+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේ මේ පොළොවේ සිටියදී තමාගේ පියාණන් සමඟ තිබූ සම්බන්ධතාවය - යෝෂා මනූ
August 4, 2024 Sunday Sermon Notes

 

 

ස්වාමීන්වහන්සේ නිතරම යහපත කරන්නාවූ දෙවියන්වහන්සේය.

අපට උන්වහන්සේට දිය හැකි එකම දෙය ස්තුති ප‍්‍රශංසාව හා නමස්කාරයයි.

ස්වාමීන්වහන්සේ නිතරම බලවත් දේ කරන්නාවූ දෙවියන්වහන්සේ යැයි කියමින් අපට උන්වහන්සේව එසවිය හැකිය.

දෙවියන්වහන්සේගේ වචනය ඇසීමෙන් ඔබට උන්වහන්සේ තුළ ශක්තිමත් විය හැකිය.

වචනය තුළ පැවතීම තෝරා ගැනීමක්ය.

වචනය තුළ පැවතීමෙන් ඔබට ඵල දරන ජීවිතයක් ගත කළ හැකිය.

දෙවියන්වහන්සේ අපව දේව ස්වභාවයට පංගුකාරයන් කර ඇත.

අප මේ පොළොවේ ජීවිත ගමන ගත කරන්නේ දෙවියන්වහන්සේගේ නාමය වර්ණනා කරමින් ඔසවන පිණිසත්ය.

යේසුස්වහන්සේ මේ පොළොවේ තනිව නොවෙයි ගමන් කළේ, ‘පියාණන්වහන්සේ උන්වහන්සේ සමඟය’ කියමින් නිතරම පියාණන්වහන්සේව වර්ණනා කරන ලදි.

ආරම්භයේ පටන් අවසානය දක්වා යේසුස්වහන්සේට පියාණන්වහන්සේ හා සමඟ තිබූ සම්බන්ධතාවය හේතුකොටගෙන සියල්ල ජය ගැනීමට හැකිවුණේය.

යේසුස්වහන්සේට මනුෂ්‍යයන්ගෙන් පැමිණි පීඩා, පාළුව, තනිකම දරාගැනීමට උන්වහන්සේට බලය දුන්නේ පියාණන්වහන්සේය.

යේසුස්වහන්සේ මේ පොළොවට පැමිණියේ ආදම්ගේ වැරැද්ද හරිගැස්වීමටය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයටත්, සමානත්වයටත් ආදම්ව මවනු ලද්දේය. (උත්පත්ති 1:26)

නමුත් දෙවියන්වහන්සේට අකීකරුවී ආදම් එය වරද්දවා ගන්නා ලදි. යේසුස්වහන්සේ මනුකයක් ගෙන මෙළොවට පැමිණියේ එය හරිගැස්වීමටයි. (යොහන් 1:14)

යේසුස්වහන්සේ සමඟ නිතරම පියාණන්වහන්සේ සිටි හෙයින් උන්වහන්සේ පාළුවක්, තනිකමක් නොමැතිව නිතරම තෘප්තිමත් ජීවිතයක් ගත කළේය.

යේසුස්වහන්සේ අලුයම් කාලයෙත්, රාත‍්‍රි කාලයෙත් පියාණන්වහන්සේ සමඟ කාලය ගත කරමින් ශක්තිමත්වන වූයේය. (මාර්ක් 1:35)

යොහන් සුභාරංචියේ පියාණන්වහන්සේ ගැන සඳහන් ඉතිරි බයිබල් පද අප අද කියවමු.

බයිබල් පද කියවීම ඉතාම ආශීර්වාදාත්මක දෙයකි.

යොහන් 13:3-4
රාත්‍රිකෑම කද්දී, උන්වහන්සේ පියාණන්වහන්සේ විසින් තමන්ගේ අත්වලට සියල්ල දී තිබෙන බවද තමන් දෙවියන්වහන්සේ වෙතින් ආ බවද දෙවියන්වහන්සේ ළඟට යන බවද දැන, රාත්‍රිකෑමෙන් නැගිට, උඩ ඇඳුම ගළවා තබා, රෙදිකඩක් රැගෙන ඉඟටියෙහි බැඳගත්සේක.

