සේ කුරුසපත්වීමට කලින් පියාණන්වහන්සේට යාච්ඤා කරන ලදි.

ශු. මාර්ක් 14:36
[36] අබ්බා පියාණෙනි, ඔබට සියල්ලම පුළුවන; මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේ වී නුමුත් මා කැමති දේ නොව ඔබ කැමති දේ වේවයි කීසේක.

යේසුස්වහන්සේ තමන් විඳින්නට යන වේදනාව පිළිබඳ උන්වහන්සේගේ දාඩිය ලේ බින්දු බවට පත්වන තරමටම මානසිකව පිඩා විඳිනු ලැබුවේය. (ලූක් 22:44)

අද ඔබගේ මානසික වේදනාවලට යේසුස්වහන්සේ ලේ තුළින් සුවය ඔබට තිබේ.

යේසුස්වහන්සේ තමන් විඳින්නට යන ඒ මහත් වේදනාකාරී අත්දැකීම පිළිබඳ ‘අබ්බා පියාණනි’ කියා දෙවියන්වහන්සේට හඬගසන ලදි.

යේසුස්වහන්සේ පියාණන්වහන්සේ ගැන නිතර කතා කරන විට යුදෙව්වරුන් පැවසුවේ, ආබ‍්‍රහම් ඔවුන්ගේ පියාණන් බවය.

යේසුස්වහන්සේ පැවසුවේ, ආබ‍්‍රහම් පියාණෝයයි කියමින් නොසිට පසුතැවිලිවීමට සදුසු ඵල උපදවන්න කියාය.

ශු. ලූක් 3:8
[8] එබැවින්–ආබ්‍රහම් අපගේ පියාණෝයයි සිතින් කියන්ට පටන් නොගෙන පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න. මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.

දරුවන්ට දෙමාපියන් ගැන හිස්භාවයක් නොදැනෙන ලෙසින් දෙමාපියන් දරුවන් සමඟ සබඳතාවයක් ගොඩනඟා ගත යුතුය. ඔවුන්ව වැළඳ ගැනීමෙන් සමීපකමක් ඇත්වේ.

ගල් වැනි තද සිත් ඇතිව සිටි අපව දෙවියන්වහන්සේ කැඳවා ඇත.

අප දෙවියන්වහන්සේගේ මාළිඟාවේ ජීවමාන ගලක් වෙමින් උන්වහන්සේට නමස්කාර කරමු. (1 පේත‍්‍රස් 2:5)

“අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වේවා” යයි කියමින් පාවලුතුමා නිතරම තම යැවුම්පත‍්‍රවල ආචාර කර ඇත.

රෝම 1:4 අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වේවා.

1 කොරින්ති 1:3 අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වේවා.

2 කොරින්ති 1:2 අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.

එපීස 1:2 අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.

පිලිප්පි 1:2 අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.

කොලොස්සි 1:2 ක්‍රිස්තුස්වහන්සේ තුළ කොලොස්සේ සිටින ශුද්ධවන්තයන්වූ විශ්වාස සහෝදරයන්ට ලියා එවන වග නම්: අපේ පියවූ දෙවියන්වහන්සේගෙන් කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.

1 තෙසලෝනික 1:1 පාවුල්ද සිල්වානස්ද තිමෝතියස්ද යන අප විසින් පියවූ දෙවියන්වහන්සේ සහ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන තෙසලෝනිකවරුන්ගේ සභාවට ලියා එවන වගනම්: නුඹලාට අනුග්‍රහයත් සමාදානයත් වේවා.

2 තෙසලෝනික 1:1 පාවුල්ද සිල්වානස්ද යන අප විසින් අපගේ පියවූ දෙවියන්වහන්සේ සහ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන තෙසලෝනික වරුන්ගේ සභාවට ලියා එවන වග නම්:

1 තිමෝති 1:2 ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවාවූ තිමෝතියස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් වේවා.

පිලෙමොන් 1:3 අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.

දෙවියන්වහන්සේ අපගේ පියාණන්ය.

යොහන් සුභාරංචියේ පියාණන් ගැන සඳහන් බයිබල් පද අප කියවමු.

යොහන් 1:14
තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.

යොහන් 1:18
කිසිවෙක් කිසිකලක දෙවියන්වහන්සේ දුටුවේ නැත; පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශකළසේක.

යොහන් 2:16
තවද උන්වහන්සේ පරෙවියන් විකුණන්නන්ට කතාකොට: මේ දේවල් මෙතැනින් අරන් යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳාම් ගෙයක් නොකරන්නැයි කීසේක.