බැටළුපැටවෙකු සේ තමන් කරන්ට යන්නාවු ජීවිත පූජාව යේසුස්වහන්සේ දැන සිටින ලදි. උන්වහන්සේ ගෝලයන්ගේ පාද සේදීමෙන් කරුණු කාරණා ගෝලයන්ට කියා දෙමින් ඔවුන්ට ආදර්ශයක් වූයේය. (යොහන් 13:15)

උන්වහන්සේ පැවසුවේ, මා නුඹලාට ප‍්‍රේම කරන්නාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප‍්‍රේම කරන්න කියාය. (යොහන් 13:34)

යොහන් 14:2
මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය; එසේ නොවූයේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත; මක්නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙළකරන පිණිස යමි.

යේසුස්වහන්සේ පැමිණියේ අපට ජීවනය දීමටය. උන්වහන්සේ අපට ස්වර්ග රාජ්‍යයේ වාසස්ථානයක් පිළියෙළ කරන බවට පොරොන්දු විය.

යොහන් 14:6
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,

දෙවිපියාණන්වහන්සේ වෙත යා හැකි එකම මාර්ගය යේසුස්වහන්සේය.

යොහන් 14:7
නුඹලා මා ඇඳිනගත්තා නම් මාගේ පියාණන්වහන්සෙත් අඳුනනවා ඇත. මෙතැන් පටන් නුඹලා උන්වහන්සේව අඳුනති, දැකළාත් තිබේයයි කීසේක.

යේසුස්වහන්සේ පැවසුවේ, උන්වහන්සේගේ ක‍්‍රියාවන් තුළින් ඔවුන්ට පියාණන්වහන්සේව ඇඳිනගත හැකි බවයි.

යොහන් 14:8
පිලිප්ද, ස්වාමිනී, පියාණන්වහන්සේ අපට පෙන්නුව මැනව, ඒ අපට ඇතැයි උන්වහන්සේට කීවේය.

යේසුස්වහන්සේ පියාණන්වහන්සේ ගැන පැවසූ විට පිලිප් පැවසුවේ අපට පියාණන්වහන්සේ පෙන්වන ලෙසය. පියාණන්වහන්සේ සිටියේ යේසුස්වහන්සේ තුළය.

යොහන් 14:9
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: පිලිප්, මා මෙපමණ කල් නුඹලා සමඟ සිටලාත් මා අඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන්වහන්සේ දුටුවේය; එසේවී නම්-පියාණන්වහන්සේ අපට පෙන්නුව මැනවයි නුඹ කියන්නේ කෙසේද?

අප තුළ සිටින යේසුස්වහන්සේ සමඟ අප සම්බන්ධතාවය ගොඩනඟාගෙන යා යුතුය. යේසුස්වහන්සේ තම ක‍්‍රියාවන් තුළින් කළේ පියාණන්වහන්සේගේ කැමැත්තය.

අවසන් කාලයේ මනුෂ්‍යයන් ස්වාමිනී, ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු කළෙමි, බලවත් ක‍්‍රියා කළෙමි කීවත් යේසුස්වහන්සේ පවසන්නේ පියාණන්වහන්සේගේ කැමැත්ත නොකරන්නාව උන්වහන්සේ නාඳුනන බවයි. (මතෙව් 7:21-23)

යොහන් 14:10
මා පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටින බව විශ්වාසකරන්නේ නැද්ද? මා නුඹලාට කියන වචන මමම උපදවා කථා නොකරමි; නුමුත් පියාණන්වහන්සේ මා තුළෙහි වසමින් ස්වකීය ක්‍රියා කරනසේක.

යොහන් 14:11
මම පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටිනසේක යන මාගේ කීම විශ්වාසකරන්න. එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසාම විශ්වාසකරන්න.

යොහන් 14:12
සැබැවක් සැබැවක් නුඹලාට කියමි-මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.