යොහන් 3:35
පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේමකරනසේක, සියල්ල උන් වහන්සේ අතට භාරදී තීබේ.‍

යොහන් 4:21
යේසුස්වහන්සේ ඈට කියනසේක්: ස්ත්‍රිය, මා විශ්වාසකරන්න, මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා පියාණන්වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය.

යොහන් 4:23
නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක.

යොහන් 5:17
නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ පියාණන්වහන්සේ මේ දක්වාම ක්‍රියාකරනසේක, මමත් ක්‍රියාකරමියි කීසේක.

යොහන් 5:18
එබැවින් උන්වහන්සේ සබත් කඩකළා පමණක් නොව, දෙවියන්වහන්සේ තමන්ගේම පියාණෝයයි කියමින්, තමන් දෙවියන්වහන්සේ හා සමානකරගත් නිසා, යුදෙව්වරු උන්වහන්සේ මරන්ට වඩ වඩා සෙවුවෝය.

යොහන් 5:19
එබැවින් යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි-පියාණන්වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද උන්වහන්සේ යමක් කරන සේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය.

යොහන් 5:20
කුමක්හෙයින්ද පියාණන්වහන්සේ පුත්‍රයාට ප්‍රේමකරනසේක, තමන්වහන්සේ කරන්නාවූ සියල්ල ඔහුට පෙන්වනසේක. නුඹලා මවිතවන පිණිස මීට වඩා මහත් ක්‍රියාවලුත් ඔහුට පෙන්වනසේක

යොහන් 5:21
මක්නිසාද පියාණන්වහන්සේ මළවුන් නැගුටුවා ජීවත්කරන්නාක්මෙන් පුත්‍රයාත් තමන් කැමතිවූවන් ජීවත්කරන්නේය.

යොහන් 5:22-23
තවද සියල්ලන් විසින් පියාණන්වහන්සේට ගෞරවකරන්නාක් මෙන්ම පුත්‍රයාටත් ගෞරවකරන පිණිස,
පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්නා ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව නොකරයි.

යොහන් 5:26
මක්නිසාද පියාණන්වහන්සේ තමන් තුළම ජීවනය ඇතුව සිටින්නාක්මෙන් පුත්‍රයාටත් තමන් තුළම ජීවනය ඇතුව සිටින්ට උන්වහන්සේ වරය දුන්සේක.

යොහන් 5:30
මට තනියම කිසිවක් කරන්ට නුපුළුවන. මම අසන පරිද්දෙන්ම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය ධර්මිෂ්ඨය; මක්නිසාද මාගේම කැමැත්ත නොව මා එවූ පියාණන්වහන්සේගේ [තැනැන්වහන්සේගේ] කැමැත්ත සොයමි.

යොහන් 5:36
නුමුත් මට ඇත්තාවූ සාක්ෂිය යොහන්ගේ සාක්ෂියට වඩා උතුම්ය. මක්නිසාද මා විසින් ඉෂ්ටකරන පිණිස පියාණන්වහන්සේ මට භාරදුන්නාවූ මා කරන්නාවූ වැඩම, පියාණන්වහන්සේ මා එවූ බවට මා ගැන සාක්ෂිදෙයි.

යොහන් 5:37
තවද මා එවූ පියාණන්වහන්සේම මා ගැන සාක්ෂිදුන්සේක. නුඹලා කිසිකලක උන්වහන්සේගේ හඬ ඇසුවේවත් උන්වහන්සේගේ රූපාකාරය දුටුවේවත් නැත.

යොහන් 5:43
මම මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ඇවිත් සිටිමි, නුමුත් නුඹලා මා පිළිගන්නේ නැත. වෙන කෙනෙක් තමාගේම නාමයෙන් එන්නේ නම්, නුඹලා ඔහු පිළිගන්නවා ඇත.

යොහන් 5:45
පියාණන්වහන්සේ ඉදිරියෙහි මම නුඹලාට වරද තබන්නෙමියි නොසිතන්න. නුඹලාට වරද තබන කෙනෙක් ඇත, එනම් මෝසෙස්ය. නුඹලාගේ බලාපොරොත්තුව තබා තිබෙන්නේ ඔහු කෙරෙහිය.

යොහන් 6:27
නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.

යොහන් 6:32
එහෙයින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි-ස්වර්ගයෙන්වූ කෑම නුඹලාට දුන්නේ මෝසෙස් නොවේ; නුමුත් ස්වර්ගයෙන් පැමිණෙන සැබෑවූ කෑම මාගේ පියාණන්වහන්සේ නුඹලාට දෙනසේක.