යේසුස්වහන්සේ පවසන්නේ උන්වහන්සේ පියාණන්වහන්සේ වෙතට යන බවත් ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් උන්වහන්සේ කළාවූ ක‍්‍රියා අපටත් කළ හැකි බවය.

යොහන් 14:13
නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත්, පුත්‍රයා තුළ පියාණන්වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ටකරන්නෙමි.

යේසුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඕනෑම දෙයක් ඉල්ලීමේ අයිතිය උන්වහන්සේ අපට දී ඇත.

යොහන් 14:16
මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක.

ඒ සැනසිලිකරු අද අප තුළ වාසය කරනු ඇත.

යොහන් 14:20
ඒ දවසේදී මා පියාණන්වහන්සේ තුළෙහිද නුඹලා මා තුළෙහිද මා නුඹලා තුළෙහිද සිටින බව නුඹලා දැනගන්නහුය.

දෙවියන්වහන්සේ ඔබ තුළ වාසය කරන බැවින් ඔබ උන්වහන්සේව හදුනනු ඇත. අප ඵල දරන්නේ පියාණන්වහන්සේත් අපත් අතර ඇති ඒ කිට්ටු සම්බන්ධය තුළිනි. ඒත් පිටාතර මනුෂ්‍යයාට එය දැකිය නොහැකිය.

යොහන් 14:21
යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.

අප දෙවියන්වහන්සේගේ වචනය පිළිගෙන පමණක් මදිය. අප එය රක්ෂා කළ යුතුය. මන්ද එය සොරකම් කිරීමට යක්ෂයා පැමිණෙන බැවින්ය.

වචනය රක්ෂා කිරීමෙන් දෙවියන්වහන්සේට ප‍්‍රේම කරන බව ඔබ පෙන්වන්නේය.

යොහන් 14:23
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය. මාගේ පියාණන්වහන්සේද ඔහුට ප්‍රේමකරනසේක, අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමුව.

පියාණන්වහන්සේත්, පුත‍්‍රයාණන්වහන්සේත්, ශුද්ධාත්මයාණන්වහන්සේත් දැන් ඔබ තුළ වාසය කරනු ඇත.

යොහන් 14:24
මට ප්‍රේම නොකරන්නා මාගේ වචන රක්ෂා නොකරයි. නුඹලා අසන වචනය මාගේ නොව මා එවූ පියාණන්වහන්සේගේය.

යේසුස්වහන්සේට ප‍්‍රේම නොකරන්නා වචනය සුළු කරනු ලබයි. වචනය සුළු කරන්නාට විනාශය පැමිණෙයි (හිතෝපදේශ 13:13)

යොහන් 14:26
නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.

අපට සියල්ල මතක් කර දෙන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය.

යොහන් 14:28
මම අහක්ව ගොස් නුඹලා ළඟට නැවත එමියි මා නුඹලාට කී බව නුඹලා ඇසුවහුය. නුඹලා මට ප්‍රේමකළහු නම්, පියාණන්වහන්සේ ළඟට මා යන බැවින් නුඹලා සන්තෝෂවන්නහුය. මක්නිසාද පියාණන්වහන්සේ මට වඩා උතුම්ය.

යොහන් 14:31
එහෙත් මේ දේ සිද්ධවෙන්නේ මා පියාණන්වහන්සේට ප්‍රේමකරන බවත් පියාණන්වහන්සේ මට අණකළ ලෙසම මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිසය. නැගිට මෙතැනින් යමුයයි කීසේක.

යොහන් 15:1
මම සැබෑවූ මිදිවැලය, මාගේ පියාණන්වහන්සේ ගොවියාය.

යොහන් 15:8
මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය.

මෙහි ඵල ලෙස පවසන්නේ ගලාති 5:22 සඳහන් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, 23විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන ආත්මයාණන්වහන්සේගේ ඵලය.

ඵල දැරීම පමණක් නොව, ඔබගේ ජීවිතයේ පවතින ඵල පැවතිය යුතුය.

යොහන් 15:9
පියාණන්වහන්සේ මට ප්‍රේමකළාක්මෙන්ම මමත් නුඹලාට ප්‍රේමකෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න.

යොහන් 15:10
මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.

යොහන් 15:15
දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.

යේසුස්වහන්සේ පවසන්නේ උන්වහන්සේ අපගේ මිත‍්‍රයා කියාය. අප ඒ මිත‍්‍රකමේ ගෞරවය උන්වහන්සේට දෙමු.

යොහන් 15:16
නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.

යොහන් 15:23
මට වෛරවෙන්නා මාගේ පියාණන්වහන්සේටත් වෛරවෙන්නේය.

යොහන් 15:24
වෙන කිසිවෙකු විසින් නොකළ ක්‍රියා මම ඔවුන් අතරෙහි නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. නුමුත් දැන් ඔව්හු මාද මාගේ පියාණන්වහන්සේද දැක වෛරවූවෝය.

යොහන් 15:26
නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක.

යොහන් 16:3
ඔවුන් පියාණන්වහන්සෙත් මාත් නාඳුනන බැවින් මේ දේවල් කරනවා ඇත.

යොහන් 16:10
ධර්මිෂ්ඨකම ගැනයයි කීවේ මාගේ පියාණන්වහන්සේ ළඟට යන බැවින් තවත් නුඹලා මා නොදක්නා නිසාය;

යොහන් 16:15
පියාණන්වහන්සේ සන්තක සියල්ල මාගේය. එහෙයින්: උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශකරනසේකැයි කීවෙමි.

යොහන් 16:16
ස්වල්ප වේලාවකින් නුඹලා මා තවත් දකින්නේ නැත; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා නැවත ස්වල්ප වේලාවකින් නුඹලා මා දකිනවා ඇතැයි කීසේක.

යොහන් 16:17
එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් සමහරෙක් ඔවුනොවුන් කථාකොට: ස්වල්ප වේලාවකින් නුඹලා මා දකින්නේ නැත කියාත්, තව ස්වල්ප වේලාවකින් නුඹලා මා දකිනවා ඇත කියාත්, මා පියාණන්වහන්සේ ළඟට යන නිසාය කියාත් මුන්වහන්සේ අපට කියන මේ දේ කිමෙක්දැයි කීවෝය.

යොහන් 16:23
ඒ දවසේදී නුඹලා මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබැවක් සැබැවක් නුඹලාට කියමි-පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේක.

යොහන් 16:25
මේ දේ උපමාවලින් නුඹලාට කථාකෙළෙමි. නුමුත් උපමාවලින් තවත් නුඹලාට කථා නොකොට පැහැදිලිලෙස පියාණන්වහන්සේ ගැන නුඹලාට දන්වන්නාවූ කාලය පැමිණෙන්නේය.

ඒ කාළය පැමිණ ඇත. දෙවියන්වහන්සේ දැන් උපමා වලින් නොව දේව වචනයෙන් කෙලින්ම ඔබට කථා කරයි.

යොහන් 16:26
ඒ දවසේදී මාගේ නාමයෙන් නුඹලා ඉල්ලන්නහුය. නුඹලා උදෙසා පියාණන්වහන්සේට යාච්ඤාකරන්නෙමියි නොකියමි;

යොහන් 16:27
මක්නිසාද නුඹලා මට ප්‍රේමවූ බැවින්ද මා දෙවියන්වහන්සේ වෙතින් ආ බව විශ්වාසකළ බැවින්ද පියාණන්වහන්සේම නුඹලාට ප්‍රේමවනසේක.

යොහන් 16:28
මම පියාණන්වහන්සේ වෙතින් පිටත්ව ලෝකයට ඇවිත් සිටිමි. නැවත මම ලෝකය අත්හැර පියාණන්වහන්සේ වෙතට යමියි කීසේක.

යොහන් 16:32
නුඹලා දැන් විශ්වාසකරවුද? බලව, නුඹලා එකිනෙකා තම තමාගේ ස්ථානයට විසිර ගොස්, මා තනියම අත්හැර දමන පැය පැමිණෙන්නේය; එසේය, දැනටම පැමිණ තිබේ. එසේවී නුමුත් පියාණන්වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනියම නොවෙමි.