යොහන් 6:37
පියාණන්වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතට එන්නෝය; මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත.

යොහන් 6:39
මා එවූ පියාණන්වහන්සේගේ [තැනන්වහන්සේගේ] කැමැත්ත නම් උන්වහන්සේ මට දුන් සියල්ලෙන් කිසිවක් නැතිවෙන්ට නෑර මා විසින් අන්තිම දවසේදී එය නැගුටුවීමය.

යොහන් 6:44
මා එවූ පියාණන්වහන්සේ විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය. මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි.

යොහන් 6:45
සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. පියාණන්වහන්සේගෙන් අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති.

යොහන් 6:46
එසේවී නුමුත් දෙවියන්වහන්සේ වෙතින් ආ තැනැත්තා මිස අන් කිසිවෙක් පියාණන්වහන්සේ නුදුටුවේය, ඔහු වනාහි පියාණන්වහන්සේ දුටුවේය.

යොහන් 6:57
ජීවමාන පියාණන්වහන්සේ මා එවුවාක්මෙන්ද මා පියාණන්වහන්සේ නිසා ජීවත්වන්නාක් මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත්වන්නේය.

යොහන් 6:65
එහෙයින් උන්වහන්සේ කියනසේක්: මාගේ පියාණන්වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්ට බැරි බව නුඹලාට කීවෙමියි කීසේක.

යොහන් 8:16
නුමුත් මම විනිශ්චයකරම් නම් මා තනියම නොව මා සහ මා එවූ පියාණන්වහන්සෙත් සිටින බැවින් මාගේ විනිශ්චය සැබෑය.

යොහන් 8:18
මා ගැන සාක්ෂිදෙන්නේ මමය, මා එවූ පියාණන්වහන්සේද මා ගැන සාක්ෂිදෙනසේකැයි කීසේක.

යොහන් 8:19
එබැවින් ඔව්හු: නුඹේ පියාණන් කොතැන්හිදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා මාවත් මාගේ පියාණන්වහන්සේවත් අඳුනන්නේ නැත. නුඹලා මා ඇඳින්නහු නම් මාගේ පියාණන්වහන්සෙත් අඳුනනවා ඇතැයි කීසේක.

යොහන් 8:27
උන්වහන්සේ පියාණන්වහන්සේ ගැන ඔවුන්ට කතා කළ බව ඔවුන්ට තේරුණේ නැත.

යොහන් 8:28
එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා මනුෂ්‍ය පුත්‍රයා එසවූ කල, මා ඔහුම බවත් මාගේම කැමැත්තෙන් මා කිසිවක් නොකර මාගේ පියාණන්වහන්සේ මට ඉගැන්වූ ලෙස මේ දේවල් කියන බවත් නුඹලා දැනගන්නවා ඇත.

යොහන් 8:29
මා එවූ තැනන්වහන්සේ මා සමඟ සිටිනසේක; පියාණන්වහන්සේ [උන්වහන්සේ] මා තනියම සිටින්ට නෑරියසේක; මක්නිසාද උන්වහන්සේට ප්‍රසන්නවූ දේවල් මම නිතරම කරමියි කීසේක.

යොහන් 8:38
මාගේ පියාණන්වහන්සේ ළඟදී දුටු දේ මම කියමි. එසේම නුඹලාත් නුඹලාගේ පියාගෙන් ඇසූ දේ කරහුයයි කීසේක.

යොහන් 8:49
යේසුස්වහන්සේ උත්තරදෙමින්: මට යක්ෂයෙක් ආවේශවෙලා නොව මම මාගේ පියාණන්වහන්සේට ගෞරවකරමි, නුඹලා මට අගෞරවකරහුය.

යොහන් 8:54
යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම මටම ගෞරව කරම් නම් මාගේ ගෞරවය හිස්ය. මට ගෞරවකරන්නේ මාගේ පියාණන්වහන්සේය; උන්වහන්සේ නුඹලාගේ දෙවියන්වහන්සේයයි නුඹලා කියහුය; නුඹලා උන්වහන්සේ ඇඳිනගත්තේ නැත.

යොහන් 10:14
මම යහපත් බැටළු එඬේරාය; පියාණන්වහන්සේ මා අඳුනන්නාක්මෙන්ද, මා පියාණන්වහන්සේ අඳුනන්නාක්මෙන්ද, මම මාගේ බැටළුවන් අඳුනමි.