පියාණන්වහන්සේ කවදාවත් යේසුස්වහන්සේව තනි කරන්නේ නැතිබව යේසුස්වහන්සේ පවසයි. එලෙසම පියාණන්වහන්සේ කිසිසේත්ම යේසුස්වහන්සේව තනි කළේ නැත.

යොහන් 17:1
යේසුස්වහන්සේ මේ දේවල් කියා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා කියනසේක්: පියාණෙනි, පැය පැමිණ තිබේ;

යොහන් 17:5
දැන් පියාණෙනි, ලෝකය තිබෙන්ට පළමුවෙන් ඔබ වෙත මට තිබුණු මහිමයෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණෙවුව මැනව.

යොහන් 17:11
මම ලෝකයෙහි තවත් නොසිටිමි, ඔව්හු ලෝකයෙහි සිටිති, මමද ඔබ ළඟට එමි. ශුද්ධවූ පියාණෙනි, අප ඒකත්වයක්ව සිටින්නාක්මෙන්ම ඔවුන්ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔවුන් ඔබගේ නාමයෙන් ආරක්ෂාකළ මැනව.

යේසුස්වහන්සේ යාච්ඤා කළේ මේ පොළොවේ අපව ආරක්ෂා කරන පිණිසය.

යොහන් 17:21
ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස, පියවූ ඔබ පියාණෙනි, මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක්මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාසකරන පිණිසත්, අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඤාකරමි.

යොහන් 17:24
පියාණෙනි, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නාවුන් විසිනුත් දක්නා පිණිස මා සිටින තැන ඔවුනුත් මා සමඟ සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේමකළසේක.

යොහන් 17:25
ධර්මිෂ්ඨ පියාණෙනි, ලෝකයා ඔබ හැඳින්නේ නැත, නුමුත් මම ඔබ හැඳින්නෙමි; මොව්හුද ඔබ විසින් මා එවූ බව දැනගත්තෝය.

යොහන් 18:11
එබැවින් යේසුස්වහන්සේ පේතෘස්ට කියනසේක්: කඩුව කොපුවේ දමන්න. පියාණන්වහන්සේ මට දී තිබෙන කුසලාන නොබොම්දැයි කීසේක.

යොහන් 20:17
යේසුස්වහන්සේ: මට අත නොගසන්න; මක්නිසාද මම තවම පියාණන්වහන්සේ වෙතට නොනැංගෙමි. නුමුත් මාගේ සහෝදරයන් ළඟට ගොස්- මම මාගේ පියාණන්වහන්සේ හා නුඹලාගේ පියාණන්වහන්සේද මාගේ දෙවියන්වහන්සේ හා නුඹලාගේ දෙවියන්වහන්සේද වෙතට නගිමියි ඔවුන්ට කියන්නැයි ඈට කීසේක.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේගේත් අපගේත් පියාණන්වහන්සේය.

යොහන් 20:21
යේසුස්වහන්සේ: නුඹලාට සමාදානය වේවයි නැවතත් ඔවුන්ට කියා-පියාණන්වහන්සේ මා එවුවාක්මෙන්ම මමත් නුඹලා යවමියි කීසේක.

මේ පොළොවේ වෘකයන් ඇත. මේ පොළොවේ අපට ජය ගැනීමට යම් යම් දේ ඇත. යක්ෂයා බලා සිටින්නේ අපගේ ජීවිතය විනාශ කිරීමටය. ඇදහිල්ලෙන් ඈත් කිරීමටය. නමුත් පියාණන්වහන්සේ, යේසුස්වහන්සේ, ශුද්ධාත්මයාණන්වහන්සේ අප සමඟ සිටින නිසා අපට ජය ගැනීමට හැක.

යේසුස්වහන්සේගේ සමාදානය අප තුළ ඇත. අප බිය විය යුතු නැත. මුළු දේවත්වයම අප තුළ වාසය කරනු අත. අප ශක්තිමත් වෙමු.

දේව වචනය නැවත නැවත කියවමින් දිනපතා පෝෂණවය වෙමින් යේසුස්වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගනිමු.


Watch the Sermon Video

Read 119 times