යොහන් 10:17
මා විසින් නැවත ගන්නා පිණිස මාගේ ප්‍රාණය දෙන බැවින් මාගේ පියාණන්වහන්සේ මට ප්‍රේමකරනසේක.

යොහන් 10:18
කිසිවෙක් ඒක මාගෙන් උදුරාගන්නවා නොව මමම ඒක දෙමි. ඒක දෙන්ට මට බලය තිබේ, නැවත ගන්ටද මට බලය තිබේ. මේ ආඥාව මාගේ පියාණන්වහන්සේගෙන් ලදිමියි කීසේක.

යොහන් 10:25
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මම නුඹලාට කීමි, නුමුත් නුඹලා විශ්වාසකරන්නේ නැත. මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාම මා ගැන සාක්ෂිදෙති.

යොහන් 10:29
ඔවුන් මට දුන්නාවූ මාගේ පියාණන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය; පියාණන්වහන්සේගේ අතින් ඔවුන් උදුරාගන්ට කාටවත් බැරිය.

යොහන් 10:30
මමද පියාණන්වහන්සේද එකතැනැත්තායයි කීසේක.

යොහන් 10:32
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: පියාණන්වහන්සේගෙන් බොහෝ යහපත් ක්‍රියා නුඹලාට දැක්වීමි; එයින් කොයි ක්‍රියාව නිසා මට ගල්ගසන්නහුදැයි ඇසූසේක.

යොහන් 10:36
මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි මා කී නිසා පියාණන්වහන්සේ විසින් කැපකොට ලෝකයට එවනලද තැනැත්තා ගැන-නුඹ දෙවියන්වහන්සේට අපහාසකරන්නෙහියයි නුඹලා කියවුද?

යොහන් 10:37
මම මාගේ පියාණන්වහන්සේගේ ක්‍රියා නොකරම් නම්, මා විශ්වාස නොකරන්න.

යොහන් 10:38
නුමුත් ඒවා කරම් නම්, නුඹලා මා විශ්වාස නොකරතත් පියාණන්වහන්සේ මා තුළෙහිද මා පියාණන්වහන්සේ තුළෙහිද සිටින බව දැන තේරුම්ගන්නා පිණිස ක්‍රියා විශ්වාසකරන්නැයි කීසේක.

යොහන් 11:41
එවිට ඔව්හු ගල අහක්කළෝය. යේසුස්වහන්සේ ඇස් ඔසවා: පියාණෙනි, ඔබ මාගේ වචන ඇසූ නිසා ඔබට ස්තුති කරමි.

යොහන් 12:26
යමෙක් මට සේවයකෙරේ නම් ඔහු මා අනුව ඒවා; මම යම් තැනක සිටිම්ද එතැන මාගේ සේවකයාද සිටින්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහුට මාගේ පියාණෝ ගෞරවකරනසේක.

යොහන් 12:27
දැන් මාගේ සිත කැලඹෙයි; ඉඳින් කුමක් කියම්ද? පියාණෙනි, මේ පැයෙන් මා ගැළෙවුව මැනව. නුමුත් මේ පිණිසම මේ පැයට පැමුණුණෙමි.

යොහන් 12:28
පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණෙවුව මැනවයි කීසේක. එවිට: මම එය මහිමයට පැමිණවීමි, නැවතත් මහිමයට පමුණුවන්නෙමියි අහසෙන් හඬක් නික්මුණේය.

යොහන් 12:49
මක්නිසාද මම මාගෙන්ම උපදවා කතා නොකෙළෙමි; නුමුත් මා එවූ මාගේ පියාණන්වහන්සේම මා විසින් කිය යුතු දේ ගැනත් කතාකළ යුතු දේ ගැනත් මට අණක් දී තිබේ.

යොහන් 12:50
උන්වහන්සේගේ අණ සදාකාල ජීවනය බවද දනිමි. එබැවින් මා කතාකරන දේ පියාණන්වහන්සේ මට කියාදුන් ලෙසම කතාකරමියි කීසේක.

යොහන් 13:1
පාස්කු මංගල්‍යයට පළමුවෙන්, යේසුස්වහන්සේ මේ ලෝකයෙන් පිටත්ව පියාණන්වහන්සේ ළඟට යන තමන්ගේ පැය පැමිණි තිබෙන බව දැන, ලෝකයෙහි සිටියාවූ ස්වකීය සෙනඟට ප්‍රේමයෙන් සිට, අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේමකළසේක.

ඉතිරි බයිබල් පද අපි ලබන සතියේ කියවමු.


Watch the Sermon Video

Read 136 times